Thursday, September 14, 2023

Rio Sagaarox ගේ ජාතිවාදී බොරු

 


Rio Sagaarox  මුහුණු පොතේ තම නියම නමින් නොසිටින අතර මෙම චායාරූපයද ඔහුගේ නොවන බව මම අනුමාන කරමි. (Face book link ;  https://www.facebook.com/rio.sagaarox) ඔහු නිතරම සිංහල දෙමල ජාතිවාදී ගැටුම් ඉතිහාසයේදී අතිශයෝක්තියෙන් බොරු ලියන බව මට පෙනී ගොස් තිබේ. මේ මෑතකදී ඔහු මුහුණු පොතේ සඳහන් කල කරුණකි. 

 Rio Sagaarox මෙසේ ලියයි. ..... 1983 කළු ජූලියේදී රෝහල්වල සිටි දෙමළ රෝගීන්ට පහර දී මරා දමන ලදී - ඇතැමුන් ඇඳේ දිගෑදී සිටියදීම ඔවුන්ගේ උගුරුදඬු කපා දමා තිබුණි. ...... 

ඔහු මේ ලියන්නේ බොරුවක් බව මම කීවෙමි.  1983 කළු ජූලිය පිලිබඳ සාක්‍ෂි සහිතව Sri Lanka: The arrogance of power : myths, decadence & murder Hardcover පොත ලියූ රාජන් හූල්වත් එවැනි සිදුවීම් සඳහන් නොකරයි. ඔහු සඳහන් කරන්නේ ජාතික රෝහලේදී එක් තරුණ හෙදියක් ත්‍රස්තවාදී සැකකාර ද්‍රවිඩ තරුණයෙකුට ගසා තිබූ සේලයින් බෝතලය ගැලවූ බවත් ඉන් පසු වියපත් හෙදියක් පැමින ඇය  බැණ වැදී යලි සේලයින් බෝතලය ද්‍රවිඩ තරුණයාට ගැසූ බවත් ය​. මම ගෙන් මෙම රෝහල් වලදී මරා දැමූ උගුරු දඞු කපන ලද රෝගියාගේ නම / රෝහල ; වාට්ටුව​/ එම වාට්ටුව භාර වෛද්‍යවරයා / දිනය සඳහන් කරන්න කීවෙමි. ඔහු නිරුත්තරය.

1983 කළු ජූලියේදී ද්‍රවිඩ ජනයාට සිදුවූ හිංසන මා විසින් මගේ Shell Shock to Palali Syndrome පොතේ ලියා තිබේ. ඒ සිදුවීම සත්‍ය ඒවාය​. එහෙත් මෙලෙස අන්තවාදීන් ගේ උවමනාවට සහ ඔවුන් ගේ මුදල් වලට බොරු ලිවීම මා අනුමත නොකරමි. අපට තව දුරටත් සිංහල දෙමල ජාතිවාදී යුද්ධයක් අවශ්‍ය නැත​. අසත්‍ය ලිවීමෙන් ඔහු කරන්නේ ජාතික සංහිදියාවට අර්ථයකි. 


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook