Friday, July 15, 2016

නාලන්දාවේ ගුරුවරු



නාලන්දා මහා විද්‍යාලයේ  විවිධාකාරයේ ගුරුවරු  සිටියහ ​. බහුතරයක් ගුරුවරු අපගේ දියුණුව ප්‍රගතිය අපේක්‍ෂා කල ගුරුවරු වූහ​. 

මුලින්ම මගේ එක වසරේ ගුරුවරිය වූයේ පොඩි මැනිකේ ටීච ය​. ඇය අප සමග කැම්බල් පාක් එකට ගිය අයුරුත් සල් මල් පිරි සල් ගසක්  අපට  පෙන්වූ අයුරුත්  මගේ මතකයේ තිබේ. නමුත් මාස කීපයකට පසුව මම අබයකෝන් මහත්මියගේ පන්තියට ගියෙමි. එතුමිය  යටතේ   තුන වසර දක්වා ඉගෙනුම ලැබීමට  මම වාසනාවන්ත වූයෙමි. අබයකෝන් ටීච සමග දෙහිවල සත්තු වත්ත , කොලඹ සහ මහනුවර කටු ගෙවල් , කොලඹ වරාය , අයිස් කම්හලක් , පෝසිලේන් කර්මාන්ත ශාලාවක් නැරඹීමට ගියා මතකය​. අබේකෝන් ටීච ගේ දියණිය වූ රෝහිනී වීරසිංහ මියද මට උගන්වා තිබේ. 

හතර වසරේදී අපට ඉගැවූයේ අමරකෝන් මහත්මියයි. ( ඇයට සුමතිපාල ටීච කියාද කීහ)  ඇය නාත් අමරකෝන් මහතා ගේ සොහොයුරියකි. අමරකෝන් ටීච අපට කතාන්දර කියා දුන්නාය​. එසේම වරක් ඇය කියූ රහස් පරීක්‍ෂක කතාවක් අප හුස්ම නොහෙලා අසාගෙන සිටියෙමු. 

පහ වසරේදී විජේසිංහ මහත්මිය අපගේ පන්ති භාර ගුරුතුමිය වූවාය​. ඇය අපව පහ වසර ශිෂ්‍යත්වයට සූදානම් කල අයුරු මට මතක් වේ. 

ප්‍රාථමික ගුරුවරියන් අතර  චන්ද්‍රරත්න ටීච , ශීලා ටීච , නිතරම සුදු ඇඳි ෆනෑන්ඩු ටීච , සිල්වා ටීච , බෞද්ධ සංගමයේ රොද්‍රිගු ටීච , සිසුන් සමග සුහදව ඉගැන්වීමේ කටයුතු කල ලක්‍ෂිත වීරසිංහගේ මව වූ වීරසිංහ ටීච , කෝපි කඩයේ චන්දික විජේසේන ගේ මව වූ විජේසේන ටීච  මෙහිදී මතක් කල යුතුය​. 

විජේසේන ටීච උගන්වනේ සටහන් පොතක් බලාගෙනය​. සෑම අවස්ථාවකම කණ්නාඩි දෙක දමා සටහන් පොත බලා අණතුරුව කණ්නාඩි දෙක ගලවා සටහන් පොත උඩ තබා කළු ලෑල්ලට ගොස් එකී සටහන් කොටස් ලියන්නීය . වරක් ඇය කළු ලෑල්ල ලඟට ගිය විට ගුරු මේසය ආසන්නයේ සිටි මම ත්‍රීශූළ ගේ කණ්නාඩි දෙක අරගෙන ඇයගේ සටහන් පොත අසල තැබුවෙමි.  ත්‍රීශූළ ගේ කණ්නාඩි දෙක හරහා සටහන් පොත බැලූ විජේසේන මහත්මියට කිසිවක් පෙනුනේ නැත​. මේ තක්කඩි වැඩය කලේ මා බව ත්‍රීශූළ කී හෙයින් විජේසේන ටීච ගෙන් මට අඩි රූල් පාරවල් දෙකක් අත්ලට වැදුනි. 

ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ සූරියආරච්චි මයා මගේ මතකයට නැගේ. වරක් සිසු චාරිකාවකදී සූරියආරච්චි මයා අපත් සමග තරඟයට ගීත කීවේය​. 

හය වසරේදී අපට ඉංග්‍ර්‍රීසි ඉගැන්වූ එච්. ගුණවර්ධන මිය අපගේ පන්ති භාර ගුරුතුමිය වූවාය​. මෙම පන්තියේ මම ඉතා හොඳින් ඉගෙනුම ලබා පන්තියේ තුන්වෙනියා වූයෙමි. පන්තියේ තුන්වෙනියා වී විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා අතින් සිසු රැස්වීමකදී අත්පොලොසන් මැද  ප්‍රගති වාර්තාව ලබා ගත් අන්දම මට මැවී පෙනේ. 

පසු කාලයක අපගේ හය වසරේ ගුරුතුමිය වූ එච් . ගුණවර්ධන මිය නයිජීරියාවට ගියාය​. මෙලෙස දක්‍ෂ ගුරුවරු රැසක් අප්‍රිකානු රටවලට ගුරු රැකියා වලට ගියෙන් අපගේ ශිෂ්‍ය පරම්පරාවට පාඩු සිදුවිය​. 

දේදුණු ටීච  නම් ගුරුවරියක් පාසලේ වූවාය​. ඇයගේ හිසකේ සිත්තර පත්තරයේ දේදුණුට සමාන වූවාය​. පසුව මේ ගුරුවරිය ගෝතමී බාලිකාවට ගියාය​. 

හය වසරේදී අපට ගණිතය ඉගැන්වූයේ පොඩි විතාණ හෙවත්   ඩබ්ලිව්. විතාන  මහතාය​. වරක් මම පන්තියේ කෑ ගැසීම නිසා ඔහු වේවැල  අතින් ගෙන මා වෙත ආවේය​. මම වහාම ඩෙස්ක් එක යට රිංගුවෙමි.  

1980 ජූලි වැඩ වර්ජනයට සහභාගි වීම නිසා ඩබ්ලිව්. විතාන  මහතා ගේ රැකියාව අහිමි විය​. පසු කාලයක ඩබ්ලිව්. විතාන  මහතා නීතීඥවරියක වූ මගේ බිරිඳ හමු වීමට අපගේ නිවසේ තිබූ ඇයගේ කාර්‍යාලයට ආවේය​. එහිදී මා දුටු විතාන  මහතා " ඔයා නේද මම වේවැල්පාර දෙන්න යනකොට ඩෙස්ක් එක යට රිංගුවේ " කියා ඇසූවෙන් මගේ මදාවි පාසල් ඉතිහාසය නිවසේ උදවිය ඉදිරියේ දිගු හැරුණි. ඩබ්ලිව්. විතාන  මහතා ගේ සොයුරු ලොකු විතාණ මහතාද මට උගන්වා තිබේ. 


හත වසරේදී මඩිතියවල සරණපාල හාමුදුරුවන්ට අපගේ පන්තිය භාර විය. පසු කාලයක සරණපාල හාමුදුරුවන් උපැවදි වූ බව අපට ආරංචි විය​.  

වරක් ගණිත විශයේ දක්‍ෂ ගුරුවරයෙකු වූ සුගුණධම්ම හාමුදුරුවන් අපගේ හතේ පන්තිය ලඟින් යන විට ආ වඩින්ඩ.. වඩින්ඩ..  කියා රොශාන් රොද්‍රිගු කෑගැසීය​. මෙය ඇසුණු සුගුණධම්ම ස්ථිවිර අපගේ පන්තියට පැමින කෑගැසුවේ කව්ද කියා ඇසුවේය​. අප සැම  දෙනා එක හඞින් එසේ කෑ ගැසුවේ රොද්‍රිගු ටීචගේ පුතා වූ රොශාන් රොද්‍රිගු බව කීවෙමු.  ඉන් පසුව පන්තියට ආ සුගුණධම්ම හාමුදුරුවන් අපට අග්ගිදත්ත බ්‍රාක්මණයාගේ කතාව කීවේය​. පසුව රොශාන් රොද්‍රිගු පන්ති නායක සෝබිත රාජකරුණාට අග්ගිදත්ත කියා නමක් දැම්මේය​. 

අපට විද්‍යාව ඉගැන්වූයේ ජී   ගෞතමදාස මහතාය​. එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකි. සිසුන් ගේ අවධානය යොමු කර ගනිමින් විද්‍යා විශය ඉගැන්වූ  ගෞතමදාසයන් වැනි ගුරුවරු ඉතා දුලබ වෙති. 

1979 වසරේ හතේ පන්තියේ සිටියදී මම නවකතාවක් ලීවෙමි. මෙම නව කතාව ලක්‍ෂණ ලෙස සටහන් කොට දුන්නේ මංගල දිසානායක විසිනි. එම පොත බොහෝ කාලයක් යන තෙක් මා ලඟ තිබුනේය​. නමුත් එය මුද්‍රණය කරනු මට නොහැකි විය​. 

අට වසරේදී රොද්‍රිගු ටීච අපගේ පන්ති භාර ගුරුවරිය වූවාය​. ඇයගේ පුතු රොෂාන් ද අපගේ පන්තියේ සිසුවෙකු විය​. 

අට වසරේදී සිටියදී මම වරක් අපගේ ස්කූල් බස් එකේ ගිය උපතිස්ස සර් හෙවත් මාජරීන්  මිලාගිරියෙන් බැස්ස විට මම මාජරීන් කියා කෑගැසුවෙමි. ඔහු මා දෙස බැලීය​. මම හිස සඟවා ගත්තෙමි. 

පසු දින බදාදාවක් විය අප පෝලිමේ රැස්වීමට යන විට උපතිස්ස සර් තවත් ගුරුවරයෙකු සමග ( මෙම ගුරු භවතාට කොල්ලන් කීවේ ගෙඩි ගෝවා කියාය​. නියම නම මතක නැත​) කොල්ලන් ස්ක්‍රීන් කරමින් සිටියහ​. මම පෝලිමේ එත්ම ඔහු මාව හඳුනාගෙන මෙන්න  මෙයා තමයි කීවේය​. ඉන්පසු මාව පසෙකට ගෙන යනු ලැබීය​. 

"මෙකද මේ සර්ට එක එක වචන කියලා කෑගැහුවේ?  ගෙඩි ගෝවා සර් රළු හඞකින් මගෙන් ඇසීය​. 

ගෙඩි ගෝවා සර් අඳින්නේ ජාතික ඇඳුමය​. අපගේ තෙමහල් විද්‍යාගාරය ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විවෘත කල උත්සවයේ පෙරහුරුවට ජේ ආර් ලෙස ආවේ ගෙඩි ගෝවා මහතාය​. එම නිසා කොල්ලන් ඔහුට ඇක්ටිං ප්‍රසිඩන්ට් කියාද කීහ​. ඔහුගේ ප්‍රශ්නය හමුවේදී මම බබා පාට් එකක් දැමුවෙමි. 

" අනේ මම දන්නේ නෑ සර් බස් එකේ එක අයියා කෙනෙක් මට මාජරීන් කියලා කෑ ගහන්න කිව්වා ඒ නිසා තමයි මම කෑගැහුවේ. ඒක කාට කියනවාද කියලා මම දන්නේ නෑ " මම කීවෙමි. 

" තමුසෙට අයියා කෙනෙක් ලිඳේ පනින්න කීවොත් තමුසේ පනිනවාද ? මෙවර ගෙඩි ගෝවා මහතා මට යලිත් ප්‍රශ්නයකින් දමා ගැසීය​. මම මෝඩ ලුක් එකකින් සර්ලා දෙස බලා සිටියෙමි.

" හොඳයි අදට යනවා මීට පස්සේ ඔය වචනය කියලා හමු උනොත් බලාගෙනයි " ඔවුන් තර්ජනයකින් පසුව මාව නිදහස් කළහ​. 

පසුව මම උපතිස්ස සර් සමග මිතුරු වූයෙමි. ඔහු දැණුම ආකරයකි. ගුරුවරයෙකු නොමැති වූ විට අප ඔහුව පන්තියට ගෙන්වා ගන්නෙමු. උපතිස්ස මහතා අප නොදත් ලෝක ඉතිහාසයේ කරුණු රසවත් ලෙස අපට කියා දුන්නේය​. 1985 කාලයේ මම වරක්  කොටුව දුම්‍ රිය පළ අසලදී මෙම විශ්‍රාමික ගුරුවරයා දුටුවෙමි. එහෙත් කතා කිරීමට අවකාශ නොවීය​. 

නවය දහය පන්ති වලදී ගුණතුංග මිය අපගේ  පන්ති භාර ගුරුවරිය වූවාය​. මම , සකලසූරිය​, ඩබල් එන් පී රත්නායක , සිදත් සුරේන්ද්‍ර පන්තිය දෙවනත් කරගෙන සිටියෙමු. මේ කාලයේදී අප එක් සිසුවෙක් නිලවීර සර්ට ගල්බතා කියා කෑගැසූ හෙයින් ඔහු පන්තියට පැමිණ සිසුන් කීප දෙනෙකුට වේවැල් පාර දුන්නේය​. 

දහය පන්තියේදී කොල්ලන් කරන දඟ වැඩ නිමක් නොවීම නිසා ගුණතුංග මිය පන්තියේ හොඳට හැසිරෙන ළමයාට එතුමියගේ දියණිය වූ පියුමිකා කරකාර බන්දා දෙනවා යැයි කීවාය​. 

දහය පන්තියේ ඉංග්‍රීසි ගුරුවරිය වූ පානදුරේ සිට පැමිණි විජේසූරිය ටීච අපට හොඳින් ඉගැන්වූවාය​. ඇය මා සමග පාසලේදී කතා කලේ ඉංග්‍රීසි භාෂාවෙනි. කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන් දහය වසරේ අපගේ  ධම්ම ගුරුවරයා වූයේය​.  වරක් පන්තියේ කෑගැසීම නිසා කොක්මාදූවේ ගුණසිරි හිමියන් මාව පන්තියෙන් එලියට දැමූ සේක. 

ජීව විද්‍යාව ඉගැන්වූ ගුරුතුමාට කොල්ලන් කීවේ පූසා කියාය ( නියම නම මට අමතකය​). වරක් ෆ්ලෝයම් සෛල, හරිතප්‍රද යනාදී වශයෙන් ශාක පාඩමක් උගන්වා දෙවන සතියේ ඒ මහතා රුධිර සෛල ගැන පාඩමක් කොට රුධිර සෛල වර්ග ගැන ප්‍රශ්නයක් ඇසීය​. පන්තියේ සිටි කටකාර කොල්ලෙකු වූ මිනී ඔළුවා රුධිර සෛල වල ෆ්ලෝයම් සෛල සහ හරිතප්‍රද තිබෙනවා  හෙයින් අප බොහෝ වේලාවක් යන තුරු සිනාසුනෙමු.    

අපට සෞඛ්‍යය විශය ඉගැන්වූ ජයමහ සර් යහපත් ගුරුවරයෙකු විය​. ඔහු අප විසින් කොළු කමට කරන ලද මදාවිකම් ​ ඉවසුවේය​. පන්තිය පාලනය කරගෙන ළමුන්ට ඉගැන්වීමට ජයමහ සර් සමතෙකි. ඔහුගේ පුතා වූ හේම එරන්ද ජයමහ ද අපගේ වසරේ උගත්තේය​. එසේම ඔහුගේ දියණියක වූ ප්‍රසානී මා සමග යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ අතර වර්තමානයේ ඇය ඔස්ට්‍රේලියාවේ සේවය කරන්නීය​. 

නවය දහය ශ්‍රේනි වල විද්‍යා විශයන් ඉගැන්වූ ඊ. ටී සිල්වා මහතා ,ජයදේව මහතා ,  ජයවර්ධන මහතා , සිනමා නළු උපාලි අත්තනායකගේ බිරිඳ වූ අත්තනායක ටීච , කාලිදාස මයා , ජයසූරිය මහතා දක්‍ෂ ගුරුවර ගුරුවරියන් වූහ​. ​2001 වසරේදී නාලන්දාවේ පැවති වෛද්‍ය සායනයකදී අත්තනායක ටීච මගෙන් බෙහෙත් ගැනීමටද ආවාය​. 

අපට සමාජ අධ්‍යනය ඉගැන්වූ තිලකරත්න ටීචට කොල්ලන් කීවේ මැනිකේ ටීච කියාය​. වරක් සමාජ අධ්‍යනය පන්තිය කට් කල රජිත්ව නවතා ගත් අංශ භාර ජයවර්ධන සර් " කවුද සමාජ අධ්‍යනය උගන්වන්නේ ? කියා ඔහුගෙන් ඇසීය​. රජිත් ගත් කටටම කීවේ " මැනිකේ ටීච"  කියාය​. ඉක්බිති රජිත්ව බෙල්ලෙන් අල්ලාගත් ජයවර්ධන සර් ඔහුව අපගේ පන්තියට ගෙන ආවේය​. 

සමාජ අධ්‍යනය ඉගැන්වූ තවත් ගුරුවරියක වූ වැළිකල මියද , වානිජ ඉගැන්වූ කරුණාරත්න මහත්මියද ගණිත ගුරුවරයෙකු වූ කුමාරසිංහ මයා ( අප එතුමාව මෝරා කියා හැඳින්වූයෙමු) වරක් අට වසරේදී කුමාරසිංහ මයා මගේ පිට හරහා දුම් දමන්නට එතුමාගේ විශාල අතින් පහරක් දුන්නේය​. සෙනෙවිරත්න අයියා මලෝ ( වික්‍රම සෙනෙවිරත්න මයා ඔහුගේ සහ වැඩිමහල් සොයුරු  බාලදක්‍ෂ ආචාර්‍ය සෙනෙවිරත්න මයා) මට උගන්වා තිබේ. එසේම කෘෂිකර්මය පීරියඩ් එකකදී මමත් පවිත්‍ර වික්‍රමගේත් වරක් ධර්මසේන සර් ගෙන් වැළඳුවෙමු.  පවිත්‍ර වික්‍රමගේ මට අවසන් වරට හමු වූයේ 2008 වසරේ දැයට කිරුළ උත්සවයේදීය​. ඔහු හදිසි අණතුරකින් මිය ගිය බව මට මෑතකදී ආරංචි විය​. 

උසස් පෙළ පන්ති වලදී ෆෙරෝසා හෙවත් හජ්ජි ටීච  අපට සත්ව විද්‍යාව ඉගැන්වූවාය​. ඇය අපට ජීවයේ රසායණික පදනම පාඩම කල අතර එය තවමත් මගේ මතකයේ පවතියි. පසුව ගාමිනී කුලවංශ මහතා අපගේ සත්ව විද්‍යා ගුරුවරයා විය​. ෆෙරෝසා ටීච වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන්නීය​. 

අපට බොට්නි ඉගැන්වූයේ ශාන්ත වික්‍රමාරච්චි මහතාය​. එසේම රසායණ විද්‍යාව උගන්වන ලද්දේ ප්‍රියභානි ජයකොඩි මෙනෙවිය විසිනි. භෞතික විද්‍යාව මුලින්ම තිලක් අල්විස් සර් ද පසුව ජී . ෆොන්සේකා මයාද උගන්වනු ලැබීය​. 

ප්‍රියභානි ටීච  එන්තැල්පිය උගන්වන විට වරක් ආනන්ද ගුණවර්ධනත් සුමුදු හේවවසමුත් එක්ව මගේ කලිසමේ පසුපස සාක්කුවට රහසින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැමුවෙන් පන්තිය මැද මම කෑගැසුවෙමි. 

 තිලක් අල්විස් සර් උසින් අඩු නිසා අප ඔහු සමග විහිළු කලෙමු. ඔහුගේ සොහොයුරෙකු එක්සත් රාජධානියේ ජීවත් වූ අතර  තිලක් අල්විස් සර්ට නවතම සංගීත කැසට් එවනු ලැබීය​. යූබී 40 සංගීත කණ්ඩායමේ නව ඇල්බම් ඔහු සතුව තිබුනේය​. තිලක් අල්විස්  සර් මෙන් තවත් ගුරුවරයෙකු වීය . ඔහුට කොල්ලන් බෘස්ලි සර් කීවෝය​. මේ මහතාගේ නම නානායක්කාර විය යුතුය​. පසුව ඒ මහතා වෙනත් පාසලකට මාරුවී ගියේය​. 

තවද පලංචියා නම් සර් කෙනෙකු විය​. සර් පසුව මාරුවක් ලබාගෙන රාජකීය විද්‍යාලයට ගියේය​. ඔහු රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මගේ බාල සොහොයුරාගේ ඇප්ලැයිඩ් ගණිත ගුරුවරයා විය​.  රාජකීය විද්‍යාලයේ සිසුන් ද ඔහුට යෙදූ අන්වර්ථ නාමය වූයේ නාලන්දාවෙන් බෞතීස්ම කල පලංචියා නාමයය​. 

නාලන්දේ සිටි අනෙකුත් ගුරුවරු අතර කුවේජු සර් ද අමතක කල නොහැක​. ඔහුට කොල්ලන් බිය වූහ​. 2003 වැනි කාලයක අධ්‍යාපන ප්‍රතිකාර පිලිබඳ දේශනයක් කිරීමට කේරි විද්‍යාලයට ගිය විට මට කුවේජු සර් හමු විය​. 

අපගේ කාලයේ නාලන්දාවේ ගුරුවරු මුදල් පසුපස  ලුහු බැන්දේ නැත​. ඔවුන් අපට මනා සේ දැණුම දුන්හ​. ඔවුන් ගෙන් ඉගෙන ගත් සිසුන් බොහෝ දෙනෙකු අද වැඩදායක පුරවැසියන් ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

48 comments:

  1. මේ විදිහට ගුරුවරුන් මතක තිබීමෙන්ම පෙනෙන්නේ, ඔබ තුළ ඇති ගුරු ගෞරවයයි. ඔවුන්ට නම් පද බැන්දේ ඔබ නොවුනත්, එවැනි නමකින් හෝ ඔවුන් මතක තිබීම වැදගත්.

    මතකනේ අර වඳුරා, අටුවා, අලියා, තුන් දෙනාගෙන් කවුද වැඩිමලා කියා තෝරාගත් හැටි. ඒ අනුව මට පෙනෙන්නේ, ඔබ 6 වැනි වසරේ ඉගෙන ගනිද්දී, මා ගුරු වෘත්තියට පිවිසි බවයි.

    ReplyDelete
    Replies
    1. ඔබ මගේත් ගුරුවරයෙක් එක්තරා ආකාරයක​ට

      Delete
    2. Transylvania: නාලන්දාවේ ගුරුවරු >>>>> Download Now

      >>>>> Download Full

      Transylvania: නාලන්දාවේ ගුරුවරු >>>>> Download LINK

      >>>>> Download Now

      Transylvania: නාලන්දාවේ ගුරුවරු >>>>> Download Full

      >>>>> Download LINK BZ

      Delete
  2. තවත් ඔය වගේ පින්තූර තියෙනවද රුවන්?

    මමත් මේකට කරුණු එකතු කරන්නත් හිතලා අර අනවර්ත නාමම ඔලුවට එන නිසා වැඩේ අතෑරලා දැම්මා අපහාසයක් වගේ පේන නිසා. ඔබ කියන සමහර ගුරුවරු ගැන මට ඉතාම වෙනස් කතා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක හොයාගත්තේ වෙන කෙනෙක් ගෙ FB එකෙන්. වෙනස් කතා කියනවා එවා හිමීට ලියන්නම්

      Delete
  3. දැන් නම් නියම පින්සිපොල් කෙනෙකුත් ඉන්නවා කියලා නිව්ස් වල යනවා..

    ඒ වගේම රත්තරන් සිස්සයොත් ඉන්න බව පෙනුනා... ගුරුවරුන්ට අම්බානක නෙලන...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වැඩේට නම් කණගා‍ටුයි, දුකයි, ලැජ්ජයි.

      Delete
    2. ඕකට හේතුව දුර්වල නායකත්වය​. පිනා පගා ගහනකොට පාසල් ගරුත්වය බල්ලට යනවා

      Delete
  4. නිලන්ති දේවිකා පියභානී ජයකොඩි මෙනවිය අපිට කාබනික රසායන විද්‍යාව ඉගැන්නුවා. ඇය අවිවාහකවම හිටියා මම හිතන්නේ.පොඩි විතාන සර්ගේ ‍රැකියාව අහිමි වුන බව මම අදයි දන්නේ. අපිට 9/10 වසරවල පියෝ මැත්ස්කලේ ලොකු විතාන සර්.දන්නවනේ හැටි.ඒයි බාප්පේ කිව්වොත් ඉතින් බඩුම තමයි. මේ පොටෝ එකන් දැන් මට අඳුනගන්න පුලුවන් තුන් දෙනයි. ගුනසිංහ මහතා, එයාගේ වමෙන් කුලවංශ සර් සහ දකුනෙන් අපිට ඇප්ලයිඩ් මැත්ස් කල ජයන්ත සිල්වා සර්.ජයවර්දන සර් බයෝ කලා.කාලිදාස සර්ව මතකද ඒ 40 ෆරීනා එකක් තිබුනේ. ජේ.ඒ.ජේ.පෙරේරා සර්ගේ ෆෝඩ් ප්‍රිෆෙක්ට් කාර් එක ඔය නාලන්දා ප්ලේස් එකේ නවත්තලා තියෙද්දි කොල්ලෝ හොර යතුරකින් අරන් ගිහින් ප්‍රින්සිපල් ඔ‍ෆිස් එක ලඟ තියලා කලබැගෑනියකුත් වුනා.අපේ 11/12 පංති භාර ගුරුතුමිය රංජනී සිල්වා මෙනවිය පස්සේ කාලෙක ඇමරිකාවේ කොහේ හරි හොඳම සයන්ස් ටීචර් හැටියට තිරුනා කියලා අතුල මංචනායක සර් කිවා.

    ReplyDelete
    Replies
    1. හොඳ විස්තරයක් , මට 2001 විතර ප්‍රියභානි ටීච හමු උනා

      Delete
    2. රුවන්ට මතක නම් මේ පොටෝ එකේ ඉන්න ටීචර්ලගේ නම් දානවද?

      Delete
    3. තිලක් අල්විස් මයා , කුලවංශ මයා, රණසිංහ මයා, විදුහල්පති ( වමේ සිට) තව ෆොන්සේකා මහතාත් ඉන්නවා

      Delete
  5. නම් ටික මතක තියෙන එකම ලොකු දෙයක්. ශිෂ්‍යත්වේ විභාගේ තිබ්බේ 5දිද? අපිට තිබ්බේ 6දි. අපිට පස්සේ අවුරුද්දේ 5-6 දෙකටම එක පාර විභාගේ තියලා තමයි 5 වසරට ශිෂ්‍යත්වේ ගත්තේ..

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යත්වේ විභාගේ තිබ්බේ 5දි

      Delete
    2. මෙය වයස පිළිබඳ ප්‍රශ්නයක්.

      වර්ෂ 1974 දක්වා ශිෂ්‍යත්ව විභාගය හත්වෙනි ශ්‍රේනියේ සිසුන්ට පැවැත්වුණා. ඒ සමගම 1973 සිට ශිෂ්‍යත්ව විභාගය පහේ පන්තියට ගෙනාවා. එයට හේතුව වුනේ, අටේ පන්තියෙන් පසු පෙර ක්‍රමයට තිබුණු දෙවසරක විද්‍යා/වාණිජ/කලා සාමාන්‍ය පෙළ විභාග ක්‍රමය අහෝසි කර පොදු විභාග ක්‍රමයක් ඇරඹීමයි.

      මං හිතන්නේ දෙක වසර = පළමුවෙනි ශ්‍රේනිය ක්‍රමය ඇරඹුණේ 1978 දී යි.

      සුමිත් උපන්නේ 1973 ට පසු විය යුතුයි.

      Delete
    3. 9 පන්තියේ විද්‍යාව ඉගැන්වූ (1979) අත්තනායක ටීචර් නිසා අපි ආසාවෙන් විද්‍යාව ඉගෙන ගත්ත. අයගේ පුතා අසිත හිටියෙත් නාලන්දේ.
      9 පන්තියට ගණිතය උගන්නන්න රෝයල් එකෙන් ආපු සිරිවර්දෙන සර් හරිම දක්ෂයි. එයාට ළමයි කිවුවේ මෝරා කියල.

      Delete
    4. අත්තනායක ටීචර් මට මතකයි. මෝරා කිව්වේ කුමාරසිංහ සර් ට

      Delete
    5. පද්මා අත්තනායක ටීචර්ගේ මහත්තයා උපාලි අත්තනායක හොඳ නලුවෙක්.

      Delete
  6. නාලන්දීයන් අතර මෙම පෝස්ටුව ශෙයා කර තිබූ හෙයින් මමද එය දැක මෙය කියවීමි. ඔබ සඳහන් කළ ගුරු මහතුන් මහත්මියන් අතරින් එක් අයෙක් හැරුනු විට අනෙක් සියලුම දෙනා මා නාලන්දයට පැමිණෙන විට නාලන්දයේ සිටියේ නැත. ඔවුන් විශ්‍රාම ගෙන හෝ ඔවුන් වෙනත් පාසලකට මාරුවීමක් ලබා පිටව ගොසිනි. මා හටද ජීව විද්‍යාව ඉගැන්වූයේ ශාන්ත වික්‍රමාරච්චි ගුරු පියාණන්ය. අප එකල් ශාන්ත සර්ට භාවිතා කරපු අන්වර්ත නාමය වුනේ ඇරිස්ටෝටල්. මෙවන් ලිපියක් දැකීම සතුටක්. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ ශාන්ත සර්ට කිව්වේ බොටා (බොට්නි ) කියලා. සර් දක්‍ෂ ගුරුවරයෙක්. උගන්වපු ඌනණ විභාජනය මට අදත් මතකයි.

      Delete
  7. මට ඒ ලෙවල් වලදී කුළවංශ සර්, ගුණසේණ සර්,පියවිතාන සර්(මාලුවා),ශිරාණි ටීචර්,ප්‍රියභානි ජයකොඩි ටීචර්,ෆෙරෝසා ටීචර් උගන්වලා තියෙනවා.....ජයවර්ධන සර්(දැන් විදුර කොලේජ්) හිටියේ අපේ ගෙවල් ළඟ.......ඔබේ ලිපියෙන් මා සුන්දර අතීතයකට පිය නැගුවා........

    ReplyDelete
  8. Me pinture inna Leelawansha sir 2003-2004 A/L kale apita combined maths igannuwa...Kulawansha sir thama Section head wela hitiye...mata thama mathakai...

    ReplyDelete
  9. This picture has been taken from the Diamond Jubilee souvenir (60th Anniversary of Nalanda college).I was a member of the souvenir committee and now I'm working as a officer of principal service at Nalanda College. Thank u very much for the nice memory u shared n it took us to our childhood!

    ReplyDelete
  10. I also remember many teachers. Mrs.Shiromi Thuduhena(English), Mr. Wijerathna (Sinhala) and Mrs. Welikala are few of them. All of these teachers did great job for students. Still I like to meet them.

    ReplyDelete
  11. තිලක් අල්විස් සර්ට දාපු නික් නේම් එක පුක එඩිතර , ලොරි මූනා මෑත්ස් කලේ i do not want to insult them .....nice memories...........

    ReplyDelete
    Replies
    1. Oh gosh.our lovely times in school

      Delete
    2. අපි කිව්වේ වලක් අල්විස් කියලා

      Delete
  12. පූසා කියා නම තිබුනේ ගුණසේකර සර්ට තමයි.

    ReplyDelete
  13. Pavithra died some yeats ago. I studied w ith him in year 7B. We called him "Pannike Partha he"... because due ti some reason he used to tell this always and he liked hindi language. He always sang the sing "Agare"... he was a very humble person. He was a left hander and was very difficult to read his writings..
    All letters were italic shape. I still remember that.

    ReplyDelete
    Replies
    1. last time I met him in 2008 and we went to green lands and had Those

      Delete
  14. Mr. Gunasena who is the right end of the front row passed away recently in Sydney. Also I meet Priyani teacher, she is married to Palitha Manchanayaka, Athula Manchanayaka's brother.

    ReplyDelete
  15. When Mr. Gunapala Wickramaratna was Nalanda Principal in 60’s, our Do U Know team stayed @ Nalanda Hostel, as we had no place to stay in Colombo. G W was Rahula Matara Vice Principal before moving in to Colombo . Atlas Hall sponsored The competition among schools and we had recordings @ Radio Ceylon , quiz master was Lalith S Maithreepala assisted by Sumana Jayatilaka. We won the final round, I was the captain of the team.
    I must thank Nalanda for free food and lodging. GE is 92 + plus now.

    ReplyDelete
  16. Can somebody help me to my favourite teacher "sheela miss.

    ReplyDelete
  17. රුවන් මල්ලි, මම හිටියේ ඔයාගේ පන්තියට වසරක් උඩින්, ඒ කියන්නේ රොෂාන් මහානාමලගේ වසරේ. අපටත් ජයමහ සර් සෞඛ්‍ය ඉගැන්වුවා. ගණිතය කලේ ලොකුවිතාන සර්. 1980 වැඩ වර්ජනය නිසා පොඩිවිතන සර්ට රැකියාව අහිමිවුණා.ඊට පසු ඔහු ගුරුතලාව ශාන්ත තෝමස් පෞද්ගලික පාසලේ ඉගැන්වුවා. තිශුල අපි හිටියේ එකම ගෙදරක. ගම්යලතා ටීචර් වියවහරික ගණිතය ඉගැන්වුවට ඇයගේ නම මල්ලික සිරිසේන විය. L.S.තිලකරත්න ටීචර් සමාජ අධ්‍යනය කලා. අපි ආදරයට කිව්වේ ලොකුමැනිකේ වෙනුවට පොඩිමැණිකේ කියලයි.

    ReplyDelete
  18. Hey doc very interesting Blog! Thrilled to know you're a Nalandian too, pls add me if you're on facebook "Chalitha Dias", i think we will have interesting topics to talk about :-)

    ReplyDelete
  19. This all Gods are meet my school duration 1981 to 1990
    Thank you for sharing. Its wonderful time

    ReplyDelete
  20. හොද මතකයක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook