Tuesday, June 21, 2022

Kunta Kinte to Barak Obama


It was a long journey that started in Gambia, West Africa, 
A black boy named Kunta Kinte was brought to Maryland in chains, 
Enslaved for many decades in the cotton fields 
Worked, from sun-up, 'til sun-down, 
Kunta Kinte alias Toby saw no freedom, 
He was buried in an unmarked grave.

Kunta's generation lived in America, 
Until they searched for a new identity and freedom, 
Lincoln's Emancipation Proclamation gave new hope, 
The Buffalo Soldiers fought for freedom, 
But the freedom was many miles away.

When Martin Luther King Jr said 'I have a dream', 
The dream that cherished freedom and equality, 
The dream that cherished justice and peace, 
But couldn't live until the dream was fulfilled.

Barack Obama continued King's dream, 
When he broke the racial barrier, 
Martin Luther King said from his grave, 
Thank you, Almighty I am free at last.

Ruwan M Jayatunge 

Monday, June 20, 2022

උමංදාවේ නිල් කට්‌රොල් පෝක් කරි රෙසිපිය (නිල් කට්‌රොල් සූකර මද්දව )

නිල් කට්‌රොල් පෝක් කරිය (නිල් කට්‌රොල් සූකර මද්දව ) සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

ඌරු මස් 5 kg
සිහින්ව ලියාගත් ලූනු
කපාගත් අමුමිරිස්
සේර කෑල්ලක්
රම්පා කෑල්ලක්
ඉඟුරු , සුදුළූනු
කුරුඳු පොතු කෑල්ලක්
එනසාල් , කරාඹුනැටි
මිරිස් කුඩු
අමු තුනපහ කුඩු
බැදපු තුනපහ කුඩු
ගාගත් පොල් මේසහැඳි 2 ක්
ගොරක කෑල්ලක්
නිල් කට්‌රොල් මල් අහුරක්
රොබින් නිල් පැකට් 1

මස් ටික සෝදල කෑලි කපාගන්න. දැන් පොඩි පෑන් එකක් ලිපේ තියල රත් උනාම ගින්දර   අඩු කරල අමු තුනපහ ටික දුඹුරු පාට  වෙනකම් කබලෙ බැදගගෙන අයින් කරන්න. දැන් ඒ පෑන් එකටම මිරිස් කුඩු ටික දාල පාට වෙනස් වෙනකම් බැදගන්න. කර කරගන්න එපා. මිරිස් ටික අයින් කරල ඒ පෑන් එකටම පොල් මේසහැඳි දෙක දාල දුඹුරු පාට වෙනකම් බැදගන්න.  දැන් මස් එකට කහකුඩු , බැදගත් මිරිස් කුඩු , බැදගත් තුනපහ කුඩු සහ රස අනුව ලුනු එකතු කරල හොඳින් කළවම් කරල පැය බාගයක් වහල තියන්න. ඉන්පස්සෙ ඉඟුරු ,සුදුළූනු ටික හොඳින් පේස්ට් එකක් වෙනකන් තලාගන්න. දැන් ඒකටම එනසාල් කරාඹුනැටි දෙක බැඟින් සහ කුරුඳු පොත්ත දාල කෑලි හිටින්න තලාගන්න.  මස් උයන සාස්පාන ලිපේ තියල තෙල් මේස හැන්දක් දාන්න.  තෙල් ටික රත් උනාම ලියාගත් ලූනු , අමුමිරිස් එකතු කරන්න. ඉන්පස්සෙ  තලාගත් සියල්ල එකතු කරන්න. ගින්දර   අඩු මට්ටමේ තියාගන්න.   කරපින්චා , රම්පා සහ සේර කෑල්ල දාන්න. ටිකක් බැදෙනකොට සීසන් කරගත් මස් ටික එකතු කරන්න. හොඳින් කළවම් කරන්න. ගොරක කෑල්ලක් චුට්ටක් පොඩි කරල මේකට එකතු කරන්න. කළවම් කරල මද ගින්දරේ විනාඩි තුන හතරක් පියන වහල තියන්න. අවසානයේදී නිල් කට්‌රොල් මල් අහුරක් සහ රොබින් නිල් පැකට් එකක කුඩු හොද්දට එක් කොට හොඳට මිශ්‍ර කර ගන්න. 

Tuesday, June 14, 2022

Moby Dick -the Outstanding Work of the American Renaissance


Ruwan M Jayatunge M.D.

Herman Melville (1819-1891), was one of the most prominent American writers who wrote one of the greatest novels Moby Dick which is an outstanding work of the American Renaissance and can be considered the greatest book of the sea ever written. Moby Dick is a great modern myth written in "mythopoetic” style.  D. H. Lawrence called it "one of the strangest and most wonderful books in the world,”. The book was written at a time of great socio-economic and technical upheaval in America. The book also narrates the American whaling industry during its Golden Age.

Moby Dick is a deeply ambiguous text. It is the imaginative result of the tensions created by a dynamic, human mind interacting with a dynamic environment. The novel is an intensive exploration of man and his universe. In the novel theology, philosophy, and science confront directly the issue of ultimate reality and meaning. Herman Melville uses allegories to demonstrate life lessons. Herman Melville’s profound knowledge in Shakespeare, Milton, the Bible, Hinduism, and Buddhism had left significant imprints on Moby Dick. The moral message comes across through the biblical stories in the novel and is filled with references to the Bible and God. It combines themes of fate, religion, work ethic, and race throughout the entire novel. Melville often uses Shakespeare‘s dramatic technique and stylistic method. In this book, we find numerous directly-borrowed scenes from Shakespeare's plays.

Moby Dick can be read as a tragic drama at sea. Ahab the captain of the whaling ship Pequod, has an obsessive desire to kill the giant albino sperm whale Moby Dick which took his leg from the knee down and made him a cripple. Now he walks with a prosthetic leg that is made of whalebone. He is unable to acknowledge and mourn his own experience of shame, injury, and loss. Psychological distress following a traumatic injury influences his health, well-being, and quality of life. Captain Ahab has come for vengeance, not for profit.  His obsession contradicts the assignment of the Nantucket shipowners and puts his crew members at risk.

Ahab represents Melville's deepest exploration of the nature of insanity. Ahab's absorption with Moby Dick makes the culturally diverse crew uneasy and leads them to alienation, rebellion, doubt, and doom.  The crew suffers under a tyrannous master.

The ship’s first mate Starbuck who represents orthodox belief is a brave and kind man. He questions captain Ahab’s insane attempt and vengeance against an animal indicating that it is a pointless pursuit. However, Captain Ahab is adamant and wants to hunt down the white whale. Ahab and Starbuck were in grave dispute over the ship’s main mission. However, Starbuck is defeated and he gives up.  Starbuck is more likely “Prometheus” an emblem of resistance to unjust authority.

The crew makes several unsuccessful attempts to kill the white whale. At the final moment, the captain is convinced that Moby Dick is chasing him. Hence the hunter becomes the prey. In the end, the captain realizes that Moby-Dick is immortal.  It is a major epiphany in the novel. Finally, the Pequod is destroyed and drowned by Moby Dick killing the captain and all her crew. The captain’s manic defense against shame and loss caused a disaster.  Only the narrator Ishmael survives to tell the tale. He was saved by a ship named Rachel.  Ishmael's survival appears to suggest that salvation lies in liminality.

Captain Ahab is portrayed as a narcissist and his insane attempt ruins himself, the crew, and the Pequod. Ishmael is the novel's "central consciousness and narrative voice. Ishmael, by rejecting common society, announces himself to be an irregular person. Ishmael is a very complex character and he meets South-Sea islander Queequeg for the first time in the Spouter and becomes his best friend. The relationship between Ishmael and Queequeg is an explicit example of a cross-cultural interracial friendship. Queequeg is an experienced harpooner. He is a kindhearted man with deep religious beliefs. He offers worship to Yojo, the wooden pagan idol. Queequeg risks his life to save his fellow harpooners.

The novel apparently shows the conflict between good and evil and produces numerous interpretations. Moby Dick represents not evil, but purity-inviolable spiritual rectitude. Ahab perceives the evil of the entire world in Moby Dick. The chase of the great white whale is a metaphor for the obsessive pursuit of irrational goals.  The White Whale symbolizes nature. To Ahab, conquering the Whale is conquering nature. Moby Dick is an impersonal life force. Some critics regard the White Whale as a personification of God. Ahab is the embodiment of the fallen angel.  The hunt for the whale is a metaphor for "man's search for meaning in a world of deceptive appearances and fatal delusions. Some consider the hunt for the whale as a metaphor for an epistemological quest.

Carl Jung considered Herman Melville’s Moby-Dick to be America’s greatest novel. There are various types of symbolism and archetypes in Moby-Dick. Khalid M. Easa (Tobruk University) elucidates that Ishmael’s Sea journey, metaphorically a voyage of understanding, brings him away from worldly boundaries and closer to a spiritual realm. Moby-Dick. is a journey of growth and knowledge of the self.  Ahab's immoderate rage reflects the existential anger which is a common human condition.

Moby-Dick can be viewed from a Buddhist perspective. Melville was interested in Buddhism in the final decades of his life.  In Buddhist cosmology, Mara is associated with death, rebirth, and desire. The White Whale is representing Mara and the ocean is Saṃsāra which is defined as the endless cycle of birth, death, and rebirth. Killing the whale is achieving nirvana which is to make earthly feelings like suffering and desire disappear. Nirvana is characterized by the extinction of desire and suffering and individual consciousness.

According to Michael Rogin -American political scientist Moby Dick is a story about work, a multiracial proletariat, leadership, political order and rebellion, slavery, and social issues. Ahab is running against time and fighting against reality.

Moby Dick blends symbolically rich fiction and poetry. The book discusses the conflict of man's godlike aspirations with his all-too-human limitations with obsessive urge to peruse his insane goals. Melville's works are filled with characters suffering the emotional anguish of a tormented soul and searching for something they can never find.

Moby Dick is a tragic drama, a tragedy in which all protagonists suffer obsession, vengeance, madness, and enormous brutality. Henry Myers' described the book as a story of a man who was himself destroyed in his efforts to destroy evil". Ahab’s betrayal of the ship-owners and his betrayal of his mates and the crew is a story of the decline and death of an organization.




Bernstein, J. (1982).  Herman Melville's Concept of Ultimate Reality and Meaning in Moby-Dick. Maca/ester College, St. Paul, Minnesota, U.S.A 

Burkard Sievers (2013): Leadership and Monomania: Herman Melville's Moby-Dick.

Mehta, G.M. (2015). The. Fictional World of Herman Melville: A Critical Study of Some Selected Novels.”- University of Kota.

Melville, Herman; Moby-Dick. Edited by Harrison Hayford & Hershel Parker. New York: Norton.

Paul McCarthy (1987).  Forms of Insanity and Insane Characters in Moby-Dick

Peter Steadman (2011). An Evolutionary Analysis of Moby Dick: The Pequod's Search for Brotherhood, Status, and Mystery

Susan Elise Swanson (1991). Moby Dick, Ahab, and the name of the father. Lehigh University.

Zahra Gholami Nasrabadi (2016).   A Study of Allegories in Herman Melville’s Moby Dick with Religious Approach




Friday, June 10, 2022

ලංකාවට ඩොලර් ලබා ගත හැකි පහසුම ක්‍රමය

ලංකාවට ආදායම් වැඩි කර ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා. එකක් තමයි අපේ ලංකාවේ මිනිසුන් තුල ස්වභාවිකවම , බෙහෙවින්ම පිරී ඉතිරී තිබෙන , අතිරික්ත වශයෙන් තිබෙන බහුලවම පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම එක්ස්ට්‍රැක්ට් කරලා ඒවා පැකට් කරලා හෝ ටින් කරලා පිටරටට විකුණන එක. ලාංකික ඉරිසියා-කුහක කිලෝ එකක් ලෝක වෙලඳ පොලේ ඩොලර් 30 විතර වෙනවා. අපේ මිනිසුන් තුල ටොන් ගනන් තිබෙන මේවා එක්ස්පෝට් කලොත් වසරක් ඇතුලත අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන ගානක් වෙනකම් ඉහල නගිනවා

Wednesday, June 8, 2022

ඊලාම් යුද්ධයේ දුර්විපාක


ඊලාම් යුද්ධයේ දුර්විපාක සමාජය හඳුනාගන්නා කාලය තෙක් මනෝ විද්‍යාත්මක රෝගාබාධයක් වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post-traumatic stress disorder -PTSD)  ශ්‍රී ලාංකාවට ආගන්තුක රෝග තත්වයක් විය. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකානු සමාජය වියට්නාම් සින්ඩ්‍රෝමය හඳුනාගත්තාක් සේ ඊලාම් යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික සමාජය පලාලි සින්ඩ්‍රෝමය හෙවත් සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හඳුනා ගන්නා ලදි.  එහෙත් මෙම ආබාධය හඳුනාගන්නා විට එකී ආබාධය විසින් සමාජය තුල පුද්ගල මෙන්ම පොදු සංකූලතාවන් ඇති කොට තිබුනි.  තිස් වසරක ඊලාම් යුද්ධය විසින් සාමූහික ව්‍යසනයක් (Collective Trauma ) ඇති කරන ලදි 

ඊලාම් යුද්ධය නිල වශයෙන් ආරම්භ වන ලද්දේ 1983 ලෙස සලකනු ලැබේ. එහෙත් ඊට පෙර කාලයක සිටම උතුරේ ආයුධ සන්නද්ධ ක්‍රියාදාමයන් සිදු වන ලදි. 1972 වසරේදී ද්‍රවිඩ ප්‍රහාරාත්මක කණ්ඩායමක් විසින් යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගනයේ බෝම්බ කිහිපයක් පුපුරවන ලදි. 1974 වසරේදී කන්කසන්තුරේ පොලිස් ස්ථානයට  අත් බෝම්බයක් විසි කරන ලද  බවට වාර්තා වෙයි . 1975 ජූලි මාසයේදී ප්‍රභාකරන් විසින් යාපනේ පුරපති දොරේ අප්පා මහතාව ඝාතනය කරන ලදි. 1981 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු යාපනයේදී වෙඩි තබා ඝාතනය කරන ලදි. 

මෙලෙස සුළු වශයෙන් පැවති අවි ගැටුම් 1983 දී විශාල ප්‍රහාරයක් ලෙස එලි දැක්කේය. 1983 ජූලි මාසයේදී ප්‍රභාකරන් සමග ඔහුගේ සාමාජිකයන් විසින් බිම් බෝම්බයක් අටවා හමුදාවේ සාමාජිකයන් 13 දෙනෙකු මරා දමන ලදි. මෙම සිද්ධිය වාර්ගික කෝලාහලයක් ලෙස පැන නැගුනේය. මෙලෙස 1983 නිල වශයෙන් ඇරඹි ඊලාම් යුද්ධය 2009 වසරේ මැයි මාසය දක්වා  කාලය තුල පුද්ගලයන් දස දහස් ගනනක් මරු දුටුහ, බොහෝ පිරිසක් කායික මෙන්ම මානසිකව ආබාධිත වූහ. එසේම රුපියල් බිලියන ගනනක් වටිනා දේපළ විනාශ විය. 

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ද්‍රවිඩ බෙදුම් වාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් ගනනාවක් දියත් කරන ලදි. 1987 වසරේ මැයි මාසයේ ඇරඹි වඩමාරච්චි මෙහෙයුමේ සිට 2009 වසර දක්වා යුද මෙහෙයුම් තිබුණි.යුද්ධයේදී තුවාල වන සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රශස්ථ වෛද්‍ය සේවයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා හමුදාවනට හැකි විය. යුද්දයේදී සිවිල් වෛද්‍යවරු මෙන්ම හමුදා වෛද්‍යවරු සේවය කලහ. ඉතා විශිෂ්ඨ ගනයේ ශල්‍ය වෛද්‍යවරු යුද කළාප වල සේවය කලහ. එහෙත් මෙම 30 වසරක යුද කාලයේදී   සුදුසුකම් ලත් එක මනෝ විද්‍යාඥයෙකු හෝ ත්‍රිවිධ හමුදා සතු නොවූහ.  මනෝ විද්‍යාඥයන් ගෙන් සහ මනෝ චිකිත්සකයන් ගෙන් තොරව ඊලාම් යුද්ධයේ ප්‍රධාන අවධීන් ගෙවී යන ලදි. යුද , නාවික සහ ගුවන් හමුදාවනට අනුබද්ධව තාවකාලික පදනමින් මනෝ වෛද්‍යවරු ස්වල්ප දෙනෙක් සතියට දිනක් හෝ දෙවරක් හමුදා රෝහල් වල සේවය කලහ. මුළු යුද හමුදාව සඳහා 2006 වසර තෙක් යොදවා සිටියේ  සතියට එක් දිනක් පමණක් හමුදා රෝහලට පැමිණි එක් බාහිර මනෝ වෛද්‍යවරයෙකු  පමණි. 

යුද මෙහෙයවුම් සැලසුම් කල විශේෂඥයන් මූලික වශයෙන් අවධානය යොමු කලේ  යුද්ධයේදී සිදු වන කායික තුවාල වලට පමණි. යුද්ධයේදී සිදු වන මානසික තුවාල වලට ප්‍රතිකාර කිරීම ඔවුනට අතපසු වන ලදි. මෙය ඊලාම් යුද්ධයේදී සිදු කරන ලද ඉතා බරපතල වරදක් වූ අතර එම නිසා සොල්දාදුවන් දහස් ගනනක් යුද ආතතියට මෙන්ම බොහෝ මානසික රෝග වලට ගොදුරු වූහ. යුද්ධයේ ආරම්භයේ සිටම සංග්‍රාමය සමග බද්ධ වූ මනෝ විද්‍යාත්මක දුර්විපාක පිලිබඳව දැණුමක් හමුදා නායකයින් තුල නොවීය. බොහෝ දෙනෙකුට එය නොදැනුවත්කම නිසා අතපසු විය. මෙම සාධකය ඇතැමුන් විසින් පෙන්වා දුන්නද යුද මොරාල් එකට ඉන් අහිතකර බලපෑමක් වනු ඇතැයි සාවධ්‍ය නිගමනය මත එය පසෙකට දමන ලදි. මේ නිසා යුද කලාප වලදී බොහෝ සංග්‍රාමය සමග බද්ධ වූ මනෝ විද්‍යාත්මක සංකූලතා මතු විය. සොල්දාදුවන් බොහෝ දෙනෙකු යුද කළාප වලදී සිය දිවි නසා ගන්නා ලදි. එසේම බොහෝ පිරිසක් හමුදාවෙන් පළා ගියහ. 

එහෙත් තීක්‍ෂණ ඥානයක් තිබූ ඉතා සුළුතරයක් වූ හමුදා නිලධාරීන් පිරිසකට යුද්ධය ආශ්‍රිතව මනෝ විද්‍යාත්මක සාධකයන් මතුවන බව වැටහිනි. මොවුන් පළවන මෙන්ම දෙවන ලෝක යුද්ධය සහ වියට්නාම් - කොරියානු යුද්ධයන් පිලිබඳ කියවා මනා දැණුමකින් සිටි පුද්ගලයන් වූහ. තමන් ගේ ඒකක වල සොල්දාදුවන් විසින් සටනේදී සහ සටනින් පසුව පෙන්වන ලද මනෝ විද්‍යාත්මක ප්‍රතික්‍රියා පිලිබඳව අවධානයක් ඔවුන් විසින් යොමු කරන ලදි. එහෙත් බහුතරයක් වූ නිලධාරීන් මෙම ප්‍රතික්‍රියා බියගුළු කම නිසා මතු වන බව සලකා යුද ආතතියෙන් පෙලෙනවුන්ට ඉතා කර්කශ ලෙස සලකන ලදි. මේ නිසා බොහෝ දෙනෙකු ගේ රෝගී තත්වයන් උත්සන්න විය. 

යුද්දය නිසා මතුවන මානසික ප්‍රතික්‍රියා පිලිබඳව බොහෝ වෛද්‍යවරුන්ට දැනුමක් තිබුනේ නැත. එහෙත් 1978 වැනි කාලයක උතුරේ සේවය කල එක් පොලිස් නිලධාරියෙකු විසින් පෙන්වන ලද ක්ලමථ ප්‍රතික්‍රියාවන් පිලිබඳ මීගමුව ප්‍රදේශයේ  සේවය කල එක් වෛද්‍යවරයෙකු  ගේ අවධානයට ලක් විය. එහෙත් ඒ පිලිබඳබ සායනික කථිකාවක් සිදු නොවීය. 

යුද්ධයේ භයංකාරත්වය සමග යුද ආතතිය සොල්දාදුවන් තුල වර්ධනය විය. එහෙත්  හමුදාවන් වල සිටි තීරණ ගැනීමට බලය තිබූ උසස් නිලධාරීන්ට ඒ පිලිබඳව ප්‍රාග් ඥාණයක් නොවීය. එසේම මේ කාලයේ  හමුදාවන් වල සේවය කල වෛද්‍යවරු බොහෝ දෙනෙකුටද මෙම තත්වය ගැන කිසිදු අවබෝධයක් නොවීය. මේ කාලය තුල යුද ආතතිය හෝ සංග්‍රාම විඩාව පිලිබඳව කිසිම සායනික  සාකච්ඡාවන් වෛද්‍ය ප්‍රජාව අතර සිදු නොවීය. 

1984 වැනි අතීත කාලයක එක් ලුතිනන්වරයෙකු තමන් ගේ ඒකකයෙ සිටි සමහරක් සොල්දාදුවන් විසින් පෙන්වන ලද යුදමය ක්ලමථ ප්‍රතික්‍රියා නිරීක්‍ෂණය කරනු ලැබීය. ඔවුන් අතර පැතිරෙන නොසන්සුන්කම , සමහරක් විට විනය නොතකා ක්‍රියා කිරීම , නින්දේදී බියට පත් වීම, අධි කෝප ප්‍රතික්‍රියා , ඔහුගේ විමසුමට ලක් විය. එහෙත් උසස් නිලධාරීන් කිසිවෙකු මේ ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. 

1985 වසරේදී කොටි ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුර නගරයට කඩා වැදී සිවිල් වැසියන් සිය ගනනාවකට වෙඩි තබා ඝාතනය කරන ලදි. මේ අනපේක්‍ෂිත ඝාතන නිසා අනුරාධපුර නගරයේ වාර්ගික කෝලහල පැන නැග්ගේය. නගරයේ සිටි ද්‍රවිඩ වැසියන් ආරක්‍ෂාකාරී ලෙස ඉවත් කිරීම ඇරඹිනි. මේ අවස්ථාවේදී අධි කෝපයට පත්වූ එක් සෙබලෙකු විසින් තම ගිනි අවියෙන් වෙඩි තබා නිරායුද ද්‍රවිඩ සිවිල් වැසියන් කිහිප  දෙනෙකු ඝාතනය කරන ලදි. තීව්‍ර  ප්‍රතික්‍රියාවකට ලක්වූ මෙම සොල්දාදුවාව පාළනය කර ගැනීමට ඔහුගේ අණ දෙන නිලධාරියාටද නොහැකි විය. ඒ නිසා අණ දෙන නිලධාරියා විසින් වෙඩි තබා උක්ත සෙබලාව මරා දමන ලදි. මෙකී සිදුවීමෙන් පසුවද යුද්ධය හා ක්ලමථ ප්‍රතික්‍රියා පිලිබඳ කතිකාවක් ගොඩ නඟා ගන්නට බලධාරීන් අසමත් වූහ. 

ශ්‍රී ලංකා හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර යුද ගැටුම් උත්සන්න වෙමින් පැවතිනි.   මේ නිසා හමුදා රෝහල් තුවාලකරුවන් ගෙන් පිරී යන ලදි. එහෙත් ප්‍රමුඛතාව දෙන ලද්දේ කායික තුවාල වලට පමණි. යුද්ධය නිසා මානසිකව තුවාල ලැබූවන් නොසලකා හරින ලද්දේය.  ඔවුන්ව හඳුන්වන ලද්දේ ව්‍යාජ ලෙස රෝගාබාධ පෙන්වන්නන් / චොකලට් සොල්දාදුවන් / බොරුකාරයන් / බියගුල්ලන් ලෙසටය.  කායික තුවාල ලද්දන් සඳහා  ප්‍රතිකාර කරන ලද්දේ ඔවුන් ගේ කායික තුවාල වලට පමණි.  ඔවුන්  මානසිකව ලත් තුවාල උග්‍ර වීමට ඉඩ දෙමින් කායික  තුවාල සුව වූ වහාම ඔවුන්ව නැවතත් යුධ පෙරමුණට යවන ලදි.

මේ අතර යුද කලාප වල වර්ධනය වන සිය දිවි නසා ගැනීම් , ශාරීරික හානි කර ගැනීම් (self harm)  , විනය විරෝධී ක්‍රියා., මෙහෙයවුම් වලදී පෙන්වන අඩු අභිප්‍රේරණය, හමුදාවෙන් පළා යාම් නිසා හමුදා නායකයන් සිටියේ විමතියෙනි. මේ සඳහා හේතු කුමක්ද කියා බොහෝ දෙනෙකුට අවබෝධයක් නොවීය. සියළු අසාමාන්‍ය චර්‍යාවන් විනය විරෝධී චර්‍යා ලෙසට පොදුවේ හඳුන්වා මූලික ප්‍රශ්නය යටපත් කර දමන ලදි. අවම වශයෙන් යුද ආතතිය පිලිබඳ සොයා බැලීමට විද්වත් කමිටුවක් හෝ පත් කිරීමට හමුදා නායකත්වයට දැණුමක් තිබුනේ නැත. 
පළවන ලෝක මහ යුද්ධයේදී  ,  දෙවන ලෝක මහ යුද්ධයේදී  , කොරියානු යුද්ධයේදී     සහ වියට්නාම් යුද්ධයේදී යුද ආතතියේ ලක්‍ෂණ සොල්දාදුවන් විසින් පෙන්වනු ලැබීය. එම ප්‍රතික්‍රියා යුද හා වෛද්‍ය විද්වතුන් විසින් අධ්‍යනය කරන ලදි. එහෙත් ඊලාම් යුද්ධයේදී බොහෝ කලක් යන තෙක් මේ කිසිවක් සිදු වූයේ නැත. මේ නිසා යුද්ධය විසින් ඇති කල මානසික රෝගී තත්වයන් වර්ධනය විය. 

යුද්ධය නිසා උතුරේ මෙන්ම දකුනේ සිවිල් වැසියන් බොහෝ දෙනෙකු කායික මෙන්ම මානසික රෝග තත්වයන්ට ගොදුරු වූහ. 1998 වසරේදී මනෝ වෛද්‍ය දයා සෝමසුන් දරම් මහතා ඔහුගේ Scarred Minds කෘතිය හරහා ඊලාම් යුද්ධයේදී සිවිල් වැසියන්ට සිදුවූ කායික මානසික හානි පිළිබඳව පෙන්වා දෙනු ලැබීය. එහෙත් යුද ආතතිය පිලිබඳව දකුණ තවමත් සිටියේ තම නොදැනුවත්කම යන අන්ධකාර වනාන්තරය තුලය.   

යුද්ධය නිසා මානසික රෝග වල වර්ධනයක් තිබෙන බව මේ කාලයේදී මනෝ වෛද්‍ය රනිල් අබේනායක මහතා පෙන්වා දුන්නේය. එහෙත් හමුදා නායකත්වය සංග්‍රාම විඩාව හෝ යුද ආතතිය තම හමුදාව ආක්‍රමණය කරන බවට සිතීමට මැලි වූහ. තවද සමහරක් මනෝ වෛද්‍යවරු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ඇමරිකානු රෝගයක් බවත් ශ්‍රී ලංකාවේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය දක් නට නොමැති බවත් ප්‍රසිද්ධියේ කියන්නට වූහ. මෙම සාවද්‍ය මතය නිසා යුද ආතතියට ප්‍රතිකාර කිරීම තව දුරටත් ප්‍රමාද විය.    

 වෛද්‍ය සරත් පඞුවාවල  සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු යුද හමුදාවේ බාහිර මනෝ වෛද්‍යවරු ලෙස සේවය කළහ. ඊලාම් යුද්ධය ආශ්‍රිතව මනෝ විද්‍යාත්මක ක්ලමථ මෙන්ම කාංසා අක්‍රමතා ඔවුන් නිරීක්‍ෂණය කලහ. වෛද්‍ය නීල් ප්‍රනාන්දු කොලඹ යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කිරීම සඳහා 2002 වසරේදී මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට මූලික විය. මෙම ඒකකය මගින් යුද ආතතියට ලක්වූ සොල්දාදුවන්ට උපදේශන මෙන්ම මනෝ ප්‍රතිකාර ලබා දෙන ලදි. මේ ඒකකය ක්‍රියාත්මක වූයේ බොහෝ බාධා මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් මධ්‍යයේය. යුද ආතතිය මෙන්ම සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  පිලිබඳව එවකට කොලඹ යුද හමුදා රෝහලේ සිටි අණ දෙන නිලධාරියාට දැණුමක් මෙන්ම විචක්‍ෂණභාවයක් නොවීය. මේ නිසා නිසි අයුරින් මෙම ප්‍රතිකාර ඒකකයට සම්පත් ලබා දුන්නේ නැත. එසේම මෙම නිලධාරියා ගේ මුල් වීමෙන් 2006 වසරේ මෙම ඒකකය වසා දමන ලදි. මේ නිසා ප්‍රතිකාර ලබා ගත නොහැකිව යුද ආතතියෙන් පෙළුණු සොල්දාදුවන් බොහෝ දෙනෙකු දිවි නසා ගන්නා ලදි. 2012 වසරේදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පෙන්වා දුන් අන්දමට 2009 - 2012 අතර කාලයේ යුද හමුදාවේ සොල්දාදුවන් 400කට ආසන්න ප්‍රමාණයක් දිවි නසාගෙන ඇත. මේ සඳහා වගකිව යුතු හමුදා නිලධාරීන් තුල තිබූ නොදැනුවත් භාවය , සත්‍ය පිලි ගැනීමට තිබූ අකමැත්ත , අසංවේදී බව යන සාධක කැපී පෙනුනි. අවසානයේදී ඊලාම් යුද්ධයේ මනෝ විද්‍යාත්මක දුර්විපාක නිසා වින්දිතයන් බවට පත් වූයේ යුද පෙරමුණට ගිය සොල්දාදුවන් වූහ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, June 4, 2022

සුන්දර ඇමෙරිකන් ජීවිතය .

මේක ලියපු එකා ඇමරිකාව තියා ඉන්දියාවටවත් ගිහිල්ලා නෑ. ඇමරිකාවේ තිබෙන සෝෂල් සෙකියුරිටි ගැන මෙලෝ දැනුමක් නැති තමන්ට දියුණු රටකට යන්නට බැරි වීමේ එරියස් එකෙන් පෙලෙන එකෙක් ලියපු එකක් 

සුන්දර ඇමෙරිකන් ජීවිතය ..
ටිකක් දිග කතාවක්,හැබැයි ගොඩක් වැදගත්
මේ කතාව මගේ නෙමෙ ..ඒත් එය අතිශයින්ම සංවේදියි...ඇමෙරිකාවට යන්න සුන්දර සිහින මවන අයට මෙය සුවිශේෂීයි..
මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත.
මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක්
සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී
වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන
ආපහු යනවා.
මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන්
කියන්නේ පැට්රල් ෂෙඩ්.
පැට්රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක්
දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක්
තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප
10 ක් 12 ක් විතර තියෙනවා. ක්රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස්
ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්
ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය ව්වෘත කරන එකයි. ඊට
අමතරව හදිසියෙන් ගන්න අවශ්ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි
රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්රමාණවත්.
වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්රමණිකයන්. මට බැංකු ගිණුමක්
අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්
ඇමරිකන් ඉංග්රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය
වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ
නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්”
කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න
වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස්
පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්රීසි
භාෂාවට සහ සාහිත්යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා
මා හිතා හිටියේ මා තරම් ඉංග්රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා
කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
your rest room ” කියල මගෙන් ඇහුවා.
“rest room only for customers” කියලා මම මිනිහව එළවා
ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන
අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි.
බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ
නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්
උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම
එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ?
මිනිහ පැහැදිලි ඉංග්රීසියෙන් ” cold….can you buy me a
coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින්
සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා.
ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ
ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා”
ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන
හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු
ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි
කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට
ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි
ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට
පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට
මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න
අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම
නිතර නිතර ලෙඩ වුනා.
විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල
දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක
විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන
කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි
උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා
එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්.
සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි.
සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what
the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby
sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා
කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ
මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල
තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ
තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව.
මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්ධයක් නැහැ. දරුවො හිත්
පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න
අවශ්ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”
“ඉතින් කොහොමද මේ තත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ
අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත්
ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල,
පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි
පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක්
නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම
පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත.
කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son didn’t pay the rent. You have to pay or leave the
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහැ
පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට
කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද
තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට
කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ?
දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි
පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”
ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ
බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට
වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්රය කරන්නවත්, පංසලකට
පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ
මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස්
වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.
මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක්
එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත්
වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න
මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
නෑ. ඇඩ්රස් එකක් නෑ.
මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ.
වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ
පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන්
ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්රී වේ එක යට
තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී.
මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස්
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
ආයෙ කවදා හමුවෙයිද ?
දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ
ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට
දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින්
මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”
පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්රෑෂ්
බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන්
බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන්
කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා.
උපුටා ගැනිමකි.
මම මේය උපුටා ගැනීමට හේතු වූයේ
සිංහල සිරිත් විරිත් චාරිත්ර වාරිත්ර ගුණ ධර්ම සාරධර්ම සංස්කෘතිය පවතින තෙක් ලෝකය සුන්දර වෙයි

Find Us On Facebook