Wednesday, November 30, 2016

Patriotism නොහොත් දේශප්‍රේමය

 



දේශප්‍රේමය නිර්වචනයක් නොමැති වචනයකි 
දේශප්‍රේමය උභයාර්ථ වචනයකි
දේශප්‍රේමය මෝඩයාට කැරට් අලයකි 
දේශප්‍රේමය කපටියාට ධන ආකරයකි
දේශප්‍රේමය මෝඩයාට ස්වයං වින්දනයකි 
දේශප්‍රේමය කපටියාට බලයට යා හැකි  ඉණිමඟකි 
දේශප්‍රේමය මෝඩයාගේ දෙනෙත් මෝහනය කරයි
දේශප්‍රේමය  කපටියාව කුල්මත් කරයි 
දේශප්‍රේමය මෝඩයා අන්‍යන්ට අලවන ලේබලයයි 
දේශප්‍රේමය කපටියා අන්‍යන්ට විකුණන වෙළඳ භාණ්ඩයයි 
දේශප්‍රේමය මෝඩයා පාලනය කිරීමට කපටියා යොදන කරපටියයි 

Tuesday, November 29, 2016

ගුරුනගර් ඉස්සෝ

 



යාපනයට ගිය විට ඉස්සෝ මිළදී ගැනීම මම නිතරම කලෙමි. ඉස්සෝ පමණක් නොව යාපනයේ මිදි , තල් හකුරු අනර්ඝ කෑම විය​. උතුරේ ඉස්සෝ රසය , එසේම ප්‍රමාණයෙන් ද විශාලය​. එසේම කොලඹට සාපේක්‍ෂව මිලෙන් ද අඩුය​. 

ඉස්සෝ මිලදී ගෙන ඒවා යුද හමුදා වෛද්‍ය බළකා නිවස්නයේ බැට්මන් කෙනෙකුට දුන් විට ඔහු ඉස්සෝ   හිස් ප්ලාස්ටික්  මෙගා බෝතල වලට දමා  වතුර පුරවා අධි ශීතකරණයේ තබයි. යළි පලාලි වලින් කොලඹ බලා පියාසර කරන විට අප ගුවන් යානයේ ගෙන යන්නේ මෙම අධි ශීතකරණයට ලක් කරන ලද ඉස්සෝ මෙගා බෝතල් ය​. එම ක්‍රමය ඉතා පහසු වූ අතර කිසිදු දුගඳක් නොහමමින් ඉස්සෝ අපි කොලඹ ගෙන ආවෙමු. 

හොඳ ඉස්සෝ ගැනීමට ගුරුනගර් වෙත යා යුතුය​. ගුරුනගර් වල ඉස්සෝ විකුනන කඩ තිබේ. 2005 වසරේ සාම කාලයේදී   උතුරට ගිය විට මම ඉස්සෝ ගැනීම සඳහා ගුරුනගර් වෙත ගියෙමි. මා සමග වෛද්‍ය බළකායේ කපිතාන්වරයෙකුද වූ අතර අපි ඉස්සෝ කඩයට ගොස් අවශ්‍ය ඇණවුම් දුන්නෙමු.

මේ කාලයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කඩ පවත්වාගෙන ගිය අතර යාබද කඩය  එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩයක් විය​. එම නිසා මම මෙම එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩය නැරඹීම සඳහා කඩය ඇතුලට ගියෙමි. එම කඩය තරමක් විශාලය​. ලොකු අයිස් දැමූ පීප්ප වල ඉස්සෝ කකුළුවෝ , ලොකු මාළු තිබුණි. කඩය ඇතුලේ එල්ටීටීඊ සාමාජිකයන් සතර දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටියහ​. ඔවුන් මා දෙස බලා යන්තම් සිනහසුන අතර මම කඩය ඇතුලටම ගොස් පීප්ප වල  සිටි ලොකු මාළු පරික්‍ෂා කොට බැලුවෙමි.   

මඳ වේලාවක් යන විට කපිතාන්වරයා කළබලයෙන් මා වෙත පැමින " සර් අපි යමු" යැයි මගේ කනට කර කීවේය​. එම නිසා මම ඔහු සමගින් කඩයෙන් එලියට ආවෙමි. අප ඉස්සෝ මිලදී ගෙන යලි පලාලි වෙත පැමිනුනු පසු කපිතාන්වරයා මා ඇමතීය​. 

" සර් මාර වැඩේනෙ කලේ , අරුන් ගේ කඩේ ඇතුලටම ගියා. ඔතන ශුවර් නෑ . උන් අපේ ආමි වාහනය දැක්කා. පිහි පාරක් දීලා පීප්පෙක එබුව නම් බොඩි එකවත් හොයාගන්න හම්බුවෙන්නේ නෑ. සර්ව දැක්කම පස්සේ තමයි මගේ ඇඟට ලේ ඉනුවේ " 

 ඔහු කීවේ ඇත්තකි. අපරික්‍ෂාකාරීව මම තනියම එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩය තුලට ගිය අතර එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හතර දෙනාට පහසුවෙන් මාව පීප්පයක එබිය හැකිව තිබුනි. 

මෙම සිදුවීමෙන් සති කීපයකට පසුව සටන් විරාමය උල්ලංඝනය කරමින් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යාපනයේදී හමුදා වාහනයකට වෙඩි තබා සාජන්වරයෙකු ඇතුළු සොල්දාදුවන් කීපදෙනෙකු මරා දමනු ලැබීය​. එම සිදුවීමේදී තුවාල ලබා මානසිකව ක්ලමථ වික්‍රියාවකට ලක් වූ සොල්දාදුවෙකු මනෝ විද්‍යත්මක ප්‍රතිකාර සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මා වෙත යොමු කරන ලදලදි. නවක සොල්දාදුවෙකු වූ දැඩි කම්පනයට ලක්ව සිටියේය​.  මෙම සොල්දාදුවා එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඔවුන් ගමන් ගත් වාහනයට වෙඩි තැබූ අවස්ථාව ගැන කියන විට මට ගුරුනගර් සිද්ධිය මතකයට ආවේය​. සමහරක් විට එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩයේ සිටි කේඩරයන් අපට පහර දීමට සැලසුමක් කරමින් සිටියේද කියා ඇතැම් විට මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, November 28, 2016

ඔයා කැමති ඇතුලේ කරන්නද එලියේ කරන්නද ?




ඔයා කැමති 
ඇතුලේ කරන්නද 
එලියේ කරන්නද 
කියා ඇසුවා
රාගම රෝහලේ
තියටර් සිස්ටර් 
හෙදියකගෙන් 
ඇතුලේ කරන්නේ නම් 
මුලු දවසම තියටරයේ
එලියේ කරන්නේ නම් 
මුලු දවසම රිකවරියේ 
මෙය ඇසුනු රෝහලේ
කම්කරුවෙක් බුක් ගා 
දැම්මා කැත සිනහවක් 
එලියේ කරත්
ඇතුලේ කරත් 
වැඩ මුරයෙන් පසු 
හෙදිය හාන්සියි 

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි ) 

Saturday, November 26, 2016

ඉස්කෝල වලි

  


1973 එක වසරේදී කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මා සමග උරණව ගෝරියට ආහ​. ටිකිරි නමුත් මොවුන් පහර දීමට පැමිනෙන ලීලාව දුටු මා වහාම අනුර කුමාරසිරිව තල්ලු කලෙමි. ඔහු සීසෝව අසලදී ඇද වැටුනේය​. කපිල ජාසිංහ ශරීර ප්‍රමාණයෙන් කුඩා අයෙකි. එම නිසා මම ඔහුට පා පහරක් දී පන්තියට දුව ගියෙමි. පන්තියේ අබේකෝන් ටීච සිටියාය​. මම අඞමින් කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මට සෙල්ලම් පිට්ටනියේදී පහර දුන් බව කීවෙමි. අබේකෝන් ටීච මොවුන් දෙදෙනා ගෙන්වා එක් අයෙකුගේ අත්ලට අඩි රූල් පාර බැගින් දුන්නේය​. මම කඳුළු අතරින් ඔවුන් දෙස බලමින් සිනාසුනෙමි. අනුර කුමාරසිරි වර්තමානයේ ඩුබායි හි විධායක රැකියාවක් කරයි. ඔහු මගේ  හොඳ යාළුවෙකි.  කපිල ජාසිංහ ගැන තොරතුරක් නැත 

දෙක වසරේදී මම දහම් සමග ගහ ගත්තෙමි. පන්තියට අබේකෝන් ටීච පැමිනීමත් සමගම අප දෙපසට වූයෙමු. තුන වසරේදී ඉතා නෝන්ජල් සිසුවෙකු වූ සමන්ට අරියාදුවක් කිරීමට ගොස් ඔහු මගේ අතට පැන්සලෙන් ඇන්නේය​.  අබේකෝන් ටීච බියවී මගේ අතේ තුවාලයට ප්‍රථමාධාර දී සමන්ට පසු දින අම්මා සමග පාසලට එන ලෙස කීවාය​. 

මා හතර වසරේ ඉගෙනුම ලබන කාලයේදී මගේ වැඩිමහළු සොහොයුරන් ආනන්ද විද්‍යාලයේ කරාටේ සංගමයට බැඳී මාස්ටර් වෙල්ගමගේ මග පෙන්වීම මත කරාටේ පුහුණු වූහ​. මම ඔවුන් ගේ පුහුණුවීම් බලාගෙන පන්තියේ කොල්ලන් සමහරකට කරාටේ පහරවල් දුන්නෙමි. මේ නිසා මුලු පන්තියම පාහේ මට බිය වූහ​.  එහෙත් මනෝජ් නීලාංග අපගේ කලාපයේ අසහාය ප්‍රහාරකයා විය​. එම නිසා මනෝජ් නීලාංග සමග මම ශේප් එකේ සිටියෙමි. 

හය වසරේදී මට නමක් පට බැන්ද වයි බී දිසානායකට මම පහර දුන්නෙමි. පසු දින ඔහු ගෙදරින් ලිපියක් ලියාගෙන විත් අපගේ පන්තිභාර ගුරුවරිය වූ හිල්ඩා ගුනවර්ධන ටීචට දුන්නාය​. එහි තිබුනේ මමත් සීවලී පෙරේරාත් ඔහුට අරියාදු කරන බවය​. මේ නිසා ගුනවර්ධන ටීච අපට තරයේ අවවාද කලාය​. වයි බී දිසානායක වර්තමානයේ එක්සත් රාජධානියේ  ජීවත් වෙයි. අප දැන් මිතුරන් වෙමු. මට  පට බැන්ද නම වයි බී දිසානායකට දැන් අමතකය​. 

නවය වසරේදී මාරිස්ටෙලා විද්‍යාලයේ සිට බුද්ධි කීරිතිසේන ( වර්තමානයේ යෙදුම අනුව බූඩි ) නාලන්දේ අපගේ පන්තියට අළුතින් ආවේය​. බුද්ධි කීරිතිසේන ශරීර ප්‍රමාණයෙන් උස මහත වූවද වරක් මම ඔහු සමග ගෝරියක් දාගත්තෙමි. එහෙත් සාමාන්‍ය පෙළ විභාගය කිරීමටත් පෙර ඔහු නාලන්දාවෙන් අස්ව ගියේය​. බුද්ධි කීරිතිසේන හෙවත් බූඩි තම නාලන් දා ඉතිහාසය ගැන කතා කරන්නට  කැමති නැත​. ඒ මන්ද යත් ඔහු සිංහල සිනමාවට අවතීර්ණ වූයේ කෙලින්ම ඇමරිකාවේ සිට යන කල්පිතය බිඳෙන නිසාදෝ විය හැකිය​. එහෙත් 2008 වසරේදී මම බූඩිව  දුරකථනයෙන් ඇමතුවෙමි. 

දහය වසරේදී අපගේ පන්තියට අලුතින් සිසුවෙකු ආවේය​. වරක් සකලසූරිය මෙම සිසුවාගේ හිසට තට්ටුවක් දැමීය​. මෙම තට්ටුව දැමුයේ මා බව සිතූ ඔහු මට වැරයේ පහරක් දුන්නේය​. මම ඔහුව බිම පෙරලාගෙන පහර දුන්නෙමි.  මේ අවස්ථාවේදී  පන්තියට පැමිණි වැලිකල ටීච අප දෙදෙනා ඈත් කර දැමුවාය​. මේ සිදුවීමෙන් පසු ඔහුව වෙනත් පන්තියකට දමන ලදි. වැලිකල ටීච මෑතකදී මිය ගිය බව මට දැනගන්නට ලැබුනි. 

දහය වසරේදී මම පාසලේ කරාටේ සංගමයට බැඳී කරාටේ පුහුණු වූයෙමි. සෙන්සේ අජිත් ජයකොඩි අපගේ ගුරුවරයා විය​. කරාටේ පුහුණුව සමගම සංයමයද ලැබූ නිසා මම ගෝරි වලට නොගියෙමි. එහෙත් ඉහල පන්තියක සිටි ශිෂ්‍ය නායකයෙකු අනිසි ලෙස බලය උපයෝගී කරගනිමින් අපගේ පන්තියේ ළමුන් පෙළන විට මම එම අසාධාරනයට එරෙහිව කතා කලෙමි. මේ අවස්ථාවේදී ඔහු මට පහර දීමට ආවේය​. එහිදී මම ඔහුට පන්තියෙන් එලියේදී විද්‍යාගාරය අසල පාළු ස්ථානයක හැකිනම් මා සමග ගහ ගැනීමට එන ලෙස කීවෙමි. 

පහල පන්තියක සිසුවෙකු ගෙන් මෙලෙස අභියෝගයක් එල්ල වීම නිසා ඔහු කැලඹී ගියේය​. එහෙත් අභියෝගය හමුවේ පළා නොගොස් ඔහු විවේක කාලයෙන් පසුව එම ස්ථානයට එන බව කීවේය​. මම අමරසිංහ හෙවත් මැස්සා සමග එම ස්ථානයට  ගියෙමි. 

ඔහු පැමින සිටියේ මිතුරන් කණ්ඩායමක් සමගය . ඔවුන් අතර සිටි මානවඩු මාව දන්නේය​. මම මානවඩුට සිද්ධිය පැහැදිලි කලෙමි. යම් ලෙසකින් මෙම ද්වන්ධ සටනින් පසු ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නා කියා මට චෝදනාවක් මොහුට කිරීමට ඉඩ නොදෙන ලෙස මම මානවඩු ගෙන් ඉල්ලා සිටියෙමි. මානවඩු ඊට එකඟ විය​. 

සටන ඇරඹි අතර අප දෙදෙනා විනාඩි තිහක් පමණ ගහ ගත්තෙමු. එහෙත් කිසිවෙකුටත් ජයක් අත් නොවීය​. එහෙත් පහළ පන්තියක සිසුවෙකු සමග සටන් කර ජයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහුගේ අභිමානයට මහත් හානියක් සිදු විය​. ඉන් පසුව ඔහු අපගේ පන්ති පැත්තකටවත් නාවේය​. මෙම ද්වන්ධ සටනින් පසු මම යලිත් පාසලෙන් අස් වන තෙක් කිසිවෙකු සමග ගහ ගත්තේ නැත​.

පාසලේදී ගුටි ගහ ගැනීම හොඳ නැත​. එහෙත් මෙම අත්දැකීමද ජීවිතයට වටී. එය කෙනි රොජර්ස් කීවාක් මෙන් Sometimes you gotta fight When you're a man


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, November 24, 2016

මගේ වීදි නාට්‍යය

  

වීදි නාට්‍යයේ රඟමින් සෞඛ්‍ය ප්‍රවර්ධන පණිවිඩයක් ප්‍රජාවට දෙන හලාවත රෝහලේ කම්කරුවන් සහ ඇටෙන්ඩන්වරු


වීදි නාට්‍ය යනු මුදල් ගෙවන නිශ්චිත පේ‍්‍රක්‍ෂක පිරිසක් නොමැතිව එළිමහන් පොදු ස්ථානවල රඟ දක්වනු ලබන වේදිකා රංගනයන් බව ගාමිණී කේ.හත්තොටුවේගම මහතා කියයි. වීදි නාට්‍ය මගින් ඉතා ප්‍රබල පණිවිඩයක් සමාජයට දිය හැකිය​. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය අංශයේ සේවය කල කාලයේදී මම  වීදි නාට්‍යක් සංවිධානය කලෙමි. මෙම වීදි නාට්‍ය මගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ පණිවිඩයක් ප්‍රජාවට දීමට අපි අදහස් කලෙමු. මෙම වීදි නාට්‍යය සඳහා වෘත්තිමය නළු නිලියන් කිහිප දෙනෙකුට මා කතා කල අතර ඔවුන් රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් ඉල්ලා සිටියෝය​. මේ නිසා මගේ වෑයම උපන් ගෙයිම මිය ගියේය​. 

කෙසේ නමුත් වීදි නාට්‍යයක් කල යුතු බවට මගේ සිත කීවෙන් හලාවත රෝහලේ කම්කරුවන් , ඇටෙන්ඩන්වරු හමුවී ඔවුන් අතරින් වෙසක් නාට්‍ය, නත්තල් නාට්‍ය වල රඟපා අත්දැකීම් තිබෙන පුද්ගලයන් ගැන සොයා බැලුවෙමි. හලාවත රෝහලේ සුමනදාස නම් ඇටෙන්ඩන්වරයා මේ සඳහා ඉදිරිපත් වූ අතර තවත් රඟපෑමේ දක්‍ෂතා තිබෙන කිහිප දෙනෙකු මෙම කටයුත්ත සඳහා කැමත්ත දුන්හ​. 

ආධුනික නළු නිලි සුළු පිරිසකගෙන් අපි නාට්‍ය පුහුණුව ඇරඹුවෙමු. එහි කතාව මෙසේය​. මත් භාවිතයට හුරු වූ පියෙකු ගෙන් පවුලට   හානි  සිදුවන අතර ඔහු සමාජයේ සමච්චලයටද ලක්වේ. අවසානයේදී දරුවාගේ මැදිහත්වීමෙන් ඔහු පුනරුත්ථාපයට පත්වේ.  මෙම වීදි නාට්‍යට සංගීතය දුන්නේ බටනලා වාදකයෙකු වූ නවගත්තේගම රෝහලේ සේවකයෙකි. 

නාට්‍ය හොඳින් පුහුණු වීමෙන් පසු ප්‍රථම දර්ශනය පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාදම්පේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාල භූමියේදී පවත්වන ලදි. මෙම මෙම වීදි නාට්‍යට ප්‍රථම දිනයේදීම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණි. ඉන්පසු පුත්තලම ,හලාවත ,මහ වැව, මාරවිල , වෙන්නප්පුව  යන ප්‍රදේශ වල ජනතාව ගැවසෙන ස්ථාන වලදී මෙම වීදි නාට්‍යය රඟ දක්වන ලදි. එසේම රෝහල් බලධාරීන් ද තම තමන් ගේ රෝහල් වල වීදි නාට්‍යය රඟ දැක්වීමට ආරාධනා කළහ​. 

2009 වසරේදී මෙම වීදි නාට්‍යය සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා යන මහතුන් සහභාගි වූ උත්සව සභාවකදී පෙන්වන ලදි. එහිදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මෙම වීදි නාට්‍යයේ රඟපෑ පුද්ගලයන් වෘත්තීය නළුවන් ද කියා මගෙන් ඇසීය​. එවිට මා කීවේ මේ පුද්ගලයන් හලාවත රෝහලේ කම්කරුවන් සහ ඇටෙන්ඩන්වරු බවය​. එසේම රුපියල් පනස් දහසක් මිල කරන ලද වීදි නාට්‍යය රුපියල් නවසීයක (නාට්‍යය සඳහා මිලට ගත් අඩුම කුඩුම) වියදමින් මම සපුරා ගත් බවය​. 

මා විදේශ ගත වීමෙන් පසු වීදි නාට්‍ය කණ්ඩායමට කුමක් සිදු වූයේද කියා මම නොදනිමි. මගේ අපේක්‍ෂාව වූයේ මෙම වීදි නාට්‍ය කණ්ඩායම  දිගින් දිගටම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් වලට යොදා ගනු ඇතැයි යන්නය​. එහෙත් මම විදේශ ගත වීමට ප්‍රථම මෙම වීදි නාට්‍යයට දායක වූ නළු නිලියන් ගේ පුද්ගලික ලිපි ගොනුවට මත් ද්‍රව්‍ය නිවාරණයට ඔවුන් ගෙන් සිදුවූ දායකත්වය අගයමින් ප්‍රසාද ලිපියක් පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකතුමා මගින් දැමුවෙමි.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, November 22, 2016

කේජීබී




යූක්‍රයීනයේ විනිට්සා නගර මධ්‍යයේ කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට නුදුරින් කුඩා චතුරශ්‍රයක් තිබේ. මෙම චතුරශ්‍රය අලංකාරය​. සමහරක් විට රාත්‍රී කාලයට මෙම චතුරශ්‍රයේ අභිරූපිකාවන් සක්මන් කරනවා දැකගත හැකිය​.  ඉතා තද නීති මගින් මර්ධනය කොට තිබුනද ඇතැම් විට සමරිසියන් සහකරුවන් සොයා ඇදෙන්නේ මෙම කළාපයටයි. මෙම ප්‍රදේශය අන්වර්ථව හඳුන්වනු ලැබුවේ පැරීෂ් කියාය​. 

දිවා කාලයේදී මෙම පැරීෂ්  කළාපය කඩිසරය​. බොහෝ ජනයා මෙම කලාපය හරහා යන්නේ තම තමන් ගේ වැඩ කටයුතු සඳහාය​. මේ අවට ගොඩනැගිලි පැරණිය​. දෙවන ලෝක යුද සමයේ ජර්මානු හමුදා නිලධාරීන් ලැගුම් ගත් ගොඩනැගිලිද දක්නට තිබේ. මේ චතුරශ්‍රයේ තිබෙන එක් පැරණි ගොඩනැගිල්ලක් හඳුන්වන්නේ ෂ්ටබ් කියාය​. වරක් ටැක්සිකරුවෙක් මේ  ෂ්ටබ් ගොඩනැගිල්ල මට පෙන්වා එය කොමිතියත් ගසුදාර්ස්වින්නී බෙසපාස්නස්ත් හෙවත් කේජීබී කාර්‍යාලයක් බව කීවේය​.  

මේ සිදුවීමෙන් වසරකට පමණ පසු මම අපගේ වෛද්‍ය පීඨයේ සෝවියට් සිසුවෙකු වූ ඊගර් සමග කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට ගියේ චිත්‍රපටයක් බැලීමටය​. චිත්‍රපටය නරඹා අප  පැරීෂ්  කළාපය ආසන්නයේ තිබෙන බස් නැවතුම් පළට ගියෙමු. තමන්ට මිතුරෙකු හමු වීමට තිබෙනවා කියා මට මොහොතක් රැඳී සිටින ලෙස පවසා ඊගර් ෂ්ටබ් ගොඩනැගිල්ල වෙත ගියේය​. මම ඔහු එනතුරු බස් නැවතුම් පලේ සිටියෙමි. විනාඩි විස්සකට පසු ඊගර් ආවේය​. 

"මිතුරා හමු උනාද ? මම ඔහුගෙන් ඇසුවෙමි.

"ඔව් යාලුවාට  පණිවිඩයක් දෙන්න ගියේ. එයා අපේ පලාතේ කෙනෙක් හෙට ගමේ යනවා . මම කිව්වා අපේ ගෙදරට කියන්න කියලා මට සල්ලි ටිකක් තැපෑලෙන් එවන්න කියලා" ඊගර් සන්සුන්ව කීවේය​. 

"යාලුවා කේජීබී ද ? මම ඊගර් ගේ දෙනෙත් දෙස බලමින් ඇසුවෙමි.

ඔහු කලබල විය "මොන කේජීබී ද ? ඒක ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශාකාවක්"

"ඊගර් උඹ මට බොරු කියන්න එපා උඹ් ගියේ ෂ්ටබ් එකට . උඹත් කේජීබී නේද ? මම එක එල්ලයේ ඔහුගෙන් ඇසුවෙමි.

ඊගර් ගොත ගැසුවේය​. 

"උඹ මේ ගැන වෛද්‍ය පීඨයේ කට හොල්ලනවා නෙවෙයි" ඔහු තදින් කීවේය​. 

"උඹ අපි ගැනත් රපෝර්තු කරාද ?

"උඹ ගැන මොනාද කියන්න තියෙන්නේ. මගේ රාජකාරිය සෝවියට් ශිෂ්‍යයන් ගැන වාර්තා කරන එක​"

එතකොට විදේශ ශිෂ්‍යයන් ගැන වාර්තා කරන්නේ කවුද ?

"ඒක මම දන්නේ නෑ"

ඊගර් ඇත්ත කියපන් උඹ අපි ගැනත් වාර්තා කරනවා නේද ? 

"ඉවාන් මේ බලපන් (  රුවන් යන නම රුසියන් භාෂාවට පරිවර්තනය වූයේ ඉවාන් කියා බැවින්  ඔහු මට කතා කලේ ඉවාන් කියාය​) උඹලා ගැන කියන්න ඒ ඒ රට වල නියෝජිතයෝ ඉන්නවා. ලන්කාවේ කටයුතු වාර්තා කරන්නේ උඹලා අතර ඉන්න සිසුවෙක්. එයාගේ නම මට කියන්න බැහැ"

"මම ගැන මොනාද වාර්තා වෙලා තියෙන්නේ මට ඇත්ත කියපන්" 
මම ඔහුගෙන් ඇසුවෙමි.

"උඹ ගැනද ? ඔහු මොහොතක් කල්පනා කලේය​. "උඹ බීබීසී සේවයට සවන් දෙනවා කියා වාර්තා කරලා තියනවා" 

"ඉතින් මම බීබීසී අහන්නේ අපේ රටේ පුවත් අහන්නනේ"

"ඒ උනත් බීබීසී , ගෝලස් ඇමරිකා (VOA) රේඩියෝ සබෝදා මේවා ප්‍රති සෝවියට් ප්‍රචාරක මාධ්‍ය​."

"ඒකට මට කරන්න දෙයක් නෑ , අපේ  රටේ යුද්දයක් තියනවා ඒ නිසා මම ලංකාව ගැන පුවත් අහන්නේ බීබීසී හරහා"

"ඒවා මම දන්නේ නෑ උඹ ගැන තියන වාර්තාවේ තිබ්බේ උඹ බීබීසී සේවයට සවන් දෙනවා කියලා නේවාසිකාගාරේ රේඩියෝවක් තියාගෙන" 

"ඕන දෙයක් උඹල වාර්තා කරපන් මම රේඩියෝව දිගටම අහනවා " මම තරහෙන් කීවෙමි .

ඉවාන් මේ බලපන් ඕක මට අදාල නෑ. උඹලගෙ සිම්ලයක් (ලංකාවේ සිසුවෙක්) තමයි ඕක වාර්තා කරලා තියෙන්නේ. ඒ නිසා කරන දෙයක් කරපන් උඹලගේ කලෙක්තීවා (ශ්‍රී ලාංකික සමූහයා) එකට ආරංචි නොවන විදිහ​ට.

මෙම සංවාදයෙන් පසු ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන් ෂ්ටබ් එකට වාර්තා කල සිසුවා කවරෙක්ද කියා මම සොයා බැලුවෙමි. එසේම මේ ගැන මාගේ විශ්වාසවන්ත ශ්‍රී ලාංකික මිතුරෙකුටද කීවෙමි. ශක්තිමත් සාක්‍ෂි නොමැති වූවද අපි එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු සැක කලෙමු. ඔහුට අධිකාරත්වය සමග සබඳතා තිබුනේය​. වරක් ඔහු මගේ කාමරයට එන විට මම බීබීසී සේවයට සවන් දෙමින් සිටි බවද මට මතක් විය​. අනෙක් සිසුන් ඔහුව හඳුන්වන ලද අන්වර්ථ නාමය වූයේ බප්පා කියාය​. කෙසේ නමුත් බාප්පා ශ්‍රී ලාංකික සිසුන් බොහෝ දෙනෙකුගේ තොරතුරු ඉහලට දී තිබුනේය​. 

 රටක් පාලනයේදී ඔත්තු සේවාවන් වැදගත් වෙයි. එසේම ජනයා අතර භීතිකා සයිකෝසියාවක් පැතිරවීම සඳහාද මෙම ඔත්තු සේවා යොදා ගත හැකිය​. ඔත්තු සේවා පවත්වාගෙන යාමේදී අන්‍යන් ගැත තොරතුරු දීමට සමහරක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙති. ඇතැම් අවස්ථා වලදී එකම පවුලේ සාමාජිකයන් අන්‍ය සාමාජිකයන් ගැන තොරතුරු  ඔත්තු සේවාවන් වෙත ලබා දුන් අවස්ථා වාර්තා වී තිබේ. එම නිසා මම බාප්පාගේ ක්‍රියාව ගැන මවිත නොවෙමි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, November 20, 2016

තමිල් සෙල්වන් අණ්නා.....



2013 වසරේදී වරක් මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවළ , තුන පහ කුඩු වැනි ලංකාවට ආවේනික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය​. මෙය කඩයක් කීවද සුපර් මාකට් එකකි. එහි නම එස් පී සුපර්මාකට් ය​. එස් පී සුපර්මාකට් එකේ භාණ්ඩ මිලදී ගමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්නා..... .. කියා ද්‍රවිඩ ගීතයක් වාදනය විය​. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක් බව මම අනුමානය කලෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා මිත්‍ර විරාජ් ප්‍රනාන්දු ගෙන් මෙම එස් පී සුපර්මාකට් එක ගැන ඇසුවෙමි. විරාජ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳ සැල එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඤාතීන්ටය​. 

තමිල් සෙල්වන් උපත ලැබුවේ 1967 වසරේ මද්දුවිල් ග‍්‍රාමයේ දුගී පවුලකය​. උතුරේ කරණවෑමි කුළයකට අයත් වීම නිසා ඔවුන් ද්‍රවිඩ උසස් වෙල්ලාල කුලවතුන් ගේ බොහෝ සමාජ පීඩනයන්ට ලක්වූ අතර පසුකාලයක ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුනේය​. ඊට පෙර තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසටද වැඩ කොට තිබුනි.

තමිල් සෙල්වන් විවහා වන්නේ ප්‍රභාකරන් විසින් නියම කරන ලද මනාලියක සමගය​. ප්‍රභාකරන් යාපනයේ කුලවත් පවුලක දියණියක වූ සසිරේඛා නැමැත්තිය තමිල් සෙල්වන්ට විවහා කර දුන්නේ වෙල්ලාලයන්ට එරෙහි පහරක් ලෙසටය​. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී ප‍්‍රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමව්පියන් ලෙස ද ඇන්ටන් බාලසිංහම් හා ඇඩෙල් මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර බ‍්‍රාහ්මණ චාරිත‍්‍රවලින් තොරව විවාහය කිරීමට ප්‍රභාකරන් විසින් නියෝග කරන ලදි. විවාහය පිළිබඳ තමා දැනගත්තේ විවාහයට දින හතරකට ඉහතදී බැව් තමිල් සෙල්වන්  විසින් පසු කාලයක  ප්‍රකාශ කොට තිබේ.  

සුප්පයියා පරමු තමිල් සෙල්වන් හෙවත් තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායකයා ලෙස කටයුතු කල අතර ඔස්ලෝ සාම සාකච්ඡුා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ප්‍රකට චරිතයක් බවට පත් විය​. මෙම සාම කාලයේදී වරක් රූපාවාහිනී වැඩසටහනකට පැමිනි කුසල් පෙරේරා " මම ආවෙ අද උදේ කිලිනොච්චියේදී  තමිල් සෙල්වන් හමුවෙලා " යැයි කීවේ  සාඩම්බර විලාසයකිනි. තමිල් සෙල්වන් එකල celebrity චරිතයක් විය​. 

රණමග ඔස්සේ නන්දිකඩාල්  පොත ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තමිල් සෙල්වන්ව හඳුන්වන්නේ සටකපට සිනහවකින් යුත් තැනැත්තා වශයෙනි . ඒ කාලයේ දිවයින පුවත් පතේ ලියුම්කරුවෙකු තමිල් සෙල්වන්ව හැඳින්වූ අන්වර්ථ නාමය වූයේ සිනහසෙන ඝාතකයා වශයෙනි. 

2005 වසරේදී මා සමග සංවාදයේ යෙදුනු ශ්‍රී ලංකා යුද හමුදාවේ ද්‍රවිඩ හමුදා නිලධාරියෙකු වූ ජෙනරාල් වයි. බාලරත්නරාජා තමිල් සෙල්වන්   කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසට වැඩ කල කාලයේ තම නිවසේ සේවකයන් ගේ කොණ්ඩා කපා තිබෙන බව කීවේය​. 

කුලීන ද්‍රවිඩයන් අම්බට්ටන් හෙවත්  කරණවෑමි කුලයේ පුද්ගලයන්ව අවඥාවෙන්  සලකන් බව නොරහසකි. එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී සිංහලයන්ට විරුද්ධව සටන් කොට ද්‍රවිඩ ප්‍රජාව අතර තමන්ට ගරුත්වයක් පිලිගැනීමක් ලබා ගැනීමට තමිල් සෙල්වන්ට ඇතිවූ අභිප්‍රේරණය වෙනම අධ්‍යනය කල යුතු දෙයකි.  

2007 වසරේදී මා විසින් වෛද්‍යවරුන් සඳහා සංවිධානය කරන ලද තරුණයන් ගේ ගැටළු වැඩමුළුව ඇමතීමට පැමිණි වික්ටර් අයිවන් මහතා තමන් වරක් තමිල් සෙල්වන් හමුවූ අවස්ථාවේදී කුඩා දරුවෙකු මෙන් තමිල් සෙල්වන් ඔහුට අළුතින් ලැබුනු පැජරෝව අතගාමින් එහි උපාංග අගය කල කරමින් කල හැසිරීම දුටු අයුරු විස්තර කලේය​. තමිල් සෙල්වන් ගේ එම ලාමක හැසිරීම දුටු විට ඔවුන් ගේ අරගලයේ මහා හිස් බවක් තමන්ට දැනුනු බව වික්ටර් අයිවන් ප්‍රකාශ කලේය​. 

2007  වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක් වී තමිල් සෙල්වන් මිය යන ලදි. මරණින් පසු තමිල් සෙල්වන් ව බ්‍රිගේඩියර් තනතුරකට පත් කිරීමට ප්‍රභාකරන් විසින් ක්‍රියා කලේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට පත් ප‍්‍රථම සාමාජිකයා  ලෙස සනිටුහන් වන්නේ තමිල් සෙල්වන්‍ ය. තමිල් සෙල්වන්‍ව එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ උසස්ම නිලයකට පත් කිරීම තුලින් ප්‍රභාකරන්ට තම ප්‍රජාවට තවත් පණිවිඩයක් ලබා දුන්නේය​. 

ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේ පවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන නායකයන් සංවිධානයේ නම යොදාගෙන විදෙස්ගත ද්‍රවිඩ ප්‍රජාවගෙන් එකතු කරගත් මුදල් වලින් යම් ප්‍රතිශතයක් තමන් ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගත් බව පෙනෙන්නේ එකතු කරගත් මුදල් වලින් සමහර නායකයන් මිලට ගත් ව්‍යාපාර දෙස බැලීමෙනි. එස් පී සුපර්මාකට් එක මෙන්ම ටොරොන්ටෝහි පෙට්‍රල් ශෙඩ් ගනනාවක් තමිල් සෙල්වන් සතුව තිබුණු අතර ඒ පිලිබඳව   හමුදා බුද්ධි අංශ පවා දැන සිටියේද යන්න සැකය​. 

කෙසේ නමුත් දුගී සහ කුලහීන ජන්මයක් ලැබුවද අරගලයක් හරහා තමිල් සෙල්වන් බොහෝ දේවල් අත්පත් කර ගත්තේය​. බලය​, මුදල් , කීර්තිය, වෙල්ලාලයන් ගේ ගරුත්වය යනාදී මේ සියල්ල ඔහු ලබා ගන්නේ තුවක්කුව හරහාය​. එසේම ද්‍රවිඩ ප්‍රජාවට ඔහු තවමත් තමිල් සෙල්වන් අණ්නා ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, November 18, 2016

රජරට වකුගඩු රෝගය


වකුගඩු රෝගය සම්බන්ධයෙන් මා විසින් ලිපි කිහිපයක් ලියා තිබේ. වරක් මගේ ලිපියක නගන ලද ප්‍රශ්නයක් වෛද්‍ය චන්න ජයසුමන වෙත යොමු කල විට ඔහු කුණුහර්ප ප්‍රතිචාරයක් එවූ බව එක් මාධ්‍යවේදිනියක් මට දැණුම් දුන්නාය​. කාන්තාවකට අසභ්‍ය වචන කීම අනුමත කල නොහැකි වූවද මෙම මාධ්‍යවේදිනියගේ මාධ්‍ය භාවිතාව ගැන මට යම් යම් ගැටළු තිබූ නිසා මේ පිලිබඳව මම වැඩිදුර ප්‍රශ්න නොකලෙමි. කෙසේ නමුත් වකුගඩු රෝගය පිලිබඳව  රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා දක්වන උනන්දුව මම අගය කරමි. 

රජරට වකුගඩු රෝගය  හෙවත්   CKDU (Chronic Kidney Disease of Unknown Aetiology)  ලංකාවේ  මහජන සෞඛ්‍ය ගැටලූවක්  බවට පත්වී තිබේ.   ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ වල ගොවි ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙලෙති.  කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකේ. 

ගොවි ජනපද වල රෝහල් වල සේවය කල කාලය තුලදී ලාංකික ගොවීන් කෘමි නාශක , වල් නාශක ඉතා අපරික්‍ෂාකාරීව භාවිතා කරන අයුරු මම සියැසින් දුටුවෙමි. මෙම රසායණිකයන් භාවිතා කිරීමේදී ඔවුන් බොහෝ විට අත්වැසුම් , මුඛවාඩම් නොමැතිව ඒවා ඉසින අතර අවසානයේදී කෘමි නාශක , වල් නාශක ටැංකි ජලාශ වල සෝදති. මේවා ගබඩා කරන්නේද වගකීම් විරහිතවය​. සංඛ්‍යා ලේඛන අනුව දැනට රෝගීන්  20,000-22,000 අතර ප්‍රමාණයක් වකුගඩු රෝගය නිසා මිය ගොස් තිබේ. 

වකුගඩු රෝගයට හේතුව සොයා මහාචාර්‍ය නලින් ද සිල්වා සහ වෛද්‍ය චන්න ජයසුමන  පරීක්‍ෂණ සිදු කල අතර ප්‍රියන්තා සේනානායක නම් කාන්තාවක් මගින් දෙවියන් සමග සම්බන්ධ වී වකුගඩු රෝගයට හේතුව ඔවුන් පෙන්වා දුන්හ.   මේ අනුව රෝගීන්ගේ වකුගඩු රෝගයට හේතුව   ආසනික් බව  ඔවුන් පවසති. 

මහාචාර්‍ය නලීන් ද සිල්වා මහතා වරක් කී පරිදි  විපස්සක දෙවියන් විසින් ඔහුගේ දේව පනිවිඩ මධ්‍යකාරිනිය ප්‍රියන්තා සේනානායක  මගින් දැනටමත් රජරට වකුගඩු රෝගයට බෙහෙතක් ඔවුන්ට  ලැබී තිබේ. එහෙත් මෙම බෙහෙත යොදාගෙන වකුගඩු රෝගය සුව කරගත් කිසිවෙකු ගැන නම් අසන්නට නැත​. තවද මෙම කාන්තාවගේ උපදෙස් පරිදි දේව කැඳක් සකස් කොට රාජකීය විද්‍යාලයේ සිසුන්ට දීමට එම විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතා  කටයුතු කලේය​. 

දෙවියන් සමග සම්බන්ධවී කරන පරියේෂණ වල විද්‍යාත්මක භාවය මම නොදනිමි. මෙම පරියේෂණය පිලිබඳව  වරක් මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂකයෙකු වූ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප්ට පැවසූ අතර ඔහු දෙනෙත් මහත් කොට මා දෙස බැළුවා විනා කිසිවක් නොකීවේය​. දෙවියන් සමග කතා කොට රෝග කාරකය ගැන මහාචාර්‍ය නලින් ද සිල්වාටත් , වෛද්‍ය  ජයසුමනටත් කරුණු කියන  ප්‍රියන්තා සේනානායක නම් කාන්තාව නිරවුල් මානසිකත්වයෙන් සිටිත් ද නැතහොත් ඇය ඩිලියුෂනල් ඩිස්ඕඩර් නම් මානසික රෝගී තත්වයෙන් පෙලෙන්නේද කියාද මම නොදනිමි. එහෙත් තමන්ට දෙවිවරු සමග සබඳතා තිබෙන බව කියූ ඩිලියුෂනල් ඩිස්ඕඩර් (Delusional Disorder) නම් මානසික රෝගී තත්වයෙන් සහ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලුණු රෝගීන් නම් මට හමුවී තිබේ. ඔවුනද පවසන ලද්දේ තමන් දෙවියන් සමග කතාබස් කරන බවය​. 

දේශපාලන වාසි සඳහාත්  , ජනයා නොමග යැවීම සඳහාත් රජරට වකුගඩු රෝගය ලංකාවට පමණක් සීමාවූ රෝගයක් ලෙස පෙන්වා දීමට ඇතැමෙකු උත්සහ කලද මේ රෝගය ලෝකයේ රටවල් කිහිපයකම දැඩි ලෙස ව්‍යාප්තව තිබෙන බව  විශේෂඥයන් පෙන්වා දෙති. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේත්, මෙක්සිකෝව, ග්වාතමාලාව, එල්සැල්වදෝරය, නිකරගුවා, හොන්ඩුරාස් හා කොස්ටාරිකා යන ලතින් අමෙරිකානු රටවලත්, ඊජිප්තුවේත් මෙයට සමාන රෝග තත්ත්ව හමුවී ඇත​. 

රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කවරක්ද යන්න මෙතෙක් සනාථ වී නැතැයි චීන, ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්‍යේෂණ පර්‍යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා වන ආචාර්‍ය එස්කේ වේරගොඩ පවසා තිබේ. ඔවුන් පවසන පරිදි රෝගය පැතිර පවත්නා කලාපය තුළ හමුවන කැඩ්මියම් සහ ආසනික් සංයුතිය සැලකීමේ දී ඒවා වකුගඩු රෝගයට හේතුවන්නේ යැයි කිසිදු ආකාරයකින් මෙතෙක් සනාථ වී නැත​. ඒ ආකාරයටම ග්ලයිෆොසේට් වල බලපෑමක් තිබෙන බව සනාථ කිරීමට ප්‍රමාණවත් පර්‍යේෂණ සිදුවී නැති බවද ඔහු පවසා ඇත​.  තවද මෙම රෝගය පිලිබඳව කිසිම විශේෂඥ දැණුමක් නොමැති පුද්ගලයන් ද ලාබ ජනප්‍රියතාවන් ලබා ගැනීම සඳහා තම මත සහ න්‍යායන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීම නිසා නිර්ව්‍යාජ විශේෂඥයන් ගේ හඞ යටපත් වී තිබේ. 

මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට මේ මහා මානුෂික ප‍්‍රශ්නය තමන්ගේ පටු න්‍යාය පත‍්‍රවලට අමතර තර්කයක් බවට හරවා ගත් සමහර අන්තවාදී පරිසරවේදීන් හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්   සහ  ඔවුන්ගේ ප‍්‍රකාශ හා උද්ඝෝෂණ නිසා මේ අභියෝගය හරිහැටි තේරුම් ගෙන එයට ප‍්‍රතිචාර දැක්වීම ව්‍යාකූල වී  ඇත​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Thursday, November 17, 2016

මානසික රෝගීන්ට අපහාස කිරීම පහත් ක්‍රියාවකි


මානසික රෝගීන්ට අපහාස කිරීම පහත් ක්‍රියාවකි. මේ ලක්බිම පුවත්පතේ පළවූ පුවතකි. මානසික රෝගීහුද මනුෂ්‍යයෝය. 

ලක්බිම පුවත්පතේ කතුවරයාගේ අවධානය​ට


බොරු මාධ්‍යවේදියා පිස්සෙක්ද? වාර්තා එන තෙක් යළි රිමාන්ඩ්
පණ්ඩිත්අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු පැවති නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය තුළ මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති සහ අගමැති අසළ සැකකටයුතු අන්දමින් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රිමාන්ඩ්කර තිබේ.

අද(15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව සැකකරු පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළ අතර සැකකරු ලබන 17වන දින දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය. (ලක්බිම පුවත්පත)

Wednesday, November 16, 2016

Exam Phobia in School Children




 Dr Ruwan M Jayatunge 

A large number of school children undergo exam related fears. Sometimes these fears are overwhelming. It can cause low performance and failure in exams. As a matter of fact most of the children who are shattered by exam phobia have a good IQ and positive motivation. They show favorable performances in the classroom. But when they go to the exam these students become highly stressed, have fear and they are unable to face the exam with confidence.

Students with exam phobia feel extremely fearful and unsure. Following the increased fear they are unable to grasp theoretical material and find it difficult to remember. Exam phobia is a form of anxiety condition which is common among school children. In the verge of the exam the fear increases and some manifest psycho somatic ailments such as abdominal pains, vomiting,  headaches , dizziness, tremors, etc which have no apparent medical basis.  Some students with exam phobia manifest following anxiety related features during the exam period.

 Unable to relax
 Dizzy or light headed
 Heart pounding or racing
 Unsteadiness
 Feelings of choking
 Hands trembling
 Fear of losing control
 Difficulty breathing or chest pain
 Indigestion or discomfort in the stomach
 Feeling Faint
 Feelings of unreality or disorientation
Amnesia or difficulty in remembering studied material

Self Revealed Story by Miss H 
When I was doing my O/L exam I had an unexplainable fear and anxiety. I was not a mediocre of course. I worked very hard at school and at home. I could understand the study material when the teacher was explaining. My teachers and parents thought that I was a bright student who would perform well in the exam. But one month before the exam I had headaches and loose motions. My memory was fading. I could not memorize the material that I had learned. I was extremely afraid of facing the exam. At nights I could not sleep. I was weeping and thinking of   giving a medical certificate without doing the exam.

Master L and his Fear
Two days before my A/L Chemistry paper I was confused. I could not recall the stuff that I had studied for the exam. I was frightened and helpless. The chemistry formulas were roaming inside my mind.  It was an unpleasant intrusion. I thought my life was over. Two years hard work and all the hopes my parents had about me would go for nothing if I had failed the exam.  I was blank, totally blank. I did not know what to do.

How Miss K Fought Her Fear
Miss K was a bright student who had lots of hopes for the AL exam. Her parents and the school teachers were so sure of her that she would enter the university at the first attempt. This premature hope on her became a big burden for her. Sometimes she had irrational feelings about her destiny. She often asked from her self what my parents and the teachers would say if I get a lower grade in the exam? This very feeling gave her fear and anxiety. Miss K had low appetite, suffered from headaches and experienced many sleepless nights. Sometimes she was unable to recall the studied material and write correct answers to the past papers.  Eventually her fear was liquidated via counseling and psychotherapy. Imagery techniques helped her to simulate the artificial examination room atmosphere and build more and more confidence. Relaxation therapies reduced her outpouring anxiety.  Miss K was able to pass the exam with excellent marks and today she is a Medical student.


 Treatment of Exam Phobia
Counseling and Psychotherapy are indicated in treating exam phobia. Counselors who work with children and adolescents who suffer fromexam phobia may be required to use effective counseling strategies to help them. These interventions may be required to allow the students to achieve a greater academic autonomous functioning ability and face the exam with confidence. Empathetic   listing to the student would ease his difficulties and create a growth promoting atmosphere. The client will begin to trust his abilities and challenge the fright.

In Psychotherapy it is necessary to establish a positive and functioning relationship with the therapist. The therapist should help the client to become consciously aware and able to express their anxiety and fear about exam and performance situations. The therapist should direct the client to fight his fear. Hence the student gets more confidence to face the exam. Simulating exam atmosphere in therapeutic sessions the fears and stresses can be reduced gradually. Implementation of positive self-talk to reduce or eliminate the anxiety is vital. Instead of negative coping skills (avoidance of the exam, expressing self directed anger, blaming others) healthy coping skills must be taught. While working with the student the therapist must increase client’s participation in educational activates, combating fear and building confidence. Appropriate relaxation and diversion activities would decrease anxiety levels. Therefore relaxation techniques (especially breathing techniques) are indicated in exam phobia. To enhance the therapeutic purpose parents/guardians and teachers support should be taken.

Some therapists perform Hypnotherapy to reduce the fear. Hypnosis is an altered state of consciousness and heightened responsiveness to suggestions. During the hypnotic sessions positive suggestions are given to build confidence and illuminate the exam fear. The modern research indicates that EMDR or Eye Movement Desensitization and Reprocessing is one of the effective modes of psychotherapy that can treat phobias successfully. These therapies should be performed by qualified and trained professionals.


Role of Medication
Some children who suffer from exam phobia go in to depression. Depression can cause negative self image, low motivation, difficulty in concentrating and remembering things that would affect the learning process. Therefore depression must be managed effectively. Sometimes depression and anxiety go hand in hand and students find difficult to cope.  If the anxiety level is high and difficult to control anti anxiolitic or anti depressants are prescribed by a qualified medical practitioner. These medications combined with psychological interventions accelerate the recovery process.


Conclusion
Exam phobia is a self damaging factor which negatively affects the students and their performances. The student is unable to give is maximum productivity and the end result would be critical.  Usually exam phobia is a slowly developing factor and sometimes early signs like physical and mental fatigue, irritability, difficulty in concentrating and negative self talk can be detected by the teachers and parents. School counselors can do a lot to help the students with exam phobia. Counseling and building confidence, educational therapy help the student to gather more strength and accomplish the exam.

Tuesday, November 15, 2016

The Origin of Life in the Universe: Buddhist Perspective

 



Dr Ruwan M Jayatunge  

'There is no reason to suppose that the world had a beginning at all. The idea that things must have a beginning is really due to the poverty of our thoughts.'
Bertrand Russell


The origin of life has been a subject of speculation in all known cultures.  In the modern era, this question has been considered in terms of a scientific framework. Lord Buddha’s’ explanation of the origin of the Universe, compatible with the modern scientific explanation. Buddha described the origin of the Universe and life in the Aganna Sutta 2500 years ago.  According to Buddha’s explanation the universe being destroyed and then re-evolving into its present form over a period of millions of years. The Buddha did not believe in the existence of a supreme god or creator of the universe. The Lord Buddha   presented a model of cosmology wherein the universe expands and contracts over extremely long periods of time, this description has been found by some to be consistent with the expanding universe model and Big Bang. The Buddha explained that the universe expands outward, reaches a stabilizing point, and then reverts its motion back toward a central point resulting in its destruction, this process again to be repeated infinitely.

The Big Bang Theory
Sir Fred Hoyle - a renowned British astronomer   coined the term “Big Bang. Big Bang Theory explains the beginning of the universe. The big bang theory proposes that the universe was once extremely compact, dense, and hot. Some original event, a cosmic explosion called the big bang, occurred about 13.7 billion years ago, and the universe has since been expanding and cooling. The theory is based on the mathematical equations, known as the field equations, of the general theory of relativity    set forth in 1915 by Albert Einstein. 

The Aggañña Sutta, found in the Pali Canon, in which the Buddha, speaking to the monk Vasettha, a former Brahmin, states the following:

"Now there comes a time, Vasettha, when after a long period of time this world expands.

In this stanza the term world has a wider understanding. Here the Buddha refers to the Universe. The Buddha said "Space has no end, and there are endless numbers of worlds." This means that the universe has no limit, and has an endless number of stars and planets.

The big bang was initially suggested because it explains why distant galaxies are traveling away from us at great speeds. The theory also predicts the existence of cosmic background radiation. The Big Bang Theory received its strongest confirmation when this radiation was discovered in 1964 by Arno Penzias and Robert Wilson, who later won the Nobel Prize for this discovery.



Origin of Species
Aggañña Sutta is in complete agreement with scientific evolution. The Aggañña Sutta presents water as pre-existent to earthlike planets, with the planet forming with water and the life moving from the water onto the earth. The first life formed on the surface of the water and again, over countless millions of years, evolved from simple into complex organisms. . According to Buddhism, world systems always appear and disappear in the universe.

The Buddha further says,
There comes a time, Vasettha, when, after the lapse of a long, long period, this world died. And when this happens, beings have mostly been reborn into  the Realm of Radiance [as devas]; and there they dwell, made of mind, feeding on rapture, self-luminous, traversing the air, continuing in glory; and thus they remain for a long, long period of time. There comes also a time, Vasettha, when sooner or later this world begins to re-evolve. When this happens, beings who had deceased from the World of Radiance usually come to life as humans...now at that time, all had become one world of water, dark, and of darkness that makes blind. No moon nor sun appeared, no stars were seen, nor constellations, neither was night manifest nor day, neither months nor half-months, neither years nor seasons, neither female nor male. Beings were reckoned just as beings only. And to those beings, Vasettha, sooner or later after a long time, earth with its savours was spread out in the waters, even as a scum forms on the surface of boiled milky rice that is cooling, so did the earth appear."

"Now there comes a time, Vasettha, when after a long period of time this world expands. When the world expands beings for the most part fall from the realm of Radiance and come here; and they exist made of mind, feeding on joy, self-luminous, moving through the air, constantly beautiful; thus they remain for a long, long time. Now at that time, all had become one world of water dark, and of darkness that makes blind. No moon nor sun appeared no stars were seen, nor constellations, neither was night manifest nor day, neither months nor half-months, neither years nor seasons, neither female nor male. Beings were reckoned just as beings only. And to those beings, Vasettha, sooner or later after a long time, earth with its savors was spread out in the waters. Even as a scum forms on the surface of boiled milky rice that is cooling, so did the earth appear. ~

The "beings" that The Buddha   he described in this sutra are attached to an earthlike planet, get reborn there, and remain there for the duration of the life. As a result of this, physical characteristics change and evolutionary changes take place. This is could be interpreted as a form of evolution.  
Modern science says that some millions of years ago,   life originated in the ocean which evolved from simple into complex organisms. All these processes are without beginning or end, and are set in motion by natural causes. World came into existence by nature and that nature is not an intelligent force.

For centuries the origin of Life was thought to be the result of Abiogenesis .The doctrine of Spontaneous Generation holds that organic life could and does arise from inorganic matter. Louis Pasteur disproved Spontaneous Generation. Buddhism never claimed that the world, life, sun, moon, stars, wind, water, days and nights were created by a powerful god.


The Theory of Evolution 
Darwin believed all the life on Earth developed gradually over millions of years from a few common ancestors. Darwin's general theory presumes the development of life from non-life and stresses a purely naturalistic (undirected) "descent with modification". That is, complex creatures evolve from more simplistic ancestors naturally over time. In a nutshell, as random genetic mutations occur within an organism's genetic code, the beneficial mutations are preserved because they aid survival -- a process known as "natural selection." These beneficial mutations are passed on to the next generation.


Primordial Soup Theory
Aleksandr Ivanovich Oparin developed one of the first modern theories about the origin of life on Earth .The theory which in 1924 made Oparin famous concerns abiogenesis, the spontaneous generation of life from non-living chemical substances. Oparin believed that conditions on primitive Earth were different to those of the present. He suggested that the ancient seas were like a 'primeval soup' which contained many organic compounds. These were created when sunlight, a virtually limitless source of energy, reacted with chemicals in the water. These organic compounds formed the basis of life. They combined, becoming increasingly complex, until living cells were formed. The Primordial Soup Theory suggest that life began in a pond or ocean as a result of the combination of chemicals from the atmosphere and some form of energy to make amino acids, the building blocks of proteins, which would then evolve into all the species. The Primordial Soup Theory states that Life began in a warm pond/ocean from a combination of chemicals that forms amino acids, which then make proteins. This is supposed to happen at least 3.8 billion to 3.55 billion years ago.


Definition of life
 Living beings are protein-made bodies formed by one or more cells that communicate with the environment through information transfer carried out by electric impulses or chemical substances, and capable of morpholigical evolution and metabolism, growth and reproduction. Life is a chemical system able to replicate itself through autocatalysis and to make mistakes that gradually increase the efficiency of the autocatalysis.


DNA and Life
DNA, or deoxyribonucleic acid, is the hereditary material in humans and almost all other organisms. Nearly every cell in a person’s body has the same DNA. Most DNA is located in the cell nucleus. DNA is the genetic material of all cells, containing coded information about cellular molecules and processes. DNA consists of two polynucleotide strands twisted around each other in a double helix.  

Dr. Ponnamperuma’s Research
Dr.Cyril Ponnamperuma, an eminent researcher   at the University of Maryland, whose career focused on explorations into the origin of life  and the "primordial soup" that contained the precursors of life. Dr. Ponnamperuma began to delve into this primordial soup and set up variations of Miller and Urey's original experiment.

The classic experiment was conducted in 1953 by Dr. Harold C. Urey and Dr. Stanley L. Miller. They assumed the early atmosphere was rich in hydrogen, as that is the most abundant element in the universe. And so they mixed methane and ammonia, which contain hydrogen atoms, with molecular hydrogen and water vapor in a flask. They introduced a continuous electric spark, to provide the energy that might have come from lightning. Out of the resulting chemical reactions came a residue of more complex molecules, including some amino acids. These molecules collected in the water in a lower flask, which simulated the early oceans, and suggested what might have been the hypothetical primordial soup in which living molecules came together.

Having changed the proportions of the elements from the original Miller-Urey specifications slightly, Ponnamperuma and his team sent first high-energy electrons, then ultraviolet light through the mixture, attempting to recreate the original conditions of the earth before life. They succeeded in creating large amounts of adenosine triphosphate (ATP), an amino acid that fuels cells. In later experiments with the same concoction of primordial soup, the team was able to create the nucleotides that make up nucleic acid—the building blocks of DNA and ribonucleic acid (RNA).


Theory of Panspermia
Dr. Chandra Wickramasinghe - Professor of Applied Mathematics and Astronomy, School of Mathematics, Cardiff University, UK asserted: "Life did not start here on earth but in space . Theory known as panspermia- the science that teaches earth and other planets in the universe may have been seeded for life by microorganisms carrying comets. Life did not start in a primordial soup spontaneously here on earth as believed earlier but it started 4000 million years ago on comets and traveled through space to earth and countless other planets. He played a key role in establishing a connection between astronomy and biology. His work in the 1980's showed for the first time that cosmic dust had properties that resembled the properties of living material and their degradation products. The concept of life being a cosmic phenomenon   supported by space science, geology and biology. In this context life on Earth resulted from the introduction of bacteria from comets, and the subsequent evolution of life required the continuing input of genes from comets.  Viable bacteria are of cosmic origin. They were present already in the material from which the solar system condensed and their number was then topped up substantially by replication in cometary material. Thus the impacts of cometary material would have brought them to Earth.The idea of life being a cosmic phenomenon is fully in tune with Buddhist as well as Vedic philosophy.


Conclusion
Buddhism teaches that every man in the universe is his own lord, controls his own destiny, and is not controlled by any other man or any supernatural God. In   Malunkyaputta’s story   the Buddha explained the debate of origin of the universe is a waste of time.   According to the Lord Buddha man's instantaneous problem is his own suffering and his task is to liberate himself from the Sansara.  To exemplify this, the Buddha explains the tale of a man who was shot by a poisoned arrow. This unwise man refused to have the arrow removed until he was told who shot the arrow, what he looks like, his cast , names of his parents ,the kind of wood the arrow was made of and so forth.  The Buddha said that before the man could achieve complete information, he would be dead. Likewise, our immediate mission is to be enlightened, not to speculate about the metaphysical

Find Us On Facebook