Sunday, November 20, 2016

තමිල් සෙල්වන් අණ්නා.....



2013 වසරේදී වරක් මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවළ , තුන පහ කුඩු වැනි ලංකාවට ආවේනික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය​. මෙය කඩයක් කීවද සුපර් මාකට් එකකි. එහි නම එස් පී සුපර්මාකට් ය​. එස් පී සුපර්මාකට් එකේ භාණ්ඩ මිලදී ගමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්නා..... .. කියා ද්‍රවිඩ ගීතයක් වාදනය විය​. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක් බව මම අනුමානය කලෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා මිත්‍ර විරාජ් ප්‍රනාන්දු ගෙන් මෙම එස් පී සුපර්මාකට් එක ගැන ඇසුවෙමි. විරාජ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳ සැල එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඤාතීන්ටය​. 

තමිල් සෙල්වන් උපත ලැබුවේ 1967 වසරේ මද්දුවිල් ග‍්‍රාමයේ දුගී පවුලකය​. උතුරේ කරණවෑමි කුළයකට අයත් වීම නිසා ඔවුන් ද්‍රවිඩ උසස් වෙල්ලාල කුලවතුන් ගේ බොහෝ සමාජ පීඩනයන්ට ලක්වූ අතර පසුකාලයක ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුනේය​. ඊට පෙර තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසටද වැඩ කොට තිබුනි.

තමිල් සෙල්වන් විවහා වන්නේ ප්‍රභාකරන් විසින් නියම කරන ලද මනාලියක සමගය​. ප්‍රභාකරන් යාපනයේ කුලවත් පවුලක දියණියක වූ සසිරේඛා නැමැත්තිය තමිල් සෙල්වන්ට විවහා කර දුන්නේ වෙල්ලාලයන්ට එරෙහි පහරක් ලෙසටය​. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී ප‍්‍රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමව්පියන් ලෙස ද ඇන්ටන් බාලසිංහම් හා ඇඩෙල් මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර බ‍්‍රාහ්මණ චාරිත‍්‍රවලින් තොරව විවාහය කිරීමට ප්‍රභාකරන් විසින් නියෝග කරන ලදි. විවාහය පිළිබඳ තමා දැනගත්තේ විවාහයට දින හතරකට ඉහතදී බැව් තමිල් සෙල්වන්  විසින් පසු කාලයක  ප්‍රකාශ කොට තිබේ.  

සුප්පයියා පරමු තමිල් සෙල්වන් හෙවත් තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායකයා ලෙස කටයුතු කල අතර ඔස්ලෝ සාම සාකච්ඡුා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ප්‍රකට චරිතයක් බවට පත් විය​. මෙම සාම කාලයේදී වරක් රූපාවාහිනී වැඩසටහනකට පැමිනි කුසල් පෙරේරා " මම ආවෙ අද උදේ කිලිනොච්චියේදී  තමිල් සෙල්වන් හමුවෙලා " යැයි කීවේ  සාඩම්බර විලාසයකිනි. තමිල් සෙල්වන් එකල celebrity චරිතයක් විය​. 

රණමග ඔස්සේ නන්දිකඩාල්  පොත ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තමිල් සෙල්වන්ව හඳුන්වන්නේ සටකපට සිනහවකින් යුත් තැනැත්තා වශයෙනි . ඒ කාලයේ දිවයින පුවත් පතේ ලියුම්කරුවෙකු තමිල් සෙල්වන්ව හැඳින්වූ අන්වර්ථ නාමය වූයේ සිනහසෙන ඝාතකයා වශයෙනි. 

2005 වසරේදී මා සමග සංවාදයේ යෙදුනු ශ්‍රී ලංකා යුද හමුදාවේ ද්‍රවිඩ හමුදා නිලධාරියෙකු වූ ජෙනරාල් වයි. බාලරත්නරාජා තමිල් සෙල්වන්   කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසට වැඩ කල කාලයේ තම නිවසේ සේවකයන් ගේ කොණ්ඩා කපා තිබෙන බව කීවේය​. 

කුලීන ද්‍රවිඩයන් අම්බට්ටන් හෙවත්  කරණවෑමි කුලයේ පුද්ගලයන්ව අවඥාවෙන්  සලකන් බව නොරහසකි. එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී සිංහලයන්ට විරුද්ධව සටන් කොට ද්‍රවිඩ ප්‍රජාව අතර තමන්ට ගරුත්වයක් පිලිගැනීමක් ලබා ගැනීමට තමිල් සෙල්වන්ට ඇතිවූ අභිප්‍රේරණය වෙනම අධ්‍යනය කල යුතු දෙයකි.  

2007 වසරේදී මා විසින් වෛද්‍යවරුන් සඳහා සංවිධානය කරන ලද තරුණයන් ගේ ගැටළු වැඩමුළුව ඇමතීමට පැමිණි වික්ටර් අයිවන් මහතා තමන් වරක් තමිල් සෙල්වන් හමුවූ අවස්ථාවේදී කුඩා දරුවෙකු මෙන් තමිල් සෙල්වන් ඔහුට අළුතින් ලැබුනු පැජරෝව අතගාමින් එහි උපාංග අගය කල කරමින් කල හැසිරීම දුටු අයුරු විස්තර කලේය​. තමිල් සෙල්වන් ගේ එම ලාමක හැසිරීම දුටු විට ඔවුන් ගේ අරගලයේ මහා හිස් බවක් තමන්ට දැනුනු බව වික්ටර් අයිවන් ප්‍රකාශ කලේය​. 

2007  වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක් වී තමිල් සෙල්වන් මිය යන ලදි. මරණින් පසු තමිල් සෙල්වන් ව බ්‍රිගේඩියර් තනතුරකට පත් කිරීමට ප්‍රභාකරන් විසින් ක්‍රියා කලේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට පත් ප‍්‍රථම සාමාජිකයා  ලෙස සනිටුහන් වන්නේ තමිල් සෙල්වන්‍ ය. තමිල් සෙල්වන්‍ව එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ උසස්ම නිලයකට පත් කිරීම තුලින් ප්‍රභාකරන්ට තම ප්‍රජාවට තවත් පණිවිඩයක් ලබා දුන්නේය​. 

ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේ පවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන නායකයන් සංවිධානයේ නම යොදාගෙන විදෙස්ගත ද්‍රවිඩ ප්‍රජාවගෙන් එකතු කරගත් මුදල් වලින් යම් ප්‍රතිශතයක් තමන් ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගත් බව පෙනෙන්නේ එකතු කරගත් මුදල් වලින් සමහර නායකයන් මිලට ගත් ව්‍යාපාර දෙස බැලීමෙනි. එස් පී සුපර්මාකට් එක මෙන්ම ටොරොන්ටෝහි පෙට්‍රල් ශෙඩ් ගනනාවක් තමිල් සෙල්වන් සතුව තිබුණු අතර ඒ පිලිබඳව   හමුදා බුද්ධි අංශ පවා දැන සිටියේද යන්න සැකය​. 

කෙසේ නමුත් දුගී සහ කුලහීන ජන්මයක් ලැබුවද අරගලයක් හරහා තමිල් සෙල්වන් බොහෝ දේවල් අත්පත් කර ගත්තේය​. බලය​, මුදල් , කීර්තිය, වෙල්ලාලයන් ගේ ගරුත්වය යනාදී මේ සියල්ල ඔහු ලබා ගන්නේ තුවක්කුව හරහාය​. එසේම ද්‍රවිඩ ප්‍රජාවට ඔහු තවමත් තමිල් සෙල්වන් අණ්නා ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

57 comments:

  1. "සදාදරණීය සහෝදරයෙකු" වගේ......!!!

    ;-)

    ReplyDelete
    Replies
    1. මේ රාජ්‍ය ද්‍රෝහියා කොටින්ගේ ඉත්තෙක්.

      Delete
    2. ජවිපෙ විසින් 1986 සිට 1989 දක්වා කරන ලද මිනී මැරුම්වලට අණ දුන් අයව දැන් හැඳින්වෙන්නේ "සදාදරණීය" යන විශේෂණ පදයෙන් නිසා, තමිල් සෙල්වම් වැනි අයවත් එසේ හැඳින්වෙනවා ඇති එල්ටීටීඊ සිම්පතයිසර්ස්ලා අතරේ!

      Delete
    3. ජවිපෙ විසින් 1986 සිට 1989 දක්වා කරන ලද මිනී මැරුම්වලට අණ දුන් අයව දැන් හැඳින්වෙන්නේ "සදාදරණීය" යන විශේෂණ පදයෙන් නිසා////// athha

      Delete
  2. ඩොක්ට. ලංඩන් වල එක් එක් නගර වල සම්පුර්ණ වශයෙන් හෝ 50% වශයෙන් තොග සහ සිල්ලර වෙළදාම ශ්‍රී ලාංකික දෙමල අය සාර්ථකව අත්පත් කරගෙන ඉන්නව. ඒ වගේම ඒ හැම කඩයකම ප්‍රබා කරන්ගේ ෆොටෝ එකක් මල් මාලයක් සමගම ලොකුවට එල්ලල තියෙනව.

    මම කොහොමත් උයන්නෙ නැති උනත් වඩ ඉදියප්පම් කොත්තු විස්කි බෝතලයක් වගේ දේවල් ගන්ට ඒ කඩවලට ගියහම දකින හොඳ දෙයක් තමයි මම සිංහල කියල දැනගෙනත් බොහොම හොඳට කතා බහ කරල වට්ටමකුත් එක්ක බඩු ටික දෙනව. හැබැයි සිංහල කඩයකට ගියොත් උන් ඉන්නෙ "අපේ බඩු උබේ සල්ලි" තියරියේ. (අනික මම සිංහල අය සමග ආශ්‍රය 0.01% පමණ)

    අනික මෙහේ දෙමල අය තවත් දෙමල අය රෙන්ට් එකට හෝ නවත්ත ගන්නේ නැහැ. මොකද ලංකාවේ තිබුන L T T E බෙදීම තවමත් දෙමල අය අතර ඒ විදිහටම තියෙනව.

    මම ලන්ඩනයේ අත්දැකපු තව සිදුවීමක් ඔබට කියන්නම්.

    මම මුලින්ම හිටපු ගෙදර ටැමිල්. ඒ අයගෙ (බිරිඳගේ) දෙමව්පියන් ජර්මනියෙන් දේශපාලන රැකවරණ අරං එංගලන්තෙට ආව අය.

    ඒත් මිනිහගේ අම්මා L T T E එකෙන්ම ගාතනය කලාට පස්සේ තාත්ත සහ මල්ලි ජර්මනියටත් මේ මිනිහ එංගලන්තෙටත් නංගි කැනඩාවටත් ගිහිං දේශපාලන රැකවරණ අරං තියෙනව. ඒත් ඒ වෙනකොට ජර්මනියෙන් මල්ලිගේ එසයිලම් එක පෙන්ඩින් තිබිල තියෙන්නෙ.

    ඒත් මට තේරෙන්නෙ නැත්තෙ ඩොක්ට, මෙයාලගේ අම්ම කොටි විසින්ම මරල තියෙද්දිත් මෙයාල ළමයින්ට කියල තියෙන්නෙ සිංහල අය ටැමිල් මිනිස්සු මරනව කියල. හැබැයි ඒ ගෙදරත් ලොකුවට ප්‍රබා කරන් ගෙ ෆොටෝ එක ගහල උදේ හවස පහන් පත්තු කරනව.

    පහුගිය අවුරුද්දෙ මේ මනුස්සය මට කෝල් කරල සල්ලි වගයක් නයට ඉල්ලුවහම මම කරුණාවෙන් ඒක ප්‍රතික්ෂේප කලා. සල්ලි ඉල්ලන්ට හේතුව තමයි, මේ යකාගේ මල්ලි සහ තවත් ලාංකික දෙමල සෙට් එකක් දෙමළ සිනමාවේ සටන් ක්‍රමයට කඩු වලින් කපල කොටල මනුෂ්‍ය ගතනයක් කරල අහුවෙලා ජර්මන් රජයෙන් මුගෙ මල්ලිගේ එසයිලම් කැන්සල් කරල ලංකාවට පිටුවහල් කරල.

    සහ මල්ලි සහ අනිත් අය හියුමන් ට්‍රැෆිකින් වලට හැම මාසෙම ගානක් L T T E එකට ගෙවන්ට ඕනිලු.

    ඒ වගේම අදටත් මේ අයගෙ ව්‍යාපාර ඉතා සාර්ථකව මෙහෙ කරගෙන යනව. සමහරක් පළාත්වල සිල්ලර තොග වෙලදාම් පටන් ගන්ට කලින් මෙයාලගෙන් අවසර ගන්නත් ඕන.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තාමත් වැඩේ යනවා යටිං

      Delete
    2. අපේ රටේ නායකයින්ට තව හුඟක් දේවල් හිතන්න වෙයි වගේ.

      Delete
    3. යුද්දෙ නිසා හැදුන ඇවුනුත් නැතුව නෙමෙයි #අමටෝ.

      මෙහේ ඔය මම කියල තියෙන එකා වගෙ හරක් ඇරුනහම අනිත් ටැමිල් හැම මිනිහටම කොළඹ හරි ජැෆ්න හරි කොටි දෙක තුනක බංගලාවක් හරි සුපිරි ගෙයක් තියෙනවාමයි.

      අනික ඔය ලසන්ත මහත්තයාගේ මරණෙ ත් ඒ මහත්තයාගේ ළමයි බිරිඳ විකුණලත් සිංහල අවුං කිහිපදෙනෙක් ලස්සනට ගොඩ ගියා 😳

      Delete
    4. +++++++++++++++
      මුං ඒ රටවල ගල් වෙන්න ගහන පච කන්දරාව ඔහොම වත් එලි කොරන එක වටිනවා බං.

      Delete
    5. ඔය මොනාද බං ගස්ලබ්ස්. හම්බුන වෙලාවක මතක් කොරල අහපං. උබ හීනෙන් පේන්නේ නැති වැඩ කරන්නෙ සමහරක් අනිත් ඇවුන්ටත්.. සල්ලි නිසා බල්ලො උන මිනිස්සු මේ ඇස්දෙකෙන් දැකල තියෙනව බං 😳

      Delete
    6. ඔබේ අදහස් දැක්වීම අගය කරනවා තිලාන්.

      Delete
    7. මගේ කොමෙන්ටුවක් මෙහෙම ඇගයීමකට ලක්කිරීම ගැන විචා මාමිට මෙන්න මගේ සැලියුට් ඒක.

      👊🏽

      Delete
    8. තිලාන් ඔය ලක්‍ෂණ බොහොමයක් මෙහෙත් තියනවා. සිංහල මිනිස්සු තමන් ගේ කඩයට එන එක
      ගව්රවයක් ලෙස තමා දෙමල මිනිසුන් සලකන්නේ

      Delete
  3. මිනිහා ප්‍රබකර්න්වත් අන්දලා වගේ

    ReplyDelete
    Replies
    1. අන්දන ඇවුනුත් දැකල තියෙනව හොඳම එකෙන් ඇන්දිලත් තියෙනව. ඒත් මෙහෙම ඇවුන් දැකල නැහැ හිටං 😜

      Delete
  4. ඔබේ කලින් පෝස්ටුවට දැමූ කමෙන්ට් නොවැටෙන බවක් පේනවා. එය ටිකක් බලන්න.

    ReplyDelete
  5. ඔබේ කලින් පෝස්ටුවට දැමූ කමෙන්ට් නොවැටෙන බවක් පේනවා. එය ටිකක් බලන්න.

    ReplyDelete
  6. ශ්‍රීමත් තමිල් සෙල්වම් මැතිතුමා මටත් රස්සාවක් හොයලා දුන්නා. එතුමාට බුදුබව අත්වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. මීට රසික සූරියආරච්චි

      Delete
    2. ඇනෝ, ඔබේ සතුට මගේ ද සතුටයි.
      ඉක්මන් සුවය පතමි!

      Delete
  7. මෙවන් ව්‍යාපාර කිහිපයක් ආරම්භ වී ඇත්තේ එල්ටීටීයීය සතු ව්‍යාපාර හැටියටයි. ඒවා 'අයත්ව' තිබුණු අයගේ නම් වලට තිබුණේ ඒවා එම නාමිකවයි. 2009 න් පසුව ඒවා නාමිකව අයත් වූ අය නැවත පැවරීමෙන් වැලකී හිටියා කියා අසා තිබෙනවා. මෙවන් ආයතන වලට හොඳම උදාහරණයක් තමයි දැනට යුරෝපා රටවල් කිහිපයකම ක්‍රියාත්මක වන විශාල සමාගමක් වන ලයිකා මොබයිල් සමාගම. එහි වසරක ආදායම ඩොලර් බිලියන 3ක් පමණ වෙනවා.

    ReplyDelete
    Replies
    1. //මෙවන් ව්‍යාපාර කිහිපයක් ආරම්භ වී ඇත්තේ එල්ටීටීයීය සතු ව්‍යාපාර හැටියටයි//

      මටත් හිතෙන්නෙ එහෙමයි.

      Delete
    2. හොඳ සල්ලියක් හොයනවා

      Delete
  8. යුද්දේ හින්දා සිංහලයාට ඇතිවෙච්චි සෙතක් නැතිවුනාට දෙමළ ජාතිකයන්ට ගොඩාක් දේවල් ලැබුනා. මුලින්ම කුලින සල්ලිකාර පවුල් වල අය වෙන රටවල් වලට පැනගත්තා. පස්සේ මධ්‍යමපාන්තික අයත් අවසානයේදි කුලහින ටික දෙනෙක්ටත් අවස්ථාව හිමිකරගත්තා. කුලවාදය තරමක් දුරට යාපනෙ දෙමල සමාජෙන් නැති කරගත්තා. ඔය ඩයස්පොරා හදාගෙන හොරවැඩ කරමින් ඉන්නේ ආයෙත් අපේ රටේ යුද්දක් ඇතිවෙන තුරු. මොකද උන්ට වෙනින් රටවල් වල ඉන්නත් තමන්ගේ නෑයෝ ගෙන්න ගන්නත් පුළුවන්කම ලැබෙන්නේ යුද්දේ තිබුනොත් හින්දා තමයි.

    ReplyDelete
    Replies
    1. වියලි කලාපයේ ස්තීර ගෙවල් වලින් 50% ආසන්න ප්‍රමාණයක් හමුදා සෙබළුන් ට ලැබූ වැටුප්/ දීමනා සහ වන්දි මුදලින් තැනුනු ඒවා, හමුදා/ ගම්බට්ට සේවය අදටත් ගම්වලට මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගයක්. යුද්ධය නිසා සාධාරන ලෙස ආර්තිකය දුවවපු අයට ඒම මාර්ග අහිමිවුන අතර අවි දැරූ අය ඒවා ඩැහැ ගත්තා, දෙමල හෝ සිංහල කියා එහි වෙනසක් නෑ. වාකරේ වගේ පාළුවූ ප්‍රදේශවල විශාල ඉඩම් වෙන් කර තිබෙනවා, හිමි කරුවන් විදිහට කියවෙන්නේ හමුදා උසස් නිළධාරීන්ගේ නම්, ඇත්තක්දැයි දන්නේ නෑ. විල්පත්තුවේ පහල මායිමේ නම් බොදුබලේ හාමුදුරුවන්ටත් ඉඩම් වෙන්කර තියනවා.

      Delete
    2. ඊට වඩා කොටින්ට කඩේ යන්න සිංහල ඇන්. ජි. ඕ. කුපාඩි නඩයක් බිහිවුණා. තව ජඩ-මාධ්‍ය කල්ලියක් හැදුනා. කොටින්ගේ බෝම්බ ආයුධ දකුණට ගෙන්න තව ද්‍රෝහියෝ සෙට් එකක් හැදුනා. දකුණේදී කොටින්ව කවර් කරන්න තව හොර මානව හිතවාදියෝ හිටියා. ඔය උඩ කොමෙන්ටෙක දාලා තියෙන්නේත් ඒවගේ එකකේ තමයි.

      Delete
    3. යුද්දය මහා කුණාටුවක් වගේ. ලස්සන ජීවිත දහස් ගනනක් බිළි ගත්තා. දස දහසක් ජීවිත කඩලා බිඳලා දැම්මා. ඒත් සමහරු යුද්දයෙන් හැදුණා. සොල්දාදුවන් ගේ රැෂන් වලින් ගහපු සමහර නිලධාරීන් ගෙවල් දොරවල් හදා ගත්තා. ආයුධ ගෙන්වපු දේශපාලකයෝ කොමිස් වලින් කෝටි ගනන් උපයා ගත්තා. යුද්දය වෙළඳන් කරපු එන් ජී ඕ කාරයොත් තමන් ගේ ගතමනාව සොයා ගත්තා. ඒත් අපි දුප්පත් සොල්දාදුවෝ අපේ බිඳුණ ජීවිත හදාගන්න තවමත් සටන් කරනවා.

      Delete
  9. සිනාසෙන ඝාතකයා... සෙට් එකකට වීරයෙක්.. තා පිරිසකට ද්‍රෝහියෙක්..

    මහින්ද උනත් එහෙමයි...

    ReplyDelete
  10. යකෝ බලාන යනකොට නායකයෝ ඔක්කොම එකයි ....ඇත්තටම මුහුදු කොටි නායක සුසේයිට මොකද උනේ

    ReplyDelete
    Replies
    1. ඌ රාගම පදිංචියට ඇවිත් මැෂින් හදන්න පටන් ගත්තා

      Delete
    2. පසු කාලෙක මැෂින් බිජ්ජා කියල ප්‍රසිද්ධ උනාලු !

      Delete
    3. ඇනෝ ...
      ඔයා මානසික ලෙඩෙක් ...විහිළුවක් කරන්න දන්නේ නැති ඔයාලා වගේ අය LTTE එකට වඩා බයනකයි..
      අටමා ,
      මම විශිළුවක් කරේ ..පිස්සෙක් ඒක මැද්දට එයි කියලා හිතුවේ නැහැ. සමාවෙන්න

      Delete
    4. බලාන යනකොට නායකයෝ ඔක්කොම එකයි .++++++

      Delete
  11. දකුණෙත් ඔය ජාතියෙ අය හිටියනෙ.
    ආමි එකෙත් සිනාසෙන ඝාතකයො තමා හිටියෙ.
    හොඳ සටහනක්.
    මිනිස්සු අරගල කළා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.
    ඒ අරගලයෙන් පස්සෙ පාලනය බාර දුන්නෙ බහුතරයේ විස්වාශය දිනාගත් කෙනාට.
    ඉතින් දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නෙ එහෙම අය.
    අපි විප්ලවයක් කළත් ඒ විප්ලවයේදි වගේම විප්ලවයෙන් පස්සෙත් නායකත්වය කාට හෝ බාරදෙන්න වෙනවනේ.
    නායකත්වය බාරගන්න අය බහුතරයේ විශ්වාසය දින්න අය.
    ප්‍රේමදාසට වැඳල මහින්දට බණින අයත් මහින්දට වැඳල ප්‍රේමදාසට බණින අයත් ඉන්නව .

    ReplyDelete
    Replies
    1. චැක්, මං හිතාන හිටියේ ප්‍රේමදාසට වදින අය සේරම මහින්දටත් වදිනව කියලනේ.

      Delete
    2. අපි විප්ලවයක් කළත් ඒ විප්ලවයේදි වගේම විප්ලවයෙන් පස්සෙත් නායකත්වය කාට හෝ බාරදෙන්න වෙනවනේ./
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. සියලුම හමුදාවන් තහනම් කරනු.සන්නද්ධ අරගලකරුවන් බෝ කරමු.නමදිමු..!!

      Delete
    4. මහින්දටයි ප්‍රේමදසටයි දෙන්නටම බැනල ජලලලිතට වඳින උගුඩුවෝත් ඉන්නවා!!!

      Delete
    5. ඇනෝ, මේකනේ වාකනේරි වල අහවල් මාමගේ සරුවත් ප්‍රේමය ගැන ලියනවා. විකකට එහායින් නැවත පදිචියට අපු සිංහල මිනිස්සුන්ගේ පන්සල කුඩු කරනවා පේ‍න්නේ නැහැ.මුන් නම උගුඩුවෝම තමයි.

      Delete
  12. ඉතාම හොඳ ලිපියකි. ස්තුතියි

    ReplyDelete
  13. තමන් සැප විඳිමින් තමන්ගේ වර්ගයා මරණයට දැක්කු ඔහුට කර්මය පලදුන්නා.

    ReplyDelete
    Replies
    1. තමන් සැප විඳිමින් තමන්ගේ වර්ගයා මරණයට දැක්කු ඔහු ///// true බලාන යනකොට නායකයෝ ඔක්කොම එකයි .

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook