මට හමුවූ ශ්‍රී ලාංකික වෘත්තිකයන් (උගතුන් ) තුල තිබෙන අතිශයින්ම කුහක සහ ඊර්ෂ්‍යා ගති මාගේ අවධානයට ලක්වී තිබේ. අපේ උගතුන් කුහක සහ ඊර්ෂ්‍යා සහිත කුඩුකේඩු මනසකින් ක්‍රියා කරන්නේ මන්ද ? මම එය අධ්‍යනය කරමි. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි.
මෑතකදී ගංජා භාවිතය සහ සෞඛ්‍ය පිලිබඳව මනෝ වෛද්‍ය ආචාර්‍ය මන්ඩේ ඉග්වේ (නයිජීරියාව) , විශේෂඥ මනෝ වෛද්‍ය උපාලි පීරිස් සහ මා විසින් පත්‍රිකාවක් ලියුවෙමි. අප විසින් තවමත් දියුණු කිරීමට උත්සහ කරන මෙම පත්‍රිකාව සඳහා විවිධ රටවල මානසික සෞඛ්‍ය පිලිබඳ උගතුන් දක්වන ලද ප්‍රතිචාර මෙසේය.
1) මනෝ වෛද්‍ය ගෞරව් මේතා ( ඉන්දියාවේ ; එංගලන්තයේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට අත්දැකීම් ඇත්තෙකි. - ප්‍රතිචාර ධනාත්මකය. ධෛර්‍ය්‍ය වඩන ප්‍රතිචාර දැක්වීය )
2) මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍ර ( ශ්‍රී ලංකාවේ ඉපදුනේය. නමුත් වයස නවය වන විට දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය විය. ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ සහාය මාහාචාර්‍යවරයෙකි. ඇමරිකාවේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට ඇත. - ප්‍රතිචාර ධනාත්මකය. විවේචන constructive හෙවත් අර්ථකාරීය)
3) මනෝ වෛද්‍ය ස්ටීවන් යුසුෆියන් ( ස්පාඤ්ඤයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. - ප්‍රතිචාර ධනාත්මකය. විවේචන අර්ථකාරීය)
4) මනෝ වෛද්‍ය මේරි සීමන් - ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය මහාචාර්‍යවරියකි. බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කොට ඇත. ප්‍රතිචාර ධෛර්‍ය්‍ය වඩවයි)
5) මනෝ වෛද්‍ය මයිකල් රීවා - (ඉතාලි ජාතික මනෝ වෛද්‍යවරයෙකි . ප්‍රතිචාර ප්‍රතිචාර ධනාත්මකය. අනුබල සහිතය )
6) මනෝ වෛද්‍ය ඔලෙග් -(රුසියාවේ මනෝ වෛද්‍යවරයෙකි. රුසියාවේ / යූක්‍රයීනයේ මෙන්ම පෝලන්තයේ සේවය කොට ඇත. ප්‍රතිචාර උනුසුම්ය. පත්‍රිකාවේ අඩුපාඩු ධනාත්මකව පෙන්වා දෙයි)
මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය - (ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරයෙකි. ප්‍රතිචාර විශ්ලේෂණය කරන විට එහි ඉරිසියාව මෙන්ම අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) දක්නට තිබේ. කන්ස්ට්‍රක්ටිව් හෙවත් අර්ථකාරී විවේචනයක් දක්නට නැත)
ඉහත දක්වා ඇත්තේ එක් උදාහරණයක් පමණි. මෙවන් උදාහරණ සිය ගනනක් මට දිය හැකිය. එම නිසා මා මේ දෙය පවසන්නේ එක් සිද්ධියක් පාදක කරගෙන බව නොසිතන්න. එසේම මෙහිදී මම මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය නරක කුහක පුද්ගලයෙකු ලෙස ලේබල් කරනවා කියා නොසිතන්න. ඔහු තුල අනන්තවත් යහ ගුණ තිබිය හැක. ඔහුගේ ප්‍රතිචාරය බොහෝ ලාංකික උගතුන් දක්වන ප්‍රතිචාර වලට සමානය. එය නිසගයෙන්ම තමා තුලින් එලියට එන්නකි.
ශ්‍රී ලාංකික වෘත්තිකයා නොහොත් උගතා කුහක කුඩුකේඩු මිනිසෙකු වූයේ මන්ද ? මා සිතන ආකාරයට හේතු කීපයකි.
1) දිවයිනකට කොටු වීම නිසා මතුවන දිවයින් මානසිකත්වය
2) තමන් පිලිබඳ අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings )
3) වෙනත් රටවල සමාජ සමග මුසු නොවීම ( විභාග සඳහා පිටරට යාම මේ යටතේ ගැනෙන්නේ නැත)
4) සම්පත් හිඟ සමාජයක ජීවත් වීම නිසා අනෙකා නිරන්තරයෙන් සතුරෙකු ලෙස දැකීම
5) හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම
6) අපගේ ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රමයේ වරද
7) ලෝකයට විවෘත නොවීම නිසා ඇති ලිං මැඞි මානසිකත්වය. විදේශිකයන්ට බිය වීම (Xenophobia)
8) දැණුම ගවේශනය නොකිරීම පීපී මානසිකත්වය. දැණුම අප්ඩේට් හෙවත් යාවත්කාල නොකිරීම
9) විවිධ අත්දැකීම් ඇති වෘත්තිකයන් සමග අධ්‍යාපනික අදහස් හුවමාරු නොකර ගැනීම සහ ඒ සඳහා දක්වන බිය
10) තමාගේ විශය හැරුණු කොට වෙනත් විශයන් පිලිබඳ අවබෝධයක් නොවීම
11) තමන් ගේ අනාරක්‍ෂිත බව නිසා බෝඩ් සර්ටිෆිකේෂන් වැනි මාෆියා පන්නයේ මිණුම් දඞු අත තබාගෙන සිටිනවා මිස දැණුම සඳහා විවෘත නොවීම
12) ජාතිවාදී වර්ගවාදී තම පාසල , තම විශ්ව විද්‍යාල ප්‍රධාන කොට පටු ගෝත්‍රික ආකල්ප වලින් ලෝකය දෙස බැලීම. විවෘත මනසක් නොතිබීම
දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ උගතුන් තුල සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව වැනි විශයන් පිලිබඳ ගැඹුරු දැනීමක් නැත. එහෙත් නොදියුණු සමාජය විසින් ඔවුන්ව ඉන්ටර්ලෙක්චුවල්ස් හෙවත් ධීමතුන් ලෙස සලකති. එහෙත් මේ ඊනියා ධීමතුන් සතුව ඇත්තේ ඉතා නොගැඹුරු දැණමකි. මෙම දැණුම වෙනත් ප්‍රගතිශ්‍රීලී සමාජ වල මෙන් අභියෝගයට ලක් නොවන නිසා ඔවුන් සුරක්‍ෂිතය. එහෙත් මෙකී වෘත්තිකයන් උගතුන් ලෙස සැලකිය හැකිද යන්න දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රශ්න කරයි.
( මෙම ලිපිය මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා විවේචනය කරන ලිපියක් නොවන බව සලකන්න)
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Hello Mr. Ruwan M. Jayathunga,
ReplyDeleteI do agree with you in this matter. I too been a victim of such negativity at UOC, physics department during final year project. However, I would like to see those feedback you received. Since, you are using Mr. Rajasuriya's name, I believe it is fair to Mr. Rajasuriya if you post those feedback (of course covering all their contact details). Otherwise, this is just "he said, she said." Sometimes, I think you put these stuff to collect data towards your Ph.D.. All the best!
He is my FB friend ; I have nothing against him just highlighting some of my observations. He is most welcome to comment on this . I wanted to be open and transparent, thats why I used names and facts.
DeleteI do understand that and you had already mentioned it in your blog post. My point is as a reader, I should be able to draw the conclusions based on your "received feedback." That will legitimize your claims. Just my opinion and thank you for the reply.
Deleteagree
DeleteThis is exactly correct & one of the best research I ever saw.....Most pf the educated people are like you said...….. හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම
DeleteVery interesting sharp comment, Anonymous. I commented on this post only today. Let us see if that comment sees the daylight!
Delete- Mahesh Rajasuriya
හ්ම්ම්, මේ පෝස්ට් එකෙත් යම් යම් 'කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ' පෙනෙන්නේ ඔබත් ශ්‍රී ලාංකික උගතෙක් නිසාදෝ යයි සිතෙන්නේ මට විතරදෝ?
ReplyDeleteජයවේවා!
Myself Hattor.
අපි ඔක්කොම ඉන්නේ නාරා වලක
Deleteyes.What i feel is the same.
Deleteරටේ පවතින ඉගෙනුම් ඉගැන්වීම් පටිපාටියත් බලපානවා
ReplyDeleteathha
DeleteMy personal view woth regard to this article the Author, in conclusion must describe the possible methods in order to address this ongoing issue in various MODUS OPERANDI🙏
Deleteඇත්තෙන්ම එකඟයි.
ReplyDeleteNot only local professionals but also those who migrated in hope of greener pastures also show feelings of insecurity and narcissism - for an example one expatriate man of science, equated Sri Lankan medical colleges with those of utterly backward African nations - in the process elucidating more about himself than about the quality of medical education in SL.
ReplyDeleteagree
Deleteකුහක කමේ සහ ඊර්ෂ්‍යාවේ මායිම් ඉර කොතනද? ඔය වගේ දේවල් තම තමන්ට සාපේක්ෂව / තම තමන්ට කැමති විධිහට අර්ථ නිරූපණය කරන්න පුළුවන්...
ReplyDeleteHm
DeleteThis is very true and i feel it even more bacause i came from a village so much so most of our educated crowed is from out of colombo.but i see this is more most of the people who came from outstation
Deleteඔබේ අදහස සියට සියයක් එකඟයි. ඒ පිළිඹදව මටද ආයතනය තුල අත්දැකීම් දමුදායක් ඇත. කංසා පිළිඹදව වූ "ත්ර්යිලෝක විජයා" පොත මා කියවුවා. කංසා දුම ආග්‍රහණය පිලිම්බන්දව වෛද්‍යවරයකු සහ මනස සම්බන්ධ වෛද්‍යවරකු ලෙස ඔබගේ අදහස කුමක්ද?
ReplyDeleteගංජා වැඩන මොලයට අහිතකරයි
Deleteඅපේ රටේ උගතුන්වූ පලියට තැනක් ලැබෙන්නේ නැත. ඒ නිසා අනිකා කපාගෙන යාම දියුණුවට හේතුවේ. ලමයෙකු පාසැලකට ඇතුලත් කිරීමේ සිට සියලුම කටයුතු සුදුසුකම් මත සිදු නොවේ. එනිසා තවෙකෙකුට උදව් කිරීම සියදිවි නසා ගැනීමකි. යහපත් අයෙකුට සතුටින් සිටීම ඉතා අසීරුබව මාගේ අත්දැකීමයි.
ReplyDeletesad
DeleteSad but true. May I never be born in that f...ing , nasty country that bites the hand which fed it ! ( I am a Sinhalese Buddhist . There is nothing to do with the bindi on my forehead. )
Deletehttps://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_46.html
ReplyDeleteමාතලන් එදා ඉඳන් කියන දේ දොස්තර මහත්තයට අද වත් තේරුණ එක ලොකු දෙයක්...
ReplyDeleteප්‍රමාදවී හෝ කරුණු අවබෝධ වීම හොඳයි මාතෙ
DeleteYes this is true.Starting from scholarship exams upto the level of professionals this can be seen.But i guess religious leaders,parents are also (some of them) are responsible for it because they have the mentality of surpassing others and racism.My opinion is people should develop their good attitudes to listen to others and make them understand every profession followed by people does a major role in society influenzing lives of living beings for the benefit.
ReplyDeleteindeed
Deleteනිදහස් අද්‍යාපනයට පින්සිදුවෙන්න පට්ට හිගන පවුල්වල ය ඉගෙනගෙන ඉහල තනතුරු වලට ගිහින් කරන හීන මාන ඉරිසියා වැඩ තමයි මුලික හේතුව . මම ලංකාවේ මෙන්ම පිටරටත් ඉගන ගෙන තියෙනවා , නමුත් එහි ලොකු වෙනසක් නැහැ . බලන්න ලංකාවේ උනත් වැදගත් කෙනෙක් ඉගෙන ගත්තම රටට සමාජයට හොදයි ඉරිසියාව කුහක කම නැහැ . ඉතින් කොහොමද ජාන වෙනස් කරන්නේ. මම ආව කැනඩාවට දරුවොත් එක්ක නිදහසේ ජිවත් වෙන්න . මොන දේවල් උනත් කුහක කම් ඉරිසියාව නැති සමාජයක ඉන්න පුළුවන්, නමුත් මෙහෙ උනත් සිංහල උන් ආශ්‍රය කලොත් බඩුම තමයි. මම දරුවන්ට කියන්නේ මගේ උනත් මොනවා හරි කුහක කමක් දැක්කොත් වහාම කියන්න , ඔය ගොල්ලෝ ඒවා ගන්න එපා, යහපත් මිනිසුන් විදියට සමාජයට වැඩ දායකව ඉන්න කියල.
ReplyDeleteබඩුම තමයි 100 % agree
Deleteabsolute truth.
DeleteI agreed 100% with you...….. හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම
Delete150 % agree.
Deleteoba wadagathkama keseda duppath pohosath bedayen maninu labuwe.wadagathkamehi minum danda pilibada pahadili kirimak laba dun obata behewin stuti.nidahas adyapanayata waira karana oba wannaun me duppath rate duppathkamin peeditha wela inna pawl wala daruwek ihalata yanawata obage athi dadi akamaththa prakasha we.obalata awashya pidithayan samada piditha lesa sitinawa dakimataya.oba wani ihala panthikayan pasu kara yanawata oba thula athi irisiyawa terum ganimata uthsah karanna.nidahs adyapanayata waira karana oba wannaun pilikulen hela dakimi..wadagathkamehei minum dadu meya yai lagu kota nohaka.karunakara obage wiwrtha manasin lokaya dakinna ewita oba kiyana irisiyawa wairaya crodaya pirunu minisun obata duppath samajaya thula menma oba wadagath yai pawasana samajaya thulinda dekagatha haka.sathyata muhuna denna.waira sahagatha lesa duppathun desa nobalanna.ounta ihalata nagimata athi ekama danda nidahs adyapanaya.eya waira nokaranna.obata kuhaka manasikathwayen midimata hakiyawa labewa.budu saranai
Deleteවිවේචන උනත්ත මන්ට අවශ්‍යදේ පමණක් අරන් අනවශ්‍ය දේ බැහැර කලාම හරි.
ReplyDeletesure
Deleteඅබේ සිංහල බල්ලෝ වගේ නෙමෙයි දෙමළ අයනම් හරීරී හොඳයි
ReplyDeletemmmmmmmm
ReplyDeleteI think, before our graduates pass out from Universities, the subject called Theory of Knowledge should be taught. That subject make them humble when delivering their services to the community, because the graduates aware of the Theory Knowledge knows that, what they learnt from Universities was simply a borrowed stuff rather than a Wisdom.
ReplyDeleteyes
DeleteTotally agree
ReplyDeleteThis is why foreign educated people are reluctant to come back, esp PhD holders to Sri Lankan university system. They become victims of their own superiors, peers as well as university teachers.
sad situation
DeleteI totally agree with you. I too have witnessed and undergone similar experiences during my carrier in state service. Once a young talented junior Sri Lankan engineer of our section has written a paper on simplifying a well-known method of estimation of floods, by evaluating the area under a parabolic flood hydrograph curve, by considering it as two triangles and showed that the resulting error is insignificant.
ReplyDeleteHe has sent an abstract of this paper to a peer scientific international Journal published in France, and reviewers have accepted it for publication and asked him to send it for universal discussion and comments after its publication. However, they insisted that it should be sent through the Country representative, who is Ex-officio the Head of our Department. When author tried to submit this to the Director through our sectional head, the latter did not want to forwarded it to Director and withhold it saying him, before we submit it to an International Journal, it should be discussed at a Local Forum for its comments.
We all knowingly our Sectional Heads character, I told our Junior to wait for another two weeks, as our boss was scheduled to go abroad to participate in a conference, and I will be the acting Head our section during that period. When our boss left, I personally took it to our Director explained to him the circumstances. Our Director, who was aware our persons character told me “you can’t change people” and submitted it to the journal with his recommendations.
It appeared in that journal and got very positive comments. This young engineer later got a Scholarship to France, and after his training he did not return, paid back the cost of the scholarship, and now attached to a Scientific Research Institute in France.
2. Don’t you agree the SAITAM issue too is outcome of your suggested reasons 2 and 11
Hm
DeleteReproducing a comment made on Facebook in relation to this post by Gamini Ekanayake:
ReplyDeleteරුවන් අමනාප වෙන්නනං එපා මම මෙහෙම මේ විධිහට සම්බන්ධ වුනාට. ඔබතුමාගේ සමහර ප්‍රකාශ තුල ශ්‍රී ලාංකික අධ්‍යාපනය අතිශය පහතට ඇද දමනවා හැමවිටම හැමදාම. මට හිතෙනවා ඔබගේ යම් කාලයකදී සිතේ පැලපදියම්වු ඔබට රිදුනු දෙයක් එලියට එනවා කියා. ඔබගේ මේ ප්‍රකාශයේ ගැබ්වතියෙන්නේ එය වියහැකියි.
//මගේ ආචාර්‍ය උපාධිය සඳහා රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක්වත් මම ලංකාවේ උගතුන් ගෙන් නොගෙන ගත්තේ බටහිර සුදු උගතුන් දෙදෙනෙක් ගෙන් (යෝක් විශ්ව විද්‍යාලයේ සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරු දෙදෙනෙක් ගෙන් ) ඔවුන් ලංකාවේ උගතෙක් කවදාවත් නොදෙන මට්ටමේ රෙකමෙන්ඩේෂන් මට ලබා දුන්නා.//
මෙසේ කිව හැක්කේ ඔබ ලංකාවේ පශ්චාත් උපාධි ආයතනයක මනෝචිකිත්සනය පිලිබඳ Masters (MSc / MPhil) මට්ටමේ උපාධියක් ලබා PhD උපාධියට යාමට "රෙකමන්ඩේශන් ලිපියක්" නොදුන්නා නම් පමනයි. ඔබට එසේ වූවාද! "රෙකමන්ඩේශන් ලිපියක්" අවශ්‍ය වන්නේ transcript එකට පොඩි සපෝට් එකක් වශයෙන්නේ. බොහෝ කොට බලන්නේ transcript එකේ strength එක නෙමෙයිද! ඇරත් රෙජිස්ටර වෙන්නේ online නේ. ඒවගේම "රෙකමන්ඩේශන් ලිපිය" ඒ අය දකින්නේ process එකේ අන්තිම හරියේදී interview එකකුත් තිබුනොත්නේ නේ.
මම දන්න විදිහට PhD එකට යනව නම් අදාල විශය ක්‍ෂේස්ත්‍රයේ ප්‍රථම උපාදියේදී first class එකක් තිබුනත් නැතිනම් PG Diploma/ MSc/(Mphill) හරහා ගියත් සියල්ල කර ගතයුත්තේ තමන් ඉදිරිපත් කරන ඒ පූර්ව සුදුසු කම ලබාගත් විශ්වවිද්‍යාලයෙන් කියායි. ඔබට එහෙම නොදුන්නා නම් PGIM එක වැරදියි. ඒත් ඔබම ලියා තැබූ ඔබගේ බොහෝ දේ කියවා ඇතිනිසා මට සිතෙන්නේ මේ චෝදනාව සාධාරන නොවන බවයි.
ඔබගේ මෙම විරෝධතාවය කෙසේ වෙතත් ඔබ බොහෝ ප්‍රයෝජනවත් ලිපි ලියනවා. අප ඒවා අගය කරනවා. කරුනාකර ඉදිරියටත් ඒ විද්‍යාත්මක දේ ලින්න ඒත් මේ අප්‍රසාදය පතුරවන්න එපා. හැම සමාජයකම මෙය තිබෙනවා.
මගේ නඩුව ඉවරයි කියලා පොතක් තියනවා එය කියවන්න එතකොට ඔබට වැටහීම එයි
DeleteI 100% agree with this comment.
Deleteකලක් කැනඩාවේ ජීවත්වන මා ඔබේ විශ්ලේෂණය සාධාරණ ලෙස දකිමි . බහුතරයක් එසේ වුවද හොද අයද නැතුවා නොවේ . දැනුම සහ උගත්කම ආභරණයක් නොකර මෙවලමක් කර ගැනීම මෙහි වෙසෙන උගතුන් තුලින් දකිමි . අතොරක් නැති සංවිධාන සහ කල්ලි ලංකාවේ මෙන්ම මෙහිද දකින්නට ඇත්තේ එබැවිනි. අළුතින් මෙරටට පැමිණි නව සංක්‍රමිකයන්ට පවා තම අත්දැකීම් ඇති අංශවලට යොමු වන්නට අපේ ඇත්තන් අඩුවෙන් උදව් කරන්නේ ඒ සැකය නිසා බව සිතිය හැකිය . ඔබේ ලිපිය අළුත් විදිහකට හිතන්නටත් ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට සුළු මොහොතක් හොයා ගන්නටත් ඇස් අරවන්නක් වේ යැයි සිතමි .
ReplyDeleteApe bahutharayak acadamicsla nam self serving garbage thamai. No malice .
DeleteApe bahutharayak acadamicsla nam self serving garbage thamai. No malice .
DeleteLets see what Mahesh Raja has to say Ruwan ?
ReplyDelete"ඔබතුමාගේ සමහර ප්‍රකාශ තුල ශ්‍රී ලාංකික අධ්‍යාපනය අතිශය පහතට ඇද දමනවා" ඉහත MR මහතා/මෙය ගේ කොමෙන්ටුවේ උපුටා ගැනීමකි. වර්තමාන ලාංකික අධ්‍යාපන රටාව තුළ "විෂය දැනුම" ට මුල්තැනක් දීම හැම විටම දක්නට ලැබෙන්නක් නොවන්නේද!. විශේෂයෙන් පාසල් අධ්‍යාපන අවස්ථාවේ කටපාඩම හා මතක තබාගැනීමටත් ඒ අනුව පිළිතුරු ලියා විභාග සමත් වීමටත් අවස්ථාව සැලසී තිබීම මූලික ලක්ෂණයක් ලෙස දක්නට ලැබෙනවා. ඒ නිසා මිනිස් ගුණ ධර්ම වර්ධනයට මුල්තැනක් ලාංකික අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන්නේ නැහැ නේද? ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථාවන්හි ගුණ ධර්ම වර්ධනයට ඉවහල්වන ක්‍රියාකාරකම් හෝ ක්ෂේත්‍ර වැඩ කුසලතාවර්ධනයට අවස්ථා සමග දැනුම වර්ධනය කරගැනීමට අවස්ථා සැලසීම විශේෂයෙන් මුල්කාලීන පොදු අධ්‍යාපන අවස්ථාවේ හෝ වැදගත් කොට සලකනතාක් මේ දුබලතාවෙන් ගැලවිය නොහැක බව පෙනීයයි. පවතින අධ්‍යාපන රටාව හොඳ බවක් ගැන කිසිම ආකාරයකින් සිතිය නොහැකියි. රුවන් එම් ජයතුංගයන් පෙන්වා දෙන ලක්ෂණ 12 තුළම පෙනෙන්නෙ ආකල්ප සෝදාපාළුවීමන් ඇතිව පවතින ඛේද ජනක සහගත බව නොවේද!
ReplyDeleteAgreed 100%
ReplyDeleteActually why Sri Lanka cannot develop becouse of aforesaid factor.
It's like this . Let's say thanks to country free education people who deosnt upgrade as thrre generation will come some good level of adminstaration and there mind is not ready to serve to society with good and fair mind .
As example .
Let's think and compere Monaragala and Colombo reside two students are going to face A/L exam same year . Monaragala students father is a Farmer and grandpa is Hunter. Colombo student s father is Lowyer and mother is Dr . Both face same exam and accordingly District marks Monaragala student will through to university but Colombo student though his marks is rather than good comparely Monaragala one cannot through to university . But if we concerns there life level and thinking pattern different like up side down becouse of there life standuers .
What will happen Monaragala student after pass out he has big generation gap and he marrie with family who can it go there home town and he will work to fulfil his life vacant gap cannot fill eternally. We canot expect good thing for soceity from Those kind of
Characters. They will spoil all value of system .
මේ ලිපිය දැක්කේ දැන්. ප්‍රමාද වී හෝ යමක් කියන්න හිතුනේ පර්යේෂණ පත්‍රිකා ගැන කියා ඇති නිසා.
ReplyDeleteරුවන්, වසර ගණනක සිට ආචාර්ය උපාධිය කරන්න ගත් දින සිට, එහෙන්ම එය අවසන් කර පසු පර්යේෂකයෙකු ලෙස තව දුරටත්, මමත් පර්යේෂණ පත්‍රිකා ලියනවා. මගේ ක්ෂේත්‍රයේ සිටින්නේ නිර්නාමික reviewers ලා.ඒ නිසා ඔවුන් කව්ද මොන ජාතියේද කියන්න මම දන්නේ නැහැ. නමුත් මටත් එකම පත්‍රිකාවට negative මෙන්ම positive reviews එකට ලැබී තියෙනවා.සමහර negative reviews දැක්කම reviewer පත්‍රිකාව කියෙව්වද කියලත් හිතෙනවා!
academia තුළ මේවා ලොකුවට ගණන් ගන්න දේවල් නොවේ. මුලදී මමත් එවැනි comments ගැන දුක් වුවත් දැන් මම negative reviewer ට උදැසන කෝපි කෝප්පය මග ඇරී ඇති කියා සිතා හිත හදාගන්නවා! හැබැයි මට නොපෙනෙන සමහර පැති එම negative comments නිසා අවබෝධ උනූ අවස්ථාත් නැතුවා නොවේ.
කොහොම උනත් පත්‍රිකාව publish වුවා යයි සිතනවා! all the best !
හිතවත් රැවන්, මමත් පර්යේෂණ පත්‍රිකා වලට ඝෘණාත්මක කොමෙන්ටු විචාරකයින්ගෙන් ලබා තියෙනවා. ලාoකික උගතුන්ගේ කුහක කමුත් හොඳටම අත්දැක තිබෙනවා. ඒත් මේ කරැණු දෙක දෙකක්. ඝෘණාත්මක කොමෙන්ටු වලට වඩා convincing උදාහරණ ලාoකික උගතුන්ගේ කුහක කමට තිබෙනබව මගේ අදහස. ස්තූතියි ලිපියට.
ReplyDeleteYou can see the response of the author to a critique given by me questioning the scientific validity of his paper: Slander with no information to substantiate his lowly claims!
ReplyDeleteI urge the readers to ask him for his paper and the text of my comment, and then read them carefully, before making a decision yourself. Isn't that the scientific way to make conclusions?
Dr. Mahesh Rajasuriya MD (Psychiatry)
රටේ පවතින තක්කඩි අමන අවස්ථාවාදී බලලෝභී දේශපාලනය සහ එහි අනිසි බලපෑම්... තම පෞද්ගලික වාසිය සහ තනතුරු උන්මාදය නිසා කරන නිර්ලජ්ජිත තම දැනුම සහ බුද්ධිය පාවා දෙමින් අවභාවිතය කිරීම.,.තව බොහෝ කරුණු රාශියක් ඇත..
ReplyDeleteThis article is incomplete , partial and biased , he does not address primitive capitalist society in Sri Lanka . How can we expect modern capitalist product from such a society. The writer has to expand his social , political and philosophical knowledge prior to analyze the people . I’m suggesting you to talk Deepthi Kumara Gunarathna as you’re impressed with his opinion. Thanks
ReplyDeleteමේ ලිපිය ගොඩාක් දුරට නිවැරදි බව පේනවා. නමුත් මගේ පුද්ගලිග අදහසට අනුව මූලික හේතූන් ටික පහත දැක්වෙන අයුරින් පෙළ ගස්වනවා.
ReplyDelete1) අපගේ ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රමයේ වරද
2) සම්පත් හිඟ සමාජයක ජීවත් වීම නිසා අනෙකා නිරන්තරයෙන් සතුරෙකු ලෙස දැකීම
3) දැණුම ගවේශනය නොකිරීම පීපී මානසිකත්වය. දැණුම අප්ඩේට් හෙවත් යාවත්කාල නොකිරීම
4) තමාගේ විශය හැරුණු කොට වෙනත් විශයන් පිලිබඳ අවබෝධයක් නොවීම
5) ජාතිවාදී වර්ගවාදී තම පාසල , තම විශ්ව විද්‍යාල ප්‍රධාන කොට පටු ගෝත්‍රික ආකල්ප වලින් ලෝකය දෙස බැලීම. විවෘත මනසක් නොතිබීම
මෙසේ වීමට හේතු තුනයි තියෙන්නේ
ReplyDelete1.කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය නොකිරීම
2.සද්ධර්මය ශ්‍රවණය නොකිරීම
3.ඉහත කාරණාව දෙක හේතුවෙන් යෝනිසෝ මනසිකාරයෙන් තොරව ජීවත් වීම
අපේ රටේ උගතුන්වූ පලියට තැනක් ලැබෙන්නේ නැත. ඒ නිසා අනිකා කපාගෙන යාම දියුණුවට හේතුවේ. ලමයෙකු පාසැලකට ඇතුලත් කිරීමේ සිට සියලුම කටයුතු සුදුසුකම් මත සිදු නොවේ. එනිසා තවෙකෙකුට උදව් කිරීම සියදිවි නසා ගැනීමකි. යහපත් අයෙකුට සතුටින් සිටීම ඉතා අසීරුබව මාගේ අත්දැකීමයි.
ReplyDeleteඋගතුන් සහ බුද්ධිමතුන් ගේ වෙනස study කරන්න. research කරන්න දෙයක් නැති වෙයි
ReplyDeleteමෙය ඉතාමත් කාලොචිතය. නමුත් උගත්තු පමනක් නොවේ. බලයට පමණක් ඒ කුහකකම ඇතැයි මට සිතේ.. මන්ද ප්‍රධාන වශයෙන්ම විවිධ තනතුරු අතර විශාල පරතරයක් තිබේ. දේශපාඥයකු, වෛද්‍යවරයකු , ගණකාධිකාරවරයකු, පරිපාලන නිලධරියකු යන ප්‍රධාන තනතුරු සමඟ එකට සේවය කරන්නන්ට එය හොඳින් දැනෙනු ඇත.
ReplyDeleteපරිපාලන නිලධරින්ට ලැබීම් අප්‍රමාණය. ඔවුන්ද ඔවුන්ටයටත් සේවකයන් හා පවතින පරතරය ඉහලය. ඒද තම සේවා ස්ථානයේ තම තත්වය පවත්වා ගැනීමට උත්සහ කරන කුහක ගති නොවේද
අදටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කොතරම් දියුණු වුවද, හෙද වෘත්තිකයන්ට, මෙන්ම පරිපූරක වෛද්‍ය සේවයට නිසි බලය, ගෞරවය මෙන්ම ඉගෙනුම් අවස්ථා නොලැබේ..
වෛද්‍යවරුන් කෙතරම් කුහකද යන්න අදටත් පේරාදෙනිය විශ්ව විවිද්‍යාලීය සම සෞඛ්‍ය පීඨයේ සිසුන්ට සායනික දැනුම ලබා ගැනීමට පේරාදෙනි රෝහල ඉඩ නොදේ. එය තනිකරම වෛද්‍ය බලය මත සිදුවන සිදුවීමකි.
දියුණු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් යනු සමාන බලතල හිමි වුවන්ය්යය. වෙනස වන්නේ ඔවුන්ට අදාල කාර්‍යන් වෙන වෙනම තිබීමයි. කිසිවෙකු කිසිවෙකුට යටත් නොවේ.. ඔවුන් සිදු කරන්නේ ටීම් වර්ක් එකක් පමණි. නමුත් ලංකාව තුල තවමත් පාරම්පරික ලක්ෂණ පවති.. රට දියුණු වීමට නම් බලයෙන් ඉහලට යෑම නොව, සියල්ලම සේවය කලයුත්තේ කණ්ඩායම් හැඟීමෙනි. සම සෞඛ්‍ය උපාධියට හිමි අවස්ථාව නොදීම නම් එය වෛද්‍යවරුන්ගේ කුහක ගති නොවේද...
මෙම කුහක ලක්ෂණ උගතුන්ගේ වැඩිය යන්න පැවසීමේද හේතුව වනුයේ ඉගෙනුමෙන් වූ තනතුර මත ලද බලය නිසා නොවෙද
සත්ත වශයෙන්ම
ReplyDeleteThis type of tribal attitudes of our so called decison makers, provide an ideal back ground for foreign consultants to earn money through consultancy firms and also for politicians to appoint their catchers to important posts.
ReplyDeleteI agree with your Idea.
ReplyDeleteHeenamanaya ,denuma yaavathkaala nokiriima, gathaanugathika paaramparika krama, pawlpasubim , haddda pitisara sitä pelinä loku putuvata awama thibuna heenamanaya.some cases are individual .cant generalized..But abvery timely description.
ReplyDeleteකුහකත්වය, ඊර්ෂියාව වැනි දේ සමස්ථ මනුෂ්‍යය වර්ගයාගේ ඇතුලාන්තය වෙනවා. ශ්‍රි ලාංකික උගතුන් (ඔබ ද ඇතුලත්ව) තුල පමණක් නොව මුලු මනුෂ්‍යය වර්ගයා තුල අඩු වැඩි වශයෙන් තියන මානසික තත්ත්ව. තමන් තුල එවැනි ගති ගුණ නැහැ කියල නිගමනය කරේ කෙසේ ද කියන ප්‍රශ්නය තමන් තමන්ගේන් ම ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක්. මොකද කියල කියනව නම් "මම," නැතිනම් සිතුවිල්ල මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. ඔබ නිගමනය කරන (මනින) අවස්ථාවේ ඔබ තුල ඊර්ෂියාව, කුහකත්වය නොතිබුනා වෙන්ඩ පුලුවන්. නමුත් "මම" කියන්නේ වෙනස් වෙන දෙයක්. වර්තමානයේ (නිගමනය කරන මොහොතේ) කුහකත්වය නොපැවතුනත් ඊලග මොහොතේ එය පැවතිය හැකි යි. ඉතින් "මම" සම්බන්ධයෙන් කිසිවෙටෙක නිගමනයකට එලඹෙන්ඩ පුලුවන් කමක් නැහැ. ඒක නිසා ඔබගේ නිගමනයට කිසිම පදනමක් නැහැ. මොහොතින් මොහොත වෙනස් නොවන දෙයක් සම්බන්ධයෙන් නම් නිගමනය කරන්ඩ පුලුවන් කමක් තියනවා.
ReplyDeleteSub-optimal response to feedback by Dr. Ruwan M Jayatunge
ReplyDeleteI am Dr. Mahesh Rajasuriya, a university teacher, a psychiatrist and a researcher (https://growkudos.com/profile/mahesh_rajasuriya) from Sri Lanka.
This blog post, written in Sinhala, claims that Mahesh Rajasuriya (i.e. me) shows “feelings of jealousy and insecurity. There seems to be no constructive criticism from him when analysing his responses”.
It is interesting to note that Dr. Ruwan M Jayatunge gives no reasons or evidence as how he concluded that I have jealousy and insecurity, but just claims that. In other words, he states that what he thinks about another person as a verified truth on a public domain without first verifying that 'fact'. He has named this post “Why do many Sri Lankan academics have hypocrisy and jealousy?”, while adding a post script: “Please note that this article is not an article criticising Dr. Mahesh Rajasuriya.”
I can recall a conversation between him and me (exact method escapes my memory now) sometime before the date of above post on one of his publications, according to my memory a paper claimed to have been co-written with Dr. Neil Fernando. I gave him some critical review after reading the piece, but what my exact feedback now evades my memory.
In apparent response to my above mentioned feedback, he has posted this defaming baseless accusation in the form of a personal opinion on a platform managed by him, which I find quite unprofessional, unethical and unacceptable. Even now, he can take time to respond and behave in a professional way, perhaps by posting a reply comment which all can see here, and point out why he concluded and publicly claimed, and disseminated that claim on social media, that I am a hypocrite.
Thank you for the time taken to read this letter/ email. Please contact me if any further clarification is needed. I hope the commentators would expect the author of this blog post to respond to my comment in constructive and a professional way. I hope the commentators would do the same.
Yours sincerely,
Mahesh Rajasuriya
What ever you mentioned here are 100% true. Jealosy is there everywhere but it's more among the intellectuals irrespective of the country. And among them jealosy is in a stronger among asians. When we consider srilanka i have found those intellectuals or so called educated are more narrow minded, selfish and jealous of their peers than less educated or illiterated. I realized it when I did A'levels 17 years ago. I would blame out education system where the limited resources created a harmful competition among the kids which initially grown by their own parent. Parents use to compare other kids either an family member . Neighbour, or colleague in school for the purpose of encouraging and motivating their own child to perform well in educatiion but later on it creates intelectuals with worse attitudes. I BLAME OUR EDUCATION SYSTEM AND A SYSTEM NOT ATTENDING TO SHAPE THE ATTITUDES INSTEAD MOTIVATE TO GET THROUGH EXAMS. OUR TEACHERS AND PARENTS SHOULD BE EDUCATED IN THIS REGARD UF WE WANT A HEALTHY COMMUNITY CONSIST OF CITIZENS CARE ABOUT THEIR FELLOW COUNTRY MEN
ReplyDeleteනිදහස් අධ්‍යාපනය විවේචනයට ලක්කළ කුහක පිරිස වෙත ලියමි....ඔබලාගේ කුහක ලැජ්ජා සහගත ප්‍රකාශ හෙලා දකිමිී.ඊර්ෂ්‍යාව ඇත්තේ ඔබලාගේ ප්‍රකාශ තුළ දෑස්හැර නැවත ඔබලාගේ ප්‍රකාශ බලන්න
ReplyDeleteහරියට ම point out කරලා තියෙනව.
ReplyDeleteMore interested about the paper. Is it published? Or still under review? Can you share the abstract?
ReplyDeleteIndeed!
DeleteRuwan M Jayatunga, please let us know more about the concerned paper of yours!!
Please give us the link to your paper. Then we can see the relevance of your accusation.
Mahesh Rajasuriya
This article is not about you , its about attitudes , anyhow the paper is published in Essays On Psychology. Godage International Publishers (2019)
DeleteSo, please let us read that "paper" by reproducing it here! And, also please publish my comment on that paper here as well!! At least publish the abstract of that "paper" here...
ReplyDeleteThat would be a very good account of attitudes of both of us!!!
Please do not run away from this simple request.
Mahesh Rajasuriya
PS: I wonder why you call something in a book published by Godage a "paper"! Maybe you can call it an essay.
Hixz.....The doctor has
Deletei had enough with sri lankans , i understood them once i went out of the country, no matter how hard i tried help them , they still remain same, like stupid little pigs.. so i have stopped help them , but still i am sri lankan.
ReplyDelete