Friday, June 29, 2018

උසාවියට අපහාස කළ ගැහැණිය


මහියංගනයේ පොඩි කුමාරිහාමි  - සිදු කල වරද  ; තද පැහැති සායක් ඇඳගෙන උසාවියට පැමිනීම 

මහියංගණයේ මහේස්ත්‍රාත්වරිය, පොළේ වෙළෙඳාම් කරන ස්ත්‍රියක තද පැහැති සායක් ඇඳගෙන උසාවියට ඒමේ වරදට දින 14ක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කළාය. ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේද නඩුවක් පවත්වාගෙන යයි. එම මහේස්ත්‍රාත්වරිය දෙන ලද නියෝගයක් අනුව එම උසාවියට පැමිණිය හැක්කේ සුදු ඇඳුමෙන් පමණය. (රාවය පුවත් පත​)   මේ කාන්තාව පීඩිත පන්තියෙන් පැමින අසීරුවෙන් කලා අංශයෙන් ඉගෙන ගෙන නීතීඥවරියක වී ඉන් පසුව මහේස්ත්‍රාත්වරියක වී තවත් පීඩිත පන්තියේ කාන්තාවක් පීඩනයට පත් කල අයුරුය​. 

මේ හා සමානව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සිද්ධිය නම් කල හැකිය​.   මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස්‌ අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් ඉන්දික සුදර්ශන බාලගේ ගේ පියා රියෑදුරෙකි. ඔහුද එන්නේ පීඩිත පන්තියෙනි. එසේ ඉහලට ආ ඔහු තමන් මෙන්ම පීඩිත පන්තියෙන් ආ ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කලේය​.   

පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?

6 comments:

  1. ලංකාවේ ඔවැනි තත්වයන්ට පත්වන්නේ ( ඔලුව ඉදිමුවා ගන්නේ ) වැඩි දෙනෙක් පීඩිත පන්තියේ උන් හෝ මනසින් පීඩිත ව සිට තනතුරකට පත් වූ අය තමා ,

    ReplyDelete
  2. උසාවි යනකොට සුදු ඇඳුමක් අඳින්න ඕන කියලා නීතියක් තියෙනවද?

    ReplyDelete
  3. දින 14 ක් රිමාන්ඩ් අප්පගෙ දඩුවම්

    ReplyDelete
  4. එලෙස පීඩනයට පත් කිරීමෙන් තමන් හට ⁣පෙර නොවූ තත්වයක් හෝ සිවිල් බලයක් ආරෑඩ කරගැනීමට ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook