Thursday, August 29, 2019

වෛද්‍ය ආනන්ද සමරසේකර පිළිබඳව




වෛද්‍ය ආනන්ද සමරසේකර මට හමු වන්නේ 1993 වසරේදීය. ඔහු අපට අධිකරණ වෛද්‍ය වෛද්‍යාව පිළිබඳව දේශනයක් කලේය. ඒ කාලයේ වෛද්‍ය ලලන්ත අල්විස් මෙන්ම මැඩම් කාරියවසම් ද අපට දේශන පැවැත්වූහ. 1995 වසරේ මම ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍ය නිලධාරියාව සිටියදී  වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාව සෞඛ්‍යය අමාත්‍යාංශයේදී හමුවී මරණ පරීක්‍ෂණ පැවැත්වීමේදී උද්ගත වන තාක්‍ෂණික ගැටළු පිලිබඳව යමක් විමසුවෙමි. ඒ කාලයේදී ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ උසස් නිලයක්ද හෙබවීය. වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මට පිළිතුරු දුන්නේ එතරම් ගරු සැලකිල්ලකින් නොවේ. අප වැනි ග්‍රාමීය රෝහල් වල MOIC  ලා හාල් කෑලි ලෙස ඔහු දකින්නට ඇති. නමුත් අපට ඔහු සුවිසල් පුද්ගලයෙකු විය 

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව සාක්‍ෂි වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා (අගෝස්තු 27) කටයුතු කරන ලදී. ඒ කාලයේ අඩි දෙක තුනක් උඩින් ගිය වෛද්‍ය ආනන්ද සමරසේකර මේ වන විට ජීවිතය පිලිබඳව බොහෝ යථාර්ථයන් ඉගෙන ගෙන ඇති බව මම සිතමි. 

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ මා ඉගෙන ගත් යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මේ වන විට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාය. වෛද්‍ය අජිත් තෙන්නකෝන් ආනන්ද සමරසේකර එදා ඉඳගත් පුටුවේ සිටින අතර ඔහු වෘත්තීමය ගරුත්වයකින් වැඩ කරයි. 

ආනන්ද සමරසේකර වෘත්තීමය වශයෙන් අවමානයට ලක්වී අපරාධ නඩුවකට මුහුණ දීමට සූදානම් වන මේ අවස්ථාවේදී මට ඔහු පිලිබඳව ඇත්තේ දුකකි. කෙසේ නමුත් වෛද්‍ය ආනන්ද සමරසේකර ගෙන් මම එක් පාඩමක් ඉගෙන ගත්තෙමි. ඔබ කෙතරම් උසස් වෛද්‍යවරයෙකු  වූවද කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට යම් කිසි ගරුත්වයකින් සැලකිය යුතුය. ඒ මන්ද යත් ජීවිතයේ එක් වරදකින් ඔබ මහ පොළවට පාත් විය හැකිය. එවිට ලොකු කම් උසස්කම් හුලං ගිය බැළුන් බෝලයක් වෙයි. තනතුරු , මුදල් , බලය මේ සියල්ලම තාවකාලික දෙවල් ය.  

මම නම් මාගේ උපකාරය හෝ යමක් විමසන වෛද්‍ය සිසුවෙකුට වූවද ගරුත්වයකින් සලකමි.  එය මට ඉගැන්වූයේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරය  


Tuesday, August 27, 2019

මද්‍රසා පාසල් වල සිලබස් එක මෙහෙමද ?

 
1 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන් හඳුනා ගන්නා ක්‍රම
2 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහියෙන් අනින විධි සහ ක්‍රම
3 සිමෙස්ටර් ;  මිත්‍යා දෘෂ්ටිකයන් ගේ බෙලි කපන ක්‍රම
4 සිමෙස්ටර් ; ලෝගු ඇතුලේ බෝම්බ ගෙන යන ක්‍රම
5 සිමෙස්ටර් ; මරාගෙන මැරෙන විධි ක්‍රම පුහුණුව
6 සිමෙස්ටර් ; ස්වර්ගය සහ කන්‍යාවන් පිලිබඳ ආරාධිත දේශනය
End  of Semester and Graduation 

විශේෂ ඩිප්ලෝමා පාඨමාලා
*********************
ඩෙටොනේටර් පිලිබඳව උසස්  ඩිප්ලෝමාව
කඩු භාවිතය පිලිබඳ ඩිප්ලෝමාව
ආර්.ඩී.එක්ස් ප්‍රවාහනය පිලිබඳ ඩිප්ලෝමාව
ලිංගය බේරාගෙන බෝම්බ පුපුරුවා ගන්නා පාඨමාලාව 

Thursday, August 15, 2019

සාෆි ගේ ඉරණම

 

පෙරදා රාත්‍රියේ දුටිමි සිහිනයක් බිහිසුණු
ඇඟ රෝම කුපිත කරවන
දුටුවෙමි  වෛද්‍ය සාෆි සිහල බොදු කතුන්
රෝහලේදී සදහටම වඳ කරන අයුරු 

එහිදී සිදු විය අරුමයක් 
වෛද්‍ය සාෆි විසින් ගැට ගැසූ
එක් පැලෝපීය නාලයක්  තුල සිරවූ
සංසේචනය වූ ඩිම්බයක්   
ගර්භාෂයට ඇතුළු වීමට නොහැකිව
බහිෂිකේතනකව ප්‍රරෝහරණය විය 

එකී සංසේචනය වූ ඩිම්බය තුල 
සිරවූ මනුෂ්‍ය ප්‍රාණියෙකු විය
එකී මනුෂ්‍ය ප්‍රාණියා රතන බව
පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි විය 

යුක්තානුව තුල සිරවූ රතන 
ක්‍රෝධයෙන් මුමුණමින්
තම සියළු වැර යොදා
එලියට ඒමට උත්සහ කලේය
එම උත්සහය සිහි ගැන්වූයේ
විශ්වකුල උපන් රතන
අස්ගිරියේ උපසම්පදාව ලබා ගැනීම
සඳහා දරන ලබන නිශ්එල වෑයමක් ලෙසටය  

උඩරට කුලවත්තු උපසම්පදාවක් තබා
මහණ කමක්වත් නොදෙන මේ කුල පීඩිතයා
අසරණව යුක්තානුවේ සිරවී
දළදා ආරක්‍ෂක සියම් නිකායේ මල්වතු
සහ අස්ගිරි කල්ලි නායකයෝ දෙස බලා සිටියේය 

එහෙත් මල්වතු සහ අස්ගිරි
කල්ලි නායකයෝ
රතන දෙස
උදාසීනව බලා සිටියහ   

සිහල බොදු කුලවාදී සමාජයේ
තැනක් ලබා ගැනීම සඳහා දතකන
රතන දැරූ වෑයම ඉවැඩි කරනු වස්
තවත් කුල පීඩිතයෙකු වූ ජයසුමන
යුක්තානුව සිදුරු කොට
රතනව නිදහස් කලේය 

යුක්තානුවෙන් නිදහස් වූ රතන
ජයසුමනයන් හා සමග එක්ව 
තමන් ගේ පොදු සතුරා
තමන් ගේ ජාතියේ සතුරා  වූ
වෛද්‍ය සාෆිව පරසක්වළ ගැසීය 

සාෆිගේ ශරීර කොටස් දස දෙස විහිදී ගියේය 
ඔහුගේ රුධිරයෙන් ශල්‍යාගාරයේ
පොළව තෙමී ගියේය 

සාෆිව කීතු කීතු කල
මෙකී වීරයන් දෙදෙනා
තමන් සිහල බොදු ජාතියේ
ගැලවුම්කරුවන් බව කීහ
එහෙත් මල්වතු සහ අස්ගිරි
කල්ලි නායකයෝ
ඔවුන් දෙදෙනා දෙස
උදාසීනව බලා සිටියහ 

Find Us On Facebook