Monday, April 30, 2018

ඇකඩමික් අර්බුධය


දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය දයා අමරසේකර මහතා පවසයි. මේ බව කියන්නේ දේවාලයක කපුවෙක් හෝ විඝටන ආබාධයකින් (Dissociative disorder ) හෝ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු විසින් නොවේ. ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි. 

මීට ඉහතදී කැළනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ දෙවියන් මගින් පරියේෂණ කල බව කියමින් විනෝද සමයක්  ගෙන ආවේය.  මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ පරියේෂණය පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂණ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් හට කීවෙමි. මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් දෑස් ලොකු කරගෙන මදෙස බලා සිටියා විනා කිසිවක් නොකීවේය​. 

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල (ඊනියා)  උගතුන් හට බරපතල අර්බුධයක් තිබේ. එනම් තම ක්ශේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් එළි දැක්වීමට තිබෙන නොහැකියාවයි. එම නිසා ලෝකය ඉදිරියේ තමන් නිකමෙකු බවට පෙනී යන විට මෙවැනි බහුරූ කෝලම් ඔවුන් විසින් පෙන්වනු ලැබේ. එමගින් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන විචාර බුද්ධිය  අඩු කොටස් අතර ඔවුන් ජනප්‍රිය වෙති. 

කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු බව කියන මහාචාර්‍ය චන්දන ජයරත්න තමන් ගේ ක්ශේත්‍රයේ පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් කල බවක් අප අසා නැත​. එහෙත් ඔහු මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙකි. වරක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා  මට අපූරු කතාවක් කීවේය​. මේ 2003 පමණ කාලයේ සිදුවූ සිදුවීමකි. 

මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිකාර කරන ලද කාන්තා භින්නෝන්මාද රෝගියෙකු ඥාතීන් විසින් මානසික ප්‍රතිකාර සඳහා තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න වෙත ගෙන යන ලදි. කපුවෙකු මෙන් සුදු වතින් සැරසී සිටි චන්දන ජයරත්න  රෝගියාට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් නිර්දේශ කරන ලද  ප්‍රති මනෝව්‍යාධික ඖෂධ සියල්ල නවතා දමන ලෙසට උපදෙස් දුන්නේය​. ඉන් පසු  රෝගී කාන්තාවට සහ ඇයගේ ඥාතීන්ට කියා සිටියේ යාබද නිවසේ අය විසින් කරන ලද කොඩි විණයක් නිසා භූත ආත්මයක් ඇයගේ ශරීර ගතවී සිටින බවකි. ඉන් පසු සිදු වූයේ ජන්ජාලයකි. ඔවුන් අසල් වැසියන් සමග උරණව දබර කර ගත්තෝය​. ඖෂධ නොමැති වීම නිසා භින්නෝන්මාද රෝගී කාන්තාවගේ මනෝව්‍යාධික තත්වය උත්සන්න වූවාය​. අවසානයේදී ඇය දිවි තොර කර ගැනීමට පවා ගියාය​. කෙසේ නමුත්  යලිත් අංගොඩ රෝහල වෙත රෝගී කාන්තාව ගෙන ඒමෙන් පසුව යලිත් ඇය නිසි ප්‍රතිකාර ලැබුවාය​. 

මේ කතා වලින් පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් පත්ව සිටින දුක්ඛදායක තත්වයයි. ඔවුන් දැණුම සොයා නොයති. දැණුම ලැබෙන සාකච්ඡා නොපවත්වති. අන්තර්ජාතික ප්‍රජාව සමග සම්බන්ධ වී දැණුම ගවේශණය නොකරති. මේ නිසා සීමිත දැණුමක් සමග  කොටු වෙන ඔවුන් විචාර බුද්ධිය  අඩු කොටස්  අතර පණ්ඩිතයන් මෙන් පෙනී සිටීම සඳහා බහුරූ කෝලම් කතා කියමින් ගැලරිය පිනවති.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, April 27, 2018

Auricular Acupuncture for the Treatment of Addiction Disorders



Ruwan M Jayatunge MD 

Auricular acupuncture is a diagnostic and treatment system based on normalizing the body's dysfunction through stimulation of definite points on the ear (Gori & Firenzuoli, 2007). In recent years numerous descriptive reports have been published concerning the efficacy of acupuncture in alleviating withdrawal symptoms with substance abusers attempting abstinence (Brewington et al., 1994).

Auricular acupuncture or auriculo-therapy is a complementary treatment method in addiction disorders. Auricular acupuncture has been used extensively in substance abuse treatment programs, hospitals, and prisons throughout the USA and the world for the past 30 years (Stuyt & Voyles, 2016). According to Smith  (1979)  acupuncture has been used in addiction treatment facilities in the United States since the early 1970s when Dr Michael Smith began to experiment with acupuncture as an adjuvant therapy for treatment of heroin addiction at New York’s Lincoln Hospital (Janssen et al., 2005). Auricular acupuncture   is a widely accepted treatment option for substance abuse that is used in more than 700 treatment centers worldwide (Black et al., 2011).  

The French Neurologist Paul Nogier popularized auricular acupuncture. Auricles are rich in nerves; therefore a close relationship with different functions of the human body has been proved by the research teams (Rong et al., 2015). According to Lin et al (2012) in auricular acupuncture there are 5 specific areas which are located in the external ear surface:  a) Lung Point b) Liver Point c) Kidney Point d) Shen Men e) The Autonomic (or Sympathetic) Point.  Auriculo-therapy is performed by needling these specific points which are approved by the National Acupuncture Detoxification Association (NADA) of the USA. According to Hackl and team (2017) auricular nerve stimulation has been proven effective in different diseases. 

Scientific research into the mechanism of action of acupuncture began around 1950 (Kawakita & Okada, 2014). Endogenous opioid peptides were considered major candidates for a role in acupuncture’s action (Pomeranz & Chiu, 1976).  According to the neurohumoral theory, acupuncture stimulates the release of various neurochemical substances, which have an analgesic and overall relaxing effect (Wong & Shen, 2010). The amelioration of pain and illness is believed to be through the reticular formation through the sympathetic and parasympathetic nervous systems (Soliman & Frank, 1999). Some experts attempt serotonin and related descending pain inhibitory pathway theories to explain the mechanism of action (Tsai et al., 1989). 

Acupuncture inoculates minute intrusive “traumas” or lesions into the tissues, which stimulates many survival mechanisms of the body and research demonstrated that manipulation promotes tissue healing by producing biomechanical, vasomotor, and neuromodulatory effects on interstitial connective tissue (Langevin, 2002; Langevin, 2001; Wong & Shen,  2010). Furthermore acupuncture restores homeostasis in the body and stimulating anti-inflammatory reaction, tissue regeneration, and pain modulation (Wong & Shen, 2010). Analgesic effect of acupuncture could be blocked by naloxon, an opiate antagonist, which implies that the action of acupuncture could be based partly on stimulating the endogenous painkilling substances (Goldstein, 1975; Mayer, 1977;Wong & Shen, 2010).  
  
Auricular acupuncture is an accessible, non-confrontational therapy that appears to be effective (Cowan, 2011). In addition auricular acupuncture is a safe therapeutic method (Viel et al., 2016).

Clinical experience suggests that acupuncture detoxification is both safe and acceptable to those in heroin withdrawal (Washburn et al., 1993). Acupuncture has been shown to reduce craving and consumption of substances in community-based studies (Janssen et al., 2005).According a study done by de Lorent and team (2016) indicated that auricular acupuncture significantly decreased tension, anxiety, and anger/aggression. Auriculo-therapy can potentially improve the side-effect profile of morphine and other prescription opioids (Kattalai Kailasam et al., 2016). Auricular acupuncture may be a safe and feasible treatment to assist chemically dependent pregnant women to reduce their dosage of methadone (Janssen et al., 2012).

According to Avants and group (2000) acupuncture shows promise for the treatment of cocaine dependence.  Southern and team (2016) indicated that acupuncture was potentially effective in reducing alcohol craving and withdrawal symptoms. Furthermore acupuncture is a safe method for smoking cessation and effective in helping smokers to quit (Wang et al, 2016). Moreover no serious adverse events were identified with auricular therapy (Tan et al., 2014). Auricular acupuncture thus appears to be a safe and inexpensive treatment modality that is easily administered and produces significant results (Gurevich et al., 1996).

Acknowledgment
Brian Irving RP, CACII, RCS Registered Psychotherapist Certified Addictions Counsellor Registered Clinical Supervisor ;Toronto Canada

References
Avants ,S.K ., Margolin, A., Holford, T.R., Kosten, T.R.(2000).A randomized controlled trial of auricular acupuncture for cocaine dependence.Send to Arch Intern Med. 14-28;160(15):2305-12.
Black, S. , Carey, E., Webber, A., Neish, N., Gilbert, R.(2011).Determining the efficacy of auricular acupuncture for reducing anxiety in patients withdrawing from psychoactive drugs.J Subst Abuse Treat.  ;41(3):279-87.
Brewington, V. , Smith, M., Lipton, D.(1994).Acupuncture as a detoxification treatment: an analysis of controlled research.J Subst Abuse Treat. ;11(4):289-307.
Cowan, D.(2011).Methodological issues in evaluating auricular acupuncture therapy for problems arising from the use of drugs and alcohol.Acupunct Med.  ;29(3):227-9.
de Lorent, L. , Agorastos, A.,  Yassouridis, A ., Kellner, M ., Muhtz, C.(2016).Auricular Acupuncture Versus Progressive Muscle Relaxation in Patients with Anxiety Disorders or Major Depressive Disorder: A Prospective Parallel Group Clinical Trial.Send to J Acupunct Meridian Stud. ;9(4):191-9.
Gori, L ., Firenzuoli, F.(2007).Ear acupuncture in European traditional medicine. Evid Based Complement Alternat Med.  ;4(Suppl 1):13-6.
Gurevich, M.I. , Duckworth, D., Imhof ,J.E., Katz, J.L.(1996).Is auricular acupuncture beneficial in the inpatient treatment of substance-abusing patients? A pilot study.J Subst Abuse Treat. 13(2):165-71.
Hackl, G ., Prenner, A. , Jud, P. , Hafner, F. , Rief, P ., Seinost, G ., Pilger, E. , Brodmann, M.(2017).Auricular vagal nerve stimulation in peripheral arterial disease patients.Vasa.  ;46(6):462-470
Janssen, P., Demorest, L., Whynot, E. (2005).Acupuncture for substance abuse treatment in the Downtown Eastside of Vancouver, Journal of Urban Health .82:285-95.
Janssen, P.A. , Demorest, L.C., Kelly, A., Thiessen, P., Abrahams, R.(2012).Auricular acupuncture for chemically dependent pregnant women: a randomized controlled trial of the NADA protocol.Subst Abuse Treat Prev Policy.  23;7:48.
Kattalai Kailasam, V. , Anand ,P. , Melyan, Z.(2016). Establishing an animal model for National Acupuncture Detoxification Association (NADA) auricular acupuncture protocol.Send to Neurosci Lett.  15;624:29-33.
Kawakita, K., Okada ,K.(2014).Acupuncture therapy: mechanism of action, efficacy, and safety: a potential intervention for psychogenic disorders?Biopsychosoc Med.   20;8(1):4. doi: 10.1186/1751-0759-8-4.
Lin, J., Chan, Y., & Chen, Y. (2012). Acupuncture for the Treatment of Opiate Addiction. Evidence-Based Complementary and Alternative Medicine, 2012, 1-10.
Pomeranz ,B., Chiu, D.(1976). Naloxone blockade of acupuncture analgesia: endorphin implicated. Life Sci. 19: 1757-1762.
Rong, P.J. , Zhao, J.J ., Li ,Y.Q ., Litscher, D. , Li, S.Y. , Gaischek, I. , Zhai, X ., Wang ,L ., Luo, M. , Litscher, G.(2015).Auricular acupuncture and biomedical research--A promising Sino-Austrian research cooperation.Chin J Integr Med.  ;21(12):887-94  
Smith, M. (1979).Acupuncture and natural healing in drug detoxification. Am J Acupunct. ;7:97–107.
Stuyt ,E.B. , Voyles, C.A .(2016).The National Acupuncture Detoxification Association protocol, auricular acupuncture to support patients with substance abuse and behavioral health disorders: current perspectives. Subst Abuse Rehabil.7;7:169-180.
 Soliman, N. , Frank, B.L.(1999).Auricular acupuncture and auricular medicine.Phys Med Rehabil Clin N Am.  ;10(3):547-54, viii.
Southern ,C ., Lloyd, C. , Liu, J ., Wang ,C. , Zhang, T ., Bland, M ., MacPherson, H.(2016).Acupuncture as an intervention to reduce alcohol dependency: a systematic review and meta-analysis.Chin Med.  15;11:49.
Tan, J.Y. , Molassiotis, A. , Wang, T ., Suen, L.K.(2014).Adverse events of auricular therapy: a systematic review. Evid Based Complement Alternat Med.  :506758.
Tsai, H .,Chen ,Y.F., Lin, J.G.(1989). Effect of electroacupuncture analgesia on serotoninergic neurons in rat central nervous system. Chin. Pharmacol. J. 41: 123–126.
Viel, E. , Vanoli, A ., Melis, A. , Rocher, F. , Schipman, B. , Truong, D.(2016). Efficiency of auricular acupuncture in climacteric symptoms after cancer treatments.Climacteric.  19(3):274-8.
Wang, Y.Y ., Liu, Z. , Wu, Y.,  Zhang ,O.,  Chen, M. , Huang, L.L. , He, X.Q.,  Wu ,G.Y. , Yang ,J.S.1.(2016).Acupuncture for Smoking Cessation in Hong Kong: A Prospective Multicenter Observational Study.Send to Evid Based Complement Alternat Med.  2865831.
Washburn, A.M. , Fullilove, R.E., Fullilove, M.T., Keenan, P.A., McGee, B., Morris, K.A., Sorensen ,J.L., Clark ,W.W.(1993).Acupuncture heroin detoxification: a single-blind clinical trial.J Subst Abuse Treat.  10(4):345-51.  


 Wong, M.C., Shen, H.J.(2010).Science-based mechanisms to explain the action of acupuncture. J. Assoc. Tradit. Chin. Med. 17(2), 5–10

Thursday, April 26, 2018

සුබයාගේ රිවර්සල් එක

රෝහලේ ෆාමසිය භාරව සිටියේ උමාපති මහතාය​. සමහර දින වල දහවල් කාලයේ උමාපති මහතා මේසයට ඔළුව තබාගෙන ගොරව ගොරවා නිදනු දැකීම සුලබ දර්ශනයක් විය​. උමාපතිට රිවර්සල් එකක් දෙමු කියා වරක් සුබයා කීවේය​. රිවර්සල් යනු නිර්වින්දනය කොට තිබෙන රෝගීන් යලි සිහි ගැන්වීම සඳහා දෙන එන්නතයි. වරක් සුබයා 10 CC සිරින්ජයකට වතුර පුරවාගෙන උමාපති ගේ කාමරය ඉදිරියෙන් යන ගමන් මේසයට ඔළුව තබාගෙන නිදා ගෙන සිටි උමාපතිට සිරින්ජයෙන් වතුර විද්දේය​. ඒ ක්‍ෂණයෙන්ම සුබයා කාමරය අසලින් මාරු විය​. නිදා ගෙන සිටි උමාපති ගැස්සී නැගිට්ට අතර වතුර පාර ආවේ කොහෙන්ද කියා ඔහුට සිතා ගත නොහැකි විය​. උමාපති වහලය දෙසද බැළුවේ වහිනවාදෝ කියා බැලීමටයි. එහෙත් වහලයේ කිසි අමුත්තක් නැත​. කෙසේ නමුත් සුබයාගේ රිවර්සල් එකෙන් පසුව උමාපති නිදා ගත්තේ කාමරයේ දොර වසාගෙනය​.

Wednesday, April 25, 2018

Love Romance and Fatal Outcry of Madame Bovary


“Everyone must have adored her, he thought. Every man who saw her must certainly have coveted her. This made her the lovelier in his mind; and he conceived a furious desire for her that never stopped; it fed the flames of his despair, and it grew stronger and stronger because now it could never be satisfied. – Madame Bovary by Gustave Flaubert
By Dr Ruwan M Jayatunge
Gustave Flaubert’s realism novel Madame Bovary became a reaction against the Romanticism and considered as one of the turning points in the Western literature. This realism leads to the imitation not of artistic masterpieces but of the originals that nature offers. In this context, Madame Bovary provides the literature of truth. It was a genuine account of human melodrama and a desperate outcry of a woman who was ensnared in a conventional society, which expects to suppress biological and psychological needs.
Although there is a little similarity between Madame Bovary and Leo Tolstoy’s Anna Karenina Gustave Flaubert deeply explores the inner world of Emma Bovary. Therefore, Emma was a more complex personality than Anna Karenina and Emma acted more boldly despite the cultural impediments imposed on her during the Victorian era.
Emma Bovary was a naïve girl who was educated in a convent and she had high romantic expectations. When she married Dr Charles Bovary, she anticipated love, romance and prestige. But her expectations soon became a mirage when she found her husband was an unintelligent and unromantic and emotionally blunt man. He was not ambitious and was in a different wavelength. He was boring and clumsy. Emma hated him and compared him with other men that she uncounted.
She was an attractive woman who expected be the center of attraction in the society. When she realized it was too impossible to fulfill her life dreams with Charles she wanted to runaway from her marriage. More she ran more she got trapped in an unhappy bond with her husband. Eventually she became depressed and restless.
Unexpectedly she found happiness for a moment when Emma and Charles were invited for a ball. Her eyes were gazed when she saw the nobility and had the opportunity to dance with a Vice Count. It was an unforgettable night and she expected similar events in her life but it never came. With the disappointment, Emma became depressed and had various psychosomatic ailments. For Emma’s betterment Dr Charles Bovary decides to go to another town putting his medical practice in jeopardy.
Although Emma is in a new surrounding, her melancholic feelings do not subside. It emerges in a new form. Emma had a daughter but she was unable to express her love to the child. Her suppressed feelings for young family friend Léon Dupuis makes her to demonstrate artificial affection to her husband Charles. It was a calamity inside and it explodes when Léon leaves to Paris to further his studies. She became isolated and gloomier.
Meeting a rich and rakish landowner, Rodolphe Boulanger was a turning point of her life. Unlike with Leon this time she denies to suppress her feelings. Emma undergoes a dramatic transformation and becomes a person with a free will without a moral conscience. Rodolphe Boulanger seduced Emma and she begins to feel adulterous. Her anger, displeasure and revolt against her husband were marked by the extramarital affair with Rodolphe.
Her struggles to find fulfillment through a realization of her romantic fantasies of love and wealth becomes a fiasco when she finds that Rodolphe did not want to take her with him. When Rodolphe left the town in order to avoid her Emma becomes devastated. Her depression and grief increases and finally Emma tries to achieve an unsuccessful emancipation via religion. She becomes over attached to the religion and yet found no salvation.
Her isolation and repression comes to a standstill when she meets Leon unexpectedly in an opera house. This time she decides not to hide her feelings from Leon. Emma maintains a secret relationship with Leon and weekly travels to meet him. Although she lies to her husband that she is taking piano lessons, she spends time with Leon in expensive hotels.
Her life has changed dramatically and from now on, everything was a lie to her. She lives in a world with fantasies and lust. Emma’s friendship with Leon puts herself further into debt. She has no life expectations except spending time with Leon. Her contempt for Charles drives her extramarital relationship in to a fathomless and aimless precipice. There was no turning back.
She obtained power of attorney over Charles’ estate and ruined his wealth until his property had been detained by the bank. When Emma was in a dias traits neither Leon nor the Rodolphe helps her. Eventually Emma realized that she had no genuine friends. The people who were closed to Emma used her in a selfish manner. In utter despair and humiliation, she swallows poison and takes her own life. The scrofulous beggar’s song is the last thing she hears before she dies.
Gustave Flaubert’s Madame Bovary typifies the negative extremes of the human experience and shows how psychobiological urges can affect a person despite the social norms. Flaubert penetrates the inner mind of Emma Bovary and lays out her dull feelings following a monotonous marriage. In addition, he points out the how the illusions exceed her reality. She became irresponsible in her pursuit of pleasure until the bankruptcy, which led her suicide.
Madame Bovary was compelled to seek escape through forbidden relationships with other men. It was a form of stress outlet to her. She was distressed disgusted over her husband Charles and she needed retaliation from Charles for breaking her romantic dream. However, this stress outlet was a disastrous escape for Emma. It was a gamble between life and death.
Gustave Flaubert’s Madame Bovary could be viewed as an expose of the situation of women in the 19th century who had no legal and accepted ways to walk away from unhappy marriages. Although she was a victim under the Victorian measurements, she became a perpetrator.

Monday, April 23, 2018

පාපෝච්චාරණය


මනෝ චිකිත්සකයා සෝපාව මත වැතිරී සිටින තම රෝගියා දෙස උපැස් යුවල යටින් බැලීය. ඔහුගේ දර්ශන පථයට හසුවූයේ රෝගියාගේ හිස, කඳ සහ දෙපා පමණි‚. සෝපාව මත වැතිරී සිටිමින්ම රෝගියා දෑස් වසාගෙන කථාවේ නිරත වෙයි. ඔහු තම ජීවිතයේ අඳුරු තැන් පවා සංස්කරණයකින් තොරව  පවසයි. රෝගියාගේ වචන වලට අවධානය යොමුකරමින් චිකිත්සකයා සවන් දීගෙන සිටියි. මනෝ චිකිත්සකයා රෝගියාගේ හිස අද්දර මදක් පසුපසට වන්නට තබා ඇති පුටුවක වාඩිවී සිටින බැවින් රෝගියාට තම චිකිත්සකයා නොපෙනේ. කාමරය මඳක් අඳුරුය. චිකිත්සකයා කාමරයේ  දොර  වසා ඇති බැවින්  රෝගියාගේ කටහඞ බැහැරට නොපැතිරෙයි. රෝගියා කථා කළේ සිහින් ස්වරයකින්ය. එහි කලකිරීම, කෝපය වැනි ආවේගයන් ගැබ්වී තිබු‚. රෝගියාගේ කථනය උනන්දු කරවීම පිණිස ඉඳහිට චිකිත්සකයා රෝගියාගෙන් අතුරු ප්රශ්න ඇසීය.

ඔව්, ඔබ විශ්ව විද්යාලයේ ඉගෙන ගන්නා කාලයේදී දේශපාලන වැඩ කටයුතුවලට උනන්දු වුනා කිව්වා නේද? ඊට පස්සේ මොකද වුණේමනෝ චිකිත්සකයා තම පැසී ගිය රැවුල අතගාමින් රෝගියාට ප්රශ්ණය යොමු කළේය.

මම ඇදිලා ගියේ රැඩිකල් දේශපාලනයට. අපි යටිබිම්ගතව දේශපාලනය කළා. කියන්නේ  ඩොක්ටර් පොලීසියෙන්, පාලකයන්ගෙන් වසන් වී කරන දේශපාලනය. අපි අභාෂය ලැබුවේ මාක්ස් සහ ලෙනින්ගේ න්යායන් වලින්. ඒත් මට හිතෙනවා අපි මායාවක පැටලී හිටියා කියලා

 මෙසේ පවසමින් රෝගියා මදක් ඇස් ඇර කාමරයේ සිවිලිම දෙස බලා යලි දෑස් වසා ගත්තේය, මනෝ චිකිත්සකයා රෝගියාගේ කතාවේ ඇතැම් කොටස් ඔහුගේ සටහන් පොතේ ලියා ගත්තේය. චිකිත්සකයාට මීට වසර 08කට පමණ උඩදී බාඩර් මෙයින්හොෆ් කල්ලියේ හිටපු සාමාජිකයකුවූ ජර්මානු ජාතික රෝගියා මතක් විය. ඔහුද මොහු මෙන් සිහින් සිරුරැති  උස අයෙකි.

අපි කළේ අයාලේ ගිය දේශපාලනය. පංති වෛරය අපි හුවා දැක්වූවා. අපට විරුද්ධ වෙන ඕනෑම අයෙක් ද්රෝහියකු ලෙසට ලේබල් කළා. ඊට පස්සේ ...........˜ රෝගියා මදක් නිශ්ශබ්ද විය.

ඔව්ඊට පස්සේචිකිත්සකයා රෝගියාව යලි උනන්දු කරවීය.

ඊට පස්සේ , ඊට පස්සේ, ඊට පස්සේ, ඔව්, ඊට පස්සේ අපි කටපුංචාගෙන් තමයි උත්තර දුන්නේ, මම පුද්ගලිකවම කොකා ගස්සලා නෑ. ඒත් සමහර ඝාතන අත උස්සලා අනුමත කරලා තියෙනවා. නිසා මගේ අතේ ලේ  තැවරිලා නෑ කියන්නමත් බැහැ. ද්රෝහියකු මරල දැම්මට පස්සේ ලැඛෙන්නේ පුදුම සතුටක්. ඩොක්ටර්, ඒඑA සතුට මට කියන්න තේරෙන්නේ නෑ. සතුට දවස් ගණනක් හිතේ තියෙනවා. උදේ රෑ ඒක ගැන හිතලා සතුටු වෙන්න පුලූවන්. ඝාතන ගැන අද වුනත් මගේ හිතේ පශ්චාත්තාපයක් නැහැ. හිතේ වෛරය, ක්රෝධය පිරී තියෙන කොට පුද්ගලයා ශක්තිමත් වෙනවා. ද්රෝහියකු මරා දමන විට වඩ වඩාත් ශක්තිමත් වෙනවා. රුධිරය තමයි ජීවිතය. මේක තමයි තිත්ත ඇත්ත. ලේ තරම් මිහිරි දෙයක් මේ ලෝකේ තියෙනවද?”

රෝගියා දත්කූරු කෑවේය. යලිත් වරක් ඇස්ඇර සිවිලිම දෙස බලා ක්ෂණිකව දෑස් වසා ගත්තේය. අනතුරුව යලි කල්පනාවේ නිමග්න විය.

අපේ ව්යාපාරය කඩාගෙන වැටුණා පොලීසිය දිවා රෑ අපව සොයාගෙන ආවා. මම ජීවිතය බේරා ගන්න සැඟවිලා හිටියේ පල්ලියක. එහෙම සැඟවිලා ඉන්න කොට මට නොයෙක් බිය ජනක සිතිවිලි එන්න ගත්තා. අපි මරා දාපු  ද්රෝහියන්ගේ කට 
හඞවල් ඇහෙන්න ගත්තා. මම රෑට රෑට බයවෙන්න ගත්තාමම නිදා ගත්තේ අල්තාරය ළඟ.  ටෝච් එළියක්, වාහන හඞක්, නුහුරු මිනිස් කට හඞක් ඇහුණු කොට මගේ හදවත සැලූණා. දාඩිය දාන්න ගත්තා. මම අල්තාරයේ පිටුපස්සේ සැඟවුණා. පල්ලියේ ෆාදර්ගේ කරුණාව නිසා මම තවම පණ පිටින්. මගේ සගයෝ ඔක්කොම වගේ ටයර් සෑයවල අලූවෙලා. සමහරු ආගිය අතක් නෑ. මම මෙහෙම ටික කලක් පල්ලියේ සැඟවිලා ඉන්න කොට මට හිතුනා යටි බිම්ගතව ඉන්න සාමාජිකයෝ මුණ ගැහිලා සබඳතා හදා ගන්න. මෙහෙම සබඳතා හදාගන්න යනකොට මාව
හමුදාවට අහුවුණා.”

රෝගියා වීණා තතක් මෙන් ශරීරය ඉහළට ඇද්දේය. ටික වේලාවක් නිහඞව සිටි ඔහු යලිත් ආත්ම කථනය ඇරඹීය.

මගේ මහපට ඇගිලි දෙක සපත්තු ලේස් වලින් කිටි කිටියේ ගැට ගසලා බාල්කෙක එල්ලලා තිබ්බා. වේදනාව ඇගිලිවල සිට වැලමිට, උරහිස ඛෙල්ල දක්වා පැතිරී යනවා. මහපට ඇගිලි දෙක හම ඉරාගෙන ගැලවිලා යයි කියලා මට හිතුනා. අතර වාරයේ වධකයෝ එස්ලෝන් බට වලින් තට්ටමට ගහනවා. තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ තට්ටම පුපුරලා ලේ එනවා. තට්ටම දිගේ ගලන ලේ බිමට වැටෙනවා. වධකයන්ගේ බූට්ස් වලට ලේ බිංදු පෑගිලා මුලූ කාමරය පුරාම ලේ පැල්ලම්. යාබද බාල්ක වලත් අපේ සාමාජිකයෝ වගේම නාඳුනන උදවියවත් එල්ලලා පහර දෙනවා: සමහරු ධර්මචක්රයේ දාලා¦ සමහරුන්ට මුත්රා අසූචි යනවා¦ ලතෝනිය, මරහඞ වගේම වධකයන් ගේ සරදම් සිනහවල් මුලූ කාමරය පුරා පැතිරී යනවා.

දා මුලූ දවසම මට එල්ලලා පහර දුන්නා. ඊට පස්සේ ධර්මචක්රයේ දමලා කරකව කරකව ලී බැටන් එකකින් පහර දුන්නා. මෙහෙම දිගටම පහර දෙනකොට වේදනා සංවේදනය නැතිවී යනවා. ස්නායු පද්ධතිය මැරුණා වගේ ක්‍රියා විරහිත වෙනවා. ස්නායු පද්ධතියෙ වේදනා පණිවිඩ මොළය ප්රතික්ෂේප කරනවා කියලා වධකයන්ට දැනෙනවා. මූට දැන් කොච්චර ගැහුවත් වැඩක් නෑ  කියලා කියනවා මට ඇහුණා.   සමගම  බොම්බඩියර් මූව සෙල් එකට දාන්න  කියන හඞක්ද ඇහුණා. කෙනෙක් පුටුවක් උඩට නැගලා මාව හිර කරලා බැඳ තිබූ ගැට කැපුවා. එතකොට දිග දර කොටයක් වගේ මාව බිමට වැටුණා. මගේ මුහුණ වැදුණේ ලේ මුත්රා ගලා ගිය සිමෙන්ති පොළවේ මම අමාරුවෙන් ඔළුව ඉස්සුවා. නිළ ඇඳුමක් ඇඳ​ගෙන හිටපු සොල්දාදුවෙක් මාව බිම දිගේ ඇදගෙන ගියා. ගිහිල්ලා සෙල් එකකට එබුවා. යකඩ දොර වහලා අගුල දමනකොට තමයි මම ඇස් ඇරියේ. සෙල්එක පුරවලා පොල් පොදි සේ මිනිස් ශරීර. ඔක්කොම වගේ හිටියේ නිරුවතින්. සමහරු නිසලව සිටියා¦ සමහරු මර හඞ දෙනවා¦ සමහරු කෙ`දිරි ගානවා¦ සමහරු දෙවියන්ට කන්නලවු කරනවා. හැමෝගේම වගේ `ගවල්වල තැලීම් තුවාල පැසවලා. කෙනෙකුගේ තුවාලවල ඕජස් තව කෙනෙකුගේ ඇඞේ තැවරෙනවා. අස්සේ සමහරු මුත්රා කරගෙන, අසූචි තවරගෙන. එක මිනිහෙක් හිටියා දැලි පිහියෙන් කට දෙපැත්ත කපලා. කට දෙපැත්තේ භයානක සිදුරු දෙකක්. සැරව පිරිලා බේරෙනවා. මැස්සෝ සූ ගාලා ඇෙ`ග් වහලා.˜   

අපිව දාල තිබ්බේ පොඩි කාමරයක. කාමරය අඳුරුයි කවුලූවක්වත් නෑ. හුළං පොදක් ලබා ගැනිමට සමහරු යකඩ දොර ළගට යනවා. එතන පොඩි හුළං පාරක් එනවා.
ඒත් වෙන සැකකාරයෙක් දාන්න සෙල් එක අරින කොට සමහර සොල්Þදුවෝ යකඩ දොර ලඟ ඉන්න මිනිහට බූට් එකෙන් පයින් ගහනවා.  අපිව මේ වගේ සුමාන ගණනක් තිරිසනුන් වගේ රඳවලා තිබ්බා.

මගේ කලිසම කඩමලූ වෙලා. සුමාන ගණනකින් දත් මැදලා මූණ සෝදලා නෑ. අපිට අපේම ශරීර පිලිකුල්. සමහරු වමනේ දානවා.    අපි නිදා ගත්තේ එකිනෙකාගේ ඇඟවල් මත. රෑට තිත්ත කරුවලයි. මදුරුවෝ පිරිලා. දවල්ට උහුලන්න බැරි උෂ්ණය. අපි කවුරුත් එකිනෙකා සමග කතා කළේ නැහැ ඔත්තුකාරයෝ එහෙම හිටියොත්  කියලා. සමහරු බනිනවා, කන්නලව් කරනවා, අඞනවා.

එක මිනිහෙකුට පිස්සු හැදුණා, මිනිහා නිතරම හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. මට හිතුනා අප අතර හිටිය අයගෙන් වාසනාවන්තම කෙනා ඔහු කියලා. මිනිහට කිසි වගක් නැහැ, තනියම කියවනවා

දවසක් ඇර දවසක් මාව ප්රශ්න කරන්න වධක කාමරයට ගෙනියනවා. එල්ලලා පහර දෙනවා. ඔළුව වතුරේ ඔබනවා. මම ශක්තිමත්ව හිටියා. කිසිම සගයෙක් පාවලා දුන්නේ නැහැ. එක දවසක් මාව ප්රශ්න කරන්න ගෙනිච්චේ වධකාගාරයට නෙමෙයි. අපි හිටපු ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ තිබුණු කාර්යාලයකට. එතන මේසයක් ලඟ වාඩිවෙලා හිටියා උරහිසේ තරු තුනක් ගහගෙන හිටපු නිළධාරියෙක්. ඔහු මට වාඩිවීමට පුටුවක් පිරිනැමුවාදහඩිය, ලේ පැල්ලම්, කුණු තැවරී තිබුණු මගේ අත්දෙක මම පිරිසිදු මේසය මත තැබුවා. හමුදා නිළධාරියා මඳක් පස්සට ගියා. ඉන්පසු මගේ ශරීරයෙන් එන දුර්ගන්ධය මකාගන්නද කොහේද සිගරැට් එකක් පත්තුකර ගත්තා. මටත් එකක් පිරිනැමුවා. මම හිසවනා එය ප්රතික්ෂේප කළා
ඉතින් තමුසේ අපට ඇත්ත කියන්නේ නැහැනේනිළධාරියා මා දෙසට දුම්රොදක් එවමින් කියා සිටියා.

මට කියන්න  දෙයක් නැහැ.  මම බිම බලාගෙන කිව්වා.

මේක තමුසෙට ලැඛෙන අන්තිම වාරේ. තමුසේ විශ්වවිද්යාලයක උගත් ශිෂ්යයෙක් නිසා තමයි අපි මෙච්චරවත් ඉවසුවේ. නැත්නම් තමුසේ මෙලහකටත් ටයර් සෑයක.˜ —

අපි මැරෙන්නේ එක සැරයයි සර්මම නිළධාරියාගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා. මගේ උත්තරයට නිළධාරියාට හොඳටම තරහගියා. මිනිහාගේ මූණට ලේ පිරෙනවා මම දැක්කා. ඔහු විධාන දුන්නා මාව අරන් ගිහින් මරා දාන්න කියලා. —පටි දෙකක් ගහපු සොල්දාදුවෙක් මාව ඛෙල්ලන් අල්ලගෙන ගිහිල්ලා වධක කාමරයේ දොර ළගට ගෙනිහිල්ලා මගේ පස්ස පැත්තට බූට්ස් කකුලෙන් පහරක් දුන්නා. මම වධක කාමරයේ මුනින් අතට වැටුණා

කාමරයේ උඩ තට්ටුවේ කොල්ලෝ දෙන්නෙක් ධර්ම චක්රයේ දාලා. කාමරයේ කොනක මියගිය තරුණ ශරීර දෙකක් ගෝනි දෙකක දාලා. ඔවුන්ගේ සුදුමැලිවී ගිය පාද මම දැක්කා. පාද වල වියලී ගිය ලේ පැල්ලම් තිබුණා.˜ —මූව අද රෑට අරගෙන ගිහිල්ලා වෙඩි තියලා මේ බොඩිස් එක්ක පුච්චපන්පටි දෙකේ සොල්දාදුවා එතන හිටිය සොල්දාදුවන්ට අණදුන්නා.

මට තේරුණා මගේ අවසන් මොහොත ඇවිල්ලා කියලා. මරණ බය දැණුනා ඇත්ත. ඒත් මේ වේදනා අවසානයි නේද කියන හැඟීම ඇති වුණාඑක සොල්දාදුවෙක් මොට්ට රේසරයකින් මගේ ඇහි බැම ගෑවා. ඇහි බැම බාන්නේ මරලා දමන සැකකාරයින්ගේ කියල මම දැනගෙන හිටියාමට තේරුණා මම දැන් මරණයට ඉතා ලඟ බව. මළ සිරුරු දෙක සමග මාව අංක තහඩු රහිත වාහනයකට දමාගනියි කියා මට හිතුනා. ඒවගේම වැඩේ පරක්කු වෙන්නේ තවම කරුවල වැටී නැති නිසා කියා මට හිතුණා. මම මරණයේ දොර ළ`ගටම ඇවිල්ලා. මට මතක් උනා විශ්වවිද්යාලයේ මා සමග ඉගෙනගෙන දිවි නසා ගත් ඉන්ද්‍රජිත්. මාත් තව ටික වේලාවකින් මළවුන් අතරට යනවා. මට දෙමාපියන් මතක් වුණා. මෙපමණ තරුණ වයසේදී මම මරණය කරා යන්නේ ඇයි?

හිටි හැටියේම තරු තුනක් ගසාගෙන සිටි නිළධාරියා වධක කාමරයට ආවා.

 ඒයි මේ බලපං. උඹ නිකන් වීරයා වෙන්න හදනවා. මූව දැකලා තියෙනවදමම අමාරුවෙන් දෑස් ඇරලා නිළධාරියා ලඟ හිටපු පුද්ගලයා දෙස බැලූවා. මට මගේ දෑස් අදහාගන්නවත් බැරුව ගියාඅපගේ සදාදරණීය  සේන සහෝදරයා. මට විශාල සතුටක් දැණුනා. මම හිතාගෙන හිටියේ සේන සහෝදරයා මරා දැම්මා කියලා. සේන සහෝදරයා පණ පිටින් දැකීම කොච්චර සතුටක්ද? හොඳට දේශන තියන්න, න්යාය පහදල දෙන්න පු`ථවන් ඔහුට.  සේන සහෝදරයා දෙස මම දයාබර දෑසින් බැලූවා. සේන සහෝදරයා හොඳ පිරිසිදුවට රැවුල බාලා කිරි කොකා වගේ සුදු ඇඳගෙන හිටියේ. මාව දැකලා සේන සහෝදරයා හිතවත්ව හිනා වුනා. මට පුදුම හිතුනා. ඔහුගේ ශරීරයේ තුවාළ කැළලක්වත්, ලේ පැල්ලමක්වත් නෑ. කමීසයේ බොත්තමක් කැඩිලාවත් නෑ. මේකෙ වෙන්න පු`ථවන්ද? මම ඔහුදෙස නැවත වරක් බැලූවා. සේන සහෝදරයා මා දිහා බලලා අනුකම්පා සහිතව හිනාවෙනවා.

සහෝදරයා දැන් වැඩක් නැහැ, ඔක්කොම ඉවරයිඔහු සිහින් හඬින් කීවාමේක මයාවක්ද? චේගුවේරා වගේ හිටපු,  මව්බිම නැත්නම් මරණය  යනුවෙන් කියපු සේන සහෝදරයා  අරගලය අහවරයි  කියනවා. මේක වෙන්න පුථවන් දෙයක්ද? —

සහෝදරයා, අපි යථාර්ථය පිළිගන්න ඕනෑ. සහෝදරයා දන්න දේවල් කියන්නමෙහෙම කියන ගමන් ඔහු තරු තුනක් පැළැද සිටි නිළධාරියාගේ අතේ තිබුණු ගෝල්ඩ් ලීෆ් සිගරැට් පැකට් එකෙන් සිගරැට් එකක් ගෙන දෙතොලේ රුවා ගත්තා. එවිටම නිළධාරියා තමාගේ දැල්වෙන සිගරැට්ටුව සේන සහෝදරයාගේ සිගරැට්ටුව දැල්වීමට දුන්නා. සේන සහෝදරයා තම සිගරැට්ටුව පත්තු කර ගත්තා.

දුම්වැටිය අදිරාජ්යවාදීන්ගේ උගුලක් කියපු, මහමෙර වගේ ශක්තිමත්ව හිටපු සේන සහෝදරයා සතුරන්ට එකතුවුනේ කොහොමදමට අදහා ගන්න බැරි වුනා.

මූව අරං වරෙන්නිළධාරියා දුන්නු නියෝගයට අනුව සොල්දාදුවෙක් මගේ ඛෙල්ලෙන් අල්ලා ගෙන ඇදගෙන අර නිළධාරියාගේ කාර්යාලයට ගෙන ගියා. මට දම්වැලක් දා ලා නිළධාරියාගේ මේසයට තියලා ඉබ්ඛෙක් දැම්මා. දැන් මම බලූකුක්කෙක් වගේ මේසෙ ගැටගහලා. සේනත්, නිළධාරියත් රවුම් මේසේ වටේ තිබුණු පුටු දෙකක වාඩි වුණා.   

අපට බියර් දෙකක් ගේනවා. බයිට් එකකුත් එක්කනිළධාරියා විධාන කළා. තවත් සිගරැට්ටුවක් දල්වා ගත්ත  නිළධාරියා සේන සහෝදරයා සමඟ කථාව ඇරඹුවා.  

අපි දෙපාරක්  මිනුවන්ගොඩ ගියා. තාම ජයසිරිව අල්ල ගන්න බැරි වුනාමිනිහා වෙන කොහේද ඉන්නේ

සර්, ජයසිරි විලියම් කියන නමත් භාවිතා කරනවාජයසිරිගේ මාමා කෙනෙක් පොලොන්නරුවේ ටවුමේ බේකරියක් කරනවා. එහේ බැලූවොත් ජයසිරිව හොයා ගන්න පු`ථවන්.˜  සේන සහෝදරයා හෙමිහිට කිව්වා.

මට කන් අදහාගන්න බැරුව ගියා. ජයසිරි අපේ සගයෙක්. ජයසිරි පොළොන්නරුවේ ඉන්න බව මමත් දැනගෙන හිටියා. ගිය සුමානේ හුස්ම හිරවෙනතුරු මගේ හිස කුණුවතුර බාල්දියේ ඔබලත් ජයසිරි සහෝදරයා ගැන මම වචනයක්වත් පිටකළේ නැහැ. මටත් වඩා ජ්යෙෂ්ඨ සේන සහෝදරයා ජයසිරි ඉන්න තැන කිසිම ගාණක් නැතිව  කියා දැම්මා.

ඊට පසු වීදුරු දෙකක් සමග සුව` හමන, කටට කෙළ උනන, බැදපු මස් පි`ගානක් සමග බීර බෝතල් දෙකක් සොල්දාදුවෙක් ගෙනාවා. නිළධාරියා තමයි සේනගේ  වීදුරුව බියර් වලින් පිරෙව්වේ.

චියර්ස් ˜ තරු තුනේ නිළධාරියා මගේ දිහා බලන ගමන් කිව්වා. වීදුරුව හිස්වෙන ගානේ තරු තුනේ නිළධාරියා සේන සහෝදරයාගේ  වීදුරුව බියර් වලින් පිරෙව්වා. සේන සහෝදරයා කිසිම හිරිකිතයක් නැතිව  මස් කකා බියර් බිබී ඉන්න අතරේ මාව බල්ලෙක් වගේ මේසේ ගැටගහලාසුමාන ගණනක් තිස්සේ අපට කන්න ලැබුනේ පරණ පානුයි, තක්කාලි හොද්දකුයි විතරයි. සමහර දවස්වල රෑට කන්න දුන්නෙත් නැහැ. මගේ නහයට බැදපු මස්වල සුව` දැනුණා. අපිව රැඩිකල් දේශපාලනයට ගෙනාපු, ප්රධාන පෙළේ නායකයෙක්, අපේ මාර්ගෝපදේශකයෙක්, නිළධාරියා එක්ක බීර බොනවාඅපි සේන සහෝදරයා ගැන විශ්වාස කරලා නේද ව්යාපාරයට බැඳුණේ. අපි අපේ අනාගතය, අධ්යාපනය, ජීවිතය පවා පරදුවට තබලා ව්යාපාරයේ වැඩ කරගෙන ගියේ සේන සහෝදරයාගෙන් ලැබුණු උපදෙස් හා ජීවගුණය නිසා නේද?   දැන් සේන සහෝදරයා අපට කොකා පෙන්නනවා. මට සේන සහෝදරයා ගැන තද වෛරයක් ආවා.

මූ හොඳ ගල්ටික් පොරක් නේදනිළධාරියා මාව පෙන්නලා සේන සහෝදරයාගෙන් ඇහුවා. ඔහු මා දෙස බලා ඔලූව වැනුවා.

“අපි දවසක් මූව උස්සන්න යනකොට මූ පල්ලියක හැංගිලා බේරිලා තියෙනවා. එදා මට මූව හම්බ වුනා නම් මූව ගෙඟ් පා කරනවා.˜” නිළධාරියා තලූමරමින් මස් කෑල්ල කෑවා. හරියට මගේ මාලූ කනවා වගේ මට දැණුනේ. මට දරුණු තරහක් ආවා සේන සහෝදරයා එක්ක. මට දැන් මේ දම්වැල කඩාගෙන යන්න පුථවන් නම් මම සේන සහෝදරයාගේ බොටුව මිරිකනවා.

මූව ගෙනියලා වොෂ් එකක් දෙනවානිළධාරියා සෙබලෙකුට නියම කළා. සෙබලා මා ළගට කිට්ටු වෙනවිට සේන සහෝදරයා බැදපු මස් කෑල්ලක් මගේ අත ළගට දුන්නා. මම සේන සහෝදරයාගේ අතට ගහපු වේගයට මස් කෑල්ල වීසිවෙලා ඇතට වැටුණා. එවිටම සෙබලා බූට් එකෙන් මගේ ඉළයට ඇන්නා. මට වේදනාවට වඩා දැණුනේ තරහා. සේන සහෝදරයා හිතන්න ඇති මමත් වගේ හිඟමන් කන එකෙක් කියලා. සේනගේ අතට සුථවෙන් හෝ පහරක් දෙන්න ලැබීම මට ලොකු දෙයක් උනා. සෙබලා මාව ඛෙල්ලෙන් අල්ලාගෙන ගිහිල්ලා පහළ තට්ටුවේ තිබුණ වතුර ටැංකියක එබුවා

සුමාන  ගණනකට පස්සේ වතුර ටිකක් ඇෙඟ් වදින කොට සනීපයක් දැනුනා. මම හොඳට මුහුණ සෝදා ගත්තා. කිහිලියට දාÞඩිය ගඳ යන්න හෝදා ගත්තා. කඩමාලූ වෙච්ච කලිසම් පාත්කරලා ඉකිලි සෝදා  ගත්තා. ඊට පස්සේ මාව අරගන ගියේ වෙන කාමරයකට. එහිදී මට පරණ සරමක් හා ෂර්ට් එකක් දුන්නා. කකුල්වලට මාංචු දාලා කාමරය ඇතුළේ වහලා තිබ්බා. පහර දුන්නේ නෑ.

රෑ වෙලා ඛෙලෙක් පිඟානකට මට කෑමට උණු බත්, අලහොදි එක්ක සැමන් කෑල්ලකුත් ලැබුණා. කාලෙකට පස්සේ හොද කෑමක් ලැබුණ නිසා මම කාමරයේ බිත්තියට හේත්තු වෙලා කෑම පි`ගාන අතට ගත්තා. මට බත් කටවල් දෙක තුනකට වඩා කන්න ලැබුණේ නෑ. සේන සහෝදරයා කාමරයේ දොර  `ගට ආවා.

සහෝදරයා මාත් එක්ක තරහද? සහෝදරයා මාව තේරුම් ගන්නසේන සහෝදරයට වචන දෙක තුනකට වඩා කථාකරන්න මම ඉඩ තිබ්බේ නැහැබත් පිඟාන උගේ මුහුණට දමලා ගැහැව්වා. සේන සහෝදරයා බත් සමග හොදි නා ගත්තා. මාව මුරකරමින් සිටි සෙබලා මගේ යටි බඩට පයින් පහරක් ගැහැව්වා. මම යටිබඩ අල්ලාගෙන මුනින් අතට බිම වැතිරුණා. කකුල්වලට මාංචු දාලා තිඛෙන නිසා වේදනාව තවත් වැඩි වුනා.

මෝඩයා, උඹව මරණයෙන් ගැලවුනේ මගේ වචනයටමට පිටුපාලා යන ගමන් සේන සහෝදරයා කියා ගෙන ගියා. තව මොන මොනවාදෝ කිව්වත් අධික වේදනාව නිසා මට තේරුම් ගන්න බැරි වුනා. පා පහර නිසා මට මුත්රා පවා ගිහිල්ලා තිබුණා.

ඊට පසුව මාව මස් මඩුවට ගෙනගියේ නැහැ. මට කෑම, පිරිසිදු `දුම් ලැබුණා. ඒත් සුමානයකට සැරයක් ප්රශ්න කරන්න ගෙනිච්චා. පහර දුන්නේ නැහැ. මගෙන් ප්රශ්න කළේ උසස් නිළධාරියෙක්. කර්නල් කෙනෙක් වෙන්න ඇති. උරපත්තේ තරු වලට අමතරව ජනරජ ලාංඡනයකුත් තිබුණාප්රශ්ණ කරන අතරතුරේ මට ඔරේන්ජ් බාර්ලි එකකුත් දුන්නා. සේන සහෝදරයා නිසා ඇති වෙච්ච කළකිරීම මත ව්යාපාරය මට එපාවෙලා තිබුණේ. මට තව රැකගන්න රහසක් තිබුණේ නැහැ. මම ඔරේන්ජ් බාර්ලි තොල ගාමින් සියල්ලම වැමෑරුවා.

නාරාහේන්පිට සිගේරා, කැළණියේ අසිත, දෙහිවල උපුල්, කටුනේරියේ සිරිල්මේ සිය` දෙනා සැඟවිලා හිටපු තැන් මම කිව්වා. මම කියන තැන්වලට සෙබලූ යනවා. සාමාජිකයන් අරගන මස් මඩුවට දක්කනවා. මම සේන සහෝදරයා කිහිප වාරයක් දැක්කා. දැන් අපි දෙන්නම එකම බෝට්ටුවේ. ඒත් දෙන්නගෙන් එක් අයෙක්වත් කථා කළේ නෑ. මම යන එනකොට සේන සහෝදරයා මාව නොදැක්කා වගේ ඩියුටි ඉවර කරලා ඉන්න සෙබලූන් එක්ක දාං අදිනවා. කැරම් ගහනවා. මට රෑට මාංචු දාලා තිබ්බත් දවල් වරුවේ මාව තියලා තිබ්බේ නිදහසේ. තව සුමාන දෙක තුනක් යනකොට රෑට මාංචු දැම්මෙත් නැහැ.

දවසක් මාව අන්තිමට ප්රශ්න කරපු කර්නල් ඇවිල්ලා කිව්වා අද මාව නිදහස් කරනවා කියලා. මට ඒක අදහගන්නවත් බැරුව ගියා. මම හිතුවා මාව අරගන යන්නේ මරන්න කියලා. සෙබලෙක් මගේ දෑස් බැ`දලා හමුදා   වාහනයක දමා ගත්තා. තව සෙබලූන් කීපදෙනෙක් වාහනයට නැග්ගා. දොරවල් වැහෙන හඞ, එන්ජිම පණගන්වන හඞ මේ සියල්ලටම මම කන් දුන්නා. වාහනය මහා මාර්ගයේ  මේ අත යනවා. දෑස් බැඳලා නිසා මට කිසිම දෙයක් පේන්නේ නැහැ.

මෙන්න මෙතැන අයිනට කරලා නවත්වනවා”  මට රියදුරු අසුන ` හිටපු නිළධාරියාගේ කට හඞ ඇසුනා. වාහනය වේගය අඩුකරමින් නැවැත්තුවා. —මෑන්ව බස්සනවා හඞ යලිත් ඇසුණා. සෙබලෙක් මාව අතින් ඇදලා එළියට ගත්තා. මගේ දෑස් බැඳලා මොනවාවත් පේන්නේ නැහැමට හිතුනා දැන් තුවක්කුවක් මගේ ඔළුව `ගට ළං කරලා කොකා ගස්සයි කියලා. මගේ ඔළු කට්ට පුපුරලා ලේ යන හැටි මනසින් දුටුවා. තවමත් වෙඩි හ හඞ ක් නැහැමම ගල් රූපයක් වගේ නිසලව හිටියා. වාහනයේ දොරවල් වැහෙන හඞ වාහන එන්ජිම සැරවෙන හඞ මට ඇහුණා. තාම  ඩිෂුම්  ඩිෂුම්  නැහැ. වාහනය පිටත්වෙලා ගියා. මම තාම ගල් රූපයක් වගේ හිටගෙන. මම හිටියේ කම්පන තත්තවයක. මට බය හිතුනා. මම ඉන්නේ පාර මැද, දැන් ලොරියක් මගේ ඇඟ උඩින් යයි කියලා. මම උක්කුටිකයෙන් වාඩිවෙලා පාර අතගෑවා. මගේ අතට තාර පාර අහුවුනා. මම මගේ දකුණු අත පැත්තට බරවෙලා පාර අතගාගෙන ගියා. යනකොට මට පේමන්ට් එක අසුවුනා. මම වහාම පේමන්ට් එකට ගොඩවෙලා දෑස් බැඳ තිබු පටිය ගලවා ගත්තා. හිමිදිරි උදය. පාරේ කිසිකෙනෙක් පේන්න නැහැ. මම ගොඩනැගිල්ලක් දැක්කා. මම ගොඩනැගිල්ල අසලට ගියා. එතන තිබුනේ පුවත්පත් කාර්යාලයක්. මම පුවත්පත් කාර්යාලයට ගියා. මුරකාරයා මට කතා කලා. මම මුරකාරයාට කන් නොදී කාර්යාලය ඇතුළට ගියා.

රෝගියා හදිසියේම ඇස් ඇරියේය. —ඊට පස්සේ මොකද වුනේමනෝ චිකිත්සකයා  ඇසීය. රෝගියා සුසුමක් හෙළීය. දෑස් වසාගත් ඔහු යළි කථාව ඇරඹීය.

ඒ කාර්යාලයේ හිටියා මාව දැනගෙන හිටපු කීප දෙනෙක්. අය මට කෑම බීම දීලා මාව නෑ කෙනෙක්ගේ ගෙදරට ඇරලූවා. මම එතැන මාස ගනනක් හිටියා. වැඩිය එලිපහලියට ගියේ නැහැ. මට ජීවිතය ගැන කල කිරීමක්  දැනුනා. දිවි නසාගන්න තදබල අවශ්යතාවයක්  පැනනැගුනා. මෙහෙම ඉන්න කොට මම බෞද්ධ දර්ශනය පැත්තට යොමු වුනා. මම මාක්ස්වාදය වෙනුවට බෞද්ධ දර්ශනය කියෙව්වා.˜  අපි පන්ති අරගලය හරහා බලයට එන්න උත්සාහ කළා. ඒක අසාර්ථකයි. මට හිතුනා බලයට එන්න බුද්ධාගම ඉනිමගක් කරගන්න. අපේ අතීත රජදරුවොත් කළේ ඒකනේ. නිසා ඒකේ වැරැද්දක් මම දැක්කේ නැහැ. රතු මගට වඩා බොදුමග බලයට එන්න කෙටිමගක් හැටියට මට පෙනුනා.˜  අත්අඩංගුවේදී මම වින්ද වේදනාව, පාවාදීම්, මගේ හෙළිදරව් කිරීම් ආදිය නිසා මට අභ්යන්තර වේදනාවක් ඇතිවුනා. ඒ වේදනාව ක්රමක්රමයෙන් වෛරයකට පෙරලූනා. වෛරය මම අනුගත කළා  අප රට අන්ය ජාතිකයන්ට. හරියට ජර්මානුන්ගෙන් පීඩා විඳපු යුදෙව්වෝ තම වෛරය පලස්තීන ජාතිකයාන්ට බැරකළා වගේ. අළුත්බෞද්ධ අනන්යතාවයක් උඩ මම අන්ය ජාතිකයන්ට, වෙනත් ආගමික ප්රධානීන්ට, වෙනත් පූජ්ය ස්ථානවලට පහර දෙන්නට පටන්ගත්තා. අල්තාරයට මුවාවෙලා පණ බේරගත්ත අතීතයට මම වෛරකළා. වෛරය නිසා වෙන්න ඇති අද මම පල්ලියට වෛර කරන්නේ. මගේ යටි අරමුණු තේරුම්ගත්ත, මගේ නියම සවභාවය වටහා ගත්ත පුද්ගලයන් ගැන බයත් සමග පිළිකුලක් ඇති වුනා. හැකි සෑම අවස්ථාවකම මම ඔවුන්ව ලේබල් කළා. එන්.ජී.. කාරයන්, සාම වෙළෙන්දන්, පල්ලියේ බළල්අත්, සී.අයි. ඒ කාරයින් වශයෙන්. මට අවශ්ය උනා මතින් මගේ නිරුවත වසාගන්න.˜ —ක්රෝධය උත්සන්න වෙනකොට මම මගේ බිරිඳට පහර දුන්නා. ළමයාට බඳපටියෙන් පහර දුන්නා. මම ලෝකයට පෙන්නුවේ ධාර්මික, සිල්වත් මුහුණක්. ඒත් මගේ ලමයා මාව දැක්කම හැංගෙනවා. මගේ ආධ්යාත්මය මැරිලා.˜ —ඩොක්ටර්, මට සමහර වෙලාවකට හැෙඟනවා මම මහා පාලූ කාන්තාරයක අතරමං වෙලා කියලා. මට මගේ අභ්යන්තරය හිස්බවක් දැනෙනවා. මම මහා ප්රතිරෝදතාවක  ගිලිලා. ජනතා  ව්යාපාරයක නියමුවකු හැටියට ආපු මම අන්තවාදියෙක්, ජාතිවාදියෙක් බවට පරිවර්තනය වෙලා. මට මගේ යථාර්ථය ගැන ගැට`ථවක්, මට මගේ පැවැත්ම ගැටළුවක්


රෝගියා දීර්ඝ හුස්මක් ගත්තේය. ඉක්බිතිව ගල් රූපයක් සේ නිශ්චලව කල්පනාවේ නිමග්න විය.  මනෝ චිකිත්සකයා රෝගියා දෙස​ නෙතු දල්වාගෙන සිටියි. එහෙත් රෝගියා නිහඞය.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook