Thursday, April 26, 2018

සුබයාගේ රිවර්සල් එක

රෝහලේ ෆාමසිය භාරව සිටියේ උමාපති මහතාය​. සමහර දින වල දහවල් කාලයේ උමාපති මහතා මේසයට ඔළුව තබාගෙන ගොරව ගොරවා නිදනු දැකීම සුලබ දර්ශනයක් විය​. උමාපතිට රිවර්සල් එකක් දෙමු කියා වරක් සුබයා කීවේය​. රිවර්සල් යනු නිර්වින්දනය කොට තිබෙන රෝගීන් යලි සිහි ගැන්වීම සඳහා දෙන එන්නතයි. වරක් සුබයා 10 CC සිරින්ජයකට වතුර පුරවාගෙන උමාපති ගේ කාමරය ඉදිරියෙන් යන ගමන් මේසයට ඔළුව තබාගෙන නිදා ගෙන සිටි උමාපතිට සිරින්ජයෙන් වතුර විද්දේය​. ඒ ක්‍ෂණයෙන්ම සුබයා කාමරය අසලින් මාරු විය​. නිදා ගෙන සිටි උමාපති ගැස්සී නැගිට්ට අතර වතුර පාර ආවේ කොහෙන්ද කියා ඔහුට සිතා ගත නොහැකි විය​. උමාපති වහලය දෙසද බැළුවේ වහිනවාදෝ කියා බැලීමටයි. එහෙත් වහලයේ කිසි අමුත්තක් නැත​. කෙසේ නමුත් සුබයාගේ රිවර්සල් එකෙන් පසුව උමාපති නිදා ගත්තේ කාමරයේ දොර වසාගෙනය​.

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook