Monday, November 29, 2021

අයියා පුතා සහ බම්බලපිටියේ මිනිසා මුහුදට පළවා හැර මරා දැමීම

බම්බලපිටියේ මිනිසා මුහුදට පළවා හැර මරා දැමීම පිලිබඳව 2009 වසරේදී මා විසින් Daily News පුවත් පතට ලිපියක් ලිව්වා. මේ ලින්ක් එකෙන් එය කියවිය හැක. 

අයියා පුතා

This is what we have become 

On October 29, 2009 a man was throwing stones at trains and vehicles passing Bambalapitiya, Colombo 4. Angry crowds reported this incident to police and a constable from the Bambalapitiya police station came to the scene immediately. Instead of using his intellect and skills, the constable started beating him and the fearful man jumped into the sea.   Seashore tragedy … It is unfortunate that onlookers failed to save the man from drowning  The constable reportedly took a wooden pole and with the help of another two men started assaulting the victim. The helpless man brought his hands together and worshipped his tormentors. But they did not stop. They continued to beat him until he drowned. When this incident occurred, more than 100 people were watching it and no one spoke against it or intervened to save the man.  

The victim was later identified as B. Sivakumar (26), a resident of Ratmalana.  He was also a psychiatric patient who had taken treatment from the Angoda Mental Hospital. Probably, he suffered from Schizophrenia, and following auditory hallucinations, he started throwing stones at vehicles, or maybe he had BPAD (Bipolar Affective Disorder) in his manic phase and became aggressive and reactive. Sudden provocation could have led him to throw stones at vehicles. Apart from the illness, the 30-year armed conflict in Sri Lanka may have aggravated his mental health.  

At a time like this when racial tension has reached its maximum levels, one can come to a petty and racial conclusion that a Sinhalese Police officer killed a Tamil man in the heart of Colombo in broad daylight. Most probably, the people did not know the man's nationality when they first saw him throwing stones. Of course, they were mad at him.  Also, they knew that he was doing an abnormal thing. But no one wanted to calm him down or not provoke him further. This indicates the most pathetic part of the incident. People encouraged the tormentors with their non-interfering attitude and silence. In a war-torn society, this silence and emotional apathy represent a social dilemma and retraumatization. This has become a damaging feature that is prevailing in contemporary Sri Lankan society. People mind their own business saying that "we are good citizens, we don't want to get involved".  That is the common attitude of the intellectuals, artists, etc. This condition is expressed by one of my good friends as "fear" overrides a sense of humanity. On October 29, 2009, at Bambalapitiya seashore, we witnessed this condition again.  In Medieval Europe, psychiatric patients were regarded as the agents of Satan and they were tortured and often burnt to death.

The humane way of treating psychiatric patients in Europe started with Dr. Philippe Pinels reformations in the 18th century.  But 2,500 years ago, we Sri Lankans treated psychiatric patients with compassion. Kohombakankariya, which is an ancient Sri Lankan ritual and a mode of psychotherapy, testifies that we did not burn psychiatric patients but cured them. King Buddhadasa (340-368 A.D.) was a magnificent physician as well as a psychotherapist.  One day, a man insulted and humiliated the king in public. Instead of sending him to prison, the king did a psychological profile on him and came to know that the man was mentally unsound.  King Buddhadasa treated the patient and the man regained his insight. As the story goes, he became a good friend of the king. There are reports from all over the world that psychiatric patients are mistreated and face discrimination.  

 Many law and enforcement officers have no idea about the trauma/psychiatric-based behavior of a mentally unsound man.  The Bambalapitiya incident reflects this once again. Many psychiatric patients do not seek treatment following social stigma.  In Sri Lanka, there are a large number of people (civilians/military/ex-militants) with untreated and undiagnosed malignant PTSD. These men can go into tantrums or flashbacks with a sudden provocation or with arousal.  How are we going to deal with this in the future? Are we going to repeat the Bambalapitiya incident again?

Monday, November 15, 2021

VOG ඇන්දීම

1997 කාලයේ මම මීගමුව දිස්ත්‍රික් රෝහලේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී - නාරි හා ප්‍රසව ( SHO Gyn and OBS) ලෙස සේවය කලෙමි. මාගේ විශේසඥ වෛද්‍යවරයා වූයේ VOG අජිත් සේමසිංහ මහතාය. ඒ කාලයේ සතියට දින 6 ක් නයිට් ඩියුටි කිරීමට මට පැවරී තිබුනි.

එක් දිනක් සවස 7 පමණ ලේබර් රූම් එකේ සිටියේ එක්ම එක් මවකි. ඇය පරික්‍ෂා කල විට (OS) සෙන්ටිමීටර් 4 පමණව තිබුනි. එසේම එතරම් ප්‍රසව වේදනාවද නැත. වාට්ටු දෙකම සන්සුන් ය. ලේබර් රූම් එකේ සිටියේ ගුණපාල මිස්‍ ය. ඇය අත්දැකීම් බහුල හෙදියකි. මේ නිසා බිය වීමට දෙයක් තිබුනේ නැත.

සවස 7.45 වන තෙක් වාට්ටුවල කරක් ගසා මම රාත්‍රී ආහාරය සඳහා යන බව ගුණපාල මිස්‍ට කියා නිල නිවාසය දෙසට ගියෙමි. රාත්‍රී කෑම සඳහා බොහෝ විට අප ගියේ රෝහල ඉදිරිපිට ඇති හොටෙල් ඩී බඩසුද්ද නම් හෝටලයටය. ඒ කාලයේ අප නිතරම කෑවේ කොත්තුය. මේ නිසා නිවසට ගොස් හෝම් කුක්ඩ් ආහාර වේලක අවශ්‍යතාව දැනුනි.

ඒ කාලයේ මා සිටියේ කඳානේය. වාට්ටුවේද ගින්නක් නැත. ඒ නිසා මම මාගේ වාහනයේ නැගී මීගමුවේ සිට කඳානට වේගයෙන් ගියෙමි. ගෙදර ගොස් බත් කටවල් දෙකක් වත් කෑමට ඉඩ නොලැබුනි. මාගේ සෙල් එකට විශේසඥ වෛද්‍ය සේමසිංහ මහතා ගෙන් කෝල් එකක් ආවේය.

" රුවන් කොහොමද ලේබර් රූම් එක ? සර් ඇසුවේය. මම ඉක්මනින් කට සෝදාගෙන "සර් මොකුත් ප්‍රශ්නයක් නෑ එක ලෙඩයි ඉන්නේ" කියා කීවෙමි. දැන් කෝච්චරක් ඩයිලේට් වෙලාද ? කියා වෛද්‍ය සේමසිංහ මහතා ඇසුවේය. දැන් කේස් ය. මා ඉන්නේ කඳානේ කියා සර්ට කිව නොහැක. "මම ඉන්න සර්" කියා සෙල් එක පැත්තකින් තියා තව බත් කටවල් දෙකක් ඉක්මනින් කා , කට සෝදාගෙන සර් ෆයිව් සෙන්ටිමීටර් වගේ තියෙන්නේ එච්චර පේන් එකකුත් නෑ මම ASM.කරන්නද ? කියා ඇසුවෙමි ( දැන් මම රඟපාන්නේ මා සිටින්නේ ලේබර් රූම් එකේ ඉන්න ලෙසටය).

අජිත් සේමසිංහ මහතා මොහොතක් කල්පනා කොට " පොඩ්ඩක් ගුනපාල මිස්ට කතා කරන්න " කියා කීවේය. දැන් මට ඇපත් නැත. මම වහාම දුරකතනය විසන් දි කොට පවනට බඳු වේගයෙන් මීගමුව රෝහලට ගියෙමි. ලෙඩා තවමත් ලේබර් රූම් එකේය. තත්වය සන්සුන් ය.

පසු දින VOG අජිත් සේමසිංහ මහතා වෝඩ් රවුන්ඩ් එන විට මගේ රඟපෑමට ඩෝස් එකක් ලැබෙන බව මගේ සිත කීවේය. එහෙත් අජිත් සේමසිංහ මහතා කිසිවක් නොකියා වෝඩ් රවුන්ඩ් එක කලේය. මා කට්ටි පැන්න බව එතුමා හොඳින්ම දැන සිටියද කේස් එකක් ඇද්දේ නැත.

විශේසඥ වෛද්‍ය අජිත් සේමසිංහ මහතා මට හමුවූ වෛද්‍යවරුන් ගෙන් ඉතා දක්‍ෂ මෙන්ම මානුෂික ගති තිබූ වෛද්‍යවරයෙකි. නිහතමානී පුද්ගලයෙකු වූ එතුමා අපට අනවශ්‍ය ලෙස පීඩනයක් දැම්මේ නැත. එතුමා සමග සේවය කිරීමට ලැබීම ජීවිතයේ ලැබූ අනගි අත් දැකීමකි. ආතතියට පත් නොවී සීසර් වැනි ශල්‍යකර්ම කිරීම මා ඉගන ගත්තේ එතුමාගෙනි.

එතුමා මගේ මුහුණු පොතේ සිටින අතර මේ සටහන කියවනු නිසැකය. ඒ නිසා 1997 වැනි කාලයක එතුමාව ඇන්දීමට තැත් කිරීම ගැන මා සමාව අයදිමි

Saturday, November 13, 2021

පීඩිතයෝ විසින් බඩට කිස් දීම

බඩට කිස් දෙන කොට මාර කිතියක් දැනෙනවා. සමහර වෙලාවට ශර්ට් එක අස්සෙන්  ශේව් නොකරපු නිසා බුවාලාගේ රැවුල් කෑලි ඇනෙනවා. පීඩිත බුවාලාගෙන් බඩට කිස් එකක් ලැබෙනවා කියන්නේ උපරිම භක්තිය. මේ   බඩට කිස් දෙන එක ගැන ලියපු ලිපියක් :

Find Us On Facebook