Monday, April 13, 2026

Antony Beevor ගේ Stalingrad පොත



මේ දින වල Antony Beevor ගේ Stalingrad පොත කියවනවා. මේ පොතේ හිට්ලර් ගේ සහ ස්ටාලින් ඝට්ඨනය පිලිබඳ මෙතෙක් හෙලි නොවූ කතන්දර තියනවා. හිට්ලර් සෝවියට් දේශයට පහර දෙන්න යන බව බුද්ධි අංශ වාර්තා 40 අන්තිම මාසය තුල ආවා. ස්ටාලින් මේවා නොතකා හැරියා. මේවා බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ ගුංඩු බව කියලා හිනා උනා. 

දේශසීමාවේ ජර්මන් හමුදා එක් රැස් වෙන කොට ස්ටාලින් නියෝගයක් දුන්නා කිසිම අයුරකින් ජර්මානු හමුදා කුපිත කරන්න එපා කියලා. ජර්මන් හමුදා දේශසීමාව පන්නලා පහර දෙන විටත් සමහර සෝවියට් ඩිවිශන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ නැතිව ශොක් එකේ හිටියා. යුද්දයේ ප්‍රථම මාසයේදී විශාල වශයෙන් සෙබලුන් මැරුනා යුද උපකරන ගුවන් යානා ටැංකි විනාශ උනා ස්ටාලින් ගේ උද්දච්ච මෝඩකම නිසා. එසේම  ජර්මානු ආක්‍රමනයට ප්‍රථම රතු හමුදාවේ අත් දැකීම් බහුල දක්‍ෂ උසස් නිලධාරීන් 40,000 ස්ටාලින් තම පැරනොයිඩ් මානසිකත්වය නිසා මරා දමනවා. මේ නිසා රතු හමුදාව දුර්වළ උනා. ෆින්ලන්ත යුද්දයේදී විශාල වශයෙන් රතු හමුදාව පසුබෑවා. මෙය දුටු හිට්‍ලර් සෝවියට් දේශය අල්ල ගැනීම ලේසියි බව සිතුවා. 

යුද්ධයේ මුල් කාර්තුවේදී ස්ටාලින් හිට්ලර් ගේ ආක්‍රමණයට බය වෙනවා. කෙසේ හෝ යුද්ධය නවත්වා ගන්න ස්ටාලින්ට අවශ්‍ය වෙනවා. ඔහු මෝලතොව් සමග එවකට මොස්කව් වල සිටි බල්ගේරියාවේ තානාපති මැදහත්කරුවෙක් ලෙස ගෙන්නා ගෙන හිට්ලර්ට යූක්‍රයීනය , බෙලරුසියාව සහ බෝල්ටික් රටවල් දෙන්නම් ගහන එක නවත්වන්න කියනවා. නමුත් බල්ගේරියාවේ තානාපති පවසනවා හිට්ලර්ට අවශ්‍ය මුලු සෝවියට් දේශයම බව​. ස්ටාලින් යූක්‍රයීනය , බෙලරුසියාව සහ බෝල්ටික් රටවල් හිට්ලර්ට පාවා දෙන්න උත්සහ කල බව ඉතිහාසයේ තිබූ සැඟවුනු රහසක්. (අපිට සෝවියට් ඉතිහාසය ඉගැන්වූ මහාචාර්‍ය නතාලියා පිව්ශෙන්කෝ මේ දේවල් කිව්වේ නෑ. තවාරිෂ් ස්ටාලින් ගේ දක්‍ෂතාවය සහ හැකියාව මත හිට්ලර් පරාජය කලා කියලා තමයි කිව්වේ)

හිට්ලර් පරාජය කලේ සහ යුද්දය දින්නේ ස්ටාලින් නිසා බව කියන මතය මේ පොතේ පෙන්වන කරුනු වලින් නිශ්ප්‍රභ වෙනවා. යුද පෙරමුනේ ස්ටාලින් ගේ යුද ශිල්පය නොදත් පොලිටිකල් කොමිසාර්ලා අණ දෙන නිලධාරීන්ටත් වඩා ඉහලින් ඉඳ ගෙන උන් යුද්දයට අණ දෙන්න ගිහින් තොග පිටින් කෑවා. ඉන් පසුව ඇස් ඇරුණු ස්ටාලින් ජෙනරල් ෂුකෝව්ට යුද්ධය භාර දුන්නා. 

හිට්ලර් තම ජෙනරාල්වරුන්ට යුද්ධය පුරාවටම ඇඟිලි ගසමින් වාත කලා. ඒ නිසා ඔවුන්ට නිසි ලෙස යුද්ද කරන්න ලැබුනේ නෑ. ස්ටාලින් යුද්දයේ දෙවන තුන්වන වසර වන විට අනවශ්‍ය ලෙස ඇඟිලි ගහන්න ගියේ නෑ.   ස්ටාලින් නිසා සෝවියට් දේශයට මහ විනාශයක් සහ කැෂුවල්ටි ගොඩක් සිදු වූ කතාව සෝවියට් ප්‍රොපගැන්ඩාව වසන් කරලා ස්ටාලින් යුගයේ වීරයා කලා. කෙසේ නමුත්  Antony Beevor ගේ පොත නිසා සත්‍ය ක්‍රමක් ක්‍රමයෙන් හෙලි වෙනවා. 

හිට්ලර් ගේ සහ ස්ටැලින් ගේ භූමිකා සහ හිට්ලර් ගේ පරාජයේ හේතූන් මගේ මේ ලිපියේ තියනවා 

Architects of Terror: A Comparison of Hitler and Stalin; LINK; https://transyl2014.blogspot.com/2026/02/architects-of-terror-comparison-of.html

Sunday, April 12, 2026

PTSD in the Soviet Union



In this book, Dr. Ruwan M. Jayatunge points out that the Soviet Union, from its foundation with the 1917 October Revolution to its dissolution in 1991, faced internal and external socio-political calamities that generated immense stress among its population. But, he observes, little is known in the outside world about the psychological trauma experienced by the Soviet people. This is why his exploration of the grim history of post-traumatic stress disorder in the Soviet Union is an important contribution to scientific and medical knowledge and why his work also provides powerful support for recognizing the troubling reality of post-traumatic stress disorder.

Dr Gordon Atherley M.D., PhD   LLD, Honoris Causa, from Canada’s Simon Fraser University

Friday, April 10, 2026

Bury My Heart at Wounded Knee

 





Bury my heart at Wounded Knee
Deep down in South Dakota
The land with rolling hills
The dense forests and granite peaks
Became a distant memory for us
It was not a destiny, but a curse fell upon us
The legacy marked with a tragic conclusion
End of the chapter marked by the final curtain
They called it closing the American frontier
The event signified the eventual displacement
We became numbers, and our lives had no value
We failed to resist American encroachment
It became the endgame for us
Finally, we became history
It was the end of the traditional Native American way of life
The final act was performed with profound sorrow and loss
The erosion of culture and traditions
Had to face the forced confinement to reservations
With the spiritual and cultural devastation
We became the victims of the Wounded Knee Massacre
You might miss me for sure
I shall not be there for you
It's the final resting place for us
Our spirits were left at Wounded Knee
That serves as a somber resting place


by Ruwan M Jayatunge

Thursday, April 9, 2026

, "මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි" - ඉවක් අනුව වන ලෝකය දැකීමක්.

 




උපතින් පසු විපත සටහන් වන දිනය දක්වා, කිසිවකුට ගමේ, රටේ, ලෝකයේ දී නිරන්තර ගනුදෙනුවක යෙදෙන්නට සිදුවන්නේ විවිධාකාර මිනිසුන් සමඟය. මේ ගනුදෙනුව ගැටළුකාරී නොවන්නට හා සතුටුදායී වන්නට උපයෝගී කොට ගත යුත්තේ, මිනිසුන් හරිහැටි හඳුනාගැනීමේ කුසලතාවයය. ඉවක් ගැන වන කතා බහකදී කෙනකුගේ මතකයට නැගෙන්නේ සුනඛයා වුවත්,මේ ඉව මිනිසුන් අතර ගැවසීමේදී මිනිසාටද අත්‍යවශ්‍යය. එබඳු ඉවක් ගොඩන`ගා ගත හැකිවන්නේ, සිය ජීවිතයේදී එක්කොටගන්නා හැදෑරීම් හා විවිධ අත්දැකීම් සමුදායකට අනුරූපවය. 

රුවන් එම් ජයතුංග වෛද්‍යවරයාගේ, "මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි" කෘතියෙන් අප දකින්නේ ජීවිතයට අත්‍යවශ්‍ය මේ ඉව නොඅඩුව හිමිකොටගත් ලේඛකයකුගේ නිර්මාණශීලී ව්‍යායාමයක පිළිබිඹුවය. උපන් රටේදීද, නොරටදීද විවිධ අවස්ථාවලදී හමුවූ, විවිධාකාර පුද්ගල චරිත හරහා කතුවරයා අපට හෙළිදරව් කරන්නේ පෞද්ගලික කතාවක්ම නොව ලෝකයට, මනුෂ්‍යත්වයට අතිශය පොදු වූ කතාවය. පාඨකයාට කියවා ලිස්සා යන්නට නොව හිතන්නට යමක් එක්කොට ගන්නට ඉඩ සලසන මේ ව්‍යායාමය තවදුරටත් සැලකිය හැක්කේ, කාලීන අවශ්‍යතාවයක් ඉටුකරලීමක්ද වශයෙනි. ශ්‍රි ලාංකිකයින් ලෙස කිසිවකුට වැරදුන තැන් හා කිසිවකු අදටත් වරද්දා ගන්නා තැන්ද එහිදී ලක්වන්නේ සාධාරණ විමසුමකටය. එවැනි, විමර්ශණශීලී සටහන් කිහිපයක් අතරින් මේ උපුටාගැනීම දක්වන්නේ එක් උදාහරණයක් වශයෙනි.     ‘ 

ඉංග්‍රීසීන් රෝමන් වරුන්ගෙන් සබන් පාවිච්චිය ඉගෙනගනිමින් සිටි කාලයේදී, වළගම්බා නරපතියා අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලික විය. දියුණු භාෂාවක් වන සිංහල භාෂාව රටගිය ඇත්තන්ගේ දරුවෝ අමතක කරති. එසේම එංගලන්තයේ සිංහල දෙමාපියන් තමාගේ දරුවාට සිංහල නොහැකිබව පවසන්නේ ආඩම්බරයෙනි. නමුත් මව් භාෂාවක් නොමැති, තමාගේ සංස්කෘතික අනන්‍යතාව අහිමිකරගෙන සිටින සංස්කෘතික අවජාතකයන්ට සුද්දෝ නොසලකති. එය එංගලන්තයේ පමණක් නොව බොහෝ යුරෝපීය රටවල දක්නට ලැබෙන කරුණකි.’ යුරෝපීය රටවල දක්නට ලැබෙන මේ ස්වභාවයන්, පෞද්ගලිකව නොදකින හෝ නොතකන සංස්කෘතික අවජාතකයින් පිළිබඳව කතුවරයාගෙන් එලෙස සැපයෙන්නේ පැහැදිලි අර්ථකතනයකි.                      

යුරෝපීය රටවල විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ලංකාව  හා සංසන්දනයට ලක්කරමින් වෛද්‍ය රුවන් සටහන් කරන්නේ පෞද්ගලිකව අපටද දෘෂ්‍යමාන කතාවය. වයිරස උණක් හෝ වෙනත් ආසාදනයක් එක් කාමරයකදී හතර පස් දෙනකුට හෝ ඇතැම්විට දහ පහලොස් දෙනකුට ලබාගැනීමේ පහසුකම මෙරටදී සැපයෙන මේ මාර්ගයේ දී, මානසික සමතුලිතතාවයටද හැකිවන්නේ පහසුවෙන් පිට පනින්නටය. සන්නිවේදනයේදී ගලපා ගත යුතු උපායශීලීබව හා සංයමය සබඳතාවයන්හි වැදගත් අදහස් ‍මෙම කෘතියට ඇතුළත්ව ඇත. 

ඒඩ්ස් රෝගය අප්‍රිකාවෙන් පැමිණි වසංගතයක් ලෙසට වෙනත් රටක සිසුවකු කළ අදහස් දැක්වීමකදී, පියෙර් නම් අප්‍රිකානු සිසුවා පළ කළ ප්‍රතිචාරය තුළ ගැබ්ව ඇත්තේ මේ කාරණයය.   ...................‘ මේ කරුණ නිසා අප්‍රිකානු සිසුන්ගේ මුහුනේ නොසන්සුන්තාවයක් දැකගන්නට මට හැකිවිය. නමුත් පියෙර් සන්සුන්ව සිටියේය. පන්තිය අවසානයේදී ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් නිනාද් ඇමතූ ඔහු , ක්‍ෂය රෝගය මුලින්ම සොයාගත්තේ යුරෝපයෙන් බවත්, එසේම මහාමාරිය විනාශකාරී අන්දමට පැතිරගියේ යුරෝපයේ නමුත් ඒ රෝග ගැන කතා කිරීමේදී අප යුරෝපය සමච්චලයට ලක් නොකරන බවත් පැවසීය.’ ......................... මේ උපුටාගැනීම තුල  අන්තර්ගත වන්නේ යහපත් සන්නිවේදනයක පිළිබිඹුවය. 

අපට වෙච්ච දේ ගැනද කතුවරයා දක්වන අදහස්  විමසුමට ලක්විය යුතුය. චීනය ගැන වන ලිපියේදී, චීන ජාතික චෙන්දිබුගෙන් ඉගෙනගත් පාඩමක් අපට පවසමින් වෛද්‍ය රුවන් කාලීන අර්ථකතනයක යෙදෙන්නනේ මෙලෙසිනි. ...........    ‘සැලසුම් සහගතව දේශමාමක අදහස් වර්ධනය කිරීම, පරිසරය සුරකින පරම්පරාවක් ගොඩනැගීමට කටයුතු කිරීම මෙතෙක් ඉටුව නැත. දේශපාලන පාට අනුව අපි බෙදී සිටිමු. එසේම ජාතින් වශයෙන් මරා ගනිමු  ඒ අතරතුරේ ලෝකයේ බුද්ධිමත් ජනයා දියුණුවනු ඇත. සයිබර් තාක්‍ෂනය, ජාන තාක්‍ෂනය මඟින් ආර්ථිකව හා ජීව විද්‍යාත්මකව ඔවුන් අපව අභිබවා යනු ඇත. අවසානයේ අපි වැද්දන් මෙන් චාරයක් නොමැති ජන කොට්ඨාශයක් ලෙස අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ පෙනී සිටිමු. අපට තිබුනේ අතීතයක් පමණි.’ .................... 

අපට දැනෙන්නේ , මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි කෘතිය ලෝකයද, මිනිසුන්ද හරි හැටි හඳුනාගැනීමේ කුසලතාවයකට අනුරූපව වූ නිර්මාණයක් බවය.




 -වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

Wednesday, April 1, 2026

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බයද ?




ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බයද කියන ප්‍රශ්නය වැදගත්. ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේදී  ලංකාවේ විශ්ව විද්‍යාල මුල් 1500 අතරේ වත් නෑ. නමුත් ඉතියෝපියාවේ Addis Ababa University  සහ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලයත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් ඉන්නේ. මේකට හේතුව මොකක්ද ? විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ලෙස බඳවා ගැනීමේදී තමන් ගේ ගජයන් , ඇඳන් උඩට ආපු ලියන්ට ප්‍රමුඛතාව දීපු නිසාද ?  දක්‍ෂයන් කපලා දමපු නිසාද ? 

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බය ඇයි ? කියන වෛද්‍ය ගාමිනී විතාන විසින් ලියූ ලිපිය මෑතකදී කියවූවා.  මෙය පල වුනේ ලංකා වෙබ් අඩවියේ. ඔහු කියනවා ................ පසුගිය වසරේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධියක් ලත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කොට අයදුම්පතක් කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශය වෙත යොමු කලාය. කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ බලධාරීන් මේ කාන්තාව ගේ සුදුසුකම් වලට බියවූ අතර ඇයට විශ්ව විද්‍යාලයේ සේවය කිරීම සඳහා ඉඩක් ලබා දුන්නේ නැත. පසුව සොයා බැලීමේදී හෙළි වූයේ කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්‍යවරිය වන xxxxxxxx විසින් මේ කාන්තාව ගේ අයදුම්පත ඉවත් කොට ඇති බවයි. හේතුව පැහැදිලිය. මහාචාර්‍යවරිය වන xxxxxx ට මනෝ විද්‍යාව පිලිබඳ ඇත්තේ ඉන්දියාවේ එතරම් ප්‍රකට සහ ගුණාත්මක නොවන විශ්ව විද්‍යාලයකින් ගත් උපාධියකි. ඉහල ගුණාත්මක භාවයක් තිබෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යා උපාධියක් තිබෙන දක්‍ෂයෙකුට ඇය බිය වූවාය. ඉන්පසු ඇය තම අයදුම්පත යොමු කලේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයටය. කොලඹ විශ්ව විද්‍යාලය පමණක් නොව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ කතිකාචාර්‍යවරු වරු පවා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් ලත් තැනැත්තියකට ඉඩ දීමට බිය වූහ. මොවුන් දක්‍ෂයන් පිටු දැක තමන්ට තර්ජනයක් නොවන පිරිසගෙන් තම අධ්‍යන අංශය පුරවා ගැනීම සිදු කරන්නේ තමන් ගේ නොහැකියාව ලෝකයට ප්‍රදර්ශනය වීම වැලකීමටය. කෙසේ නමුත් ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල වලට ආභරණයක් විය හැකිව තිබූ උගත් අන්තර්ජාතික කුසලතා වලින් යුතු චරිතයක් පුස්සන් ගේ බිය නිසා ලංකාවට අහිමි වූ අතර , ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙක බිය වූ සහ ප්‍රතික්ශේප කල ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කල කාන්තාව ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් විසින් සාදරෙන් පිලිගනු ලැබූ අතර ඇය දැන් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක සේවය කරන්නීය. (ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බය ඇයි ? වෛද්‍ය ගාමිනී විතාන Lanka Web)

මේ තවත් කතන් දරයක් මෙය සිදු වන්නේ 1970 දශකයේදී ......දශක ගනනකට ඉහතදී ඉන්ජිනේරු විද්‍යාව ඉගන ගන්න කීර්ති ජයමාන්න කියලා සිසුවෙක් සෝවියට් දේශයේ ලුමුම්බා විශ්ව විද්‍යාලයට එනවා. එහිදී ඔහු  plasma fusion පිලිබඳ පරියේෂණ ලිපියක් ලියනවා. විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරු මේක කියවලා පුදුම වෙනවා. ඒ කාලේ මේක ප්‍රචලිත විශයක් නොවෙයි. ඔවුන් හිතනවා මේ සිසුවා බොරුවක් කලා කාගෙන් හරි ලිපියක් බා ගත්තා කියලා. ඔවුන් මේ සිසුවා ඉන්ටවිව් කරලා ප්‍රශ්න අහනවා ඔහු ඉතා සාර්ථකව පිලිතුරු දෙනවා. සති කීපයකින් සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ කීප දෙනෙක් ඇවිත් ඔහු ගෙන් ප්‍රශ්න කරනවා. ඔහු ඉතා නිවැරදිව ඔවුන්ට පිලිතුරු දෙනවා. ඉන් පසුව මේ සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ මේ සිසුවාව ඔවුන් ගේ පරමාණු බේස් එකකට ගෙනියනවා. ඔහු සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ එක්ක වැඩ කරනවා. උපාධිය නිම කිරීමෙන් පසු සෝවියට් ඇටමික් ඇකඩමික්ස්ලා ඔහු ගෙන් ඉල්ලීමක් කරනවා සෝවියට්  දේශයේ නතර වෙලා ඔවුන් ගේ ඇටමික් බේස් වල වැඩ කරන්න , රිසච් කරන්න කියලා ලොකු පඩියකුත් එක්ක​. ඒත් ඔහුට ඕනේ ලංකාවට සේවයක් කරන්න​.  ඔහු ලංකාවට එනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලට යනවා. කිසිවෙකු ඔහුව ගන්නේ නෑ. ( ඒ කාලේ ඇටමික් එනර්ජි ගැන ලංකාවේ විශ්ව විද්‍යාල වලට ලොකු දැණුුමක් නොතිබීම නිසාත් ඔහුව ප්‍රත්ක්ශේප කරන්න හේතු වෙන්න ඇති)  ඉන් පසු ඔහු තමන් ගේ සහතික එක්ක ශ්‍රී ලංකා ඇටමික් ඒජන්සි එකට යනවා.  එහි ආචාර්‍ය xxxxxxxx හමු වෙනවා. ආචාර්‍ය xxxxxxxx , කීර්ති ජයමාන්න ගේ කොලිෆිකේශන් සහ දැණුමට බය වෙනවා. ඒ නිසා ඔහුව බඳවා ගන්නේ නෑ.  කීර්ති ජයමාන්න ලංකාවේ සුලු සුලු රැකියා කර කර ඉන්නවා. ඒ අතර මිතුරෙක් කියනවා කැනේඩියන් එම්බසි එකට යන්න කියලා. ඔහු තම සහතික අරගෙන කැනේඩියන් එම්බසි එකට ගිහින් එහි නිලධාරියෙක් හමු වෙනවා. මේ නිලධාරිය පැය දෙක තුනක් ඔහු සමග කතා කරලා තව සති 3 එන්න කියනවා. කීර්ති ජයමාන්න ආපසු එම බසියට යන විට කැනේඩියන් ඇටමික් විද්‍යාඥයෝ කීප දෙනෙක් ඇවිල්ලා . ඔවුන් කීර්ති ජයමාන්න එක්ක කතා කරනවා . හවස් වෙන කොට කියනවා සියල්ල රෙඩි කැනඩාවට යන්න සූදානම් වෙන්න කියලා.  කීර්ති ජයමාන්න කැනඩාවට යනවා. කැනේඩියන් ඇටමික් ඒජන්සිය ඔහුට වැන්කුවර් වල ලොකු පරමාණු පරියේශනාගාරයක ඉහල තනතුරක් දෙනවා. ඔහු එහි දශක ගනනාවක් සේවය කරලා විශ්‍රාම යනවා.  

කීර්ති ජයමාන්න ගේ දැණුමට සහ කොලිෆිකේශන් වලට බය වෙච්ච ලංකාවේ පරමාණු ඒජන්සියේ ආචාර්‍ය xxxxxxxx  තමන් ගේ ක්ශේත්‍රයේ කිසිවක් කර ගන්න බැරි ලොසෙක් වෙලා අන්තිමේදී මෝහනය පැත්තට යොමු වෙලා මානසික රෝගීන් මෝහනය කරනවා.  අනූව දශකයේ විතර ආචාර්‍ය xxxxxxxx  තමන් ලමයෙක් මෝහනය කරා එයා තමන් ගිය ආත්මයේ විජය කුමාරතුංග කිව්වා කියලා විහිළු කතා පත්තර වලට ලියනවා. ඔහු චන්ද්රිකා හමු වෙලා මේ බව කියන්න උත්සහ ගන්නවා. ඒත් චන්ද්‍රිකාට මේවා බොරු බව තේරිලා ආචාර්‍ය xxxxxxxx  ඇපොයිමන්ට් එකක් දෙන්නේ නෑ. 

මේ කතා වලින් පෙනී යන්නේ අපේ ඇකඩමියාව දක්‍ෂයන්ට තියන බය ,  තමන් පිලිබඳව තියන ඉන්සෙකියුරිටි නිසා ඔවුන් දක්‍ෂයන්ව එලවා දානවා. අවසාන ප්‍රතිඑලය වෙන්නේ ජෝකර්ලා රන් කරන විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල කොලිටි අඩු වීම​. 





Find Us On Facebook