Lecture on Friedrich Nietzsche by Dr. Ruwan M. Jayatunge, M.D. PhD
Washburn University - Kansas USA
LINK ; https://www.youtube.com/watch?v=5BAoeL3s67w
Lecture on Friedrich Nietzsche by Dr. Ruwan M. Jayatunge, M.D. PhD
Washburn University - Kansas USA
LINK ; https://www.youtube.com/watch?v=5BAoeL3s67w
සිංහල සාහිත්‍යයේ සිටි බහුතරයක් පිරිමි දුබලයෝ. අරවින්ද තම අනන්‍යතාවය සඟවාගෙන සිටින සමලිංගිකයෙක් -closet homosexual. අරවින්ද ඉවාන් ගන්චරොව් විසින් හඳුන්වා දෙන Oblomov චරිතයට සමානයි. අරවින්ද ඔබ්ලෝමොව් මෙන් කිසිවක් ඉටුකර ගැනීමේ අභිලාෂය සොයා ගැනීමට නොහැකි සහ වැදගත් තීරණ ගැනීමට නොහැකි පුද්ගලයෙක්. (අරවින්ද පිලිබඳ මගේ ලිපිය බලන්න)
සුගත් දුර්වළ පිරිමියෙක්. මාතෘ සහ පීතෘ වියෝගයට කුඩා කාලයේ ලක්වූ සුගත් ප්‍රථම ප්‍රේමයේ බලාපොරොත්තු කඩා වැටීම නිසා මධු ලෝලියෙක් වෙනවා. ඔහු තුල Empty Space හෙවත් මෝඝ අවකාශයක් තියනවා හැටේ දශකයේ සිංහල පිරිමින් ගේ පරමාදර්ශය උනේ සුගත්. බොහෝ දෙනෙක් මේ දුර්වළ පෞරුෂය වැළඳ ගත්තා. ඔහු අනුව යමින් සිගරට් පවා බිව්වා. මේ ස්වපීඩාකාමය කෙරෙහි ආකර්ශනයට සිංහල සාමූහික අවිඥාණයේ තියන අත්තකිල මතානුයෝගය හේතු කාරකයක් වන්නට ඇති.
පියල් උන්නතිකාමියෙක්. එහෙත් කුල පීඩිත මානසිකත්වයෙන් ජීවත් වන්නෙක්. ඔහුගේ සඟවා ගත් කුල පීඩිත හීනමානය පුපුරා යන්නේ ජිනදාසව තමන් ගේ වියදමින් භූමිදානය කල බව ඇසීමෙන්. ඔහු තුල insecure හැඟීම් තියනවා. ධනවත් උනත් ඔහුගේ පෞරුෂය fragile පහසුවෙන් බිඳෙන සුළුයි.
නිමල් හතුරුසිංහ ඉතා දුර්වල පිරිමියෙක්. කුඩා කාලයේ අඟ හිඟ ජීවිතය ජය ගන්න ධනවත් පද්මිනී බැඳලා විනාශ වෙනවා. ඔහුට පෞරුෂයක් තිබුනේ නෑ. අවසානයේදී පරාජිත දිසාපති එන්නේ තමන් මනසින් ප්‍රතික්ශේප කල ඩ්‍රයිවර් පියා ලඟට. එහෙත් සමහර විශ්ව විද්‍යාල සිසුන් මනසින් නිමල් හතුරුසිංහලා වෙන්න හැදුවා.
කේ ජයතිලක ඉදිරිපත් කරන කමල්සිරි හීනමානය කුල පීඩිත අනාරක්ෂිත බව හිස උඩ තියාගෙන ඉන්න පරිපාලන නිලධාරියෙක්. ඔහුගේ පරිපාලන තීරණ වලටත් මේ හීනමානය බලපානවා.
බලදේව ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන්නෙක්. ක්සෙනෆෝබියාව සහ නවතාවයට බියක් ඔහු තුල තියනවා. අසූව දශකයේ සමහර නාගරික සිංහල පිරිමි බලදේව වගේ නැෂනල් සූට් එකට බැස්සා. සෝම භික්ෂුවගේ ප්‍රොජෙක්ට් එකේ බලදේවලා ගොඩක් දකින්න පුලුවන් උනා. සමහරු නලීන් ද සිල්වා ගේ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන මතයට අනුගත වුනා.
ගුණදාස අමරසේකර අපට ඉදිරිපත් කරන පිරිමි චරිත බොහොමයක් අපගාමී (Deviant) ලක්ෂණ වලින් යුක්තයි. ඔවුන් දුර්වළ සහ කාමයට අපගාමී ලෙස නැඹුරු වූ ග්‍රාමීය පිරිමි. සමහරු ව්යාභිචාරිකයන්.
සිංහල සාහිත්‍යයේ සිටි දුර්වළ පිරිමි මිනිසුන් ගේ පරමාදර්ශ සහ ආකර්ශනය දිනා ගන්න එක හේතුවක් වෙන්න ඇත්තේ සිංහලයන් තුල ජීවිතය පිලිබඳ තිබෙන ආකල්පය ; ජීවිතය දුකයි ; මේ ජීවිතයේ ගත යුතු දෙයක් නෑ; මේ ජීවිතයෙන් පමණක් නෙවෙයි සංසාරය කියන චක්‍රයෙන් පවා මිදෙන්න ඕන කියන ආකල්පය.
මගේ අදහස අනුව සිංහල සාහිත්‍යයේ සිටි ශක්තිමත්ම පිරිමියා සවිමන් කබලාන. ඔහු උන්නතිකාමියෙක්. දියුණු වීම සංවර්ධනය ඔහුගේ ආදර්ශ වාක්‍යය. නිර්දය විය යුතු තැන් වලදී ඔහු නිර්දය වෙනවා. නීට්ශේ ගේ අදහස් අනුව බැලූ විට Übermensch, ගති ලක්ෂණ බොහොමයක් සවිමන් කබලාන තුල තියනවා. ඔහු ඉදිරිගාමියෙක්. සවිමන් සාම්ප්‍රදායික සිංහල සමාජයේ සිංහල සංස්කෘතියේ සමාජයේ පොදු මතයන්ට ගැති වීම (herd morality) ප්‍රතික්ශේප කරනවා. ඔහු ශුන්‍යතාවාදය (nihilism) සාර්ථකව ජයගත් පුද්ගලයෙක්. ඔහුට තමන් ගේ ස්වාධීන සාරධර්ම තියනවා. ඔහු ද්වී භාෂා හැකියාව ඈති ප්‍රබල පෞරුෂයකින් මෙන්ම ශාරීරිකව ශක්තිමත් වූ ඇග්රෙසිව් ඇල්ෆා මේල් කෙනෙක්.
ඔහුට බටහිර සාහිත්‍ය කලාව පිලිබඳ උසස් දැණුමක් තියනවා. ඔහු දේශන පවා කරනවා. බටහිර ටයි කෝට් අඳින සමාජය ඉදිරිපිට ඔහු ඇඹරෙන්නේ නෑ. මහජන මතයට ගැති වීමේ මානසිකත්වය" ප්‍රතික්ෂේප කිරීම සවිමන් ගේ ලක්ෂණයක්. ඔහු මෙලොව ජීවිතය සහ ප්‍රායෝගිකත්වය කෙරෙහි අවධානය යොමු කරන්නෙක්. එහෙත් සිංහල සමාජය සර්පයෙකු බැහැර කරනවා සේ බියෙන් සහ පිලිකුලෙන් සවිමන් කබලාන බැහැර කරනවා. මීට හේතුව දොස්තර වික්‍රමසිංහ / එන් එම් පෙරේරා / විජේවීර ආකල්ප පරම්පරා විසින් වැළඳ ගැනීම නිසා මෙන්ම ධනයට තියන බය සහ පිලිකුල ; සේරි වාණිජ ජාතකයේ පරම්පරාගත බලපෑම නිසා විය හැකියි.
සිංහල පාඨකයා සවිමන් කබලානව ප්‍රතික්ශේප කරනවා එහෙත් සමහරක් මාක්ස්වාදය කෙරෙහි ආකර්ශනය නිසා කබලාන ගේ පුතා වන මාලන්ව වැළඳ ගන්නවා. මාලන් අපරිණත දුර්වළ කොග්ගල ආච්චිගේ සල්ලි වලින් යැපෙන දුර්වළ පිරිමියෙක්.
සිංහල සමාජය දුර්වළ පිරිමියා සොයා ගෙන යාම ඔවුන්ව උත්කර්ශයට පත් කිරීම සහ ඔවුන්ව පරමාදර්ශ කර ගැනීම මනෝ විද්‍යාත්මකව ඇනලයිස් කල යුතුයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
අරවින්ද පිලිබඳ මගේ ලිපිය LINK; https://transyl2014.blogspot.com/2019/03/viragaya-and-aravinda.html
Dr. David Lee Provorse served as an associate professor and previously held the position of chairman within the psychology department at Washburn University in Topeka, Kansas. In 2006, he extended an invitation for me to present a lecture on the topic of post-traumatic stress disorder (PTSD) as it relates to both man-made and natural disasters, marking the beginning of a lasting friendship and frequent exchange of ideas and insights. His warmth and approachable, friendly attitude made him a cherished colleague, and he later invited me to participate as a visiting lecturer at Washburn University, where I had the opportunity to deliver several online lectures.
Dr. Provorse possessed extensive knowledge of psychology, with particular interests in the intersection of psychology and athletic performance, as well as the effects of mindfulness on brain chemistry. When I published my book, "Clinical Meditation," in 2023, I was pleased to share a copy with him, and his positive and encouraging feedback was invaluable to me.
He had often expressed a desire to visit Sri Lanka for a brief vacation, a testament to his adventurous spirit. However, in 2024, we faced the heartbreaking loss of Dr. Provorse, which resonated deeply on a personal level, as I lost not only a friend but also a colleague and a steadfast well-wisher. Though he is no longer with us, his remarkable human qualities and the impact he made on those around him will forever be remembered and cherished.
Dr. Ruwan M. Jayatunge M.D. PhD
ඔවුන් සිනහ වෙනවා. ඔවුන් මේ ලෝකයට අනුගත වෙන්නේ නෑ. ඔවුන් ගේ අරමුණ මේ ලෝකය නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය මරණින් පසු සදාකාලික ජීවනය කන්‍යාවන් 72 සමග මී පැනි සහ කිරි වලින් ස්වයංපෝෂිත වූ ලෝකය. ............... ෆ්රෙඩරික් නීට්ශේ මේ ප්‍රෙහේලිකාව පිලිබඳ ලියනවා. ඔහු කියනවා ආගම් විසින් මිනිසුන් ගේ වර්තමාන ජීවිතය සොරා ගත් බව ............ ..............Read more LINK ; https://transyl2014.blogspot.com/2025/11/the-way-i-understand-friedrich.html
The Sutherland Brothers, Iain and Gavin, were an exceptional Scottish folk and soft rock duo who gained international recognition in the 1970s, primarily for their exceptional songwriting and a significant collaboration. Their music left a lasting impact on many, including myself, as I first encountered their melodies at the tender age of 10 or 11, instantly captivated by their charm.
A vivid memory from 1977 recalls a New Year festival in my neighborhood, where a local girl performed "Arms of Mary" with remarkable grace. Their hits, including "Secrets," You Got Me Anyway "Easy Come, Easy Go"" and "Sailing," resonated widely, with Rod Stewart later elevating "Sailing" to new heights.
In 1978, while at Kandy station, I was delighted to hear university students singing "When the Train Comes" as the train approached. It was an indication that the influence of their music had clearly permeated the upper middle class in Sri Lanka.
During my time studying medicine in the USSR (Ukraine) at 21, I was pleasantly surprised to find that the Sutherland Brothers' music had reached Soviet audiences. One summer in London (1987), I discovered old LPs of their work owned by a relative and attempted to record them onto a cassette. I have encountered fellow fans of my generation in Canada, the US, and Australia who continue to cherish their music, which remains timeless.
Recently, I reached out to James Sutherland, Ian's son, to share how a boy from a small Asian country grew up listening to his father's and uncle's music, which provided joy and solace during turbulent times. Justin graciously acknowledged my message and expressed his intention to share my sentiments with his mother.
The music of the Sutherland Brothers holds considerable importance in the history of 1970s rock, highlighting their remarkable songwriting abilities and influencing numerous iconic artists.
Though Iain Sutherland sadly passed away in 2019, the music he left behind remains beautifully immune to time. They occupy the hearts of a global generation. The timeless, comforting harmony of the Sutherland Brothers still carries us home.
Dr Ruwan M Jayatunge M.D. PhD