Sunday, March 31, 2019

ව්‍යභිචාරය




ව්‍යභිචාරය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඉතා සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සබඳතා වේ. ව්‍යභිචාරයන් අතර පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම Father-daughter incest ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම වාර්තා වී ඇත​. වෛද්‍ය BRUNO M. CORMIER තමන් ගේම දියණියන් සමග ලිංගික සබඳතා පැවැත්වූ පියවරු පිලිබඳව අධ්‍යනයක් කලේය​. ඔහු මෙසේ කරුණු පෙන්වා දෙයි. 

A study of father-daughter incest confined to men otherwise non-criminal or sexually deviant. Incest is here studied mainly in function of the psychopathology of the father. The father seeks to find in his daughter the young wife of his early years. Unconsciously, however, as a young man he was looking for a mother substitute in the girl he was courting. We face a paradox, that in taking the daughter the incestuous father is trying to return to the mother. Once incest is discovered, there is rarely repetition. Disclosure brings about a breakdown of preexisting family relations. This is followed either by separation of the participants, or a re-organization where conscious incest barriers now prevail.

 ඇතැම් මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන අන් දමට පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම සඳහා අවිඥාණික මානසික ගැටුම් හේතු කාරක වෙයි.  පරියේෂක  Stroebel විසින් කාන්තාවන් 1521 සමග සමීක්‍ෂණයක් (2012) කල  අතර   ඔවුන් ගෙන් කාන්තාවන් 19 දෙනෙකු පියා සමග ලිංගික සබඳතා පවත්වා තිබේ.

 භින්නෝන්මාදයෙන් පෙළුණු පියවරු විසින් තමන් ගේ දියණියන් සමග ලිංගික සබඳතා පවත්වන ලද සිද්ධි අධ්‍යනයන් පරියේෂක Soron  හෙලි කරයි. ඇතැම් ආගමික කල්ට් තුලද මේ තත්වය වාර්තා වී තිබේ. පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම බොහෝ රට වල බොහෝ සංස්කෘතීන් අතරින් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවෙන්ද  එවැනි වාර්තා ලැබී ඇත​. කෙසේ නමුත් පියා විසින් දියණිය සමග ලිංගික සබඳතා පැවැත්වීම වැනි ව්‍යභිචාරයන් ව්‍යාථවේදී තත්වයන් වන අතර එය මුළු මහත් පවුල් සංස්ථාවට අහිතකර වෙයි.

Friday, March 29, 2019

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සෞඛ්‍ය හා සමාජ ගැටළුවක්



ළමා අපයෝජනය ශ්‍රී ලංකාවේ මේ වන විට දැවෙන සෞඛ්‍ය හා සමාජ ගැටළුවක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.    ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ මූලාශ්‍ර අනුව 2017 වසරේ වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014ක් ලැබී ඇතැයි සදහන් වේ.   එසේම ලිංගික හිංසන පිළිබඳ වාර්තා 501කි. දූෂණය කිරීහ් පිළිබඳ වාර්තාවන අවස්ථාවන් 340කි. බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 309ක් වාර්තා වී ඇති බවද ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ මූලාශ්‍ර වාර්තාවල දැක්වේ.

Monday, March 25, 2019

ලංකාවේ රෝහල් වල තත්වය


ලංකාවේ රෝහල් වල සෙකුරිටිලා හිතාගෙන ඉන්නේ ඔවුන් ඇටෙන්ඩන්ලා කියාය. ඇටෙන්ඩන්ලා හිතන්නේ තමන් මේල් නර්ස්ලා කියාය. මේල් නර්ස්ලා තමන් එච්.ඕලා කියා සිතති. එච් ඕලා සිතන්නේ තමන් එස්.එච්.ඕ බවයි. එස්.එච්.ඕ තමන් රෙජිස්ට්‍රා කියා සිතයි.  රෙජිස්ට්‍රා තමන් ගැන හිතාගෙන ඉන්නේ තමන් සීනියර්  රෙජිස්ට්‍රා කියාය​. සීනියර්  රෙජිස්ට්‍රා තමන් කන්සල්ටන්ට් කියා සිතයි. . කන්සල්ටන්ට් සිතන්නේ තමන් සෞඛ්‍ය ලේකම් කියාය. සෞඛ්‍ය ලේකම් සිතන්නේ තමන් සෞඛ්‍ය ඇමති ලෙසටය. සෞඛ්‍ය ඇමති තමුන් ජනාධිපති බව සිතයි. ජනාධිපති සිතන්නේ තමන් ග්‍රාමසේවක කියාය.

Tuesday, March 19, 2019

තමන්ව පෙළන ලද කුල පීඩනය ගැන නන්දන වඩුතන්තිරි අදහස් දක්වයි


කලුවා හකුරු දුරයලාගේ නන්දන වඩුතන්තිරි තමන්ව හඳුන්වා ගන්නේ කුල පීඩිතයෙකු ලෙසටය​. ළමා කාලයේ සිටම කුල පීඩනය ඔහු අත් දකියි. නන්දන වඩුතන්තිරි පවසන අන්දමට ඔහු ජීවත්වූ ප්‍රදේශයේ ධනවත් සහ කුලවත් අසල්වැසියෝ ඔවුන් ගේ දරුවන් සමග කුඩා  නන්දන වඩුතන්තිරි සමග සෙල්ලම් කිරීමට අවසර නොදෙති. එසේම පාසලේදී ද ඔහුව ගුරුවරු මෙන්ම සිසුන් ද කොන් කරන්නේ නන්දන වඩුතන්තිරි අඩු කුලයේ ළමයෙකු බව පවසමිනි. තවද ඔහුට පාසලේදී ශිෂ්‍ය නායකයෙකු වීමට සුදුසුකම් තිබුනද ඔහුගේ කුලය නිසා විදුහල්පතිවරයා නන්දන වඩුතන්තිරිගේ නම කපා දමයි. 

යොවුන් වියේ ඔහු තම ප්‍රථම ප්‍රේමය අරඹන්නේ කුලවත් පවුලක තරුණියක සමගය​. එහෙත් එම තරුණියගේ සොහොයුරන් ඔහුට නිර්දය ලෙස පහරදී තමන් ගේ කුලයට අයත් තරුණියක සොයා ගන්නා ලෙස පවසති. මේ නිසා ඔහු ප්‍රේමයෙන් පරාජය වෙයි. රැකියාවන් ගනනාවකටට ඉල්ලුම් කලද නන්දන වඩුතන්තිරි පවසන පරිදි ඔහුට සම්මුඛ පරීක්‍ෂණ වලට වත් කැඳවීම් නොලැබෙන්නේ ඔහුගේ කුලය නිසාය​. මෙම කුල පීඩනය නිසා තමන් ද පෙරලා සමාජයට වයිර කල බව ඔහු සඳහන් කරයි. 

අවසානයේදී ලංකා සමාජයේ තමන්ට හිස එසවීමට ඉඩක් නොමැති නිසා විදේශ ගතවී රැැකියාවක් සොයා ගැනීමට ඔහු පිටරට යයි. 1971 සහ 1988 කාලයේදී කුල පීඩනය නිසා තමන් ගේ ඥාතීන් බොහෝ දෙනෙකු ජවිපෙ කැරලි වලට සහභාගී වූ බවත් බොහෝ දෙනෙකු මිය ගිය බවත් නන්දන පවසයි. තමන් අත් විඳි කුල පීඩනය තම දරුවන්ට උරුම කර නොදෙනු වස් විදේශ ගතවීම තමන්ට තිබූ විකල්පය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Sunday, March 17, 2019

ජෝන් ඩෙන්වර් ; සංගීතය සහ ස්මරණය

 

අවාසනාවන්ත ගුවන් යානා අණතුරකින් ජෝන් ඩෙන්වර් මිය ගියේ නොමැති නම් ඔහු මේ වන විට තම ජීවිතයේ 70 සැතපුම් කණුව පසු කරන්නේය​. එහෙත් 1997 වසරේදී ඔහු මිය ගියේය​. 

ජෝන් ඩෙන්වර් ගේ ගීත අප අසන්නේ 1970 දශකයේ මුල් කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය හරහාය​. 1978 වසරේදී වරක් මමත් ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධනත් ජෝන් ඩෙන්වර් ගේ කන්ට්‍රි රෝඩ්ස් ගීතය පාසලේදී මේසය ඩ්‍රම් එකක් ලෙස වාදනය කරමින් ගායනා කලෙමු. පසු කාලයක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධන ඊලම් යුද්ධයේදී තම ගුවන් යානාව කඩා වැටීම නිසා මිය ගියේය​. 

1985 වසරේ මමත් රාජකීය විද්‍යාලයේ තුසිතත් ඔහුගේ නිවසේදී  ( තුසිත පදිංචිව සිටියේ බම්බලපිටිය හංදිය ආසන්නයේ නිවසකය​) අප දෙදෙනා සේනාරත්න සර් ගේ භෞතික විද්‍යාව ටියුට් වල ගනං හදන්නේ ජෝන් ඩෙන්වර් ගේ සිංදු වලට සවන් දෙමිනි. තුසිත වර්තමානයේ එක්සත් රාජධානියේ ජීවත් වෙයි. 

1987 වසර එලැඹෙන විට මමත් ධම්මික රත්නායකත් යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨයේදී ජෝන් ඩෙන්වර් ගේ කන්ට්‍රි රෝඩ්ස් ගීතය ගායනා කල අතර ධම්මික රත්නායක ගිටාරය වැයීය​. 

2012 වසරේදී මා විසින් ලියූ මානසික රෝගියාගේ පරිකල්පනය ( මෙම පොත 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්‍ෂණයට තෝරා ගනු ලැබුණි) මානසික රෝගියාගේ පරිකල්පනය පොතේ එන මනංකල්පිත චරිතයක් වන වින්සන්ට් ලංකාතිලක  සවුත් ඩැකෝඩාවලදී ඇමරිකානු යුවලක් ඉදිරියේදී ජෝන් ඩෙන්වර් ගේ ඇනීස් සෝං ගීතය ගායනා කරයි . 

......අපි හතු හැඩයට හදලා තිබ්බ ලී ආසනවල වාඩිවෙලා හැවිනා එක්ක ස්පාඤ්ඤ වයින් බෝතලයක් බිව්වා. ශීතත් උෂ්ණත් නැති සනීප හුළඟ. සූරියකාන්ත මල්. කිලෝ මීටර් දෙකක් විතර දිග ලී කණුවලින් තැනූ වැට. පිකප් රථය. මම ඩේව් දිහා බැළුවා. තෘප්තිමත් ගොවියෙක්. මට වප් මඟුල මතක් වුණා. පුන්චිරලා මාමගේ හකු ඇට පැදුණු මුහුණ.  කෙරන් අපිට ඉතාලි ක‍්‍රමයට හදාපු මාළු පිඟානක් ගෙනාවා. කෙරන් ගේ රන් පැහැති කොණ්ඩය. මට බණ්ඩරී නැන්දාගේ අව්වට කරවෙච්ච මුහුණ මතක් වුණා. අපි ගිනිමැලය වටේ  එකතුවෙලා සින්දු කිව්වා. ඩේව් ගිටාර් එක වයමින් ඩොන් විලියම්ස්ගේ සින්දුවක් කිව්වා. කෙරන් තාලය ඇල්ලූවා. මම ඔවුන්ට ජෝන් ඩෙන්වර්ගේ ඇනීස් සෝං ගීතය තිළිණ කළා. විදේශීය උරුවකින් කියන ඇනීස් සෝං ඔවුන්ව කුල්මත් කරන්න ඇති. (මානසික ‍රෝගියා‍ගේ පරිකල්පනය- ගොඩගේ ප්‍රකාශකයෝ)

2018 වසරේදී බෆලෝ සිට නිව්‍ යෝක් දක්වා රිය ධාවනය කරන විට ගමන් වෙහෙස සහ කාන්සිය මම නිවා ගත්තේ ජෝන් ඩෙන්වර් ගේ ගීත වලට සවන් දෙමිනි. ඔහුගේ  ලීවිං ඔන් එ ජෙට් ප්ලේන් සහ සන් ෂයින් යන ගීත මම බොහෝ වාරයක් වාදනය කලෙමි.

ජෝන් ඩෙන්වර් වියට්නාම් යුද්ධයට එරෙහිව ගීත ගායනා කලේය​. එසේම පරිසර විනාශය ගැන ඔහු ජනතාව දැණුවත් කලේය​. ඔහු ජනතාවාදී ගායකයෙකු විය​. ජෝන් ඩෙන්වර්  මිය ගියද ඔහු අදත් ලෝකය පුරා මිලියන ගනනක් ජනතාව ගේ හදවත් වල ජීවත් වෙයි.  

වෛද්‍ය රුවන්  එම් ජයතුංග

Friday, March 15, 2019

ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ?


ලක්ශාන් අබේනායක කියන්නේ මධ්‍යම පාන්තික සෙන්ට් ජෝස්ෆ් එකට ගොස් වෛද්‍යවරයෙකු වූ කෙනෙක්. එවැනි කෙනෙක් පවා සිතන්නේ බටහිර ලෝකයෙත් ලංකාවේ වගේ දොස්තරකම වන්දනා කරන වෘත්තියක් කියා. එහෙව් එකේ පීඩිතයන් පිලිබඳ කුමන කතාද . 

දැන් බලමු ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද කියලා.  සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට  යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු.  දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම පියා වගේ හඩු සරමක් නොවෙයි දොස්තර මහත්තයා ඇඳන් ඉන්නේ. දොස්තර මහත්තයා සරණපාලගේ පියාව ගනන් ගන්නේ නැතිව මූණ දිහාවත් නොබලා බේතක් ලියලා දෙනවා. එතකොට සරණපාලගේ පියා හාමුදුරුවන්ට අට පිරිකරක් දෙනෙවා වගේ දෝතින් දොස්තරට සල්ලි දෙනවා. ඩිස්පැන්සරියෙන් එලියට ආවම සරණපාල දකිනවා දොස්තර මහත්තයාදේ අළුත්ම දිලිසෙන කාර් එක. ඒවගේ කාර් එකක් සරණපාල කවදාවත් දැකලා නෑ. මේ නිසා දොස්තර යනු සක්දෙවි කෙනෙක් කියා තමයි සරණපාල හිතන්නේ. ඔහු දැක්කා තම පියාගේ බයාදු මුහුණ සහ දොස්තර මහතාගේ තේජස් මූණ. තම පියා ඔහු ඉදිරියේ පරාජිතයෙක් වෙලා.  

කුඩා කාලයේ සිටම සරණපාල ආස දොස්තර කෙනෙක් වෙන්න.  දෙමාපියනුත් ඔහුට නිතරම කියන්නේ " පුතේ උඹ මහන්සි වෙලා පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා මේ නරකාදියෙන් ගොඩ වෙයං කියලා. මේ නිසා සරණපාලයා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ , ක්‍රීඩාවක් කරන්නේ නෑ කොයි වෙලාවෙත් පාඩම , සහ කට පාඩම​. සරණපාල ගේ ඒකායන බලාපොරොත්තුව උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න​. ඒක තමයි එකම හීනය​.   ඔහු දිවා රෑ නොබලා කටපාඩම් කරලා විභාගය සමත් වෙලා දොස්තර කෙනෙක් වෙනවා. 

දැන් සරණපාල හිතන්නේ තමන් සක්විති පදවියට පත් උනා කියලා. සරණපාල දැන් තමන් ගෙන් බේත් ගන්න එන මිනිස්සුන් ගෙන් වැඳීම බලා පොරොත්තු වෙනවා . සරණපාලයා දැන් යන්නේ අඩි දෙකක් උඩින්. වෙනත් රැකියා කරන අය කිසිවෙකු ගනන් ගන්නේ නෑ. "උන් කවුද මම දොස්තර කෙනෙක්" මෙහෙම තමයි සරණපාලයා දැන් හිතන්නේ.  සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි. 

ඒ වගේම සරණපාල හිතනවා  බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා.  සරණපාල පීඩිතයෙක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්.  වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ.  වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු  වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි. නර්ස්ලා දොස්තරගේ මුල් නම කියලා කතා කරන්නේ. ඒකට දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ නෑ. ක්ලිනික් එකේ කක්කුස්සිය හෝදන පුද්ගලයාගේ වාහනය නවත්වන්නෙත් දොස්තර වාහනය නවත්වන පාකිං එකේ. ඒත් සරණපාලලා මේ කතා විශ්වාස කරන්නේ නෑ.   ආකල්පමය වශයෙන් සහ ආර්ථිකව සංවර්ධනය වූ රටවල වෛද්‍ය උපාධිය තිබෙන සමහරු GP හෙවත් පවුල් වෛද්‍යවරයෙකු  නොවී පරියේෂණ අංශ වල සේවය කරනවා. සමහරු වෙනත් ප්‍රතිකාරාත්මක අංශ වල සේවය කරනවා. සරණපාල වන්දනා කරන පවුල් වෛද්‍යවරු හෙවත් GP කෙනෙකු රෝගියෙක් බලලා  පැයට $ 30 වැනි මුදලක්  ලබා ගන්න විට වෛද්‍ය උපාධිය තිබෙන කයිරෝප්‍රැක්ටර් පැයට $ 120 ද  වෛද්‍ය මනෝ චිකිත්සකයන්  $ 150 - 200 දක්වාද දන්ත චිකිත්සකයන් $ 200 - 500 දක්වාද ලබා ගන්නවා.   

පෘතුවිරාජ් ප්‍රනාන්දු කියන්නේ ඉහල පන්තියක රෝයල් හෝ සෙන්ට් තෝමස් එකට ගිහින් රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගන ගෙන දොස්තර උපාධිය ලබාගෙන පිටරට ගිහින් අලින් පිලිබඳව පරියේෂණ පී.එච්.ඩී එකක් ලබාගෙන GP කෙනෙකු හැටියට වැඩ නොකර අලින් පිලිබඳව පරියේෂණ කරමින් ඉන්නවා.  පෘතුවිරාජ් ප්‍රනාන්දුලා වගේ අයට දොස්තරකම සක්විති පදවියක් නොවෙයි. ඔහුගේ දෙමාපියන් නෑදෑසනුහරේ බාගයක් දොස්තරලා. ඌ පීඩිතයෙකු නොවුනු නිසා ඌට GP කම  මරාගෙන මැරෙන්නට අවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් සරණපාලලාට අනුව  පෘතුවිරාජ් ප්‍රනාන්දු පරාජිතයෙක්.  සරණපාලලා  පෘතුවිරාජ් ප්‍රනාන්දුලාට කිණ්ඩිය දානවා. හේතුව පීඩිතයන් ලෙස ජීවත් වූ සරණපාලලාට මේක තේරුම් ගන්න බෑ. ඔවුන් ගේ විශ්වයේ අධිපති අර කුඩා කාලයේ දැක්ක දොස්තර ඉමේජ් එක.  

මම බටහිරට ආ මුල් කාලයේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් මට ආරාධනා කරනවා එහෙ ඇවිත් තාවකාලික රෙජිස්ට්‍රේශන් එක යටතේ GP ලෙස සේවය කරන්න එන්න කියලා. ඔවුන් ගුවන් ගමන් ටිකට් එකත් දෙනවා. ඒත් මම ඒක අත් හැරලා යෝක් විශ්ව විද්‍යාලයට යනවා මගේ ප්‍රියතම විෂය මනෝ විද්‍යාව හදාරන්න , එම විෂය ප්‍රගුණ කරන්න.  මම වගේ බොහෝ වෛද්‍යවරු මට බටහිර ලෝකයේ හමු වෙනවා GP කම අත් ඇරලා විශ්ව විද්‍යාල වල පරියේෂණ කරන වෙනත් විශේෂ වූ ප්‍රතිකාරාත්මක සේවා වල යෙදෙන​. නමුත් සරණපාලලාට මේක තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ GP කෙනෙකු නොවෙයි නම් ඔහු මිනිසෙකු නොවෙයි කියලා.දොස්තර කෙනෙක් වෙලා පන්තිය අතික්‍රමණය කලත් සරණපාලලා හිතින් තවමත් දුප්පත්. තවමත් පීඩිතයෝ.


Tuesday, March 12, 2019

The Combat Related PTSD among the Sri Lankan Army Soldiers who Participated in the Eelam War in Sri Lanka

Dr Sarath Panduwawala & Dr Ruwan M Jayatunge 

  
Abstract: This study investigates the prevalence and severity of posttraumatic stress symptoms in a sample of soldiers of the Sri Lanka Army. The study was conducted from August 2002 to March 2006.  Eight hundred and twenty four (824) Sri Lankan Army servicemen of the infantry and services units who were referred to the Psychiatric ward Military Hospital Colombo were screened for combat related PTSD. The DSM- 4 was used to diagnose and determine the probable prevalence rate of posttraumatic stress symptoms. According to the results 56 combatants were found with full symptoms of PTSD and 6 combatants with partial PTSD.

Key Words: PTSD, Sri Lankan Combatants, Eelam War, Combat Trauma
Objectives:  To examine the combat related PTSD symptoms of the soldiers who fought in the armed conflict in Sri Lanka.

 Introduction: Sri Lanka, a country that was seen at the time of independence from Britain in 1948 as a first potential case of development success in the third world, surprisingly transformed subsequently into a state of political conflict and consequent armed struggles (Abeyratne, 2002). The armed conflict in Sri Lanka had many root causes. It was a conflict between the state security forces and Liberation Tigers of Tamil Ealam (LTTE).

The Sri Lanka Army engaged in prolonged military conflict against the armed separatists of the Northern Sri Lanka. The conflict started in 1981 with the killing of two members of the Sri Lanka Army by the rebels. In the early stages the conflict emerged as guerrilla attacks and later evolved into a proxy war. The armed conflict which continued until 2009 came to be known as the Eelam War. Following the armed conflict nearly 26, 0000 soldiers died and a large numbers became physically and psychologically disabled.

When the militants intensified their attacks on military and civil targets, the Sri Lanka Army deployed its entire bayonet strength for more than 25 years. During the critical period of the Eelam War the Sri Lankan military launched nearly 20 major military operations against the rebels starting from 1987 to 2009. Over 100, 000 members of the Sri Lanka Army had been directly or indirectly exposed to combat events during the Eelam War.  They were exposed to hostile battle conditions and many soldiers underwent traumatic combat events outside the range of usual human experience.

In 2009 May the Sri Lankan government declared that the country had won the war against the armed militants. Although the armed forces were able to gain a decisive victory it came with a huge social cost. The Eelam war affected the psychosocial health of the combatants and civilians. Significant numbers are still impacted by combat trauma.

Methodology: This study was conducted by the Visiting Psychiatrist of the Sri Lanka Army with the permission of the Medical Advisor of the Sri Lanka Army Medical Corps. From August 2002 to March 2006, eight hundred and twenty four (824) Sri Lankan Army servicemen of the infantry and services units who were referred to the Psychiatric ward Military Hospital Colombo were screened for combat related PTSD. This study was done while the soldiers were still on active duty.

The study sample consisted of servicemen referred to the Psychiatric Unit Military Hospital Colombo. Mainly the referrals were done by the medical officers of the OPD, Consultants in the Medical and Surgical units, Palaly Military Hospital, Victory Army Hospital Anuradhapura and other military treatment centers. The affected combatants had behavioral problems, psychosomatic ailments, depression and anxiety related symptoms, self-harm, attempted suicides, alcohol and substance abuse, and misconduct stress behaviors. The sample consisted of 824 (male = 806, female = 18) combatants of the Sri Lanka Army.
Client safety guidelines were observed during the study and informed consent was obtained and the methods used ensured participants’ anonymity. These soldiers were administered the PTSD Check List based on the Diagnostic and Statistical Manual of Mental Disorders (American Psychiatric Association, 2000) with a structured face to face interview. This schedule was designed from similar trauma questionnaires used elsewhere in the world to detect PTSD.

Results
Study results among the Sri Lanka Army soldiers and officers were as follows:
PTSD rate was 6.7% following analysis of questionnaire from 824 combatants.
 
PTSD
No 
Full criteria56
Partial6

Exposure to combat was significantly greater among those who were deployed in the North and East of Sri Lanka. The percentage of study subjects whose responses met the screening criteria for major depression, generalized anxiety, or PTSD was significantly higher after serving in the above mentioned areas.
Among the 824 Sri Lankan combatants 135 (16.38%) were diagnosed with Adjustment Disorder,   129 (15.65%) were diagnosed with Depressive Disorder, 78 (9.46%) were diagnosed with Psychiatric illnesses such as Schizophrenia, Bipolar Affective Disorder and Acute Transient Psychotic Disorder, 65 (7.88%) were with Somatoform Disorder, 89 (10.8%) with Dissociative Disorder, 27 (3.27%) with Traumatic Brain Injury and 29 (3.51%) with Alcohol Abuse and Dependence and Substance Abuse Disorder.

The combatants with full-blown symptoms of PTSD were found with following associations:
Those who have served in the operational areas (for more than 3 years)    45
Sustained grievous injuries –    15
Sustained none grievous injuries –    22
Witnessed Killing-    49
Past attempted suicides-    17
Experienced childhood trauma    30

Results suggest that exposure to active combat may be responsible for stress reactions such as PTSD among the combatants.

Discussion:
Posttraumatic stress syndrome (PTSD) was recognised as an unique diagnostic category in the Diagnostic and statistical manual (DSM-III) following the recognition of the clinical picture in Vietnamese war veterans (Dadic-Hero et al., 2009). Although the Sri Lankan armed conflict began in early 1980s for a long period PTSD was not recognized as a debilitating disorder that could affect soldiers (Jayatunge, 2014).
This is the first combat related PTSD study in Sri Lanka and it provides an initial overview of the existing psychosocial problems among the combatants who participated in the Eelam War. The significance of this study is that it was done when most of the combatants were still on active duty.

During the study structured interviews were conducted in Sinhalese language and every combatant’s military deployment history was assessed. In some cases their commanding officers were contacted and family members too interviewed. In addition cultural aspects of trauma were taken in to consideration.
PTSD is widely prevalent in the military community because of the frequency and type of trauma seen in the combat zone (Romanoff, 2006). Clancy et al (2006) found that age, greater combat exposure, and pre-military and post-military traumas are associated with increased PTSD symptomatology. The Sri Lankan combatants had prolonged combat exposure longer than the World War 2, Vietnam, Korean and Gulf War veterans. Following prolonged traumatic combat exposure a large number of soldiers sustained   PTSD and other trauma-related mental health ailments. Some of the PTSD conditions are still undiagnosed.

Combat exposure can change the psychological makeup of soldiers. Military personnel exposed to war-zone trauma are at risk for developing PTSD (Friedman et al., 1994). Collie and colleagues (2006) assume that approximately 30% of people who have been in war zones develop PTSD.  Combatants struggle with depression, PTSD, traumatic brain injury, and substance abuse (Kane et al., 2013).   As indicated by Gaylord (2006) combat veterans are at risk for experiencing the negative effects of deployment.  The findings of the current study specify that among the combatants with PTSD 80.35% had served in the combat zone for more than three years. The duration of combat exposure had been a risk factor.

Ehring and colleagues (2014) indicate that Posttraumatic stress disorder is highly prevalent in adult survivors of childhood sexual and/or physical abuse. Early childhood adversities such as physical and sexual abuse, emotional neglect, parental loss, etc., are major risk factors for the development of a range of psychiatric disorders in adulthood, including posttraumatic stress disorder (Anda et al., 2006; Burri et al., 2013). According to the current study 53.57 % of soldiers with PTSD had experienced adverse childhood traumas such as physical and sexual abuse, neglect and maternal and paternal deprivation.

The National Vietnam Veterans Readjustment Study, conducted 1986-88 found that lifetime prevalence of PTSD among Vietnam veterans was 31% for men and 27% for women. Current prevalence was 15% and 9% respectively. (Department of Veterans Affairs, 2007).The rates of PTSD among veterans of Iraq and Afghanistan are conservatively estimated to be 11% and 18%, respectively, and suspected to be underreported (Hoge et al., 2004 ; Nacasch et al., 2010).

The current PTSD study among the Sri Lankan combatants shows a low PTSD prevalence rate (6.7%) compared to Vietnam, Iraq and Afghanistan veterans. There could be several factors including cultural and religious factors which acted as buffers and protected the combatants from the development of PTSD. However this sample was not randomly selected and it was a presented sample that was refereed for treatment and psychological evaluations. Therefore this study may not reflect the actual picture of combat trauma in the Sri Lanka Army. The actual PTSD numbers may be high. According to rough assumptions PTSD rate among the soldiers of the Sri Lanka Army could be 12 % – 16 %.

In this study six soldiers were found with partial PTSD. Within the literature on PTSD, individuals who fail to satisfy diagnostic criteria yet report notable symptomatology have been termed as experiencing partial PTSD ( Kulka, Schlenger, & Fairbank, 1990; Gudmundsdottir &  Beck , 2004). According to Stein and colleagues (1997) patients with partial PTSD lack one or two of the three required avoidance or numbing symptoms, and/or one of two required hyperarousal symptoms. Breslau, Lucia and Davis (2004) state that PTSD identifies the most severe trauma victims, who are markedly distinguishable from victims with subthreshold PTSD. However Dickstein et al (2013) highlight that subthreshold posttraumatic stress disorder symptomatology is associated with increased risk for psychological and functional impairment, including increased risk for suicidal ideation. Six of the Sri Lankan soldiers with partial PTSD had significant functional impairments such as marital and parenting problems and impairments in quality of life and functioning.

The war affected Sri Lankan soldiers face a number of psychosocial problems. Pearrow and Cosgrove (2009) indicated that veterans’ exposure to heightened levels of stress resulting from combat and associated threatening and catastrophic events can markedly disrupt their functioning, not only while on the front lines but also upon their reentry into civilian life. With regard to Sri Lankan soldiers with PTSD the investigators found the same outcome. The Sri Lankan combatants with PTSD were found to be affected by numerous work related and other psycho social dysfunctions. Domestic violence, Alcohol and substance abuse, attempted suicides and self harms, disciplinary infractions were found among them.  Combat trauma symptoms impacted their marital, vocational, and social function.

The individuals with PTSD frequently suffer from other comorbid psychiatric disorders, such as depression, other anxiety disorders, and alcohol or substance abuse/dependence (Friedman et al., 1994). Comorbid disorders have an adverse impact on the prognosis and treatment of individuals with PTSD (Abram et al., 2013).  Data from epidemiologic surveys indicate that the vast majority of individuals with PTSD meet criteria for at least one other psychiatric disorder, and a substantial percentage have 3 or more other psychiatric diagnoses (Brady, 2000). Sri Lankan combatants with PTSD were found have other comorbid psychiatric disorders such as Depression, Substance Abuse Disorder and sometimes Psychosis.  

The main treatments for PTSD are psychotherapy and medication. Recent guidelines suggest that psychotherapy should be initiated as a first-line treatment for PTSD ((National Collaborating Centre for Mental Health, 2005). The most commonly used medications have been antidepressants, and specifically SSRIs (Davidson, 2000; Davidson & Connor, 1999; Cukor et al., 2009). Spinazzola, Blaustein and van der Kolk (2005) identify prolonged exposure (PE), cognitive processing therapy, cognitive restructuring, and eye-movement desensitization and reprocessing (EMDR) as some of the leading interventions for PTSD.

In Sri Lanka the combatants with PTSD are treated with drug therapy (anti depressants, mood stabilizers, anti psychotics, pain killers etc.) psychotherapy (CBT, EMDR, Rogerian therapy) and traditional healing methods. Drug therapy helps to minimize acute PTSD symptoms and normalize sleep. Rogerian Person Centred Therapy allows the combatants to release their bottled up negative emotions.  Cognitive Behavior Therapy has helped the combatants to improve their social functioning. In 2005 eighteen Sri Lankan combatants were treated with EMDR and twelve of them showed significant clinical improvement after 5-6 sessions of EMDR.

Among the traditional therapies Thovilaya has been identified as a conventional healing method. It is a form of psychodrama geared to heal the patient as well as his environment. Spiritual therapy also plays a vital role in treating soldiers with combat trauma. Spiritual therapy especially Buddhist psychotherapy helps the war victims to find meaning and achieve post traumatic growth.
In Sri Lanka a large number of ex combatants transited to civil society without any prier screening process. Many of them have readjustment problems. Psychosocial rehabilitation of the war veterans have been recognized as a crucial component in Sri Lanka. A range of social, educational, occupational, behavioral and cognitive interventions would be needed to address the needs of the combatants who were affected by the war.

Conclusion 
This study investigated the extent of posttraumatic stress disorder (PTSD) among the soldiers of the Sri Lanka Army who fought in the Eelam War. The findings indicate that combat related PTSD is becoming one of the critical mental health problems among soldiers in Sri Lanka. The affected combatants with war trauma experience problems in their living, working, learning, and social environments. War trauma has drastically impacted their mental health and long-term functioning. Effective measures have to be implemented to heal combat trauma in Sri Lanka. In addition further studies are needed to systematically assess the magnitude of combat trauma among the combatants and provide them appropriate psychosocial treatment.

Acknowledgments
1)      Dr. Neil Fernando -The former Consultant Psychiatrist of the Sri Lanka Army
2)      Gen (Dr) Dudley Perera – The former Medical Advisor -Sri Lanka Army Medical Corps
3)      Gen (Dr) Sanjeewa Munasinghe – Colonel Commandant of Sri Lanka Army Medical Corps

References
Abeyratne, S. (2002). Economic Roots of Political Conflict: The Case of Sri Lanka. Retrieved from  https://crawford.anu.edu.au/acde/asarc/pdf/papers/2002/WP2002_03
Abram K. M., Teplin L. A., King D. C., Longworth S. L., Emanuel K. M., Romero E. G., Olson, N. D. (2013). PTSD, trauma, and comorbid psychiatric disorders in detained youth. Retrieved from http://www.ojjdp.gov/pubs/239603.pdf

Abeyratne, S. (2002). Economic Roots of Political Conflict: The Case of Sri Lanka. Retrieved from  https://crawford.anu.edu.au/acde/asarc/pdf/papers/2002/WP2002_03.pdf

Anda RF, Felitti VJ, Bremner JD, Walker JD, Whitfield C, et al. (2006) The enduring effects of abuse and related adverse experiences in childhood. A convergence of evidence from neurobiology and epidemiology. Eur Arch Psychiatry Clin Neurosci 256: 174–86.

Brady, K.T., Killeen, T.K., Brewerton, T., Lucerini, S. (2000). Comorbidity of psychiatric disorders and posttraumatic stress disorder. J Clin Psychiatry:61 Suppl 7:22-32.

Breslau, N., Lucia, V.C., Davis, G.C.(2004). Partial PTSD versus full PTSD: an empirical examination of associated impairment. Psychol Med.  34(7):1205-14.

Burri A, Maercker A, Krammer S, Simmen-Janevska K (2013) Childhood Trauma and PTSD Symptoms Increase the Risk of Cognitive Impairment in a Sample of Former Indentured Child Laborers in Old Age. PLoS ONE 8(2): e57826. doi:10.1371/journal.pone.0057826.

Clancy, C.P,. Graybeal, A., Tompson, W.P., Badgett, K.S., Feldman, M.E., Calhoun, P.S, Erkanli ,A., Hertzberg, M.A., Beckham, J.C.(2006). Lifetime trauma exposure in veterans with military-related posttraumatic stress disorder: association with current symptomatology. J Clin Psychiatry. 67(9):1346-53.

Collie, K., Backos, A., Malchiodi, C.,Spiegel, D. (2006). Art therapy for combat-related PTSDRecommendations for research and practice. Art Therapy: Journal of the American Art Therapy Association, 23(4) pp. 157-164.

Cukor, J., Spitalnick, J., Difede, J.A., Rizzo, A., & Rothbaum, B.O. (2009). Emerging treatments for PTSD. Clinical Psychology Review, 29(8), 715-726.

Dadic-Hero , E. , Toric , I. , Ruzic , K. , Medved , P. & Graovac , M . (2009) . Comorbidity –A troublesome factor in PTSD treatment . Psychiatria Danubina, 21, 420 – 424.

Davidson, J. R., & Connor, K. M. (1999). Management of posttraumatic stress disorder: Diagnostic and therapeutic issues. Journal of Clinical Psychiatry, 60(Suppl 18), 33−38.

Davidson, J. R. (2000). Pharmacotherapy of posttraumatic stress disorder: Treatment options, long-term follow-up, and predictors of outcome.Journal of Clinical Psychiatry, 61(Suppl 5), 52−56 discussion 57–59.

Dickstein, B. D., Walter, K. H., Schumm, J. A. and Chard, K. M. (2013), Comparing Response to Cognitive Processing Therapy in Military Veterans With Subthreshold and Threshold Posttraumatic Stress Disorder. J. Traum. Stress, 26: 703–709.

Ehring T, Welboren R2, Morina N, Wicherts JM, Freitag J, Emmelkamp PM. (2014).Meta-analysis of psychological treatments for posttraumatic stress disorder in adult survivors of childhood abuse.Clin Psychol Rev.34(8):645-657.

Friedman, M.J., Schnurr, P.P., McDonagh-Coyle, A. (1994). Post-traumatic stress disorder in the military veteran. Psychiatr Clin North Am. 17(2):265-77.

Gaylord KM.(2006).The psychosocial effects of combat: the frequently unseen injury.Crit Care Nurs Clin North Am.  18(3):349-57.

Gudmundsdottir, B.,  Beck , J.G. (2004). Behaviour Research and Therapy 42. 1367–1375.

Hoge, C. W., Castro, C. A., Messer, S. C., McGurk, D., Cotting, D. I., & Koffman, R. L. (2004) Combat duty in Iraq and Afghanistan, mental health problems, and barriers to care. New
England Journal of Medicine, 351(1), 13–22.

Jayatunge , R.M. (2013). Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience. Sarasavi Publishers. Colombo.

Nacasch, N., Foa, E.B., Huppert, J.D., Tzur, D., Fostick, L., Dinstein, Y., Polliack, M.,  Zohar, J.(2010). Prolonged Exposure Therapy for Combat- and Terror-Related Posttraumatic Stress Disorder: A Randomized Control Comparison With Treatment as Usual. Journal of Clinical Psychiatry .71(0):1-7.

National Collaborating Centre for Mental Health. (2005). Post-traumatic stress disorder: The management of PTSD in adults and children in primary and secondary care. London (UK): National Institute for Clinical Excellence (NICE).

Pearrow, M., Cosgrove, L. (2009). The aftermath of combat-related PTSD: Toward an understanding of transgenerational trauma. Communication Disorders Quarterly, 30(2), 77-82.

Romanoff ,M.R.(2006). Assessing military veterans for posttraumatic stress disorder: a guide for primary care clinicians. J Am Acad Nurse Pract.18(9):409-13.

Semage, S.N., Sivayogan, S., Forbes, D., O’Donnell, M., Monaragala, R.M., Lockwood, E., Dunt, D. (2013). Cross-cultural and factorial validity of PTSD check list-military version (PCL-M) in Sinhalese language. Eur J Psychotraumatol.  doi: 10.3402/ejpt.v4i0.19707.

Stein, M. B., Walker, J. R., Hazen, A. L., & Forde, D. R. (1997). Full and partial Posttraumatic Stress Disorder: Findings from a community survey. American Journal of Psychiatry, 155, 1114–1119.

Find Us On Facebook