Wednesday, October 31, 2018

අශ්ව මුහුණු යක්‍ෂණිය



මිටියාවත පසු කල වින්සන්ට් ලංකාතිලක කඳු සහ බෑවුම් ප්‍රදේශයකට අවතීර්ණ විය. වෙහෙස නිසා දැන්   ඔහුගේ ගමන සෙමින්‍ ය. දුම් කෝච්චියක් සේ හති දමමින් ඔහු ඉදිරියටම ගමන් කලේය. මිනීමරුවන් ගෙන්බේරීම සඳහා කන්ද උඩට නැගිය යුතු බව ඔහු තීරණය කලේය. ඒ නිසා ඔහු අසීරුවෙන් කටු පඳුරු සහ ගල්   වැටි අල්ලාගෙන  කන්ද උඩට නැගීම ඇරඹීය.       

කන්ද වියළි පසින් යුක්ත විය. මිනිස් වාසයෙන් තොර මෙම කඳුකර  ප්‍රදේශය අතීතයේ අශ්ව මුහුණක් තිබූ   යකින්නියකගේ අඩවිය ලෙස හඳුන්වන ලදි. ඇයගේ ශරීරය උස මහතින් යුක්ත වූ අතර මුහුණ අශ්වයෙකුගේමෙනි. ඇය සිටියේ නිරුවතිනි. ඇයගේ දත් තියුණුය. මෙම කඳුකර ප්‍රදේශය හරහා ගිය මිනිසුන්ව අල්ලා ගත්ඇය ඔවුන්ව පණ පිටින් මුරු මුරු ගා අනුභව කළාය. මේ නිසා තතු දත් මිනිසුන් ඇයගේ අඩවියට පාතැබුවේ නැත.      

වරක් ඇය මිනිසුන් පිරිසක් ගමන් ගත් තවළමක් වෙත කඩා පැන්නේ මිනී මස් කෑමේ ආශාවෙනි. අශ්ව මුහුණකින් යුත් යක්‍ෂණිය දුටු මිනිසුන් මරු විකල්ලෙන් සීසීකඩ දිවූහ. දිවීමේ අසමත් වූ සුමුදු සිරුරක් තිබූ පියකරුපෙනුමක් තිබි එක් බ්‍රාක්මණ  තරුණයෙකු ඇය කොටු කරගත්තාය. යක්‍ෂනිය දුටු බ්‍රාක්මණ  තරුණයා   බියෙන් වෙවුලා ගිය අතර මරණීය බිය නිසා ඔහු දෑස් වසා අඞන්නට විය.     තම ශක්තිමත් බාහු වලින් බ්‍රාක්මණ  තරුණයා ඔසවා ගත් අශ්ව මුහුණු යක්‍ෂනිය සිය ගුහාව කරා ගියේ   ඔහුව මරා අනුභව කිරීම සඳහාය. එහෙත්‍   තරුණයා ගේ සිනිදු සම යක්‍ෂනියගේ ගොරෝදු දළ සමෙහි තැවරෙත්ම ඇයට බ්‍රාක්මණ  තරුණයා   කෙරෙහි කාමාන්තික ආශාවක් ආවාය. සිය ගොදුර මරාගෙන කෑමේ ආශාව අත් හැර දැමූ ඇය තම ගල් ගුහාව වෙත තරුණයා ගෙන  ගියේ වෙනස් අදහසක් පෙරදැරි කරගෙනය.       

වලස් සමක් අතුරවන ලද තමන් ගේ රළු ඇඳ මත බ්‍රාක්මණ  තරුණයා හෙලූ ඇය ඔහුගේ ඇඳුම් තම මුවහත් දිග නිය මගින් ඉරා දමා ඔහුව සහ මුලින්ම නිරුවත් කලාය. බියෙන් තැති ගත් තරුණයා ඇඳ මත ගුලිවී සිටි  අතර අශ්ව මුහුණු යක්‍ෂනිය ඔහුගේ සිනිදු ශරීරය තම දිගු දිවෙන් ලෙවකන්නට වූවාය.    

ඇයගේ දත් ව්‍යාග්‍රයෙකු ගේ මෙන් උල්‍ ය. නිතරම මිනී මස් කෑම නිසා ඇයගේ මුවින් බලවත් දුර්ගන්ධයක් හමන්නට විය . දත් අතර  ඉහඳ පනුවන් ද සිටි අතර පණුවෝ  ඛෙටය හරහා බ්‍රාක්මණ  තරුණයා ගේ සම  මතටද වැටුනේය.      

යක්‍ෂනිය තරුණයාගේ පුරුෂ නිමිත්තද මුඛයට ගෙන උරන්නට වූවාය. මරණීය භීතියත් උත්තේජනයත් අතර සිරවූ තරුණයාගේ පුරුෂ ලිංගය ඔහුට නොදැනීම ප්‍රාණවත් විය. ඒ සමගම යක්‍ෂණිය බ්‍රාක්මණ තරුණයාගේ උකුල මත ඉඳගෙන ඔහුගේ පුරුෂ ලිංගය ඇයගේ තෙත්වූ යෝනියට රුවා ගත්තාය. යක්‍ෂණියගේ   අපිරිසිදු වසා රොදෙහි වාසය කල විවිධ කුඩා කෘමි සතුන් පුරුෂයාගේ යූනිකය මතද වැටුනු අතර එම සතුන් නිදහසේ ඔහුගේ සම මතද ගමන් කරන්නට වූහ.      

අශ්වයෙකු මෙන් බරැති යක්‍ෂණිය සියුමැළි බ්‍රාක්මණ  තරුණයාගේ උකුල මත වාඩිවී ඇයගේ වනුව   පද්දන්නට වූවාය. ඇයගේ විශාල පයෝදර වැනෙන්නට වූ අතර තරුණයාගේ මුහුණ පයෝදර අතර සැඟව  ගියේය. මෙලෙස තරුණයාගේ ලිගුවෙන් ආශ්වාදය ලබා ගත් යක්‍ෂනිය කාමයේ  උත්තරෝත්තරාතිශයට පත් වූ අතර ගල් ගුහාව දෙදරා යන අන්දමේ බිහිසුණු හඞක් ඇයගේ මුවින් නිකුත් වූවාය.      

මෙලෙස තරුණයාව ග්‍රහණයට ගත් යක්‍ෂණිය ඔහුව නොමරා ගල් ගුහාව තුල සිර කරගෙන සිටියාය.   තරුණයාගේ ආහාරය සඳහා පළවැලත් තම ආහාරය සඳහා මිනී මසුත් ගෙන එන ඇය ආහාර ගැනීමෙන් පසුතරුණයා සමග මෛථුනයේ යෙදුනාය. යක්‍ෂණිය සන්තර්පණය නොකලේ නම් තම ජීවිතය අවසන් වන බවහොඳාකාරව වටහා ගත්  බ්‍රාක්මණ  තරුණයා සිය පිළිකුල අසීරුවෙන් මැඞ ගෙන ඇයව ලිංගිකව සතුටුකරන්නට විය. 
     
මෙසේ කාලය ගත වෙත්ම අශ්ව මුහුණු යක්‍ෂණිය තරුණයා නිසා ගැබ් ගත්තාය. ගැබ මෝරා ප්‍රසූතිය   ආසන්න වෙත්ම යක්‍ෂණිය ප්‍රසව වේදනාවෙන් ගල් ගුහාව පුපුරා යන අන්දමට වේදනාවෙන් කෑ ගැසුවාය.  ප්‍රසූතිය නිසා යක්‍ෂණියට දිව යාමේ අපහසුව තිබෙන බැවින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් තරුණයා   දිනක් ගල් ගුහාවෙන් එලියට විත් කන්ද පහලට දිව ගියේය. ප්‍රසව වේදනාව තිබුනද  තම ලිංගික වහලා පළායන බැවින් අශ්ව මුහුණු යක්‍ෂණිය ඔහු පසුපස අපහසුවෙන් දිව ගියාය. වෙනදා අශ්වයෙකුගේ වේගයෙන් ගොදුරු පසුපස හඹා ගොස් ඔවුන්ව කොටු කර ගන්නා ඇයට දරු ගැබ නිසා බ්‍රාක්මණ  තරුණයා අල්ලා   ගැනීම අපහසු වූවාය. එහෙත් ඇය තම වෑයම අත නොහැරියාය. කෙසේ නමුත්  දිවීම අතර මගදී ඇයගේ   ප්‍රසව වේදනා උත්සන්න වූවාය. ඇය බිම ඇද වැටුණාය. ඒ අතරවාරයේ  බ්‍රාක්මණ  තරුණයා ඇයගේ අඩවියෙන් පළාගියේය.      

බිම වැටුනු  අශ්ව මුහුණු යක්‍ෂණිය දරුවෙකු ප්‍රසූත කළාය. දරුවාට මවගේ අශ්ව මුහුණත් පියාගේ සිනිදු සුදු චවි වර්ණයත් උරුමව තිබුණු නමුත් ඉපදී විනාඩි කීපයක් තුලදී දරුවා මිය ගියේය.  බ්‍රාක්මණ  තරුණයා   තමන් ගේ ලිංගික වහලා වූවද යක්‍ෂණියට ඔහු කෙරෙහි ආදරයක් මෝදුවී තිබුනාය. එසේම තරුණයාගේ පහසින් තොරව ඇයට දැන් ජීවත් වීමට අපහසුය. එසේම ඇයගේ දරුවාත් ඉපදී විනාඩි කිහිපයකින් මිය ගියේය.මේ නිසා හදේ උපන් ශෝකය නිසා ඇය වියරුවෙන් මෙන් දිගු කෙස් වැටිය ඉරා දමමින් අඞන්නට වූවාය.   අනතුරුව ශෝකයෙන් බරිත වූ ඇය කන්දෙන් පහළට පැන දිවි නසා ගත්තාය.      

අශ්ව මුහුණු යක්‍ෂණිය ගේ මරණින් පසු ඇය දේවතාවියකව උපන් බව කී මිනිසුන් ඇය උදෙසා පුද පූජා සහ බිළි පූජා පවත්වන්නට වූහ.  වින්සන්ට් ලංකාතිලක දැන් තරණය කරන්නේ මේ අශ්ව මුහුණු යක්‍ෂණිය වාසය කල කන්දය. මේ කන්දේ සමහරක් ස්ථාන වල   යක්‍ෂණියගේ මුහුණ ගල් වල කොටා තිබුනේය.


 (පරිකල්පනික අතික්‍රමණය​ - වෛද්‍ය රුවන් එම් ජයතුංග)

Sunday, October 28, 2018

නූතනවාදය නොදුටු පැරණි සාහිත්‍යයෙහි අදාළත්වය

නූතනවාදය(Modernism) යන සාහිත්‍ය ප්‍රවණතාවේ ආවේණික ලක්ෂණ අතර, සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරවීම, ඒක පුද්ගල මනෝභාවයක වූ සංකීර්ණතාව හුවා දැක්වීම, ආත්ම පරාජය හා ලිංගික සහජාසය ආදිය කැපී පෙනේ. ජෝර්ජ් ලුකාශ් ගේ The meaning of contemporary Realism” (1972) නම් කෘතිය උපුටා දක්වමින් මහාචාර්ය ඒ.වී.සුරවීර නූතනවාදයේ ලක්ෂණ වැඩිදුරටත් පැහැදිලි කරයි. “නූතනවාදී ලේඛකයන් විසින් හඳුන්වා දෙනු ලබන මිනිසා ස්වභාවයෙන්ම හුදෙකලා වූ සමාජ ආශ්‍රය ප්‍රිය නොකරන්නා වූ අන්‍යයන් හා සමාජ සබඳතා පැවැත්වීමට අපොහොසත් වූ පුද්ගලයෙකි.”

අපේ නවීන සාහිත්‍ය සේවීන් හා උගතුන් සිතනුයේ, පැරණි සාහිත්‍යය හුදු ආගමික හා සදාචාර උපදේශ මාර්ගයක් පමණකි’යි කියා ය. එහෙත් පැරණි සාහිත්‍යයේ වූ ඇතැම් සුගැඹුරු මනුෂ්‍ය චරිතාදර්ශ තවත් යුග ගණනාවකට වලංගු වෙයි. ඉහත මා ගෙනහැර දැක්වූ මහාචාර්ය ඒ.වී.සුරවීර කළ විවරණයට ඉතා සමීප ව ගමන් කරන ජාතක කතාවකි, අසනඟ ජාතකය.

එහි එන අසනඟ කුමරා ද හුදෙකලාව ප්‍රියකරන, සමාජ සබඳතා අප්‍රිය කරන අයෙකි. එසේම නූතන වාදයේ දී නිතර අවධාරණය වන ලිංගික ග්‍රස්තියකින් (දැඩි ග්‍රහණයකින්) (Sexual obsession) පෙළෙන්නෙකි. අසනඟ ජාතකයේ මනෝ විද්‍යාත්මක පැතිකඩ විවරණය කරන වෛද්‍ය රුවන් ජයතුංග දක්වන අන්දමට අසනඟ චරිතයේ Gynecophobia නම් මනෝමය භීතිය දක්නට ඇත.

නූතනවාදයේ ආරම්භකයකු වූ ප්‍රංශ සාහිත්‍යධර ෆලෝබෙයා වරක් “A book of nothingness”හෙවත් ශුන්‍යතාව පිළිබඳ ග්‍රන්ථයක් ලිවීම ගැන සඳහන් කළේ ය. මේ කියන ශුන්‍යත්වය පැරණි සාහිත්‍යයේත් නූතන සාහිත්‍යයේත් පරමාර්ථයන්හි වෙනස වේ. නූතන සාහිත්‍යකරුවා තම පාඨක ජනයාගේ සදාචාර ජීවිතය ගැන වග නොකියයි. එහෙත් පැරණි සාහිත්‍ය කරුවා තුළ එකී වගකීම තිබිණි.

මේ පිළිබඳ ව අමුතු කතාව නම් කෘතියේ අදහස් දක්වන ආචාර්ය අමරකීර්ති ලියනගේ කියනුයේ යුරෝපයෙහි වූ මහා බුද්ධි ප්‍රබෝධයෙන් පසු පැරණි සාහිත්‍යයෙහි වූ පුරාණෝක්තිමය චින්තන ක්‍රමයට නූතන තර්ක වාදයෙන් බරපතල ප්‍රහාර එල්ල වූ බවයි. නූතන ධනවාදයේත් විද්‍යාවේත් ක්‍රමය හෝ න්‍යාය වන්නේ දත්ත රැස්කිරීම හා විශ්ලේෂණයයි. මේ ක්‍රමයට සමාන්තර ප්‍රතිනිර්මාණය විධිය වන්නේ යථාර්ථවාදය මිස පුරාණෝක්තිමය චින්තාව නොවේ.

“Dialect of Enlightenment”කෘතිය ලියූ “තියඩෝර්අඩෝනෝ සහ මැක්ස් හෝර්කෙමියර් නවීන සංස්කෘතියෙහි ඇති මේ නරුම ලක්ෂණය හඳුන්වන්නේ “සාපරාධී සංස්කෘතික අශුභවාදය “(Cultural Pessimism Through crime)ලෙසිනි. නූතනවාදය තුළ අවංක පුද්ගල ආත්ම ප්‍රකාශනයක් ගැබ් ව ඇතැයි ද එනිසා එය සාම්ප්‍රදායිකත්වයේ කුහක වැටකොටු බිඳ දැමූවකැයි ද නූතනවාදීන් කියතත්, මේ බිඳ වැටෙන වැට, අප ආරක්ෂා කළ යුතු වටිනා සාරධර්මයක් වීමට ඉඩ තිබේ.

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පැවැති ආචාර්ය මණ්ඩල සංවර්ධන (Staff development Programme) වැඩසටහනකදී, සතුන් වුවද කරුණාව ආදරය හා මෘදු බව ප්‍රියකරතැයි සඳහන් කළ නන්දිවිසාල ජාතකයේ කියැවෙන වෘෂභයා රළු වචනයට කීකරු නොවී මෘදු වචනයට කීකරු වූ බව කීවෙමි. ඊට එරෙහි වූ ඉංජිනේරු මහතෙක් ගවයා යනු ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස් ඇතුළු රසායන ද්‍රව්‍ය රැසකින් සෑදුණු ජීවියකු බවත්, මනුෂ්‍ය මානසික තත්ත්ව සතුන්ට ආරෝපණය කිරීම විහිළුවක් බවත් කීවේ ය.

ඒ අවස්ථාව කලකට පසු මට සිහිවන්නේ, මේ මෑතක සමාජ විමසුම සඟරාව දොරට වඩින උත්සවයේදී අදහස් පළකළ ඉංජිනේරු මහාචාර්යවරයකු වන උපකුලපති තැන්පත් සරත් අබේකෝන් මහතාගේ සාහිත්‍ය ඥානය සමඟ සංසන්දනාත්මක ලෙසයි. “පිපි තඹරන නඳ බඹරන පියරැව් දෙන ලිය කිඳුරන” ආදී ගී පාදය ඔස්සේ පාරිසරික සෞන්දර්යය පිළිබඳ භාව කථනයක යෙදුණු ඔහු “අත් පසුරින් තුරු පෙම්බරයන්ගේ මන බන්ධනය කරන්නා වූ ලියවැල් තුළ වූ ජීව ප්‍රබෝධය අවධාරණය කළේය. භෞතික ඉංජිනේරුවන්ට මේ අධ්‍යාත්මික ඉංජිනේරුවරයා ආදර්ශයකි.

එකලා චරිතයක ඔද්දල් ව ගිය, ජීව භක්තියක් නොවූ කාම චේෂ්ටා ආකෘතික උත්කර්ෂණ තුළ ප්‍රබන්ධ බවට පත්වීම කාම ප්‍රබන්ධ කලාව (Fiction of Sexualism) නමින් ගැනේ. ඉපැරැණි ලෝක ජනශ්‍රැතියේ ද කාමයට හා ලිංගිකත්වයට සම්බන්ධ සංසිද්ධීන් ඇතුළත් වුවද අවසානයේ ඒවා ඔස්සේ, මානව ජීවිතයෙහි වූ නැඟීම් වැටීම් හා ඛේදයන් පිළිබඳ ව කියවන්නා තුළ අනුවේදනීය හැඟීම්, ඇතිකරන ලදී.

මත්ස්‍යපුරාණයේ දැක්වෙන අන්දමට, මනූ නම් වූ ලෝකයේ පළමු පුරුෂයාට දෙවියන් විසින් දියණියක් මවා දෙන ලදී. මනූගේ දැරිය නොහැකි හුදෙකලාව, නිසා ඔහු දියණිය හා කාම සේවනය කළේ ය. මරාඨි ජනකතාවක දැක්වෙන්නේ, අනියම් ක්‍රමයකින් ගැබ්ගත් තරුණියක, කලකට පසු සිය පුත්‍රයා සමඟ විවාහ වූ පුවතකි. නූතනවාදී පරාසයට එක් කළ හැකි ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි කෘතියේ එන රණතුංග සිය මව ස්නානය කරන විට පෙනෙන ඇගේ ශරීරය දෙස රාගයෙන් බලයි.

මේ කෘතියට බලපෑවේ යයි සිතිය හැකි ආන්ද්‍රෙජිද්ගේ”The immoralist”  කෘතියේ එන මයිකල්ගේ හැසිරීම මීට වඩා සංයමයෙන් නිරූපණය වී යැයි ද අමරසේකර තරම් පහත් තත්ත්වයට ජිද් වැටී නැතැයි ද මහාචාර්ය යූ.පී.මැද්දේගම සඳහන් කරයි. පෙර සඳහන් කළ මත්ස්‍ය පුරාණයේ සිදුවීම හෝ මරාඨි ජනකතාවේ සිදුවීම මඟින් පාඨකයාට ඉඟි කරනුයේ අසම්මත ව්‍යභිචාරයට  (incest) ඇතුළු වූ විට සොබාදහමේ කටුක හා දුක්ඛදායක ප්‍රතිඵල හඹා එන බව ය. ඒත් ගුණදාස අමරසේකරගේ ප්‍රබන්ධය කියවන විට පාඨකයාට උමතු ආස්වාදයක් දැනේ.

නූතනවාදී ප්‍රබන්ධයේ පරමාර්ථය ඒ අනුව ඉපැරැණි පුරා කතාකරුවා තරම් සදාචාරසම්පන්න නොවේ. ඛුද්දක නිකායේ පේත වත්ථු පාලියේ දැක්වෙන විවිධ ප්‍රේතයන් පිළිබඳ වෘත්තාන්ත කියවද්දී, ජීවිතයත් සසරත් අරබයා කෙනෙකු තුළ මහා සංවේගයක් උපදී.

පුත්තඛාදක ප්‍රේතියගේ වස්තුව, නූතන සමාජයේ අඳුරු පාතාල ජීවිතයේ දැනටත් සිදුවන සිද්ධියක් අපට සිහිකැඳවයි. ඈත අතීතයේ එක් තරුණියක්, කාමයට ගිජුවී විවිධ පෙම්වතුන් හා රති සුව වින්දා ය. අවසන ඇය ගැබ්බර වූවා ය. ඇගේ ගැබ විනාශ කරන ලෙස ඈට උපදෙස් දී එයට අවශ්‍ය විෂ බේත් ඇයට ලබා දෙන්නේ ඇගේ මිතුරියකි. ගැබ විනාශ වූ විට ඊට එරෙහිවූ පුද්ගලයෙක් “එසේ ගැබ විනාශ කළේ ඇයි දැයි මිතුරියගෙන් විමසයි. තමා එසේ නොකළ බවත්, එසේ කළේ නම් අපායට යා යුතු බවත් කියා ඇය දිවුරයි.

කී පරිදිම ඇය අපායේ ඉපිද උදේ දරුවන් පස්දෙනකු වදා අධික කුසගින්න නිසා ඒ පස්දෙනා ම අනුභව කරයි. සවස ද එය ම කරයි. ඇතිවූ ගැබක් විනාශ කිරීම, දරුවන්ට ක්‍රෑරකම් කිරීම ආදී ක්‍රියාවනට පෙළඹෙන කාන්තාවන් තුළ Munchausen syndrome by proxy  නම් සින්ඩ්‍රොමය   ඇතැයි වෛද්‍ය රුවන් ජයතුංග සිය “ජාතක කතා මනෝ විද්‍යාත්මක ඇසින්” (2006) කෘතියේ දක්වයි.

ඉවාන් බුනිත්ගේ ආරාධනා නම් කෙටිකතාවේ, නැවකින් ගමනක් යමින් සිටි පුරුෂයෙක් හා කාන්තාවක් දවසක් වැනි කෙටි කලක් තුළ හඳුනාගෙන උනුන්ගේ ජීවිතවල වූ නිසරු බව පහකර ගැනීමට ලිංගික සතුටක් විඳිති. ලිංගික එක්වීමෙන් පැය දෙකකට පසු වෙන්ව යති. මෙවැනි ම ලිංගික එක්වීමක් විස්තර කරන පන්සිය පණස් ජාතකයේ නලිනි ජාතකය, ඒ එක්වීම නිසා තරුණ තව්සාගේ ශීලයට වූ අන්තරාය පිළිබඳ පාඨක සිතට සංවේගයක් ඇතුළු කරයි.

ලංකාද්වීපයේ ඈත කාලයක සුරට්ඨ නම් ජනපදයක් විය. පිණ්ඩපාතික භික්ෂුවක් සිඟාගෙන ආ දානයක්, මහ රෑ ලෙනට ඇතුළු වූ කුසගිනිපත් සොරෙකු විසින් අනුභව කරන ලදී. භික්ෂුව ඒ දැක, සොරා අමතා මෙසේ කීවේය. “අතට හසුවන හැමදේම හොරකම් නොකර, කුමක් හෝ එක් පිළිවෙතක් රකින්න” සොරා එය පිළිගෙන කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ පිළිවෙත රකින බවට ප්‍රතිඥා දුන්නේ ය.

වරක් ඔහු නිවසකට ඇතුළු ව සොරකම් කිරීමට සැරසෙද්දී, රාගාන්විත ස්ත්‍රියකගේ ග්‍රහණයට හසුවිය. ඇය තම අඟ පසඟ සොරාට පෙන්වා තම කාම පිපාසය සන්සිඳවුවහොත් ගෙය ම වුව කොල්ල කෑමට ඉඩ දෙමි”යි කීවා ය. සොරා ඒ අසා “මම කාමයේ නොහැසිරෙමි. ඒත් සොරකම් කරමි”යි කීයේ ය. මේ පුරාණ කතාවේ අවංකත්වයක් නැතැයි නූතනවාදියකුට තර්ක කළ නොහැකි ය. සොරා තම සොරකම් කිරීමේ උවමනාව කියන්නේ අවංකව ය. ඒ සමඟම ඔහු රකින ප්‍රතිඥාව ඔස්සේ පාඨකයාට ස්ථිර සාර ජීවිත පරමාදර්ශයක් තිළිණ කෙරේ.

ඒත් තුර්ගිනියෙව්ගේ රුඪිත්, ඩී.එච්.ලෝරන්ස් ගේ “Sons and lovers”, ඇල්බට් කැමුගේ පිටස්තරයා ආදී කෘතිවල එන ප්‍රධාන චරිත, අස්ථාවර, අවිනිශ්චිත හා කාංසාබර චරිත වෙති. ඔවුන් අතින් සිදුවන දෙයට වඩා නොසිදුවන දෙය කුමක්දැයි කිසිවකුට කිව නොහැකි ය.

ප්‍රාන්ස් කෆ්කා ගේ “The Judjement, The metamophosis, The penil Coloney ආදී කෙටිකතාවල එන චරිත සාපරාධී හෝ, ග්‍රස්තිමය තත්ත්වයන් අනුව සිහිනෙන් මෙන් ක්‍රියාකරන්නෝ වෙති’යි ඇන්ජල් ප්ලෝරස් හා හෝමර් ස්වැන්ඩර් කියති. මහාචාර්ය පියරේ ජෙනට් දක්වා ඇති පරිදි වගකීම් රහිත චර්යා තත්ත්ව නිසා ග්‍රස්තිමය චර්යා  (Obsessive compulsive behaviour) වැඩෙයි. නූතන සාහිත්‍යයේ ඒවා හුවා දක්වනවා පමණි. ඒත් පැරැණි සාහිත්‍යයේ ඒවායේ ආදීනව දක්වයි.

ආචාර්‍ය සාලිය කුලරත්න


Saturday, October 27, 2018

වෘක දෙනෙත්


වින්සන්ට් ලංකාතිලකට ගැස්ටන් ගැලිඔන් ගේ මළානික මුහුණ දෙස බැළුවේය. එවිට මළ සිරුර අසීරුවෙන් හිස ඔසවා අස්වාභාවික ලෙස ඉදිමී තිබූ ඇසි පිය විවෘත කලේය. එය සිදු විය නොහැකි දෙයකි. ගැස්ටන් ගැලිඔන් මිය ගිය පුද්ගලයෙකි. ඔහුගේ ශරීරයට පණ ඇවිත් ? වින්සන්ට් ලංකාතිලකට බියක් දැනුනේ නැත. ඔහු මෘත ශරීරයේ දෑස් දෙස බැළුවේයඑවිට  ගැස්ටන් වින්සන්ට් ලංකාතිලක දෙස බලා කර්කශ උපහාස ලෙස සිනාසුනේය. එවැනි සිනහවක් ඔහු කිසිදා දැක නැත. මරණීය විළාපය , ක්රෝධය , සෝපහාසය මුසු එම සිනහව ජීවත් වන්නෙකුට පෙන්විය නොහැකිය.
 ඔහුට තව දුරටත් ගැස්ටන් ගේ කාමරයේ සිටිය නොහැකි විය . ඔහු හෝටල් කාමරයේ දොර ඇරගෙන කොරිඩෝවට ගියේය. කොරිඩෝවේ කිසිවෙකු නැත. ඈතින් මළානික එලියක් පෙනේ. එය පිය ගැට පෙළ විය යුතුය. වින්සන්ට් ලංකාතිලක  පිය ගැට පෙළ වෙත ඇවිද ගියේය. කෙතරම් දුර ගමන් කලද එම මළානික එලිය වෙත ඔහු ලඟා වෙන්නේ නැත. ඔහු වේගයෙන් ඇවිදින්නට විය. එහෙත් මළානික එලියට ඔහු තවමත් ලඟ නැත. මෙවර ඔහු වේගයෙන් දුවන්නට විය. එහෙත් පිය ගැට පෙළ තවමත් ඈතය. එහෙත් ඔහු තම උත්සහය අත් ඇරියේ නැත. එහෙත් වෘක දෙනෙත් ඔහුගේ දිවීම නවතා දැමුවේය.
වින්සන්ට් ලංකාතිලක අඳුරේ සිට වෘක ඇස් දෙක දුටුවේය. වෘකයා ගේ දෙනත් දිලිසෙයි. එය රත් පැහැති ටීක් බෝල දෙකක් මෙනි. වෘකයා නිසලව වින්සන්ට් ලංකාතිලක දෙස බලා සිටියේය. වින්සන්ට් ලංකාතිලක ගේ හෘධ ස්පන්ධනය අධික විය. ඔහුගේ ගතින් දාඩිය දාන්නට පටන් ගත්තේය. අධික බිය නිසා ඔහු නිසලව සිටියේය.

අඳුරු කොරිඩෝව නිසලය. එහෙත් නිසලතාව බිඳ දමමින් සයිකෝ ඩෙලික් සංගීතයක් ඔහුට ඇසෙන්නට විය. මෙය කෙසේවත් සිදු නොහැකි දෙයකි. සයිකෝ ඩෙලික් සංගීතය රිද්මය සිඩ් බෙරට් ගේ වාදනයකි. එය බොහෝ කාලයකට ඉහතදී එංගලන්තයේදී සිඩ් බෙරට් රොරජ් වෝටර්ස් , ඩේවිඩ් ගිල්මෝර් සහ රිචඩ් රයිට් සජීවී ප්රසංගයකදී වාදනය කරනවා ඔහු දැක තිබුනේය.අතීතයේ ඇසූ රිද්මය අඳුරු කොරිඩෝවේ ඔහුට ඇසෙයි

වෘක දෙනෙත් අතුරුදන්ව ගොසිනි . එහෙත් සයිකෝ ඩෙලික් වාදනය නොකඩවා ඇසෙයි. අඳුරු බිත්තිය අසල මිනිස් රුවකි. ඔහු ගිටාරයක් අතැතිව සංගීතය වාදනය කරයි. වින්සන්ට් ලංකාතිලක සෙමෙන් ඉදිරියට ගොස්  මිනිස් රුව වෙත නෙත් යොමු කලේය. ගිටාරය වයන්නේ සිඩ් බෙරට් . මෙය කිසිසේත්ම විය නොහැකි දෙයකි. එල්.එස්.ඩී සහ ඇසිඩ් වලින් විනාශය කරා ගිය  සිඩ් බෙරට් මළවුන් අතරය. එහෙත් මිය ගිය සිඩ් බෙරට් ගිටාරය වයයි. වින්සන්ට් ලංකාතිලක ආකූලතාවට පත් විය

ඔහු සිඩ් බෙරට් පසු කොට කොරිඩෝවේ ඉදිරියටම ගියේය. කොරිඩෝව අනන්තය දක්වා විහිදෙන සෙයක් ඔහුට දැනුනි. පිටවීමේ මාර්ගයක් සොයමින් ඔහු අඳුරු කොරිඩෝවේ ඉදිරියටම ගමන් කලේය

අඳුරු කොරිඩෝවේ බිත්ති වල සෙවණැලි සමූහයකි. ඒවා සජීවීව චලනය වෙයි.   වින්සන්ට් ලංකාතිලක චලනය වන සෙවණැලි දෙස බැළුවේය. එම සෙවණැලි ජීවී මිනිසුන්ට අතිශයින්ම සමානය. ඒවා අජීවී බව පසක් කලේ රූප ද්වීමාණ වීම නිසාය

සෙවණැලි නිරූපණය කලේ මධ්යතන යුගයේ ක්රිස්තියානි පල්ලිය විසින් වධ බන්දනය කොට මරා දැමූ මිනිසුන් ගෙනි. ස්පැනිෂ් ඉන්ක්විසිෂන් හෙවත්  ස්පාඤ්ඤ සංවික්ෂණය සමයේදී ක්රිස්තියානි පූජකයන් ගේ නිර්දේශ පිට වධකයන් විසින් මිනිසුන්ට දෙන ලද වධහිංසාවන් බිත්තිය පුරා මැවුනේය

එක් මිනිසෙකුගේ ගෙල පසුපසට නවා තිබේ. ඔහුගේ ගෙලට පටියකින් දෙපස උල් කටු දෙකක් බැඳ තිබේ. එක් කටු යුගලක් ඔහුගේ  පසුපසට නවා තිබෙන නිකටට කා වැදී තිබේ. අනෙක් යුගල උරස් කුහරය සහ ගෙල සම්බන්ධ වන ස්ථානයේ මධ් ආසන්නයට කා වැදී තිබේ. ඔහු වේදනාවෙන් අැඹරුනේය. මේ මිනිසාව ඇඳක හොවා තිබේ. යකඩ කටු සම ඇතුලට කා වදින නිසා ඔහු හැකි තරම් ශක්තිය ගෙන තම බෙල්ල පසු පසට නවාගෙන සිටියි. ඔහුගේ ඇඳ අද්දර බයිබලයක් අතින් ගත් පූජකයෙකි. මේ අසරණ මිනිසා මුලු රැයම මෙසේ ගෙල පසු පසට නවාගෙන සිටිය යුතුයගෙල නවන විට තියුණු යකඩ කටු නිකටේ සහ උරසේ  සම පසාරු කරගෙන යයි. එවිට වධයට ලක්වන්නා  ඉවසිය නොහැකි වේදනාවට පත්වේ

 තවත් අසරණයෙක් ඇඳක් මත හොවා තිබේ. ඔහුගේ දෑත් සහ පාද විශාල ලී රෝද දෙකකට සවි කොට තිබේ. දෙපසින් සිටින වධකයෝ ලී රෝද කරකවති. එවිට ඔහුගේ දෑත් සහ පාද දෙපසට ඇදේ. අසරණයාට  පාපෝච්චාරණය කරන ලෙස බල කරමින් ක්රිස්තියානි පූජකයෙක් ඔහුගේ ඉහ අද්දර  කුරුසයක් අතින් ගෙන සිටියි

 තවත් අසරණයෙක් ඇඳක් මත හොවා තිබේ. ඔහුගේ දෑත් සහ පාද විශාල ලී රෝද දෙකකට සවි කොට තිබේ. දෙපසින් සිටින වධකයෝ ලී රෝද කරකවති. එවිට ඔහුගේ දෑත් සහ පාද දෙපසට ඇදේ. අසරණයාට  පාපෝච්චාරණය කරන ලෙස බල කරමින් ක්රිස්තියානි පූජකයෙක් ඔහුගේ ඉහ අද්දර  කුරුසයක් අතින් ගෙන ඔහු දෙස ක්‍රෝධයෙන් බලා සිටියි.

තව ස්ථානයක විශාල ලී රෝදයකි. එයට මිනිසෙකු බැඳ තිබේ. රෝදයට යටින් ගිනි ගොඩකි. වධකයන්  විශාල රෝදය කරකවන විට කම් බි වලින් බැඳ  සිටින මිනිසා ගිනි ගොඩ හරයා යයි. වධකයන් රිද්මයානුකූලව විශාල රෝදය කරකවයි. එවිට මිනිසා වරින් වර ගිනි ගොඩ හරයා යයි. ඔහුගේ ශරීරය සෙමෙන් සෙමන් පිලිස්සෙයි.

ලී කුරුසයක තරුණියක් ගැට ගසා තිබේ. පූජකයන් සූදානම් වන්නේ ඇයව පණ පිටින් ගිනි තැබීමටය. තරුණියට ගැලවීමක් නොමැත. තවත් සුළු මොහොතකින් ගිනි ජාලා ඇයගේ සිරුරෙ වෙලා ගනු ඇත

තවත් ස්ථානයක පූජකයෙක් තරුණියකගෙන් ප්රශ්න කරන ගමන් ඇයගේ සම යකඩ අඞුවකින් ඉරා දමයි. තරුණියගේ වේදනාව දකින පූජකයා ලිංගිකව උද්දීපනය වෙයි. තරුණියගේ වේදනාත්මක විළාපයත් සමග පූජකයාගේ පුරුෂ ලිංගය ප්රාණවත් වෙයි. ඔහු සුරතාන්තයට ලක් වීමට ආසන්නය. ඔහු තව තවත් තරුණිය වධයට භාජනය කොට ලිංගික සන්තුෂ්ටියක් ලබයි

වින්සන්ට් ලංකාතිලක වධයට ලක්වන සෙවණැලි අතරින් ගමන් කලේය. ඔවුන් ගේ අඳෝනා  ඔහුගේ සවනට වැටෙයි. එය මිනිසෙකුට දැරිය හැකි අඳෝනා සමූහයක් නොවේ. ඔහු දෙකන් වසාගෙන කොරිඩෝවේ ඉදිරියටම දිව්වේය




(පරිකල්පනික අතික්‍රමණය​ - වෛද්‍ය රුවන් එම් ජයතුංග)





Find Us On Facebook