Tuesday, February 26, 2019

දහම් පාසල් යාම අනිවාර්‍ය කරනු



දහම් පාසල් යන ඔබගේ පුතා සහ දුවගේ ආරක්‍ෂාවට ඔවදන් 

1) අද කාලයේ දහම් පාසල් වල උගන්වන සමහර සංගෙලා සහ ගුරුවරු ෂුුවර් නැති බඩුය​. ඉඩක් ලැබුනු විගස ළමයාට අපචාරයක් සිදු කිරීමේ අණතුරක් තිබේ. ඒ නිසා ළමයාගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්න. ළමයාව තනිවම ඔවුන් සමග වන්දනා ගමන් නොයවන්න​. එවැනි ගමන් යන්නේ නම් ඔබද සහභාගී වන්න​. දහම් පාසලේ ළමයා ගනුදෙනු කරන භික්‍ෂූන් සහ ගුරුවරු පිලිබඳව විමසිලිමත් වන්න.  ළමයාව අපයෝජන අණතුර පිලිබඳව දැණුවත් කරන්න. 


2) පල්ලියේ ඉන්න සමහර ලෝගු අයියලාද   ෂුවර් නැති  අයිටම් වෙති. සමහරු පිඩෝෆීලියා හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝය​. ඔවුන් ඉලක්ක කරන්නේ කුඩා දරුවන් වෙති. ඒ නිසා පල්ලියේ ගීතිකා ගැයීමට , උත්සව කාලයේ පල්ලිය සැරසීමට කියා ඔබගේ දරුවන් තනිවම නොයවන්න​. නිතරම වැඩිහිටි අධීක්‍ෂණය තිබිය යුතුය​.   
  

3) කෝවිල් වලද ළමුන් විශාල වශයෙන් අපයෝජනයන්ට ලක් වෙති. පූසාරිලා අතින් අපයෝජනය වූ ළමුන් ගනන අති විශාලය. කෝවිල් භූමියේද තමන් ගේ ළමයා පිලිබඳව සැලකිලිමත් වන්න.

4) මුස්ලිම් පල්ලි වලද ළමුන් අපයෝජනය වී තිබේ. සමහර ළමුන් අන්තවාදීන් ගේ ග්‍රහණයට අසුවී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වූ අයුරු පිලිබඳ කතා ලෝකයේ බොහෝ දෙසින් ඇසී තිබේ. ඒ නිසා ළමයාට ආගම උගන්වන උලේමා කවුද , ඔහු උගන්වන්නේ කුමක්ද කියා අවධානය යොමු කරන්න​. 

ආගමික පූජකයන් යනු කෙලෙස් ප්‍රහීන කල පුද්ගලයෝ නොවෙති. සමහරක් විට ඔවුන් ගිහියන්ට වඩා ලිංගික පීඩනයෙන් පෙලෙති. එබැවින් දහම් පාසල් යන ඔබගේ දරුවාගේ ආරක්‍ෂාව පිලිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වන්න​. දහම් පාසලේ සිදු වන්නේ කුමක්ද කියා ළමුන් ගෙන් නිතර අසන්න​.  ළමා ලිංගික අපයෝජනය ගැන සහ එවැනි අවස්ථා වලදී ගැලවී යන ආකාරය ගැන ඔබගේ දරුවා දැණුවත් කරන්න​. ඒ සඳහා සුදුසුකම් තිබෙන විශ්වාසදායක දැණුම තිබෙන පුද්ගලයෙකුගේ සහාය ලබා ගන්න.

Sunday, February 24, 2019

මගේ නඩුව ඉවරයි සහ කැල්ගරි විශ්ව විද්‍යාලයේ කතාව


සරත් විජේසූරිය විසින් ලියන ලද මගේ නඩුව ඉවරයි නම් සත්‍ය අත්දැකීම් මත පදනම් වූ ග්‍රන්ථයෙන් විස්තර කරන්නේ තුන්වන ලෝකයේ විශ්ව විද්‍යාලයක   මහාචාර්‍යවරුන් ගේ / කථිකාචාර්‍යවරුන් ගේ අමු කුහක කම් , බෙලි කැපිලි , කඩාකප්පල්කාරී ක්‍රියා  පිලිබඳවය​. 

පහත දැක්වෙන්නේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජානක රුවන්පුර තමන් සේවය කරන බටහිර විශ්ව විද්‍යාලය ගැන කියන කතාවය​. 

" මගේ නිල කාල­යේදී කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ල­යය ඉහ­ළට ගෙන ඒමට හැකි­වීම බොහෝ තෘප්ති­යට පත් විය හැකි කාර­ණා­වක්. මම විශ්ව­වි­ද්‍යා­ලය අන්ත­ර්ජා­තික කට­යුතු බාර ගන්න කොට තිබුණු තත්ව­යට වඩා හැම අතින්ම ඉහ­ළට ගේන්න මට පුළු­වන් වුණා. 2017 දි උතුරු ඇමෙ­රි­කාවේ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල අතර අන්ත­ර්ජා­තික කට­යුතු පිළි­බද ප්‍රථම ස්ථානය අපේ විශ්ව­වි­ද්‍යා­ල­යට හිමි වුණා. එදින මගේ දෑසට කඳු­ළක් ගෙනා දව­සක්. මෙහි වැඩ කරන පුද්ග­ල­යාට වැඩ කරන්න සහාය හැම පැත්තෙන්ම ලැබෙ­නවා. කිසි­වෙ­ක්වත් ඊර්ෂ්‍යා කරන්නේ හෝ බාධා කරන්නේ හෝ නෑ. තමන් නීති­යට වැඩ කර­නවා නම් හැමෝම උදව් කර­නවා. හොඳ සැලැ­ස්මක් තියෙ­නවා නම් අනෙක් අය ඊට සහ­යෝ­ගය දෙනවා. විශේ­ෂ­යෙන්ම මගේ කාර්ය මණ්ඩ­ලය නොසි­ටින්න අපට මේ ඉල­ක්ක­යට ළඟා වෙන්න බෑ. කිසිම කෙනකු මා විදේ­ශි­ක­යෙකු ලෙස සැල­කුවේ නෑ. හැම දෙනාම එකම කණ්ඩා­ය­මක් ලෙස ක්‍රියා කළා. ඒ ගුණ­යට මම බෙහෙ­වින්ම ප්‍රිය කර­නවා.

මගේ නඩුව ඉවරයි කෘතිය කියවන විට ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණය හමුවේදී  අප්‍රිකානු විශ්ව විද්‍යාල වලටත් වඩා පහළ අගයක් දරන්නේ මන්ද කියා තේරුම් යයි. 






Wednesday, February 20, 2019

Cocaine Addiction



Ruwan M Jayatunge M.D.
Cocaine, also known as benzoylmethylecgonine or coke, is a strong stimulant mostly used as a recreational drug (Pomara et al., 2012). It is a crystalline alkaloid found in the Erythroxylum cocacoca and Erythroxylumnovogranatense plant species ( Karila  et al.,2011).  Pure cocaine is originally extracted from the leaf of the Erythroxylon coca bush.

There are basically two chemical forms of cocaine: the hydrochloride salt and the freebase.” The hydrochloride salt, or powdered form of cocaine, dissolves in water and, when abused, can be taken intravenously (by vein) or intranasally (in the nose). Freebase refers to a compound that has not been neutralized by an acid to make the hydrochloride salt. The freebase form of cocaine is smokable (NIDA).

Cocaine   leads to the rapid accumulation of catecholamines and serotonin in the brain due to prevention of their re-uptake into the neuron that released the neurotransmitter (Shorter &, Kosten, 2011).  Cocaine is believed to work by blocking the dopamine transporter (DAT) and thereby increasing the availability of free dopamine within the brain (Ritz et al., 1987).

Cocaine addiction is an important public health problem worldwide (Haas et al., 2009).   According to the recent studies, 0.3–0.5% (or 14–21 million people) of the global population aged 15–64, are estimated to be cocaine users (Degenhardt & Hall, 2012).  Cocaine addiction is rapidly progressive and associated with severe medical, psychiatric, and psychosocial consequences (Dackis &, O’Brien, 2001).

The effects of chronic cocaine abuse have been widely described in the literature. The chronic use of cocaine is also associated with major medical, neurological, and neuropsychiatric complications (Bolla et al., 1998).  Common complications include nasal septal perforation, saddle-nose deformity, and palatal perforation (Vilela et al., 2002).  Cocaine snorting may cause significant local ischemic necrosis and the destruction of nasal and midfacial bones and soft tissues, leading to the development of a syndrome called cocaine-induced midline destructive lesion (Colletti et al., 2013).

 Cocaine abusers have specific dysfunction of executive functions (decision making, judgment) and that this behavior is associated with dysfunction of specific prefrontal brain regions, the orbitofrontal cortex, and anterior cingulate gyrus (Bolla et al.,1998). Cocaine produces its psychoactive and addictive effects primarily by acting on the brain’s limbic system, a set of interconnected regions that regulate pleasure and motivation (Nestler, 2005). 

Cocaine can induce anxiety and panic in humans (Goeders, 2002). Cocaine-induced paranoia is a common experience among chronic users (Brady et al., 1991). Chronic cocaine users have reported   cocaine withdrawal related depression, which may be a neurophysiologic response to the elimination of cocaine from the CNS. (Bolla et al., 1998).

Cocaine has cardiovascular effects, including disturbances in heart rhythm and heart attacks; such respiratory effects as chest pain and respiratory failure; neurological effects, including strokes, seizure, and headaches; and gastrointestinal complications, including abdominal pain and nausea.  Cocaine use in pregnancy can lead to spontaneous abortion, preterm births, placental abruption, and congenital anomalies (Malek, 2012).

 Development of effective treatments for cocaine dependence is necessary to reduce the impact of this illness upon both the individual and society (Shorter &, Kosten 2011). Some treatment approaches, such as cognitive behavioral therapy (CBT) and medications have shown promise in successfully treating cocaine dependence (Penberthy et al., 2010).  CBT is focused on helping cocaine-addicted individuals abstain—and remain abstinent—from cocaine and other substances (NIH). Furthermore CBT has shown to be effective for decreasing cocaine use and preventing relapse.

Cocaine Detoxification (Medical Detoxification) also helps in treatment. Cocaine Detoxification is a process that systematically and safely withdraws people from addicting drugs, usually under the care of a physician. In addition Therapeutic communities (TCs), or residential programs, offer another alternative to persons in need of treatment for cocaine addiction. TCs usually require a 6- or 12- month stay and use the program’s entire “community” as active components of treatment. Schierenberg and colleagues (2012) suggested Contingency Management (CM), a promising behavior therapy using operant conditioning, is evaluated for the treatment of cocaine dependence.

References
Bolla ,K.I., Cadet, J.L., London, E.D.(1998).The neuropsychiatry of chronic cocaine abuse. J Neuropsychiatry Clin Neurosci.  ;10(3):280-9.

Brady, K.T., Lydiard, R.B., Malcolm, R., Ballenger, J.C.(1991).Cocaine-induced psychosis.J Clin Psychiatry.  ;52(12):509-12.

Colletti, G., Allevi, F., Valassina, D., Bertossi, D., Biglioli, F.(2013).Repair of cocaine-related oronasal fistula with forearm radial free flap.J Craniofac Surg.  ;24(5):1734-8.

Dackis, C.A., O’Brien, C.P.(2001).Cocaine dependence: a disease of the brain’s reward centers.J Subst Abuse Treat. ;21(3):111-7.

Degenhardt, L., & Hall, W.(2012). Extent of illicit drug use and dependence, and their contribution to the global burden of disease. Lancet, 379(9810), 55–70.

Goeders, N.E.(2002).Stress and cocaine addiction.J Pharmacol Exp Ther. ;301(3):785-9.

Haas, C., Karila, L., Lowenstein, W.(2009).[Cocaine and crack addiction: a growing public health problem].Bull Acad Natl Med. ;193(4):947-62; discussion 962-3.

Karila, L. , Reynaud, M., Aubin, H.J., Rolland, B., Guardia, D., Cottencin, O, Benyamina, A.(2011).Pharmacological treatments for cocaine dependence: is there something new? Curr Pharm Des. ;17(14):1359-68.

Malek, A. (2012) Effects of Prenatal Cocaine Exposure on Human Pregnancy and Postpartum. Pharmaceut Anal Acta 3:191.

Nestler, E.J.(2005).The neurobiology of cocaine addiction.Sci Pract Perspect.  ;3(1):4-10.

Penberthy, J.K., Ait-Daoud, N., Vaughan, M., Fanning, T.(2010).Review of treatment for cocaine dependence. Curr Drug Abuse Rev.  ;3(1):49-62.

Pomara, C., Cassano, T., D’Errico, S; Bello, S; Romano, AD; Riezzo, I; Serviddio, G (2012). “Data available on the extent of cocaine use and dependence: biochemistry, pharmacologic effects and global burden of disease of cocaine abusers.”. Current medicinal chemistry 19 (33): 5647–57.

Ritz, M.C., Lamb, R.J., Goldberg, S.R., Kuhar, MJ.(1987).Cocaine receptors on dopamine transporters are related to self-administration of cocaine.Science.  4;237(4819):1219-23.

Schierenberg, A., van Amsterdam, J., van den Brink, W., Goudriaan, A.E.(2012).Efficacy of contingency management for cocaine dependence treatment: a review of the evidence. Curr Drug Abuse Rev.  ;5(4):320-31.

Shorter, D., Kosten, T.R.(2011).Novel pharmacotherapeutic treatments for cocaine addiction.BMC Med.   3;9:119.

Vilela, R.J., Langford, C., McCullagh, L., Kass, E.S.(2002).Cocaine-induced oronasal fistulas with external nasal erosion but without palate involvement.Ear Nose Throat J.  ;81(8):562-3.

Saturday, February 16, 2019

මා දැන සිටි සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික්  කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම සහ අවසාන ගනුදෙනුව විය. කෙසේ නමුත් මේ පන්තියේදී මම පළවෙනියා වී නාරද හාමුදුරුවන් අතින් ත්‍යාගයක් ලෙස ධර්ම පොතක් ලැබුවෙමි.

සජිත් ගේ සොහොයුරිය වූ දුලාංජලීද අපේ දහම් පාසලේ ඉගෙනුම ලැබුවාය. ඇය කටකාර තැනත්තියක් වූවාය. පන්තියට යාම ප්‍රමාද වීම නිසා වරක් ඇයව ශිෂ්‍ය නායකයෙක් විසින් රඳවා ගත් අතර ඇය ඔහුට මෙසේ කීවාය " දන්නවද මම කවුද  කියලා, අපේ තාත්තා තමයි යූඑන්පී එකේ දෙවන නායකයා "  ඒ කාලයේ තිබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයක් වූවද දුලාංජලීගේ පිළිතුර ඇසූ ශිෂ්‍ය නායකයා ඇයට යන්නට දුන්නේය. 

සජිත් ප්‍රේමදාස පසු කාලයක රාජකීය විද්‍යාලයට ගියේය. ඔහු ගණිතය සඳහා ටියුෂන් ගියේ රාජකීය විද්‍යාලයේ ආචාරිනියක වූ බාලසූරිය මිය වෙතටය. මමද ඇය වෙත ටියුෂන් සඳහා බාලසූරිය මියගේ නිවසට ගියෙමි. සජිත් සඳහා අරලිය ගහ මන්දිරයෙන් සතියකට වරක් බාලසූරිය මියගේ නිවසට වාහනයක් ආ අතර බාලසූරිය මිය අරලිය ගහ මන්දිරට ගොස් ඔහුට ගණිතය ටියුෂන් දුන්නාය. කෙසේ නමුත් සාමාන්‍ය පෙළින් පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.

මැද කොලඹ දේශපාලකයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජීවිතයේ කිසි දිනෙක රැකියාවක් නොකලේය. එසේම පරම්පරාවෙන් උරුම වූ ධනයක්ද ඔහුට නොවීය. එහෙත් ඔහුට තම පුතාට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට හැකි විය. එහෙත් සාමාන්‍ය දේපළ උරුමයක් තිබූ  රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කල මගේ දෙමාපියන්ට මා හට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට නොහැකි විය. තවද 2005 වසරේදී මා හට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව හැදෑරීම සඳහා අර්ධ  ශිෂ්‍යත්වයක් ලැබුනු නමුත් යුද හමුදා රෝහලේ පරාර්ථකාමී  නිලධාරියෙකු විසින් යුද හමුදා ස්වේච්ඡා බළකායට පෙත්සමක් ගසා මා ලැබූ අර්ධ ශිෂ්‍යත්වය බකල් කර දමනු ලැබීය. සජිත්ට තරම් පෙර පින් මට තිබුනේ නැත.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග


Friday, February 15, 2019

මේ භික්ෂුව කවුද ?


මේ කතාව මම මුලින්ම ඇහුවේ 2016 වසරේදී පිලිබඳව දේශනයක් සඳහා ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී. මේ කතාවේ මූලාශ්‍ර මම සොයමින් යනවා. මේ භික්ෂුව කවුරුන් විය හැකිද ? 

William James, one of the great psychologists of Harvard, had already in the early 1900s noticed the great "psychological sophistication" of Buddhism. Indeed, as reported by Epstein (2), James, while lecturing at Harvard, "suddenly stopped when he recognized a visiting Buddhist monk from Sri Lanka in his audience, Take my chair .. . You are better equipped to lecture on psychology than I . This is the psychology that everybody will be studying twenty-five years from now.'"   (Max Michalon M.D.-  Associate Professor, Department   of Psychiatry, Dalhousie University )  

Wednesday, February 13, 2019

Clinical Meditation - Book Written by Ruwan M Jayatunge M.D.

 
Dr. Jayatunge’s Clinical Meditation is a most ambitious project, providing a broad overview of meditative techniques without sacrificing in-depth analysis. There are several challenges involved in describing the value of meditation in clinical practice. The practice of “meditation” encompasses a large and varied field. Much of the published scientific literature is of borderline quality. Study designs often neglect the heterogeneity of techniques, and at times draw conclusions that are not supported by data. Even a fundamental definition of the term can be elusive. Despite these difficulties Dr. Jayatunge has evaluated as comprehensive a list of meditative traditions and techniques as one can expect to find. Clinical Meditation identifies a wide variety of practices, including a number of laboratory derived approaches, and describes the historical and cultural milieu from which they have arisen as well as their current status. 

The work reflects an admirable job of reviewing the scientific literature ranging across physiological, psychological and therapeutic domains. Dr. Jayatunge then connects the dots regarding a host of clinical conditions. This book is suitable for a wide audience. Those new to the arena will almost certainly find a place to start regardless of their area of interest. Experts in the scientific bases and clinical applications of meditation will find in-depth information, a wide spectrum of consideration, and literally hundreds of scientific references. Clinical Meditation offers a robust and welcome addition to the field. 

Brian Rees MD MPH Colonel (retired) US Army 
Executive Director, TM for Veterans Director, Operation Warrior Wellness

Tuesday, February 12, 2019

71 කැරැල්ල විජේවීරගේද ?



1971 කැරැල්ලේ විජේවීර ගේ දායකත්වයද විවාදාත්මක වෙයි. කැරැල්ලක් ආරම්භ කිරීම සඳහා ඔහු උපස්තරය සැකසුවේය. එහෙත් 1971 කැරැල්ල සිදු වන අවස්ථාවේදී ඔහු සිටියේ බන්ධනාගාරයේය. 71 ප්‍රහාරය සඳහා සංඝාරාමයේදී ගත් තීරණයට ඔහුගේ දායකත්වයක් නොතිබුණි. 71 කැරැල්ලේදී අවි සමග කෙලින්ම ආරක්‍ෂක අංශ සමග ගැටුණු නායකයන් වූයේ ලොකු අතුල ( සටන් පැවති අවස්ථාවේදී ලොකු අතුලගේ ධෛර්‍යය හීනවී ඔහු දෙවන පෙළ සාමාජිකයෙකු මට්ටමට වැටී බෝල සමරේ , කාගම උපසේන වැනි උප නායකයන් ඉදිරියට ආවෝය), සරත් විජේසිංහ  (කැරැල්ලේදී අත් වැරදීමකින් වැදුනු වෙඩිල්ලක් වැදී මිය ගියේය) ,  මිල්ටන් (කඩවත පොලිසියට එල්ල කල ප්‍රහාරයේදී මිය ගියේය) , සනත් බොරළුකැටිය ( කැරැල්ල පසු බසින විට උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලදි) , බර්ටි රංජිත් (විජේවීර බේරා ගැනීම සඳහා යාපනය සිර ගෙදරට කල පහර දීමේදී අත් අඩංගුවට පත් විය) වැන්නවුන්‍ ය. 

අප්‍රේල් මහ නඩුවේදී 1971 කැරැල්ල තමන් ගේ ක්‍රියාවක් නොව ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් මත සිදුවූ දෙයක් බව විජේවීර කීවේය. තවද විජේවීර විසින් සිර භාරයේ සිට තම අනුගාමිකයන් අමතා කීවේ මේ කතාවමය. 71 ට තමන් ගේ දායකත්වය ඔහු ප්‍රතික්ශේප කලේය. පසු   කාලීනව හිරෙන් නිදහස්වී ජවිපෙ යලි ගොඩ නගන විට නව අනුගාමිකයන්ටද විජේවීර කිව්වේ 1971 කැරැල්ල තමන් ගේ දරුවෙකු නොවන බවයි. එහෙත් කාලයත් සමග 1971 කැරැල්ලට ගරුත්වයක් ලැබෙන විටදී ඔහු තමන් කියූ දේ වෙනස් කලේය. පසුකාලීනව ඔහු 71 කැරැල්ලට උරුමකම් කීවේය.

Saturday, February 9, 2019

පේරාහි තුල්සි ගැන කතාබහක්


පසුගිය දිනයක මට ටොරොන්ටෝ වලදී දන්ත වෛද්‍ය බහීරදන් හමු විය. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවෙකි. එසේම 1983 කාලයේ එම විශ්ව විද්‍යාලයේදී ද්‍රවිඩ සිසුන්ට එරෙහිව එල්ල කරන ලද වාර්ගික ප්‍රහාරයන් දුටු අයෙකි. මෙම ප්‍රහාරයට මුල්වී ක්‍රියා කල විද්‍යා පීඨයේ සිසුවෙකු ගැන රාජන් හූල් ඔහුගේ Sri Lanka: The Arrogance of Power : Myths, Decadence & Murder පොතේ සඳහන් කරයි. රාජන් හූල් පවසන පරිදි තුල්සි වික්‍රමසිංහ නම් සිසුවෙකු විසින් හම් පටියකින් ද්‍රවිඩ සිසුන්ට පහර දුන් බව කියයි. 

මෙම ප්‍රහාරයෙන් වසර 36 කට පසු වෛද්‍ය බහීරදන් එම සිදුවීම ගැන  මා සමග කතා කලේ වයිරයකින් තොරවය. මෙම පහර දීම සඳහා විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ තුලසිට  දන්ත සහ වෛද්‍ය පීඨ වල සිසුන් කෙරෙහි යම් ඉරිසියාවක් තිබූ බව වෛද්‍ය බහීරදන් අනුමාන කරයි. කෙසේ නමුත් ඔහු තුලසී වික්‍රමසිංහ පිලිබඳව කතා කලේ යම් අනුකම්පාවක් සහිතවය. 

මෙම ප්‍රහාරයෙන් පසුව පත් කල ලැනරෝල් කොමිසම තුල්සිගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට නිර්දේශ කලද ඔහු එම දඞුවමින් ගැලවී ගිය බව රසික සූරියආරච්චි පවසයි. වර්තමානයේ තුල්සි වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි සරසවියක භෞතික විද්‍යාව මහාචාර්‍යවරයෙක් ලෙස සේවය කරන බව පැවසේ. කෙසේ නමුත් තරුණ අවධියේදී මොබ් මානසිකත්වයෙන් ද්‍රවිඩ සිසුන්ට විරුද්ධව කල වර්ගවාදී ප්‍රහාරය ගැන ඔහු පසු තැවෙන බව මම උපකල්පනය කරමි. ඇමරිකාව වැනි බහු වාර්ගික රටක   දීර්ඝ කාලයක් ජීවත් වීමේදී වර්ගවාදයේ ජාතිවාදයේ පුහු බව ඔහු මේ වන විට අවබෝධ කර ගෙන ඇති. මේ පැරණි සිදුවීම යලි මතකයට ගෙන ආවේ මහාචාර්‍ය තුල්සි වික්‍රමසිංහට අපහසුතා ගෙන දීමට නෙවේ. මෙය වර්තමාන සරසවි සිසුන්ටත් පාඩමක්. ඔබ නවක වධය කියා හෝ ජාතිවාදීව හෝ වර්ගවාදීව තමන්ට කිසිදු වරදක් නොකරන ලද පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හිංසා කලහොත් එය වසර 20 හෝ 30 කට පසුවද කැරකී ඔබ පසුපස ආ හැකිය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Thursday, February 7, 2019

Meditation and Health Benefits


Ruwan M Jayatunge M.D. 
Over the past 30 years the practice of meditation has become increasingly popular in clinical settings (Dakwar & Levin, 2009). Meditation allows studying the multiple connections between the mind, brain, and body (Braboszcz et al, 2010).   
Meditation has numerous health   benefits (Cramer et al., 2016). It has beneficial effects on brain and body. Meditation is a great stress breaker. In addition meditation is indicated in anxiety conditions, depression, substance abuse, in pain management, in sleep problems etc. Meditation increases blood flow and slows the heart rate. Meditation is associated with a range of physiological   effects, including lower blood pressure and lower cortisol (Buttle, 2015). Meditation increases the immune function and improves general health.
Mindfulness practice, in particular, may be more efficacious in symptom relief than the well-being promoting activities cultivated in the health enhancement (Rosenkranz et al., 2013). Meditation practice can positively influence the experience of chronic illness and can serve as a primary, secondary, and/or tertiary prevention strategy (Bonadonna, 2003).  Meditative practice may notably shape individuals' personality and self-concept toward more healthy profiles (Crescentini &, Capurso, 2015). Meditation promotes the emotional balance. As described by Hilton and team (2017) Mindfulness meditation improves quality of life. Thus meditation has unique health benefits.     

Meditation and Immune Enhancement
The immune system is a network of cells, tissues, and organs that work together to protect the body from infection. Enhancing the immune system is imperative for healthy living. The most recent evidence suggests that the immune system responses are not regulated only by the presence of antigens but they are also influenced by the brain and behavior (Lutz et al., 2001). The brain can interfere with the immune system (Straub & Cutolo, 2017).
The idea that thoughts and emotions influence health outcomes is an ancient concept that was initially abandoned by Western medicine researchers.   However new research indicate that these interactions play in disease formation and recovery (Mayden, 2012). Psychoneuroimmunology is the scientific field that investigates linkages between the brain, behavior, and the immune system and the implications of these linkages for physical health and disease (Kemeny & Gruenewald, 1999). Research into psychoneuroimmunology became relatively widespread in the 1970s (Kropiunigg, 1993).
Psychotherapy can "wake" up the immune system (Mausch, 2002). Meditation which is an advanced form of psychotherapy has beneficial effects on immune function. Chronic stress has been associated with suppression of immune function (O’Leary, 1990). Meditation has effective in reducing stress.
Davidsonand colleagues (2003) found significant increases in antibody titers to influenza vaccine among subjects in the meditation compared with those in the wait-list control group. Meditation helps regulate the stress response, thereby suppressing chronic inflammation states and maintaining a healthy gut-barrier function (Househam et al., 2017). Black and Slavich (2016) suspect mindfulness meditation may be salutogenic for immune system dynamics. They further state that mindfulness mediation appears to be associated with reductions in proinflammatory processes, increases in cell-mediated defense parameters, and increases in enzyme activity that guards against cell aging.  Creswell and colleagues (2009) pointed out that mindfulness meditation training can buffer CD4+ T lymphocyte declines in HIV-1 infected adults.

Meditation and Cellular Health
Human cells have a limited life span (Hayflick &Moorehead, 1980). Aging is the result of a gradual functional decline at the cellular, and ultimately, organismal level (Wang & Dreesen 2018). An important aspect of biological aging is aging at the cellular level (Lindqvist et al., 2015).  Every time cells divide, telomeres are shortened, leading to cellular damage and cellular death associated with aging (Bryan et al., 1998). 
Cellular health is impacted by physical diseases and psychological ailments. Major depressive disorder (MDD) has been considered a syndrome of “premature aging” (Heuser, 2002; Lindqvist et al., 2015). PTSD is associated with accelerated aging (Yehuda et al., 2005). Drug-addiction may trigger early onset of age-related disease (Bachi et al., 2017).
Meditation practices can lead to improvements in physical and mental health (Chiesa & Serretti, 2009). According to Kabat-Zinn meditation has impact on the entire organism–from chromosomes to cells and to brain. Meditation improves cellular health (Epel et al., 2016).  

Meditation and Telomere Regulation
Telomerase is a ribonucleoprotein reverse transcriptase cellular enzyme and Telomeres are the protective caps at the ends of chromosomes (Epel et al., 2009). Telomeres are DNA and protein complexes that are located at the end of linear chromosomes and are necessary for the complete replication of DNA as well as chromosome stability (Alda et al., 2016). Telomeres help to maintain genomic integrity and are of key importance to human health (Rathore & Abraham, 2018).  When telomeres reach a critically short length, cells undergo replicative senescence or can become genomically unstable (Lindqvist et al., 2015). Shorter telomeres are associated with accelerated aging and related diseases (Sharma, 2015) and chronic stress (Hoge et al., 2013).
Telomerase activity is a predictor of long-term cellular viability (Jacobs et al., 2011). During meditation telomere regulation is improved (Conklin et al., 2018).   The ability to maintain longer telomeres through practicing meditation has many implications on health. (Alda et al., 2016). According to Rathore and Abraham, (2018) practice of   meditation can help to maintain genomic integrity and are of key importance to human health and lifestyle disorders. Hoge and team (2013) state that loving-kindness meditation practice associated with longer telomeres.  

Tuesday, February 5, 2019

අපි බලයට ආවොත් හැමෝටම පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑ - රෝහණ විජේවීර




"අන්න තිරිකුණාමල වරාය තෙල් ටැංකි 98ක් එක්ක ජේ අර්ගෙ ආණ්ඩුවෙං අවුරුදු 25කට බදු දීල තියෙනවා ඇමරිකන් බහුජාතික සමාගමකට. ඇමරිකන් කාරයොන්ට බදු දුන්නාම වරායක් ඇමර්කින් කාරයෙන්ගෙ පස්වෙනි මිනීමරු නාවුක හමුදව මේ රටේ මුහුදු සීමාවෙ නැංගුරම් ලාගෙන ඉන්නවා. එතකොට සෝවියට් දේශය වගේ රටවල් වලට මේ රට සතුරු රටක් හැටියට සළකන්න සිද්ධ වෙනවා. එහෙම නං සෝවියට් දේශෙට අද සිද්ධ වෙලා තියෙනවා උස්බෙකිස්තානෙ හරි ටජිකිස්ථානෙ හරි එහෙම නැත්නං සයිබීරියාවෙ කෙළවරක හරි ලංකාවට මානලා රොකට් හයි කරන්න. අපි මොකද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම මොකද කරන්නෙ. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුන බලයට පත් වුන පලවෙනි පැයේම ජේ ආර්ගෙ සම්මුතිය සම්පූර්ණයෙන්ම ඉරලා දාලා ඇමරිකන්කාරයොංගෙ කලිසං මිනිස්සුංගෙ කලිසං ගලෝලා වීසි කරනවා සැතපුම් 200ක් ඈතට"

-- "ඊ ළඟට මේ ආණ්ඩුව අයුක්ති සහගත කොන්දේසි යටතේ ණය අරගෙන තියෙනව රුඉයල් කෝටි හයදාස් දෙසිය හැත්තෑ නමයක්. අපි බලයට පත් වුන ගමන් අපි කියනව ලෝකෙටම මේ රට මේ ජාතිය ලෝකයේ කිසිවෙකුට ණය නැති ජාතියක් කියලා අපි ණය අහොසි කරලා දානවා"

- "හරි කවුරු හරි කියන්න පුලුවං ණය අර ගෙන අපි නොකෑවට උං (ජේආර්ලා) හරි කෑවනේ අපි අමාරුවෙං හරි ණය ගෙවමු කියලා. අපි ඒකට කියනවා මෙහෙම ලෝරෙන්සෝද අල්මේදා කැප්ටන් පෘතුගීසි කාරයා 1505 ලංකාවට ගොඩ බැස්ස දා ඉඳලා අවුරුදු 453ක් පරංගීයි ඕලන්දකාරයොයි ඉංග්‍රීසි කාරයොයි අපේ තේ දළු ටිකයි, මුතු මැණික් ටිකයි, කෝකෝවා ටිකයි රබර්කිරි ටිකයි කොල්ල කාගෙන ගියා. අද මේ පරම්පරාවෙ උගත් බුද්ධිමත් තරුණ ආර්ථික විද්‍යාඥ්ඥයො ගණිතඥ්ඥයෝ ඔක්කොම ඉන්නෙ අපි ගාව. අපි ඒ ගොල්ලොන්ට කියලා බොහොම සාධාරණව අර අවුරුදු 453යි ජේආර්ලා සිරිමාවෝලාගේ අවුරුදු 35යි මංකොල්ල කාපු ප්‍රමාණය ගණං හදනවා. හදලා අර කෝටි 6279 ඒ ටික අඩු කර ගෙන ඉතුරු ටික අපිට ගෙවන්න කියනවා. ඒක තමා අපේ ප්‍රතිපත්තිය" 

- "නිදහස් වෙළෙඳාකපාලය කියල එකක් හදලා හොඳට තාර දාලා අපේ සල්ලි වලිං හැදලා සල්ලි හම්බු කරනවා. අපි බලයට ඇවිත් පල වෙනි පැයේම ඔය නිදහස් වෙළෙඳ කලාපෙට ගෙනැල්ල තියෙන විදේශිකයෝ කොම්පැනි යන්ත්‍ර සූත්‍ර තඹ සතයක් ගෙවන්නෙ නැතුව රාජ සන්තක කරනවා අපි"

- "අපි බලයට පත් වුණොත් උපාලි විජේවර්ධනලගේ සල්ලි ඔක්කොම තඹ සතයක් වන්දි ගෙවන්නෙ නැතුව රාජසන්තක කරලා මේ රටේ සංවර්ධනයට යොදා ගන්න එකයි අපේ ප්‍රතිපත්තිය"

-"මගෙං ඇහුවා මිහින්තලේ ගොවියෙක් එහෙනං සහෝදරයා ඉදිරි දහ අට මාසේදී අපි ණය ගත්තට කමක් නැද්ද කියලා.මං කියනවා තමුන්නාන්සේලට කමක් නෑ. පුලුවං නං ඕනෙ තරං ණය ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම තමුන්නාන්සේලාගෙං ඒ ණය ආපහු ඉල්ලන්නෙ නෑ."

- "මේ ආණ්ඩු වලිං මිනිස්සුන්ට ගෙපැලක් කපා ගන්න හේනක් කොටා ගන්න අවසර දෙන්නෙ නෑ උස්සං ගිහිල්ලා හිරේ දානවා. එහෙනං අපි කියනවා තමුන්නාන්සේලාට කැලෑ කොටන්න අපේ ආණ්ඩුවක් ආවාම ඉඩ ලබා දෙන එකයි අපේ ප්‍රතිපත්තිය"  

- "ජේ ආර් ජයවර්ධන උන්නැහේ රාජ්‍ය ඇමතිව ඉන්න කාලේ ඩඩ්ලිගෙ ආණ්ඩුවෙ යෝජනාවක් ආවා මැණික් ගඟ හරහා බැම්මක් බැඳලා ගොවියොන්ට ජීවත් වෙන්න කුඹුරු කරන්න ජලාශයක් හදන්න කියලා. එයා කිව්වා ඒකට ඉඩ දෙන්න බෑ. එතකොට යාලෙ සත්තු මැරෙනවා වතුර නැතුව කියලා. මිනිසුන්ටත් වඩා සත්තු වටින ආන්ඩුවක්"

- "අපි විතරයි මේ රටේ එකම දේශපාලන පක්ෂය පැහැදිලි ප්‍රතිඥ්ඥාවක් දීල තියෙන්නෙ. ජනාධිපතිට අගමැතිට ඕනෙ කෙනෙකුට පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑයි කියලා"

-"- අපි පඩියකට වැඩ කරල නෙමෙයි මේ කෑ ගහන්නෙ. මගේ ජීවිතේ කවමදාවත් මම පඩියකට වැඩ කරල නෑ"

- "අද අපිට සංවර්ධන සභා මන්ත්‍රීලා ඉන්නවා 13 දෙනෙක්. ඒ දහතුන් දෙනාට පඩිය හම්බු වෙනවා දහතුන්දාහක්. ඒ දහතුන්දාහෙං සතයක් ඒ ගොල්ලො ගන්නවද නෑ. දහතුන් දාහම පක්ෂෙ මුදල් ලේකම්ට බාර දෙනවා හැම මාසෙම. පියසේන රාමනායක තමුන්නන්සෙලගේ මන්ත්‍රීත් එහෙමයි දාහම දෙනවා. එයාට පඩියක් නෑ එය දුප්පත් මිනිහෙක්. පොඩි දරුවෙකුත් ඉන්නවා. එහෙම කියල සල්ලි දීල යන ගමං ඉල්ලනවද සහෝදරයා කීයක් හරි ආපහු ගන්න පුලුවංද කියලා. නෑ දරුවා ලෙඩ වුනොත් පක්ෂෙ යමක් කමක් තියෙන සහෝදරයෙක් ලඟට ගිහිං කියලා ඉල්ල ගන්නවා. එහෙම නැත්තං කියනවා අපිට පොල්ගෙඩි ටිකක් දෙන්න හාල් ටිකක් දෙන්න. අපිට ඉල්ලන්න ලැජ්ජ නෑ"  (රෝහණ විජේවීර ) 

 


Sunday, February 3, 2019

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා සොයා යාම




නීරෝගී නොවන සමාජයක් සෑමකල්හිම සතුරෙකු හෙවත් අනෙකා සොයා යති. සම්පත් අඩු වීම ,  දැණුමේ සහ හැකියාවන් සීමා වීම ,   ආචාර ධර්ම පිලිබඳ දැණුම හීන වීම වැනි කරුණු මෙම තත්වය උග්‍ර කරයි. මේ නිසා සෑම විටම අනෙක් පාර්ශවය සතුරෙකු විට දකියි.සතුරෙකු නොමැති වීම ඔවුනට කාංසාව ගෙන දෙයි. 

පේරාදෙනිය වෛද්‍ය පීඨය ආරම්භ කල අවස්ථාවේදී විශාලතම විරෝධය එල්ල වූයේ කොලඹ වෛද්‍ය පීඨයෙනි. කොලඹ වෛද්‍ය පීඨයට පේරාදෙනිය අනෙකා විය​. ඉන් පසුව රුහුණු වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේදී කොලඹ සහ පේරාදෙනිය රුහුණ තම අනෙකා ලෙස දුටුවෝය​. මේ විරෝධයන් නිසා රුහුණු වෛද්‍ය පීඨයට මුල් වසර කීපය තුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීම පවා ප්‍රමාද විය​. 

මාගේ ගුරුවරයෙකු වන විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා රුහුණ වෛද්‍ය පීඨයේ ආරම් භක සිසුවෙකු විය​. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා සොයා යාම නිසා ඔහුට නාරි හා ප්‍රසව විශේෂඥතාව ලබා ගැනීම සඳහා දෙවසරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සිදු විය​. 

රාගම පුද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ වූ අවස්ථාවේදී ඉතා පහසුවෙන් එය අනෙකා බවට පත් විය​. රාගම පුද්ගලික වෛද්‍ය විදුහල පොදු සතුරා විය​. 

රාගම වෛද්‍ය විද්‍යාලය සමතලා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා වූයේ සහකාර වෛද්‍ය නිලධාරීන් ය​. සහකාර වෛද්‍ය නිලධාරීන් තම සතුරන් ලෙසට හුවා දක්වනු ලැබූහ​. අවසානයේදී සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීමද නවතා දමනු ලැබීය​.මේ නයින්  ඊලාම් යුද්ධයේදී සහකාර වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කල මෙහෙයද ඉතා කුහක ලෙස අමතක කරන ලදි. 

සහකාර වෛද්‍ය නිලධාරීන් හඹා යාමෙන් පසුව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා වූයේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්‍ ය​. එක් රැයකින් ඔවුන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ සතුරන් බවට පත් වූහ​.

රුහුණ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමෙන් වසර ගනනාවකට පසුව  කැළනිය වෛද්‍ය පීඨය විවෘත  කරනු ලැබීය​. මුල් කාලයේදී කැළනිය පොදු සතුරෙකු විය​.  2000 වසරේදී මා සේවය කලේ උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේය. එහිදී කොලඹ වෛද්‍ය පීඨයේ උගත් ජේෂ්ඨ රෙජිස්ට්‍රාවරයෙක් නිබඳවම ප්‍රසිද්ධියේ කැළනිය වෛද්‍ය පීඨයේ සිසුන්  පහත් කොට බැණ වැදීමට පුරුදුව සිටියේය​. ඔහුගේ මතය අනුව කැළනිය වෛද්‍ය පීඨය ආරම්භ කිරීම බරපතල වරදකි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා බවට පත් වන්නේ සයිටම් ආයතනයයි. සයිටම් ආයතනය බැහැර කිරීමෙන් පසුව මේ වන තෙක් පොදු සතුරෙකු නොමැත​. එහෙත් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය විසින් ඉතා ඉක්මනින් අනෙකා හෙවත් පොදු සතුරෙකු සොයා ගනු ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Find Us On Facebook