Tuesday, February 12, 2019

71 කැරැල්ල විජේවීරගේද ?



1971 කැරැල්ලේ විජේවීර ගේ දායකත්වයද විවාදාත්මක වෙයි. කැරැල්ලක් ආරම්භ කිරීම සඳහා ඔහු උපස්තරය සැකසුවේය. එහෙත් 1971 කැරැල්ල සිදු වන අවස්ථාවේදී ඔහු සිටියේ බන්ධනාගාරයේය. 71 ප්‍රහාරය සඳහා සංඝාරාමයේදී ගත් තීරණයට ඔහුගේ දායකත්වයක් නොතිබුණි. 71 කැරැල්ලේදී අවි සමග කෙලින්ම ආරක්‍ෂක අංශ සමග ගැටුණු නායකයන් වූයේ ලොකු අතුල ( සටන් පැවති අවස්ථාවේදී ලොකු අතුලගේ ධෛර්‍යය හීනවී ඔහු දෙවන පෙළ සාමාජිකයෙකු මට්ටමට වැටී බෝල සමරේ , කාගම උපසේන වැනි උප නායකයන් ඉදිරියට ආවෝය), සරත් විජේසිංහ  (කැරැල්ලේදී අත් වැරදීමකින් වැදුනු වෙඩිල්ලක් වැදී මිය ගියේය) ,  මිල්ටන් (කඩවත පොලිසියට එල්ල කල ප්‍රහාරයේදී මිය ගියේය) , සනත් බොරළුකැටිය ( කැරැල්ල පසු බසින විට උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලදි) , බර්ටි රංජිත් (විජේවීර බේරා ගැනීම සඳහා යාපනය සිර ගෙදරට කල පහර දීමේදී අත් අඩංගුවට පත් විය) වැන්නවුන්‍ ය. 

අප්‍රේල් මහ නඩුවේදී 1971 කැරැල්ල තමන් ගේ ක්‍රියාවක් නොව ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් මත සිදුවූ දෙයක් බව විජේවීර කීවේය. තවද විජේවීර විසින් සිර භාරයේ සිට තම අනුගාමිකයන් අමතා කීවේ මේ කතාවමය. 71 ට තමන් ගේ දායකත්වය ඔහු ප්‍රතික්ශේප කලේය. පසු   කාලීනව හිරෙන් නිදහස්වී ජවිපෙ යලි ගොඩ නගන විට නව අනුගාමිකයන්ටද විජේවීර කිව්වේ 1971 කැරැල්ල තමන් ගේ දරුවෙකු නොවන බවයි. එහෙත් කාලයත් සමග 1971 කැරැල්ලට ගරුත්වයක් ලැබෙන විටදී ඔහු තමන් කියූ දේ වෙනස් කලේය. පසුකාලීනව ඔහු 71 කැරැල්ලට උරුමකම් කීවේය.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook