Saturday, April 30, 2022

Love over gold



 

Love over gold
Mind over matter
Power over me 
Life over meaning 
Self over subject 
Fear over faith 
Freedom over bondage 
Karma over destiny 

Wednesday, April 27, 2022

කපුටු සන්දේශය





සැරද බැසිලද සඳ - මියුරස නදින් නඳනා

සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්


සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන

මුළු ලෝ සනසමින් එන ගාන කපමින්

තුටු රැවු මඟුල් ගී නගමින් රැගුම් ‍ ගත

සිරි ගිසි අසුන් පත් සිරිමත් කෙළි මතින් වව

සොඳ ගුණකඳ කඳ දෙවි


කඳිනි උසුලනා

සියෙයට තිහක විකුමැති කුලෙකි මනා

සොබමන් මෙ වන් සිරිතැතියන් ගේ දැකුම

දෙව‍ියන් යැදැත් හැකි වෙ දනො දැනේ නියම

අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම

අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම


ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා

ස ස ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා

හොරකම පුරුදු තම හට ඉන් කියනු කිමා

අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා


තුගු සුලකුළු පහ පැහැ සර තර පවර

සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළ’ඹර

සෙන් සිවුරඟ වේ මඟ මඟුලින් නිතොර

කපුටාස් ගඟසිරි පුර වර මොනරන


දිසි මිණි නිල් සැඳැලියැ ලිය වන කමල

දැකැ නොමලන පුල් පියුමැ යි කැරැ කුහුල

සඳ පිළිබිඹු තුරු සෙන් සමගින් සකල

උදුරන ලොබින් බට වැනි බට පියුම් අල

 අල කලැයි සකල දේශය 


පොඩි හොරු හඳුනා ගන්න

 



ලොකු හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේය​. මේ පාර තොටේ ඉන්නා පොඩි හොරු පිලිබඳවය 


හාල් මාමා : ජනාකීර්ණ ස්ථානයක හාල්, පරිප්පු ටිකක් බිම දමා ඒවා ඇහිඳියි. බලා ගෙන ඉන්න අයගේ අනුකම්පාව ඩැහැ ගෙන සල්ලි ලබා ගනියි

සුදු සැරටි අංකල් ; පදිකයන් මාරු වන ස්ථානයක සිටියි. ලඟින් යන වාහනයකට සුදු සැරටිය දමා තමන්ව හප්පා සුදු සැරටියේ ජී.පී.එස් එක කැඩූ බව කියමින් මුදල් ඩිමාන්ඩ් කරයි. (සුදු සැරටියේ ජී.පී.එස් එකක් නැත​). මොහුගේ සහායට කුලියට කහින සහකාරයෙක්ද සිටියි.

ත්‍රීවීල් බාප්පා ; අහිංසක පන්නයේ කෙනෙකු එලවන වාහනයකට තම ත්‍රීවීල් එක වද්දවාගෙන මුදල් ඩිමාන්ඩ් කරයි. 

Sunday, April 24, 2022

මහින්ද දේශප්‍රිය ගේ අංශක 180 ටර්න් එක



මහින්ද දේශප්රිය ගෝටාභය ගේ ද්විත්ව පුරවැසිභාවය යට ගහලා ජනාධිපතිවරනයට තරඟ කරන්න ඉඩ සලසා දුන්නා කියලා මහාචාර්ය හූල් චෝදනාවක් කලා ඒ වගේම ලංකා ඊ නිවුස් මෙසේ ලිව්වා : මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය ගේ ලිස්සා යන කොන්ද පණ නැති ප්රතිපත්තියේ නොසිට මහාචාර්ය හූල් අධිකරණයට යෑම විශේෂිතය. ලංකා ඊ නිව්ස් අවසන් වරට ඉතාම අසාධාරණ ලෙස ලංකාවේ තහනම් කරන ලද්දේ මහින්ද දේශප්රිය විසින් වන අතර ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූ ජනාධිපතිවරණයේ දී ය. ඊට පෙර වසර 3 ක් තිස්සේ හිටපු ජනාධිපති සිරිසේන විසින් තහනම් කර තිබූ ලංකා ඊ නිව්ස් සිරිසේන ධූරයෙන් ඉවත්ව යාමට ඔන්න මෙන්න කියා තහනම ඉවත් කෙළේය. ඉන්පසු ලංකා ඊ නිව්ස් පුවත් නිසා ගෝඨාභයගේ මැතිවරණ ව්යාපාරයට හානි සිදුවනවා කියා ගෝඨාභයගේ නීතිඥයන් පිරිසක් මැතිවරණයට දින දෙකකට පෙර මහින්ද දේශප්රිය හමුවී කළ ඉල්ලීමක් අනුව දේශප්රිය විසින් තමන්ට නැති බලතල යොදා ගනිමින් ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කරන ලෙස විදුලි සංදේශන කොමිසමට නියෝග කෙළේය. (LEN)


මහින්ද දේශප්රිය ගෝටාභය ගේ ද්විත්ව පුරවැසිභාවය යට ගහලා ජනාධිපතිවරනයට තරඟ කරන්න ඉඩ සලසා දුන්නා කියලා මහාචාර්ය හූල් ගේ චෝදනාව පිලිබඳව මම මීට දින කීපයකට පෙර මහින් ද දේශප්රිය ගෙන් විමසා සිටියා. නමුත් මේ දක්වා ඔහු මට පිලිතුරක් එව්වේ නෑ.. අද මහින්ද දේශප්රිය තම ෆේස් බුක් එකේ ගෝල් ෆේස් එකට ආපු ගෝටා විරෝධී ජනතාව අගයලා මෙහෙම සටහනක් යොදලා තියනවා ; "Little drops of water make the mighty ocean" . ගෝටා නගින කොට මහින්ද දේශප්රිය ඔහුව කරේ තියාගෙන යාමත් ගෝටා වැටී යන විට මහින්ද දේශප්රිය අංශක 180 ටර්න් එකක් ගැසීමත් අප විමසුමට ලක් කල යුතුයි.


( මේ කතාවට හෝ පින්තූරයට අදාල නැති සටහනකි. එක්තරා රටක මැතිවරණ කොමසාරිස්වරයෙක් සිටියේය​. ඔහු සෑම මැතිවරණයකදීම මැතිවරණ ප්‍රතිඑල වාර්තා කලේ බැසිල් නම් පුද්ගලයෙකු ඔහුට එවන ලද විස්කි කේස් එකකින් විස්කි පානය කරමිනි. මේ කේස් එක බැසිල් නම් පුද්ගලයා එවන ලද්දේ අනුර නම් ගෝලයෙකු අතේය. බැසිල් නම් පුද්ගලයා ගේ විස්කි බොමින් මැතිවරණ ප්‍රතිඑල වාර්තා කල මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ සදාචාරය ප්‍රශ්න කිරීමේ කාලය එලැඹිමින් තිබේ)

Friday, April 22, 2022

The Easter Sunday bombings

 



How can anyone forget  

The Easter Sunday bombings

The tragic effects still reverberate
Like a never-ending nightmare 

On that terrible day

Many innocent lives perished 

When devastating bombs exploded

Survivors suffered immensely

Their pain was enormous

Hard to put into words

Those who lost loved ones  

Stricken by grief and bereavement

They feel empty inside

Many are suffering in silence

Who was behind this crime?

Abu Bakr al-Baghdadi’s children?

Maybe another hidden hand?

They secretly mounted these attacks

A few people knew it was happening

But did not do anything to prevent it

Their culpable indifference is awful

Moreover, they failed to deliver justice

They covered up the crime

Leaving an invisible trail

Although they escaped from justice

We certainly know

Blood on their hands 


Ruwan M Jayatunge

බර්ලින් තාප්පය සහ නැගෙනහිර ජර්මානු තරුණයා




මේ සිදුවීම වූයේ 1980 දශකයේ අග භාගයේදී නැගෙනහිර ජර්මනියේදීය. මා බටහිර බර්ලින් දේශසීමාව ආසන්නයේ සිටින විට නැගෙනහිර ජර්මානු තරුණයෙක් ඇවිත් මා සමග කතා කලේය. ඊට පෙර දින බටහිර බර්ලිනයේ බර්ලින් තාප්පය ආසන්නයේ David bowie විසින් සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය. එහිදී  නැගෙනහිර ජර්මානු තරුණයන් බර්ලින් තාප්පය අසලට රොක්වී මෙම සංගීත සංදර්ශනය ශ්‍රවණය කරමින් සිටියහ. එහිදී නැගෙනහිර ජර්මානු පොලිස් භටයන් විසින් ඔවුන්ව පළවා හරින ලදි. මෙම සංගීත සංදර්ශනය බැලීමට නොහැකිවීම පිලිබඳව එම තරුණයා කණගාටුවෙන් යුතුව කතා කලේය. මගේ මතකය අනුව ඔහුගේ නම ගන්තර් විය යුතුය. ඔහු ඉතා ආශාවෙන් බටහිර ජර්මනියේ තිබෙන ශ්‍රී විභූතිය පිලිබඳ කතා කරමින් කවර දිනෙක හෝ ඔහු බටහිර කරා යන බව කීවේය. එහෙත් බටහිර ජර්මනියට කිහිප වතාවක් ගොස් සිටි මා ඔහු සිතාගෙන සිටින අන්දමේ ස්වර්ගයක් එහි නොමැති බව කීවෙමි. එහෙත් ඔහු ඊට   සවන් දුන්නේ සැක සහිතවය. කෙසේ නමුත් මේ බර්ලින් තාප්පය වැඩි කාලයක් නොගොස් කඩා වැටෙන බව මට තේරුම් ගියේය. 

Monday, April 18, 2022

උගණ්ඩාව යනු බොරු සංකල්පයකි




උගණ්ඩාව කියා රටක් නොමැත. උගණ්ඩා සංකල්ප වියුක්‌ත නිසා එනම් ඒවා ඉඳ්‍රිය ගෝචර නො වන නිසා උගණ්ඩාව  බොරු ය. සෑම නාමරූපයක්‌ ම මුසාවකි. උගණ්ඩාව ඇතුළු බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු බව අප දනිමු.  බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. නාථ දෙවියෝ උගණ්ඩාවක් පිලිබඳව කීවේ නැත​. නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ ප්‍රියන්තා සේනානායක මහත්මිය ද මේ බව සනාථ කලාය​. ඉතා වාස්තවික භාෂාවක් ලෙස සැලකෙන බටහිර ගණිතයෙහි දී වුව ද සන්නිවෙිිදකයා හා සන්නිවේදනය ලබාගන්නා (සන්නිවේදනලාභියා) අතර සන්නිවේදිතය සම්බන්ධයෙන් වෙනස්කම් ඇත. මෙහි දී කෙනකුට සන්නිවේදිතය යන යෙදුම ම ප්‍රශ්න කළ හැකි ය. සන්නිවේදිතය යන්නෙන් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ යමක් ඇතැයි ගම්‍ය වෙයි. එහෙත් ඒ වැරදි ය. සන්නිවේදකයාගේ සන්නිවේදිතය සන්නිවේදනලාභියාගේ සන්නිවේදිතයෙන් වෙනස් වෙයි. එසේ නොවන්නට සන්නිවේදනයේ දී ගැටළු පැන නොනගිනු ඇත. එම නිසා උගණ්ඩාව යනු සන්නිවේදනයේ දී මතුවූ ගැටළුවකි. උගණ්ඩාව යනු බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ගෝලබාලයන් විසින් යොදාගන්නා ලද පට්ටපල් බොරු සංකල්පයක් පමණකි.

Wednesday, April 13, 2022

Sri Lankan Hip Hop ; Gota Go Home !"

 



This is the revolution  

They call it retribution  

Obsolete form of allocution  

Fighting for justification   

Freedom from pollution  

No more clarification   

If you don’t rise up    

Expect destitution     

 

This is what they call  

Gota go Home  

Didn't you know that 

You have become a syndrome 

Pale looking monochrome

Go back to your hippodrome

 

We are not Puppets

Playing our trumpets

Calling for freedom 

Praying for wisdom 

You are the problem 

Don't give a tantrum  

 

You stole my country 

Made people hungry 

We became angry

Telling you frankly

Go back to your country

 

This is the young generation

Never go for regression

Fight against repression

We are in the equation

 

Your time has gone

New hopes are born

You feel like withdrawn

Its time to go home

Yes Gota go home 

Tuesday, April 12, 2022

බුද්ධාගම පාවා දීම (Buddhism Betrayed?)

 


ගෙවල් වල තිබෙන දරිද්‍රතාව , තාත්තලා කසිප්පු ගැහීම සහ  ගෙවල් වල ළමයින් දෙස නොබැලීම, අම්මා මැදපෙරදිග යාම  වැනි සමාජ විපරීත නිසා බත් පිඟාන ලැබෙන නිසා මේ පීඩිත ළමයින් පන්සල් වල ඩම්ප් කරනවා. මේ ළමයින් ගෙන් බොහෝ දෙනෙකු වැඩිහිටි භික්‍ෂූන් ගෙන් සෙක්ස්‍ෂුවලි abuse වෙනවා. කායික හිරිහැර වලත පාත්‍ර වෙනවා. ළමා කාලයේදීම psychological trauma වලට ලක් වන මේ ළමයි ගේ සිත් වලට අන්තවාදී අදහස් දාන එක ලේසියි. තම්බියා , දෙමලා එහෙමත් නැත්නම් ක්‍රිස්තියානිකාරයා තමයි අපේ හතුරා කියලා seed එකක් ප්ලාන්ට් කරන්න හරිම ලේසියි. අනාගතයේ ඥාණසාරලා , ඉත්තෑකන්දේලා බිහි වෙන්නේ මෙහෙමයි. දේශපාලකයන්ට මේ ළමයි යූස් කරන්න හරි ලේසියි.  

ප්‍රභාකරන් ගේ ළමා සොල්දාදුවෝ වගේ මේ ළමයි උපකරණ ලෙස දේශපාලකයන්ට යොදා ගැනීම හරි පහසුයි. මේ ව්‍යසනය ගැන මම ළමා ආරක්‍ෂක අධිකාරියේ මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා ගෙන් ඇහුවා. ඒ වෙලාවේ එතුමත් අසරණ උනා මේක බුද්ධාගම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිසා. තමන් ගේ දරුවන් ප්‍රවේසම් කර ගන්න , තමන් ගේ ළමයින් ලොකු ලොකු ඉස්කෝල වලට යවන , ඔවුන්ව පිටරට අධ්‍යාපනයට යැවීමට සැලසුම් සාදන ධනවත් බලවත් බෞද්ධයෙනි ; බුද්ධාගමේ නාමයෙන් අපයෝජනය වන මේ ළමුන් ගැන හඞක් නගන්න.

( දැන් මගේ ආගම මොකක්ද කියා හොයන්න මහන්සි වෙන්න එපා. මම කොලඹ වජිරාරාමයේ නාරද හිමියන් යටතේ බුදු දහම ඉගන ගත්ත Buddhisam and Psychology සහ Psychological Aspects of the Buddhist Jathaka Stories යන පොත් ලියූ උප්පත්තියෙන්ම බෞද්ධයෙක්) 

Sunday, April 10, 2022

ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක

 




ඥාණක්කා යනු අනුරාධපුර රෝහලේ සේවය කල ඇටෙන්ඩන්වරියකි. ඇයගේ සැමියා ගිලන් රථ රියැදුරෙකි. ඇගේ සැමියා භීෂණ සමයේ ඝාතනය වීමත් සමගම ඇය ආරූඩ වීමට පටන් ගත්තාය​. මනෝ විද්‍යාත්මකව  පෙන්වා දීමේදී ඉතා තීවුර ක්‍ෂිතිමය අත්දැකීමක් නිසා ඇය ලක්වූ විඝටන ආබාධය ( Dissociative Disorder  ) දේව වරමක් ලෙස පසුගාමී නූගත් සමාජයක් විසින් අර්ථකථනය කරන ලදි. නමුත් ඇය තමන් තුල පවත්නා මැනිපුලේටිව් සහ කමියුනිකේෂන් ස්කිල්ස් මගින් විචාර බුද්ධියෙන් අඩු, හීනවූ ආත්ම ශක්තීන් ඇති , තමන් කෙරෙහි විශ්වාසය අඩු, නිරන්තරයෙන්ම භීතියෙන් , චකිතයෙන් පෙලන , තීරණ ගැනීමේදී කුකුසෙන් පෙලෙන දේශපාලකයන් , කූට ව්‍යාපාරිකයන් , හමුදා නිලධාරීන් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට සමත් වූවාය​.  

මහින්ද රාජපක්‍ෂ මැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේනට පරදින බව සංඛ්‍යා ලේඛන සහ දත්ත විශ්ලේශනයෙන් මලිත් ජයතිලක පෙන්වා දුන්නේය​. එහෙත්   ඥාණක්කා මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති විය හැකි බව අනුමාන වශයෙන් කී විට බොහෝ දෙනෙකු සිතුවේ ඥාණක්කා දේව ඥාණයෙන් අණාවැකියක් කියූ බවයි. මේ නිසා ඇය වඩාත් ප්‍රසිද්ධ වූ අතර බොහෝ පිරිස් ඇයගේ අනුගාමිකයන්බවට පත් විය​.    මේ වන විට ඇය රතු නූල් කල්ට් එකක් දක්වා තම ආගමික ආධිපත්‍ය ප්‍රවර්ධනය කරගෙන තිබෙන අතර බොහෝ දෙනෙකු පවසන පරිදි  මේ වන විටත් ලංකාව පාලනය වන්නේ ඥාණක්කා ගේ උපදෙස් මතය.
 
කල්ට් එකක් යනු සමාජ අසමානතාවයේ රෝග ලක්‍ෂණයක් ලෙස දැකිය හැක. කල්ට් එකක් ක්‍රියාත්මක වන්නේ කන්ඩායම් ගතිකයන් (group dynamics) අනුවය​. කල්ට් නායකයා අනුගාමිකයින්ට අර්ථය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික මහාචාර්‍ය ආතර් ඩීක්මන් ඔහුගේ The Wrong Way Home: Uncovering the Patterns of Cult Behavior in American Society කෘතිය මගින් කල්ට් වල මනෝ ගතිකයන් පැහැදිලි කලේය. කණ්ඩායමකට අයත් වීමට ගැඹුරු මානව අවශ්‍යතාවකි. එසේම වැඩිහිටියෙකු වූ පසුද යලිත් මව් කෙනෙකු හෝ පිය කෙනෙකුගේ ආඥාවට යටත් වීමට  ඇතැම් පුද්ගලයන් තුල අවිඥාණික ආශාවන් පවතියි. මෙවැනි පුද්ගලයෝ කල්ට් සරණ යති.  

මිනිසුන් පිරිසක් මිත්‍යාවක් බෙදාගත් විට මනෝ විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ලබ්ධියක් ලෙසටය​. ලබ්ධියක් නිර්වචනය කරන්නේ “සාමාන්‍යයෙන් ආන්තික දෘෂ්ටිවාදයක් සහිත කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් ලෙසටය.  කල්ට්  එකක් සාමාන්‍යයෙන් ප්‍රචලිත නායකයෙකු තුළ මූර්තිමත් වූවකි.   කල්ට් නායකයන් බලය සඳහා ආශාවක් ඇති මනෝ ව්‍යාධිකයින් වන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආගම භාවිතා කරති.  කල්ට් හෙවත් ලබ්ධීන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩනැගී ඇත්තේ ආන්තික, අසාමාන්‍ය හෝ ආන්තික ආගමික විශ්වාසයන් වටාය​. බොහෝ විට කල්ට් එක තුල චින්තන-ප්‍රතිසංස්කරණ වැඩසටහන් භාවිතා කෙරේ. කල්ට් නායකයා සාමාජිකයන්ට ඉතා ආකර්ශයණීය පොරොන්දු ලබා දෙයි. ඔබ මීලඟ ජනාධිපතිය​, ඔබ මීලඟ අගමැති හෝ ප්‍රබල ඇමතිවරයෙකි, නැතහොත් හමුදාපතිය​, ඉහලම ව්‍යාපාරිකයාය යනාදී වශයෙන් පුද්ගලයා තුල විශ්වාසයක් ගොඩ නැංවීමෙන් ඔහු හෝ ඇය ලබ්ධිය තුලට බද්ධ වෙයි.  කණ්ඩායමට ආකර්ෂණීය (හෝ සමහර විට දිව්‍යමය) බලය ආරෝපණය කරයි. කල්ට් සාමාජිකයෝ  කල්ට් නායකයාට  අවිවාදිත පක්‍ෂපාතීත්වය පෙන්නුම් කරති. ඔබ යම්කිසි කල්ට් එකකට අභියෝග කලහොත් සාමාජිකයෝ කුපිත වෙති. සමහරක් කල්ට් නායකයා වෙනුවෙන් මිනී මැරීම හෝ කල්ට් නායකයා වෙනුවෙන් දිවි නසා ගැනීමට වූවද සූදානම් ය​.

සෑම කාලයකදීම ලංකාවේ කල්ට් පැවතුනි. සමහර කල්ට් ප්‍රසිද්ධ ඒවා වූ අතර සමහර  කල්ට් අප්‍රසිද්ධ ඒවා විය​. මේවා අතරින් අලව්වේ ජයසූරිය බුදුන් කල්ට් එක ( මේ කල්ට් එකට අයත් වූ විමළගුණ නම් දන්ත වෛද්‍යවරයෙකු මා හට කීවේ යම් ලෙසකින් මම අලව්වේ ජයසූරිය බුදුන් හමුවට ගියහොත් ඔහු මාව සෝවන් තත්වයට පත් කරන බවයි. මේ අනුව පෙනී යන්නේ සමාජයේ වෘත්තිකයන් පවා කල්ට් වලට තම විචාර බුද්ධිය පාවා දෙති.) එසේම ගාල්ල ප්‍රදේශයේ වත්තක ලිපිකරුවෙකු තමන් මතු උපදින මෙතේ බුදුන් බව කියමින් නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයන් පවා ග්‍රහණය කර ගනිමින් කල්ට් එකක් ගොඩ නැංවීය.  

කල්ට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම අසමතුලිතව තබා ගැනීමෙන්,   ඔවුන්ව  නායකයා මත යැපීම වැඩි කරයි. ඔබට බලවත් අපලයක් තිබේ, අනාගතයේ මාරකයක් තිබේ යනාදී මගින් කල්ට් සාමාජිකයින් තුල භීතිය , අවිනිශ්චිතතාව වර්ධනය කරමින් තමන් ඒකායන ගැලවුම්කරු ලෙස කල්ට් නායකයා පෙනී සිටියි.  

බොහෝ කල්ට් නායකයෝ   Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය  නිසාද තමන් ගේම කල්ට් එකට මුලාවී සිටිති. ඉතා සුළු ප්‍රමාණයක් බොරුවට තමන් ගේ කල්ට් භූමිකාවේ රඟපාති. බොරුවට රඟපාන්නෝ අති දක්‍ෂ නළුවන් වන අතර බොහෝ උගත් වෘත්තිකයෝද මොවුන්ට රැවටෙති. ලබ්ධියකින් ඉවත් වීමද අසීරුය. කැනඩාවේ දී   මා විසින් පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් (PTSD) පෙළුනු සුදු ජාතිකයෙකුට ප්‍රතිකාර කල කල අතර පසුව ඔහු මට පැවසුවේ තමන් ගේ දෙමාපියන් සහ මුළු පවුලම  The World Tomorrow නම් නිකායේ Herbert W. Armstrong නම් ඉවැන්ජලික නායකයාට යටත්ව ජීවත් වූ බවයි. ඔහු එම ලබ්ධියෙන් ඉවත් වීමත් සමගම අන්‍ය සාමාජිකයන් විසින් ඔහුව බලවත් ගැරහීමකට, අපකීර්තියට පත් කොට තිබේ. ටොම් කෘස් පවා සාමාජිකයෙකු වන සයන්ටෝලොජි ලබ්ධියේද ඉවත් වන සාමාජිකයන්ට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.

ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක අවිචාරයෙන් යුතුව වර්තමානයේ ලංකාව විශාල අර්බුධයකට හෙලා තිබේ.  මේ අර්බුධයෙන් ගොඩ ඒමද ලේසි නැත. බලය සඳහා පෙරට එන අවශේෂ නායකයෝද  වෙනත් කල්ට් වල හෝ මිත්‍යාවල සරණ ගිය පුද්ගලයෝ වෙති. එම නිසා විචාර බුද්ධියෙන් යුතු නායකත්වයක් පහල වන තෙක් මේ අර්බුධ වලින් ගොඩ ඒමක් නොමැත​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, April 9, 2022

Power To The People"

 



Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people, right on

Personality Changes Following Traumatic Combat Exposure




Ruwan M Jayatunge M.D. 

Combat trauma can cause drastic personality changes. Often these changes are negative. Nevertheless, some studies indicate that there were positive changes as well. (Positive Change Following Trauma and Adversity P. Alex Linley1 and Stephen Joseph- Department of Psychology, University of Warwick, Coventry, United Kingdom) according to the researchers' cognitive appraisal variables (threat, harm, and controllability), problem-focused, acceptance and positive reinterpretation coping, optimism, religion, cognitive processing, and positive affect were consistently associated with adversarial growth.

There are many case studies on positive posttraumatic growth that helped a person to overcome his trauma and see the world from a different perspective. Emperor Ashoka (273 - 232 BC) was one of them. In his early days, Emperor Ashoka had an undying desire to conquer. His last battle- the Kalinga War was full of human misery. He saw the death and dying of countless soldiers. He saw human suffering. After the Kalinga War, the Emperor got a new insight. He renounced war and worked for the betterment of humankind embracing Buddhism. Ashoka in human history is often referred to as the emperor of all ages.

The Spanish novelist Miguel de Cervantes (1547-1616) returned from the Crusade as a tired soldier. He fought for Spain and when he returned to Madrid after slavery, he found out that the government ignored his services and did not pay any significant attention. His mind was full of battle images and hallucinations. After coming home from long years of battle, Cervantes created the character Don Quixote filled with humor and pathos. His fictional character Don Quixote goes into dissociative episodes. He fights with windmills assuming it as enemy figures. Don Quixote’s vivid hallucinations reveal Cervantes's tired mind after long years of battle. Cervantes once said, "The truth lies in a man's dreams... perhaps in this unhappy world of ours whose madness is better than a foolish sanity."

Was Cervantes affected by combat stress? The answer could be yes.

Count Leo Tolstoy participated in the Crimean War in 1854 and fought against the French, British, and Ottoman Empire to defend Sevastapol. He was exposed to numerous war traumas that changed his personality in the later period of his life. The climax of this personality change occurred many years after the war when he was traveling to buy an estate. He had to stay in a motel and in the middle of the night, he woke up with mortal fear. This could have been a severe anxiety attack and this incident made distinct changes in him. He experienced persistent sorrow and emptiness, which he described in his autobiographical book Confession….

I cannot recall those years without horror, loathing, and heart-rending pain. I killed people in war, challenged men to duels with the purpose of killing them, and lost at cards; I squandered the fruits of the peasants' toil and then had them executed; I was a fornicator and a cheat. Lying, stealing, promiscuity of every kind, drunkenness, violence, murder - there was not a crime I did not commit...Thus I lived for ten years."

The posttraumatic growth in Leo Tolstoy helped him to become the best novelist in the World. His great epic novel War and Peace deeply analyzes the war and human psyche ranging from heroism to cynicism and from glory to emptiness.

Even after many years, some of the personality changes troubled him. In January of 1903, as he writes in his diary, Tolstoy still experienced deep unshakable sadness.

I am now suffering the torments of hell: I am calling to mind all the infamies of my former life—these reminiscences do not pass away and they poison my existence. Generally, people regret that individuality does not retain memory after death. What a happiness that it does not! What an anguish it would be if I remembered in this life all the evil, all that is painful to the conscience, committed by me in a previous life….What happiness that reminiscences disappear with death and that there only remains consciousness.

Mahatma Gandhi participated as a volunteer in the Ambulance Corps during the Boer war that fought from 1899 to 1902 between an alliance of the Boer governments and Great Britain. In the Boer war, Gandhi saw killings, torture, and horrifying atrocities. This experience affected him greatly to embrace non-violence further deep. Gandhi was against any kind of War. He refused to support the revolutionary activities of Bhagat Singh and Subhas Chandra Bose who wanted arms to struggle to free India from the British.

The Nobel Prize Lauriat Ernest Hemingway served in the Lincoln Brigade as a volunteer during the Spanish Civil War. According to the Military Psychiatrist Dr. William Pike, half of the Spanish civil war veterans suffered from severe combat-related stress. At one point, Dr. Pike was able to take 28 shell-shocked men hiding in the wine cellar. Ernest Hemingway was disgusted with the war and its horrendous nature. This new experience inspired him to write his novel Farewell to Arms. In the later years, he suffered from recurrent depression and took his own life.


Adopting Positive Stress Coping Methods

Mismanagement of combat stress can lead to misconduct stress behaviors (insubordination, desertion, social disruption, and harassment of civilians) as well as negative stress coping methods like alcohol abuse, drug abuse, domestic violence, and cruelty to children. The combatants must be taught positive stress coping methods such as seeking counseling services, meditation, engaging in recreational activities, doing sports, participating in religious work, etc. creative work like art, sculpture, and writing also helps to get away from stress.

Private PX43 served in the operational areas for over 8 years and throughout this period he witnessed death and destruction. He became restless, and agitated and gradually experienced posttraumatic symptoms. His nights were full of battle dreams and horrors that he underwent in the North. When Private PX43 was referred for psychological support services in 2004, he was treated with medication and psychotherapy. In addition, he was referred for spiritual therapy that consisted of Meditation. Within several months, his mental condition improved and Private PX43 practiced meditation with great interest. He became more positive about his life experiences and was able to overcome his posttraumatic features. By late 2006, he was free of posttraumatic symptoms.

Cpl JX54 sustained a gunshot injury to his leg and underwent below-knee amputation. His life was devastated after he became disabled. Several times, he planned to take his own life. He became hostile, blamed others for his misery, and started abusing alcohol. In 2003, he was diagnosed with adjustment disorder and treated accordingly. Gradually his stress and anxiety reduced and he was able to see his present life condition with a positive attitude. Today Cpl JX54 is free of his traumatic and self-destructive behavior and engages in an income-generating handloom business.

Monday, April 4, 2022

මහ බැංකු අධිපති R.W රාජපතිරණ සහ කබ්බ්බා



අපේ  සීයාගේ මල්ලී, ගවනර් R.W රාජපතිරණ කලෙත් කබ්බ්බා කරපු රස්සාව  1959 – 1967 කාලයේදී. ගවනර් රාජපතිරණ කබ්බා වගේ හොරෙක් නොවෙයි ඔහු මහත්මයෙක්. ඔහුගේ පසුකාලීන පරම්පරාවට අයත් වන අපට R.W රාජපතිරණ ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන්. නමුත් කබ්බාගේ මුණබුරන්ට කවදා හරි කබ්බා ගැන කතා කරන්න වෙන්නේ නහය වහගෙන.

Sunday, April 3, 2022

මිත්‍යාවේ බලය



රටේ ෆස්ට් ලේඩි මේ වඳින්නේ ලෙඩුන් දහසක් සුවපත් කල කන්සල්ටන්ට් කෙනෙකුට නොව අනුරාධපුර රෝහලේ සේවය කල උපස්ථායිකාවකටය​. ඇයගේ රැකියාව මෙහිදී අදාල වන්නේ  ටයි දාගත් දොස්තරලා සර් මැඩම් කියා දේශපාලකයන්ට වඳින රටක , ඇටන්ඩන්වරියකට බලගතු දේශපාලකයන් තමන් ගේ දෙපතුල් ලඟට ගෙන්වා ගැනීමට ඇති හැකියාව නිසාය​. මිත්‍යාව ඉදිරියේ සියළු  දැණුම , විදෙස් ට්‍රේනිං, උපාධි බළු වන අයුරු මේ චායාරූපය සනිටුහන් කරයි. 

Friday, April 1, 2022

අරාබි වසන්ත

 


 

වසන්තයේ අග  
සියළු ආරක්‍ෂාව මැද  
අරාබි වසන්ත  
බසයට ගිනි තියයි 

Find Us On Facebook