Monday, April 18, 2022

උගණ්ඩාව යනු බොරු සංකල්පයකි




උගණ්ඩාව කියා රටක් නොමැත. උගණ්ඩා සංකල්ප වියුක්‌ත නිසා එනම් ඒවා ඉඳ්‍රිය ගෝචර නො වන නිසා උගණ්ඩාව  බොරු ය. සෑම නාමරූපයක්‌ ම මුසාවකි. උගණ්ඩාව ඇතුළු බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු බව අප දනිමු.  බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. නාථ දෙවියෝ උගණ්ඩාවක් පිලිබඳව කීවේ නැත​. නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ ප්‍රියන්තා සේනානායක මහත්මිය ද මේ බව සනාථ කලාය​. ඉතා වාස්තවික භාෂාවක් ලෙස සැලකෙන බටහිර ගණිතයෙහි දී වුව ද සන්නිවෙිිදකයා හා සන්නිවේදනය ලබාගන්නා (සන්නිවේදනලාභියා) අතර සන්නිවේදිතය සම්බන්ධයෙන් වෙනස්කම් ඇත. මෙහි දී කෙනකුට සන්නිවේදිතය යන යෙදුම ම ප්‍රශ්න කළ හැකි ය. සන්නිවේදිතය යන්නෙන් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ යමක් ඇතැයි ගම්‍ය වෙයි. එහෙත් ඒ වැරදි ය. සන්නිවේදකයාගේ සන්නිවේදිතය සන්නිවේදනලාභියාගේ සන්නිවේදිතයෙන් වෙනස් වෙයි. එසේ නොවන්නට සන්නිවේදනයේ දී ගැටළු පැන නොනගිනු ඇත. එම නිසා උගණ්ඩාව යනු සන්නිවේදනයේ දී මතුවූ ගැටළුවකි. උගණ්ඩාව යනු බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ගෝලබාලයන් විසින් යොදාගන්නා ලද පට්ටපල් බොරු සංකල්පයක් පමණකි.

1 comment:

  1. වඳ බ්‍රෙසියර්, වඳ කොත්තු, වඳ සාෆි, රත්තරන් අස්සයෝ
    වගේ තමයි උගන්ඩාවත්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook