Tuesday, April 12, 2022

බුද්ධාගම පාවා දීම (Buddhism Betrayed?)

 


ගෙවල් වල තිබෙන දරිද්‍රතාව , තාත්තලා කසිප්පු ගැහීම සහ  ගෙවල් වල ළමයින් දෙස නොබැලීම, අම්මා මැදපෙරදිග යාම  වැනි සමාජ විපරීත නිසා බත් පිඟාන ලැබෙන නිසා මේ පීඩිත ළමයින් පන්සල් වල ඩම්ප් කරනවා. මේ ළමයින් ගෙන් බොහෝ දෙනෙකු වැඩිහිටි භික්‍ෂූන් ගෙන් සෙක්ස්‍ෂුවලි abuse වෙනවා. කායික හිරිහැර වලත පාත්‍ර වෙනවා. ළමා කාලයේදීම psychological trauma වලට ලක් වන මේ ළමයි ගේ සිත් වලට අන්තවාදී අදහස් දාන එක ලේසියි. තම්බියා , දෙමලා එහෙමත් නැත්නම් ක්‍රිස්තියානිකාරයා තමයි අපේ හතුරා කියලා seed එකක් ප්ලාන්ට් කරන්න හරිම ලේසියි. අනාගතයේ ඥාණසාරලා , ඉත්තෑකන්දේලා බිහි වෙන්නේ මෙහෙමයි. දේශපාලකයන්ට මේ ළමයි යූස් කරන්න හරි ලේසියි.  

ප්‍රභාකරන් ගේ ළමා සොල්දාදුවෝ වගේ මේ ළමයි උපකරණ ලෙස දේශපාලකයන්ට යොදා ගැනීම හරි පහසුයි. මේ ව්‍යසනය ගැන මම ළමා ආරක්‍ෂක අධිකාරියේ මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා ගෙන් ඇහුවා. ඒ වෙලාවේ එතුමත් අසරණ උනා මේක බුද්ධාගම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිසා. තමන් ගේ දරුවන් ප්‍රවේසම් කර ගන්න , තමන් ගේ ළමයින් ලොකු ලොකු ඉස්කෝල වලට යවන , ඔවුන්ව පිටරට අධ්‍යාපනයට යැවීමට සැලසුම් සාදන ධනවත් බලවත් බෞද්ධයෙනි ; බුද්ධාගමේ නාමයෙන් අපයෝජනය වන මේ ළමුන් ගැන හඞක් නගන්න.

( දැන් මගේ ආගම මොකක්ද කියා හොයන්න මහන්සි වෙන්න එපා. මම කොලඹ වජිරාරාමයේ නාරද හිමියන් යටතේ බුදු දහම ඉගන ගත්ත Buddhisam and Psychology සහ Psychological Aspects of the Buddhist Jathaka Stories යන පොත් ලියූ උප්පත්තියෙන්ම බෞද්ධයෙක්) 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook