Sunday, April 24, 2022

මහින්ද දේශප්‍රිය ගේ අංශක 180 ටර්න් එක



මහින්ද දේශප්රිය ගෝටාභය ගේ ද්විත්ව පුරවැසිභාවය යට ගහලා ජනාධිපතිවරනයට තරඟ කරන්න ඉඩ සලසා දුන්නා කියලා මහාචාර්ය හූල් චෝදනාවක් කලා ඒ වගේම ලංකා ඊ නිවුස් මෙසේ ලිව්වා : මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය ගේ ලිස්සා යන කොන්ද පණ නැති ප්රතිපත්තියේ නොසිට මහාචාර්ය හූල් අධිකරණයට යෑම විශේෂිතය. ලංකා ඊ නිව්ස් අවසන් වරට ඉතාම අසාධාරණ ලෙස ලංකාවේ තහනම් කරන ලද්දේ මහින්ද දේශප්රිය විසින් වන අතර ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූ ජනාධිපතිවරණයේ දී ය. ඊට පෙර වසර 3 ක් තිස්සේ හිටපු ජනාධිපති සිරිසේන විසින් තහනම් කර තිබූ ලංකා ඊ නිව්ස් සිරිසේන ධූරයෙන් ඉවත්ව යාමට ඔන්න මෙන්න කියා තහනම ඉවත් කෙළේය. ඉන්පසු ලංකා ඊ නිව්ස් පුවත් නිසා ගෝඨාභයගේ මැතිවරණ ව්යාපාරයට හානි සිදුවනවා කියා ගෝඨාභයගේ නීතිඥයන් පිරිසක් මැතිවරණයට දින දෙකකට පෙර මහින්ද දේශප්රිය හමුවී කළ ඉල්ලීමක් අනුව දේශප්රිය විසින් තමන්ට නැති බලතල යොදා ගනිමින් ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කරන ලෙස විදුලි සංදේශන කොමිසමට නියෝග කෙළේය. (LEN)


මහින්ද දේශප්රිය ගෝටාභය ගේ ද්විත්ව පුරවැසිභාවය යට ගහලා ජනාධිපතිවරනයට තරඟ කරන්න ඉඩ සලසා දුන්නා කියලා මහාචාර්ය හූල් ගේ චෝදනාව පිලිබඳව මම මීට දින කීපයකට පෙර මහින් ද දේශප්රිය ගෙන් විමසා සිටියා. නමුත් මේ දක්වා ඔහු මට පිලිතුරක් එව්වේ නෑ.. අද මහින්ද දේශප්රිය තම ෆේස් බුක් එකේ ගෝල් ෆේස් එකට ආපු ගෝටා විරෝධී ජනතාව අගයලා මෙහෙම සටහනක් යොදලා තියනවා ; "Little drops of water make the mighty ocean" . ගෝටා නගින කොට මහින්ද දේශප්රිය ඔහුව කරේ තියාගෙන යාමත් ගෝටා වැටී යන විට මහින්ද දේශප්රිය අංශක 180 ටර්න් එකක් ගැසීමත් අප විමසුමට ලක් කල යුතුයි.


( මේ කතාවට හෝ පින්තූරයට අදාල නැති සටහනකි. එක්තරා රටක මැතිවරණ කොමසාරිස්වරයෙක් සිටියේය​. ඔහු සෑම මැතිවරණයකදීම මැතිවරණ ප්‍රතිඑල වාර්තා කලේ බැසිල් නම් පුද්ගලයෙකු ඔහුට එවන ලද විස්කි කේස් එකකින් විස්කි පානය කරමිනි. මේ කේස් එක බැසිල් නම් පුද්ගලයා එවන ලද්දේ අනුර නම් ගෝලයෙකු අතේය. බැසිල් නම් පුද්ගලයා ගේ විස්කි බොමින් මැතිවරණ ප්‍රතිඑල වාර්තා කල මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ සදාචාරය ප්‍රශ්න කිරීමේ කාලය එලැඹිමින් තිබේ)

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook