Wednesday, April 29, 2026

Michael Jackson- The "Man in the Mirror" Paradox



Michael Jackson rose to global superstardom, yet the shadow of his abusive father loomed large over his achievements, transforming him into a necessary evil in the pursuit of success. This paternal influence was marked by manipulation and aggression, which severely impacted Michael Jackson's childhood, leaving emotional scars that would manifest in his later behaviour. His longing to create a Neverland and embody the spirit of Peter Pan serves as a poignant reflection of his desire to reclaim the innocence of his youth and escape the burdens of adulthood. 

Michael grappled with body dysmorphic disorder, a condition exacerbated by his father's relentless criticism of his appearance, leading him to undergo numerous plastic surgeries in an attempt to reshape his identity. Disturbingly, Michael Jackson later disclosed that his father had chemically castrated him to preserve his high-pitched singing voice, a traumatic experience that profoundly affected his sense of self and sexuality. 

In light of the allegations of child molestation against him, it is evident that Jackson was deeply conflicted about his own sexuality, which may have contributed to his inappropriate interactions with children, often blurring the lines between affection and exploitation. He engaged in sexual abuse of the children in a manner that was so subtle and gentle that the victims themselves were unable to recognize it as a sexual act, mistaking it instead for a display of affection.

As he aged, Michael Jackson faced a myriad of health issues, including fibromyalgia, anorexia, and severe anxiety, which culminated in insomnia. His physician, Conrad Murray, prescribed propofol, a potent anesthetic, which ultimately led to his untimely death. Despite his extraordinary talent and contributions to music, Jackson's life can be likened to that of a shooting star—brilliant yet tragically fleeting.


Dr Ruwan M Jayatunge 

ශ්‍රී ලංකා දේශපාලනයේ කුල සාධකය




ශ්‍රී ලංකා දේශපාලනයේ කුල සාධකය අධ්‍යනය කිරිම ඉතා වැදගත්. මෙය මනෝ විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවද අධ්‍යනය කල යුතු දෙයක්.

දේශපාලන තීරණ මෙන්ම බොහෝ දේශපාලකයන් ගේ චර්‍යාවට කුල සාධකය බල පෑවා. නිදහසටත් පෙර 1915 මුස්ලිම් සිංහල කෝලාහලයේදී  හෙන්රි පේද්‍රිස් අත් අඩංගුව ට  පත් වී වෙඩි කන්නේ පේද්‍රිස් පවුල සමග අමනාපයෙන් සිටි බණ්ඩාරනායක මුදළි (SWRD බණ්ඩාරනායකගේ පියා) කේස් එක තද කිරීමත් එක්ක​. බණ්ඩාරනායක පහත රට ගොවිගම​. පේද්‍රිස්ලා වහුම්පුර . මේක එක්තරා ආකාරයක ගොවිගම​-වහුම්පුර ගැටුමක්. 

ග්‍රී ලංකාව නිදහස ලබන විට කුල ගැටුම් උග්‍රයි. ඩී.එස් ලා කොතලාවලලා කුල පීඩිත ගම් වල ජනයා දිනා ගත් වාමාංශික පක්‍ෂ වලට එරෙහිව ප්‍රචන්ඩත්වයක් දියත් කලා. කුල  පීඩිතයන් නියෝජනය කල කීර්තිරත්න දේශපාලන ප්‍රචණ්ඩත්වය නිසා අහස් යානාවක් කුලියට ගෙන පත්‍රිකා බෙදනවා. වරක් සර් ජෝන් කොතලාවල දේශපාලකයන්ට ඩිනර් එකක් දෙනවා. ඒ ඩිනර් එකේ කුල පීඩිත දේශපාලකයෙකුත් ඉන්නවා. මේ නිසා ඩිනර් එක ඉවර වෙලා උඩරට ගොවිගම නිලමේලා තමන්ට අවමාන කලා කියලා  උගුරට ඇඟිල්ල දාලා වමනේ කරනවා. 

1956 එස්. ඩබ් ආර්.ඩී. බණ්ඩාරනායක කුල පීඩිතයන් නියෝජනය කල දේශපාලකයන්ට යම් බලයක් දුන්නා. එක් දේශපාලකයෙක් සමුපකාර භාර අමාත්‍යාංශයේ මීට්න් එකට ගිය විට කුලවත් පරිපාලන නිලධාරීන් හිටියේ හිටගෙන​. හේතුව මොහු එන විට නැගිටින්න අකමැති නිසා.  බණ්ඩාරනායක  ගෙන් පසු නායකත්වයට සුදුසුකම් තිබ්බේ සීපී ද සිල්වාට නමුත් කුල සාධකය නිසා ඔහුව කපා දැමෙනවා. පසු කාලයක එස්. ඩබ් ආර්.ඩී. බණ්ඩාරනායක ගේ පුතා අනුර වරක් ආර්.පී විජේසිරිට බණිනවා ගෙරි පද්දා කියලා. මේ නිසා ආර්.පී විජේසිරි එක්සත් ජාතික පක්‍ෂයට එකතු වෙනවා. 

ආර් ප්‍රේමදාස දේශපාලනයට ආපු මුල් කාලයේ ඩඩ්ලි ඔහුට ඔවදනක් දෙනවා නම වෙනස්කර ගන්න කියලා. ඔහුගේ ඔරිජිනල් නාමය රණහින්න ; ඔහු එය රණසිංහ කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජනාධිපති වුනත් ඔහු තුල තිබූ කුල පීඩනය ඔහුගේ දේශපාලන තීරණ වලට බලපෑවා. 

1971 කැරැල්ල කුල පීඩිතයන් ගේ කැරැල්ලක් බව වික්ටර් අයිවන් කියනවා. විජේවීරට   කලේ කුල පීඩිතයන්ට ආමන්ත්‍රණය කරන එක. විජේවීර ප්‍රභාකරන් වගේ කුල සාධකය එක්ප්ලොයිට් කලා.  කෑගළු පොලිසිය 71 කැරැල්ල හැඳින්වූයේ පදු කැරැල්ලක් කියලා. 71 / 88 ආයුධ ගත්ත තරුණයෝ බොහෝ දෙනෙක් කුල පීඩනය නිසා ජවිපෙට බැඳුනු අය. විජේවීර සැඟවී සිටි කාලයේ ගත්ත නම් ( දොස්තර තිස්ස, අලවත්තාගොඩ මහත්තයා, අත්තනායක ) බොහොමයක් ගොවිගම නම් වීම වෙනම අධ්‍යනය කල යුතු කරුණක්. 

71 කැරැල්ලේ නායකයන්ටත් කුල පීඩනය බලපෑවා. බොහෝ දෙනෙක් විජේවීරගේ මූව්මන්ට් එකට ආවේ කාස්ට් ඔප්‍රෙෂන් එක නිසා. මහ රදාගේ ජේම්ස් - සෙනෙවිරත්න කියලා 71 දී නමක් ගන්නවා. පසුව එය උයන්ගොඩ බවට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ආපු විජේවීර ලයනල් බෝපගේ වෙනුවෙන් කල මැතිවරණ රැලියේ විජේවීර කියන්නේ " අපි හොඳ බාසුන්නැහැ කෙනෙක් ගේ පුතෙක් මේ සැරේ මේ ආසනේට ඉදිරිපත් කරනව කියලා. නයනානන් ද විජේකුලතිලක අත් අඩංගුවට පත් උනාම ඉයන් වික්‍රමනායක මුලින්ම අහන්නේ උඹේ කුලය මොකක්ද කියලා. නයනානන් ද විජේකුලතිලක උත්තර දෙනවා මගේ කුලය කොමියුනිස්ට් කුලය කියලා.ඒකට ඉයන් වික්‍රමනායකට මළ පනිනවා.

මේ කතාව කියන්නේ වික්ටර් අයිවන්; එක කැරලිකාරයෙක් කඩුගන්නාව පොලිසියේ ඕඅයිසී ට වෙඩි තියලා මරලා එයාගෙ යුනිෆෝම් එක ඇඳගන එයාගේ නිල පුටුවේ වාඩි උනා. ඒ මිනිහට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණේ නෑ. හමුදාව ආවා. මේ විදියට ඔහු හැසිරුනේ ඇයි? මේ පුද්ගලයාට අධ්‍යාපන සුදුසුකම් සියල්ල තිඛෙද්දී පොලිසියට බැඳෙන්න  බැරි උනා. කුලය පිලිබඳ ප්‍රශ්නයක් නිසා. අවසානයේදී කැරැල්ල හරහා තම කුල ප්‍රශ්නය මොහොතකට හරි ඔහු විසදාගත්තා. 

1988/89 කාලයේ කැරැල්ලේ සක්‍රියව හිටි අයගෙන් සැලකිය යුතු කොටසක් කුල පීඩිතයෝ. මේ සම්බන්ධයෙන් හොඳ කතාවක් තියනවා හර්මන් මාලිංග ගුණරත්න්න අණාවරනය කරපු. 1988/89 භීෂණ කාලයේ වෙස මුහුණු දාගෙන කැරලිකාරයෝ තිදෙනෙක් වතු හිමියෙකුගේ නිවසට පනිනවා. වතු හිමියා බය වෙලා දෑත් ඔසවනවා. එක් කැරලිකාරයෙක් ගේ වෙස් මූනේ ඉලාස්ටික් පටිය කැඩිලා මුහුණ නිරාවරණය වෙනවා. මේ පුද්ගලයා තමන් ගේ වත්තක කුරුඳු තලන එකෙක් බව වතු හිමියා හඳුනා ගන්නවා. වතු හිමියා තමන් ව හඳුනා ගත් නිසා අර චේගුවේරා ආවේශ වෙලා සිටි කැරලිකරුවා අභිබවා කුල පීඩිතයා ඉස්මතු වෙනවා. මේ තරුණයා වෙස් මුහුණත් අතින් අරගෙන දුවනවා. 

බොහෝ කුල පීඩිතයන්ට දේශපාලන හෝ අධිකාරී බලයක් ලැබුනු විට ඔවුන් වෙනස් වෙනවා. ඔවුන් තමන් ගේ සමාජ ඇරියස් කවර් කර ගන්න යනවා. ඒ නිසා සමාජයට ප්‍රශස්ථ සේවයක් කරන්න ඔවුන්ට අවස්ථාව අහිමි වෙනවා. මේක ඛේදවාචකයක්. 





 

Sunday, April 26, 2026

හමුදා බුද්ධි අංශයේ සෙබලා ගේ ජීවිතය බේරා දීම




මම මේ කතාව කියන්නේ දශක කීපයකට පස්සේ. මේ සිදුවීම වෙන්නේ කොටි සංවිධානය කර්නල් මුතාලිෆ්ව මරලා හමුදාවේ බුද්ධි අංශයේ පිරිස් එකිනෙකා මරා දමන කාලයේ. මිලෙනියම් සිටි පාවා දීමෙන් පසු යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව සිටි 34 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් කොටි පිස්ටල් ගැං එක මරා දමනවා. හමුදා බුද්ධි අංශයේ (2MIC)  හිටියා මා ප්‍රතිකාර කරපු සාමාජිකයෙක්. ඔහු තුල යුද කම්පනයේ ලක්‍ෂණ තිබ්බා. ප්‍රතිකාර වලින් පසු යම් ප්‍රගතියක් තිබූ නිසා ඔහු දිගටම රාජකාරී කරමින් හිටියේ.  වරක් ඔහු මාව සොයාගෙන ආවා . මේ කාලේ තමයි කොටි දිගින් දිග​ට බුද්ධි අංශ සාමාජිකයන් දඩයම් කරන වකවානුව. ඔහු කිව්වා සර් මට ලබන සඳුදා මල්ලාකම් උසාවියේ පෙනී හිටින්න තියනවා. කොටි පිස්ටල් ගැං එක මම එනකං එතන ඉන්නවා මට ඩොට් එක තියන්න " කියලා. ඔහුට මරණ භයක් තිබුනේ නෑ. නමුත් තිබුනේ කලකිරීමක්. ඔහුගේ නිලධාරියා උනේ එකේ එවකට ෆුල් ලුතිනන් කෙනෙක්. Lt Perera  බව මතකයි මේ වන විට කර්නල් හෝ බ්‍රිගේඩියර් කෙනෙක් විය යුතුයි. ඔහුත් මට මෙතන තිබෙන ජීවිත තර්ජනය ගැන කිව්වා. 

මේ අවස්ථාවේ කරන්න තියන එකම දේ ඔහුට දිවි නසා ගැනීමේ යොමුවක් තියනවා කියලා රෝහල් ගත කරන එක. මේ අවස්ථාවේ කොලඹ යුද හමුදා රෝහලේ හිටපු අණ දෙන නිලධාරියා කෙලින් තීරණ ගන්න බැරි දුර්වල චරිතයක්. මේ නිසා මම ඔහුට මොකුත් කියන්න ගියේ නෑ. ඔහුට කිව්වා නම් දෙන උත්තරේ මට ෂුවර්. " අපිට කරන්න දෙයක් නෑ , ඕවා වලට අත ගහන්න එපා " කියන එක.  මට මගේ ගුරුවරයෙකු වූ විශේසඥ මනෝ වෛද්‍ය එමෙන්ම යුද හමුදාවේ බාහිර මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පිලිබඳව තිබ්බේ විශ්වාසයක්. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට කෝල් එකක් ගත්තා. මෙතන තිබෙන ජීවිත තර්ජනය ගැන කියලා අදාල සෙබලා රෝහල් ගත කරන්න අවසර ඉල්ලුවා. හැරෙන තැපෑලෙන් වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මගේ අදහස පිලි ගත්තා . මේ අනුව අපි නොදන්නා ගානට එම සෙබලා කොලඹ යුද හමුදා රෝහලේ මනෝ වෛද්‍ය අංශයට ඇතුලත් කරලා මාස දෙකක් විතර තියා ගත්තා පිස්තෝල කල්ලියේ තර්ජන අවම වෙන තෙක්. ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාවේ ලිව්වේ දිවි නසා ගැනීමේ යොමුවක් තියන නිසා රෝහල් ගත කර තිබෙන බව.ඒක සත්‍යක් නොවෙයි. අපේ මේ ක්‍රියාව නිසා එම සෙබලා බේරුනා. නමුත් බුද්ධි අංශයේ 34  විතර මැරුම් කෑවා. වර්තමානයේ මේ සෙබලා විශ්‍රාම ගිහින් නුවර එළිය ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔහුගේ ජීවිතය බේරා දීම ගැන මට සතුටක් තියනවා. නමුත් අපි කලේ නීති විරෝධී ක්‍රියාවක් ද ?

Saturday, April 25, 2026

සරණාගතයන් ගේ ප්‍රශ්නය



මම මුලින්ම ලන්ඩන් වලට ගියේ 1987 දී එතකොට ලන්ඩන් කියන්නේ ක්ලීන් ලස්සන සිටි එකක්, නියම වයිබ්ස් , London Beat , වයිට් ස්නේක් , Def Leppard , Bon Jovi මියුසික් එක්ක. ඉන් පසු වසර 37 පසු මම ලන්ඩන් වලට ගියා. විශාල වෙනසක් තුන් වන ලෝකයෙන් ආපු නොදියුණු සංක්‍රමනිකයෝ අර ක්ලීන් ලස්සන වයිබ්ස් තිබ්බ නගරය වනසලා. කුනු හැමතැනම , ටියුබ් ස්ටෙෂන්ස් ජරා කරලා . මිනිසුන් පාර පුරා යනවා. විනයක් නෑ. සරණාගත ලෙස ඇවිත් සමහරු සුද්දගෙන් බ්‍රිතාන්‍යට ශරියා නීතිය දෙන්න කියලා බල කරනවා . හෝටල් වල පෝර්ක් විකුනන්න එපා කියලා බල කරනවා. පිටස්තරයෙකු ලෙස මට දැනුනු වෙනස බ්‍රිතාන්‍ය සුද්දන්ට කොහොම දැනෙනවා ඇත්ත. උන් ඉල්ලගෙන කෑවා සංක්‍රමනිකයන් ගෙන්. ඉදිරි කාලයේ සුද්දන් අතරින් අන්ත දක්‍ෂිනාංශික රැල්ලක් ආවොත් පුදුම වෙන්න එපා................ ලස්සන පැරිස් නගරය තුන්වන ලෝකයේ සරණාගතයන් අපවිත්‍ර කොට ඇති දැකීම දුකක්. පැරීසියේ සමහර වීදි වල පේමන්ට් එකේ මෙට්ට දාගෙන සමහර එවුන් දවල් කාලයේත් නිදි. මිනිසුන් යන්නේ අයින් වෙලා. කසල හැමතැනම දාලා. සරණාගතයෝ ගෙන්න ගෙන ලොකු පරිප්පුවක් කන්නේ. Eiffel Tower එක ලඟට යන්න බෑ මේ එවුන් කණ්ඩායම් පිටින් වට වෙලා පර්ස් කැමරා උස්සන් දුවනවා............. කැනඩා වල සමහර පාක් වල බීච් වල ඉන්දියන්කාරයෝ කක්කා කරනවා. මේවා ෆිල්ම් කරලා යූ ටියුබ් පවා දාලා තියනවා. ............ ලන්ඩන් වල වෙස්ට් එන්ඬ් එක ඉස්සර ලස්සනයි නමුත් වෙස්ට් එන්ඬ් එක මේ වෙන කොට කාලා. බ්‍රැම්ටන් වල පාරවල් වර තුන පහ සුවඳ , ස්කාබරෝ කියන්නේ ඉස්සර ලස්සන ප්‍රදේශයක් එතන වලි දාගෙන කාර් උස්සලා අපේ එවුන් ස්කාබරෝ විනාස කලා. ස්ටැටන් අයිලන්ඬ් එකත් අපේ එවුන් හීමීට කන්න පටන් ගෙන. ඉස්සර එල්.ඒ වල ඔරේන්ජ් කවුන්ටි කියන්නේ පියකරු ස්ථානයක්. දැන් හැම තැනම ගේටඩ් කමියුනිටීස්; සරණාගත එවුන් ගෙන් බේරෙන්න. .............. ඇන් ජෙලා මර්කේල් සිරියානු සරණාගතයන් ජර්මනියට ගෙන්න ගත්තා. සමහර සරණාගතයෝ පබ්ලික් ස්විමිං පූල් වලට ගිහින් ළමයින්ව , කෙල්ලන්ව අයුතු විදියට ස්පර්‍ෂ කරනවා. මුස්ලිම් සරණාගතයන් ගෙන් බේරෙන්නෙ බර්ලින් වල ගෑණු බල්ලෝ අරගෙන ඇවිදින්න යන්නේ. .............Toronto school board එකේ එක ගුරුවරියක් මට කිව්වා ඇයගේ පන්තියේ සිරියන්  සරණාගත කෙල්ලෙක් (age 7 ) ඉන්නවා එයාගේ අම්මා ඇවිත් කම්ප්ලේන් කලා මගේ දුව ලඟ වාඩි වෙලා ඉන්නේ පිරිමි ලමයෙක් කියලා. එසේම දුවව සිංදු කියන්න දාන්න එපා කියලත් තියනවා. ඔවුන් assimilate වෙන්නේ නෑ. මේක යුරෝපයට උතුරු ඇමරිකාවට බරපතල ප්‍රශ්නයක් වෙමින් තියනවා. 

Friday, April 24, 2026

Winston Churchill - A Great Statesman or a War Criminal



Winston Churchill was a remarkable statesman whose efforts played a crucial role in countering Hitler's destructive quest for world domination. Unlike his predecessor, Neville Chamberlain, Churchill recognized the dangers posed by Hitler's rise to power and his aggressive intentions. 

However, Churchill's legacy is not without controversy, particularly regarding the Bengal famine, which resulted in the deaths of millions. Despite being aware of the devastation, he failed to take effective action to mitigate the crisis, a decision that some attribute to his mindset of racial superiority.  

Critics argue that certain decisions made under his leadership, such as the bombing of civilian targets and the handling of colonial issues, raise ethical questions about his actions. Some historians label him a war criminal for these choices, suggesting that his aggressive military strategies and policies towards colonial subjects reflect a disregard for human rights. 

Some clinicians suggest that Winston Churchill struggled with chronic depression, which, coupled with his negative mindset, allowed him to perceive reality without falling into the trap of false optimism. Mental health expert Nassir Ghaemi refers to this phenomenon as "Depressive Realism."

සිසිරකුමාර මානික්ක ආරච්චි නම් උපහාසාත්මක ලේඛකයා




සිසිරකුමාර මානික්ක ආරච්චි හේමපාල මුණිදාසගේ ගෝලයෙක්.( ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් පුවත් පත් මගින් උද්ඝෝෂණය කල බවත් කියවෙනවා)  සිසිරකුමාර මානික්ක ආරච්චි  දක්‍ෂ උපහාසාත්මක ලේඛකයෙක්. ඔහු සිංහල ඉංග්‍රීසි ද්වී භාෂා වලින් පෘථුලව කියවූ අයෙක්. එසේම ජර්මනිය වැනි රට වලත් සංචාරය කොට තිබුනා. 

ඔහු මුල් කාලයේ හිටියේ එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායකලාගේ පිලේ. පසුව බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබූ  H.P ජයවර්ධන   විසින් හේමපාල මුණිදාසට බැණ වැදී අපහාස කල අවස්ථාවේදී එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක කිසිවක් නොකොට ඒ ගැටුම දෙස බලා සිටියා. එසේම එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක ගත්තේ H.P ජයවර්ධනගේ පැත්ත​. මේ නිසා සිසිරකුමාර මානික්ක ආරච්චි හේමපාල මුණිදාස ශ්‍රී.ලනි.පයෙන් ඉවත් වෙනවා. සිසිරකුමාර මානික්ක ආරච්චි කෙලින්ම එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදය වෙනුවෙන් ලියනවා. 

ඔහු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක ගේ දුර්වළතා සහ පුද්ගලික ජීවිතය දැනගෙන හිටියා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති / ප්‍රගතශීලී / වැනි එකල නිතර අව භාවිතා කල වචන ඔහු ගේ උපහාසයට ලක් වුනා. ඔහු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට කිව්වේ  බණ්ඩාරනායක හෝම්පොළ කියලා. එසේම ලංකාවේ මිනිසුන් ගේ අවිනය, කම්මැලිකම , පසුගාමී චින්තනය , මිත්‍යාව පසුපස  යාම විවේචනය කරලා පොත් ලිව්වා. සාගරයක් මැද අමන රටක් ඇත​, ශ්‍රී ලංකා ඉල්ලංකා ‘මනෝරාජ්ජේ’  මේ කොයි යන්නේ,  මනෝසීල, යනු කී හෙයින්,  මෙහෙව් රටේ වගේ පොත් ලිව්වා. එසේම සාහිත්‍ය කොල්ලය පොත මගින් පේරාදෙනිය ගුරු කුලයේ අක්‍රමිකතා , ජනතා ලේඛක සංගමයේ සමහරුන් ගේ මගෝඩි එළි කලා. සායිබබාගේ කූට ප්‍රයෝගයන් ඔහු 1977 වගේ කාලයකටත් පෙර   එලි කරනවා. ( පසු කාලයක බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් කණ්ඩායමක් මේ ප්‍රයෝග ගැන වාර්තා චිත්‍රපටයක් කලා) 

ඔහු ගේ ලිවීම් ඉතා රසවත්. ඔහු අලුත් වචන බිහි කලා. ලංකාවේ පසුගාමි ජනයා හැඳින්වීමට ඔහු භාවිතා කලේ   "දෙගාත් ඌරන්"  කියා කියන වචනය. එසේම ස්ත්‍රී ලිංග ආලපන විභක්තියෙන් ආමන්ත්‍රණය කිරීම වගේ අමුතු වාක්‍යත්  ඔහු ලිව්වා.  සිසිර කුමාර මානිකාඅරච්චි ලියපු කවියක් තිබුනා මෙහෙම

සනි මමා
දනි පණි ගගා
පගා පගා

ඇතැම් විට ඔහුගේ ලිවීම් වලදී සංයමය ඉවත් වී යම් පක්‍ෂක්ග්‍රාහී භාවයකුත් තිබ්බා. භව තරණය නව කතාව ලියූ මාර්ටින් වික්‍රමසිංහට ඔහු පහර දුන්නේ මහළු කේවට්ටයා. සෝවියට් දාස යන වචන භාවිතා කරමින්. එසේම මාර්ටින් වික්‍රමසිංහ භව තරණය නව කතාව ලිව්වේ ලෙනින් සාම ත්‍යාගය අපේක්‍ෂාවෙන් බවත් යන පදනම් විරහිත චෝදනාත් කලා.   ඔහු ලියූ රට බේරගන්න ජේ.ආර් පොතේ සිරිමාවෝ මැතිනියව   දරුණු ලෙස විවේචනය කරමින් ජේ ආර් ව ඔසවා තබන අයුරු පේනවා. 1977 ජේ ආර් බලයට පත් වීමෙන් පසුව  සිසිර කුමාර මානික්කආරච්චි ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කලා. එසේම 1978 වසරේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් ජනාධිපති සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. ඔහු මිය ගියේ 1979 වසරේදී. 



සාම පා ගමන




සාම පාගමනේ යම් හොඳ පැත්තක් තියනවා. ලෝකයේ මීඩියා අවධානය ලංකාවට ලැබෙනවා ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට යම් ධනාත්මක බලපෑමක් වෙනවා. ලෝක සාමය පා ගම් වලින් ඇති කරන්න බැරි බව ඇත්ත​. නමුත් සාමයක් කියලා දෙයක් තියන බව මිනිසුන්ට මොහොතකට මතක් වෙනවා. සන්සුන් ගමනින් යන වියට්නාම් භික්‍ෂුව සහ ආලෝකා බල්ලව දැක්කම මිනිස්සු ඔවුන් ගේ චර්‍යාව සහ ලංකාවේ ජූස් බාර් කස්සප ,ඤාණසාර , අම්පිටියේ ක්‍රෝධ , මිහින්තලේ වනචාරී ආදී සිවුරුකාරයන් ගේ චර්‍යාව සමග සසඳලා යම් අවබෝධයක් ලබනවා. ඒකත් ධනාත්මක දෙයක්. 

නමුත් සාම පා ගමනේ අත්ථකිලමතානුයෝගය දකින්න තිබුනා. පා ගමනින් යන භික්‍ෂූන් බෙයා ෆූට් යන එක සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරනවා වින්ටර් එකේ බෙයා ෆූට් යන එක ෆ්‍රොස් බයිට් ඇති වෙනවා ලංකාව වගේ රට වල තාපය සහ රත් වූ තාර පාරවල් පාද වලට හාණි සිදු කරනවා මේ භික්‍ෂූන් බෙයා ෆූට් යන්නේ අල්පේචතාව කියන එක උත්කර්ශයට පත් කරන්න බෙයා ෆූට් යන එක මාර ආධ්‍යාත්මික දෙයක් නම් ඉන්දියාවේ හෙළුවෙන් ශරීරයේ අළු ගාගෙන ඉන්න දිගම්බරයෝ මාර ආධ්‍යාත්මික පොරවල් බෙයා ෆූට් යන එක එක්තරා ආකාරයක නිඝන්ඨ - ජයින අත්ථකිලමතානුයෝග සීන් එකක් ශරීරයට දුක් දීම මගින් ආධ්‍යාත්මිකව ඉහල තළයකට නොයන බව බුදුන් පෙන්වා දුන්නා බෙයා ෆූට් යන එක ස්වපීඩා කාමයේ අවිඥාණික ප්‍රකාශනයක් ද ? යන ප්‍රශ්නය මතු වෙනවා. එසේම මේක ප්‍රදර්ශනාත්මක දෙයක් ද ?   

පාවහන් භාවිතාවෙන් බේරගන්න පුලුවන් කේස් එකක් කෙසෙල් ගස් දහස් ගනනක් කපලා  පාරවල් වලට කුණු එකතු කරලා ලොකු පරිසර විනශයක් අපේ ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩු අයියලා විසින් සිදු කලා.  (මෝඩ රජෙක් හිටියා දඹදිව ඌට වැලි පෑගෙනවා කියලා මුලු රටටම සම් එලන්න කිව්වා. එතකොට පුරෝහිත මේ මෝඩ රජාට හම් වලින් පාවන් දෙකක් මහලා දුන්නා).   

සන්සුන්ව ගිය සාම පා ගමන ලංකාවේ බිග් මැච් පැරේඩ් එකක් උනා. සාමයෙන් ගිය පා ගමනට ලංකාවේ අඩු යුද්ධ ටැංකියක්  සහ මල්ටි බැරල් එකක් විතරයි. ඒවා ඉතින් දේශයේ හැටි කියලා හිතාගන්න​.  

වියට්නාම් භික්‍ෂුවගේ සිවුර ඉවත දමන රෙදි වලින් මූට්ටු කල එකක් බව කියවෙනවා. පරණ රෙදි සුසාන භූමි වලින් හොයා ගන්න ඒවා කපල මහන්න ලොකු ප්‍රඩක්‍ෂන් කොස්ට් එකක් යනවා. බටහිර රට වල නම් ඒවට ලීගල් කේසුත් එනවා. ඊට ලේසියි වෝල්මාට් එකෙන් වර්ණ දෙකක රෙදි ගන්නවා ඒවා හතරැස් කෑලි වලට කපනවා. තියලා මූට්ටු කරනවා. මෝඩ බැතිමතා තෙත් කරන්න ඔය සත්‍ය කියල බෑ. ඒ නිසා මේවා ඇඩ්වටයිසිං බව ඔලුවක් තියන එකාට තේරෙනවා. කෙසේ නමුත් සාම පාගමනේ හොඳ නරක සහ විපරීත තියනවා. හරියට අපේ ජීවිත වගේ. 




Thursday, April 23, 2026

යහපත් මුසල්මානුවාගේ වගකීම



ඉස්ලාම් ආගම අදහන්නන් ගේ තිබෙන බරපතලම දුර්වලත්වය තමයි අන්තවාදීන් හෙලා නොදැකීම. ඉතා යහ ගුණවත් ලෙස ආගම අදහමින් ජීවත් වන මුසල්මානුවන් මම දන්නවා.  සිංහල බෞද්ධයන් අතර මම කිසිම බෝධිසත්ව ගති තියන පුද්ගලයෙකු දැක්කේ නෑ. බෝධිසත්ව ගුණ තිබෙන මිනිසෙකු ලෙස මම දැක්කේ එක් කාලයක් මගේ අසල්වැසියා වූ මුස්ලිම් භක්තික ශබ්‍රි ගුලාම් හුසේන්. 

ඉස්ලාම් ආගම අදහන්නන් වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් ඉතා යහපත් බිස්නස් වලදී වත් හොර බොරු නොකරන පුද්ගලික ජීවිතේ යහපත් මිනිස්සු. අනෙක් වර්ගය කෆීර්ලා මරාගෙන ස්වර්ගෙට යන්න ට්‍රයි එක දෙන සහරාන්ලා වගේ ඩයල්. නමුත් යහපත් මුසල්මානුවෝ එලිපිට ප්‍රසිද්ධියේ කවදාවත් සහරාන්ලාව විවේචනය කරන්නේ නෑ නිහඞව ඉන්නවා. ඤාණසාරලා ගේ බෞද්ධ අන්තවාදය හිස ඔසවන විට මොඩරේට් බෞද්ධයෝ ප්‍රසිද්ධියේ  ඤාණසාරලා ගේ ක්‍රියා කලාපය විවේචනය කලා. මම පුද්ගලිකව ඤාණසාරවාදය විවේචනය කලා උපහාස කවි පවා ලිව්වා. 

බටහිර ලෝකයේ ජීවත් වන යහපත් මුසල්මානුවෝ බොහෝ ගනනක් මම දන්නවා. නමුත් ඔවුන් කවදාවත් තමන් ගේ අන්තවාදී එවුන් කරන ක්‍රියා විවේචනය කරන්නේ නෑ. ප්‍රසිද්ධ මාර්ග වහගෙන යාඥා කිරීම , බටහිර ක්‍රිස්තියානි රාජ්‍ය වල ෂරියා ඉල්ලා බල කිරීම , බෝම්බ පුපුරවා ගැනීම යනාදී දේවල් වලට විරුද්ධව කවදාවත් කතා කරන්නේ නෑ. ඔවුන් නිහඞතාවය රකිනවා. ඒකෙන් වෙන්නේ ඉස්ලාම් ආගම වෙනත් ජාතීන් සහ වෙනත් ආගමිකයන් අතර පජාත වීම.  යහපත් මුසල්මානුවටත් අන්තවාදීන්ට බෙදන හැන්දෙන් බෙදීම. යහපත් මුසල්මානුවෙක් නැගිටලා කියන්නේ නෑ යකෝ අපි ආවේ සිරියාවෙන් සෝමාලියාවෙන් යේමනයෙන් ඇෆ්ගනිස්තානයෙන් , අපි ජීවත් වූ රටවල් කක්කා ගොඩවල්. ජීවිතේ බේරගෙන අපි මේ බටහිර රටවල් වලට ආවා. උන් අපිට දොරවල් ඇරියා. සෞදි අරාබිය වගේ ධනවත් මුස්ලිම් රටවල් අපිට දොරක්වත් ඇරියේ නෑ. මේ රට වලට ඇවිත් උන්ට අරින්න යන්න එපා සාමයෙන් ඉඳපල්ලා. උඹලා ඔය කරන වැඩ වලින් කිච වෙන්නේ ඉස්ලාම් ආගම කියලා. 

ඉමිතියාස් බකීර් මාකර් කියන්නේ මම ගරු කරන යහපත් මුසල්මානුවෙක්.  ඔහු හදවතින්ම සහජීවනයේ ඉන්නවා. නමුත් ඔහු සහරාන්ලාගේ අන්තවාදී ඉස්ලාමය   ප්‍රසිද්ධියේ හෙලා දැකලා තියනවද? මා දන්නා තරමින් නෑ.  ඉස්ලාම් ආගම අදහන යහපත් මිනිසුන් ගේ නිහඞතාව කවදා හරි දවසක ඔවුන්ටම පාරාවලල්ලක් වෙයි.

උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. මිනිස්සු පිරුනු මෝල් එකක හෝ ප්ලේන් එකක  

1) ක්රිස්තියානි එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා ජීසස් සේව්ස් කියනවා ; (no reaction)
2) හිංදු එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා හරෝහරා කියනවා ; ප්රතිචාරය (no reaction)
3) බුද්ධාගමේ එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා නමෝ බුද්ධාය කියනවා ; ප්රතිචාරය (no reaction)
4) මුස්ලිම් එකෙක් එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා අල්ලහු අක්බාර් කියනවා : ප්රතිචාරය ( මිනිසුන් පණ කඩාගෙන දුවනවා)

යහපත් මුසල්මානුවනි පේනවා නේද අර අන්තවාදීන් උඹලාගේ ආගමට කරලා තියන විනාශය. මේ නිසා ආගමික අන්තවාදය දුටු තැන ඊට ප්‍රසිද්ධියේ එරෙහි වෙයල්ලා. නැත්තම් උඹලා වගේ හොඳ මිනිස්සුත් පිටස්තරයෝ දකින්නේ සහරාන්ලා වගේ.


 

Monday, April 13, 2026

Antony Beevor ගේ Stalingrad පොත



මේ දින වල Antony Beevor ගේ Stalingrad පොත කියවනවා. මේ පොතේ හිට්ලර් ගේ සහ ස්ටාලින් ඝට්ඨනය පිලිබඳ මෙතෙක් හෙලි නොවූ කතන්දර තියනවා. හිට්ලර් සෝවියට් දේශයට පහර දෙන්න යන බව බුද්ධි අංශ වාර්තා 40 අන්තිම මාසය තුල ආවා. ස්ටාලින් මේවා නොතකා හැරියා. මේවා බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ ගුංඩු බව කියලා හිනා උනා. 

දේශසීමාවේ ජර්මන් හමුදා එක් රැස් වෙන කොට ස්ටාලින් නියෝගයක් දුන්නා කිසිම අයුරකින් ජර්මානු හමුදා කුපිත කරන්න එපා කියලා. ජර්මන් හමුදා දේශසීමාව පන්නලා පහර දෙන විටත් සමහර සෝවියට් ඩිවිශන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ නැතිව ශොක් එකේ හිටියා. යුද්දයේ ප්‍රථම මාසයේදී විශාල වශයෙන් සෙබලුන් මැරුනා යුද උපකරන ගුවන් යානා ටැංකි විනාශ උනා ස්ටාලින් ගේ උද්දච්ච මෝඩකම නිසා. එසේම  ජර්මානු ආක්‍රමනයට ප්‍රථම රතු හමුදාවේ අත් දැකීම් බහුල දක්‍ෂ උසස් නිලධාරීන් 40,000 ස්ටාලින් තම පැරනොයිඩ් මානසිකත්වය නිසා මරා දමනවා. මේ නිසා රතු හමුදාව දුර්වළ උනා. ෆින්ලන්ත යුද්දයේදී විශාල වශයෙන් රතු හමුදාව පසුබෑවා. මෙය දුටු හිට්‍ලර් සෝවියට් දේශය අල්ල ගැනීම ලේසියි බව සිතුවා. 

යුද්ධයේ මුල් කාර්තුවේදී ස්ටාලින් හිට්ලර් ගේ ආක්‍රමණයට බය වෙනවා. කෙසේ හෝ යුද්ධය නවත්වා ගන්න ස්ටාලින්ට අවශ්‍ය වෙනවා. ඔහු මෝලතොව් සමග එවකට මොස්කව් වල සිටි බල්ගේරියාවේ තානාපති මැදහත්කරුවෙක් ලෙස ගෙන්නා ගෙන හිට්ලර්ට යූක්‍රයීනය , බෙලරුසියාව සහ බෝල්ටික් රටවල් දෙන්නම් ගහන එක නවත්වන්න කියනවා. නමුත් බල්ගේරියාවේ තානාපති පවසනවා හිට්ලර්ට අවශ්‍ය මුලු සෝවියට් දේශයම බව​. ස්ටාලින් යූක්‍රයීනය , බෙලරුසියාව සහ බෝල්ටික් රටවල් හිට්ලර්ට පාවා දෙන්න උත්සහ කල බව ඉතිහාසයේ තිබූ සැඟවුනු රහසක්. (අපිට සෝවියට් ඉතිහාසය ඉගැන්වූ මහාචාර්‍ය නතාලියා පිව්ශෙන්කෝ මේ දේවල් කිව්වේ නෑ. තවාරිෂ් ස්ටාලින් ගේ දක්‍ෂතාවය සහ හැකියාව මත හිට්ලර් පරාජය කලා කියලා තමයි කිව්වේ)

හිට්ලර් පරාජය කලේ සහ යුද්දය දින්නේ ස්ටාලින් නිසා බව කියන මතය මේ පොතේ පෙන්වන කරුනු වලින් නිශ්ප්‍රභ වෙනවා. යුද පෙරමුනේ ස්ටාලින් ගේ යුද ශිල්පය නොදත් පොලිටිකල් කොමිසාර්ලා අණ දෙන නිලධාරීන්ටත් වඩා ඉහලින් ඉඳ ගෙන උන් යුද්දයට අණ දෙන්න ගිහින් තොග පිටින් කෑවා. ඉන් පසුව ඇස් ඇරුණු ස්ටාලින් ජෙනරල් ෂුකෝව්ට යුද්ධය භාර දුන්නා. 

හිට්ලර් තම ජෙනරාල්වරුන්ට යුද්ධය පුරාවටම ඇඟිලි ගසමින් වාත කලා. ඒ නිසා ඔවුන්ට නිසි ලෙස යුද්ද කරන්න ලැබුනේ නෑ. ස්ටාලින් යුද්දයේ දෙවන තුන්වන වසර වන විට අනවශ්‍ය ලෙස ඇඟිලි ගහන්න ගියේ නෑ.   ස්ටාලින් නිසා සෝවියට් දේශයට මහ විනාශයක් සහ කැෂුවල්ටි ගොඩක් සිදු වූ කතාව සෝවියට් ප්‍රොපගැන්ඩාව වසන් කරලා ස්ටාලින් යුගයේ වීරයා කලා. කෙසේ නමුත්  Antony Beevor ගේ පොත නිසා සත්‍ය ක්‍රමක් ක්‍රමයෙන් හෙලි වෙනවා. 

හිට්ලර් ගේ සහ ස්ටැලින් ගේ භූමිකා සහ හිට්ලර් ගේ පරාජයේ හේතූන් මගේ මේ ලිපියේ තියනවා 

Architects of Terror: A Comparison of Hitler and Stalin; LINK; https://transyl2014.blogspot.com/2026/02/architects-of-terror-comparison-of.html

Sunday, April 12, 2026

PTSD in the Soviet Union



In this book, Dr. Ruwan M. Jayatunge points out that the Soviet Union, from its foundation with the 1917 October Revolution to its dissolution in 1991, faced internal and external socio-political calamities that generated immense stress among its population. But, he observes, little is known in the outside world about the psychological trauma experienced by the Soviet people. This is why his exploration of the grim history of post-traumatic stress disorder in the Soviet Union is an important contribution to scientific and medical knowledge and why his work also provides powerful support for recognizing the troubling reality of post-traumatic stress disorder.

Dr Gordon Atherley M.D., PhD   LLD, Honoris Causa, from Canada’s Simon Fraser University

Friday, April 10, 2026

Bury My Heart at Wounded Knee

 





Bury my heart at Wounded Knee
Deep down in South Dakota
The land with rolling hills
The dense forests and granite peaks
Became a distant memory for us
It was not a destiny, but a curse fell upon us
The legacy marked with a tragic conclusion
End of the chapter marked by the final curtain
They called it closing the American frontier
The event signified the eventual displacement
We became numbers, and our lives had no value
We failed to resist American encroachment
It became the endgame for us
Finally, we became history
It was the end of the traditional Native American way of life
The final act was performed with profound sorrow and loss
The erosion of culture and traditions
Had to face the forced confinement to reservations
With the spiritual and cultural devastation
We became the victims of the Wounded Knee Massacre
You might miss me for sure
I shall not be there for you
It's the final resting place for us
Our spirits were left at Wounded Knee
That serves as a somber resting place


by Ruwan M Jayatunge

Thursday, April 9, 2026

, "මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි" - ඉවක් අනුව වන ලෝකය දැකීමක්.

 




උපතින් පසු විපත සටහන් වන දිනය දක්වා, කිසිවකුට ගමේ, රටේ, ලෝකයේ දී නිරන්තර ගනුදෙනුවක යෙදෙන්නට සිදුවන්නේ විවිධාකාර මිනිසුන් සමඟය. මේ ගනුදෙනුව ගැටළුකාරී නොවන්නට හා සතුටුදායී වන්නට උපයෝගී කොට ගත යුත්තේ, මිනිසුන් හරිහැටි හඳුනාගැනීමේ කුසලතාවයය. ඉවක් ගැන වන කතා බහකදී කෙනකුගේ මතකයට නැගෙන්නේ සුනඛයා වුවත්,මේ ඉව මිනිසුන් අතර ගැවසීමේදී මිනිසාටද අත්‍යවශ්‍යය. එබඳු ඉවක් ගොඩන`ගා ගත හැකිවන්නේ, සිය ජීවිතයේදී එක්කොටගන්නා හැදෑරීම් හා විවිධ අත්දැකීම් සමුදායකට අනුරූපවය. 

රුවන් එම් ජයතුංග වෛද්‍යවරයාගේ, "මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි" කෘතියෙන් අප දකින්නේ ජීවිතයට අත්‍යවශ්‍ය මේ ඉව නොඅඩුව හිමිකොටගත් ලේඛකයකුගේ නිර්මාණශීලී ව්‍යායාමයක පිළිබිඹුවය. උපන් රටේදීද, නොරටදීද විවිධ අවස්ථාවලදී හමුවූ, විවිධාකාර පුද්ගල චරිත හරහා කතුවරයා අපට හෙළිදරව් කරන්නේ පෞද්ගලික කතාවක්ම නොව ලෝකයට, මනුෂ්‍යත්වයට අතිශය පොදු වූ කතාවය. පාඨකයාට කියවා ලිස්සා යන්නට නොව හිතන්නට යමක් එක්කොට ගන්නට ඉඩ සලසන මේ ව්‍යායාමය තවදුරටත් සැලකිය හැක්කේ, කාලීන අවශ්‍යතාවයක් ඉටුකරලීමක්ද වශයෙනි. ශ්‍රි ලාංකිකයින් ලෙස කිසිවකුට වැරදුන තැන් හා කිසිවකු අදටත් වරද්දා ගන්නා තැන්ද එහිදී ලක්වන්නේ සාධාරණ විමසුමකටය. එවැනි, විමර්ශණශීලී සටහන් කිහිපයක් අතරින් මේ උපුටාගැනීම දක්වන්නේ එක් උදාහරණයක් වශයෙනි.     ‘ 

ඉංග්‍රීසීන් රෝමන් වරුන්ගෙන් සබන් පාවිච්චිය ඉගෙනගනිමින් සිටි කාලයේදී, වළගම්බා නරපතියා අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලික විය. දියුණු භාෂාවක් වන සිංහල භාෂාව රටගිය ඇත්තන්ගේ දරුවෝ අමතක කරති. එසේම එංගලන්තයේ සිංහල දෙමාපියන් තමාගේ දරුවාට සිංහල නොහැකිබව පවසන්නේ ආඩම්බරයෙනි. නමුත් මව් භාෂාවක් නොමැති, තමාගේ සංස්කෘතික අනන්‍යතාව අහිමිකරගෙන සිටින සංස්කෘතික අවජාතකයන්ට සුද්දෝ නොසලකති. එය එංගලන්තයේ පමණක් නොව බොහෝ යුරෝපීය රටවල දක්නට ලැබෙන කරුණකි.’ යුරෝපීය රටවල දක්නට ලැබෙන මේ ස්වභාවයන්, පෞද්ගලිකව නොදකින හෝ නොතකන සංස්කෘතික අවජාතකයින් පිළිබඳව කතුවරයාගෙන් එලෙස සැපයෙන්නේ පැහැදිලි අර්ථකතනයකි.                      

යුරෝපීය රටවල විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ලංකාව  හා සංසන්දනයට ලක්කරමින් වෛද්‍ය රුවන් සටහන් කරන්නේ පෞද්ගලිකව අපටද දෘෂ්‍යමාන කතාවය. වයිරස උණක් හෝ වෙනත් ආසාදනයක් එක් කාමරයකදී හතර පස් දෙනකුට හෝ ඇතැම්විට දහ පහලොස් දෙනකුට ලබාගැනීමේ පහසුකම මෙරටදී සැපයෙන මේ මාර්ගයේ දී, මානසික සමතුලිතතාවයටද හැකිවන්නේ පහසුවෙන් පිට පනින්නටය. සන්නිවේදනයේදී ගලපා ගත යුතු උපායශීලීබව හා සංයමය සබඳතාවයන්හි වැදගත් අදහස් ‍මෙම කෘතියට ඇතුළත්ව ඇත. 

ඒඩ්ස් රෝගය අප්‍රිකාවෙන් පැමිණි වසංගතයක් ලෙසට වෙනත් රටක සිසුවකු කළ අදහස් දැක්වීමකදී, පියෙර් නම් අප්‍රිකානු සිසුවා පළ කළ ප්‍රතිචාරය තුළ ගැබ්ව ඇත්තේ මේ කාරණයය.   ...................‘ මේ කරුණ නිසා අප්‍රිකානු සිසුන්ගේ මුහුනේ නොසන්සුන්තාවයක් දැකගන්නට මට හැකිවිය. නමුත් පියෙර් සන්සුන්ව සිටියේය. පන්තිය අවසානයේදී ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් නිනාද් ඇමතූ ඔහු , ක්‍ෂය රෝගය මුලින්ම සොයාගත්තේ යුරෝපයෙන් බවත්, එසේම මහාමාරිය විනාශකාරී අන්දමට පැතිරගියේ යුරෝපයේ නමුත් ඒ රෝග ගැන කතා කිරීමේදී අප යුරෝපය සමච්චලයට ලක් නොකරන බවත් පැවසීය.’ ......................... මේ උපුටාගැනීම තුල  අන්තර්ගත වන්නේ යහපත් සන්නිවේදනයක පිළිබිඹුවය. 

අපට වෙච්ච දේ ගැනද කතුවරයා දක්වන අදහස්  විමසුමට ලක්විය යුතුය. චීනය ගැන වන ලිපියේදී, චීන ජාතික චෙන්දිබුගෙන් ඉගෙනගත් පාඩමක් අපට පවසමින් වෛද්‍ය රුවන් කාලීන අර්ථකතනයක යෙදෙන්නනේ මෙලෙසිනි. ...........    ‘සැලසුම් සහගතව දේශමාමක අදහස් වර්ධනය කිරීම, පරිසරය සුරකින පරම්පරාවක් ගොඩනැගීමට කටයුතු කිරීම මෙතෙක් ඉටුව නැත. දේශපාලන පාට අනුව අපි බෙදී සිටිමු. එසේම ජාතින් වශයෙන් මරා ගනිමු  ඒ අතරතුරේ ලෝකයේ බුද්ධිමත් ජනයා දියුණුවනු ඇත. සයිබර් තාක්‍ෂනය, ජාන තාක්‍ෂනය මඟින් ආර්ථිකව හා ජීව විද්‍යාත්මකව ඔවුන් අපව අභිබවා යනු ඇත. අවසානයේ අපි වැද්දන් මෙන් චාරයක් නොමැති ජන කොට්ඨාශයක් ලෙස අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ පෙනී සිටිමු. අපට තිබුනේ අතීතයක් පමණි.’ .................... 

අපට දැනෙන්නේ , මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි කෘතිය ලෝකයද, මිනිසුන්ද හරි හැටි හඳුනාගැනීමේ කුසලතාවයකට අනුරූපව වූ නිර්මාණයක් බවය.




 -වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

Wednesday, April 1, 2026

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බයද ?




ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බයද කියන ප්‍රශ්නය වැදගත්. ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේදී  ලංකාවේ විශ්ව විද්‍යාල මුල් 1500 අතරේ වත් නෑ. නමුත් ඉතියෝපියාවේ Addis Ababa University  සහ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලයත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් ඉන්නේ. මේකට හේතුව මොකක්ද ? විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ලෙස බඳවා ගැනීමේදී තමන් ගේ ගජයන් , ඇඳන් උඩට ආපු ලියන්ට ප්‍රමුඛතාව දීපු නිසාද ?  දක්‍ෂයන් කපලා දමපු නිසාද ? 

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බය ඇයි ? කියන වෛද්‍ය ගාමිනී විතාන විසින් ලියූ ලිපිය මෑතකදී කියවූවා.  මෙය පල වුනේ ලංකා වෙබ් අඩවියේ. ඔහු කියනවා ................ පසුගිය වසරේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධියක් ලත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කොට අයදුම්පතක් කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශය වෙත යොමු කලාය. කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ බලධාරීන් මේ කාන්තාව ගේ සුදුසුකම් වලට බියවූ අතර ඇයට විශ්ව විද්‍යාලයේ සේවය කිරීම සඳහා ඉඩක් ලබා දුන්නේ නැත. පසුව සොයා බැලීමේදී හෙළි වූයේ කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්‍යවරිය වන xxxxxxxx විසින් මේ කාන්තාව ගේ අයදුම්පත ඉවත් කොට ඇති බවයි. හේතුව පැහැදිලිය. මහාචාර්‍යවරිය වන xxxxxx ට මනෝ විද්‍යාව පිලිබඳ ඇත්තේ ඉන්දියාවේ එතරම් ප්‍රකට සහ ගුණාත්මක නොවන විශ්ව විද්‍යාලයකින් ගත් උපාධියකි. ඉහල ගුණාත්මක භාවයක් තිබෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යා උපාධියක් තිබෙන දක්‍ෂයෙකුට ඇය බිය වූවාය. ඉන්පසු ඇය තම අයදුම්පත යොමු කලේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයටය. කොලඹ විශ්ව විද්‍යාලය පමණක් නොව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ කතිකාචාර්‍යවරු වරු පවා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් ලත් තැනැත්තියකට ඉඩ දීමට බිය වූහ. මොවුන් දක්‍ෂයන් පිටු දැක තමන්ට තර්ජනයක් නොවන පිරිසගෙන් තම අධ්‍යන අංශය පුරවා ගැනීම සිදු කරන්නේ තමන් ගේ නොහැකියාව ලෝකයට ප්‍රදර්ශනය වීම වැලකීමටය. කෙසේ නමුත් ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල වලට ආභරණයක් විය හැකිව තිබූ උගත් අන්තර්ජාතික කුසලතා වලින් යුතු චරිතයක් පුස්සන් ගේ බිය නිසා ලංකාවට අහිමි වූ අතර , ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙක බිය වූ සහ ප්‍රතික්ශේප කල ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කල කාන්තාව ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් විසින් සාදරෙන් පිලිගනු ලැබූ අතර ඇය දැන් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක සේවය කරන්නීය. (ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බය ඇයි ? වෛද්‍ය ගාමිනී විතාන Lanka Web)

මේ තවත් කතන් දරයක් මෙය සිදු වන්නේ 1970 දශකයේදී ......දශක ගනනකට ඉහතදී ඉන්ජිනේරු විද්‍යාව ඉගන ගන්න කීර්ති ජයමාන්න කියලා සිසුවෙක් සෝවියට් දේශයේ ලුමුම්බා විශ්ව විද්‍යාලයට එනවා. එහිදී ඔහු  plasma fusion පිලිබඳ පරියේෂණ ලිපියක් ලියනවා. විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරු මේක කියවලා පුදුම වෙනවා. ඒ කාලේ මේක ප්‍රචලිත විශයක් නොවෙයි. ඔවුන් හිතනවා මේ සිසුවා බොරුවක් කලා කාගෙන් හරි ලිපියක් බා ගත්තා කියලා. ඔවුන් මේ සිසුවා ඉන්ටවිව් කරලා ප්‍රශ්න අහනවා ඔහු ඉතා සාර්ථකව පිලිතුරු දෙනවා. සති කීපයකින් සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ කීප දෙනෙක් ඇවිත් ඔහු ගෙන් ප්‍රශ්න කරනවා. ඔහු ඉතා නිවැරදිව ඔවුන්ට පිලිතුරු දෙනවා. ඉන් පසුව මේ සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ මේ සිසුවාව ඔවුන් ගේ පරමාණු බේස් එකකට ගෙනියනවා. ඔහු සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ එක්ක වැඩ කරනවා. උපාධිය නිම කිරීමෙන් පසු සෝවියට් ඇටමික් ඇකඩමික්ස්ලා ඔහු ගෙන් ඉල්ලීමක් කරනවා සෝවියට්  දේශයේ නතර වෙලා ඔවුන් ගේ ඇටමික් බේස් වල වැඩ කරන්න , රිසච් කරන්න කියලා ලොකු පඩියකුත් එක්ක​. ඒත් ඔහුට ඕනේ ලංකාවට සේවයක් කරන්න​.  ඔහු ලංකාවට එනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලට යනවා. කිසිවෙකු ඔහුව ගන්නේ නෑ. ( ඒ කාලේ ඇටමික් එනර්ජි ගැන ලංකාවේ විශ්ව විද්‍යාල වලට ලොකු දැණුුමක් නොතිබීම නිසාත් ඔහුව ප්‍රත්ක්ශේප කරන්න හේතු වෙන්න ඇති)  ඉන් පසු ඔහු තමන් ගේ සහතික එක්ක ශ්‍රී ලංකා ඇටමික් ඒජන්සි එකට යනවා.  එහි ආචාර්‍ය xxxxxxxx හමු වෙනවා. ආචාර්‍ය xxxxxxxx , කීර්ති ජයමාන්න ගේ කොලිෆිකේශන් සහ දැණුමට බය වෙනවා. ඒ නිසා ඔහුව බඳවා ගන්නේ නෑ.  කීර්ති ජයමාන්න ලංකාවේ සුලු සුලු රැකියා කර කර ඉන්නවා. ඒ අතර මිතුරෙක් කියනවා කැනේඩියන් එම්බසි එකට යන්න කියලා. ඔහු තම සහතික අරගෙන කැනේඩියන් එම්බසි එකට ගිහින් එහි නිලධාරියෙක් හමු වෙනවා. මේ නිලධාරිය පැය දෙක තුනක් ඔහු සමග කතා කරලා තව සති 3 එන්න කියනවා. කීර්ති ජයමාන්න ආපසු එම බසියට යන විට කැනේඩියන් ඇටමික් විද්‍යාඥයෝ කීප දෙනෙක් ඇවිල්ලා . ඔවුන් කීර්ති ජයමාන්න එක්ක කතා කරනවා . හවස් වෙන කොට කියනවා සියල්ල රෙඩි කැනඩාවට යන්න සූදානම් වෙන්න කියලා.  කීර්ති ජයමාන්න කැනඩාවට යනවා. කැනේඩියන් ඇටමික් ඒජන්සිය ඔහුට වැන්කුවර් වල ලොකු පරමාණු පරියේශනාගාරයක ඉහල තනතුරක් දෙනවා. ඔහු එහි දශක ගනනාවක් සේවය කරලා විශ්‍රාම යනවා.  

කීර්ති ජයමාන්න ගේ දැණුමට සහ කොලිෆිකේශන් වලට බය වෙච්ච ලංකාවේ පරමාණු ඒජන්සියේ ආචාර්‍ය xxxxxxxx  තමන් ගේ ක්ශේත්‍රයේ කිසිවක් කර ගන්න බැරි ලොසෙක් වෙලා අන්තිමේදී මෝහනය පැත්තට යොමු වෙලා මානසික රෝගීන් මෝහනය කරනවා.  අනූව දශකයේ විතර ආචාර්‍ය xxxxxxxx  තමන් ලමයෙක් මෝහනය කරා එයා තමන් ගිය ආත්මයේ විජය කුමාරතුංග කිව්වා කියලා විහිළු කතා පත්තර වලට ලියනවා. ඔහු චන්ද්රිකා හමු වෙලා මේ බව කියන්න උත්සහ ගන්නවා. ඒත් චන්ද්‍රිකාට මේවා බොරු බව තේරිලා ආචාර්‍ය xxxxxxxx  ඇපොයිමන්ට් එකක් දෙන්නේ නෑ. 

මේ කතා වලින් පෙනී යන්නේ අපේ ඇකඩමියාව දක්‍ෂයන්ට තියන බය ,  තමන් පිලිබඳව තියන ඉන්සෙකියුරිටි නිසා ඔවුන් දක්‍ෂයන්ව එලවා දානවා. අවසාන ප්‍රතිඑලය වෙන්නේ ජෝකර්ලා රන් කරන විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල කොලිටි අඩු වීම​. 





Find Us On Facebook