Wednesday, April 1, 2026

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බයද ?




මෑතකදී මට කැල්ගරි වලදී කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකු වන ජානක රුවන්පුරව හමු උනා. අපි ගොල්ෆ් ක්ලබ් එකක හමු වෙලා අතීත විස්තර කතා කලා.

ජානක මට අපූරු කතාවක් කිව්වා. ඔහුට ඇම්මක් තියනවා තමන් ගේ අන්තර්ජාතික දැණුම ලංකාවේ විශ්ව විද්‍යාල එක්ක බෙදා ගන්න..නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇවිත් කට ඇරිය ගමන් අදාල අංශ ප්‍රධානීන් ඇමරිකා / කැනඩා / යූකේ / ඔසී පළවන ලෝකයේ විශ්ව විද්‍යාල වල උපාධි තියන ජානකලා වගේ expatriates ලාව දැක්ක ගමන් බය වෙනවා (හැමෝම නෙවෙයි). මොකද ඔවුන් ගේ මූලික උපාධිය ලංකාවේ / මාස්ටර්ස් එක ලංකාවේ/ පී.එච්.ඩී එක ඉන්දියාව වගේ ආසියානු රටක. ඔවුන් තුල දැඩි ඉන්සෙකියුරිටි එකක් තියනවා උතුරු ඇමරිකානු / යුරෝපීය උපාධි තියන පුද්ගලයන්ට. ඔවුන් ජානක වගේ පුද්ගලයන් විශ්ව විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුලටවත් ගන්නේ නෑ.

මේ දේශීය විශ්ව විද්‍යාල උගතුන් දැණුම ගවේශනය කරන්න බයයි / දැණුම බෙදා ගන්න බයයි / තමන් ගේ ආරක්‍ෂිත කම්ෆට් සෝන් එක අස්සේ හැංගිලා තමන්ටත් වඩා හැකියාවෙන් අඩු සෙට් එකක් ස්ටාෆ් එකට දාගෙන දොරමඞලාව වගේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් හුදී ජනයන්ට මැජික් සහ බුද්ධිමත් ජනයන්ට විහිළු සපයනවා.

මට වරක් සුප්‍රකට වෛද්‍යවරයෙක් කිව්වා ඇමරිකාවේ වෛද්‍ය විශේසඥයෙකු වෙච්ච පත්මජීව ගනේපොලට මාර ආසවක් තිබ්බා කියලා තම දැණුම අත් දැකීම් ලංකාවේ වෛද්‍යවරු / වෛද්‍ය සිසුන් සමග බෙදා ගන්න. නමුත් අපේ ලෝකල් අයියලා වෛද්‍ය පත්මජීව ගනේපොලට ඒකට ඉඩ දුන්නේ නෑ. කුහක සිතින් කිව්වේ " ඇයි එයා ඇමරිකාවට ගියේ ; එහෙ ගියා නම් එහෙම ඉඳපුවාවේ" කියලා. අන්තිමේදී තමන් ගේ අහිංසක ආසාව ඉටු කර ගන්න බැරුව වෛද්‍ය පත්මජීව ගනේපොල මිය යනවා. කාටද පාඩු උනේ ?

මේකේ හාණිදායක තත්වය කිසිවෙකු තේරුම් ගන්නේ නෑ. අන්තර්ජාතික තලයේ බුද්ධිමතුන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගෙන්වා ගෙන දැණුම ගවේශනය කලොත් ලොකු බුද්ධිමය පිපිදීමක් විශ්ව විද්‍යාල වල වෙනවා. සිසු සිසුවියන්ට මෝටිවේශන් එනවා. ඔවුන් අන්තර්ජාතික ලෝකය ගවේශනය කරන්න දැණුම සොයා යන්න පෙලඹෙනවා. එහි ප්‍රතිඑලයක් ලෙස ලංකාවේ විශ්ව විද්‍යාල world ranking වල පහල ඉඳන් උඩට එනවා. නමුත් මේ ෆැකල්ටි වලට අරක් ගත් වැඩ බැරි දාසලා ඒවා වලට කැමති නෑ. ඔවුන්ට අවශ්‍ය තමන් ගේ විශ්ව විද්‍යාල පහල රෑංකිං වල තියාගෙන ලූලා නැති වලේ කණ පණ්ඩිතයන් වෙන්න.

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බයද කියන ප්‍රශ්නය වැදගත්. ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේදී  ලංකාවේ විශ්ව විද්‍යාල මුල් 1500 අතරේ වත් නෑ. නමුත් ඉතියෝපියාවේ Addis Ababa University  සහ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලයත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් ඉන්නේ. මේකට හේතුව මොකක්ද ? විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ලෙස බඳවා ගැනීමේදී තමන් ගේ ගජයන් , ඇඳන් උඩට ආපු ලියන්ට ප්‍රමුඛතාව දීපු නිසාද ?  දක්‍ෂයන් කපලා දමපු නිසාද ? 

ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බය ඇයි ? කියන වෛද්‍ය ගාමිනී විතාන විසින් ලියූ ලිපිය මෑතකදී කියවූවා.  මෙය පල වුනේ ලංකා වෙබ් අඩවියේ. ඔහු කියනවා ................ පසුගිය වසරේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධියක් ලත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කොට අයදුම්පතක් කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශය වෙත යොමු කලාය. කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ බලධාරීන් මේ කාන්තාව ගේ සුදුසුකම් වලට බියවූ අතර ඇයට විශ්ව විද්‍යාලයේ සේවය කිරීම සඳහා ඉඩක් ලබා දුන්නේ නැත. පසුව සොයා බැලීමේදී හෙළි වූයේ කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්‍යවරිය වන xxxxxxxx විසින් මේ කාන්තාව ගේ අයදුම්පත ඉවත් කොට ඇති බවයි. හේතුව පැහැදිලිය. මහාචාර්‍යවරිය වන xxxxxx ට මනෝ විද්‍යාව පිලිබඳ ඇත්තේ ඉන්දියාවේ එතරම් ප්‍රකට සහ ගුණාත්මක නොවන විශ්ව විද්‍යාලයකින් ගත් උපාධියකි. ඉහල ගුණාත්මක භාවයක් තිබෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යා උපාධියක් තිබෙන දක්‍ෂයෙකුට ඇය බිය වූවාය. ඉන්පසු ඇය තම අයදුම්පත යොමු කලේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයටය. කොලඹ විශ්ව විද්‍යාලය පමණක් නොව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ කතිකාචාර්‍යවරු වරු පවා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් ලත් තැනැත්තියකට ඉඩ දීමට බිය වූහ. මොවුන් දක්‍ෂයන් පිටු දැක තමන්ට තර්ජනයක් නොවන පිරිසගෙන් තම අධ්‍යන අංශය පුරවා ගැනීම සිදු කරන්නේ තමන් ගේ නොහැකියාව ලෝකයට ප්‍රදර්ශනය වීම වැලකීමටය. කෙසේ නමුත් ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල වලට ආභරණයක් විය හැකිව තිබූ උගත් අන්තර්ජාතික කුසලතා වලින් යුතු චරිතයක් පුස්සන් ගේ බිය නිසා ලංකාවට අහිමි වූ අතර , ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙක බිය වූ සහ ප්‍රතික්ශේප කල ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කල කාන්තාව ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක් විසින් සාදරෙන් පිලිගනු ලැබූ අතර ඇය දැන් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක සේවය කරන්නීය. (ලංකාවේ විශ්ව විද්‍යාල දක්‍ෂයන්ට බය ඇයි ? වෛද්‍ය ගාමිනී විතාන Lanka Web)

මේ තවත් කතන් දරයක් මෙය සිදු වන්නේ 1970 දශකයේදී ......දශක ගනනකට ඉහතදී ඉන්ජිනේරු විද්‍යාව ඉගන ගන්න කීර්ති ජයමාන්න කියලා සිසුවෙක් සෝවියට් දේශයේ ලුමුම්බා විශ්ව විද්‍යාලයට එනවා. එහිදී ඔහු  plasma fusion පිලිබඳ පරියේෂණ ලිපියක් ලියනවා. විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරු මේක කියවලා පුදුම වෙනවා. ඒ කාලේ මේක ප්‍රචලිත විශයක් නොවෙයි. ඔවුන් හිතනවා මේ සිසුවා බොරුවක් කලා කාගෙන් හරි ලිපියක් බා ගත්තා කියලා. ඔවුන් මේ සිසුවා ඉන්ටවිව් කරලා ප්‍රශ්න අහනවා ඔහු ඉතා සාර්ථකව පිලිතුරු දෙනවා. සති කීපයකින් සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ කීප දෙනෙක් ඇවිත් ඔහු ගෙන් ප්‍රශ්න කරනවා. ඔහු ඉතා නිවැරදිව ඔවුන්ට පිලිතුරු දෙනවා. ඉන් පසුව මේ සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ මේ සිසුවාව ඔවුන් ගේ පරමාණු බේස් එකකට ගෙනියනවා. ඔහු සෝවියට් ඇටමික් විද්‍යාඥයෝ එක්ක වැඩ කරනවා. උපාධිය නිම කිරීමෙන් පසු සෝවියට් ඇටමික් ඇකඩමික්ස්ලා ඔහු ගෙන් ඉල්ලීමක් කරනවා සෝවියට්  දේශයේ නතර වෙලා ඔවුන් ගේ ඇටමික් බේස් වල වැඩ කරන්න , රිසච් කරන්න කියලා ලොකු පඩියකුත් එක්ක​. ඒත් ඔහුට ඕනේ ලංකාවට සේවයක් කරන්න​.  ඔහු ලංකාවට එනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලට යනවා. කිසිවෙකු ඔහුව ගන්නේ නෑ. ( ඒ කාලේ ඇටමික් එනර්ජි ගැන ලංකාවේ විශ්ව විද්‍යාල වලට ලොකු දැණුුමක් නොතිබීම නිසාත් ඔහුව ප්‍රත්ක්ශේප කරන්න හේතු වෙන්න ඇති)  ඉන් පසු ඔහු තමන් ගේ සහතික එක්ක ශ්‍රී ලංකා ඇටමික් ඒජන්සි එකට යනවා.  එහි ආචාර්‍ය xxxxxxxx හමු වෙනවා. ආචාර්‍ය xxxxxxxx , කීර්ති ජයමාන්න ගේ කොලිෆිකේශන් සහ දැණුමට බය වෙනවා. ඒ නිසා ඔහුව බඳවා ගන්නේ නෑ.  කීර්ති ජයමාන්න ලංකාවේ සුලු සුලු රැකියා කර කර ඉන්නවා. ඒ අතර මිතුරෙක් කියනවා කැනේඩියන් එම්බසි එකට යන්න කියලා. ඔහු තම සහතික අරගෙන කැනේඩියන් එම්බසි එකට ගිහින් එහි නිලධාරියෙක් හමු වෙනවා. මේ නිලධාරිය පැය දෙක තුනක් ඔහු සමග කතා කරලා තව සති 3 එන්න කියනවා. කීර්ති ජයමාන්න ආපසු එම බසියට යන විට කැනේඩියන් ඇටමික් විද්‍යාඥයෝ කීප දෙනෙක් ඇවිල්ලා . ඔවුන් කීර්ති ජයමාන්න එක්ක කතා කරනවා . හවස් වෙන කොට කියනවා සියල්ල රෙඩි කැනඩාවට යන්න සූදානම් වෙන්න කියලා.  කීර්ති ජයමාන්න කැනඩාවට යනවා. කැනේඩියන් ඇටමික් ඒජන්සිය ඔහුට වැන්කුවර් වල ලොකු පරමාණු පරියේශනාගාරයක ඉහල තනතුරක් දෙනවා. ඔහු එහි දශක ගනනාවක් සේවය කරලා විශ්‍රාම යනවා.  

කීර්ති ජයමාන්න ගේ දැණුමට සහ කොලිෆිකේශන් වලට බය වෙච්ච ලංකාවේ පරමාණු ඒජන්සියේ ආචාර්‍ය xxxxxxxx  තමන් ගේ ක්ශේත්‍රයේ කිසිවක් කර ගන්න බැරි ලොසෙක් වෙලා අන්තිමේදී මෝහනය පැත්තට යොමු වෙලා මානසික රෝගීන් මෝහනය කරනවා.  අනූව දශකයේ විතර ආචාර්‍ය xxxxxxxx  තමන් ලමයෙක් මෝහනය කරා එයා තමන් ගිය ආත්මයේ විජය කුමාරතුංග කිව්වා කියලා විහිළු කතා පත්තර වලට ලියනවා. ඔහු චන්ද්රිකා හමු වෙලා මේ බව කියන්න උත්සහ ගන්නවා. ඒත් චන්ද්‍රිකාට මේවා බොරු බව තේරිලා ආචාර්‍ය xxxxxxxx  ඇපොයිමන්ට් එකක් දෙන්නේ නෑ. 

මේ කතා වලින් පෙනී යන්නේ අපේ ඇකඩමියාව දක්‍ෂයන්ට තියන බය ,  තමන් පිලිබඳව තියන ඉන්සෙකියුරිටි නිසා ඔවුන් දක්‍ෂයන්ව එලවා දානවා. අවසාන ප්‍රතිඑලය වෙන්නේ ජෝකර්ලා රන් කරන විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල කොලිටි අඩු වීම​. 





2 comments:

  1. Not surprised. I’ve had a colleague who completed his post-doctoral fellowship in FDA in USA and he had to go back to SL because of the family matters. Even though he worked at the Colombo university for a while after he went back he was never offered the full position. Their excuse was he didn’t have special degree with the bachelors.

    ReplyDelete
  2. අප්පේ ඔව්. මොරටුව ව්ශ්ව විද්‍යාලයේත් ඕක ලාවට තියනවා. හැමෝම නෙවේ, සමහර අය විතරක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook