Friday, April 24, 2026

සිසිරකුමාර මානික්ක ආරච්චි නම් උපහාසාත්මක ලේඛකයා




සිසිරකුමාර මානික්ක ආරච්චි හේමපාල මුණිදාසගේ ගෝලයෙක්.( ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් පුවත් පත් මගින් උද්ඝෝෂණය කල බවත් කියවෙනවා)  සිසිරකුමාර මානික්ක ආරච්චි  දක්‍ෂ උපහාසාත්මක ලේඛකයෙක්. ඔහු සිංහල ඉංග්‍රීසි ද්වී භාෂා වලින් පෘථුලව කියවූ අයෙක්. එසේම ජර්මනිය වැනි රට වලත් සංචාරය කොට තිබුනා. 

ඔහු මුල් කාලයේ හිටියේ එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායකලාගේ පිලේ. පසුව බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබූ  H.P ජයවර්ධන   විසින් හේමපාල මුණිදාසට බැණ වැදී අපහාස කල අවස්ථාවේදී එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක කිසිවක් නොකොට ඒ ගැටුම දෙස බලා සිටියා. එසේම එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක ගත්තේ H.P ජයවර්ධනගේ පැත්ත​. මේ නිසා සිසිරකුමාර මානික්ක ආරච්චි හේමපාල මුණිදාස ශ්‍රී.ලනි.පයෙන් ඉවත් වෙනවා. සිසිරකුමාර මානික්ක ආරච්චි කෙලින්ම එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදය වෙනුවෙන් ලියනවා. 

ඔහු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක ගේ දුර්වළතා සහ පුද්ගලික ජීවිතය දැනගෙන හිටියා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති / ප්‍රගතශීලී / වැනි එකල නිතර අව භාවිතා කල වචන ඔහු ගේ උපහාසයට ලක් වුනා. ඔහු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට කිව්වේ  බණ්ඩාරනායක හෝම්පොළ කියලා. එසේම ලංකාවේ මිනිසුන් ගේ අවිනය, කම්මැලිකම , පසුගාමී චින්තනය , මිත්‍යාව පසුපස  යාම විවේචනය කරලා පොත් ලිව්වා. සාගරයක් මැද අමන රටක් ඇත​, ශ්‍රී ලංකා ඉල්ලංකා ‘මනෝරාජ්ජේ’  මේ කොයි යන්නේ,  මනෝසීල, යනු කී හෙයින්,  මෙහෙව් රටේ වගේ පොත් ලිව්වා. එසේම සාහිත්‍ය කොල්ලය පොත මගින් පේරාදෙනිය ගුරු කුලයේ අක්‍රමිකතා , ජනතා ලේඛක සංගමයේ සමහරුන් ගේ මගෝඩි එළි කලා. සායිබබාගේ කූට ප්‍රයෝගයන් ඔහු 1977 වගේ කාලයකටත් පෙර   එලි කරනවා. ( පසු කාලයක බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් කණ්ඩායමක් මේ ප්‍රයෝග ගැන වාර්තා චිත්‍රපටයක් කලා) 

ඔහු ගේ ලිවීම් ඉතා රසවත්. ඔහු අලුත් වචන බිහි කලා. ලංකාවේ පසුගාමි ජනයා හැඳින්වීමට ඔහු භාවිතා කලේ   "දෙගාත් ඌරන්"  කියා කියන වචනය. එසේම ස්ත්‍රී ලිංග ආලපන විභක්තියෙන් ආමන්ත්‍රණය කිරීම වගේ අමුතු වාක්‍යත්  ඔහු ලිව්වා.  සිසිර කුමාර මානිකාඅරච්චි ලියපු කවියක් තිබුනා මෙහෙම

සනි මමා
දනි පණි ගගා
පගා පගා

ඇතැම් විට ඔහුගේ ලිවීම් වලදී සංයමය ඉවත් වී යම් පක්‍ෂක්ග්‍රාහී භාවයකුත් තිබ්බා. භව තරණය නව කතාව ලියූ මාර්ටින් වික්‍රමසිංහට ඔහු පහර දුන්නේ මහළු කේවට්ටයා. සෝවියට් දාස යන වචන භාවිතා කරමින්. එසේම මාර්ටින් වික්‍රමසිංහ භව තරණය නව කතාව ලිව්වේ ලෙනින් සාම ත්‍යාගය අපේක්‍ෂාවෙන් බවත් යන පදනම් විරහිත චෝදනාත් කලා.   ඔහු ලියූ රට බේරගන්න ජේ.ආර් පොතේ සිරිමාවෝ මැතිනියව   දරුණු ලෙස විවේචනය කරමින් ජේ ආර් ව ඔසවා තබන අයුරු පේනවා. 1977 ජේ ආර් බලයට පත් වීමෙන් පසුව  සිසිර කුමාර මානික්කආරච්චි ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කලා. එසේම 1978 වසරේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් ජනාධිපති සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. ඔහු මිය ගියේ 1979 වසරේදී. 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook