Sunday, March 26, 2023

අපට සිංහල භාෂාව ඉගැන්වූ ගුණතුංග ටීච

 


ඇඩ්ලින් ගුණතුංග මිය නාලන්දාවේ පරම්පරා කීපයකට සිංහල භාෂාව ඉගැන්වූවාය​. ඇය අපගේ 1981 (9 වන ශ්‍රේනිය ) සහ 1982 (10 වන ශ්‍රේනිය) පන්තිභාර ගුරුතුමියද වූවාය​. ඒ කාලයේ නව යොවුන් වියේ සිටි අප පන්තියේ කෑ කෝ ගසමින් ඇයට බාධා කලෙමු. වරක් නවය වසරේ අපගේ සිංහල ගුරුවරිය වූ ගුණතුංග මහත්මිය පන්තියට එන විට කොල්ලන් නොයෙකුත් වැඩ කරමින් සිටි නිසා නැගිටීම ප්‍රමාද විය​. මෙහිදී ගුණතුංග ටීචර් පන්තියටම බැණ වැදී ගුරුවරයෙකු පැමිණි විට ගුරු ගෞරවය පෙන්වා පුටුවෙන් නැගිට ආයුබෝවන් කිව යුතු බව තරයේ කීවාය​. මේ අවස්ථාවේදී අංශ භාර ජයවර්ධන මයාගේ පණිවිඩයක් ගෙන සර්ගේ පියන් සීබට් පන්තියට පැමිනියේය​. එවිට කොල්ලන් සියළුම දෙනා කලින් කතාකර ගත්තාක් මෙන් නැගිට  සීබට්ට ආයුබෝවන් සර් කීවෝය​. සීබට් අන්ද මන්ද විය​. 

1982 වසරේ අප සිටියේ ගුණතුංග ටීච ගේ පන්තිය වූ 10 එෆ් එකේය. මේ පන්තියේ සිටි බහුතරය මැරෑටියන් වූ අතර වරක් රජිත් හෙවත් මීයා අහිංසක කොළුවෙකු වූ ජනක පෙරේරාට " උඹේ අම්මාට .....කියා කියන ලදි. මින් උරණ වූ ජනක පෙරේරා, ගුණතුංග ටීචට ඇසෙන සේ ටීච මෙයා කුණුහරප කියනවා කියා කීවේය. එවිට ගුණතුංග ටීච කවුද කුණුහරප කියන්නේ කියා විමසූ විට කොල්ලෝ සියළු දෙනාම රජිත් ගේ නම කීවෝය. ඒ අතරවාරේදී සකළසූරිය රජිත් ගේ කේස් එක තද කරනු වස් " ටීච මෙයා කුණුහරප කරලත් පෙන්නනවා " කියා කීවේය. කුණුහරප කීමක් මිසක කර පෙන්වීමක් පිලිබඳව මීට පෙර නොදත් ගුණතුංග ටීච, සකළසූරිය ගේ කතාවෙන් ඔල්මොරොන්දන් වූවාය. 

මේ තවත් සිදුවීමකි ; (ඒ කාලේ අපිට තිබුනා උම්මග ජාතකය සිංහල වලට. මේ පොතේ තැනක තියනවා වේදේහ රජතුමා ලෝකාස්වාද රතියේ යෙදුනා කියලා. කොල්ලන්ට මේ වචනේ තේරුම සහසුද්දෙන් දැනගන්න ඕන වෙලා තිබුනා. ගුණතුංග ටීච පන්තියට ආවම සකලසූරිය  ගුණතුංග ටීච ගෙන් ඇහුවා  ටීච මොකක්ද ලෝකාස්වාද රතිය කියන්නේ කියලා.  ටීචට ඒකට මළ පැනලා සකලයාට බැණගෙන බැණගෙන ගියා. පස්සේ කොල්ලෝ මේ වචනයේ තේරුම ඒ කාලයේ ඕනම කුණුහරපයක තේරුම දන්න බොරැල්ලෙ වේළුවන පාරේ හිටපු ලාල් රූපතුංග ගෙන් ඇහුවා. ලාල් කිව්වා ලෝකාස්වාද රතිය කියන්නේ සූස්තියක් ගහන කොට තියන සොමිය කියලා )

ගුණතුංග ටීච සද්ධර්ම රත්නාවලිය උගන්වන විට සකලසූරිය එක එක කතා කියයි. වරක්  නන්ද කුමාරයා ජනපද කල්‍යාණිය අමතක කොට  දෙවඟනන් ගැන සිත සිතා හිටි බව කී විට සකලසූරිය එක විටම ඇසුවේ "නන්ද කුමාරයා කෙට්ටු වෙන්න ඇති නේද? කියාය​. කෙසේ නමුත් සකලසූරිය කරන බාධාද ගියේ මගේ කර පිටිනි. 

එහෙත් ඇඩ්ලින් ගුණතුංග ගුරුවරිය නිසා අප සුභාෂිතය , ගුත්තිල කාව්‍ය , උමංදාව මෙන්ම මනුතාපය ග්‍රන්ථය පිලිබඳවද ඉගන ගත්තෙමු. මේ ලබා ගත් දැණුම නිසා මට ජාතක කතා සංග්‍රහය කියවීමටත් ඒ ආශ්‍රිතව "Psychological Aspects of Buddhist Jataka Stories "  නම් කෘතිය ලිවීමටත්  හැකි විය​. වර්තමානයේ එතුමිය ගිහි ගෙය හැරදා පැවිදිව එංගලන්තයේ භාවනායෝගීව වෙසෙන්නීය​. ඒ කාලයේ අප විසින් කරන ලද විකාර වැඩ සහ බාධා කිරීම් පිලිබඳව එතුමිය  අපට සමාව දී තිබේ. 

Wednesday, March 22, 2023

Cannabis addiction: A Colossal Mental Health Problem in the Community



by Dr. Ruwan M Jayatunge M.D. 

Cannabis is an illicit and also dangerous drug. According to Police reports cannabis usage in Sri Lanka is increasing. A large number of people use cannabis day to day basis in rural and urban areas. Many consider cannabis harmless and also an Ayurvedic preparation that causes no harm to the human body.

This is totally a misconception. The empirical findings indicate that cannabis abuse can cause severe psychological as well as sociological ill effects despite this misconception. Drug awareness as well as health education is needed to eradicate such misconceptions in society.

Serious adverse effects of Cannabis have been reported. Among the adverse effects of dependence on Cannabis, adolescent developmental problems, permanent cognitive impairment as well as the development of psychosis are evident. Prolonged use of cannabis can lead to depression, lack of volition, and a history of gradually deteriorating social ability and contact with others. People who are addicted to cannabis suffer from very poor memory and concentration.

Cannabis usage is drastically increasing among the youth. The most pathetic scenario is even schoolchildren indulge in this dangerous substance without knowing the consequences. Cannabis-related subculture is forming in our country. In order to popularize and de-stigmatize the usage various funny names are used to indicate cannabis smoking. Often it's called ” cone” “joint” Mala (flower) or rocket. This subculture attracts more and more young people to the inner circle.

Beetle chewing is no longer a traditional habit among the elderly. Nowadays even young people chew beetle gum with some preparations which contain cannabis. The law and enforcement are not powerful enough to tackle this type of illicit trade. Therefore vendors continue their business near schools and public places.

Madana Modaka is an Ayurvedic preparation that contains cannabis. Young people are attracted to these preparations in order to achieve higher sexual function, increase body mass, etc. But medical experts clearly specify there is no such action in these preparations but the mental and physical damage.

Cannabis usage is widely spreading in our community as a result of low awareness, peer pressure, and sometimes as a negative stress coping method. Very often tobacco smokers are attracted to cannabis. Therefore tobacco addiction can be considered a risk factor.

Cannabis addiction can lead to various mental health problems.

The Psychiatrists point out a number of dysfunctions associated with cannabis abuse. These are …

(1) Apathy and sedation

(2) Disinhibition

(3) Psychomotor retardation

(4) Impaired attention

(5) Impaired judgment

(6) Poor self-care

Cannabis use may increase the risk of psychotic disorders and result in a poor prognosis for those with an established vulnerability to psychosis. In addition prevalence of cannabis use is higher among people with psychosis in our country. This is one of the hidden and acute problems in the community. There is a growing significant link between cannabis use and vulnerability to psychosis. This condition is known as cannabis-induced psychosis.

Psychosis is a generic psychiatric term for mental states in which the components of rational thought and perception are severely impaired. Persons experiencing psychosis may experience hallucinations, hold paranoid or delusional beliefs, demonstrate personality changes, and exhibit disorganized thinking. Cannabis use may also precipitate a latent psychosis. Cannabis use can trigger psychotic episodes in a person who already has a mental illness. The Government has to spend a huge amount of money to treat people with mental health problems caused by cannabis abuse. This is a huge financial burden to a country like Sri Lanka.

How to deal with this acute social problem? Health workers as well as law and enforcement officers need to work actively. Community awareness about the ill effects of cannabis abuse play a vital role. Educating the public about this dangerous substance is a key issue. In the meantime, we need to address the users and help them to quit. Counseling and psycho-social support are essential in this aspect. We have to advance the treatment measures and do wider screening in the community.

Empowering the legal framework is another important measure. Those who sell cannabis and the preparations which contain cannabis should be punished despite their social status or political backing.

It is essential to understand the damage caused by cannabis abuse in our society. The problems will aggravate more if we do not address these issues. After all, the prospective future of this country will depend on better mental health.

Thursday, March 16, 2023

පුනරුත්පත්තිය සත්‍යක්ද මිත්‍යාවක් ද ?

 

පුනරුත්පත්තිය බොහෝ මිනිසුන් අතර ජනප්‍රිය විශ්වාසයක් වන අතර එය බොහෝ ආගම් සඳහා මූලික පදනමකි. පුනරුත්පත්තිය පිළිබඳ පොදු අදහස වන්නේ පුද්ගලයෙකු මිය ගිය විට ඔහු නැවත ඉපදෙන බවයි. මරණින් මතු ජීවිතයක් තිබේද? පුනරුත්පත්තිය පිළිබඳ සායනික සාක්‍ෂි ආත්මීය සහ තර්ක කළ හැකි ය. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය පුරාණ මූලයන් ඇත. පුපුනරුත්පත්තිය පිළිබඳ පුරාණ ග්‍රීක දාර්ශනිකයන්  ග්‍රීක දාර්ශනිකයෙකු සහ ගණිතඥයෙකු වූ පයිතගරස් ආත්මය අමරණීය බවත් ආත්මය නැවත ඉපදීම් මාලාවක් හරහා යන බවත් ඉගැන්වීය. ප්ලේටෝ ද පයිතගරස් හා සමාන අදහස් බෙදාහදා ගත්හ. 

පුනරුත්පත්තිය සත්‍යක්ද මිත්‍යාවක් ද ? පහත ලින්කුවෙන් දේශනයට සවන් දෙන්න  

‘REINCARNATION: Myth or a Fact?’, held on 2023 March 7th.

Pl see the link Link ; 

https://drive.google.com/file/d/1xzVteIC-En_KdlBlLa_pSrUpFflHMLuI/view?ts=6409c476


Thursday, March 9, 2023

නෙළුම් බණ්ඩාර බොඳ වෙලා






නෙළුම් බණ්ඩාර බොඳ වෙලා  
බොනී මහත්තයා කොටු කොටු වෙලා  
ප්‍රසිද්ධ රැඟම් පාලක මණ්ඩලය කචල් වෙලා  
විනය සදාචාරය බොක්කේ හිර වෙලා  
ලංකාව “සංස්කෘතික කාන්තාරයක් වෙලා  
මිනිස්සු ගෝත්‍රික රටක සිරකරුවන් වෙලා 

Saturday, March 4, 2023

පේරාදෙනියේ හග් එක සහ යෝක් විශ්ව විද්‍යාලය




මා අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ කපල්ස් විශ්ව විද්‍යාලය තුල අතිනත අල්ලාගෙන යති , සිප ගනිති, විශ්ව විද්‍යාල තනතිල්ලේ එකට වැතිර සිටිති. විශ්ව විද්‍යාල පරිපාලනය හෝ ආරක්‍ෂක නිලධාරීන් ඒ පිලිබඳව මනස්තාප වන්නේ නැත​. ආදරයට වැට කඩුළු දමා නැත​. ඒ භෞතික අතින් මෙන්ම ආකල්පමය අතින් දියුණු සමාජයක් නිසාය​. ප්‍රාථමික ගෝත්‍රික සමාජ වල ප්‍රසිද්ධියේ හග් එකක් කිස් එකක් දීම ආනන්තරීය​ වරදකි. එහෙත් ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීම වරදක් නොවේ. නමුත් තව එකක් කිව යුතුය​. උප සංකෘතිය කියා සිසුන්ම වපුරපු සංස්කෘතික පසුගාමීත්වය ( කෙල්ලන්ට කලිසම් තහනම චීත්ත ඇඳීමට බල කිරීම / ගලහ පාරේ කොට කලිසම් තහනම​) ඔවුන්ටම පාරා වලල්ලක් විය.

{ අර නිල් පාට ශර්ට් එකක් ඇඳ යතුරක් එල්ලාගෙන කපල් එක දෙස බලාගෙන සිටින අසරණයා දෙස බලන්න​. ඔහුට බොහෝ ලිංගික ඇරියස් තිබේ. ඔහු විවහාක නම් බිරිඳ ගෙන් ඔහු ලිංගික සන්තර්පණය ලබා ගෙන නැත​. ඔහු තුල තිබෙන ලිංගික ඉර්ශ්යාව හඳුනා ගැනීමට අපහසු නැත. අප ඔහුට අනුකම්පා කල යුතුය }

Friday, March 3, 2023

විප්ලවයට සිතුවිල්ලක්




වෛද්රුවන් ජයතුංග ( වෛද්ය උපාධිය - යූක්රයීනයේ) මනෝ විද්යා උපාධි - කැනඩාවේ යෝක් විශ්ව විද්යාලයේ සහ ඇමරිකාවේ වොෂ්බන් විශ්ව විද්යාලයේ, ළමා මනෝ විද්යාව පිලිබඳ අධ්යනයන් එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයේ)" මගේ අදහස්වලට විරුද්ධ අයෙක්. මා ඔහු අජිත් පැරකුම් ජයසිංහ සමග කර ති සංවාදයකින් කොටසක් උපුටා දක්වනවා. පසු දවසක ගැන විවරණයක් සපයනවා. අප ඊනියා වාම අදහස්වලින් නොමග ගිය ආකාරය හා ඇතැමුන් ආධාර කරගෙන වෙනත් අය නොමග යවා ඇති ආකාරයත් ගැන සිතන්න මේ ඡෙදය අප යොමු කරනවා. දැන් රුසියාවත් මේ මග අත්හැරලා!

 

මා අජිත් පැරකුම් ජයසිංහවත් රුවන් ජයතුංගවත් හඳුනන්නේ නැහැමා උගතකුවත් බුද්ධිමතකුවත් නොවූ ගැරහීමට පමණක් ලක්වන මිථ්‍යා මතධාරියකු පසුගාමියකු ලෙස හැඳින්වෙන  සාමාන්‍ය පුද්ගලයෙක්.

 

"-      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

 

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍යනො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්ගීත රචකයන්ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණානම් ලැයිස්තුවක් කියනවා නම්රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේතමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවාඅරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන්  අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැමා අදත් කැරැලිකරුවෙක් තමයිහැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්ග මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැහේතුවමා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

මහාචාර්ය නලින් ද සිල්වා



Sunday, February 26, 2023

හරිනි ගේ ජවිපෙ දීගය




ජවිපෙ සාමාජිකයන් ගෙන් 99% සමන්විත වුනේ ග්‍රාමීය බොදු ඒක භාශික - සිංහල පමනක්  දන්නා බාහිර ලෝකය දැක නැති සංස්කෘතික වශයෙන් පසුගාමී වූ බටහිර සංස්කෘතියට ආගන්තුක වූ පිරිසක ගෙන් . මේ නිසා ඉහල මධ්‍යම පන්තිකයන් ගෙන් ඔවුන් කොන් උනා. විජේවීර මේක දැක්කා ඒ නිසා ඉහල මධ්‍යම පන්තික බටහිර ලෝකයට විවෘත වූ ඉංග්‍රීසි භාෂනයේ හැකියාව තියන සුසිල් සිරිවර්ධන , විරාජ්  ප්‍රනාන්දු සුනිලා අබේසේකර වගේ පිරිසකුත් පක්‍ෂයට ලං කර ගත්තා. නමුත් මේ අයව යොදාගත්තේ ආකර්ශනීය බවක් ඇති කරන්න සහ උපකරණ සේ භාවිතා කරන්න. භාවිතා කල පසු මේ අයට සී අයි ඒ කියා කාඩ් එක ගසා අයින් කලා.   වර්තමානයේ හරිනි අරබයා ජවිපෙ කරන්නෙත් මේකයි. මහාචාර්‍ය නලීන් සිල්වා කියන්නේ හරිනි අමරසූරිය කරාව කුලයේ අයෙකු වීම නිසාත් ඇයව ජවිපෙ විසින් තෝරා ගත්තා කියලා. නමුත් ඉදිරි කාලයේ හරිනි අමරසූරිය ගෙන්  අවශ්‍ය ය වැඩ ගත් පසු ඇයටද සී අයි ඒ කියා කාඩ් එක ගසා අයින් කිරීමේ සම්භාවිතාවක් තියනවා.  

Friday, February 24, 2023

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය ලූෂන් බර්නාඩ් ලලන්ත ද අල්විස් මහතා පිලිබඳ සටහනක්




කොළඹ හිටපු ප්‍රධාන  අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය ලූෂන් බර්නාඩ් ලලන්ත ද අල්විස් / එල් බී එල් ද අල්විස් / ලලන්ත සර්) සහ කාරියවසම් මැඩම් මගේ ගුරුවරු. ලලන්ත සර් කෙලින් අවංකව වැඩ කරපු කෙනෙක්.  වෛද්‍ය ආනන්ද සමරසේකරලා වගේ අය මේ ක්ශේත්‍රය දූෂණය කලා බලය සහ මුදල් හමුවේ. ඒත් ලලන්ත සර් මහා පවුරක් වගේ මුදල් සහ බලය හමුවේ කෙලින් හිටියා. මරණ සහ මෘත ශරීර එක්ක නිතිපතා වැඩ කලත් ලලන්ත සර් විහිලුව සිනහව අගය කලා. ඔහු කී කතා වලට අපිට මෝචරියෙත් හිනා ගියා. වරක් මෝචරියේ සුළු සේවක ස්ට්‍රයික් එකක් ගියා. ඒකට යුද හමුදාවෙන් ආදේශක සොල්දාදුවෝ යොදවලා තිබ්බේ. ඒ කාලේ (2006) මම යුද හමුදාවට අනියුක්ත වෙච්ච වෛද්‍ය  මේජර් කෙනෙක්.  මම එදා මෝචරියට ගිහින් ලලන්ත සර් හමු වුනා. යුද හමුදාවේ සොල්දාදුවෝ සුළු සේවක ස්ට්‍රයික් එක නිසා අන්ද  මන්ද වෙලා වගේ හිටියේ.මම සොල්දාදුවන්ට කිව්වා මේ ඉන්නේ මගේ ගුරුවරයෙක් එතුමාට පූර්ණ සහයෝගය දෙන්න කියලා. ඒ වගෙම ලලන්ත සර් මා විසින් ලියපු  PTSD Sri Lankan Experience පොතට post-mortem examination කිරීම සහ පසුකාලීන ක්‍ෂිතිමය අත්දැකීම්  ඇතිවීම පිලිබඳව අදහස් ලබා දුන්නා. පහත දැක්වෙන්නේ මා ලලන්ත සර් සමග වැඩ කිරීමේදී ලැබූ අත්දැකීම්. 


***********************************

1993 වසරේදී කටුගස්තොට ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සතුට විඳ ගැනීමට වරම් නොවීය​. මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූ නිසා ඉරිසියාවෙන් පෙළුණු අසල්වැසියන් මෙම සිසුවා ඝාතනය කොට මළ සිරුර ලිඳට දැමූහ​. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දිවි නසා ගැනීමක් කියා පෙන්වීමටය​. මෙම ඝාතනය සිදු වූ කාලයේ මා සිටියේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව පුහුණුවක් ලබමිනි. මෙම සිසුවාගේ දේහය ගෙන එන ලද්දේ මිනී පෙට්ටිය සමගය​. එය පොලිතීන් වලින් ඔතා තිබුනේය​. පොලිතීන් වලින් ඔතන ලද පස් තැවරී තිබූ මිනී පෙට්ටිය කම්කරුවන් විසින්  විවෘත කරන ලදි. එම අවස්ථාවේදී මමද එතැන සිටියෙමි. මුලින්ම වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා මෘත ශරීරය බාහිරින් නිරීක්‍ෂණය කරන ලදි.  සිසුවාට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කෝට් එකකි. ඔහුගේ සුදු කමිසය අත්වැසුම් සහ දෙපා වලට දමා තිබූ සුදු මේස් මාගේ අවධානයට යොමු විය​. මෘත ශරීරයේ දකුණු පස කම්මුලේ සුදු පැහැති දිලීර  විශේෂයක් බැඳී තිබුණි. දේහය පොළව යට තිබූ නිසා මෘත ශරීරයේ දිලීර  බැඳෙන්නට ඇත​. දේහය ගොඩ ගන්නා ලද්දේ මිහිදන් කොට සති හයක් හෝ අටක් ගතවූ පසුව වූවද මිනිය කුණුවී තිබුනේ නැත​. එම්බාම් කිරීමේදී යෙදූ ෆෝමලීන් නිසා දේහය ආරක්‍ෂා වන්නට ඇත​. 


වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා පිටත රැඳී සිටි සිසුවාගේ ඥාතීන් දෙදෙනෙකුට එන්නට කියා පණිවිඩයක් යැවීය​. මුලින්ම ඥාතීන් විසින් වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලද දේහය හඳුනා ගත යුතුය​. සිසුවාගේ මාමා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ දේහය හඳුනා ගන්නා ලදි. මළ සිරුර දැක ඔවුන් හඞා වැළපේ කියා මා සිතුවද ඔවුන් කිසිදු චිත්තාවේගී ප්‍රතික්‍රියාවකින් තොරව මළ සිරුර දෙස මොහොතක් බලාගෙන සිට එය තම ඥාතියාගේ බව තහවුරු කළහ​. ඉන්පසු කම්කරුවෙකු විසින් ඔවුන් දෙදෙනාව මිනී කාමරයෙන් පිටතට ගෙන යන ලදි. ඔවුන් නික්ම යාමෙන් පසුව වෛද්‍ය අල්විස් දේහය මිනී පෙට්ටියෙන් ඉවතට ගෙන වෝභාර පරීක්‍ෂණය ආරම්භ කලේය. 

*******************************
ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය​. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


ජෝති හෙවත් ලංකාවේ කැසනෝවා



හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (ජෝති) කියන්නේ අසහාය  ගායකයෙක්. ඔහු ගත කලේ බොහිමියානු ජීවිතයක්.   ජෝතිට බොහෝ කාන්තාවෝ ආකර්ශණය උනා. බටහිර ලෝකයේ කතුන් ආකර්ශනය කරගත් ගායකයන් අතර එල්විස් ,  සිනාත්‍රා , ජීන් සිමොන්ස් ආසන්නයට ජෝතිවත් තියන්න පුලුවන්. ඔහු ලංකාවේ කැසනෝවා කියන්න පුලුවන්.  ජෝතිපාල තමයි ලාංකික චිත්‍රපට ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා. ජෝති  ගීත 1222 ගයා තිබුණා.  ජෝති ජීවත් වුනේ අවුරුදු 51 පමණයි.  එහෙත් ඔහු ඉතා හොඳින් ජීවිතය වින්දනය කලා.  ජෝතිගේ මරණයෙන් පසු මේ දක්වා ජෝතිට විකල්පයක් තාමත් බිහිවී නෑ.. 

Tuesday, February 21, 2023

Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය

 




මගේ අදහස අනුව ලංකාවට වැදී ඇති හෙණය නම් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආගම් , ආගමික සංකේත සහ ආගම ප්‍රචාරක මාධ්‍ය රට වෙලා ගැනීමයි. හන්දි ගානේ පන්සල් කෝවිල් ක්‍රිස්තියානි /මුස්ලිම් පල්ලි මෙන්ම ආගමික ප්‍රතිමා වලින් භූමිය පිරී පවතියි.
නිරන්තරයෙන්ම යකඩ කටවල් වලින් ආගමික අඳෝනා පිරී පවතින අතර එය මිනිසුන් ගේ මනසික සුවය වනසයි සංවර්ධිත විනය ගරුක රටවල මා මෙවැනි කෝලම් දුටුවේ නැත. එහෙත් වරක් මෙක්සිකෝවේ අව වරප්‍රසාධිත දුප්පත් ප්‍රදේශයක අඩියෙන් අඩිය කන්‍ය මරියාගේ ප්‍රතිමා දුටුවෙමි. ඉන්දියාවේද නූගතුන් සහ දුප්පතුන් අධික ප්‍රදේශ දේව ප්‍රතිමා වලින් වැසී පවතියි. දුප්පත්කමත් නූගත්කමත් සමාජ පසුගාමීත්වයත් ඇති ස්ථාන වල ආගම් සහ ආගමික සංකේත හොඳ තවාන් භූමියකි. උත්ප්‍රාසය නම් කොතෙකුත් ආගමික සංකේත මධ්‍යයේ වාසය කලද මිනිසුන් තුල ආධ්‍යාත්මික භාවයක් විනයක් නොමැති වීමයි.

Monday, February 13, 2023

You are the cream of my coffee

 



You are the cream of my coffee

You are the icing on my cake

You made my life beautiful and eternally blissful

You are the best thing that ever happened to me

No comparison, no doubt

You are the best thing that I ever found

You are the sunshine of my world

You are the pinnacle of my life 

Friday, February 10, 2023

එළාර රජු ද්‍රවිඩ රජෙක්ද ?



එළාර රජු ද්‍රවිඩ පුද්ගලයෙකු බව සිතන්න අමාරුයි. ඔහු කේරල හෝ උතුරු ඉන්දීය කෙනෙක් විය හැකියි. එළාර රජු ද්‍රවිඩ නම් ක්‍රි.පූ ඒ යුගයේ ඒ කාලයේ ද්‍රවිඩයන් ලංකාවේ සිටි බව ඔප්පු වෙනවා. එසේ නම් ද්‍රවිඩ සෙල් ලිපි තිබිය යුතුයි. නමුත් 12 සියවස දක්වා ද්‍රවිඩ සෙල් ලිපි හමු වෙන්නේ නෑ. එලාර රජු හිංදු භක්තිකයෙකු හෝ බොදුනුවෙකු නොවෙයි. ඔහු බොහෝ විට Zoroastrianism දහම අදහන්න ඇති. ඒ නිසා තමයි හැමුරාබිගේ ඇසට ඇසක් නීතිය යටතේ තමන් ගේ පුතාව කරත්තයට යට කරලා මරන්නේ. ඒක ජනප්‍රියතාව ලබා ගන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. එළාර රජු යටසේ සිංහල සේනාධිපතිවරු පවා සේවය කලා. එළාර රජු ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනයක් ගෙන ගියා. වසර 44ක රාජ්‍ය පාලනයෙන් පසු එළාර රජුගෙන් රට බේරා ගත්තේ දුටු ගැමුණුයි. මහා වංශය රචනා කර තිබෙන්නේ එළාර - දුටු ගැමුණු යුද්ධයෙන් සියවස් 15කට පසුවය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන කියන පරිදි එළාර වෙළෙඳ නැව් සමූහයකට නායකත්වය දුන් අයෙක්. එළාර රජු ද මුටසිව රජ පරපුරින් පැවතෙන බවත් හෙළ + ආර එළාර වූ බවටත් මතයක් තියනවා. එළාර රජුගේ අමාත්‍ය මණ්ඩලයේ බෞද්ධයන් ද සිටි බව කියවෙනවා. එළාර දුටුගැමුණු යුද්ධය සිංහල දෙමල සටනක් නොවෙයි. ඒක ලෝකයේ මුල් කාලීන ආගමික යුද්ධයක්. (මීට ඉහතදී ඊජීප්තුවේ ආගමික යුද්ධ ඇති වෙලා තියනවා) එළාර දුටුගැමුණු යුද්ධයේදී සිංහලයන් දෙපස බෙදී එකිනෙකා මරා ගත් බව කියවෙනවා.  

Sunday, February 5, 2023

පවු කරන්නේ බලාගෙන

 


පවු  කිරීම නිසා ඔබගේ ලබන ආත්මය කෙසේ විය හැකිද​? පාප යුනිට් 50 පැන්නූ විට ඔබ  ක්‍රිටිකල් පාප යුනිට් වලට වැටී යයි. එහි විපාක මෙසේය 

පාප යුනිට් 50 - කැනඩාවේ / ඕස්ට්‍රේලියාවේ ආදි  වාසියෙකු ලෙස උපත ලැබීම​

පාප යුනිට් 60 - සෞදි අරාබියේ කාන්තාවක් වී උපත ලැබීම 

පාප යුනිට් 70 - ඇමරිකාවේ දුප්පත් කළු ජාතිකයෙකු වී උපත ලැබීම 

පාප යුනිට් 80 ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් වී උපත ලැබීම 

පාප යුනිට් 90 - ශ්‍රී ලංකාවේ පීඩිතයෙකුවී උපත ලැබීම 

පාප යුනිට් 100 - තිරිසන් යෝනියේ උපත ලැබීම 

Wednesday, February 1, 2023

අන්රයියේ ඇත්ත කියපං

 




 අන්රයියේ ඇත්ත කියපං මට
උඹලා බලයට ආවොත් අපිව මොකද වෙන්නේ
 උඹලා අපිව ද්‍රෝහියෝ ප්‍රතිගාමියෝ කියලා
ප්‍රතික්ශේප කරලා ලේබල් කරනවද ? 
අපිව පුනරුත්ථාපන කඳවුරු වලට දක්කනවද ?

එහෙමත් නැත්තං
විශ්ව විද්‍යාල වල ඉන්න
උඹලාගේ නවක වධ සෙට් එක දමලා
අපිට පොළු වලින් ගහලා මරණවද ?  
නැත්තං මොළ හෝදපු රතු ගැටව් දම්මලා
අපිට ගල් කටස් වලින් ඔළුවට තියනවද ?

අන්රයියේ ඇත්ත කියපං මට
උඹලවත් නොදන්න උඹලවත් ජීවත් වෙලා නැති
සමාජවාදයක් හදන්න අපිව ගිනි පිග්ලා කර ගන්නවාද ?
මෝලෙක් නිසා යන්තං සාගතයෙන් බේරුනු අපිට
කැඳත් නැති කරනවද ? 

එහෙමත් නැත්තං
උඹලා රජ සැප විඳිමින්
අපිට පස් කාපියව් කියයිද ? 
සමෘධිමත් යුගයක් කරා අපිව ගෙන යනවා කියමින්
අපිව පොල් පොට් යුගයකට ගෙන යනවාද ? 

Tuesday, January 31, 2023

දීප්ති කුමාර ගුණරත්න ; වැඩේ නම් බාලයි

 



දීප්ති කුමාර ගුණරත්න ගේ ඇතැම් ලිවීම් මම කැමැත්තකින් කියවූවා. උසස් අධ්‍යාපනයක් නොලද කෙනෙකු උනත් ඔහු ස්ව උත්සහයෙන් කියවා යමක් සමාජගත කරන කෙනෙක්.  මනෝ විශ්ලේෂණය පිලිබඳව ඇතැම් විට වැරදි සහිතව හෝ පරිවර්තනයන් කොට හෝ ඔහු ගත් වෑයම අගය කල යුත්තක්. 

මෑතකදී අජිත් ධර්මා සමග ඔහු විසින් කල ඉන්ටවිව් එක මම දැක්කා. ඒ වගේ ඉන්ටවිව් එකක් ලංකාවේ වාර්ගික ඝට්ටනය සහ අනාගත ලංකාවේ දේශපාලනය පිලිබඳව කරන්න මට අදහසක් ආවා. මේ ඉන්ටවිව් එක මම ඉලක්ක කලේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය ලබන  ද්‍රවිඩ සිසුන් ඉලක්ක කරගෙන. මේ ද්‍රවිඩ සිසුන් කවදාවත් ලංකාවට ගිහින් නෑ. ඔවුන් ඉන්නේ වාර්ගික අගතියකින්. ඒ නිසා මේ ඉන්ටවිව් එක කරන්න මට අවශ්‍ය උනා. 

මේ  ඉන්ටවිව් එක කිරීම පිලිබඳව මම අජිත් ධර්මා හරහාත් , දීප්ති කුමාර ගුණරත්නටත් දැණුම් දුන්නා. මට විශ්මයක් ගෙන දෙමින් දීප්ති කුමාර ගුණරත්න ඉන්ටවිව් එක දීම ප්‍රත්ක්ශේප කරලා තිබ්බා ; හේතුව ලෙස මට අභූත චෝදනාවක් දාලා. මේ නිසා අන්ද මන්ද වූ මම දීප්ති කුමාර ගුණරත්නව හොඳින් දන්න කථිකාචාර්‍යවරයෙකුට මේ කතාව කිව්වා. 

මේ කථිකාචාර්‍යවරයා ගත් කටටම කිව්වේ ඉන්ටවිව් එක කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා දීප්ති මේ ඉන්ටවිව් එක මඟ අරිනවා කියලා. ඔහු තවත් කතාවක් කිව්වා. මීට ඉහතදී ද්‍රවිඩ දේශපාලාඥයෙකු වූ රවිරාජ් සමග  ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්ටවිව් එකක් කිරීමට ගොස් දීප්ති නා ගත්තා කියලා. මේ හේතුවෙන්  ඉන්ටවිව් එක මඟ ඇරීමට දීප්ති අභූත චෝදනාවක් ගහලා දාලා ඇඟ බේරගත්තා කියලා ඔහු කිව්වා. ඒත් මම කිව්වේ එවැනි භාෂා ගැටළුවක් තිබේ නම් අපිට ලේසියන් භාෂා පරිවර්තකයෙකුගේ සහාය  හෝ සබ් ටයිට්ලස් වලින්  කරන්න පුලුවන් බවයි. නමුත් මේ කථිකාචාර්‍යවරයා වැඩි දුරටත් කිව්වේ තමන්ට අභියෝගයක් කියලා දැනෙන අවස්ථාවකදී දීප්ති කරන්නේ අභූත චෝදනාවක් එල්ල කරලා ඇඟ බේර ගන්න එක කියලා. මේක නිර්මාල් දේවසිරි අරබයාත් ඔහු කලා කිව්වා. මේ ගැන වැඩි දුරටත්  ප්‍රභා මනුරත්න කියන කාන්තාවගෙන් අහන්න කියලා.  

ඔහු තවත් අණතුරු ඇඟවීමක් කලා. දීප්ති එක්ක ඝට්ටනයට ගියොත් ඔහු තමන් ගේ වහල් හමුදාව යොදවලා ෆේස් බුක් එකෙන් , ත්‍රිමාණ එකෙන් , ජන මාධ්‍ය වලින් අදාල පුද්ගලයාට මඩ ගහනවා කියලා. ඒත් මම නෙගටිව් පබ්ලිසිටි වලට කැමති නිසා ඒක මට ගානක් නෑ. ඒත් මම කියන්නේ දීප්ති ඔයා කලේ ලාමක වැඩක්. ටී.වී එකේ අනෙකුත් මාධ්‍ය වල ඔයා අත පය දිග ඇරලා කතා කලත් අභියෝගයක් ඉදිරියේ බයට පත් වන දුර්වල මිනිසා මම ඔයාගේ ඇතුලාන්තයෙන් දැක්කා. ඒකට කමක් නෑ අපි ඔක්කොම අපරාජිතයෝ නොවෙයි. මම තරහා නෑ. එන්න අපි වැඩ කරමු. මේ භූමියේ යම් චින්තනාත්මක වෙනසක් ඇති කරමු. ඒත් බාල වැඩ නැතිව​. 

Sunday, January 22, 2023

රුකුලේ කුමාරයා

 




සුනේත්රා දේවිය තම රාග සිරිත ප්රාර්ථානවෙන් දියවන්නා වන අඩවියට පිවිස කල රුකුලේ පැදිල්ලට වරම් ලැබ ඒ වන අඩවියේ රාග සුව සොයමින් උන්නේ මලයාලම් කුමරෙකි. නන්ද්ර ප්රභා වර්ෂ නානස්වාමි මානාභරනට නිල් දිය කඩිත්ත වෙරැස්ගඟ සිඹින පැපිලියානේ වන දොරටුවේ දී ඈ හමුවේ. වෙරැස් දිය නදියේ වන වදුලක මල් යහන තනා දෙදෙනා බැඳී ගිය අතර ඒ ආල රාගයෙන් උපන් කුමරු රුකුලේ කුමරුය. (copied). රුකුලේ පැදිල්ල යනු කුමක් ද ? රුකුලේ පැදිල්ල යනු කළවා සංසර්ගයයි. Intercrural sex, which is also known as coitus interfemoris, thigh sex and interfemoral sex, is a type of non-penetrative sex in which the penis is placed between the receiving partner's thighs and friction is generated via thrusting. It was a common practice in ancient Greek society. 

Monday, January 16, 2023

Dr. Martin Luther King




Good day to you
Dr. Martin Luther King
I heard these words twenty years ago
Lincoln heard
When you said
I have a dream
That was many years ago
You loved them
When they
Hated you
You showed compassion
You dried off
The tear floods of
Little black roses
Good day to you
Dr. Martin Luther King
I heard these words twenty years ago

Ruwan M Jayatunge

( I wrote this song in 1987 in Summer in London. I was 21 Y old )

Saturday, January 14, 2023

ඇත්ත ස්ලෝගන්




 මේ වගේ බොරු ස්ලෝගන් නැතිව ඇත්ත  ස්ලෝගන් කිව්වනම් මොකද 

1) සාටර් යුගයක් කරා

2) කැඳත් නැති අනාගතයක් 

3) පටි තද වන හෙටක්

4) බටර් නැතිව අරින රටක්

5) සාදමු ලෙවකන යුගයක් 

6) සදා ඉල්ලන් කමු 

7) අපිට හෙටක් තොපිට හුප්පේ

8) රීරි මාංස කන ලෝකයක් බිහි කරමු 

9) අසුභ අනාගතයක් කරා 

10) තොපිටම කෙලවන හෙටක් 

Friday, January 6, 2023

ආගමික සංකේත වලට අපහාස කිරීම

 





ආගම් යනු ශතවර්ශ ගනනාවක් පුරා පැවති බිස්නස් වෙති. ආගමික පූජකයෝ අනාගතය බැතිමතුන්ට විකුණති. එහෙත්  ආගමික සංකේත වලට අපහාස කිරීම සහ පසුගාමී ආගමික අදහස් වලට අභියෝග කිරීම යනු දෙකකි. සමහරු ප්‍රසිද්ධිය පතා ආගම් වලට අපහාස කරති. සමහරු (මෝඩ) රැඩිකල් වීම සඳහා ආගමික සංකේත වලට අපහාස කරති. ජේතවනාරාමයේ කුණු පිරවිය යුතුයි කියූ සමනලී ෆොන්සේකා එළදෙනකි. ජය ශ්‍රී මහා බෝධිය යට අඩි ගැසිය යුතුයි කියූ ඩබ් ජයසිරි MILF ලාගෙන් පවා පචවූ මෝලෙකි. පසුගාමී ආගමික අදහස් වලට අභියෝග කල යුතුය​. ආගම සේවය කරන්නේ ප්‍රජා පීඩකයාටය​. අප පූජකයන් ගෙන් ප්‍රවේසම් විය යුතුය​. එහෙත් බොහෝ මිනිසුන් පරම්පරා ගනනක් පුරා විශ්වාස කරන පද්ධතියකට අපහාස කිරීම ජන වර්ග අතර ආගම් අතර ගැටුම් ඇති කිරීමට තුඩු දෙන ප්‍රකාශ කිරීම දියුණු සමාජයක් අනුමත කරන්නේ නැත. 


ශුද්ධ වූ රුධිරය



ලේ යනු දඩයම් යුගයේ දී මිනිසා උසස් ලෙස සැලකූ ද්‍රාවණයකි. දඩයම් යුගයේ දී ආරම්භ වී පසුව ක්‍රිස්තියානි ආගමට එකතු වූ "ලේ " තවමත් සලකන්නේ ශුද්ධ වූ ද්‍රාවණයක් ලෙසටය. ලේ මගින් වේදනාව මෙන්ම sadism / masochism පෙන්වයි. මෙම පිලිම " ලේ" මිස ෂැම්පේන් , ආසුත ජලය, පෙට්‍රල්, පිත් යුෂ, ශුක්‍රානු, වැනි ද්‍රව ශ්‍රාවය නොකිරීමද විමසා බැලිය යුතුය.

Find Us On Facebook