Friday, July 19, 2024

71 කැරැල්ල මර්ධනය කල රහස් පොලිසියේ උපාලි සෙනවිරත්න

 





71 කැරැල්ල ආශ්‍රිතව සෑම පැතිකඩකින්ම සම්බන්ධ වූ පිරිස් මුණ ගැසී කථා බස් කොට ඔවුන්ගේ අත්දැකීම මෙම පොතට එකතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙමින් තිබුනි. මේ හේතුව නිසා 71 කැරැල්ල පිලිබඳ පරික්ෂණ පැවැත්වූ කෘතහස්ත රහස් පොලිස් නිලධාරීයෙකු මුන ගැසුනි.   උපාලි සෙනවිරත්න නම් ඔහු විශ්‍රාමික ෙජ්්‍යෂ්ඨ පොලිස් අධිකාරවරයෙකි. අත්අඩංගුවට ගත් කැරලිකරුවන් රහස් පොලිස් මූලස්ථානයේදි දෙන කට උත්තර ආශ්‍රිතව පරීක්ෂණ පැවැත්වීමත් මහ නඩුවේ පරීක්ෂණ මෙහෙයවීමත් ඔහුට පැවරී තිබුනි.

උපාලි සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් මා විසින් කථා බස් කළ හිටපු කැරලි කරුවන් ගණනාවක් එක් දෙයක් පවසා තිබුණි. එනම් ඔහු අත්අඩංගුවට ගත් බොහෝ සැකකරුවන්ට මානුෂිකව සැලකූ බවය. නීතිය, දන්ඩණය හා මනුෂ්‍යත්වය එකිනෙකට සමාන්තරව නොවූ ප්‍රපංචයක් නොවූවද බලය ඉදිරියේ මනුෂ්‍යත්වයේ ගුනාංග අමතක නොකල පොලිස් හා හමුදා නිලධාරින් යම් ප්‍රමානයක් එකල සිටි බව කැරලිකරුවන් සනාත කරති. එවැනි උදාහරණයකට අප දෙසවන් යොමු කරමු.

zඑකල චේගුවේරා සංවිධානය නමින් දේශපාලන ප්‍රචන්ඩත්වය පෙරදැරි කරගත් රහස්‍ය සංවිධානයක් කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අප වෙත දන්වා සිටි අතර එම සංවිධානය පිළිබඳ තොරතුරු රැස් කරන ලෙසටද වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා. මේ අනුව මෙම ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් කෙරෙහි පොලිසියේ ඇස් යොමු වූවා කීවොත් වඩාත් නිවැරදියි. 

වරක් රාගල පොලිසීයේ ස්ථානාධිපතිවරයා මට දන්වා සිටියා පාසල් විද්‍යාගාර කඩා රසායනික ද්‍රව්‍යය පැහැර ගැනීම් පිළිබඳව. මෙම රසායනික ද්‍රව්‍ය බෝම්බ තැනීම සඳහා යොදා ගන්නා බවට අප නිවැරදිව උපකල්පනය කළා. මෙම සිද්ධීන් පසුපස ලයනල් බෝපගේ නැමැති ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු සිටින බවටද වැඩිදුර තොරතුරු අනාවරනය කෙරුණා.

ප්‍රථම වතාවට රෝහණ විෙජ්වීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙලිවූ කරුනූ මත අපගේ මූලික විමර්ශන සිදු වෙමින් තිබූ අතර නුදුරු දිනයක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අප අනුමාන කළා. ඒ නිසා ආරක්ෂක අංශ සිටියේ සීරුවෙන්.

1971 අප්‍රේල් 4 දින වැල්ලවාය පොලිසියට එල්ල වූ ප්‍රහාරයට පසු ආරක්ෂක අංශ තේරුම් ගත්තා තත්වයේ බැරෑරුම්කම. අප්‍රේල් 5 දින මා සිටියේ රහස් පොලිස් මුලස්ථානයේ. කැරැල්ල ආරම්භ වූ වහාම අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය කැරැල්ලට සම්බන්ධ වූ අයෙක් කුමන්ත්‍රණයට පෙර හෙළි කොට සිටියා. ඔහුගෙන් ලත් තොරතුරු අනුව අරලිය ගහ මන්දිරයේ ආරක්ෂක සංවිධානය තර කලා. කුමන්ත්‍රණකරුවෝ ඊට්ස් සිනමා හලේදී අත් අඩංගුවට ගත්තා. මෙම ඔත්තුව දුන් පුද්ගලයා අගමැතිනියට විශේෂ ඉල්ලීමක් කළා. පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලෙසට. එම ඉල්ලීම පරිදි ඔහුව පොලිසියට බඳවාගනු ලැබුවා.

ඔහුගේ නම එඩිසන් ගුණතිලක. ඇතැමෙකු ඔහුව ගඩාෆී නමින්ද හැදින්වූවා. පසු කාලයක ඔහු පොලිස් අධිකාරිවරයෙකු දක්වා උසස්වීම් ලබා ගැනීමට සමත් උනා.

1971 අප්‍රේල් 6 දින මා සිටියේ අරලියගහ මැදුරේ. ඒ වන විට පොලිස් ස්ථාන ගණනාවකට පහරදී තිබුනා. අගමැතිනිය තුල බියක් හෝ ව්‍යාකූලභවක් මම දුටුවේ නැහැ. නමුත් එතැන සිටි පිටර් කේනමන් මහතා හා එන්. එම්. පෙරේරා මහතා තරමක් දුරට වික්ෂිප්ත බවකින් සිටියේ. කැරැල්ලට මුවාවී ඇතැම් අය තම විරුද්ධවාදීන් දඩයම් කිරීම වැනි කි්‍රයා කළා. එසේම යම් යම් අපරාධත් කලා යැයි කියන්නට පුළුවන්. එයට එක් නිදසුනක් මා දෙන්නම්.

1971 අප්‍රේල් 5 දින බම්බලපිටිය පොලිසියට ප්‍රහාරය එල්ල කළ බවට තොරතුරු ලැබුනු නිසා මා වහාම අපගේ ඇල්ෆා රෝමියෝ රථයෙන් එතැනට ගියා. ඒ කාලයේ බම්බලපිටිය පොලිසියේ ස්ථාන භාර නිලධාරිව සිටියේ කනගසිංහම් මහතා. ඔහු පැවසුවේ මුහුද දෙසින් කැරළිකරුවන් පැමිණ ප්‍රහාරයක් එල්ල කළ බවත් ප්‍රති ප්‍රහාර හමුවේ ඔවුන් පළා ගිය බවත් තමයි. මම පොලිසිය පසුපස තාප්පය අවට සොදිසි කළ විට මා දුටුවා විශාල ලේ පැල්ලම්.

අප මුහුද හා රේල් පාර අවට විශාල පෙදෙසක් පරික්ෂාවට ලක් කළත් ප්‍රහාරයක හෝඩුවාවක් ලැබුනේ නැහැ. කැරලිකරුවන්ගේ හිස් පතුරුම් කොපු සෙරෙප්පු යනාදි කිසිවක් අප දුටුවේ නැහැ. පසුව අපට තේරුම් ගියා පොලිස් ස්ථානාධිපතිවරයාගේ බම්බලපිටිය පොලිස් ස්ථානයේ කූඩුවේ සිටි පික්පොකට්කරුවන්. සුළු සුළු වැරදි සඳහා රඳවා ගත්තවුන්
10 ත් 15 අතර  පිරිසක් එලියට ගෙන ඔවුන්ව පොලිසියේ තාප්පය අසලට ගෙන ගොස් වෙඩි තබා මරා දැමූ බව. මෙවැනි ක්‍රියා අනුමත කළ හැක්කේ කෙසේද? මෙම නිලධාරියා පසුව මධුලෝලී තත්වයෙන් පෙළි අකාලයේ මිය ගියා.

අත්අඩංගුවට ගෙන සිටි විෙජ්වීරගෙන් කට උත්තරයක් ගැනීමට ටිරල් ගුණතිලක මහතා අපට නියෝග කළ නිසා මමත් සර්නි විෙජ්සූරියත් තවත් නිලධාරින් පිරිසකුත් යාපනය බන්ධනාගාරයට ගියා. විෙජ්වීර කථාවට ඉතා ලැදියි. ඔහු හැම දෙයක්ම අපිට කිව්වා. අපි ඒවා පටිගත කළා. පසුව අත්අඩංගුවට පත් කැරලිකරුවන් මානසිකව වැට්ටවීමට විෙජ්වීර කථා අඩංගු හ~ පටි ඉයන් වික්‍රමනායක මෙහෙයවීම මත ඉතා සාර්ථකව යොදා ගනු ලැබුනා.

විෙජ්වීර කිසිදු අවහිරයකින් තොරව අපට තොරතුරු ලබා දුන් අතර යාපනයේ සිටි කාලයේ අප ඔහුව බන්ධානාරයෙන් එලියටද ගෙන ගියා. වරක් අපි කීරමලේ උණු වතුර ලිං වලට ගොස් නෑවා. විෙජ්වීරත් ඇඳුම් පිටින්ම නෑවා. එහිදි හදිසියේම නාවික හමුදාව පැමිණ අප ගැන විමසිලිමත් වුනා. එහෙත් අපි රහස් පොලිසියෙන් බව කී විට ඔවුන් ඉවත්ව ගියා.

අපි විෙජ්වීරගේ පටිගත කරන ලද කට උත්තරය ටිරල් ගුණතිලක මහතාට භාරදුන් විට ඔහුට එය ලිඛිතවත් අවශ්‍ය උනා. එබැවින් යලිත් වරක් මම කට උත්තරය ලිඛිතව ලබා ගත්තා.

කැරැල්ලට අවි ආයුධ හා මුදල් ඉල්ලා රෝහන විෙජ්වීර දකුණු යේමනයට විරාජ් ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු යවනු ලැබුවා. ඔහු ලන්ඩනය හරහා දකුණු යේමනයට ගොස් රාජ්‍ය නායකයා හමු වීමට සැලසුම් කරත් එය සාර්ථක වූයේ නැහැ. ඉන් පසුව මෙම පුද්ගලයා යේමනයේ රාජ්‍ය නායකයා ලියන ලෙසට ලිපියක් තමාම ලියා එය ඉදිරිපත් කලා. පසුව විරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ තතු අපට හෙලි කළා. 71 කැරැල්ලට කිසිම විදේශ ආධාරයක් තිබුනේ නැහැ.

ලොකු අතුල අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙලින්ම ගෙන එනු ලැබුවේ,. රහස් පොලිසියේ හතරවෙනි තට්ටුවට. ඔහු චේගුවේරා නිල ඇඳුම් හා බූට්ස් පැළඳ සිටියා. ඇඟ පුරා මඩ. ඔහුගේ පාදයකුත් තුවාලවයි තිබුනේ. ඔහුට අප විසින් පටිගත කළ විෙජ්වීරගේ හෙළිදරව්කිරීම් වාදනය කළ විට ලොකු අතුල තුල ක්ෂණික බිඳවැටීමක් අප දුටුවා. ඉන් පසු ඔහු රජයේ සාක්කිකාරයෙකු බවටත් පත් වූවා.

ඒවාගේම පසුව අත්අඩංගුවට ගත් ගාමිණීි බාස් , රංජිත් ආනන්ද හෙවත් පොඩි රංජිත් ඇතුළු විශාල පිරිසකට මෙම ටේප් පටිය හා විෙජ්විර දුන් කට උත්තර කියවන්නට දුන්නා. මෙම හ~ පටි හා කට උත්තර ව්‍යාජ ඒවා යැයි කීමට ඔවුන්ට හැකියාවක් තිබුනේ නැහැ. ඔවුන් ව්‍යාපාරයට බැඳුනු දින සිට විෙජ්වීර සමග කළ සියලූ රහස් ගනුදෙනු පිළිබඳ විස්තර එතැන තිබුනා. ඒ නිසා එම කට උත්තර වල අව්‍යාජ භාවය ගැන ඔවුන් සක්සුදක් සේ දැන සිටියා.

අත්අඩංගුවට පත් වීමෙන් පසු රංජිත් ආනන්ද හෙවත් පොඩි රංජිත්  අපට හෙළි කළා ස්ථාන 27 ක් දැනට කැරළිකරුවන් රහසිගතව රැදී සිටින. ඔහු ශරීර ප්‍රමාණයෙන් කුඩා, පහසුවෙන්ම බිඳ වැටුනු පුද්ගලයෙක්. එහෙත් දකුණු පළාතේ ප්‍රධාන සටන් නායකයෙක්.  රංජිත් ආනන්ද හෙවත් පොඩි රංජිත්  සහ කාන්තා පොලිස් නිලධාරිනියක් මගෙ මතකයේ හැටියට ඇය ඩබ්ලිව්.පී.සී හේරත් එකට මාංචු දාලා රාත්‍රියේ මෙම ස්ථාන බැලීමට ගියා. කොළඹ, කෝට්ටේ, පිටකෝට්ටේ, පිලියන්දල, කැස්බෑව, වගේ ප්‍රදේශ වල නිවාස 27 විතර ප්‍රමාණයක රැදී සිටි ජ.වි.පේ. කැරලිකරුවන් සිටි නිවාස අප සලකුණු කර ගත්තා. මොවුන් ප්‍රති සංවිධානය වී නැවත ප්‍රහාර ආරම්භ කිරීම සඳහායි මෙම ආරක්ෂිත ස්ථාන වල සිටියේ.  පසු දින රාත්‍රියේ මෙම ස්ථාන සියල්ලම එක වර එකම වෙලාවේදි වටලා කැරලිකරුවන් රැසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අතර අපට අවශ්‍යව සිටි ප්‍රාදේශීය නායකයින් ගණනාවකුත් සිටියා.

අත්අඩංගුවට ගත් ගාමිණී බාස් ලෙහෙසියෙන් බිඳ වැටෙන කෙනෙකු නොවෙයි. ඔහුට තම බිරිඳ ගැන, දුකක් හා බයක් තිබුනා. ඔහු අපෙන් ඇහුවා සර් මට පවුල බලන්න පුළුවන්ද කියලා. ඒ මානුෂික අව්‍යශතාව මත අප ඔහුගේ බිරිඳ හමුවීමට අවසර දුන්නා. ඇය බම්බලපිටියේ ජයගිරි හෝටලේ වැඩ කරමින් සිටයේ.

මට හැකි උනා නන්දන මාරසිංහ, ජී.අයි.ඩී. ධර්මසේකර, ගාමිණී  යාපා, කාසෝ අල්විස්, බෝල සමරේ වැනි කැරළිකරුවන් අත්අඩංගුවට ගැනීමට. ඒ පිළිබඳව මට පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා ප්‍රසාද ලිපියකුත් එවනු ලැබුවා.

නන්දන මාරසිංහ අත්අඩංගුවට ගත්තේ ටෙක්නිකල් හන්දිය ලඟ මා සමඟ සාජන් ප්‍රේමරත්නත් සිටියා. අප විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර හීන් බන්ඩා හේරත් විශේෂ දක්ෂතා ඇති අයෙක් බව මට තේරුම් ගිය කරුණක්. ඔහු ලංකාවේ ප්‍රථම වතාවට පිත්තල කලගෙඩියකට පුපුරණ ද්‍රව්‍ය යොදා බිම් බෝම්බයක් නිර්මාණය කල අයෙක්. අද ඔහු සිටින්නේ ඇමරිකාවේ. පුහුණු ගුවන් නියමුවෙකු ලෙස සේවය කරනවා. 71 කැරැල්ලට සහභාගි වූ පිරිස තුල මෙවැනි දක්ෂතා තිබුනා. එම දක්ෂතා ප්‍රජාවේ යහපතට යොදා ගත්තේ නම් ඔවුන්ට විශ්මිත නිෂ්පාදන කරන්න හැකියාවක් තිබුනු බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

71 කැරැල්ල වැඩ මැඩපැවැත්වීමේදී ආරක්ෂක අංශ එකාබද්ධව සහයෝගයෙන් ක්‍රියා කළා. එය සාර්ථක ටීම් වර්ක් එකක් කිව හැකියි. දේශපාලන ඇඟිලි ගැසීම් තිබුනේ නැහැ. සිරගතව සිටි කැරලිකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීමේදී ජනාධිපති ෙජ්.ආර්. ජයවර්ධන රහස් පොලිසියෙන් නිර්දේශයන් විමසුවේ නැහැ. අත්අඩංගුවේ සිටි ඇතැම් කැරළිකරුවන් යළි ප්‍රහාරයකට අර ඇඳිය හැකි බව අප තුල සැක තිබුනා. ඒ සැක දුරු කරමින් 1988 දී  යළි කැරැල්ලක් ආවා.

1988 කැරැල්ල 71 තරම් අහිංසක නැහැ. එයට පාතාල ලෝකය පවා බද්ධවී සිටියා එසේම දේශපාලකයන් නිරන්තරයෙන්ම ඇඟිිලි ගැසුවා මෙය ඔවුන්ගේ වාසියටත් යොදා ගත්තා.

71 කැරැල්ල මැඩ පැවැත්වීමේදී අප කලේ නියෝග හා රාජකාරිය ක්‍රියාත්මක කිරීම. මට කිසිම පෞද්ගලික තරහක් කැරලිකරුවන් සමඟ තිබුනේ නැහැ. ඔවුන් නීති ගරුක පුරවැසියන් බවට පත් කිරීම තමයි මගේ අපේක්ෂාව වුනේ. මිනී මැරීම, මංකොල්ලකෑම්, දේපළ විනාශ කිරීම සමාජය අනුමත කළ නොහැකියි. දේශපාලන කැරැල්ලක් තුලදී පවා එවැනි ක්‍රියා සිදු වෙනවා. එය වැලැක්වීමට අපි බැඳී සිටිනවා.

ඇතැම් හිටපු කැරලිකරුවන් තවමත් මා සමග මිත්‍රයි. ඔවුන්ට රැකියා ලබා ගැනීමේදී දරුවන්ගේ ප්‍රශ්න වලදි මා තවමත් උදවු කරනවා. 71 දී මා විසින් ඉටු කළ රාජකාරිය පිළිබඳව මම තෘප්තිමත් කියලා මට කියන්නට පුළුවන්.

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි ; කර්තෘ වෛද්‍ය රුවන් එම්. ජයතුංග)

Thursday, July 18, 2024

මනෝ වෛද්‍ය යසලාලක සෙනෙවිරත්න පිලිබඳ සටහනක්



මනෝ වෛද්‍ය යසලාලක සෙනෙවිරත්න යනු අංගොඩ මානසික රෝහල මානුෂික රෝහලක් බවට පත් කිරීම සඳහා දැඩි උත්සහයක් ගත් වෛද්‍යවරයෙකි. මට එතුමාව  1994 වසරේ හමුවූ අතර Electroconvulsive therapy (ECT) පිලිබඳව මට විශාල දැණුම් සම්භාරයක් දුන්නේය​. මානසික රෝගීන් කෙරෙහි දයාවෙන් බැලූ මෙම වෛද්‍යවරයා මීට දශක කීපයකට පෙර මිය ගිය අතර මා විසින් ලියන ලද Clinicl Meditation කෘතිය පුදනු ලැබුවේ එතුමාටය​. 

Wednesday, July 10, 2024

නීලව්නා අම්මා

 



නීලව්නා අම්මා

(ගෝර්කිගේ අම්මා නවකතාවේ එන චරිතයකි)

නීලව්නා අම්මේ උඹ කොහිද?
අන්න පාවෙල්ගේ සිරුර
දැවෙනවා ටයර් සෑයක හන්දියේ
හොහොල් ගේ මිනිය
ගසාගෙන යයි කුණු ඇලේ

මිනිස් මොලය සහ මිනිස් මනස අතර ඇති වෙනස්කම් මොනවාද ?

  



මිනිස් මොලය සහ මිනිස් මනස අතර ඇති වෙනස්කම් මොනවාද ? මිනිස් චර්යාව සඳහා මිනිස් මොලයේ රසායණිකයන් බලපාන්නේ කෙසේද ? සීරියල් ඝාතකයෙක් සයිකෝ සර්ජරි මගින් තාපසයෙකු කල හැකිද ? එසේම භාවනායෝගී අහිංසකයෙක් මෂ්තිෂ්ක රසායණිකයන් වෙනස් කිරීම මගින් දාම ඝාතකයෙක් කල හැකිද ? දේශනයට සවන් දෙන්න .


Link ;










Thursday, July 4, 2024

The Presentation on the Human Brain and Human Mind.



The Presentation on the Human Brain and Human Mind. How human behavior is influenced by brain chemistry. By Ruwan M Jayatunge M.D. PhD 


Listen to the presentation: 

Saturday, June 15, 2024

Ageism in Sri Lankan Politics

   




Ageism is discrimination against individuals on the basis of their age. Ageism has detrimental and harmful effects on the psychological well-being of old people. Negative beliefs and attitudes towards older adults are increasingly prevalent. Generalized negative perceptions of the elderly are very common in the political arena. Ageism is thriving in Sri Lankan politics. Some groups openly denounce senior citizens engaging in politics. Growing disgust toward the elderly in society ought to be discussed.
 
Generational conflict is a common occurrence in a society. The younger generation tends to think that the elder generation is a hindering factor for their socio-economic growth. Yet, elderly, experienced people are an asset in many fields. Accumulated life experience is an important foundation for wisdom. Their life experiences are a guidepost for the younger generation. Young people have a lot to learn from their elders.
 
Antipathy toward the elderly could lead to social chaos. The mistreatment of older adults can become a social problem, and it has a certain root cause. A cycle of violence can turn child trauma victims into perpetrators. Some people with childhood trauma view the process of aging unfavorably with a judgmental attitude. They lacked empathy and had a disintegrated family system when they were growing up. According to research, elder abuse is more common among adult children with abuse histories.

Some radical political parties use ageism as a political tactic, and they encourage their followers to judge elderly people according to age-based stereotypes. They use exclusionary stigmatization of older people with prejudices and stereotyped views. This is unacceptable and has deleterious outcome for the society. It's important to highlight that during the Cambodian genocide, the Khmer Rouge used ageism to eliminate its own elderly population.

Ruwan M Jayatunge M.D.



Shame and Psychopathology

 



 
Ruwan M Jayatunge M.D. PhD 

 

Shame is a complex emotion. It is a basic feeling of inferiority, and it is self-judging the self. Shame is generally defined as strong negative emotions characterized by perceptions of the global devaluation of oneself (Budiarto & Helmi, 2021). shame brings a malignant focus on the self (Zaslav,1998).  Brockman, (2017) states that shame is a crisis of homeostasis. Shame arises from self-relevant failures and transgressions (Tangney et al., 2014).

  

The term ‘shame’ should be considered an umbrella term that refers to a whole range of experiences, including cognate emotions such as embarrassment, chagrin, mortification, and humiliation (Dolezal et al., 2022). Lewis (2000) states that shame is incapacitating and a self-conscious emotion. Shame is a multifaceted experience, and it has a social or external cognitive component, an internal self-evaluative component, an emotional component, a behavioral component, and a physiological component (Gilbert, 2002). 

 

According to Budiarto and Helmi (2021), shame is a self-evaluative emotion that involves concern and attention about oneself.  Trumbull (2020) conceptualized shame as an acute stress response to an unacceptable view of oneself mediated through another's perspective. Roberts (2023) points out that humiliation and embarrassment relate to shame. Shame occurs in relation to the perception of an observing other (Bero, 2020). Shame has been identified as a persistent negative emotional state (Taylor, 2015).

 

The experience of shame is not universal. The concept of shame should be discussed with historical and cultural backgrounds.  In an evolutionary context, shame is the affective response to the loss of one's place in the group (Brockman, 2017). Shame is strongly influenced by cultural and social factors (Collardeau et al., 2023). Wallbott and Scherer (1995) state that shame is experienced differently in collectivist cultures. The cultural anthropologist Ruth Benedict (1934) elucidated that shame arises from a violation of cultural or social values.

Shame has been linked to psychopathology. Shame can cause a devaluation of self and lower self-esteem. Franzoni and colleagues (2013) point out that Shame can cause severance of body image, low self-esteem, and feelings of guilt. Shame can disrupt cognition (Roberts,2023). Shame leads to maladaptive self-defensive actions (Liyanage et al., 2023). As described by Bynum and team (2021) shame can be associated with depression. Shame is a key emotional aftereffect of trauma (Dolezal & Gibson, 2022).  Shame can emerge following trauma and play an important role in the development and maintenance of post-traumatic stress disorder (PTSD) (Fine et al.,2023). Saraiya and team (2016) highlight shame’s functional role in the emergence and maintenance of PTSD.

 

Shame predicts depressive and anxious symptoms, as well as substance abuse, non-suicidal self-injury, and aggression (Martin et al., 2021). There is a strong link between addiction disorders and shame (Rahim & Patton, 2015). Research has identified higher levels of shame in problem gamblers (de Ridder & Deighton, 2022).  Kouri and team (2023) found a strong relationship between shame and dissociation. Nechita et al (2021) indicate that shame is a common experience among individuals across the eating disorder spectrum.

 

Shame is a core feature of borderline personality disorder (Buchman-Wildbaum et al., 2021). Wurmser (1987) states that Narcissistic personality disorders are seen to be linked to defenses against shame.  Fjermestad-Noll and colleagues (2020) speculate that shame is a mediating or a moderating factor for aggression in patients with Narcissistic Personality Disorder. Schoenleber and team (2010)) identified shame-pain associations in dependent personality disorder. According to Sanderson (2015), toxic shame destroys social bonds and can lead to antisocial behavior.

 

In schizophrenia, intense feelings of shame are observed during the early period of illness and persist despite remission from symptoms. (Miller & Mason, 2005). Keen and team (2017) analyzed the role of shame in people with a diagnosis of schizophrenia. Severity delusion in schizophrenia depends, at least in part, on a complex interplay between cognitive-perceptual disturbances and experiences of shame (Borrelli et al., 2023).

 

Research indicates that prolonged shame has psychopathological outcomes. Psychotherapeutic interventions are required to treat sequelae of self-conscious emotions such as shame. Psychological therapies should aim for the client to regulate shame. Working with shame in psychotherapy effectively has been found to alleviate symptoms and decrease distress thus creating opportunities for accepting the self as it is (Malik, 2019).

 

Cognitive-behavioral therapy (CBT) can be used to treat pathological shame. Wang and team (2020) denote the successful use of CBT to treat Social Anxiety Disorder. Cognitive behavioral therapy, mindfulness, interpersonal therapy, group therapy, family therapy, expressive arts, and community-level interventions can be effective in reducing shame (Goffnett et al.,2020).  Swales (2009) highlights the importance of using Dialectical behavior therapy (DBT) to treat shame. Balcom and colleagues (2000) indicate using EMDR (Eye Movement Desensitization and Reprocessing) to treat internalized shame. 

 

 

 

 

References

 

Balcom, D., Call, E., & Pearlman, D. N. (2000). Eye Movement Desensitiztion and Reprocessing Treatment of Internalized Shame. Traumatology, 6(2), 69-83.

 

Benedict, R. (1934). Patterns of culture. Houghton Mifflin Boston.

 

Bero S. The audience in shame. Philos Stud. 2020; 177(5): 1283-1302.

 

Borrelli DF, Ottoni R, Maffei S, Marchesi C, Tonna M. The Role of Shame in Schizophrenia Delusion: The Interplay Between Cognitive-Perceptual and Emotional Traits. J Nerv Ment Dis. 2023 May 1;211(5):369-375. doi: 10.1097/NMD.0000000000001630. PMID: 36999923.

 

Buchman-Wildbaum T, Unoka Z, Dudas R, Vizin G, Demetrovics Z, Richman MJ. Shame in Borderline Personality Disorder: Meta-Analysis. J Pers Disord. 2021 Mar;35(Suppl A):149-161. Doi: 10.1521/pedi_2021_35_515. PMID: 33650893.

 

Brockman R. Evolution, Shame, and Psychotherapy. Psychodyn Psychiatry. 2017 Winter;45(4):588-597. doi: 10.1521/pdps.2017.45.4.588. PMID: 29244629.

 

Budiarto Y, Helmi AF. Shame and Self-Esteem: A Meta-Analysis. Eur J Psychol. 2021 May 31;17(2):131-145. Doi: 10.5964/ejop.2115. PMID: 35136434; PMCID: PMC8768475.

 

Bynum WI, Teunissen PW, Varpio L. In the “shadow of shame”: A phenomenological exploration of the nature of shame experiences in medical students. Acad Med. 2021;96:S23–S30.

 

Collardeau, F., Dupuis, H. E., & Woodin, E. (2023). The role of culture and social threats in constructing shame: Moving beyond a western lens. Canadian Psychology / Psychologie canadienne, 64(2), 132–143.

 

de Ridder B, Deighton RM. The Effect of Shame and Self-Efficacy on Gambling Behaviour. J Gambl Stud. 2022 Sep;38(3):1059-1073. doi: 10.1007/s10899-021-10059-6. Epub 2021 Jul 15. PMID: 34268668.

 

Dolezal, L., Gibson, M. Beyond a trauma-informed approach and towards shame-sensitive practice. Humanit Soc Sci Commun 9, 214 (2022). https://doi.org/10.1057/s41599-022-01227-z

 

Fine NB, Ben-Zion Z, Biran I, Hendler T. Neuroscientific account of Guilt- and Shame-Driven PTSD phenotypes. Eur J Psychotraumatol. 2023;14(2):2202060. doi: 10.1080/20008066.2023.2202060. PMID: 37166158; PMCID: PMC10177695.

 

Fjermestad-Noll J, Ronningstam E, Bach BS, Rosenbaum B, Simonsen E. Perfectionism, Shame, and Aggression in Depressive Patients With Narcissistic Personality Disorder. J Pers Disord. 2020 Mar;34(Suppl):25-41. doi: 10.1521/pedi.2020.34.supp.25. PMID: 32186981.

 

Franzoni, E., Gualandi, S., Caretti, V., Schimmenti, A., Di Pietro, E., Pellegrini, G., … Pellicciari, A. (2013). The relationship between alexithymia, shame, trauma, and body image disorders: Investigation over a large clinical sample. Neuropsychiatric Disease and Treatment, 9(1), 185–193.

 

Gilbert, P. (2002). Body shame: A biopsychosocial onceptualization and overview with treatment  implication.  In  P.  Gilbert  &  J.  N.  V.  Miles  (Eds.).  Body  shame: Conceptualisation, research and treatment (pp. 3-54). Hove: Brunner-Routledge.

 

Goffnett,J.,   Liechty,J.M.,  Kidder,E. (2020) Interventions to reduce shame: A systematic review, Journal of Behavioral and Cognitive Therapy, Volume 30, Issue 2.

 

 

Keen N, George D, Scragg P, Peters E. The role of shame in people with a diagnosis of schizophrenia. Br J Clin Psychol. 2017 Jun;56(2):115-129. doi: 10.1111/bjc.12125. Epub 2017 Jan 19. PMID: 28105670.

 

 

Kouri N, D'Andrea W, Brown AD, Siegle GJ. Shame-induced dissociation: An experimental study of experiential avoidance. Psychol Trauma. 2023 May;15(4):547-556. doi: 10.1037/tra0001428. Epub 2023 Jan 26. PMID: 36701538.

 

Lewis, M. (2000). Self-conscious emotions: Embarrassment, pride, shame, and guilt. New York: Guilford.

 

 

Liyanage, N., & Usoof-Thowfeek, R. (2023). You Should Be Ashamed of Yourself: Culture and Shame Driven Personal Growth. Journal of Cross-Cultural Psychology, 54(5), 574-590.  

 

Malik, A (2019). Working with Shame in Psychotherapy: An Eclectic Approach. The Bright Side of Shame pp 381–394.

 

Martin F, Scheel C, Legenbauer T. Shame Coping Strategies Amplify Certain Psychopathologies. Psychopathology. 2021;54(6):305-314. Doi: 10.1159/000517767. Epub 2021 Sep 7. PMID: 34492657.

 

Miller, R., & Mason, S. E. (1999). Phase-specific psychosocial interventions for first-episode schizophrenia. Bulletin of the Menninger Clinic, 63, 499–519.

 

Nechita DM, Bud S, David D. Shame and eating disorders symptoms: A meta-analysis. Int J Eat Disord. 2021 Nov;54(11):1899-1945. doi: 10.1002/eat.23583. Epub 2021 Jul 24. PMID: 34302369.

 

Rahim M, Patton R. The association between shame and substance use in young people: a systematic review. PeerJ. 2015 Jan 22;3:e737. doi: 10.7717/peerj.737. PMID: 25649509; PMCID: PMC4312064.

 

 

Roberts LW. Addressing Shame in Medical Education. Acad Med. 2023 Jun 1;98(6):649-650. Doi: 10.1097/ACM.0000000000005209. Epub 2023 May 25. PMID: 37256308.

 

Sanderson, C (2015) Counselling skills for working with shame. Jessica Kingsley Publishers, London, and Philadelphia.

 

 

Saraiya T, Lopez-Castro T. Ashamed and Afraid: A Scoping Review of the Role of Shame in Post-Traumatic Stress Disorder (PTSD). J Clin Med. 2016 Nov 1;5(11):94. doi: 10.3390/jcm5110094. PMID: 27809274; PMCID: PMC5126791.

 

Schoenleber M, Berenbaum H. Shame aversion and shame-proneness in Cluster C personality disorders. J Abnorm Psychol. 2010 Feb;119(1):197-205. doi: 10.1037/a0017982. PMID: 20141256.

 

Swales, A.M. (2009)).Dialectical Behaviour Therapy: Description, Research and Future Directions International Journal of Behavioral Consultation and Therapy. Volume 5, No. 2.

 

 

Tangney JP, Stuewig J, Martinez AG. Two faces of shame: the roles of shame and guilt in predicting recidivism. Psychol Sci. 2014;25(3):799–805. https://doi.org/10.1177/0956797613508790.

 

Trumbull D. Shame: An Acute Stress Response to Interpersonal Traumatization. Psychiatry. 2020 Spring;83(1):2-14. Doi: 10.1080/00332747.2020.1717308. PMID: 32191608.

 

 

Taylor TF (2015) The influence of shame on posttrauma disorders: have we failed to see the obvious? Eur J Psychotraumatol 6:28847.

 

 

Wallbott,  H.  G.,  & Scherer  K.  R. (1995).  Cultural determinants  in  experiencing  shame  and  guilt. In  J.  P.  Tangney  &  K.  W.  Fischer  (Eds.),  Self-conscious  emotions:  The  psychology  of  shame,  guilt,  embarrassment,  and  pride  (pp.465–487).  New  York:  Guilford.

 

Wang H, Zhao Q, Mu W, Rodriguez M, Qian M, Berger T. The Effect of Shame on Patients With Social Anxiety Disorder in Internet-Based Cognitive Behavioral Therapy: Randomized Controlled Trial. JMIR Ment Health. 2020 Jul 20;7(7):e15797. doi: 10.2196/15797. PMID: 32347799; PMCID: PMC7400034.

 

Wurmser L: Shame: the veiled companion of narcissism, in The Many Faces of Shame, edited by Nathanson DL. New York, Guilford, 1987, pp 64–92

 

Zaslav MR. Shame-related states of mind in psychotherapy. J Psychother Pract Res. 1998 Spring;7(2):154-66. PMID: 9527959; PMCID: PMC3330497.

Friday, June 14, 2024

නාරිකා රථය





වින්සන්ට් ලංකාතිලක කැලිඩස්කෝපය අතට ගෙන එය තමන් ගේ ඇසට ලං කලේය. ඔහු විවිධාකාර රූ රටා දුටුවේය. ඇසිපිය හෙලන මොහොතකදී ඔහුගේ දෙනෙත් නිලංකාර කරමින් කැලිඩස්කෝපය  තුල විදුළි කොටන විට ඇති වන රටා මතු විය.  ඉන්පසු ඇති වූයේ අඳුරකි. සුළු වේලාවකින් පසුව යළිත් ආලෝකය පැතිරුනේය. දැන් ගාමිනී ඒකනායක ඔහුගේ දෙනෙත් අභියසය. ගාමිණී ඒකනායක ඔහුට හමු වූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේය. කොට තරමක් මහත ගාමිණී ඒකනායක ඉපදුනේ මාතර ප්‍රදේශයේ දුෂ්කර ගමකය. ඉතා අසීරුවෙන් ඉගෙනුම ලැබූ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ඉන්ජිනේරු උපාධිය ලැබුවේය. 


ඔහුගේ බිරිඳ මල්ලිකා හින්ඳගොඩ ගේ ආරම්භයද ගාමිණී ඒකනායක ගේ මෙනී. දුගී බව , කුල පීඩනය වැනි සාධක නිසා මල්ලිකා හින්ඳගොඩ ගේ පාසල් කාලය ප්‍රිය ජනක එකක් නොවීය. එහෙත් බාධක මැද නිදහස් අධ්‍යාපනය නිසා හිස එසවූ  මල්ලිකා වෛද්‍ය  පීඨයට ඇතුලත් වූවාය. 

මල්ලිකා රූමත් නැත. ඇය කළු පාටය. දත් මඳක් බොල්ලෑය. ඇය රජ රට ප්‍රදේශයේ කර්කෂ හේන් ගොවිතැනේ යෙදෙන අව්වට පිච්චී ගිය ගෙවිළියක් වැනිය. එහෙත් වෘත්තියෙන් ඇය දොස්තරවරියකි. ඒ නිසා ඇයව කසාද බැඳීමට ගාමිණී පැකිලුනේ නැත 

ලංකාවේ ටික කලක් සේවය කිරීමෙන් පසු  ගාමිණී සහ මල්ලිකා තම දියණියන් දෙදෙනා  සමග නවසීලන්තයට සංක්‍රමණය වූහ. නවසීලන්තයට පැමිනීමෙන් පසු මල්ලිකා මලී කියා තම නම වෙනස් කර ගත්තේ  නවසීලන්ත - ශ්‍රී ලංකා සමාජයට ගැලපෙන ලෙසටය. එහෙත් තම බිරිඳ නවසීලන්ත - ශ්‍රී ලංකා උසස් වෘත්තීය සමාජයේදී කොන් වන අයුරු ගාමිනී දුටුවේය. තම මිතුරන් වූ ඩැනී , රත්නසූරිය, අපොන්සු යනාදීන් ගේ බිරින් දෑවරු රූමත් ය. ඔවුන් ඉගෙන ගෙන ඇත්තේ කොලඹ ලේඩීස් කොලීජියේ සහ කොලඹ බිශොප් විද්‍යාලයේය. ඔවුන් ගේ සම් බටර් පැහැතිය. කෙස් පර්ම් කොට ඇත. ඔවුන් අසලින් යන විට ආකර්‍ෂණීය සුවඳ විළවුන් සුවඳක්  ගාමිණීට දැනුනේය. තම බිරිඳ අධ්‍යාපනය ලැබුවේ ගමේ ඉස්කෝලයකය.  ඇය ඔවුන් අතර  අතරමං වී ඇති සෙයක් ගාමිණීට දැනුනේය. 

තම බිරිඳ වූ මලී ඔවුන් අතර ඉඳගෙන සංවාදයේ යෙදෙන විට විශාල වෙනසක් ගාමිනී දුටුවේය. තම මිතුරන් ගේ සහකාරියන් කොලඹ ඉහල පැලැන්තියේය. කුඩා කාලයේ සිට ඉංග්‍රීසී කතා බහේ යෙදීම නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේ සෑම අත්දැකීමක්ම වතුර මෙන් ගලා යන සේ ඉංග්‍රීසියෙන් කියති. එහෙත් ගාමිනී ගේ බිරිඳට හැක්කේ රෝගීන් සමග වෛද්‍ය සංවාදයේදී යෙදෙන විට භාවිතා කරන ඉංග්‍රීසිය. ඊට අමතරව ඇයට සිංහලෙන් සිතා එය ඉංග්‍රීසියට පෙරලා සෙමෙන් කතා කල හැකිය. එහෙත් ඇයගේ ඉංග්‍රීසි උච්චාරණය දෝශ සහිතය. ඇතැම් විට ඇයගේ කතාව තුල ව්‍යාකරණ දෝෂ බහුලය. ඒ නිසා අනෙක් කාන්තාවන් ඉංග්‍රීසියෙන් සංවාදය කරන විට මලී ඒකනායක අතරින් පතර සිංහල වචන දමමින් සිංග්ලිෂ් වලින් කතා කලාය. 

තම මිතුරන් ගේ මනස්කාන්ත බිරින් දෑවරුන් අතරට වී තම බිරිඳ සංවාදයේ යෙදෙන විට  ගාමිණීට බලවත් හීනමානයක් දැනුනි. ඔවුන් රූමතියෝ වෙති. එසේම ඔවුන් ගේ ඉහල පන්තිය මුහුණු වලින් පෙනේ. අලංකාර පක්‍ෂියන් අතර සිටින කාක්කියක් ලෙස ගාමිනීට මලීව පෙනුනේය. ඇය මෙහෙකාරියක් මෙනි. ඉන්දිවරී විසින් පුතා බලා ගැනීම සඳහා තානාපති කාර්‍යාලයේ කාර්‍යමණ්ඩල සාමාජිකාවක් ලෙස නම් කොට ගෙන්වා ගෙන සිටින ආයා වුවද මලීට වඩා දැකුම්කළුය. 

ඒ හැර තම බිරිඳ අපිරිසිදු බව  ගාමිණී   දන්නේය. ඇයගේ කිහිළි වලින් දාඩිය ගඳ එයි. බොල්ලෑ වූ දත් අතර කහ පැහැති කාරමක් බැඳී තිබේ. ඇයගේ මුඛයෙන් තුණ පහ මිශ්‍රිත පල් ගඳක් එයි. මේ බව  ඇයට කීමට  ගාමිණීට ධෛර්‍යයක් නොමැත. ඇය සමග ලිංගිකව එකතු වීමට පවා ඔහුට ආශාවක් නොමැත. ඇය රාත්‍රියට ගොරවන්නීය. එසේම බොහෝ විට කට දෙපසින් කුණු කෙළ වැගිරේ. 

වරක්  ගාමිණීට මධ්‍යම රාත්‍රියේදී ඇහැරුනි. ඔහු කුඩා මේස ලාම්පුව දල්වා තම බිරිඳ දෙස බැලුවේය. ඇය ගොරවමින් නිදාගෙන සිටියාය. දෙකම්මුල් වල මුඛයෙන් ගැලූ ඛෙටය තැවරී තිබේ. ඇය කෙරෙන් එදින රාත්‍රියේ කෑ පරිප්පු හොද්දේ සුවඳද දාහඩිය මිශ්‍රිත සුවඳක්ද ඔහුට දැනුනේය.  ගාමිණී  මේස ලාම්පුව නිවා අන්ධකාරයේම වැසිකිලියට ගියේය. කොමොඩය මත හිඳ ගත් ඔහුගේ මතකයට ආවේ අපොන්සුගේ බිරිඳය. ඇය රූමත් ය. ඇයගේ සම සිනිදුය. දෙතොල් නා දළු මෙන් රත් පැහැතිය. පිම්බුනු ඇයගේ පපු ප්‍රදේශය දෙස ගාමිනී හොරැහින් බලා තිබේ. වරක් සාදයකදී කොට සායක් ඇඳ සිටි අපොන්සුගේ බිරිඳගේ කළවා ප්‍රදේශය ඔහු දුටුවේය. 

ගාමිණී තදින් හුස්මක් ගත්තේය. ඔහුගේ පුරුෂ ලිංගයට රුධිරය ගලා ගෙන එයි. කොමොඩය මත සිටි  ගාමිණී   සරම තුලට අත යවා තම ශිශ්නය අතට ගත්තේය. තම මිත්‍ර අපොන්සුගේ බිරිඳගේ දේහය මතක් කර ගනිමින් ඔහු තම ශිශ්නය පිරි මැද්දේය. 

අපොන්සුගේ බිරිඳ ඇඳ මත වාඩිවූවාය. ඇයගේ හිර බ්‍රෙසියරය අතරින් එලියට ඒමට දඟලන පයෝදර ඔහු දුටුවේය. ඔහු ඉතා මුදුව ඇයගේ පයෝදර අතගෑවේය. ඉන් පසුතම මුව ඇයගේ මුව අසලට ගෙන ඇයගේ රත් මහත දෙතොල් ඉරුවේය.  ගාමිණී  ඇයගේ දෙතොල් උරන ගමන් ඇයගේ සුමුදු බඩවත තම දකුණු අතින් පිරිමැද්දේය. සුදු මුදු ස්පර්ශයක් ඔහුට දැනුනි. ඔහු අත තවත් පහලට ගෙන ගියේය. මුඩු ඇයගේ වසා රොදේ කෙස් කටු ඔහුගේ අතේ ඇනුනි. ඉන් ඔහු අමුතු ප්‍රබෝධයක් ලැබුවේය. ඒ අතර ඔහු ඇයගේ පියයුරු ලෙවකෑවේය. ගාමිණී අපොන්සුගේ බිරිඳ ගේ පෑන්ටිය රළු ලෙස ඇද ගලවා දැමුවේය. ඒ සමගම ඇය තම කළවා පළල් කලාය. තම ශිශ්නය ඇයගේ පුෂ්පය අසලට ලං කරත්ම ඔහුට ධාතු පහ විය. 

ගාමිණී තද හුස්මක් ගත්තේය. අතේ තැවරී තිබෙන ශුක්‍ර ධාතු ඔහු සරමේ පිහිදා ගත්තේය. ඉන් පසු ශබ්ද නඟා කොමඩ් එක ෆ්ලෂ් කොට වැසිකිලියෙන් එලියට ඇවිත් ඉදිමුණු අජූත මෘත ශරීරයක් වන් බිරිඳට මඳක් ඈත්ව නිදා ගත්තේය. 

මෙම සිදුවීමෙන් පසු ගාමිණී බොහෝ රෑ වී නින් දට යාමට පුරුදු විය. රෑ කෑමෙන් පසු ඉක්කාවක් අරින ඔහුගේ බිරිඳ මලී ඇඳට ගොස් මලාක් මෙන් නිදන්නීය. ඒ අතර පරිගණකය තිබෙන කුඩා කාමරයට වැදෙන ගාමිණී කාමරයේ දොර වසා පරිගණකය ක්‍රියාත්මක කොට කාම වෙබ් අඩවි වලට යයි. ඔහු ආශා කරන්නේ සුදු කෙට්ටු මනා ඇඟ පසඟ තිබෙන කාන්තාවන්ටය. කාම වෙබ් අඩවි වල දර්ශන බලමින් ඔහු ස්වයං වින්දනයේ යෙදෙයි. දෙතුන් වතාවක් ස්වයං වින්දනයේ යෙදීමෙන් පසු ඔහු නිදන කාමරයට විත් නිදා ගනියි. 

ඔවුන් ගේ බාල දියණිය අර්චනා ලංකාව හැර එන විට සාමාන්‍ය පෙළ නිම කොට සිටියාය. නවසීලන්තයට ඒමෙන් පසු ඇය නවසීලන්ත සංස්කෘතියට ඉක්මනින් හැඩ ගැසුනාය. ඒ සමගම ඇයට තම දෙමාපියන් ගේ අවිදග්ධ ශ්‍රී ලාංකික ග්‍රාමීය හැසිරීම් පිලිකුල් වූවාය. මේ නිසා ඇය දෙමාපියන් සමග කතා කලේ අවශ්‍ය විටකදී පමණි. තම වැඩිමහළු සොහොයුරියද මවගේ ආරෙට යමින් අර්චනා නිතර පවසන පරිදි "ගොඩේ" හැසිරීම් පෙන්වන නිසා  ඇය තම වැඩිමහළු සොහොයුරිය වූ උමායා කෙරෙන් ද ඈත් වූවාය 

යොවුන් වියට ඒමත් සමගම අර්චනා සංස්කෘතික ඝට්ටනයකට ලක් වූවාය. තම දෙමාපියන් නවසීලන්තයේ වාසය කරමින් නවීන දියුණු සමාජය සමග කායිකව ජීවත් වෙමින් මානසිකව මාතරටත් එහා දුෂ්කර ගම්මානයේ ජීවත් වීම ඇයට ප්‍රෙහේලිකාවකි. තවද තම ලිංගික දිශානතියේ අමුත්තක් අර්චනා පසක් කළාය. තරුණයන්ට වඩා ඇය ආකර්ශණය වූයේ තරුණියන්ටය. අර්චනා බොහෝ විට ආශ්‍රය කලේ සුදු තරුණියන් සහ පොෂ් ඉන්දියානු තරුණියන්‍ ය. සමහර දින වල ඇය ඔවුන් ගේ නිවෙස් වල රාත්‍රිය ගත කලාය. අවුරුදු විසි පහක් වූවද තම දියණියට පෙම්වතෙකු නොසිටීම ගැන මලී ආඩම්බර වූවාය. මලී අර්චනා ගේ කේන්දරය ලංකාවට යවා තම නැගනියගේ මාර්ගයෙන් මනාලයන් සෙවීම  නිබඳව කළාය. 

වරක් අර්චනා ගේ කාමරයට ගිය ගාමිණීට ඇයගේ පොතක් ඇතුලේ තිබී චායාරූප කීපයක් හමු විය. එම චායාරූප වල අර්චනා සුදු තරුණියක් වැළඳගෙන සිටින්නීය. එම ඡායාරූප  තමන් රාත්‍රී කාලයේ රහසින් බලන කාම වෙබ් අඩවි වල සිටින රූප වලට සමානය. ගාමිණී   ගේ  ඉහ මොළ රත් විය. ඔහු ඡායාරූපය ගෙන මලී වෙත ගියේය. 

දෙමාපියන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අර්චනා නොසැලී තමා "ගේ " එනම් සමරිසි දිශානතියට යොමුවූ අයෙකු බවත් තමන්ට කැරොල් කියා සුදු නවසීලන්ත තරුණියක් සිටින බවත් කීවාය. එදින ඔවුන් ගේ නිවස මළ ගෙයක් මෙන් නිසල විය. ගාමිණී සහ මලී අර්චනා පිලිබද රහස ශ්‍රී ලාංකිකයන් ගෙන් වසන් කිරීම සඳහා සෑම උත්සහයක්ම දැරුවෝය. දියණිය පිලිබඳ රහස කොයි මොහොතේ හෝ ශ්‍රී ලාංකික ප්‍රජාව දැනගනු ඇතැයි බියක් ඔවුන් දෙදෙනාටම තිබුනි. 

වින්සන්ට් ලංකාතිලකට කැලිඩස්කෝපය තුලින් පෙනුනේ අර්චනා සහ කැරොල් ය. ඔවුන් දෙදෙනා ප්‍රේමාලිංඟනයක වෙලී සිටියෝය. නාරිකා රථය වින්සන්ට් ලංකාතිලකට සිහිපත් විය. අර්චනා තම දුඹුරු පැහැති නිරුවත් සිරුර කැරොල් ගේ සුදු ශරීරය මත තබා ඇතිල්ලීම කළාය. කැරොල් ඇයගේ  චූචුක මුඛයට ගත්තාය. ඉන් පසු ඔවුන් දෙදෙනා දෙපසට හැරී දෙපා විහිදා කතුරු ස්ථාපිතය වෙත ගියහ. ඔවුන් දෙදෙනා ඉතා මුදුව දීර්ඝව හුස්ම ගනිමින් තම පුෂ්පයන් පිරිමදින්නට වූහ. වින්සන්ට් ලංකාතිලක කැලිඩස්කෝපයෙන් තම ඇස ඉවතට ගත්තේය. ඒ සැනින් අර්චනා සහ කැරොල් නොපෙනී ගියහ.    

Find Us On Facebook