Sunday, February 26, 2023

හරිනි ගේ ජවිපෙ දීගය




ජවිපෙ සාමාජිකයන් ගෙන් 99% සමන්විත වුනේ ග්‍රාමීය බොදු ඒක භාශික - සිංහල පමනක්  දන්නා බාහිර ලෝකය දැක නැති සංස්කෘතික වශයෙන් පසුගාමී වූ බටහිර සංස්කෘතියට ආගන්තුක වූ පිරිසක ගෙන් . මේ නිසා ඉහල මධ්‍යම පන්තිකයන් ගෙන් ඔවුන් කොන් උනා. විජේවීර මේක දැක්කා ඒ නිසා ඉහල මධ්‍යම පන්තික බටහිර ලෝකයට විවෘත වූ ඉංග්‍රීසි භාෂනයේ හැකියාව තියන සුසිල් සිරිවර්ධන , විරාජ්  ප්‍රනාන්දු සුනිලා අබේසේකර වගේ පිරිසකුත් පක්‍ෂයට ලං කර ගත්තා. නමුත් මේ අයව යොදාගත්තේ ආකර්ශනීය බවක් ඇති කරන්න සහ උපකරණ සේ භාවිතා කරන්න. භාවිතා කල පසු මේ අයට සී අයි ඒ කියා කාඩ් එක ගසා අයින් කලා.   වර්තමානයේ හරිනි අරබයා ජවිපෙ කරන්නෙත් මේකයි. මහාචාර්‍ය නලීන් සිල්වා කියන්නේ හරිනි අමරසූරිය කරාව කුලයේ අයෙකු වීම නිසාත් ඇයව ජවිපෙ විසින් තෝරා ගත්තා කියලා. නමුත් ඉදිරි කාලයේ හරිනි අමරසූරිය ගෙන්  අවශ්‍ය ය වැඩ ගත් පසු ඇයටද සී අයි ඒ කියා කාඩ් එක ගසා අයින් කිරීමේ සම්භාවිතාවක් තියනවා.  

Friday, February 24, 2023

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය ලූෂන් බර්නාඩ් ලලන්ත ද අල්විස් මහතා පිලිබඳ සටහනක්




කොළඹ හිටපු ප්‍රධාන  අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය ලූෂන් බර්නාඩ් ලලන්ත ද අල්විස් / එල් බී එල් ද අල්විස් / ලලන්ත සර්) සහ කාරියවසම් මැඩම් මගේ ගුරුවරු. ලලන්ත සර් කෙලින් අවංකව වැඩ කරපු කෙනෙක්.  වෛද්‍ය ආනන්ද සමරසේකරලා වගේ අය මේ ක්ශේත්‍රය දූෂණය කලා බලය සහ මුදල් හමුවේ. ඒත් ලලන්ත සර් මහා පවුරක් වගේ මුදල් සහ බලය හමුවේ කෙලින් හිටියා. මරණ සහ මෘත ශරීර එක්ක නිතිපතා වැඩ කලත් ලලන්ත සර් විහිලුව සිනහව අගය කලා. ඔහු කී කතා වලට අපිට මෝචරියෙත් හිනා ගියා. වරක් මෝචරියේ සුළු සේවක ස්ට්‍රයික් එකක් ගියා. ඒකට යුද හමුදාවෙන් ආදේශක සොල්දාදුවෝ යොදවලා තිබ්බේ. ඒ කාලේ (2006) මම යුද හමුදාවට අනියුක්ත වෙච්ච වෛද්‍ය  මේජර් කෙනෙක්.  මම එදා මෝචරියට ගිහින් ලලන්ත සර් හමු වුනා. යුද හමුදාවේ සොල්දාදුවෝ සුළු සේවක ස්ට්‍රයික් එක නිසා අන්ද  මන්ද වෙලා වගේ හිටියේ.මම සොල්දාදුවන්ට කිව්වා මේ ඉන්නේ මගේ ගුරුවරයෙක් එතුමාට පූර්ණ සහයෝගය දෙන්න කියලා. ඒ වගෙම ලලන්ත සර් මා විසින් ලියපු  PTSD Sri Lankan Experience පොතට post-mortem examination කිරීම සහ පසුකාලීන ක්‍ෂිතිමය අත්දැකීම්  ඇතිවීම පිලිබඳව අදහස් ලබා දුන්නා. පහත දැක්වෙන්නේ මා ලලන්ත සර් සමග වැඩ කිරීමේදී ලැබූ අත්දැකීම්. 


***********************************

1993 වසරේදී කටුගස්තොට ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සතුට විඳ ගැනීමට වරම් නොවීය​. මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූ නිසා ඉරිසියාවෙන් පෙළුණු අසල්වැසියන් මෙම සිසුවා ඝාතනය කොට මළ සිරුර ලිඳට දැමූහ​. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දිවි නසා ගැනීමක් කියා පෙන්වීමටය​. මෙම ඝාතනය සිදු වූ කාලයේ මා සිටියේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව පුහුණුවක් ලබමිනි. මෙම සිසුවාගේ දේහය ගෙන එන ලද්දේ මිනී පෙට්ටිය සමගය​. එය පොලිතීන් වලින් ඔතා තිබුනේය​. පොලිතීන් වලින් ඔතන ලද පස් තැවරී තිබූ මිනී පෙට්ටිය කම්කරුවන් විසින්  විවෘත කරන ලදි. එම අවස්ථාවේදී මමද එතැන සිටියෙමි. මුලින්ම වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා මෘත ශරීරය බාහිරින් නිරීක්‍ෂණය කරන ලදි.  සිසුවාට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කෝට් එකකි. ඔහුගේ සුදු කමිසය අත්වැසුම් සහ දෙපා වලට දමා තිබූ සුදු මේස් මාගේ අවධානයට යොමු විය​. මෘත ශරීරයේ දකුණු පස කම්මුලේ සුදු පැහැති දිලීර  විශේෂයක් බැඳී තිබුණි. දේහය පොළව යට තිබූ නිසා මෘත ශරීරයේ දිලීර  බැඳෙන්නට ඇත​. දේහය ගොඩ ගන්නා ලද්දේ මිහිදන් කොට සති හයක් හෝ අටක් ගතවූ පසුව වූවද මිනිය කුණුවී තිබුනේ නැත​. එම්බාම් කිරීමේදී යෙදූ ෆෝමලීන් නිසා දේහය ආරක්‍ෂා වන්නට ඇත​. 


වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා පිටත රැඳී සිටි සිසුවාගේ ඥාතීන් දෙදෙනෙකුට එන්නට කියා පණිවිඩයක් යැවීය​. මුලින්ම ඥාතීන් විසින් වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලද දේහය හඳුනා ගත යුතුය​. සිසුවාගේ මාමා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ දේහය හඳුනා ගන්නා ලදි. මළ සිරුර දැක ඔවුන් හඞා වැළපේ කියා මා සිතුවද ඔවුන් කිසිදු චිත්තාවේගී ප්‍රතික්‍රියාවකින් තොරව මළ සිරුර දෙස මොහොතක් බලාගෙන සිට එය තම ඥාතියාගේ බව තහවුරු කළහ​. ඉන්පසු කම්කරුවෙකු විසින් ඔවුන් දෙදෙනාව මිනී කාමරයෙන් පිටතට ගෙන යන ලදි. ඔවුන් නික්ම යාමෙන් පසුව වෛද්‍ය අල්විස් දේහය මිනී පෙට්ටියෙන් ඉවතට ගෙන වෝභාර පරීක්‍ෂණය ආරම්භ කලේය. 

*******************************
ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය​. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


ජෝති හෙවත් ලංකාවේ කැසනෝවා



හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (ජෝති) කියන්නේ අසහාය  ගායකයෙක්. ඔහු ගත කලේ බොහිමියානු ජීවිතයක්.   ජෝතිට බොහෝ කාන්තාවෝ ආකර්ශණය උනා. බටහිර ලෝකයේ කතුන් ආකර්ශනය කරගත් ගායකයන් අතර එල්විස් ,  සිනාත්‍රා , ජීන් සිමොන්ස් ආසන්නයට ජෝතිවත් තියන්න පුලුවන්. ඔහු ලංකාවේ කැසනෝවා කියන්න පුලුවන්.  ජෝතිපාල තමයි ලාංකික චිත්‍රපට ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා. ජෝති  ගීත 1222 ගයා තිබුණා.  ජෝති ජීවත් වුනේ අවුරුදු 51 පමණයි.  එහෙත් ඔහු ඉතා හොඳින් ජීවිතය වින්දනය කලා.  ජෝතිගේ මරණයෙන් පසු මේ දක්වා ජෝතිට විකල්පයක් තාමත් බිහිවී නෑ.. 

Tuesday, February 21, 2023

Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය

 




මගේ අදහස අනුව ලංකාවට වැදී ඇති හෙණය නම් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආගම් , ආගමික සංකේත සහ ආගම ප්‍රචාරක මාධ්‍ය රට වෙලා ගැනීමයි. හන්දි ගානේ පන්සල් කෝවිල් ක්‍රිස්තියානි /මුස්ලිම් පල්ලි මෙන්ම ආගමික ප්‍රතිමා වලින් භූමිය පිරී පවතියි.
නිරන්තරයෙන්ම යකඩ කටවල් වලින් ආගමික අඳෝනා පිරී පවතින අතර එය මිනිසුන් ගේ මනසික සුවය වනසයි සංවර්ධිත විනය ගරුක රටවල මා මෙවැනි කෝලම් දුටුවේ නැත. එහෙත් වරක් මෙක්සිකෝවේ අව වරප්‍රසාධිත දුප්පත් ප්‍රදේශයක අඩියෙන් අඩිය කන්‍ය මරියාගේ ප්‍රතිමා දුටුවෙමි. ඉන්දියාවේද නූගතුන් සහ දුප්පතුන් අධික ප්‍රදේශ දේව ප්‍රතිමා වලින් වැසී පවතියි. දුප්පත්කමත් නූගත්කමත් සමාජ පසුගාමීත්වයත් ඇති ස්ථාන වල ආගම් සහ ආගමික සංකේත හොඳ තවාන් භූමියකි. උත්ප්‍රාසය නම් කොතෙකුත් ආගමික සංකේත මධ්‍යයේ වාසය කලද මිනිසුන් තුල ආධ්‍යාත්මික භාවයක් විනයක් නොමැති වීමයි.

Monday, February 13, 2023

You are the cream of my coffee

 



You are the cream of my coffee

You are the icing on my cake

You made my life beautiful and eternally blissful

You are the best thing that ever happened to me

No comparison, no doubt

You are the best thing that I ever found

You are the sunshine of my world

You are the pinnacle of my life 

Friday, February 10, 2023

එළාර රජු ද්‍රවිඩ රජෙක්ද ?



එළාර රජු ද්‍රවිඩ පුද්ගලයෙකු බව සිතන්න අමාරුයි. ඔහු කේරල හෝ උතුරු ඉන්දීය කෙනෙක් විය හැකියි. එළාර රජු ද්‍රවිඩ නම් ක්‍රි.පූ ඒ යුගයේ ඒ කාලයේ ද්‍රවිඩයන් ලංකාවේ සිටි බව ඔප්පු වෙනවා. එසේ නම් ද්‍රවිඩ සෙල් ලිපි තිබිය යුතුයි. නමුත් 12 සියවස දක්වා ද්‍රවිඩ සෙල් ලිපි හමු වෙන්නේ නෑ. එලාර රජු හිංදු භක්තිකයෙකු හෝ බොදුනුවෙකු නොවෙයි. ඔහු බොහෝ විට Zoroastrianism දහම අදහන්න ඇති. ඒ නිසා තමයි හැමුරාබිගේ ඇසට ඇසක් නීතිය යටතේ තමන් ගේ පුතාව කරත්තයට යට කරලා මරන්නේ. ඒක ජනප්‍රියතාව ලබා ගන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. එළාර රජු යටසේ සිංහල සේනාධිපතිවරු පවා සේවය කලා. එළාර රජු ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනයක් ගෙන ගියා. වසර 44ක රාජ්‍ය පාලනයෙන් පසු එළාර රජුගෙන් රට බේරා ගත්තේ දුටු ගැමුණුයි. මහා වංශය රචනා කර තිබෙන්නේ එළාර - දුටු ගැමුණු යුද්ධයෙන් සියවස් 15කට පසුවය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන කියන පරිදි එළාර වෙළෙඳ නැව් සමූහයකට නායකත්වය දුන් අයෙක්. එළාර රජු ද මුටසිව රජ පරපුරින් පැවතෙන බවත් හෙළ + ආර එළාර වූ බවටත් මතයක් තියනවා. එළාර රජුගේ අමාත්‍ය මණ්ඩලයේ බෞද්ධයන් ද සිටි බව කියවෙනවා. එළාර දුටුගැමුණු යුද්ධය සිංහල දෙමල සටනක් නොවෙයි. ඒක ලෝකයේ මුල් කාලීන ආගමික යුද්ධයක්. (මීට ඉහතදී ඊජීප්තුවේ ආගමික යුද්ධ ඇති වෙලා තියනවා) එළාර දුටුගැමුණු යුද්ධයේදී සිංහලයන් දෙපස බෙදී එකිනෙකා මරා ගත් බව කියවෙනවා.  

Sunday, February 5, 2023

පවු කරන්නේ බලාගෙන

 


පවු  කිරීම නිසා ඔබගේ ලබන ආත්මය කෙසේ විය හැකිද​? පාප යුනිට් 50 පැන්නූ විට ඔබ  ක්‍රිටිකල් පාප යුනිට් වලට වැටී යයි. එහි විපාක මෙසේය 

පාප යුනිට් 50 - කැනඩාවේ / ඕස්ට්‍රේලියාවේ ආදි  වාසියෙකු ලෙස උපත ලැබීම​

පාප යුනිට් 60 - සෞදි අරාබියේ කාන්තාවක් වී උපත ලැබීම 

පාප යුනිට් 70 - ඇමරිකාවේ දුප්පත් කළු ජාතිකයෙකු වී උපත ලැබීම 

පාප යුනිට් 80 ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් වී උපත ලැබීම 

පාප යුනිට් 90 - ශ්‍රී ලංකාවේ පීඩිතයෙකුවී උපත ලැබීම 

පාප යුනිට් 100 - තිරිසන් යෝනියේ උපත ලැබීම 

Wednesday, February 1, 2023

අන්රයියේ ඇත්ත කියපං

 




 අන්රයියේ ඇත්ත කියපං මට
උඹලා බලයට ආවොත් අපිව මොකද වෙන්නේ
 උඹලා අපිව ද්‍රෝහියෝ ප්‍රතිගාමියෝ කියලා
ප්‍රතික්ශේප කරලා ලේබල් කරනවද ? 
අපිව පුනරුත්ථාපන කඳවුරු වලට දක්කනවද ?

එහෙමත් නැත්තං
විශ්ව විද්‍යාල වල ඉන්න
උඹලාගේ නවක වධ සෙට් එක දමලා
අපිට පොළු වලින් ගහලා මරණවද ?  
නැත්තං මොළ හෝදපු රතු ගැටව් දම්මලා
අපිට ගල් කටස් වලින් ඔළුවට තියනවද ?

අන්රයියේ ඇත්ත කියපං මට
උඹලවත් නොදන්න උඹලවත් ජීවත් වෙලා නැති
සමාජවාදයක් හදන්න අපිව ගිනි පිග්ලා කර ගන්නවාද ?
මෝලෙක් නිසා යන්තං සාගතයෙන් බේරුනු අපිට
කැඳත් නැති කරනවද ? 

එහෙමත් නැත්තං
උඹලා රජ සැප විඳිමින්
අපිට පස් කාපියව් කියයිද ? 
සමෘධිමත් යුගයක් කරා අපිව ගෙන යනවා කියමින්
අපිව පොල් පොට් යුගයකට ගෙන යනවාද ? 

Find Us On Facebook