Tuesday, December 13, 2022

වෙන්ඩ හොරු

 



ප්‍රධාන පක්‍ෂ දෙකේ දේශපාලකයන් විසින් කරන ලද හොරකම් ප්‍රසිද්ධය​. මේ අනාගතයේ බලය අතට ආ විට අනිවාර්‍යෙන්ම හොරකම් කරන පුද්ගලයන් පිලිබඳ හෙලිදරව් කිරීමකි. මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෛද්‍යවරයෙකු විසින් හොර ඔප්පුවක් තනා එක්තරා වෛද්‍යවරයෙකුගේ සායනය සහ අදාල බිල්ඩිම තමන් සතු කර ගැනීමට කල කූට වෑයම පිලිබඳවය. මේ කතාව මට කියන ලද්දේ අගතියට ලක් වීමට ගිය වෛද්‍යවරයාය​. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ( ඇයත් වෛද්‍යවරියකි) විදෙස් ගතවූ වෛද්‍යවරයෙකුට අයත් සායනය සහ අදාල බිල්ඩිම තමන් සතු කර ගැනීමට කූට වෑයමක් දරණ ලදි . නමුත් එම වෛද්‍යවරයා ඉතා අසීරුවෙන් මෙම කූට වෑයම මැඩ පවත්වා ගන්නා ලද්දේය. මෙම අශෝබන සිදුවීම මාධ්‍යට හෙළි නොකරන්නේ මන්ද? කියා ඇසූ විට ඔහු කීව්වේ " මොකටද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙන්නේ ; කොහොම හරි මම ඒ අයගේ වංක වෑයම පැරැද්දුවානේ. බිල්ඩිම ඒ අයට අත්පත් කර ගන්න බැරි උනානේ " කියාය​. එහෙත් මා ඔහුට කීවේ මෙවැනි සිදුවීම් වාර්තා නොකිරීම නිසා වෙනත් පුද්ගලයෙකු ඔහු වැටීමට ගිය වලේ වැටීමට ඉඩ ඇති බවයි.

Find Us On Facebook