Sunday, August 28, 2022

ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත



ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත ටිකක් තියනවා . මේ චරිත බොහෝ පන්සල් වලට පොදුයි. 

1) පන්සල් සීතාලා { පන්සල් සීතාලා බෝහෝ විට මැදිවියේ ගැහැණුය​. පුරුෂයන් බොහෝ විට ජීවිතය පිලිබඳව උදාසීනය​. ලිංගික වශයෙන් අඩුවෙන් සක්‍රියය​. ඒ නිසා පන්සල් සීතාලා පන්සල බදාගනිති. පන්සල් සීතාලා එකිනෙකා කෙරෙහි  ඉර්ශියා අතර හාමුදුරුවන් ගෙන ලකුණු දා ගැනීම සඳහා තරඟයක නියැලෙති. හාමුදුරුවන් ද මේ කිසිම කෙනෙකු අප් නොකොට සියල්ලන් ගෙන්ම වැඩ ගනිති. }

2) පන්සල් හරමානිස් { පන්සල් හරමානිස් යනු පන්සල මගේ , පන්සලේ සියළු කටයුතු මගේ ප්‍රධානත්වයෙන් සිදු විය යුතුයි කියා විශ්වාස කරති. කාලය ගත කරන්නේ පන්සලේය​. හැමෝටම අරක කරන්න මේක කරන්න කියා ඕඩර් දෙති. තමන් විසින්ම තමන්ව පත් කර ගත් ලොක්කෙකි. බොහෝ විට විශ්‍රාමික  ඩයල් එකකි. රැකියාවේ හෝ නිවසේදී නොලැබූ අධිකාරිත්වය පන්සලේදී ලබා ගැනීමට උත්සහ කරයි. }

3) පී. බී ජයසුන්දරලා { ( පී. බී නොහොත් පින් බත් ජයසුන්දරලා දැකිය හැක්කේ පිටරට පන්සල් වලය​. උයන්න කම්මැලිය , පිනට කන්න කැමතිය​. පන්සල් එන්නේ කෑමක් බලාගෙනය​. 

4) ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා { ශාක වල ප්‍රජනක අවයව පිලිම වලට පූජා කල විට දිව්‍ය ලෝකයේ යා හැකි බව ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා විශ්වාස කරති. එසේම පිනකම් කරන්නේ මේ ජීවිතයේ නොලැබුනු සැප සම්පත් ලබන ආත්මයේදීවත් ලැබේවා කියාය​. රුපියලක් පිනට දී දෙව් මිනිස් සැප බලාපොරොත්තු වේ. }

5) මඤඥං උපාසක { එලෝ විකාරයෙන් අවබෝධයක් රහිතව හාමුදුරුවන් කියන පාලි පාඨ  රිපීට් කරයි. නිවන් යාම සඳහා නිතරම පාලි පාඨ  රිපීට් කල යුතු බව සිතයි }

6) අඤඥ කොරොස් උපාසක {  බණ අසන ගමන් හාමුදුරුවන් ගෙන් අපබ්‍රංස ප්‍රශ්න අසයි. පියමතුරා බුදුන් ගේ පියා ගේ නම මොකක්ද ? විඤ්ඤාණ ධාතුව පොලෝ තලයේ ගැටී පවතිනවාද ? අරූප ලෝක ගනන කීයද ? වැනි ප්‍රශ්න හාමුදුරුවන් ගෙන් අසයි තමන් ධර්ම භාණ්ඩාගාරික කෙනක් බව සිතයි. }

7) කපටි උපාසක { පන්සල් එන්නේ යම් ලාභයක් බලාගෙනය​. තමන් ගේ බිස්නස් එක ප්‍රවර්ධනය කිරීමට පන්සල යොදා ගැනීම මූලික අරමුණය​.  තමන් ගේ නම යකඩ කටින් කියවා ගැනීම ජනප්‍රියතාවය අපේක්‍ෂා කරයි. }

Wednesday, August 24, 2022

අපට රසායණික විද්‍යාව සමග ජීවිතය කියා දුන් දෙව්රුවන් අල්විස් ගුරුතුමා



උසස් පෙළ  රසායණික විද්‍යාව  ගුරුවරයෙකු වූ දෙව්රුවන් අල්විස්  මහතා 1984 වසරේ නුගේගොඩ රොටරි ආයතනයේදී අපට රසායණික විද්‍යාව ඉගැන්වීය​. එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකි. හොඳ සන්නිවේදකයෙකි. අපගේ පන්තිය ආරම්භ වූයේ ඉරිදා දහවල් 2.00 ටය​. දහවල් දෙකේ සිට සවස හත දක්වා ඉතා කෙටි විවේකයක් සමග එතුමා අපට පන්ති කලේය​. ටකරං වහලයේ රස්නය සහ බංකු වල කිටි කිටියේ තදවී අවම පහසුකම් යටතේ සිටි අපගේ අවධානය පැය 5 දක්වා කාලයක් මනාව ගෙන එතුමා අපට රසායණික විද්‍යාව කියා දුන්නේය​. මේ නයින් සිසුන් ගේ අවධානය තමන් වෙත පැය ගනනාවක් යොමු කොට ගෙන රසායණික විද්‍යාව වැනි වියළි විශයක් රසවත් ලෙස කියා දීමේ හැකියාව තිබූ එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකු ලෙස මා අද දිනයේ දකිමි. එසේම එතුමා අපට ජීවිතය පිලිබඳවද කියා දුන්නේය​. එතුමා වැනි ගුරුවරු දුර්ලභය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, August 20, 2022

බුලට් මහින්ද හෙවත් නීතිඥ මහින්ද ජයවර්ධන

 


 

71 විත්ති ලිවීමේදී අනිවාර්යයෙන්ම බුලට් මහින්ද චරිතය පිළිබඳව ලිවිය යුතු බව දැනමුත්තෝ පෙන්වා දුන්හඔහු පිළිබඳව හැඳින්වීම කළ පුද්ගලයා බුලට් මහින්ද ගැන කියුවේ හිරේ කඩාගෙන පනින යකඩයා වැනි චරිතයක් ලෙසටයමෙම අපුරු පුද්ගලයා සමඟ සංවාදයෙයෙදීමට මට ආශාවක් ඇති වියඑහෙත් මා ඔහුට දුරකථනයෙන් ඇමතූ මුල වතාවේදි ඔහු කරුණු කථා කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.  ඔය පත්තරකාරයෝ ඇවිල්ලා එක එක විකාර ලියාගෙන යනවාඔහු නෝක්කාඩු ස්වරයකින් පැවසීයමා පත්තරකාරයෙකු නොවන බවත් නමුත් පත්තර වලට ලිපි ලියන්නෙකු බව හා 71 කැරැල්ලේ අප්රකට අත්දැකීම් පිළිබඳව පොතක් ලිවීමට අදහස් කරන බව කීමෙන් පසුව ඔහුගේ යම් බුරුලක් ලැබිනිමහින්ද වෘත්තියෙන් නීතිඥයෙකිඑම නිසා උසාවි නොයන දිනකදි ඔහුව මුණ ගැසීම සඳහා කිහිප දවසක් දුරකථනයෙන් ඇමතුවෙමිඅවසානයේදි බුලට් මහින්ද හෙවත් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා මා ඔහුගේ කාර්යාලයේදි මුණ ගැසීමට එකඟ වියපහත දැක්වෙන්නේ බුලට් මහින්ද මට පැවසූ කථාවයි.

 මගේ ගම් පළාත හලාවතමගේ සීයා කරවිට ප්රදේශයේ ආරච්චි කෙනෙක්පියා ව්යාපාරික වැඩ වල නිරතව හිටියාඔහු නිවෙසට පැමිණියේ සතියකට වරක්කුඩා කාලයේ සිටම මා අසාමාන් දඟකාරයෙක්පාසලේත් කට්ටි පනිනවාඅනික් සිසුන් සමඟ ගහගන්නවාහලාවත ටවුමේ රස්තියාදු වෙනවාසාමාන් පෙළ දක්වා මගේ අධ්යාපනය කුණාටු මුහුද වගේමම පාසල් 7කට ගියාහලාවත ආනන්දසෙන්ට් මේරිස්මාදම්පේ සෙන්ට්රල් යනාදි වශයෙන් ආරවුල් හා පැමිණිලි නිසා බොහෝ පාසල් වලින් පවා අස් කළාමම මාදම්පේ සෙන්ට්රල් එකට ඇතුළු උනහම මගේ මාමා එහි උප විදුහල්පතිමාමා මාරුවක් ඉල්ලගෙන ගියා මූ ඉස්කෝලේ මදාවිකම් කරන කොට මගේ සායමත් යනවා කියලා.

 පන්තියෙ වැඩ වලට උනන්දුව නොයෙදුවාට මම ගණිතයට දක්ෂයිපාසලෙන් කට්ටි පැනලා හලාවත බස් ස්ටෑන්ඩ් එකේ රස්තියාදු ගහලා විභාගයට කිසිම දෙයක් පාඩම් නොකර ගිහින් ලිව්වට මම තමයි ගණිතයට පංතියේ වැඩිම ලකණු ගත්තේමම ආශ්රය කලේ මගෙ පවුලෙ තරාතිරමට නොගැලපෙනවා යැයි සැලකූ පුද්ගලයන්අපේ ඥාතින්  අයගේ ගෙවල් වලට මම යනවාටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ.

 1969 කාලයේ මට අවුරුදු 15 විතර ඇතිහලාවත බස් ස්ටෑන්ඩ් එකේ හිටියා ටොෆි කමල් කියලා පුද්ගලයෙක්කමල් ඛදඩැ පැල ණසිි පැ කියන ටොෆී ස්ටෑන්ඩ් එකේ වික්කාඑයා අමුතුම අදහස් තිබූ කෙනෙක්අපි දැනගෙන හිටියේ නැහැ කමල් .වි.පෙ දේශපාලන වැඩ වලට සම්බන්ධ බව.

 කමල් වැඩිහිටියකු උනත් අපේ හිත මිත්රයෙකු බවට පත් වුනාමචං කියලා කථා කරපු කමල් පස්සේ අපිට සහෝදරයා කියලා කථා කරන්න පටන් ගත්තාඅපි ටවුන් එකේ ලෙඩ දාගත්තම අපිට අවවාද කරනවා.කමල් හමුවෙන්න විවිධ අය ආවාකමල් සමහර වෙලාවට මාවත් අරගෙන දැදුරු ඔය පැත්තට යනවාකමල්  අය එක්ක කථා කරන කං මම සිගරට් එකක් උරනවාමම මුලදි හිතුවේ කමල් හොර බඩු ජාවාරමක් කරනවදෝ කියලාඒත් පස්සේ මට තේරුණා මට නොතේරෙන දේශපාලන වැඩ ගැන මේ අය කථා කරනවාකමල් වටේ තව පිරිස හිටියා අයට පිටින එන කෙනෙක් දේශපාලන පන්ති කරනවා දැදුරු ඔය ඉවුරේ කැලෑ රොද වලමාව මේ පන්ති වලට ගත්තේ නැහැමට පැවරුනේ කට්ටිය සාකච්ඡා කරන කොට ඈතින් ඉඳං පොලිසිය හෝ පිටස්තරයෙක් එනවද කියලා බලන්න.

 මේ සෙල්ලමට මගේ හිත ඇදී ගියාඑතන රහස් පරීක්ෂක ත්රිල් එකකුත් තියනවාකමල්ට අපි සැම දෙනෙක්ම කැමතියිකමල් තමයිඅපේ කොළු නඩේට හිටි නායකයාගාමිනී ෆොන්සේකා වගේ නයිලෝන් බැනියම ඇඳලා කමල් ස්ටෑන්ඩ් එකට එනවා එතකොට අපිත් එතනට රොක් වෙනවා.

 පාසලේ මම ලෙඩක් දාගෙන මාව ඉස්කෝලෙන් අයින් කලා පාර මාව දැම්මා කුලියාපිටිය සෙන්ට්රල් එකටතාත්තා සුමානයකට සැරයක් ගෙදර එන කොට අම්මා මගේ වැරදි ලැයිස්තුව ලියලා තාත්තාගේ අතට දෙනවාකාලයක් යන කොට තාත්තාට මට ගහන එකත් එපා උනාකබර හමට තලනවා වගේ නිසා වෙන්න ඇති.

 කුලියාපිටිය සෙන්ට්රල් එකේ මටම ගැලපෙන පාසල් මිතුරෙක් මට මුණ ගැසුනාඑයාගේ නම රාජසිරි තිලකරත්නඅපි දෙන්නා පාසලේ මදාවියෝකට්ටි පනිනවා සිගරැට් බොනවාකොල්ලන්ට ගහනවාරාජසිරිත් ගණිතයට දක්ෂයාඅපි දෙන්නා පාසලේ අංක එක මදාවිකම් අතින් හා ගණිත දැනුමෙන්රාජසිරි තිලකරත්න මට දවසක් කිව්වා අමුතු ජනතා ව්යාපාරයක් ගැනමට මතක් උනාකමල්ගේ රහස් පන්තිමම කිව්වා මම හලාවතදි ඒවා කලා කියලාදැන් රාජසිරිට තවත් සතුටුයිතකට තක මාත් ඉන්නවාමම පන්ති පහ කළා.

 මට පන්ති කෙරුවේ හලාවත වනසිංහ ගුණරත්නටොෆි කමල්ට ගොතයක් තිබුන නිසා එයා දේශකයෙකු ලෙස ඉදිරියට ආවේ නැහැකමල් කලේ සංවිධාන කටයුතුකමල් දවසක් කිව්වා නුවර එළි යමු අපේ ව්යාපාරයේ නායකයාව අත්අඩංගුවට අරගෙන නුවරඑළි උසාවියට ඉදිරිපත් කරනවා කියලා අපි කෝච්චියේ නුවර එළියට ගියාඋසාවිත් ගියාආපසු එන ගමනේදි තාර ටින් එකකුයි බුරුසුවකුයි අරගෙන කෝච්චිය නවත්තන නවත්තන ස්ටේෂන් වල සටන් පාඨ ලියනවා.

 මමයි රාජසිරියි පාසලේ විද්යාගාරය කඩලා සල්ෆියුරික් අම්ලය අඩංගු බෝතල් ගෙනාවාමේ සල්ෆියුරික් අම්ලය භාවිතා කලේ ටින් බෝම්බ හදන්නමම හලාවත ප්රදේශයේ උනාට ධර්මසේකර විෙජ්වීර ගැටුම නිසා කුලියාපිටියේ ප්රදේශයේ නායකයා ඉවත් කලාප්රනන්ද  තමයි කුලියාපිටියේ හිටියේප්රනන්ද  ධර්මසේකරගේ මිනිහෙක් කියලා තමයි රාවය තිබ්බේඒත් ප්රනන්ද  දක්ෂ කරාටේ කාරයෙක්යෝග ව්යායාමත් කළා.

 ප්රනන්ද  ඉවත් කිරීමෙන් පසුව කුලියාපිටියේ වැඩ වලට දාන්න කෙනෙක් හිටියේ නැහැප්රනන්ද  එක්ක හැප්පෙන්න හැමෝම බයයිප්රනන්ද  අපේ කොකු කඩනවාඅපිට සී.අයි.කියලා හැම තැනම ලේබල් ගහනවාප්රනන්ද  එක්ක කරට කර ඉන්න දැම්මේ මාවමම කුලියාපිටියේ ප්රදේශයේ නායක රණස්ගල්ලේ ගුණදාසට සම්බන්ධ කරාප්රනන්ද  මාත් එක්ක ආරෝවට ආවේ නැහැමමරාජසිරි තිලකරත්න ඇතුළු පිරිස ආයුධ එකතු කළාඅපි නොරෝච්චෝලේ ප්රදේශයෙන් අළුත් තුවක්කු හයක් මිළට ගත්තාමේ තුවක්කු පෙට්ටි කරේ තියාගෙන රැයක මුන්නේස්වරම් වෙලේ සිට කුලියාපිටය වෙල දක්වා කැළෑ පාරවල් වලින් අපි තුන්දෙනෙක් ආවා.

 1971 අප්රේල් 5 දින අපිට නියමව තිබුනේ කුලියාපිටිය පොලිසියට පහර දෙන්නඅපේ 40 විතර කණ්ඩායමක් හිටියාරණස්ගල්ලේ ගුණදාස තමයි ප්රහාරය මෙහෙයවන්නට හිටියේඅපි ගුණදාස එනකං බලාන හිටියාගුණදාස ආවේ නැහැමේ අවස්ථාවේදි මම තීරණය කළා ප්රහාරයට නායකත්වය දෙන්නඅපි මහ රෑ පොලිසිය දෙසට ගමන් කළා.

 අපේ පිරිසේ කට්ටියක් හා ආයුධ එක්ක ලොරියක හිමිහිට පිටි පස්සෙන් ආවාමමයි කිහිප දෙනෙකුයි යාර 50 විතර ඉදිරියෙන් ආයුධ සහිතව පයින් ගියාපොලිසියට අනපේක්ෂිත ප්රහාරයක් දීමටයි අපේ සැලසුමහදිසියේම අඳුර කපාගෙන ජීප් එකක් ආවාජීප් එකේ ආපු පොලිස් කණ්ඩායම ලොරිය ගැන සැක හිතිලා ලොරියට වෙඩි තිබ්බාවෙඩිල්ලක් ලොරිය ඇතුලේ හිටපු අපේ සාමාජිකාවකගේ කකුලේ වැදුනාජීප් එක වෙඩි තියන ගමන් නොනවත්වා ඉදිරියට ධාවනය උනාජීප් එක ලොරියට වෙඩි තියාගෙන අපව පසු කරගෙන ඉදිරියට යනකොට අපි ජීප් එකට වෙඩි තිබ්බාඅපෙ පිරිස වෙඩි තැබීම නිසා කුලියාපිටිය පොලිසියේ ඉන්ස්පෙක්ටර් රණසිංහ මැරුණාඅපි  බව දන්නේ පසුවයිජීප් එක නොනවත්වාම කුලියාපිටියට පොලිසියට ධාවනය උනා.

 මේ බලාපොරොත්තු නොවූ සිදුවීම නිසා අනපේක්ෂිත ප්රහාරය කිරීම අපහසු බව මට තේරුණාදැන් ජීප් එක ගිය වහාම කුලියාපිටියේ පොලිස් නිලධාරින් අවි අරගෙන සූදානම් වෙනවාඅපිට තිබ්බේ සීමිත තුවක්කු ප්රමාණයක්මම මෙහිදි උපායක් හිතුවාකුලියාපිටිය පොලිසියට පහර දීමට පෙර පොලිස් බැරැක්කයට ගිහිල්ලා පොලිස් නිලධාරින්ගේ භාර්යාවන් අත්අඩංගුවට අරගෙන ඔවුන් ප්රාණ ඇපකාරයෝ ලෙස පොලිසියට ගෙන ගොස් කුලියාපිටියේ පොලිස්භටයන් යටත් කරගෙන ආයුධ ගන්න.

 අපි පොලිස් බැරැක්කයට ගියාකවුරුවත් එතන නැහැඔක්කොම ගෑණු ටික පොලිසියට දුවලා ආරක්ෂාවටකුලියාපිටිය පොලිසියට පහර දීමට බැරි උන නිසා අපි තීරණය කළා කුලියාපිටියේ වැවගම ප්රදේශයේ කඳවුරක් හදන්නමේ වෙන කොට පිරිස 200 විතර එකතු වෙලා අපි පාරවල් වලට බාධක දැම්මාගස් හරහාට කපා දැම්මාප්රදේශයේ පාලම පුපුරවන්න ඩයිනමයිට් දැම්මත් එය නිසි අයුරු කිරීමට අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැඅපේ තාක්ෂණික දැනුම අඩුයිපාලම පිපිරුනේ නැති නිසා අන්තිමට පෙට්රල් දාලා ලී පාලම ගිනි තිබ්බා.

 කුරුණෑගල පොලිසියට පහර දෙන්න ලොරියක් එක්ක කණ්ඩායමක් යැව්වා ලොරිය පස්සේ නාරම්මලදි පොලිසියෙන් වෙඩි තියලා අල්ලගෙන. 1971 අප්රේල් 6 දා උදේ අපි සී.ටී.බීබස් එකක් බලෙන් අල්ලගෙන කුරුණෑගලට ගියාකුරුණෑගලපොලිසියට ගහන්නකුරුණෑගල පොලිසියට පහර දීම අසාර්ථක බව කුරුණෑගල සාමාජිකයන් අපිට කිව්වාමම දැක්කා මිනි දෙක තුනක් පොලිසිය ලඟ වැටිලා තියනවාතව සාමාජිකයෙක් ලයිට්කනුව උඩ වයර්වල පැටලිලාකනුව උඩ නැගලා බෝම්බ ගහන්න ගියාම ඔහුට පොලිසියෙන් වෙඩි තියලාමිනිය ලයිට් කම්බි වල පැටලිලා.

 අපි යළිත් කුළියාපිටිය අපේ කඳවුරට ආවාමේ කඳවුර පිහිටලා තිබුනේ කුළියාපිටිය ටවුන් එකේ ඉඳලා සැතපුම් 15 විතර දුරිනුයිඅපි එන අතර මග ලවුඩ්ස්පිකර් බැඳලා ගම් වාසින්ට කථා කරගෙන ආවෙඅපි  ප්රදේශයේ බලය අල්ලලා තිබ්බේඅපිට ආරංචියක් ආවා අසල ආඬිගම වත්තේ සුද්දට තුවක්කුවක් තියනවා කියලාමම කිහිප දෙනෙක් සමඟ රෑක වත්තට ගියාඅපි යනකොට සුද්දා හමුදා භට පිරිසක් වත්තට ගෙන්නගෙනමම බංගලාව ලඟට යනවාත් එක්කම මම සිටි පැත්තට වෙඩි තිබ්බාමගේ දකුණු අතට වෙඩි වැදුනාවෙඩි පාර කාගෙන මම වැටිලා වෙඩි තියපු දිහාට වෙඩි තියන්න ගත්තා.

 මගේ ලඟ තිබුනේ ඩබල් බැරල් තුවක්කුවක්උන්ඩ ඛෙල්ට් එකක් ශරීරයෙ පටලවාගෙන හිටියාමගෙ අතින් ලේ ගොඩාක් ගියා නිසා මම ක්රම ක්රමයෙන් පසුපසට බඩගාගෙන ගියාආඩිගම වත්ත පසුකරලා ටිකක් දුර යනකොට පොඩි ගෙයක් දැක්කාමම  ගෙදර දෙසට බඩගාගෙන ගියාමා සමඟ ගිය කට්ටිය විසිරිලා කවුරුවත් පේන්න හිටියේ නැහැමම ගෙදර ආසන්නයට එන කොට බංගලාවේ හිටපු 50 ක් විතර පිරිසක් පස්සෙන් ආවා අය ටෝච් ගහ ගහ මාව හොයනවා.

 මාව දැකලා එක් අයෙක් රයිෆල් එක එල්ල කළා මගේ ඔළුවටමම ලඟ තිබ්බා රේඩියෝ වෑල්ව් එකක් නිල ඇඳුමේ සාක්කුවේමේක බෝම්බයක් වගේ මම තැන තැන ගෙනියනවා මිනිස්සු බය කරන්නමම මේ වෑල්ව් එක අතට අරගෙන  අය දෙසට විසිකරන්න හදන කොට පිරිස පැනලා දිව්වාමම  අවස්ථාවේ ගෙට රිංගුවාමම ගේ ඇතුලට යන කොට මගෙ ඛෙල්ල පැත්තට රයිෆල් උන්ඩයක් වැදුනා.

  ගෙදර අය මාව කඳවුරට ගෙන ගියාඑහිදී මගේ තුවාල වලට බේත් කරන්න දොස්තර කෙනෙක් ගෙන්නුවාමට කතා කර ගන්න බැහැඅප්රේල් 29 දක්වා මාව ගෙවල් වල තියාගෙන ප්රතිකාර කළාදැන් හමුදාව ප්රහාර එල්ල කරනවාඅපේ බලය බිෙඳනවාමාව ගෙදරක රඳවලා තිබ්බා ගෙදර මැදිවියේ කාන්තාවක් හිටියාඑයා මගේ තුවාල වලට ඛෙහෙත් කළාපොලිසිය ගෙවල් ගිනි තියනවා  නිසා මාව තියා ගන්න ගිහින් අන්තිමට හමුදාවෙන් හා පොලිසියෙන් මම හිටපු ගෙදර

වට කරාමම දුර්වලයි ඒත් මම තුවක්කුව මානගෙන හිටියාඉස්සරවෙලාම එන කෙනාට වෙඩි තියන්න.

 එලියෙහිටපු පිරිස එකපාරටම ගෙදර ඇතුලට ආවේ නැහැඋඩට වෙඩි තිබ්බා  පොකුරු වැලක්මට තේරුණා තව මොහොතකින් මාව මරණ බව වුනත් මම මරාගෙන මැරෙන මානසිකත්වයෙන් වගේ තුවක්කුව දොර දෙසට මානගෙන හිටියා ගෙදර හිටපු අම්මා මට කන්නලව් කරා තුවක්කුව අත ඇරලා යටත් වෙන්න කියලා අම්මාගේ පුතාත් අපිට එකතු වෙච්ච කැරළිකාරයෙක්අම්මා කිව්වා පුතේ දැන යටත් වෙන්නනැත්තං පොලිසිය ගෙදරට ගිනි තියලා අපිවත් මරලා දමයි.

 මම තුවක්කුව මම හිටපු ඇඳේ වියනට දැම්මාඑතකොට එලියේ හිටපු පිරිස ඇවිල්ලා මාව අල්ලගත්තාමාව පොලිස් ජීප් එකේ බොනට් එකෙ බැඳලා ගම වටේ ගෙනිච්චාඊට පස්සේ කුලියාපිටිය පොලිසියට ගෙනිච්චාකුලියාපිටිය පොලිසිය මම තුවාල වෙලා වැතිරිලා ඉන්න කොට පොලිස්කාරයන්ගේ බිරින්දෑවරු ඇවිල්ලා මට කෙල ගැහුවා මූ නේද අපිව අත්අඩංගුවට ගන්න සැලසුම් කලේ කියලාඅපේ පිරිස අතින් මැරුණු ඉන්ස්පෙක්ටර් රණසිංහගේ බිරිඳත් හිටියාඑයා ඈත ඉඳන් මා දිහා බලාගෙන කිව්වා මොකටද මේවා කලේ කියලාමට කෙල ගහන්න ආවේ නැහැ.

 කුලියාපිටිය පොලිසිය පිටිපස්සේ ලොකු වලක් කපලා අත්අඩංගුවට ගත් අයට වෙඩි තියලා මරලා පුච්චනවාමාව වල ලඟට ගෙනිච්චාමාව මරන්න හදලා ඒක නැවතුනේ දිස්ත්රික් නඩුකාර වල්ගම්පාය මහත්තයා නිසා වෙන්න ඇතිඑයා මාව කුලියාපිටිය පොලිසියට ගෙනා බව දැනගෙන පොලිසියට කථා කරන්න ඇති.

 මාව මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයට දැම්මාඑහේ දවස් දෙක තුනක් විතර තියාගෙන වැලිකඩ බන්ධනාගාරයට ගෙනාවාමට බන්ධනාගාර රෝහලෙ ප්රතිකාර කළාවැඩිපුර ප්රතිකාර කෙරුවේ ජාතික රෝහලේ උගුරකන නාසය අංශයෙන්මේ ප්රතිකාර වලින් මට කෙලින් ඉන්න පුළුවන් විදිිහට පණ ආවාමේ කාලයේ වැලිකඩ හිර ගෙදර ෙජ්ලර්ලා හිරකාරයන්ට හිතුනු හිතුනු වෙලාවට ගහනවාකථා කරන්නෙ අසභ් වචන වලින්දවසක් ආහාර ගන්න පෝලිමේ ඉන්න කොට ගාඩ් කෙනෙක් මට හේතුවක් නැතිව බැට්න් එකෙන් ගැහුවාමම පැන්න ගමන් ගාඩ්ට ගහගෙන ගහගෙන ගියාපෝලිමේ හිටියා කෑගල්ලේ රාහුලරාහුලත් ෙජ්ලර්ට ගැහුවාඅනෙක් ෙජ්ලර්ලා අපිව වට කරන කොට මම අතට ගත්තා කුස්සියේ ලිපට පිඹින යකඩ බටයතොපි එකෙක් කිට්ටු වෙන්න එපා මම තොපිව බාවනවා මම යකඩ පොල්ල අරගනෙ වැනුවාෙජ්ලර්ලා ඈත් උනාපස්සේ බන්ධනාගාර එස්.පීජෝඩ්න් ඇවිල්ලා පුතා පොල්ල අහකට දාන්න කියා කරුණාවෙන් කිව්වාජෝඩ්න් පප්පාගේ කීමට මම යකඩ පොල්ල අත ඇරියාජෝඩ්න් ඇත්තටම පියෙක් වගේමගේ මරුමුස් ගති අඩු වෙන්න ජෝඩ්න්ගේ ආශ්රයත් හේතු වෙන්න ඇති.

  සිද්ධියෙන් පස්සේ ගාඩ්ලා අපිට හිරිහැර කිරීම නැවැත්තුවාකැරැලිකරුවන්ට මම ගැන යම් ගරුත්වයක් ආවාමගේ ඇෙඟ් තිබූ උන්ඩ පාරවල් දැකලා දේව බන්ඩාර සේනාරත්න මට බුලට් මහින්ද නම පටබැන්දාමාව සුමාන දෙකකට සැරයක් විතර ජාතික රෝහලේ උගුර කන නාසය අංශයට ගෙනියනවාගෙනියන්නේ මාංචු දාලා මුර පිටමාව බැලූවේ තරුණ දෙමළ දොස්තර නෝනා කෙනෙක්එයාගේ කාමරයට මාව ගෙනියනකොට මාංචු ගලවනවාඒත් ගාඩ්ලා දොර ලඟ රැකගෙන ඉන්නවාමම ඩොක්ට එක්ක කථා කරන්නෙ ඉංග්රීසියෙන්මම ඇහුවා වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලාදොස්තර නෝනා මම ටැප් එක පෙන්නුවාමට ටැප් එක දිහාට යන ගමං කාමරයෙජනේලයෙන් ටක් ගාලා එලියට පැන්නාදොර ලඟ හිටපු ගාඩ්ලාට මොකවත් හිතා ගන්නවත් බැරි උනා.

 මම එදා පනින බවට තීරණය කරගෙන හිටියේ නිසා අන්තිම විසිට් එකේ අයියාට මේ ගැන කියලා තිබ්බාඑයා මෝටර් සයිකල් එකකින් නොරිස් කැනැල් එක ගාව මෝටර් සයිකලයත් තියාගෙන හිටියා.

 මම ජනේලෙන් පැනලා රෝහලේ වාට්ටු මැද්දෙන් දුවලා එලියට ගියාඅපි කථා කර ගත්ත තැන අයියා හිටියාමම මෝටර් සයිකල් එකේ නැගුපු වහාම අයියා මීගමුව පැත්තට බයිසිකලය පැදෙව්වාඅයියා සමග කථාවේදි මට තේරුණා පවුලේ අය මාව ගෙදර රඳවාගන්න සැලසුම් කරන බවඅපි දැන් මීගමුවටත් කිට්ටු කරලාමම අයියාට කිව්වා වහාම කොළඹ යන්න ඕනෙ නැත්තං මම දැන් කොළඹ බස් එකක නගිනවා කියලාමගේ තර්ජනය නිසා අයියා ආයෙත් කොලඹ දිහාට මෝටර් සයිකලය පදවන්න ගත්තා.

 මම වැලිකඩ ඉන්න කොට කළුබෝවිල චන්න පෙරේරා එක්ක යාළු උනාචන්න කරාටේ කළුපටිධාරියෙක්කැරැල්ලේදී රත්මලාන පොලිස් කොට්ඨාශයේ හිටපු නායකයෙක්රිමාන්ඩ් එකේ ඉන්න කොට මිනිහා මට කියලා තිබ්බා උඹ වැලිකඩින් පැන්නොත් අපේ ගෙදර පලයං උඹට ඕන උදව්වක් කරයි කියලාඅපි කළුබෝවිල චන්න පෙරේරොගේ ගෙදරට ගියා ගෙදර අයට විස්තර කිව්වහම මාව නාවල ගෙදරක නැවැත්තුවාමගේ තාම සුව නොවුන තුවාල වලට ප්රතිකාර කරන්න පොතුවිල කියලා යූනානී   වෛද්යවරයෙක් ගෙන්නුවාදොස්තර පොතුවිල කෝට්ටේ නගර සභාවේ සභාපතිඅපි දෙන්නා කථාවෙන් කථාවෙන් යාළු උනාමට සිටින තත්වය වටහාගත්ත දොස්තර පොතුවිල මාව එයාගේ ගෙදරත් නවත්ත ගත්තා.

 පොතුවිලගේ අල්ලපුගෙදර සී.අයි.ඩීඑකේ ලොක්කෙකු වෙච්ච ටිරල් ගුණතිලක මහත්තයා හිටියාටිරල්  දවස් වල පිටරට ගිහිල්ලාගෙදර සුද්ධ පවිත් කරන්න දොස්තර පොතුවිලට යතුර දීලා ගිහිල්ලා තිබ්බේමම පොතුවිලගෙන් යතුර අරගෙන සමහර දවස් වලට ටිරල් ගුණතිලකගෙ ගෙදරත් ඉන්නවා සී.අයි.ඩීඑකට හිතා ගන්නවත් බැරි වෙන්න ඇතිකුළියාපිටියේ සටන් නායකයෙක් රහස් පොලිසියේ ටිරල්ගේ ගෙදර ඉන්නවා කියලා.

 1971 දෙසැම්බර් විතර මම ගෙදර ගියාතාත්තා මා හට වැඩිදුර ප්රතිකාර කරන්න ඉන්දියානු දොස්තර කෙනෙක් ලඟට යැව්වාමේ ඉන්දියානු දොස්තර ඉස්සර ලංකාවේ හිටපු කෙනෙක්මගේ පියාගේ මිත්රයෙක්නම ඩොක්ටර් රාජා.

 මම ඉන්දියාවට ගියේ මාළු බෝට්ටුවකදකුණු ඉන්දියාවේ ඉඳං නවදිල්ලියට ගියාමම ඉන්දියාවේ මාස 2 1/2 විතර කාලයක් ප්රතිකාර ලබා ගත්තාමම යළිත් දනුෂ්කොඩි වලින් වෙල්වැටිතුරේට ආවාඋතුරේ ඉන්න කාලේ මට උදවු කලේ ද්රවිඩ මිතුරන් අය අපේ පවුලේ ඥාතීන් වගේමම යළිත් කොළඹ ඇවිල්ලා හැංගිලා හිටියාමට ආරංචි උනා බෝල සමරේ විල්පත්තුවේ ඉන්නා බව

 මම විල්පත්තු ගියා සමරේ මුණ ගැහෙන්නවිල්පත්තුවේදි අපේ තව පිරිසක් එක්ක සුදු කන්දට ගියාඑතන අපේ අය 30 විතර හිටියාසන්නද්ධවමට සුදු කන්දේදි ඉලූක් සහෝදරයා මුණ ගැසුනාකැලේ ජීවිතය අපහසුයිකෑම හිඟයිඅපිට අවශ් උනා සාමාජිකයන්ට කන්න දෙන්නගෙවල් කුලියට ගන්නවාහන කුලියට ගන්න මුදල්මුදල් සෙවීම සඳහා මංකොල්ල කෑම් කිහිපයක් කරන්න අපිට සිදු උනා.

 මම ඉලූක්කැප්ටන් සෙනෙවිප්රදේශීය බැංකු කැඩුවාසමූපකාර කැඩුවාකෑගල්ලේ ඥානේ මල්ලී දක්ෂ රියදුරෙක්එයා තමයි වාහනය එලෙව්වේඉලූක් වෙහෙසට පත් නොවනබය නැතිධෛර්යවන්ත පුද්ගලයෙක්තීරණාත්මක වැඩ වලදි අවදානමට වැඩිපුර කර ගහන්නේ ඉලූක්හොඳට බර උස්සන්න පුළුවන්අපි අපේ පැවැත්මට මංකොල්ලකෑම් කලාට ඊට පස්සේ අපිට ගොඩාක් වරදකාරි බව දැනෙනවාසමහර මංකොල්ලකෑම් වලින් පස්සේ මටයි ඉලූක් සහෝදරයාටයි ඇෙ~නවා අපි මොනවද මේ කරන්නේ කියලා.

 කැප්ටන් සෙනෙවි හමුදාවේ හිටපු කෙනෙක් නොවෙයිඑයාට නිකං කැප්ටන් කියලා අපේ අය කිව්වේකැප්ටන් සෙනෙවි 88 භීෂණයේදි ත්රීකුණාමලේදී මැරුං කෑවා.

 අපි දඩයම් කලේ කලාතුරකින්බත් කෑවාසමහර විට හාල් මිටිය කරේ තියාගෙන හැතැප්ම 20 විතර පයින් කැලේ ඉඳං අපේ පිරිස හිටපු රහසිගත තිප්පලට එනවාබූට්ස් දාගෙනරයිෆල් එක අරගෙන කැලෙඇවිදිනවාවඳුරෙකුට වෙඩි තිබ්බොත් හොද්දක් හදනවාඒක බත් එක්ක කනවාසීනි කැලේට සුඛෝපබෝගී කෑමක්සීනි හා ප්ලේන්ටි ලැබුනේ ඉතා කලාතුරකින්මම ඉඳලා හිටලා කොළඹ ගිහිල්ලා එන කොට සක්කර එහෙම ගේනවාවරක් නූඩ්ල්ස් ගෝනියක් ගෙනාවාවිල්පත්තු යන කොට නූඩ්ලස් කුඩු බවට පත් වෙලා.

 ඥානේ කෑගල්ලේ සරත් විෙජ්සිංහගේ මල්ලිහොඳට වාහන එලවනවාමම ඥානේ මල්ලිව නිතර එලියට අරගෙන ගියාරාජංගනේ ගුණරත්න හෙවත් ටික්කා තවත් චරිතයක්ගුණරත්නට රයිෆලර් එක අතේ තියන් පීනන්න පුළුවන් ඉතා වේගයෙන්.

 අපේ හාල් පරණ වෙනකොට අපි  හාල් වැඩිපුර උයනවාඑතකොට වැඩිපුර බත් කෑමේ තරඟ තියනවා මේකට කිව්වේ කේඑ තරඟ කියලාමම දවසක් බත් කෝප්ප 21 එක දිගට කෑවාසුදු කන්දේ දීඝජන්තුවාටත් හොඳට කන්න පුළුවන්.

 දවසක් මම ඒකනායකයි ගරුසිංහයි සුදු කන්දේ සාකච්ඡාවකට ගෙන්න ගත්තා ගොල්ල හැංගිලා හිටපු හුරුළු වැව ආශ්රිත ප්රදේශයට ගියාදවස් 6- 7 විතර තැනින් තැන නැවතී නැවතී පයින්ම ගියේගරුසිංහගේ ෂොට් ගන් එක නිතරම සූදානමෙන් තියාගන්නේදවසක් මමයි ගරුසිංහයි යනකොට තුවක්කුව වැරදිලා පත්තු වෙලා උණ්ඩය මගේ කණ අසලින් ගියා.

 ගරුසිංහගෙ ඇෙඟ් ඉන්නෝ වගයක් ආවාමේ ඉන්නෝ මුළු ඇෙඟ්ම පැතිරුණාඑක දවසක් මමයි ගරුසිංහයි කන්තලේ ගෙදරකට ගියාගේ අයිතිකාරයා අපිව දැකලා බය උනාගම්මු අපිව දකියි කියලා ගේ ඇතුලේ කාමරයකට අපිව දැම්මාඅපිට සද්ද නොකර රෑ වෙනකං කාමරයේ ඉන්න කිව්වාමෙ කාමරයේ අපිට කරන්න දෙයක් නෑ වහල දිහා බල බලා ඉන්න කොට අපි දැක්කා ඇඳ යට ගෝනියක් තියනවා ගෝනිය ඇතුලේ ඉදිච්ච පේරමමයි ගරුසිංහයි මුළු දහවල් දවස පුරා අර පේර ගෝනියම කෑවාදවස් දෙක තුනක් ගියේ නැහැ ගරුසිංහගේ ඇෙඟA  හිටපු ඉන්නෝ හැළුණාමට හිතෙන්නෙ පේරවල ඉන්නන්ට ප්රතිරෝධි යමක් තිබ්බා.

 මෙහෙම අපි කැලෑවේ යම් කාලයක් හිටියාදවසක් මම තවත් සගයෙක් එක්ක හබරනට ආවාඅපි ගිය ප්රදේශය ජන =න් තැනක් රේල් පාර විතරයි තියෙන්නේඈතින් කෝච්චියක් එනවාඅපි ගහකට මුවා වෙලා කෝච්චිය යන තෙක් හිටියා කෝච්චියේ විදේශ සංචාරකයෝ කණ්ඩායමක් යනවාඑක් සංචාරකයෙක් කෝච්චියේ ජනේලෙන් යමක් විසිකළාකෝච්චිය ගියාට පස්සේ අප  විසිකරපු දේ මොකක්ද කියලා බැළුවාඒක කාඩ් බෝඩ් වලින් හදපු කෑම පෙට්ටියක්ඒකේ අඩක් කාපු අයිසිං කේක් කෑල්ලක් හා අන්නාසි පෙත්තක් තිබුනාබඩගින්නේ හිටි අපිට මේක අමෘතයක් වගේමම අන්නාසි කෑල්ල කන කොට මගේ ඔළුවේ විදුලියක් කෙටුවා වගේ යම් අදහසක් ගලාගෙන ගියාමට තේරුණා මම කොච්චර ශිෂ්ඨ සමාජයෙන් ඈත් වෙලාද කියලා.

   වගේම දවසක් මහ ඔයේදී සුදු  ඇඳගෙන කිරි කොකුන් වගේ පාසල් ලමයි කණ්ඩායමක් මගේ නෙත ගැටුනාමට  අවස්ථාවේදි සිහි උනා සමාජය හා මා අතර ඇති දුරස්ථ බව.   දැන් අපේ ජීවිතත් කැලෑවක් වෙලා.

 මේ කාලයේ දි ඉලූක් පොලිස් අත්අඩංගුවට පත් උනාඉලූක් නැතිවීම අපිට විශාල පාඩුවක් අපේ කැලේ හිටපු පිරිස තැන් තැන් වලට විසිරිලා ගියාතුන්දෙනා හතර දෙනා වගේ කුඩා කණ්ඩායම් කැලේ තැනින් තැනමම නව සබඳතා හදාගන්න පැණිදෙනියට ආවාප්රේමපාල මේ වෙන කොට පේරාදෙණිය පැත්තේ කරක් ගහනවාමමප්රේමපාලජෝජ් එකට හමු උනාඅපි සාකච්ඡා කලා ඉදිරියේ දි කල යුත්ත පිළිබඳව.

 අපිට වැඩි දවසක් එකට ඉන්න ලැබුනේ නැහැපොලිස්කාරයෝ විස්සක් විතර අපි හිටපු ගෙදර වට කළාඅපිට කරන්න දෙයක් නෑඅපි යටත් උනාඅපිට මාංචු දැම්මේ දෙන්නා දෙන්නා වශයෙන්මගේ එක අතකුයි ජෝජ්ගේ අතකුයි එකට තියලා මාංචු දැම්මාවෙඩි වැදිච්ච පසුව මගේ එක අතක ස්නායුවක් මැරිලා නිසා වේදනාවකින් තොරව මට අල්ල බටයක් වගේ රෝල් කරන්න පුලූවන්මම අපිව එලියට ගන්න කං හිටියාඅපිව ජීප් එක ලඟට ගෙනියන කොට මම සුරුස් ගාලා අත උණAඩි කරලා ගලවගෙන ජෝජ් එක්ක පැන්නා.

 මට ඉදිරියේ අඩි 20-30   ප්රපාතයක් තිබ්බායට කසෙල් ගස් මම කෙසෙල් පඳුරු ඉලක්ක කර ගෙන ප්රපාතයට පැන්නා එක්කම මාත් එක්ක ජෝජ්ජුත් පැන්නාමම පනින අවස්ථාවේ වටේ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බාසමහරු අතේ සබ් මැෂින් තුවක්කු තිබ්බාමම වැටෙන කොට කෙසෙල් පඳුරක් බදා ගත්තාජෝජ් වැටුනා ළිඳකටමම දුවන්න උත්සාහ කළාඒත් දුවන්න බැහැඇෙඟලේමගේ දකුණු කකුලට වෙඩි වැදිලාමම බඩගාන්න ගත්තාකකුලෙන් ලේ විදිනවාමට වැඩි දුරක් බඩගාන්න ලැබුනේ නැහැපොලිසිය මාව යළි අල්ලා ගත්තා.

මගේ තුවාල සරං පටි වලින් බැඳලා පොලිසියට ගෙනාවාමගෙන් ප්රශ්න කරන කොට කකුලේ තුවාලෙන් ලේ පාරක් විද්දා සීලිමටමගේ තුවාල බරපතල නිසා මාව රෝහල් ගත කළාමට වැඩිදුර ප්රතිකාර ලබා දුන්නේ කොළඹ මහ ඉස්පිරිතාලේමම හිටියේ දෙවන තට්ටුවේ වාටටු කාමරයකමගේ අතට මාංචුව දාලා අනෙක් මාංචුව ඇඳේ යකඩ පොල්ලට . මට හැරෙන්නවත් බෑකකුලේ ප්ලාස්ටරයක් දාලාසුමාන දෙක තුනක් ගියාමම තීරණය කළා පළා යන්න.

 දවසක් උදේ 3 විතර මගේ ගාඩ් වැසිකිලියට ගියාමම මාංචුව අතෙන් පන්න ගත්තාඇෙඳන් බිමට බැහැලා අමාරුවෙන් කොර ගහ ගහ කාමරේ ජනේලේ ලඟට ගියාමම හොඳ කකුල ජනෙල් පඩිය උඩ තියලා වෙර අරගෙන ජනේලෙන් පැන්නාදෙවන තට්ටුවේ ඉඳං පහලට අඩි තිහක් විතර ඇති අතර පොඩි පළයක් තියනවා උළු වලින් හදපු මම හිතන්නේ වාහන නවත්තලා තියන්න හදපු ආවරණයක්මම  පළය උඩට වැටුනාවැටීමට උළු කැඩුනාමම එතනින් යළිත් බිමට පැන්නාවැටෙන කොට බිමට තිබ්බේ හොඳ කකුලමම හැකි ඉක්මනට නැගිටගත්තාමගේ මුළු ඇඟ පුරාම සිරිම් තැලීම්ප්ලාස්ටර් එක දාපු කකුලේ වේදනාව එනවා අතරවාරයේ සද්දෙට මුරකාරයෝ කලබල වෙලා මගේ පැත්තට දුවගෙන ආවා.

 මම ඉක්මනට පාරට පැන ගත්තාලඟ නවත්තලා තිබ්බ මොරිස් මයිනර් ටැක්සියක් මම ටැක්සිකාරයට තර්ජනය කරලා ටැක්සිය අරගෙන ගියාදොස්තර පොතුවිලගේ ගේ ලඟටමම ටැක්සියෙන් බැහැලා ගියාබයට පත් වෙච්ච ටැක්සිකාරයාට වාහනය යළි ස්ටාට් කරගන්නත් බැහැ.

 මම ගෙවල් අතරින් මුවා වෙලා ගිහිල්ලා දොස්තර පොතුවිලගේ ගෙදරට ගියාමාව දැක්ක පොතුවිල පුදුම උනාඉක්මනට මාව ආරක්ෂිත තැනකට ගෙනියලාමාස දෙකක් විතර වෙදකං කලාකකුල මදක් සුව උනාම මම යළිත් පැරණි සගයන් සොයාගෙන කන්තලේ කැලේට ගියාමාව දැක්ක අපේ පැරණි සාමාජිකයෝ බය උනාඑක්කෙනෙක් හිතුවා මම අවතාරයක් කියලා කට්ටියක් හිතුවා මාව සී.අයි.ඩී එක නිදහස් කරලා ගිවිසුමක් පිට අනෙක් අය දඩයම් කරන්න කියලාකොහොම නමුත්  අය පසුව තේරුම් ගත්තා මම අත්අඩංගුවෙන් පැන ගිය විත්තිය.

 යළිත් අපි පැරණි කැලෑ ජීවිතය පටන් ගත්තාසාමාජිකයෝ විසිරිලා නමුත් වරින් වර හමුවෙනවාමම කැලේ එහෙ මෙහෙ ගියේ බූට්ස් දාගනපතුරම් පටිය හා තුවක්කුව අරගෙනඅවට ගම් වල කරක් ගැහුවේ සරම ඇඳලා ඔළුවේ තුවායක් බැඳගෙනඅහන අයට මම කිව්වේ කැලෑවේ ලී බිස්නස් කරනවා කියලාමගේ අතේ නිතරම මල්ලක් තියනවා මේකේ කලිසමයි කමිසයකුයි දාගෙන හිටියේ සැකයක් හිතුනොත් මුල්ලකට යනවා වෙස් මාරු කර ගන්නවා.

 වතාවක් මම ගියා ඒකනායක හා ගරුසිංහ හමු වෙන්නමේ අය ඈත කැලේ හේන් වල හිටියේ අය හමුවෙලා ටික දවසක් ඉඳලා මම යලි එන්න පිටත් උනාමට කැලෑවෙ ඉඳලා තාර පාර හමු වෙනකං පයින් ගියාතාර පාරෙදි බස් එකක් ආවා බස් එක ගලෙන් බිඳුනු වැවට යනවාමම බස් එකට නැගලා ටිකක් දුර යනකොට ගැමියන්ගේ පෙනුම ඇති දෙන්නෙක් බස් එකට නැගලා මම දිහා බලනවාමට පොඩි සැකයක් ආවාමම ඛෙල් එක ගැහුවා බස් එකෙන් බහින්නබස් එක නැවැත්තුවේ නැහැදිගටම ඇද්දුවාමට හිතෙන්නේ  අය ඩ්රැයිවර්ට මොකක් හරි සංඳාවක් දුන්නාවේගයෙන් ගිය බස් එක එකපාරටම පොලිස් මාර්ග බාධකයක් ලඟ නැවැත්තුවාබස් එකේ හිටපු දෙන්නා මට රිවෝල්වරේ එල්ල කරලා බස් එකෙන් බස්සගත්තාමාර්ග බාධකය ලඟ හිටපු පොලිස්කාරයෝ මට ආයුධ එල්ල කළා.

 එතන හිටපු පොලිස් නායකයා මූලස්ථානෙට මගේ හැඩරුව කිව්වා. මට ඇහුනා සෙට් එකෙන් මුල්ස්ථානේ ඉඳන් කියනවා most wanted man  කියලා. මම දරුණු අත් අඩංගුවේදි පැනයා හැකි කෙනෙක් නිසා මට මාංචු වලට අමතරව ලණු වලිනුත් කිටි කිටියේ බැන්දා. කඹයක් ගෙනල්ලා දෙපා වල සිට උරහිස් මට්ටමට වෙලලා තද ගැටයක් දැම්මා. මම ඊජිප්තු මමියක් වගේ.  කරලා මාව හැකි ඉක්මනට හතරවන තට්ටුවට ගෙනාවා.

 හතරවන තට්ටුවේ මාව රඳවලා හිටියේ අතට පයට මාංචු දාලා මට ඔළුව විතරයි යන්තං හරවන්න පුළුවන්ව තිබුනේසී.අයි.ඩීනිලධාරින් සමහරක් මට ගහන්න ආවාමම කිව්වා මගේ මාංචු ගලවලා උඹලාගෙ චන්ඩිකම් පෙන්නපල්ලා කියලාමම එස්අයිආරියදාසට අභියෝග කලා මගේ මාංචු ලිහලා විනාඩි 10 ඇතුලත මම මේ ගොඩනැගිල්ලෙන් බේරිලා පලා යනවාඑස්.අයිආරියදාස නිහඩ උනාඉයන් වික්රමනායක මට හිරිහැර කරන්න දුන්නේ නැහැරහස් පොලිස් නිලධාරින්ට කිව්වා මේ මිනිහා හොඳ ගට්ස් තියන කෙනෙක් අපි ඒකට සලකන්න ඕන කියලා.

 මාව බන්ධනාගාරයට ගෙනිච්චාමාව දැම්ම අධි ආරක්ෂිත වාට්ටුවේ මගෙ අල්ලපු සෙල් එකේ විෙජ්වීර මාව දැකලා බදා ගත්තාටික දවසක් යනකොට මට තේරුණා අපේ නායකයා් තුළ සටන්කාමි ගතියක් නැහැකට්ටියක් දාං අදිනවාසමහරු ෙජ්ලර්ලා එක්ක බරටම කථාව අය බොන සිගරට් එක බීඩිය ඉල්ලගෙන බොනවාගරිලල්ා භටයෙකුගේ සටන්කාමී ගතිය මම ඔය එක් කෙනෙක්ගෙන් වත් දැක්කේ නෑසුදු කන්දේ කැලේ හිටපු ලාබාල කාන්තා සාමාජිකාවගේ ආත්ම ශක්තියෙන් කාලක්වත් මේ අයට තිබුනේ නැහැ.

 මට තේරුම් ගියා මේ අය කථා කරන්න ගියාම ටැප් එක ඇරියා වගේ කථා කරනවාවීරත්වය ප්රදර්ශනය කරනවා විතරයි කියලාකණ්ඩායමක් වශයෙන් ගත්තට වීරයන් වගේඒත් තනි තනියම ගත්තම බියසුළු දුර්වල මිනිසුන්මේ අය එකිනෙකාගෙන් යැපෙනවාතීරණාත්මක තැන් වලදි අභියෝගය එනකොට හැංගෙනවා.

 මට කියන්න පුලූවන් විෙජ්වීරගේ නායකත්වයන් හා බලපෑමෙන් තොරව හොඳ සටන්කාමී ගරිල්ලා ව්යාපරයක් 70 දශකයේ ලංකාවේ කැලෑ බද ප්රදේශ වල තිබුනා කියලාපිරිස ඉතා කුඩායිඒත් ඔවුන් තුළ තිබූ ආත්ම ශක්තිය ධෛර්යය භය නැති ස්වභාවය ඉතා විශිෂ්ඨයි.

 මම විෙජ්වීරගේ අසල්වැසියෙක් වෙලා මාස දෙකක් විතර කාලයකදී  මට දැඩි කලකිරීමක් ඇති උනාමම තීරණය කලා මම මේ ව්යාපරයෙන් අයින් වීමට මම මගේ තිරණය විෙජ්වීරට කිව්වාවිෙජ්වීර මාව බදාගෙන ~ුවාඔයා වගේ ලෙෆ්ට්ටිනන්ට් කෙනෙක් මට මේ ව්යාපාරය තුළ යලි හදන්න බැහැ කියලා.

 දේශපාලනයෙන් අයින් වෙලා මගේ අධ්යාපනය යළි ගොඩ නගා ගත යුතුයි කියන අදහස මගේ ඔළුවේ වැඩ කළාමම යළිත් උසස් පෙළ හදාරන්න පටන් ගත්තා හිරේ ඉඳන්ආර්ථීක විද්යාවතර්ක ශ්රාස්ත්රයසදාචාරය හා ඉංගී්රසි යන විෂයන් හැදෑරුවාප්රංශ භාෂාවත්හදාරන්න ගත්තාකැලෑවටතුවක්කුවටසටනට හුරු පුරුදු දෑත් දැන් පොත පතට යොදවනවා.

 මට ආර්ථීක විද්යාවයි සදාචාරයයි  පොත පතින්  කියවලා විතරක් තේරුම් ගන්න අමාරුයිමගේ කුලියාපිටියේ ප්රතිවාදියා ප්රනන්ද  තමයි මට මට විෂයන් දෙක ඉගැන්නුවේ වෙනකොට ප්රනන්ද අත් අඩංගුවේඅපි හිටපු සීමා වෙන් උනේ විශාල තාප්පයකින් තාප්පය යටින් කානුවක් ගලාගෙන යනවාමේ කානු කට ඔස්සේ සුනන්ද මට ආර්ථීක විද්යාව සදාචාරය වගේ විෂයන් ඉගැන්නුවාමම හොදින් උසස් පෙළ සමත් උනා.

 මම නඩු විභාගයේදි අවුරුදු 4 සිර ~ුවමක් ලැබුණාමම නිදහස් උනේ 1977 වසරේදිනිදහස් ලැබූ පසුවත් මම අධ්යාපන කටයුතු අඩාල කර ගත්තේ නැහැමම නීතිය හැදෑරුවානීතිඥයෙකු ලෙස මම දිවුරුම් දුන්නේ 1980 දී.

මම මගෙ ප්රථම නඩුව කථා කරන කොට ඉයන් වික්රමනායක උසාවියේ හිටියාමගේ නඩුව ඉවර වෙනකං ඉයන් උසාවියෙන් ගියේ නැහැනඩුවෙන් පස්සේ මට ඇවිල්ලා කථා කළාසුභ පැතුවා.

 මම දැන් ජ්යෙෂ්ඨ නීතිඥයෙක්ළමයි හතර දෙනෙක් ඉන්නවාමම දැන් පොත පත කියවීම දර්ශනය හැදෑරීම වගේ දේවල් වලට යොමු වෙලා අපි එදා ආයුධ අතට ගත්තේ යම් සමාජ වෙනසක් ඇති කිරීමට නමුත් මම ත්රස්තවාදයට විරුද්ධයිත්රස්තවාදය කියන්නේ දේශපාලනයේ වැරදි ප්රවනතාවක්. 71 දි මා ඇතුළු අපේ පාලනය තිබූ කන්ඩායම ඉවක් බවක් නැතිව මිනී මැරුවේ නැහැ. 88 වගේ මෘග භීෂණය දියත් කලේ නැහැඅපි හිටපු ප්රදේශ වල එල්.ටී.ටී.එක කළා වගේ කුරිරුව කටයුතු කලේ නැහැසටනකදි පමණයි අපි තුවක්කුව පත්තු කළේ.


(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි




Find Us On Facebook