කාලයකට පසුව ලංකාවට ආවෙමි. ලංකාව බොහෝ සෙයින් වෙනස් වී තිබේ. සමාජය පුරා දුගී බව පැතිර ගොස් තිබේ. අවන්හල් අසල සිටි පහල මධ්‍යම පාන්තික මිනිසුන් කීප දෙනෙකු කෑම වේලක් ගැනීමට මගෙන් මුදල් ඉල්ලා සිටි අතර මම ඔවුන්ට මුදල් දුන්නෙමි. සැතපුම් ගනන් දිග ඉන්ධන පෝලිම් දුටුවෙමි. උද්ධමනය ඉතා ඉහලය. රුපියල් 5000 යනු පෙරදා රුපියල් 100 ක නෝට්ටුවක් බව මට හැඟී ගියේය. රාජපක්‍ෂ පවුල ඇතුළු දේශපාලකයන් සහ ඉහල රජයේ නිලධාරීන් විසින් හොරා කන ලද ලංකාව අසමත් බංකොලොත් රාජ්‍යක් බවට පත් වෙමින් තිබෙන බව පෙනී යයි. ආත්මාර්ථකාමී මිනිසුන් අතර තවමත් දුප්පතුන්ට හැකි පමණ උදව් කරන යහපත් මිනිසුන් ද දුටුවෙමි.
ගෝටාගෝහෝම් ගමටද ගියෙමි. අරගලයට පොල්පොට්කාරයන් , වැසිකිලි කඩන පසුගාමී නියැඞතාල්වරු පෙරමුණ ගැනීම නිසා වෙනසක් අපේක්‍ෂා කල සාධාරණ මිනිසුන් අරගලයෙන් ඈත්ව සිටින අයුරු දුටුවෙමි. අරගලය අරයා මෙයා එලවීමට නොව සොරාගත් රාජ්‍ය මුදල් ආපසු ජනතාවට ලබා ගැනීම , දේශපාලකයන්ට එදිරිව තිබෙන නඩු නිවැරදිව විභාග කිරීම, නීති විරෝධී ලෙස වත්කම් උපයා ඇති දේශපාලකයන් සහ ඉහල රජයේ නිලධාරීන් පිලිබඳ විමර්ශණය සඳහා යොදාගත යුතුය. නැතහොත් අරගලය පුස්සක් වනු ඇත.
අපිට දැන් තියෙන්නෙ ඡන්ද බලයෙන් වැඩක් ගන්න විතරයි. ඒත් ඒ වෙද්දි මුන් මිනිස්සුන්ගෙ හිත් කොහොම වෙනස් කරලා තියේවිද දන්නෙ නෑ. පත් කරන්න කියලා ගේන්න කෙනෙකුත් නෑ
ReplyDeleteෆේස්බුක් එකත් දැක්ක මේ කොමෙන්ට් එක. වත්මන් අරගල පරණ ක්‍රමයට අරන් යන්න ගිය කට්ටියක් හිටිය කියන එක මටත් පෙනුන
ReplyDelete