ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත ටිකක් තියනවා . මේ චරිත බොහෝ පන්සල් වලට පොදුයි.
1) පන්සල් සීතාලා { පන්සල් සීතාලා බෝහෝ විට මැදිවියේ ගැහැණුය. පුරුෂයන් බොහෝ විට ජීවිතය පිලිබඳව උදාසීනය. ලිංගික වශයෙන් අඩුවෙන් සක්‍රියය. ඒ නිසා පන්සල් සීතාලා පන්සල බදාගනිති. පන්සල් සීතාලා එකිනෙකා කෙරෙහි ඉර්ශියා අතර හාමුදුරුවන් ගෙන ලකුණු දා ගැනීම සඳහා තරඟයක නියැලෙති. හාමුදුරුවන් ද මේ කිසිම කෙනෙකු අප් නොකොට සියල්ලන් ගෙන්ම වැඩ ගනිති. }
2) පන්සල් හරමානිස් { පන්සල් හරමානිස් යනු පන්සල මගේ , පන්සලේ සියළු කටයුතු මගේ ප්‍රධානත්වයෙන් සිදු විය යුතුයි කියා විශ්වාස කරති. කාලය ගත කරන්නේ පන්සලේය. හැමෝටම අරක කරන්න මේක කරන්න කියා ඕඩර් දෙති. තමන් විසින්ම තමන්ව පත් කර ගත් ලොක්කෙකි. බොහෝ විට විශ්‍රාමික ඩයල් එකකි. රැකියාවේ හෝ නිවසේදී නොලැබූ අධිකාරිත්වය පන්සලේදී ලබා ගැනීමට උත්සහ කරයි. }
3) පී. බී ජයසුන්දරලා { ( පී. බී නොහොත් පින් බත් ජයසුන්දරලා දැකිය හැක්කේ පිටරට පන්සල් වලය. උයන්න කම්මැලිය , පිනට කන්න කැමතිය. පන්සල් එන්නේ කෑමක් බලාගෙනය.
4) ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා { ශාක වල ප්‍රජනක අවයව පිලිම වලට පූජා කල විට දිව්‍ය ලෝකයේ යා හැකි බව ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා විශ්වාස කරති. එසේම පිනකම් කරන්නේ මේ ජීවිතයේ නොලැබුනු සැප සම්පත් ලබන ආත්මයේදීවත් ලැබේවා කියාය. රුපියලක් පිනට දී දෙව් මිනිස් සැප බලාපොරොත්තු වේ. }
5) මඤඥං උපාසක { එලෝ විකාරයෙන් අවබෝධයක් රහිතව හාමුදුරුවන් කියන පාලි පාඨ රිපීට් කරයි. නිවන් යාම සඳහා නිතරම පාලි පාඨ රිපීට් කල යුතු බව සිතයි }
6) අඤඥ කොරොස් උපාසක { බණ අසන ගමන් හාමුදුරුවන් ගෙන් අපබ්‍රංස ප්‍රශ්න අසයි. පියමතුරා බුදුන් ගේ පියා ගේ නම මොකක්ද ? විඤ්ඤාණ ධාතුව පොලෝ තලයේ ගැටී පවතිනවාද ? අරූප ලෝක ගනන කීයද ? වැනි ප්‍රශ්න හාමුදුරුවන් ගෙන් අසයි තමන් ධර්ම භාණ්ඩාගාරික කෙනක් බව සිතයි. }
7) කපටි උපාසක { පන්සල් එන්නේ යම් ලාභයක් බලාගෙනය. තමන් ගේ බිස්නස් එක ප්‍රවර්ධනය කිරීමට පන්සල යොදා ගැනීම මූලික අරමුණය. තමන් ගේ නම යකඩ කටින් කියවා ගැනීම ජනප්‍රියතාවය අපේක්‍ෂා කරයි. }
පින් බත් ජයසුන්දරලා lol
ReplyDelete+++++++
ReplyDeleteela da Bra..
ReplyDelete