Tuesday, June 19, 2018

මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද?

 

ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

ඔහුගේ කෘතීන් වල ගැඹුරු හරයක් අන්තර්ගතය. ඔහු පෙන්වා දෙන පරිදි ඔහුගේ විධිමත් අධ්‍යාපනය නිම වූයේ හත් වැනි ශ්‍රේණියෙනි. ඉන් පසු ස්ව උත්සාහයෙන්ම ඔහු උපන්නේය. විශාල ප්‍රමාණයක් කෘති කියවා තමාගේ දියුණුවේ නිම් වළලු පුළුල් කර ගත් ඔහු බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නෙකි.

ජී. බී.සේනානායකයන්ගේ කෘතීන් වල ඔහු විසින් අත් විඳි මෙලන්කෝලියාව (Melancholia) දක්නට තිබේ. මේ ස්වභාවය ඔහු තම නිර්මාණයන්ට ද මුසු කල බව පැවසිය හැක. මෙලෙස තම නිර්මාණයන් තුලට තමන්ගේ ආවේදනිකයන් මුසු කල ලේඛකයන්, කවීන් විශාල ප්‍රමාණයක් සිටිති. සුප්‍රකට ජර්මානු කවි ගතේ තමන් අත්විඳි මෙලන්කෝලියා තත්වය සිය නිර්මාණයන්ට මුසු කලේය. එසේම ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල්, ඩිකන්ස්, එඩිගා ඇලන් ෆෝ වැන්නවුන් තමන්ගේ සෘණාත්මක චිත්තාවේගීය ප්‍රතික්‍රියා නිර්මාණයන් හරහා පෙන්වා දෙන ලදී.

මහා ගත්කරු ජී. බී.සේනානායකගේ කෘතීන් විමර්ශනය කරන විට ඔහු සාමාන්‍ය මෙලන්කෝලියාවෙන් හෝ ඊටත් එපිට වර්ධනය වූ විශාදයකින් පෙලුනේද යන්න පිළිබඳ සැක පහළ වෙයි.

විශාදය වූ කලී මානසික රෝග අතරින් බහුලවම දැකිය හැකි රෝගී තත්වයකි. ඇතැමි විට විශාදය මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාවවශයෙන්ද හැඳින්වෙන්නේ එය එතරම්ම සුලභව දක්නට ලැබෙන නිසාය.

විශාදය හෙවත් (Depression) ඇති වීම සදහා ජානමය සාධක, ජීවත් වන පරිසරයේ බලපෑම, මුහුන දෙන ක්ලෙමථකාරී තත්වයන්, ප්‍රජානන හේතූන් යනාදී කරුණු ගනනාවක් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එම නිසා ජී. බී.සේනානායකයන් තුල තිබූ ආවේදනික තත්වය කුමන හේතුවක් නිසා හට ගත්තේද යන්න එක එල්ලයේම පැවසීම අපහසුය.

විශාදය නිරන්තරයෙන්ම මනෝ භාවයන් සමග බැදී පවතියි. විශාදයේ මධ්‍යගත ලක්ෂණය වනාහී මනෝ භාවයන්ගේ සහ චිත්තාවේගයන්ගේ අදුරුසහගත අවපාතයයි. බොහෝ විට මිනිසුන් අත් විදින විශාදය නිසා ඔවුන්ගේ ප්‍රජානනය හීන වීම, නිර්මාණශීලීතාව අඩාල වීම දක්නට ලැබෙතත් ඇතැම් පුද්ගලයන් තමන් පෙලෙන විශාදය නිර්මාණකරණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. මේ සාධකය ජී. බී.සේනානායකගේ ස්වයං චරිතාපදානය, මම එදා සහ අද මෙන්ම ඔහුගේ අනෙකුත් කෘති ආශ්‍රයෙන්ද පැවසිය හැක. 

ගත්කරු ජී. බී.සේනානායක අතිශයින්ම සංවේදී පුද්ගලයෙකු විය. තම කෘති අරභයා කෙරුනු විචාරයන් බොහෝ විට ඔහු පෞද්ගලික පහර දීම් මට්ටමේ ලා සැලකීය. ඔහු වරෙක මෙලෙස පවසයි. “ලේඛකයන් බොහෝ කල් ජීවත් නොවිය යුතුය. ජීවත් වූවන්ගෙන් ඔවුනට වේදනා උපදවන අත්දැකීම් ලබන්නට සිදු වේ.” 

මේ හැර ඔහුට සතුරු වූ ලේඛක කල්ලි ජී. බී.සේනානායකට පහර දුන් බව නොරහසකි. මේ හේතුවෙන්ද ඔහු මානසිකව ඇද වැටුනි. මම එදා සහ අද කෘතියේ 60 වන පිටෙහි ඔහු මෙලෙස සඳහන් කරයි;

“මා සාහිත්‍යයෙන් දස්කම් පෑ තැනැත්තෙකු ලෙස මාගේ සාහිත්‍ය ජීවිතයේ මුල් කාලයේම ඊර්ෂියාකාර කල්ලිකාරයෝ මා නැති කරන්නට නොයෙකුත් උපක්‍රම යෙදූහ. මටත් මගෙන් ජීවත් වූ අම්මාටත් ඔවුහු කරදර ඇති කල නමුත් මා නැති කරන්නට අසමත් වූහ.”

ජී. බී.සේනානායක තුල ඇතැමි විට තමා පිළිබද හීන වූ චිත්‍රය සහ හීන වූ ආත්ම අභිමානය (Low self esteem) ආක්ෂෝහිත බව (Aggitation) ස්වයං අනුකම්පාව (Self pity) සහ ශුන්‍යවාදී අදහස් (Nihilistic ideas) දක්නට ලැබෙයි.

තමා මිනිසුන්ගේ සිත් නොගන්නා පෙනුමක් ඇති අයෙකු බව ඔහු තරයේ විශ්වාස කලේය. එක් ස්ථානයකදී ඔහු තමාව හැඳින්වනුයේ අගුටුමිටි පෙනුමකින් යුතු විරූපී පුද්ගලයෙකු ලෙසටය.

ස්වයං අනුකම්පාව නිසා ඔහු තමාගේ කෘති විවේචනය ඉදිරියේ අතිශයින්ම සැලුනේය. මා අන්ධව සහ කොරව සිටිය ද විචාරකයෝ මට පහර ගසති යන්න ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම ස්වයං හුදකලාභාවයකට (Alienation) ඔහු තමාව ලක් කොට සිටියේය. මම එදා සහ අද කෘතියේ 152 පිටුවේ ජී. බී.සේනානායක මෙසේ ලියයි. “මම ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීමි. මා පාරේ යන කල සිංහල ලේඛකයෙකු ඈත එනු දුටුවොත් පාරේ අනෙක් පැත්තට වී ගමන් කිරීමට මම පුරුදු වී සිටියෙමි.”

ස්වයං වරදකාරී ගැටලු ජී. බී.සේනානායක එලිපිට පවසයි. තමාගේ මව රෝගාතූර වූ අවස්ථාවේ ඈ මිය ගියේ නම් හොඳය යන අදහස නිසා ඔහු තුල පසුතැවිල්ලක් ඇති විය. එම සිතුවිල්ල ඔහු සම කරන්නේ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය නවකථාවේ තම මහලු පියාවූ බල්කෝන්ස්කි කුමරු මිය ගියේ නම් යෙහෙකි යන හැගීම නිසා පශ්චාත්තාපයට පත්වූ මරියා බල්කෝන්ස්කියා කුමරියගේ හැඟීම් වලටය. 

ඔහු තමා හා ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් ෆෝ අතර සමානතාවයන් දකියි. එසේම ඔහු එඩ්ගා ඇලන් ගේ කෙටි කථා ශෛලිය අනුගමනය කල බව මාටින් වික්‍රමසිංහ පවසා ඇත. එඩ්ගා ඇලන් ෆෝ ද තමා අත්විඳි විශාදය නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා විඳි ලේඛකයෙකි. 

ජී. බී.සේනානායක කුඩා කාලයේ තමන්ට නිතරම ඇතිවූ හිසරදය සරස්වතී ආවේශයක් ලෙස හෝ තමන්ව ලියන්නට පොළඹවන බලවේගයක් ලෙසට සැලකීය. සත්‍ය වශයෙන්ම ඔහු මේ අත්විදින ලද්දේ මනෝ කායික (Psycho – Somatic) රෝගී තත්වයක් දැයි සැකයක් මතුවේ. ළමා කාලයේ අත්විදින මානසික පීඩනයන් බොහෝ විට මනෝ කායික රෝග ඇති කරන බව ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙති. ආත්ම ඝාතනය හෝ ජීවිතාශාවෙන් තොර වීම බොහෝ විට විශාදය සමග බැඳී පවතියි. ජී. බී.සේනානායක තුල ද මෙවැනි ආත්මහරණයේ සේයාවල් දක්නට තිබුනි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු (පියා සහ වැඩිමල් සොහොයුරා) දිවි තොර කර ගත් බව ඔහු පවසයි. එසේම ජී. බී.සේනානායක ද ඇතැමි විට ජීවිතය කෙරෙහි උකටලී බවක් පෙන්වන ලදී. පහත දැක්වෙන්නේ ඔහු විසින් රචනා කරන ලද කවියකි. එහි කවියා තුල තිබූ මරනීය ආශයේ ( Death Instinct) සක්‍රීයතාව පෙනී යයි.

නයා 

නයෙකු නැගුනොත් මගේ ඇඳට
තුරුළු කර ගනිමි මම ඌ
සපන්න මිතුර මා
කරුණාවෙන්
යවන්න මා එහා ලෝකෙටයි කියා


මේ හැර ජී. බී.සේනානායකයන්ගේ ආත්ම ඝාතක සංකල්ප ඇතැමි විට ඔහුගේ කෘති වල එන චරිත හරහා ද නිරූපනය කරයි.

මනෝ විශේෂඥ ආරෝන් බෙක් විශාදය පිළිබදව තමාගේ ප්‍රජානන න්‍යාය මගින් ස්වයං අවතක්සේරුව, සෘණාත්මක දැක්ම මෙන්ම අර්ථකථනය සහ අනාගතය පිළිබදව අශුභවාදී දැක්ම හේතු වන බව පවසයි. ආරෝන් බෙක්ගේ පෙන්වා දීම් තුලින් සහ විශාදය පිළිබද බෙක්ගේ නිර්නායකයන්ට (Beck’s Scale)- අනුව මහා ගත් කරු ජී. බී.සේනානායක තුල විශාදයේ ලක්ෂන තිබූ බව කිව හැකිය. එසේම කෙලර් සහ ෂැෆීරෝ විසින් විශාදයට පත්වූ පුද්ගලයන් තුල මරනීය සාධකයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය පැහැදිලිවම පෙන්වා දෙන ලදී. මෙම පැහැදිලි කිරීම් අනුසාරයෙන් ජී. බී.සේනානායකයන්ගේ ජීවිතයේ අවසාන කාලයේ තිබූ මරනීය ආශයේ ප්‍රබලතාව පෙන්වා දිය හැක. එහෙත් ඔහු දිවි නසා ගැනීමට යොමු නොවීය.


අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Monday, June 18, 2018

Rhythm of Life




Rhythm of Life (Poetry)  
by Dr Ruwan M Jayatunge  
Published by Godage International Publishers   


Foreword    


Dr Ruwan M Jayatunge has written many books. I have read one, wish I had read more. ‘71 Karella’ was class. Obviously he had done a great service to history in Sri Lanka by placing on record all those who stood up to change the tide in the ‘71 uprising. They deserved their stories to be archived in print. Three cheers to Ruwan for writing the truth.  Now he is onto poetry. ‘Rhythm of Life’ is simple. It has loneliness, love and people, all expressed in words that do not chase Whitman or Emily Dickinson. Nor is Ruwan a Rod McKuen. He is just Ruwan, medicine man, writer and a searcher for truth in a world of abstract values. I have never met him, know him only by his words. That is enough if one cares to read deep.  ‘Fiddler’ was great, ‘Monika Bay’ I love, ‘The Alien’ and ‘Street Walker’ tug at heart strings. Many poems are on a romantic platform; is he writing poetry or his own story? How would I know?  Ali Bumaye takes us to Kinshasa, Woody Allen fights Marciano and Stallone runs in Philadelphia. All this intermix with Lennon, Andy Gibb and the Gambler Rogers. This is poetry for melancholy moods to see some light. Maybe in some philosophical ways to understand life.  

Capt Elmo Jayawardena

Saturday, June 16, 2018

ඉරිසියාව මත මරා දැමූ වෛද්‍ය සිසුවා


1993 වසරේදී කටුගස්තොට ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සතුට විඳ ගැනීමට වරම් නොවීය​. මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූ නිසා ඉරිසියාවෙන් පෙළුණු අසල්වැසියන් මෙම සිසුවා ඝාතනය කොට මළ සිරුර ලිඳට දැමූහ​. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දිවි නසා ගැනීමක් කියා පෙන්වීමටය​. 

මෙම සිසුවාගේ පියා රියැදුරෙකු විය​. ඔහු අධ්‍යාපනය ලැබුවේ ඉතා අසීරුවෙනි. එහෙත් සියළු බාධක මැඞ ඔහු උසස් පෙළ සමත් විය​. පවුලේ සාමාජිකයෝ ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ​. එහෙත් ඔවුන් වෙත මහා විපත්තියක් එලැඹෙන බව කිසිවෙකු දැන සිටියේ නැත​. 
ඔහුව ඝාතනය කරන ලද පුද්ගලයන් පිටස්තරයන් නොවීය. ​ඔවුන් සහ මෙම සිසුවා අතර ඥාතී සබඳතාවන්ද තිබුනේය​. එහෙත් ග්‍රාමීය පළාත් වල තිබෙනෙ ඉරිසියාව සහ කුහක කම් ඉතා බලවත්‍ ය​. මෙකී සිසුවා සරසවියට ගොස් වෛද්‍යවරයෙකු වී පැමිනීම ඔවුනට දරා ගත නොහැකි වූහ​. මේ නිසා ඔවුන් කුමන්ත්‍රණය කොට ඔහුව මරා දමන ලදි.  මුලින්ම මෙම මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස තීන්දු වී දේහය භූමිදානය කරන ලදි. එහෙත් සැක මතු වීම නිසා අධිකරණ නියෝගයක් මගින් දේහය ගොඩ ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොලඹ ෆ්‍රැන්සිස් පාරේ වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලදි. 

මෙම ඝාතනය සිදු වූ කාලයේ මා සිටියේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව පුහුණුවක් ලබමිනි. මෙම සිසුවාගේ දේහය ගෙන එන ලද්දේ මිනී පෙට්ටිය සමගය​. එය පොලිතීන් වලින් ඔතා තිබුනේය​. පොලිතීන් වලින් ඔතන ලද පස් තැවරී තිබූ මිනී පෙට්ටිය කම්කරුවන් විසින්  විවෘත කරන ලදි. එම අවස්ථාවේදී මමද එතැන සිටියෙමි. මුලින්ම වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා මෘත ශරීරය බාහිරින් නිරීක්‍ෂණය කරන ලදි.  සිසුවාට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කෝට් එකකි. ඔහුගේ සුදු කමිසය අත්වැසුම් සහ දෙපා වලට දමා තිබූ සුදු මේස් මාගේ අවධානයට යොමු විය​. මෘත ශරීරයේ දකුණු පස කම්මුලේ සුදු පැහැති දිලීර  විශේෂයක් බැඳී තිබුණි. දේහය පොළව යට තිබූ නිසා මෘත ශරීරයේ දිලීර  බැඳෙන්නට ඇත​. දේහය ගොඩ ගන්නා ලද්දේ මිහිදන් කොට සති හයක් හෝ අටක් ගතවූ පසුව වූවද මිනිය කුණුවී තිබුනේ නැත​. එම්බාම් කිරීමේදී යෙදූ ෆෝමලීන් නිසා දේහය ආරක්‍ෂා වන්නට ඇත​. 

වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා පිටත රැඳී සිටි සිසුවාගේ ඥාතීන් දෙදෙනෙකුට එන්නට කියා පණිවිඩයක් යැවීය​. මුලින්ම ඥාතීන් විසින් වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලද 
දේහය හඳුනා ගත යුතුය​. සිසුවාගේ මාමා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ දේහය හඳුනා ගන්නා ලදි. මළ සිරුර දැක ඔවුන් හඞා වැළපේ කියා මා සිතුවද ඔවුන් කිසිදු චිත්තාවේගී ප්‍රතික්‍රියාවකින් තොරව මළ සිරුර දෙස මොහොතක් බලාගෙන සිට එය තම ඥාතියාගේ බව තහවුරු කළහ​. ඉන්පසු කම්කරුවෙකු විසින් ඔවුන් දෙදෙනාව මිනී කාමරයෙන් පිටතට ගෙන යන ලදි. ඔවුන් නික්ම යාමෙන් පසුව වෛද්‍ය අල්විස් දේහය මිනී පෙට්ටියෙන් ඉවතට ගෙන වෝභාර පරීක්‍ෂණය ආරම්භ කලේය. 

මෙම සිසුවා ගැන මතක් වන විට මට තවමත් සංවේගයක් දැනේ. මෙම විපත සිදු නොවූයේ නම් මේ වන විට වෛද්‍යවරයෙකු වී ඔහු රෝහලක සේවය කරනවා විය යුතුය​. එසේම ආර්ථික වශයෙන් තම පවුලට උපකාර කරනු නියතය​. එහෙත් සියළු සිහිනයන් බොඳ විය​. ඉරිසියාව පෙරදැරි කරගත් කුහකයින් විසින් ඔහුගේ තරුණ ජීවිතය සොරා ගන්නා ලදි. සිසුවා මරා දමා ඔහුගේ අනාගතය විනාශ කිරීමෙන් ඔවුන් තාවකාලික සතුටක් ලබන්නට ඇත​. නීතිය ඔවුනට එදිරිව ක්‍රියාත්මක වූවාද කියා මම නොදනිමි. එහෙත් අනිවාර්‍යෙන් ස්වභාව ධර්මයේ නීතිය ඔවුන් මත පතිත වන්නට ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, June 14, 2018

ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම

ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර  නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​. 

සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී   මානසිකත්වයකින් යුක්තව ශක්තිමත්  සිවිල් නීති  පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.  

ඥාණසාර  ප්‍රපංචය තේරුම් ගැනීමේදී  A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු  ව​ටී.  රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi  කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.  

ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder)  ලක්‍ෂණ   පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.  DSM හෙවත්  Diagnostic and Statistical Manual of Mental Disorders   සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා  ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​. 

ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය.  ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන්  බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation)  පීතෘ දුරස්ථකරණය මෙන්ම  විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති.  ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති.  ​

ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​. 

 ඥාණසාර  ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා  ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා  ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර  ප්‍රපංචය යටපත් කල නොහැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, June 13, 2018

මාගේ පාසල් මිත්‍ර මනෝජ් නීලාංග



මනෝජ් නීලාංග මා සමග 1974 අබේකෝන් ටීචගේ 2 වසරේ පන්තියේ සිටියේය. වරක් ඔහු අබේකෝන් ටීචගේ ඉල්ලීම පිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  සේවය කල තම පියාට කියා යකඩ මාංචු යුවලක් පන්තියට ගෙනාවේ ළමුන්ට පෙන්වීම සඳහාය​. ළමුන් මෙය නැරඹීමෙන් පසුව එය අබේකෝන් මහත්මියගේ මේසය මත තිබුණි.  අමුතුම කුතුහලයක් තිබූ සනත් තිසේරා මේ මාංචු කුට්ටම පිරික්සන්නට විය​. විවෘතව තිබූ මෙම මාංචු වලට තම දකුණු අත දැමූ සනත් තිසේරා මාංචුව තද කලේය​. ඉන් පසු ඔහුට මාංචුව ඇර ගැනීමට නොහැකි විය​. අබේකෝන් ටීචද තිසේරාට බණිමින් මාංචුව ඇරීමට තැත් කලාය​. මාංචුව ඇරීම සඳහා යතුර ගැනීමට මහර බන් ධනාගාරයට යා යුතු බව නීලාංග කීවේය​. තැති ගත් සනත් තිසේරා අඞන්නට විය​. පසුව අබේකෝන් ටීච සනත් තිසේරාගේ අතට සබන් ගා  මාංචුව පැන්නුවාය​. ඉන් පසු සෝබිත වීරසේකර නීලාංග අමතා නීලාංග විනිශ්චයකාරතුමා සනත් තිසේරාව අත් අඩංගුවට ගෙන මාංචු දැමූ බව කීවෙන්  නීලාංග උරණ විය​. 

තුන වසරේදී ද (1975 ) මනෝජ් නීලාංග සිටියේ මගේ පන්තියේය​. ඒ කාලයේ මම කිසිදු කොල්ලෙකුට බය නොවූ අතර මනෝජ් නීලාංගට සහ  සීවලී පෙරේරාට පමණක් බයින් සිටියෙමි. එහෙත් වරක් මනෝජ් නීලාංග සමග ගැටුමකට ගොස් ඔහු මට පහර දුන් හෙයින් මම අබේකෝන් ටීචට පැමිණිල්ලක් ඉදිරිපත් කලෙමි. අබේකෝන් ටීච මනෝජ් නීලාංගගේ අත්ලට අඩි රූලෙන් පහරවල් දෙකක් දුන්නාය​. පසුව මට තේරුම් ගියේ මනෝජ් නීලාංගව මිත්‍ර කර ගැනීමෙන් මගේ ආරක්‍ෂාව වඩාත් ශක්තිමත් වන බවයි. මේ නිසා මම ඔහු සමග මිත්‍ර වූයෙමි. 1974 -තුන වසරේ සිටියදී මම මඩොල් දූව පොත පන්තියට ගෙනාවෙමි. එම පොත මමත් නීලාංගත් කියවූ බව මතකය​. 

1978 හය වසරේදීද මනෝජ් නීලාංග මා සමග හිල්ඩා ගුණවර්ධන මියගේ පන්තියේ සිටි අතර අප මිතුරන් වූයෙමු. වරක් අපට ගණිතය ඉගැන්වූ පොඩි විතාණ මහතා මෝටර් සයිකල් අණතුරකට ලක්ව අත වෙලාගෙන පන්තියට ආවේය​. ඇවිත් ඔහු බේස්ලයින් මාවතේ තමන් මුහුණ දුන් මෝටර් සයිකල් අණතුර ගැන විස්තර කරන විට මනෝජ් නීලාංග " ඔය බොරු ඔය ගෑණුංගෙන් ගුටි කාලා " කියා කීවේය​. එයින් මුළු පන්තියම සිනාසුනු අතර පොඩි විතාණ මහතාටද සිනා පහල විය​. 

හයේ පන්තියේදී චිත්‍ර ගුරුවරිය අපට මුහුදු වෙරළක් අඳින්නට කීවාය​. මගේ චෝක් පෙට්ටියේ නිල් පාට නොතිබූ නිසා මම මුහුද රතු පැහැයෙන් ද පොල් ගස් කොල පැහැයෙන් ද ඇන්දෙමි. මගේ චිත්‍රය දුටු නීලාංග මෙන්න රුවන් රතු මුහුදේ කෙහෙල් ගස් ඇඳලා කියා කීවේය​. ඉන් පසු වසර බොහෝ ගනනක් යන තුරු නීලාංග මාව දකින විට රතු මුහුදේ කෙහෙල් ගස් කතාව කියන්නට විය​. 

හය වසරේදී  අපට සිංහල ඉගැන්වූයේ සිරිවර්ධන ටීචය ඇය වර්තමානයේ  කෝපි කඩේ  ටෙලි නාට්‍ය කරන චන්දික විජේසේන ගේ මවය. වරක් සිරිවර්ධන ටීච ලෝකය වතුරෙන් විනාශ වන බව  සහ අවසානයේදී දෙදෙනෙකු පමණක් ඉතිරි වන බවත් කීවාය​. එවිට ලාල් රූපතුංග සෙමින් කොඳුරමින් ලෝක අවසානයේදී ඉතිරි වන්නේ නීලාංගත් රුෂාන්තගේ අක්කා බවත් කීවේය​. මෙය ඇසූ රුෂාන්ත ගේ මුහුණ කෝපයෙන් රතුවී ගිය අතර මට නිම් හිම් නොමැති සිනාවක් පහළ විය. මේ හේතුවෙන් රුෂාන්ත මදෙස බලා " උඹට දෙන්නං" කියා තර්ජනයක් කලේය​. එහෙත් රුෂාන්තගේ තර්ජනයටවත් මගේ සිනහව නැවැත්වීමට නොහැකි විය​. 

1980 වසරේ අප සිටියේ අටේ පන්තියේය​. වරක් නීලාංග , රුෂාන්ත , ලාල් රූපතුංග යනාදීන් එක්වී වැටීම නිසා අත ඉදිමී තිබූ සිසුවෙකු රෝහල වෙත අරගෙන යමින් සිටියහ​. එය දුටු මා නීලාංග අමතා "  ළමා රෝහලටද යන්නේ ? කියා ඇසුවෙමි. ගත් කටටම නීලාංග මට කීවේ " නෑ අපි යන්නේ සත්ව රෝහලට"  කියාය​. 

නීලාංග පාසලට ආවේ පුංචි බොරැල්ලේ සිටය​. සමහරක් දින වල මවුන්ට් මේරි වලින් බැස පාසලට ඇවිද ගෙන එන මට නීලාංගව හමු වෙයි. අප දෙදෙනා එකට කතා කරමින් පාසල් ආවෙමු. මේ කාලයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරීන් මසකට වරක් නාලන්දාවට විත් සීසන් ටිකට් හෙවත් මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කළහ​. මේ නිසා බස් රථ වලින් ගමන් ගන්නා සිසුන් පෝලිම් ගැසී  සීසන් ටිකට් මිලදී ගත්හ. එක් අවස්ථාවකදී මම මාසික වාර ප්‍රවේශ පත්‍රය ගන්නා විටකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරියෙක් මගෙන් මාරු වන ස්ථාන මොනවාද කියා ඇසුවේය​. ගත් කටටම මම " ගෝරි වලදි" කියා කීවෙමි. මෙය ඇසූ පෝලිමේ සිටි සිසුන් සිනාසුනෝය​. ඒ නිසා නොරිස්සුම් බවක් පෙන්වූ එම නිලධාරියා මාව ධර්මසේන සර්ට පෙන්වා " මේ ළමයා ඕනෑ නැති කතා කියනවා " කියා කීවේය​. ධර්මසේන සර් අපට මුල් කාලයේ කෘෂිකර්මයද ඉගැන්වීය​. අප ධර්මසේන සර්ව ගිරා හොටා කියා හැඳින්වූයේ ඔහුගේ නාසයේ අග වක්ව තිබීම නිසාය​. ධර්මසේන සර් මා වෙත පැමිණ " තමුසේ සීසන් එක අරගෙන  පන්තියට එනවා " කියා කීවේය​. ධර්මසේන සර් මඟ හැරීම අනිවාර්‍ය වූ නිසා මම හිමීට ගොස් නීලාංග සිටි පන්තියේ ඔහු අසලින් වාඩිවී පීරියඩ් එක නිම වන තෙක් සිටියෙමි.  

මනෝජ් නීලාංග බොක්සිං ක්‍රීඩාව කලේය​. ඔහුට අනෙක් සිසුන්ට වඩා උස මහත ශක්තිමත් පෙනුමක් තිබුනේය​. එම නිසා අපගේ කලාපයේ ගහ ගැනීමට හැකි අපරාජිත පුද්ගලයා වූයේ මනෝජ් නීලාංගයි. එහෙත් ඔහු සාමකාමී වීනෝදකාමී සිසුවෙකු මිස බුලි කෙනෙකු නොවූයේය​. 

අප නවය වසරේ (1981) සිටියදී  බූඩි කීර්තිසේන මාරිස්ටෙලා විද්‍යාලයේ සිට නාලන්දාවට ආවේය​. බූඩි කීර්තිසේන නීලාංගටත් වඩා උස මහත සිසුවෙකි. මේ නිසා නීලාංගත් බූඩි කීර්තිසේනත් ගහ ගත්තොත් දිනන්නේ කවරෙකුද කියා අප එකිනෙකාගෙන් විමසුවෙමු. අප තදින් අපේක්‍ෂා කෙරුවද මනෝජ් නීලාංගත් බූඩි කීර්තිසේනත් අතර ද්වන්ධ සටනක් ඇති නොවීය​. බූඩි කීර්තිසේන සමග ගහ ගැනීමට නොහැකි වුවද වරක් මම බටර් ගෑ පාන් පෙත්තක් බූඩි කීර්තිසේනගේ මුහුනේ අතුල්ලා ඔහුව ප්‍රකෝප කොට පැන දිව්වෙමි. බූඩි කීර්තිසේන මේස පෙරලාගෙන මට පහර දීමට ආ නමුත් මම ඔහුගෙන් ගැලවී පන්තියෙන් ඉවතට දිව යද්දී අපට බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හිමියන් පන්තියට වැඩම කලෙන් මම ශාන්ත දාන්ත ලෙස මගේ මේසය වෙත ගියෙමි.

මනෝජ් නීලාංග ශිෂ්‍ය නායකයෙකුද විය​. උසස් පෙළ අවදියේදී ඔහු රඟපෑ නාලන්දා උදාව නාට්‍යය මට දැනුදු මතකය​. ඔහු එම නාට්‍යයේ අමතක නොවන රඟපෑමක් කලේය​. පාසලෙන් අස් වීමෙන් පසු ඔහු නීති වෘත්තිය හැදෑරුවේය​. එසේම දේශපාලනයටද අවතීර්ණ විය​. එහෙත් නීලාංගලා වැනි සත්‍යවාදී මිනිසුන් ලංකාවේ මජර දේශපාලනයට නොගැලපීම නිසා කෙටි කාලයකට පසු ඔහු ඉන් ඉවත් විය​. 

වර්තමානයේ මා මිත්‍ර මනෝජ් නීලාංග ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය​. මට ඔහුව අවසන් වරට හමු වූයේ 2002 වසරේ මාගේ අධ්‍යාපන ප්‍රතිකාර නම් පොත දොරට වැඩි දිනයේදීය​. ඔහුව බොහෝ කාලයකින් හමුවී නොමැති වූවද ඔහු පිලිබඳ  පාසල් කාලයේ කලයේ මතකය තවමත් නැවුම් ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, June 11, 2018

මේ සියවසේ දේශීයව සහ අන්තර්ජාතිකව අති ප්‍රබල බලපෑමක් කල ශ්‍රී ලාංකිකයා කවුද ?


මේ සියවසේ දේශීයව සහ අන්තර්ජාතිකව අති ප්‍රබල බලපෑමක් කල  ශ්‍රී ලාංකිකයා කවුද ? මගේ අදහස නම් වේලුපිල්ලේ ප්‍රභාකරන් ය​. මා ප්‍රභාකරන් ව නම් කරන හේතුව මෙයයි.  මීට වසර කීපයකට පෙර මම කුබෙක් ප්‍රාන්තයේ ඉතා කුඩා ගම්මානයක තිබූ දර්ශනීය පල්ලියකට ගියෙමි. එම පල්ලියේ බිත්තියක අකරාදි පිලිවෙලට ලෝකයේ සෑම රටකම භාෂාවෙන් ආවේ මරියා යන නාමය ලියා තිබුනේය​.  මම ලංකාවේ නම ඉදිරියෙන් බැළුවෙමි. ආවේ මරියා යන නාමය ලියා තිබුනේ ද්‍රවිඩ බසිනි. 

තවත් වරක් ඔන්ටේ‍රියෝවේ කෙස්වික් ප්‍රදේශයේ කුඩා රෝහලකට ගියෙමි. එහි රෝගීන් සඳහා උපදෙස් පත්‍රිකාවේ ඉංග්‍ර්‍රිසි , ප්‍රංශ , රුසියන් , හීබෘ , ස්පාඤ්ඤ යන භාෂා වලින් මෙන්ම දෙමළ බසින් ද උපදෙස් තිබුනේය​. 

1988 වැනි අතීත කාලයක මම බටහිර ජර්මනියේ කෝලෝන් නගරයට කිලෝ මීටර් සිය ගනනක් ඈතින් තිබූ කුඩා ග්‍රාමීය දුම්රිය ස්ථානයක බංකුවක වාඩිවී සිටි සාරියකින් හිස ආවරණය කරගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ කාන්තාවක් දුටුවෙමි.  ඇය එම ස්ථානයට පැමිණියේ කෙසේද ? මම මගෙන් ඇසුවෙමි. 

ප්‍රභාකරන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තිස් වසරක යුද්දයක නියැලුනේය​. ශ්‍රී ලාංකික සමාජයේ හැරවුම් ලක්‍ෂය වූයේ ඩී. එස් සේනානායකවත් , එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකවත් , ජේ ආර් ජයවර්ධනවත් රෝහණ විජේවීරවත් නොවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් ය​. දේශීය සමාජය උඩු යටිකුරු කලාට අමතරව ඔහු ගෝලීයවද සමාජ සංස්කෘතීන් වෙනස් කලේය​. උතුරු ඇමරිකාව​, යුරෝපය , ඕස්ට්‍රේලියාව මෙන්ම දකුණු අප්‍රිකාවද කේන්ද්‍ර කොට ගෙන ද්‍රවිඩ ඩයස්පෝරාවක් සෑදීමට මුල් ගල තැබුවේය​. ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලෝක ගෝලයේ බොහෝ ස්ථාන වලට යෑමට ප්‍රභාකරන් ගේ ක්‍රියාදාමයන් හේතු කාරක විය​. අද දිනයේ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් බටහිර ලෝකයේ දේශපාලනයට ප්‍රාදේශීය වශයෙන් මෙන්ම මධ්‍යම වශයෙන් ද බලපෑම් ඇති කරති. 

උතුරු ඇමරිකාවේ , යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සරසවි වල ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ගේ දෙවන තෙවන පරම්පරාව උගතුන් ලෙස හිස ඔසවති. තමන් ගේ පියවරුන් සීයලා  කම්කරු රැකියා  කල නමුදු ඔවුන් දැන්  තම අනන්‍යතාවයන් ස්ථාපිත කර ගනිමින් සිටිති. යෝක් විශ්ව විද්‍යාලයේදී මට හමුවූ බ්‍රිම්ලි ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණියකි. ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරමින් සිටින්නීය​. ඇයගේ දෙමාපියන් 1983 මහෝඝය නිසා ලංකාව අත හැර කැනඩාවට ආ දේශපාලන අනාතයන් වෙති. 

එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මුල් භාගයේ මළකඩ කෑ රිවෝල්වරයක් අතැතිව පාසල් අධ්‍යාපනය දහය වසරට තෙක් ඉගෙන ගත් වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ   වේලුපිල්ලේ ප්‍රභාකරන් නම්  කරයර් තරුණයෙකු  කුඩා ගින්නක් ගැසුවේය​. එම ගින්න අති විශාල ලෙස ලංකාව පුරා පමණක් නොව ලෝකය පුරා පැතිර යයි කියා ඔහුද සිතුවේ නැත​. පසුකාලීනව  ඔහුද එම ගින්නට අසුවී  මිය ගියේය​. එහෙත් ගෝලීය වශයෙන් ප්‍රභාකරන් විසින් ඇති කරන ලද බලපෑම තව වසර සිය ගනනක් පුරා පවතිනු ඇත. එය කටුක සත්‍යකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Sunday, June 10, 2018

ඥාණසාරට ඥාණසාර හමුවීම


වරක් ඥාණසාර සෙන් ගුරුවරයෙකු වෙත ගියේය 
ඥාණසාර රියැදුරු අසුනෙන් බැස එන අයුරු 
සෙන් ගුරුවරයා බලාගෙන සිටියේය 
ඔබ තමන්ට පහනක් විය යුතුයි 
සෙන් ගුරුතුමා ඥාණසාරට  කීවේය 
මම පහනක් නොව විලක්කුවක් බව 
ඥාණසාර සෙන් ගුරුවරයාට කීවේය 
කිසිවක් නොදෙඩූ සෙන් ගුරුවරයා 
ඥාණසාර වෙනුවෙන් තේ පිලියෙල කලේය
ඥාණසාර ඉදිරිපිට තැබූ බඳුන පිරෙන තෙක් 
තේ වත් කළ සෙන් ගුරුවරයා බඳුන පිරුණු පසුවද 
නොනවත්වාම දිගටම ඊට තේ වත් කළේය 
මෙය තවදුරටත් බලා ඉවසාගත නොහී  ඥාණසාර
තමන් තේ වැනි බීම නොබොන බව කීවේය​
ඔබ නැවතිය යුතුයි කියා සෙන් ගුරුවරයා කීවේය 
ඇප පිට නිසා තමා නොනවතින බව ඥාණසාර කීවේය​
ඔබගේ හිස ජාතිවාදයෙන් වර්ගවාදයෙන් පිරී තිබේ
සෙන් ගුරුවරයා ඥාණසාරට කීවේය 
මම ලංකාවේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව 
සටන් කරන්නෙක් බව ඥාණසාර ප්‍රකාශ කලේය
ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් තිබෙන නමුත් 
ඊට විසඳුම ඥාණසාර නොවන බව සෙන් ගුරුවරයා කීවේය 
මින් කිපුණු ඥාණසාර අයි පෑඩ් එක ඔසවා 
සෙන් ගුරුවරයාගේ හිසට පතබෑවේය​
සෙන් ගුරුවරයාගේ හිසෙන් ලේ ගලන්නට විය 
එහෙත් ඔහු සන්සුන්ව ඥාණසාරට මෙත් වැඩුවේය 
ඥාණසාර දිගින් දිගටම අසභ්‍ය වචනයෙන් 
සෙන් ගුරුවරයාට බැණ වැදුනේය​
සෙන් ගුරුවරයා සන්සුන් ලෙස හඳ දෙස බැළුවේය 
"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!"
සෙන් ගුරුවරයා සෙමින් ඥාණසාර  දෙස බලා  කීවේය​
ඉන් තවත් උරණ වූ ඥාණසාර සෙන් ගුරුවරයාට
නිර්දය ලෙස අතින් පයින් පහර දුන්නේය​
ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර 
සෙන් ගුරුවරයා  සන්සුන් ලෙස කීවේය 
එහෙත් ඥාණසාර ගුටි දීම නැවතුවේ නැත 
ඔබ සිවුරු පැළඳුවද බුදුන්  ගේ ධර්මය දැක නැත
 ඒ නිසා මේ චීවරය සහ පාත්තරය ගන්න 
එය අයිති ඔබටයි සෙන් ගුරුවරයා කීවේය 
ඥාණසාර සෙන් ගුරුවරයාගේ  පාත්තරය අතට  ගත්තේය 
එය  රනින් නොව යකඩින් තනන ලද්දක් බැවින් 
එයට විසිවී යන ලෙස පා පහරක් දුන්නේය 
යකඩ පාත්තරය බොල් හඞක් නගමින් විසිවී ගියේය 
ඥාණසාර  ඔබත් යකඩ පාත්තරය වගෙයි 
නගන්නේ බොල් හඞක්   සෙන් ගුරුවරයා කීවේය 
සෙන් ගුරුවරයාට දිගටම පහර දුන් ඥාණසාර 
මහන්සිය නිසා තම සිවුර සකස් කරගෙන 
යලි වාහනය වෙත ගියේය 
ඥාණසාර  දුටුවේ විශ්මය ජනක දෙයකි 
රියැදුරු අසුනේ ක්‍රෝධ මුහුණින් යුතු 
තවත් ඥාණසාර කෙනෙකු ඔහු දුටුවේය 
ඥාණසාරට  ඥාණසාර හමු වූවා 
සෙන් ගුරුවරයා සෙමෙන් කොඳුලේය 

Saturday, June 9, 2018

රෝගී සමාජයක් ඇතිවීම

මෙම අශීලාචාර කාලයේදී සියලු මිනිසුන් ජීවත් වූයේ අඩු වැඩි වශයෙන් සැකයෙන් හා මරණ බියෙනි. ඔවුන්ට නිතර නිතර දකින්නට හෝ අසන්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතනයන් ගැනය. අතුරුදන්වූ පුද්ගලයන් හා වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයන් ගැනය. හිංසාව හිංසාවට ලක්වන්නන් කෙරෙහි පමණක් නොව හිංසා කරන්නන් කෙරෙහිද බලපායි. ඒ දෙපිරිසම මානසික රෝගීන් බවට පත් කරයි. යුද හමුදාවේ සේවය කළ සමහර සොල්දාදුවන් මානසික රෝගීන් බවට පත්ව තිබෙන ආකාරය හා ඒ තත්ත්වය පෙරළා ඔවුන්ගේ පවුල් ජීවිත කෙරෙහි බලපා තිබෙන ආකාරය පිළිබඳව කදිම විග්‍රහයක් යුද හමුදා රෝහලේ මානසික වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ රුවන් එම්. ජයතුංග විසින් ලියා පළ කර තිබෙන ‘සංග්‍රාමයෙන් පසු – ඊලාම් යුද්ධයට මුහුණ දුන් සොල්දාදුවන්ගේ කතා’ යන කෘතියට ඇතුළත්ය. යාපනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කළ මහාචාර්යවරයෙකු වන දයා සෝමසුන්දරම් විසින් ලියා පළකර තිබෙන “Scared Minds – The Psychological impact of war on Sri Lankan Tamils” නමැති පොත දෙමළ කොටි සංවිධානය, ආරක්ෂක හමුදා හා ඉන්දියානු සාම හමුදාව විසින් කරන ලද යුද්ධය විසින් උතුරේ දෙමළ සමාජය කෙරෙහි ඇතිකර තිබෙන සාමූහික ව්‍යසනය ගැන තමන්ගෙන් ප්‍රතිකාර ලද රෝගීන් ආශ්‍රයෙන් කරන ලද විශිෂ්ට අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. එය සාමූහික ප්‍රචණ්ඩත්වය ඊට ගොදුරු වන පුද්ගලයන් කෙරෙහි පමණක් නොව ඒ පවුලේ සාමාජිකයන් කෙරෙහිද අවසාන විග්‍රහයේදී මුළු මහත් දෙමළ සමාජය කෙරෙහිද බලපා තිබෙන ආකාරය ගැන කර තිබෙන කදිම විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. එම මහාචාර්යවරයාද උතුරේ දෙමළ සමාජය පිළිබඳව එහි දක්වා තිබෙන චිත්‍රය සමස්ත සමාජයටද අදාළ කරගත හැකිය. 
(වික්ටර් අයිවන් -රාවය පුවත්පත )

Thursday, June 7, 2018

බොහෝ ශ්‍රී ලාංකික උගතුන් තුල කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ ඇත්තේ මන්ද ?


මට හමුවූ ශ්‍රී ලාංකික වෘත්තිකයන් (උගතුන් ) තුල තිබෙන අතිශයින්ම කුහක සහ ඊර්ෂ්‍යා  ගති  මාගේ අවධානයට ලක්වී තිබේ. අපේ උගතුන් කුහක සහ ඊර්ෂ්‍යා සහිත  කුඩුකේඩු මනසකින් ක්‍රියා කරන්නේ මන්ද ? මම එය අධ්‍යනය කරමි. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි. 

මෑතකදී  ගංජා භාවිතය සහ සෞඛ්‍ය පිලිබඳව මනෝ වෛද්‍ය ආචාර්‍ය මන්ඩේ  ඉග්වේ (නයිජීරියාව) , විශේෂඥ මනෝ වෛද්‍ය උපාලි පීරිස්    සහ මා විසින්  පත්‍රිකාවක් ලියුවෙමි. අප විසින් තවමත් දියුණු කිරීමට උත්සහ කරන මෙම පත්‍රිකාව සඳහා විවිධ රටවල මානසික සෞඛ්‍ය පිලිබඳ උගතුන් දක්වන ලද ප්‍රතිචාර මෙසේය​.  

 1) මනෝ වෛද්‍ය ගෞරව් මේතා ( ඉන්දියාවේ ; එංගලන්තයේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට අත්දැකීම් ඇත්තෙකි. - ප්‍රතිචාර ධනාත්මකය​. ධෛර්‍ය්‍ය වඩන ප්‍රතිචාර දැක්වීය )

2) මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍ර ( ශ්‍රී ලංකාවේ ඉපදුනේය​. නමුත් වයස නවය වන විට දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය විය. ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ සහාය මාහාචාර්‍යවරයෙකි. ඇමරිකාවේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට ඇත​. - ප්‍රතිචාර ධනාත්මකය. විවේචන constructive හෙවත් අර්ථකාරීය) 

3) මනෝ  වෛද්‍ය ස්ටීවන් යුසුෆියන් ( ස්පාඤ්ඤයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. - ප්‍රතිචාර ධනාත්මකය​. විවේචන අර්ථකාරීය)

4) මනෝ වෛද්‍ය මේරි සීමන් - ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය මහාචාර්‍යවරියකි. බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කොට ඇත​. ප්‍රතිචාර ධෛර්‍ය්‍ය වඩවයි) 

5) මනෝ වෛද්‍ය මයිකල් රීවා - (ඉතාලි ජාතික මනෝ වෛද්‍යවරයෙකි . ප්‍රතිචාර ප්‍රතිචාර ධනාත්මකය. අනුබල සහිතය )

6) මනෝ වෛද්‍ය ඔලෙග් -(රුසියාවේ මනෝ වෛද්‍යවරයෙකි. රුසියාවේ / යූක්‍රයීනයේ මෙන්ම පෝලන්තයේ සේවය කොට ඇත​. ප්‍රතිචාර උනුසුම්ය​. පත්‍රිකාවේ අඩුපාඩු ධනාත්මකව පෙන්වා දෙයි)

මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය - (ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරයෙකි. ප්‍රතිචාර විශ්ලේෂණය කරන විට එහි ඉරිසියාව මෙන්ම අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) දක්නට තිබේ.  කන්ස්ට්‍රක්ටිව් හෙවත් අර්ථකාරී විවේචනයක් දක්නට නැත​)

ඉහත දක්වා ඇත්තේ එක් උදාහරණයක් පමණි. මෙවන් උදාහරණ සිය ගනනක් මට දිය හැකිය​. එම නිසා මා මේ දෙය පවසන්නේ එක් සිද්ධියක් පාදක කරගෙන බව නොසිතන්න​. එසේම මෙහිදී මම මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය නරක කුහක පුද්ගලයෙකු ලෙස ලේබල් කරනවා කියා නොසිතන්න​. ඔහු තුල අනන්තවත් යහ ගුණ තිබිය හැක​. ඔහුගේ ප්‍රතිචාරය බොහෝ ලාංකික උගතුන් දක්වන ප්‍රතිචාර වලට සමානය​. එය නිසගයෙන්ම තමා තුලින් එලියට එන්නකි. 

ශ්‍රී ලාංකික වෘත්තිකයා නොහොත් උගතා කුහක කුඩුකේඩු මිනිසෙකු වූයේ මන්ද ? මා සිතන ආකාරයට හේතු කීපයකි.

1) දිවයිනකට කොටු වීම නිසා මතුවන දිවයින් මානසිකත්වය 
2) තමන් පිලිබඳ අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) 
3) වෙනත් රටවල සමාජ සමග මුසු නොවීම ( විභාග සඳහා පිටරට යාම මේ යටතේ ගැනෙන්නේ නැත​) 
4) සම්පත් හිඟ සමාජයක ජීවත් වීම නිසා අනෙකා නිරන්තරයෙන් සතුරෙකු ලෙස දැකීම 
5) හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම 
6) අපගේ ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රමයේ වරද 
7) ලෝකයට විවෘත නොවීම නිසා ඇති ලිං මැඞි මානසිකත්වය​. විදේශිකයන්ට බිය වීම (Xenophobia) 
8) දැණුම ගවේශනය නොකිරීම පීපී මානසිකත්වය​. දැණුම අප්ඩේට් හෙවත් යාවත්කාල නොකිරීම  
9) විවිධ අත්දැකීම් ඇති වෘත්තිකයන් සමග අධ්‍යාපනික අදහස් හුවමාරු නොකර ගැනීම සහ ඒ සඳහා දක්වන බිය​
10) තමාගේ විශය හැරුණු කොට වෙනත් විශයන් පිලිබඳ අවබෝධයක් නොවීම 
11) තමන් ගේ අනාරක්‍ෂිත බව නිසා බෝඩ් සර්ටිෆිකේෂන් වැනි මාෆියා පන්නයේ මිණුම් දඞු අත තබාගෙන සිටිනවා මිස දැණුම සඳහා විවෘත නොවීම 
12) ජාතිවාදී වර්ගවාදී තම පාසල , තම විශ්ව විද්‍යාල ප්‍රධාන කොට පටු ගෝත්‍රික ආකල්ප වලින්  ලෝකය දෙස බැලීම. විවෘත මනසක් නොතිබීම 

දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ උගතුන් තුල සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව වැනි විශයන් පිලිබඳ ගැඹුරු දැනීමක් නැත​. එහෙත් නොදියුණු සමාජය විසින් ඔවුන්ව ඉන්ටර්ලෙක්චුවල්ස් හෙවත් ධීමතුන් ලෙස සලකති. එහෙත් මේ ඊනියා ධීමතුන් සතුව ඇත්තේ ඉතා නොගැඹුරු දැණමකි. මෙම දැණුම වෙනත් ප්‍රගතිශ්‍රීලී සමාජ වල මෙන් අභියෝගයට ලක් නොවන නිසා ඔවුන් සුරක්‍ෂිතය​. එහෙත් මෙකී වෘත්තිකයන් උගතුන් ලෙස සැලකිය හැකිද යන්න දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රශ්න කරයි. 

( මෙම ලිපිය මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා විවේචනය කරන ලිපියක් නොවන බව සලකන්න)

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, June 6, 2018

ආණ්ඩුවේ දන්ත සායනයකින් දතක් පිරවීමට ගිය විට



1) අද වතුර නෑ
2) ස්ටෙරලයිසර් එක කැඩිලා උපකරණ තම්බන්න විදියක් නෑ
3) අද ලේබර නිවාඩු ගිහින් 
4) ෆිලිං මෙටීරියල් ඉවරයි ; අපි දන්වලා තියෙන්නේ තාම එවලා නෑ
5) දැන් කොහොමත් බෑ. කට්ටිය කෑමට ගිහින් 
6) ඩ්‍රිලිං කරන මැෂින් එක කැඩිලා 
7) අද ඩෙන්ටල් ඩොක්ටර් හාෆ් ඩේ ගිහින් 
8) අද ඩොක්ටර්ස්ලා දෙන්නම නිවාඩු
9) ලයිට් එනකන් මොකුත් කරන්න බෑ
10 ) හදිසි ඒවා විතරයි කරන්නේ දත් පුරවන ඒවා කරන්නේ නෑ

Monday, June 4, 2018

සරණ ගුනවර්ධන සහ කප්පම්


සරණ ගුනවර්ධන කප්පම් මාමා කෙනෙකි. . සරණ ගුනවර්ධන මිනිසුන් ගෙන් කප්පම් ගැනීම නිසා පන්සලේ හාමුදුරුවන්  සරණ ගුනවර්ධනට අවවාදයක් දුන් නමුත්  සරණ ගුනවර්ධන හාමුදුරුවන්ට මෙසේ පිලිතුරු දුන්නේය​.

" හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් කප්පම් ගැන කියලා තියනවා " 

හාමුදුරුවන් ඉන් මවිතව "ඒ කොහේද සරණ මහත්තයෝ ? කියා ඇසුවේය​. 

" ඇයි හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ නේද සුගන්ධං සීතලං කප්පං කියලා කිව්වේ කියා ඇසුවේය​. 

Sunday, June 3, 2018

The Stolen Generation: Most blemished chapter in Australian History



 Dr. Ruwan M Jayatunge

My dad taught me from my youngest childhood memories through these connections with Aboriginal and tribal people that you must always protect people’s sacred status, regardless of the pest. Steve Irwin

The Stolen Generation is a term used to describe those children of Australian Aboriginal and Torres Strait Islander descent who were removed from their families by the Australian government under Parliamentary Act in 1869. The forcible removals occurred from 1869 to 1970 that given the catastrophic population decline of Aboriginal people and disintegration of their cultural roots leading to numerous psycho-social problems.

The children were removed forcefully and against the will of their parents. Over 100,000 children were brutally and forcibly removed and in some cases the infants were removed soon after their birth. There are no genuine statistics about the stolen generations today. Many records have been lost or destroyed. Most of the parents whose children were taken never saw them again. One in ten Aboriginal children were separated from their mothers during these years. Such removals were made by the Police Officers or Aboriginal Protection Offices who were white Australians.

The children were held in Government institutions and subjected to inhuman conditions. The aboriginal children were prevented using their native languages and rituals. Often they were severely punished for using their indigenous languages. They were prevented being socialized. The siblings were deliberately separated from each other. The children were taught to reject their Aboriginality and to regard Indigenous culture as evil. The aboriginal boys were trained to become agricultural labourers and the girls as domestic servants to serve in the White Australian households.

According to the comments made by some Historians and Sociologists the Stolen Generation represent a cultural genocide. They argue that the Australian Government literally kidnapped these children from their parents as a government policy which was managed by the APB or Aborigines Protection Board. The ABP gave the power to remove children without parental consent and without a Court order. Therefore it was an institutionalized atrocity against the Aboriginal people which based on racial grounds. This policy made tens of thousand of Aboriginal families to suffer and breaking up of important cultural, spiritual and family ties. It affected individuals as well as the community hence creating a collective trauma. Sir Ronald Wilson the President of Australia’s Human Rights Commission once called it as an attempted genocide.

As the Psychiatrist Dr. Jane McKendrick of Melbourne University points out high proportion of people from the Stolen Generations were psychologically, physically or sexually abused while in care. Many victims suffer from anxiety, depression and post-trumatic stress. The repercussions of the stolen generations still echoes the Aboriginal community. They have high prevalence of alcoholism, suicides, domestic violence and child abuse.
The average Aborigine life expectancy is 17 years shorter than the rest of the countries’ population.

The victims still have Inter-generational effects with poor parenting skills, behavioural problems, unresolved grief and trauma due to the institutionalization upbringing. People who experienced forcible removal in childhood experience blunt emotions, insecurity and they have lack of trust in the outside world. They even pass down negativity to their offspring. The stolen generation lacked socialization which includes processes of being nurtured. They often found difficulty in sustaining and developing good constructive family relationships with their own children. Therefore the collective trauma became a vicious cycle.

Traumatic removal of Aboriginal children from their parents at young age with no substitute attachment figures resulted a social calamity. The common psychological impacts have often manifested in isolation, drug or alcohol abuse, criminal involvement, self harm and suicide. Trauma experienced in childhood embedded in the personality and physical development of the victims. It destroyed Aboriginal identity and knowledge of Aboriginal culture. The mental anguish they suffer is directly linked to being taken from their parents. Indigenous Australians suffer disproportionately high rates of psychological ailments. 

The Aborigines of Australia were the first people to set foot on the continent, somewhere between 40,000 and 60,000 years ago. Europeans settled in Australia in 1788. The colonists battled natives for their land. A hundred years later Aborigines no longer held much of the continent and many Aboriginal groups were struggling for survival. There may have been between a half million to a full million Aborigines at the time of European settlement; today about 350,000 live in Australia.

Following the European interventions Aborigines lost their spiritual homes as well as their source of food. Hunger, disease and armed attacks killed thousands of Aborigines. They lost their lands, cultural links and eventually their children.

The APB policy affected not only the aboriginal victims even the enforcers for some extent. According to an article written by Lang Dean in 1997 describes the anguish of his father a Victorian policeman from 1922 until 1946 who made over 343 removals. As the author describes after such removals the policemen was crying and sobbing as a child. He removed aboriginal children against his conscience and repented until his last days.

On February 13, 2008 Australian Prime Minister Kevin Rudd asked for an apology from the victims of the stolen generation even though the former Premier John Howard rejected calls for a formal government apology. Some political analysts criticized John Howard who had been a Member of Parliament in the 1960s – when forced removal was still a government policy. Although many Indigenous Australians welcomed the official government apology they highlight that it does not pay any compensation for the suffering that they underwent.

As a result of the government made disaster they are still experiencing the anguish. The apology was sweet but it was merely nothing but words which will not resolve their current problems.

Friday, June 1, 2018

පිලිප් ශාන්ත ගේ බයිලා


පිලිප් ශාන්ත කියනවා ඇමරිකාවට විරුද්ධව පත්තර වල ලිව්වම ඇමරිකාවට යන්න වීසා දෙන්නේ නෑ කියලා. මේක බොරු කතාවක් ; අපේ අයියලා සිංහලෙන්  ලියන ඇමරිකා විරෝධී ලිපි ඇමරිකාව කෙයාර් කරන්නේ නෑ. මම ඇමරිකානු හමුදාව කල ස්ත්‍රී දූෂණ Daily News එකට පවා පවා ලියලා තියනවා. ඒත් මට ඇමරිකාවට යන්න වීසා දුන්නා. මේ ලියන මහත්තුරු සිංහල පාඨකයන්ව කොච්චර අන්දනවද ? 

 මෙන මේ ලින්ක් එකෙන් ගිහින් මගේ ලිපිය බලන්න 

Thursday, May 31, 2018

ඔබ හෝමෝ ෆෝබියාවෙන් පෙලෙන්නේද ?


සමරිසියන් කෙරෙහි සමාජය තවමත්  සවිඥාණික මෙන්ම අවිඥාණිකව විරෝධතාව දක්වති. සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශය පිළිබඳව සඳහන් කොට ඇත.​තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​.

ලෝකයේ විවිධ රට වල පවතින සමරිසි සංස්කෘතියන් පිලිබඳ මම අවධානය යොමු කලෙමි.  රුසියාවේ සමලිංගිකත්වය ටැබූ මාතෘකාවක් විය​. එහෙත් යටිබිම්ගත සමරිසි සමාජ කොමියුනිස්ට් වකවානුව කාලයේද තිබුනි. අපගේ වෛද්‍ය පීඨයේ හිස්ටෝලොජි හෙවත් පටකවේදය ඉගැන්වූ ව්ලැදිමීර් පෙත්‍රෝවිච් සමරිසි පුද්ගලයෙකු බවට සිසුන් කසු කුසුවෙන් කී අතර ඔහුව ගලුබෝයි (නිල්) පෙත්‍රෝවිච්  කියා අන්වර්ථ නාමයෙන් ද හදුන්වන ලදි. 

තුර්කියේ සමලිංගික සංස්කෘතිය බොහෝ සෙයින් ප්‍රචණ්ඩ මෙන්ම පරපීඩාකාමී බව කියවේ. තුර්කීන් ගුද රමණයට ඇළුම් කරන බව වරක් ඉස්තාන්බුල් නගරයේදී සිරියානු සිසුවෙක් මා සමග පැවසීය​. ඔහු තුර්කි සිරියානු දේශසීමාව ආසන්නයේ ජීවත්වූ අයෙකි. මේ නිසා තුර්කීන් පිලිබඳ බොහෝ දේවල් මා සමග කීවේය​. එහෙත් ඔහු තුර්කීන් සමග අගතියෙන් සිටින්නෙකු බව මට වැටහුණි.

සෙන් ෆ්‍රෙන්සිස්කෝ නගරය හඳුන්වන්නේ සමරිසි පාරාදීසය කියාය​. වරක් සෙන් ෆ්‍රෙන්සිස්කෝ නගරයේදී සුදු සමරිසි තරුණයෙක් ශරීර උපකාරයක් බලාපොරොත්තුවෙන් මා ආසන්නයට පැමින ඉඟි බිඟි පාන්නට විය​. මම ඔහුට මා සමරිසියෙකු නොවන බව කීවෙන් ඔහු යන්නට ගියේය​.  

තවත් වරක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ සුප්‍රකට විකම් මාවතේ තිබූ සමරිසි අවන්හලකට ( ගේ බාර් ) මිතුරන් පිරිසක් සමග මම ගියේ  සමරිසියන් ගේ චර්‍යාවන් අධ්‍යනය කරනු පිණිසය​. එහි කළු ලෙදර් ඇඳුමින් සැරසුනු හැඩි දැඩි මිනිසුන් වූහ​. මොවුන්ව හඳුන්වන්නේ මචෝ මිනිසුන් (macho men ) කියාය​. මෙම මචෝ මිනිසුන් අතර සුකුමාල ළලනාවන් බඳු පිරිමින් ද වූහ​. ස්වල්ප වේලාවකින් සංගීතය වාදනය වූ අතර මචෝ මිනිසුන් කිහිප දෙනෙකු ආලිංගන නැටුමක නිරත වූහ​. එහි සිටි එක් පුද්ගලයෙකු ෆ්‍රෙඩී මර්කරි මෙන් ඇඳ පැළඳ සිටියේය​. ෆ්‍රෙඩී මර්කරි යනු සමරිසි සුරුවමක් බවට පත්වූ පුද්ගලයෙකි. 

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියා සිතීමේ කාලය එලැඹී තිබේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Find Us On Facebook