Wednesday, February 28, 2018

Vladimir Vysotsky the Russian Bob Dylan


 Dr Ruwan M Jayatunge  

I still recall the words of one of my teachers - Mr. Vethali Ivanovich who introduced me to the songs of Vladimir Vysotsky in 1986. He said “if you want to learn the Russian soul listen to Vysotsky”   Indeed Vladimir Vysotsky was the ultimate reflection of theRussian soul. A poet, songwriter and actor, Vladimir Vysotsky was the most famous Russian bard. He was adored by millions of fans and still respected for his charismatic voice and singing style. His music had enduring effect on Russian culture.  

Vladimir Vysotsky, who began performing in the 1960s, was reasonably critical of the Soviet totalitarian regime, highlighting bureaucracy criticizing the unfair privileges of the elite and objecting the repression. His lyrics took position on the Soviet status quo. But he loved his country and he was a true Russian. Vladimir Vysotsky could be considered as the Russian Bob Dylan. He was the voice of the silent generation of the Soviet Union.   

Vysotsky used simple but effective lyrics in his songs. His singing style was unique He sang about the human life and its complex dimensions, made his lyrics more appealing to the common man. Although his songs vastly inspired generations of people he received little official recognition in his lifetime. Vysotsky was the living soul and conscience of his time. Ironically his songs were forbidden to play and his poems went unpublished.   

He sang from his inner solitude. Vysotsky’s songs reflected his pain and disillusionments. In his songs he mirrored the ironies of life as he saw.  Vysotsky was a man of many talents but he was not given due recognition and labeled as an anti-Soviet artist. His songs were popular in the West. The famous movie White Nights (Colombia Pictures) carried the Academy Award winning song “Say you Say Me” by Lionel Richie and a rebellious song Koni Priveredlivye”( Fastidious Horses) by VladimirVysotsky. In his song Fastidious Horses Vladimir Vysotsky cries for freedom and emancipation from  repression and bondage.  

In the motion picture White Nights the famous ballet dancer Mikhail Baryshnikov making an outstanding performance onVysotsky’s song Fastidious Horses. Mikhail Baryshnikov too had the similar fate like Vysotsky. He was denounced by the Soviet Union when he defected to the West. His name was erased from the cultural theaters. In Fastidious Horses Vysotsky’s voice and Mikhail Baryshnikov’s dance go hand in hand outpouring their frustrations.    

Vladimir Vysotsky’s song “The tale of the Wild Animal” (the Russian title Pro dikogo vepria ) recounts a monstrous animal that caused a cataclysm in a peaceful land. After release of this song he had to face a lot of criticism by the authorities.  They thought that Vysotsky was using sardonic lyrics to criticize the Soviet bureaucratic system which negatively affected the people and in all aspects of their lives.  This song was banned during his time and he was never allowed to perform it.  

Vysotsky was touched by the nature and he extensively wrote and sang about the beauty of nature. His song -a farewell to the mountains is a mixture of nature’s beauty and human experience.   

Down to cities, to cars, to the life, 
dull and bleak We are getting ahead 
– as if losing the goals…
 But we always come back from the mountain peak 
Which we conquered and where we left our souls.  

 (A farewell to the mountains by Vladimir Vysotsky)   

He was famous as Pushkin and could be the most significant figure of Russian culture in the 20th century. Vysotsky was the true conscience of strictly regulated Soviet society. Vladimir Vysotsky’s verses and songs were the ultimate reflection of the pain, grief, and happiness of the Russian soul.  His deep voice echoed the anguish of the Gulag prisoners who could not express themselves for decades.     As a musician and a singer he composed more than 1000 songs. 

Vysotsky was a talented actor as well.  He was the superstar of the Moscow’s famous Taganka Theater. Vysotsky performed over 26 films and he played an outstanding role as the Captain Zheglov in “Mesto Vstrechi Izmenit’ Nelzya” (“The Place of the Meeting Can’t be Changed”) movie series.   Even though in some of his songs Vysotsky used humorous street jargon it carried profound social and political messages. 

From his songs people drew strength to live, to work, and to love. Vysotsky’s songs were   deep and carried the message of adoration and truth. He openly fought against the hypocrisy and double standards. But he paid a heavy prize. Vysotsky was branded a subversive under the system and none of his works had been recognized by the state. These actions made him to suffer a lot. In the later part of his life he was isolated and made more inactive. 

The crusader Vladimir Vysotsky died in 1980 at the age of 42. He was eventually rehabilitated during the cultural liberalization under the Perestroika process in 1985. 

Recently I had the privilege of translating Vladimir Vysotsky's famous song "Koni Priveredlivye” in to Sinhala (Sri Lankan) language for the International poetic project. This project was headed  by Marlena Zimna and they have published a book about new translations of Vladimir Vysotsky's poems into 59 languages including Sinhala.  

If you want to buy this book please go to :   1)     

Listen to Vladimir Vysotsky :  

2)   Fastidious Horses (from the motion picture White Nights )

Tuesday, February 27, 2018

වඳ පෙති

කෑම වලට වඳ පෙති දමා දී මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කල නොහැක​. එසේ කරන්නේ නම් ඉස්පිරිතාල වල එල් .ආර්.ටී කිරීම මෙන්ම එම් ඕ එච් කාර්‍යාල වලින් කාන්තාවන්ට ලූප් දැමීම අවශ්‍ය නැත​. පෙති මගින් දරු උපත් සීමා කල හැකිය​. සාක්‍ෂරතාවය තිබුනද නූගත්කම ඉහටම ගසා තිබෙන බැවින් සමහරක් කෑම මගින් හෝ ඇඳුම් මගින් වඳ භාවයට පත් කල හැකි පෙති හෝ රසායණිකයන් තිබෙන බව සිතති. එහෙත් එය හිතළුවක් පමණි. කාන්තා යට ඇඳුම් වලට රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් හෝ  බ්‍රසියර්වල ජෙල් වර්ග තැවරීමෙන්  කිසිවෙකු වඳ භාවයට පත් කල නොහැක​. මුග්ධ මිනිසුන් අතර තිබෙන මෙම බය සැක තමන් ගේ වාසියට යොදාගන්නා ජාතිවාදීන් වඳ පෙති කතා මගින් සමාජය බියපත් කරවති. එසේම​ යළි ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් කරති. නූගත් අන්ධකාර සමාජයක් තුල බිය සැක ව්‍යාකූලතා ඇති කිරීම පහසුය​. නමුත් මේ නිසා ප්‍රජාවන් තුල හට ගන්නා ගැටුම් නිසා සිදු වන විපත් සීමාරහිතය 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 
හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) මිණිපේ 
හිටපු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී නාරි හා ප්‍රසව SHO Gynecology and Obstetrics 

Monday, February 26, 2018

නිමල් ලන්සාගේ මත් විරෝධී රැලිය

එස් ටී එෆ් එකෙන් නිමල් ලන්සා ගේ ගෙදරට කුඩු සහ ගිනි අවි පරික්ෂාවට තව විනාඩි 30 ඇතුලත එන බවට ඔත්තුවක් මිගමුව පොලිසියේ බඩ මහත  සහ උඩු රැවුල ඇති පොලිස් කාරයෙක්  ලන්සා බංගලාවට ටැලිපෝන් කර කිවේය. ඒ ආරංචියත් සමගම ලන්සාවරු තම නිවසේ තිබෙන ගිනි අවි , කුඩු වහ වහා ඉවත් කළහ. විකිණීම සඳහා තොඩුවාව වෙරළින් ගොඩබා ගෙනවිත් තිබු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ගණනක් ගෝනියකට දමා හැමිල්ටන් ඇලට දමන ලෙසට ගෙදර වැඩ කරන කොල්ලාට නිමල් ලන්සා නියෝග කළේය. බ්‍රවුන් ෂුගර් ගෝනිය පාපැදියක පටවාගෙන කොල්ලා හැමිල්ටන් ඇලට එය අතාරියේය. බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය.  මේ අතර ගිනි අවි ටික මිදුලේ ගොඩ ගසා ඊට  උඩින් යකඩ පයිප්ප බට වගයක් ඇතිරුවේය. මේ අතර  ගණිකා නිවස වලට යැවීමට බලෙන් රදවාගෙන සිටි කෙල්ලන්ට කරන්නේ මොකක්ද යැයි ලන්සා මැතිනිය ඇසුවාය. මල පැන්නී සිටි නිමල් ලන්සා  ඕකුන්ව අතපය කටවල් ගැට ගහලා ඇදන් අස්සට දාන ලෙස කිවේය. ඒ අනුව කෙල්ලන්ගේ අතපය සහ කටවල් බැඳ ඇදන් යටට දමන ලදී. 

එස් ටී එෆ් එක පැමිණෙන විට ලන්සාවරු සුරුවම ඉදිරියේ ඔරසං කියමින් සිටියහ.  කුඩු සහ ගිනි අවි පරික්ෂාවට පැමිණි නිලධාරීන්ට හමු වුයේ හුලං විස්කෝතු දෙකක් පමණි. එක් එස් ටී එෆ් සෙබලෙක් මේසය මත තිබු බෝතලයක් පෙන්නා එය මොකක්ද කියා ඇසුවේය. එම බෝතලයේ තිබුනේ ගණිකා නිවස වලින් පැන යන  කෙල්ලන්ට ගැසීමට ගෙනා  ඇසිඩ් ය. මෙහිදී නිමල් ලන්සා තතනමින් එය ලුර්දු වලින් ගෙනා ශුද්ධ ජලය බව කිවේය.   ඉන්පසු එම බෝතලය දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියෙන් තබා නිමල් ලන්සා දණ ගසා ගත්තේය. ඒ අතර එස් ටී එෆ් කාරයන් හුලං විස්කෝතු දෙක රැගෙන යන්නට ගියේය. 

ලන්සගේ ගෙදරට එස් ටී එෆ් එකෙන් පැමිණි බව ආරංචි වූ මර්වින් සිල්වා මොවුන් තමන්ගේ නිවසටත් පැමිණේද කියා බිය විය. වහාම ගෙදර තිබු ගිනි අවි , ජ්‍යාත්‍යන්තර පාසල් වල කොල්ලන්ට කෙල්ලන්ට විකිනීමට මාලක දරුවා ගෙනවිත් තිබු එක්ස්ටසි තොගයක්ද කැබ් තුනක පටවා තමන්ට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය  දුන් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවාසයට ගෙන යන ලෙසට ගෝලබාලයන්ට නියෝග කර හෙතෙම තනිවම ලන්සාගේ නිවෙසට ගියේය. 

  මේ අතරවාරයේ නිමල් ලන්සා ජනාධිපතිතුමාට කතා කොට  එස් ටී එෆ් එකෙන්  තමන්ගේ නිවසට බලෙන් පැමිණ  කුඩු සහ ගිනි අවි පරික්ෂා කළ  බවට  පැමිණිලි  කළේය.  මෙවැනි අසාධාරකම් නොඉවසන ජනාධිපතිතුමා එක පයින්ම ලන්සාගේ නිවසට ආවේය. ජනාධිපතිතුමා පැමිණි විට නිමල් ලන්සා නහයෙන්  අඩමින්  තමන්ගේ චරිතයට වූ  කැළල ගැන කියා හඬා වැටුණි. මුට චරිතයක් තිබ්බාද කියා හා අතේ කල්පනා කල ජනාධිපතිතුමා ලන්සා ගේ නිවසට නොගොස් මිදුලේ අසුරා තිබු යකඩ පයිප්ප උඩ වාඩි  විය. ඒ සමගම පයිප්ප යට තිබු ගිනි අවියක කොකා තද වී වෙඩිල්ල ජනාධිපතිතුමාගේ සරම ( වේට්ටිය ) ඇතුලෙන් ගියේ එතුමාගේ අන්ඩ  කෝශයක ගෑවී නොගෑවී ය. වාසනාවකට මෙන් රජගෙදර වෙදනාගේ ස්ටෙරොයිඩ්  කසාය නිසා අන්ඩ  කෝශ ඇකිලී තිබීම නිසා කෝෂ වලට හානියක් නොවිය. වෙඩි ශබ්දයට ජනාධිපතිතුමා කලබල වූ විට නිමල් ලන්සා කීවේ ජනාධිපතිතුමා පැමිණි සතුටට මීගමුවේ ජනතාව රතිඟා පත්තු   කරනවා කියාය. ලන්සා ජනාධිපතිතුමාගේ සරමේ වූ සිදුර තම අල්ලෙන් වැසූ නිසා එතුමාගේ ආරක්ෂකයන්ට නොමිලේ බැලීමට තිබුණු නීල පට දර්ශනය අහිමි විය. 

ජනාධිපතිතුමා ලන්සාගේ නිවෙස තුලට ගොස් ඇඳක හාන්සි වී කුරහන් තලපයක් ඉල්ලුවේය. මෙහෙ ඔය ගොඩේ කෑම නැහැ කියූ ලන්සා මැතිනිය ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්වාගෙන ජනාධිපතිතුමා ඇල්ලුවාය. කේක් කන අතර ඇඳ යටින් එන කෙදිරිය මොකක්ද යැයි ජනාධිපතිතුමාට දැන ගැනීමට අවශ්‍ය විය. විකිනීමට මල්ලි ගෙනාපු බලු පැටියන් වගයක් බව නිමල් ලන්සා  ජනාධිපතිතුමාට කිවේය. කේක් එක කා අත සෝදන්නට ගිය ජනාධිපතිතුමා සුරුවම අසල තිබු බෝතලය අතට ගත්තේය. හා හා සර් ඔකේ තියෙන්නේ සුද්ද ජලය කියා නිමල් ලන්සා කිවේය. ජනාධිපතිතුමා සුද්ද වතුර ටිකක්   නළලේ ගා  ගැනීමට වතුර බෝතලයට ඇගිල්ල දැම්මා පමණි ගින්නට අසු වුනාක් මෙන් ඇගිල්ල දැවී ගියේය. ජනාධිපතිතුමා වහාම ඇගිල්ල ළඟ තිබු මාළු ටැංකියට එබුවේය."සර් දන්නැද්ද සුද්ද ජලය  පව්කාරයන්ගේ ඇඟේ වැදුනම   පිච්චෙනවා යි " ලන්සා ජනාධිපතිතුමාට කැපිල්ලක් දැම්මේය. ලන්සාගේ නෝන්ඩිය නිසා ලැජ්ජාවට පත් ජනාධිපතිතුමා කරබා ගත්තේය. මේ අවස්ථාවේ මර්වියා නිමල් ලන්සාගේ ගෙදරට කඩාගෙන වැදුනි. 

මර්වියා  තමන්ව දුටු විට පසඟ පිහිටුවා  වඳියි යන හිරිකිතය නිසා  ජනාධිපතිතුමා ඉක්මනට පස්ස දොරෙන් මර්වින්ට නොපෙනෙන්ට පිටත්ව ගියේය. යන්නට පෙර ලන්සා ඇමතු ජනාධිපතිතුමා අර ඇඳ යට ඉන්න බලු පැටවු දෙන්නෙක් විතර කාල්ටන් එකට ගෙනත් දාන්න යි කිවේය. ලන්සා එයට එකග විය.  ජනාධිපතිතුමා ආ  බව නොදත් මර්වින් නිමල් ලන්සාගෙන් කෙලින්ම ඇසුවේ මාසේ සල්ලි පරක්කු කල නිසාද ලොක්කා එස් ටී එෆ් එක දාල සර්ච් පාරක් දැම්මේ කියාය. එවිට ලන්සා කීවේ නියමිත වෙලාවට සල්ලි පන්දහේ කොළ වලින්ම මිටි බැඳ දුමින්ද සිල්වා අතේ යැව්වා කියාය. එවිට මර්වින් ඔලුවේ අතගහ ගත්තේය.

ඇයි දන්නැද්ද මිනිහ වෙඩි වැදිලා ඉස්පිරිතාලේ නේ එක නිසා තමයි මාසේ කාසි වෙලාවට ගිහිල්ල නැත්තේ. මර්වින් සිල්වා කිවේය. 

මුන් කේ පි ගේ සල්ලි වලටත් ඇනලා අපි දාඩිය මහන්සියෙන් හොයන තුට්ටු දෙකටත් විදින්නනේ බලන්නේ යැයි නිමල් ලන්සා තරහෙන් කිවේය. 

ඒක තමයි මමත් බල බල ඉන්නේ මුන් ටික  තොලොන්ජි  වෙලා යනකන් එදාට මම මුළු කැලණියේම රතිඟා පත්තු කරනවා කිව්  ආචාර්ය මර්වින් ඇයි ආපු එස් ටී එෆ් කාරයෝ ගස් බැන්දේ නැත්තේ කියා ලන්සගෙන් ඇසුවේය. කොහේ බඳින්නද උන් අර සමුර්ධිකාරයා වගේ පෙන්න්දෙක් නෙවෙයි හොඳ හතර රියන් මිනිස්සු කියා ලන්සා පිළිතුරු දුන්නේය. 

Sunday, February 25, 2018

ගොම ගොඩේ සිටින පණුවන්

රාහූ සහ ලග්න පලාපල කියමින් 
සුභ දිශාව  රාහු කාලය ගැන කෙබර කියමින් 
දවස ආරම්භ කරන පසුගාමී සමාජයක 
ජීවත් වෙන අවාසනාවන්ත මිනිසුන් 
ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් ගේ මුසා වලට රැවටී
තර්කාණු බුද්ධියට අගුළු දා එලොවින් ආ ජීවකයන් 
විශ්ව ශක්තීන්, කට්ටඩියෝ -කපුවෝ පසුපස යති 

සමාජයක් දැණමෙන් සන්නද්ධ කිරීම වෙනුවට
මේ පසුගාමී දේශයේ මාධ්‍ය මේ අවාසනාවන්ත මිනිසුන්ව 
තව දුරටත් අන්ධකාරයෙන් අන්ධකාරයට ගෙන යයි
ජනමාධ්‍යවේදියෝ කියාගත් ඊනියා අඳ බාලයෝ 
මිත්‍යා මත සහ බොරු කෙබර ලියමින් 
නූගත්කම තව තවත් සමාජයේ වපුරති 

වෙනත් රටවල් අඟහරු ලෝකය ගවේශනය කරන විට
මේ නූගත් දේශයේ වැසියෝ රාහු හා කේතුට බිය වෙති
ප්‍රගාමී  සමාජ සයිබර් තාක්‍ෂණයට -නැනෝ තාක්‍ෂණයට පිවිසෙන විට
මේ පසුගාමී දේශයේ වැසියෝ අඟහරුගේ අපල වලට බියවී 
භාර හාර වී පුද පූජා කරති , කපුවන් ඉදිරියේ  වැඳ වැටෙති 

සමාජයක්  නූගත් වන විට 
මිනිසුන් ගේ තර්කාන්විත බුද්ධිය පහළ වැටෙන විට 
ඉන් විපුල එල නෙලා ගන්නා අවස්ථාවාදී කූට දේශපාලකයන් 
මෙම තත්වය තව දුරටත් ප්‍රවර්ධනය කරති 
මේ බව නොදත් අඳ බාල මිනිසුන් 
ගොම ගොඩේ සිටින පණුවන් මෙන් 
මුලාවේම ඉපද මුලාවෙන්ම මිය යති 

Saturday, February 24, 2018

ධනපතියෙකු වීමේ රහස


හිරු පුවත්පත කරන කාලයේ 
බොරැල්ල සුපර් මාකට් එකේ 
ඉඳියාප්ප දහයක් හොදි එක්ක 
නයට උදේට කාපු නුඹ 

පාපදියක් වත් ගන්නට මුදල් නොව 
කොටුවේ සිට කළුතරට බස් එකේ  යාම​ට
බස් ටිකට් එක ගන්නට 
අතේ සතේ නොතිබුනු නුඹ 

ධනපතියන් භංගවේවා
පුද්ගලික විශ්ව විද්‍යාල භංගවේවා
මවුබිම නැත්නම් මරණය කියා
බිළි බෝයිස්ලා ෆෝම් කල නුඹ 

මාවරමණ්ඩිය කොමියුනිකේෂන් එකේ
හාමිනේ සමග එක්ව 
ෆොටෝ කොපි ගසා සතෙන් සතේ
අසීරුවෙන් එකතු කල නුඹ 

පාස්පෝට් දෙකක් 
උපන් දින දෙකක් 
මිලියන දෙදහසක්
සහ මහා මන්දිරයක් 

තමා සතු කර ගත්තේ කෙලෙසද 
කියා අපට කියා දෙනවාද ? 
රට ජාතිය ආගම දේශප්‍රේමය 
මෝඩයන්ට විකුණා ධනවත් වීමේ රහස 
අපටත් කියා දෙනවාද ? 

Thursday, February 22, 2018

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න සහ සුදර්ශන බාලගේ

මීගමුව රෝහලේදි තරුණියක් දූෂණය කර  හයවන මහලෙන් බිමට දමා ඝාතනය කොට නීතිය ඉදිරියේ වරදකරුවෙකු වූ වෛද්‍ය සුදර්ශන බාලගේ පිළිබඳව මා විසින් ලියන ලද ලිපියකට විරෝධය පළ කරමින් එක්තරා මාධ්‍යවේදියෙක් විසින් කරුණු ඉදිරිපත් කොට තිබේ. ඔහු විසින් මීපුර පුවත්පතේ පළවූ වාර්තාවක්ද එවමින්  වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් සුදර්ශන බාලගේව යම් යම් හේතූන් නිසා ඔහුව රැක ගැනීමට තැත් කල බවත් මගේ ලිපියෙන් ඒ පිළිබඳව අනාවරණය නොකරන ලද බවත් චෝදනා කරයි. තවද මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය පනාවැන්න විසින් සුදර්ශන බාලගේට මීගමුව බන්ධනාගාරයේ අනිසි රැකවරණය දුන් බවද මෙම මාධ්‍යවේදියා තව දුරටත් පවසයි. 

කෙසේ නමුත් මම මාධ්‍යවේදියාට මට කිව හැක්කේ මෙයයි. වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න මගේ මුහුණු පොතේ හඳුනාගත් මිතුරෙකු මිස මම ඔහුව ලංකාවේදීවත් දැන සිටියේ නැත​. මීගමුව බන්ධනාගාරයේ  ලෙස අයථා තහනම් ද්‍රව්‍ය රැඳවියන්ට විකුණන ජාවාරමක් තිබේ නම් එය පොලිසිය හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එය විමර්ශණය කල යුතුය​. වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න මගේ මුහුණු පොතේ සිටීම ඒ සඳහා කිසිම බාධාවක් නොවේ.  වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න ආරක්‍ෂා කිරීමට මම ක්‍රියා කලේ නැත​. 

මෙම මාධ්‍යවේදියා පෙන්වා දෙන්නේ ඝාතනය කිරීමට ප්‍රථම චමිලාව සමූහ දූෂණයට ලක් වූ බවයි​. මේ සම්බන්ධයෙන් මගේ පිළිතුර නම් එවැනි සැකයක් තිබේ නම් දැනට බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරගතව සිටින බාලගේ ගෙන් යළිත් ප්‍රශ්න කල යුතු බවය​. අවසන් වශයෙන් කිවයුත්තේ මගේ ලිපියෙන් මා විසින් පෙන්වා දුන්නේ බාලගේ  යනු  සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකු බවට උපකල්පනය කිරීමේ සාධක බොහෝ තියන බව මිස වෛද්‍ය  පනාවැන්න පිළිබඳ විස්තරයක් නොවන බවය​.

පහත දැක්වෙන්නේ අදාල මාධ්‍යවේදියා විසින්  එවන ලද වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න පිළිබඳව  මීපුර පුවත්පතේ පළවූ වාර්තාය.

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න සුදර්ශන බාලගේව රකින්නේ ඇයි?

බෝගහවත්ත කිරිදිවැල පදිංචි සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා ශ්‍රි ලංකා  වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි ඇත්තේ 1999.11.11 වනදාය.මේ වන විට ඔහුගේ වෛද්‍ය වෘත්තික ජිවිතයට වසර 11 කි. එමෙන්ම ඔහු රජයේ  ලියාපදිංචි  වෛද්‍යවරුන් වෙනුවෙන් වන එකම සංගමය වු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ  තනතුරු දැරැවෙක්ද වෙයි.එපමණක් නොව මේ කලාපයේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයාද වෙයි. ඒ අනුව වෘත්තිය නිතිමය තත්වයන් සහ වෘත්තිය සදාචාරය පිළිබදව හොද අවබෝධයක් ඇත්තෙක් විය යුතුය. තතු එසේ තිබියදි තමන්ගේ පුද්ගලික බෙහෙත් ශාලාව ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලියේ ලියාපදිංචි නැති එපමණක් නොව වෛද්‍ය කවුන්සිලයද නොමග යැවු පුද්ගලයෙක් වෙත භාර දි තිබිම ගැන දැනට සතියකට පමණ ඉහතදි මීගමුව රෝහලේදි පැවති වෛද්‍යවරුන්ගේ හමුවකදි රෝහලේ වෛද්‍යවරුන් විසින් මේ ක්‍රියාව වෘත්තිය විරෝධි බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එහෙත් වෛද්‍ය පනාවැන්න එහිදි ඔහු කරන කටයුත්ත නිවරදි යැයි කිසිවිටකත් තර්ක කර තිබුනේ නැත. එසේ නිහඩව සිටි පානාවැන්න පසුව අඩියක් පස්සට තබා ඔහුගේ බේත් ශාලාවෙන් සුදර්ශන බාලගේ දින කිපයකට ඉවත් කර තැබුවේය. දැන් යළිත් සවස වරුවේ බේත් දෙන්නට ඔහුව යොදවා ගෙන ඇත. මෙය එක්තරා අන්දමකට ගත් කළ  පානැවැන්නගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන  මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්තිනාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ුඇත. බාලගේ ට නඩු ගාස්තු  ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර  කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පචවෙමින් මෙසේ කරන්නේ ඇයි? එහෙත් මේ කිසිත් ගැන වගක් නැති පානාවැන්න වෛද්‍ය වරයා බාලගේව  මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයිද යන්න මේ වන විට වෛද්‍යවරුන් අතරේ කිසියම් කසුකුසුවක් ඇතිව තිබෙන බව වාර්ථා වේ.මේ ඇතමෙක් පවසන්නේ කුරණ බේත් ශාලාවෙන් මසකට රුපියල් ලක්ෂයක් පමණ ලැබෙන නිසා මුදලට ගිජු පානාවැන්න මහතා වෘත්තිය ගරුත්වය බල්ලාට දමා සල්ලි ඉස්සර කරගෙන ඇති බවය. ඔහු දැනට සේවය කරන බන්ධනගාරය තුල ද විවිධ කාරණා සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නට පටන් ගෙන ඇති බවද වාර්ථා වේ. මෙහිදි බොහොමයක් දෙනාගේ අවධානයට යොමුව ඇති තවත් කරුණක්  ඇත.එනම් 2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලේ සිදුව තිබුන ක්‍රියාදමය පිළිබදව සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් පිළිබදවය. මේවා පහුගිය කාලය තුල වෛද්‍ය වරුන්ගේ විවේකාගාරයේ බිත්තියට ඇති කන්වල සටහන්ව ඇත. බාලගේ ජිවත්වන්නේ අමාරුවෙන් බව වෛද්‍යවරුන් පවසති.ඔහුගේ නඩු ගාස්තු සදහා ලක්ෂ 8 පමණ වියදම්ව ඇති බවද ඒ සියල්ල පසුගිය කාලය තුල හොයාගෙන ඇත්තේ මේ කුරණ බේත් ශාලවෙන් දිවා රෑ නොබලා ප්‍රතිකාර කරමින් උපයාගත් මුදල්වලින් බවද පැවසේ. මරදන්ඩකඩවල සිට වෛද්‍ය විද්‍යාලයට ගොස්  අමාරුකම් මැද උගත් බාල පිළිබදව අනුකම්පා උපදවාගෙන සිටින මීගමුවේ ඇතැම් වෛද්‍යවරුන් තවමත් උත්සාහ ගන්නේ බාලගේ ගේ ලියාපදිංචිය සදහා අදාල ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ  මහතාගෙන් අත්සන ලබාගැනිමටය. ඒ උත්සාහයේ නිරත එම වෛද්‍යවරුන්ට මොනරාගල සිට පැමිණි චමිලා මීගමුවේ රෝහලේ 6 මහලේදි දූෂණයට ලක්ව ඉන් බිමට ඇද දමා ඝාතනය විම ගැන කම්පාවක් ඇතිව තිබෙන බැව් වාර්තා වන්නේ නැත. අපට බාලගේ හා  ඇත්තේ පුද්ගලික ප්‍රශ්ණයකට එහා ගිය වෘත්තිය සහ සදාචාරය හා බැදුන ප්‍රශ්ණයකි.මේ සියළු යථාර්ථයන් තුල වෛද්‍ය පනාවැන්න බාලගේ ව ඇත්තටම රකින්නේ ඇයි ??? මෙයට හේතුව ලගදිම හෙළිවනු ඇත. මාධ්‍යයක් විසින් කළ යුතු කොටස මේ සමාජය තුල අප ලකුණු කොට හමාරය.එහිදි වෛද්‍ය පනාවැන්න මහතා මීගමුවේ ජනප්‍රිය පුද්ගලික අමතා පවසා තිබුනේ ඔහුගේ සියළු අනිතික ක්‍රියා හෙළි කරමින් මීපුර  වෙබ් අඩවිය විසින් ගෙන යන මාධ්‍ය මෙහෙයුම නවතා දමන්නට උදව්වක් කළ හැකිද කියාය. අපට ප්‍රසිද්ධියේ පවසන්නට ඇත්තේ පානාවැන්නගේ  නිති විරෝධි වැඩ නවත්වන්නේ කවදාද එතෙක් මේ සියළු හෙළි කිරිම් එලෙසින්ම  සිදුවන බවය. වෛද්‍ය ක්ෂේත්‍රයට ආදලව  මීගමුවේ සිදුවන අනිතික ක්‍රියා විමසා බැලිමේ වෘත්තිමය වගකිම පැවරි ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි  වෛද්‍ය විජයලත් මහතා වෙත දැනට මත් ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම අප විමසිල්ෙලන් බලා සිටින්නෙමු.  (මීපුර පුවත්පත ) 

වෛද්‍ය පානාවැන්න ඝාතන සැකකරුවෙක් රකින්නේ ඇයි?  

චමිලා ඝාතන නඩුවේ සාක්ෂි විමසිම ආරම්භ වුන 2013 මාර්තු 05 වනදා සැකකාර වෛද්‍යවරයාව බන්ධනාගාර ගත කිරිමට නියම වු අතර ඔහු කිසිදු රෝගි තත්වයකින් පෙළුන බවක්ද අධිකරණයට වාර්තා වි නොතිබුණි. එසේ වුවද සුදර්ශන බලාගේව බන්ධනාගාරගත කෙරුණ මුල් දිනයේ සිට දින 4 ක් පමණ බන්ධනාගාර රෝහලේ තබාගැනිමට එම රෝහලේ වෛද්‍යවරයා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න කටයුතු කර තිබුනේය. එහෙත් මේ නිතිවිරෝධි ක්‍රියාව පිළිබදව පසුව පැන නැගුණු විරෝධයන් මත  සුදර්ශන බාලගේව ඉන් ඉවත් කිරිමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබුණි. මේ අනුව පෙනි යන්නේ චමිලා ඝාතන්යේ සැකකාර  සිමාවාසික වෛද්‍යවරයා සහ වෛද්‍ය ඉන්ද්‍රජිත් අතර පවතින සමිප සම්බන්ධතාවයයි. වෘත්තිය ආචාර ධර්ම පමණක් නොව බන්ධනාගාර රෙගුලාසින් පවා උල්ලංඝනය කරමින් වෛද්‍ය පනාවැන්න මේ සියල්ල කරනු ලබන්නේ ඇයිද යන බරපතල සැකයක් අද මීගමුවේ වෛද්‍ය ප්‍රජාව අතරේ පුළුල් සංවාදයකට ලක් වෙමින් තිබේ.(මීපුර පුවත්පත ) 

වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ පිළිබඳව  මා විසින් ලියන ලද ලිපියට ලින්කුව ;

Wednesday, February 21, 2018

තාජුඩීන් නැගිට එන්න


තාජුඩීන් නැගිට එන්න මිනී වලෙන් 
ඔබගේ ඝාතකයන් දෙස බලන්න 
ඔවුන් ඔබ දෙස බැලීමට බිය වෙති
ඒ මන්ද යත් ඔබ මළ ගිය මිනිසෙකි 

ඔවුන් ජීවත් වෙන මිනිසුන්ට බිය නැත 
ඔවුන් මළවුන්ට අතිශයින් බිය දක්වති
ජීවත් වූ ඔබට වඩා මිය ගිය ඔබ දැක 
ඔවුන්  බලවත් සේ භීතියෙන් තැති ගනිති
ඔබ කෙරෙහි ඇති බිය පහ කර ගැනීමට   
ඔවුන් වෙහෙසී යාග හෝම කරති 
ඔවුන් බලවත් මන්තර ගුරුකම් කරති 
පිරිත් නූල් යාර ගනන් අතේ පළඳති 

එහෙත් ඔවුන් ගේ බිය පහවී නැත
තාජුඩීන් ඔබගේ භූත ආත්මය දැක 
ඔවුන් ගේ සත්ත්‍රාසය උග්‍ර වෙති 
ඔවුන් සිහිනෙන් බියට පත් වෙති 

ඔබව ඝාතනය කල පුද්ගලයන්ද
ඔබව ඝාතනය කිරීමට නියෝග දුන් පුද්ගලයන්ද
ඔබගේ ඝාතනය වසන් කල පුද්ගලයන්ද
ඔබගේ මනෝමය රූපකාය දැක 
භීතියෙන් තිගැස්සෙති 

ඔවුන් නීතියට කිසිදු බියක් නොමැත
තමන් ගේ හෘධ සාක්‍ෂියට බිය නොමැත 
එහෙත් ඔවුන් හොල්මන් සහ අවතාර දැක 
බියෙන් බියට පත්වෙති 

තාජුඩීන් මිනී පෙට්ටියේ පියන අරින්න 
තාජුඩීන් නැගිට එන්න ඉදිරියට
එන්න ඔබගේ මිනී ඇඳුමෙන් 
දෙනෙත් ඇර ඉදිරියටම එන්න 

මුණ ගැසෙන්න ඔබගේ ඝාතකයන් 
ඔවුන් ගේ  සුමිතුරු සහායකයන් 
ඔබගේ මරණ පරීක්‍ෂණය විකෘති කල
ඒ ගෞරවනීය මහාචාර්‍යතුමන් 

තාජුඩීන් දකින්න සත්‍ය හිරු එළිය සේ 
ඔබගේ ඝාතකයන් සහ ඔවුන් ගේ සහචරයන් 
ඔබගේ ඝාතනය චන්ද තුරුම්පුවක් කර ගත්
අශිෂ්ට අවස්ථාවාදී දේශපාලකයන් 
තාජුඩීන්  ඔබ සත්‍ය  ප්‍රත්‍යක්‍ෂ කලේය 
ඔබ ඔබගේ ජීවිතය සහ මරණය දුටුවේය​
ඔබගේ ඝාතනයට සාධාරණය ඉටු නොවන බව 
ඔබ මනා සේ පසක් කලේය 

තාජුඩීන්  නැවත යන්න ඔබගේ මිනී වළට
මේ දේශයේදී ඔබට යුක්තිය ඉටු නොවනු ඇත 
යළිත් කිසි දින අවදි නොවන්න 
සදාකාලිකව  සැතපෙන්න ඔබගේ සොහොනේ 

Monday, February 19, 2018

දේශපාලනයේ මනෝ විද්‍යාව


දේශපාලන නායකයන් ගේ මනෝ ගතිකයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලටත් එසේම රටක අනාගතයටත් බලපාන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති.  A First-Rate Madness: Uncovering the Links Between Leadership and Mental Illness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි. 

දේශපාලන ඉතිහාසය හොඳින් විශ්ලේෂණය කරන වෛද්‍ය  Nassir Ghaemi චර්චිල් , හිට්ලර්, ස්ටාලින් යන නායකන් තුල තිබූ මනෝ භාවයන් මෙන්ම  මානසික අක්‍රමතාවයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලදී ඉතා ස්ථිර ලෙස බලපෑ අයුරු තර්කාන්විතව පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස චර්චිල් විශාදයෙන් පෙළුනේය​. මේ නිසා නෙවිල් චේම්බලේන් මෙන් නොව හිට්ලර් ගේ අනාගත අභිප්‍රායන් පිලිබඳව යම් අවලෝකනයක් චර්චිල් තිල තිබූ බව වෛද්‍ය Nassir Ghaemi පවසයි. මෙම තත්වය වෛද්‍ය Nassir Ghaemi හඳුන්වන්නේ Depressive Realism යන නමිනි. තවද හිට්ලර් තුල තිබූ ඇම්ෆිටමීන් කෙරෙහි ඇබ්බැහි වීම මෙන්ම ඔහු තුල තිබූ ද්වී ද්‍රව විශාදය (Bipolar affective disorder) සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)  නිසා අවසාන කාලයේදී හිට්ලර් සිහිමඳ ආකාරයෙන් යුද්දය පිලිබඳ තීරණ ගත් අයුරු වෛද්‍ය Nassir Ghaemi පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි බලපෑම් ඇති කරන ලද පුද්ගලයන් ගේ මනෝභාවයන් පිලිබඳව ශ්‍රී ලංකික මනෝ විද්වතුන් විග්‍රහ කොට නැත​. මේ සඳහා ඔවුන් තුල සාධාරණ බියක් පවතිනවා වන්නට පුලුවන​. එහෙත් වෘත්තීයවේදීන් ලෙස  තමන් ගේ දැණුම සහ අත්දැකීම් යොදාගෙන ජනතාවට ප්‍රතිවේධනයක් ලබා දීම ඔවුන් ගේ යුතුකමක් වෙයි. 

ශ්‍රී ලංකාවේ දේශපාලන පථය සඳහා පුද්ගලයන් බොහෝ දෙනෙකු දායක වී තිබේ. ඉන් ස්වල්ප දෙනෙකු වඩාත් අධික ලෙස ශ්‍රී ලංකා දේශපාලන පථය සඳහා බලපෑම් කොට බව නොරහසකි . වර්තමානයේ ශ්‍රී ලංකාවාසීන් ගේ ජීවන තත්වය  නිර්ණය වී තිබෙන්නේ සුළුතරයක් වූ මෙකී පුද්ගලයන් ගත් තීරණ තීන්දු මතය​. මේ නිසා එම තීන්දු ගන්නන් විධිමත් මානසිකත්වයෙන් එකී තීන්දු ගත යුතු බවට ජනතාව විසින් වග බලා ගත යුතුය​. 

ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි.2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය (සරසවි ප්‍රකාශකයෝ)  මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය. 

ජේ ආර් ජයවර්ධන යනු ලංකාවේ විවාදයට ලක්වූ දේශපාලකයෙකි. ඔහු විසින් කරන ලද හොඳ දේවල් මෙන්ම නරක දේවල් පිළිබඳව කථිකා තිබේ. 1977 ට මඳ කාලයකට පෙර ජේ ආර් ජයවර්ධන තම දකුණු අත මිටි කර  මේසයට ගසමින් අයි වෝන්ට් පවර්.. අයි වෝන්ට් පවර්... කියමින් කියූ බව වරක් ඩියු ගුණසේකර මහතා මා සමග කීවේය​. ඇත්ත වශයෙන්ම ජේ ආර් බලය කෙරෙහි ආශක්තව සිටියේය​.  බලය ලැබීමත් සමගම ජේ.ආර් තුල  අහංකාර උන්මාදය සහිත  The Hubris Syndrome නම් සහලක්‍ෂණයේ සලකුණු මතු විය​. ඔහු බලය පිළිබඳ වගාඩම් බර කීවේය​. තමන්ට කල නොහැක්කේ ගැහැනියෙකු පිරිමියෙකු කිරීම බව කීවේය​. එසේම ප්‍රජාතන්තවාදී විරෝධී තීරණ ගැනීම සඳහා ජේ ආර් තුල තිබූ මෙම Hubris සින්ඩ්‍රෝමය ඉවහල් විය​. 

ආර් .ප්‍රේමදාස  ඉතා හොඳ අනුගාමික උප නායකයෙකු විය​. ඔහු තුල විචක්‍ෂණභාවයක් තිබුනේය​. එහෙත් ඔහු  පූර්ණ බලැති නායකයෙක් වූ වහාම කුලය සහ ඔහුගේ පන්තිය පිලිබඳව තිබූ  විරක්‍ෂීභාවයන් (insecurities ) උඩට මතු විය​. මීට අමතරව ප්‍රේමදාසව පෙලූ හීනතාමාන සංකීර්ණය ( inferiority complex)   මත  ඔහුගේ දේශපාලන චර්‍යාව සනිටුහන් විය​. මේ නිසා ආර් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් වැරදි තීරණ ගනනාවක් ගත්තේය​. මෙම වැරදි තීරණ නිසා ඔහු උග්‍ර දේශපාලන අර්බුධ වලට මුහුණ දුන්නේය​. 

රෝහන විජේවීර යනු ප්‍රභාකරන් මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලනය බරපතල ලෙස වෙනසකට ලක් කරන ලද පුද්ගලයෙකි.   රෝහණ විජේවීර සංකීර්ණ චරිතයකි. විජේවීර තුල අසාමාන්‍ය දක්‍ෂතා මෙන්ම බොහෝ දුර්වලකම්ද තිබුනේය. දක්‍ෂතා අතර ඔහු තුල පැවති සංවිධානාත්මක හැකියාව පෙනී යයි. ධනය බලය රහිතව ඔහු විශාල සංවිධානයක් ගොඩ නැගුවේය​.ඔහු තුල තිබූ කැපවීම කිසිදු දේශපාලකයෙක් තුල තිබුනේ නැත. පයින් ගමෙන් ගමට ගොස් සාමාජිකයන් එකතු කරගෙන ඔහු විසින් ගොඩ නගන ලද සංවිධානය මේ වන විට ලංකාවේ තෙවන බලවේගයක් දක්වා වර්ධනයව තිබේ. 

රෝහණ විජේවීර සංකීර්ණ චරිතයක් වූ බව නිසැකය​. ඔහු තුල යහපත් ගති ගුණ මෙන්ම විනාශකාරී ලක්‍ෂණ තිබුනේය​.  මාගේ අදහස අනුව විජේවීර තුල  Posttraumatic embitterment disorder (PTED)  තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම  Posttraumatic embitterment disorder (PTED)  තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම  Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය​, සමාජය හා නීති පද්ධතීන්  කෙරෙහි  අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි. 

පෙනී යන පරිදි රෝහණ විජේවීර තුල දත් බොල්ලෑව නිසා Body dysmorphic disorder තත්වය  තිබූ බවට  උපකල්පනය කිරීමේ සාධක තිබේ. බොහෝ අවස්ථාවලදී ඔහු තම දත් බොල්ලෑව පිළිබඳව චින්තාපර විය​. 71 කැරැල්ල ආසන්නයේදී පවා පේරාදෙනිය දන්ත පීඨයෙන්  තම ඉදිරියට නෙරා ඇති දත් ශල්‍යකර්මයක් මගින් සාමාන්‍යකරණය කර ගත යුතු බව ඔහු සෝමසිරි කුමානායකට කීවේය​. මෙම විකලතාව නිසා ඔහු තනිව සිටින විට අත් වලින් දත් පසුපසට තද කිරීම ග්‍රස්තියක් සේ වැඩුනේය​. එසේම ඔහු කණ්නාඩියකින් මුහුණ බැලීමටද අකමැති වූ බව ඔහුගේ සමකාලීනයෝ පෙන්වා දෙති. මෙම විකලතාව විජේවීරට චිරකාලික කාංසාමය තත්වයක් ඇති කරන ලදි. විජේවීර ගේ සමහර සර්වතෝභද්‍ර වාදී ප්‍රවණතාවල මූලයන් මෙම Body dysmorphic disorder තත්වය සමග බැඳී පැවතිනි. අවිඥානික මානසික ගැටුම් , කායික අඩු ලුහුඞුවක් නිසා Body dysmorphic disorder තත්වය මෙන්ම Posttraumatic embitterment disorder (PTED) ලක්‍ෂණ ඔහු තුල තිබුනේය​. මේ  සියළු ලක්‍ෂණයන් රෝහණ  විජේවීර චරිතයට බල පවත්වන ලදි. රෝහණ  විජේවීර යන චරිතය අවබෝධ කර ගත යුත්තේ මෙකී කියවීම් හරහාය​. 

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පත් වන විට ඇය විසින් ලංකාව සෞභාග්‍යය කරා ගෙන යනු ඇතැයි බොහෝ දෙනෙකු අණාවැකි කියූහ​. එහෙත් එම අණාවැකි බොරු කරමින් චන්ද්‍රිකා අසමර්ථ දේශපාලන චරිතයක් වූවාය​. මේ සඳහා චන්ද්‍රිකා තුල තිබූ ඇතැම් මනෝ භාවයන් හේතු කාරක වන්නට ඇත​. චන්ද්‍රිකා තම පියාගේ මරණය​, තරුණ කාලයේදී තම ප්‍රථම ආදරවන්තයාගේ මරණය මෙන්ම පසුකාලිනව තම ස්වාමි පුරුෂයාගේ මරණය නිසා ක්‍ෂිතිමය අත්දැකීම් වලට ලක්ව සිටි කාන්තාවකි. එසේම පුරහල බෝම්බය නිසා ඇය තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)ලක්‍ෂණයන් ද හට ගැනීමේ අවකාශයන් තිබුණු බව අමතක නොකල යුතුය​. මේ නිසා චන්ද්‍රිකා ගේ දේශපාලනය සඳහා මෙකී මානසික ලක්‍ෂණ බල පවත්තන්නට ඇත​. 

බලයේ සිටි කාලයේ සමහරක් චන්ද්‍රිකාට කීවේ පච මල්ල කියාය​. ඊට හේතුව ඇය බොහෝ විට බොරු ගොතා කීමයි. සමහර විට ඇය විසින් කියූ බොරු ඇයටම අමතක වූ අවස්ථාද තිබිනි.  චන්ද්‍රිකා  ඇබ්බැහියෙන් බොරු කිව්වේද කියා ඇතැමුන් අසති. එයට එක එල්ලයේ පිලිතුරු දිය නොහැක​. හේතුව සියළු දේශපාලකයන් බොරු කියති. නමුත් චන්ද්‍රිකා කියූ ඇතැම් බොරු විරළ වර්ගයේ ඒවාය​. 

 චන්ද්‍රිකා කියූ සෝබෝන් බොරුව  තුමුල බොරුවකි. ඇයට ප්‍රන්සයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තිබුනේ නැත​. එක් අවස්ථාවකදී ඇය තමන්ට සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් තිබෙන බවද කීවාය​. නමුත් මේ සියල්ල අසත්‍ය බව පසුව සනාත විය​.   තවත් අවස්ථාවකදී චන්ද්‍රිකා තම පුත් විමුක්තිව රාජකීය විද්‍යාලයට දැමීම සඳහා එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා සිටි බව කීවාය​. විජය ඝාතනය වූ අවස්ථාවේදී තමා එම ඝාතකයා බිම වැටී සිටි විජය දෙසට තුවක්කුව මානා ගෙන සිටි අයුරු දුටු බව චන්ද්‍රිකා වරක් රූපාවාහිනී වැඩ සටහනකදී කීවාය​. විජය කුමාරතුංග ඝාතනය පිලිබඳ රහස් පොලිස් පරීක්‍ෂණ කටයුතු කල චන්ද්‍රා ජයවර්ධන මහතා ගෙන් වරක් මම මේ ගැන ඇසුවෙමි. චන්ද්‍රා ජයවර්ධන මහතා කියූ පරිදි  චන්ද්‍රිකා ඝාතකයාව දැක නැත​. චන්ද්‍රිකා එක එල්ලේ  කීවේ තමා ඝාතකයා දුටු බවය​. සමහර විට තමා කියූ අසත්‍යය සත්‍යක් කියා තමාටම ඒත්තු ගියා විය හැකිය​. 

පරිචින්න වශයෙන් බොරු කීම Pseudologia fantastica  හෝ   Pathological Lying ලෙස හැඳින්වේ. මෙම ස්වභාවය  ව්‍යාථවේදී තත්වයක් බව  1891 දී ජර්මානු මනෝ වෛද්‍ය  Anton Delbrück විසින් පෙන්වා දෙන ලදි. පෞරුෂ අක්‍රමතා වලදීද  ව්‍යාථවේදී මුසාවාද කීමේ තත්වය දක්නට හැකි බව මනෝ විද්වතුන් පවසයි.  DSM මානසික රෝග වර්ගීකරණයේදී  Pathological Lying   නොහොත් ව්‍යාථවේදී මුසාවාද කීමේ තත්වය  factitious disorder යටතේ වර්ගීකරණය වෙයි.

මහින්ද රාජපක්‍ෂ යන චරිතය ශ්‍රී ලාංකික දේශපාලනයේ පතාක චරිතයකි. ඔහුගේ දක්‍ෂතා මෙන්ම දේශපාලන සඑලතා බොහෝ සෙයින් තිබුනේය​. එහෙත් ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට පරාජය වන කාලය වන විට රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් බොහෝ වැරදි කොට තිබූ නිසා ජනප්‍රියතාවයෙන් පහළ වැටී තිබුනේය​. රාජපක්‍ෂ මහතා මෙලෙස දේශපාලනික වශයෙන් සද්‍යෝෂී ක්‍රියා වෙත යොමු වීම සඳහා ඔහු තුල ජේ. ආර් ජයවර්ධන තුල වර්ධනය වූ අහංකාර උන්මාදය සහිත  The Hubris Syndrome නම් සහලක්‍ෂණයේ සලකුණු  තිබූ බව මම සිතමි. 

දේශපාලනයේ මනෝ විද්‍යාව යනු දේශපාලකයන් මානසික රෝගීන් කියා ලේබල් ගැසීමක් නොවේ. බොහෝ දේශපාලකයන් නිරෝගී මානසිකත්වයකින් යුතුව හිතකර තීරණ ගනිති. නමුත් යම් යම් අවස්ථා වලදී ඔවුන් තුල තිබෙන්නා වූ මනෝ ගතිකයන් ඔවුන් ගේ දේශපාලන  තීරණ වලට බල පැවැත්වේ. මෙම මනෝ ගතිකයන් පිලිබඳව දේශපාලකයන් විසින් දැනුවත්ම සිටීම ඔවුනට මෙන්ම ජනතාවටද හිතකරය​. මෙවැනි අවලෝකනයක් ලබා දීම  මනෝ විද්‍යාව පිළිබඳ වෘත්තීයවේදීන් ගේ යුතුකමක් ද වන්නේය​. ඒ මන්ද යත් පෙර කී පරිදි ශ්‍රී ලංකාවාසීන් ගේ ජීවන තත්වය  නිර්ණය වී තිබෙන්නේ සුළුතරයක් වූ මෙකී පුද්ගලයන් ගත් තීරණ තීන්දු මතය​. එම තීරණ ගන්නේ නීරෝගී මානසිකත්වයකින් ද නැතහොත් ව්‍යාථවේදී මනසකින් ද කියා මනෝ විද්‍යාව පිළිබඳ වෘත්තීයවේදීන් නිසි විපරමින් සිටිය යුතුය​. එසේම ඒ පිළිබඳව ජනතාව දැණුවත් කල යුතුය​.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි ) 

Sunday, February 18, 2018

සීයා පිළිබඳ මතකය


සීයාගේ අභිමානය විසි එක් වන සියවසට ගෙන ගිය ඔහුගේ පුත් ලෝක බැංකුවේ ජේෂ්ඨ උපදේශකවරයෙකු වන  ආචාර්‍ය සරත් රාජපතිර​ණ

මගේ පියාගේ පියා මා උපදින විටත් මිය පරලොව  ගොස් තිබූ නිසා පියාගේ මව් පාර්ශවයේ බාප්පාට අප සීයා කියා ඇමතුවෙමු. ඇත්ත වශයෙන්ම ඔහු අපට නියම සීයා කෙනෙකු විය​.  සීයා පිළිබඳ මගේ මතකය අවුරුදු 3 හෝ හතර දක්වා ළමා කාලය තෙක් දිව යයි. සීයා පිළිබඳව ඉතාම ලාබාල මතකයක් නම් වරක් මම පියා සමග සීයා ගේ නිවසට ගිය විට සීයා මට කිරි පැණි කුඩා  ප්ලාස්ටික් තසිමකට දමා දුන් අයුරුයි. කිරි පැණි හඳ මාමා ගෙනත් දුන් බව සීයා කීවේය​. මෙය ඔහු කියන්නට ඇත්තේ කුඩා දරුවෙකුගේ මනසේ විචිත්‍ර ලෙස සෞන්දර්‍ය රසය උද්දීපනය වීම සඳහා බව කියා මම අද දිනයේ සිතමි. ඔහුගේ හිසකේ සුදු පැහැති විය​. සීයා ඉතා කරුණාවන්ත පුද්ගලයෙකු බව මගේ මනසේ ඇඳී තිබේ. 

සීයාගේ නම පාඨා රාජපතිරණය​. ඔහු පොත් කීපයක් ලියා තිබුනේය​. එක් පොතක නම මට යන්තමින්  මතකය​. ඒ පොතේ නම සිංහලයේ සටන් ය​. මේ පොත ඩබ්. ඒ සිල්වා ගේ විජයබා කොල්ලය මෙන් දේශප්‍රේමී සටන් අඩංගු නවකතාවක් විය​. සීයා මේ පොත ලියන්නේ ඩබ්. ඒ සිල්වා   විජයබා කොල්ලය නවකතාව ලිවීමට පෙර හෝ පසුද කියා මම නොදන්නෙමි. සීයා තවත් පොතක් ලියා තිබූ අතර එය පළ කිරීමට පෙර ඔහු මිය ගියේය​. එම නිසා ඒ අත් පිටපතට සිදු වූ දෙය මම නොදනිමි. 

මගේ පියා කියූ පරිදි සීයා දක්‍ෂ ආත්ම ආරක්‍ෂක සටන්කරුවෙකි. එකල කරාටේ වැනි ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම හඳුන්වන ලද්දේ චීන අඩි කියාය​. වරක් ගල්කිස්ස ප්‍රදේශය බියපත් කරගෙන සිටි මැරයෙකු සීයාගේ වත්තේ බලහත්කාරයෙන් මිනිසුන් දමා පොල් කැඩීමට ආ විට සීයා මෙම මැරයාට හතර ගාතෙන් වැටෙන ලෙස පහර දී තිබේ. ඉක්බිති මැරයාගේ සහචරයෝ පාඨා මහත්තයා චීන අඩි කාරයෙක් කියා දිව ගියහ​. 

සීයා එකල ප්‍රභූ සමාජයේ ජනප්‍රියව සිටි පුද්ගලයෙකි. ඔහුගේ සොහොයුරෙක් මහ බැංකු අධිපති විය​. ඔහුව හඳුන්වන ලද්දේ ගවනර්  රාජපතිරණ කියාය​. පසුකාලීන මහ බැංකු අධිපතීන් මෙන් නොව මේ මිනිසුන් ඉතා අවංක රජයේ නිලධාරීන් වූහ​.  ජනතා මුදල් හොරකම් කලේ නැත. සීයාද ඉතා අවංක මිනිසෙකු විය​.  තවද සීයා මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කිට්ටුවන්ත මිතුරෙකු විය​. මාර්ටින් වික්‍රමසිංහ ගේ ග්‍රන්ථයකද සීයා පිලිබඳ සටහනක් අඩංගු වෙයි. 

එකදහස් නවසිය හැට එකේ හෙළයේ මහ කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද උපන්දා සිට ග්‍රන්ථයේ එකසිය අට පිටුවේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ තරුණ විය හා සබැඳි විවරණයේ මෙලෙස සීයා ගැන සඳහන් වෙයි. 

.........."...එක්සත් ජාතික පක්‍ෂයට ඉතා ළැදිව ක්‍රියාකරන මගේ යාළුවකු වන පාඨා රාජපතිරණ  දවසක් මා හා කතා කරද්දී කියු කියුමකි මේ....
යූ.ඇන්.පී යට සිඳුවී තිබෙන්නේ අවාසනාවන්ත විපතක්.ඔවුන් පාර්ලිමේන්තුවට යැව්වේ අපේ ගම රාලලා.නමුත් සේනානායක මහත්තයා හිතාගෙන ඉන්නේ තමන්ට ජය අත් වුණේ කතෝලික පල්ලිය නිසාය කියා....ගැමියන් පයින් ගසා එළවන තෙක් ඒගොල්ලන්ට ඒක වැටහෙන එකක් නෑයි මම කීවෙමි. (උපන්දා සිට - මාර්ටින් වික්‍රමසිංහ ) 

ඇත්ත වශයෙන්ම සීයා එක්සත් ජාතික පක්‍ෂයට  ලබැඳිව සිටියේය​. ඩී.එස් ගේ ගොවි ජන ව්‍යාපාරය , මින්නේරිය ව්‍යාපාරය ආදි සිංහලේ පැරකුම්බා යුගය කරා ලංකාව ගෙන යාම සඳහා දරණ ප්‍රයත්නයක් ලෙස ඔහු සිතුවේය​. එහෙත් සීයා ගේ දේශපාලන දැක්ම සහ දෘෂ්ටිය ගැඹුරු විය​. එදා එක්සත් ජාතික පක්‍ෂය අරබයා සීයා කියූ ප්‍රකාශය පසු කාලයක සත්‍යක් ලෙස සනාත විය​. ඔහු අන්ධ භක්තියෙන් දේශපාලකයන් පසුපස නොගියේය​. ඩී.එස් , ඩඩ්ලි හෝ කොතලාවල යන දේශපාලකයන්ට කියන දේ මුහුණටම නිර්භයව කීම සීයාගේ පිළිවෙත විය​. මේ නිසා දේශපාලන සතුරන් වූවද සීයාට ගෞරව කලහ​.

අද කාලයේ මෙන් නොව ඒ කාලයේ මිනිසුන් දේශපාලනය කලේ උදර පෝෂණය තකා නොවේ. ඒ නිසා සීයා දේශපාලනය හරහා සතයක්වත් හම්බ කලේ නැත​. ඔහු ජීවත් වූයේ ඉතා සරළ ආකාරයටය​. එහෙත් ඔහු ජීවිතය වින්දනය කලේය. සීයා තුල ඉතා තියුණු මෙන්ම විනෝදප්‍රිය හාස්‍ය රස්‍යක් තිබුනේය​. ඔහු තුල තිබූ උපහාස රසය ඔස්කා වයිල්ඩ් ගේ මෙනි​. සීයා සමග සාමීචීයේ යෙදීමට බොහෝ දෙනෙක් ප්‍රිය කළහ​. ඔහු තුල තිබූ හාස්‍ය ඉතා ගැඹුරු මෙන්ම ශාස්ත්‍රීය එකක් විය​. 

සීයාගේ එක් දරුවෙක් වූ සරත් රාජපතිරණ පසු කාලයක  ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවට ගියේය​. ඔහු ලෝක බැංකුවේ ජේෂ්ඨ උපදේශකයෙකු විය​. අවාසනාවකට මෙන් තම පුතා වූ ආචාර්‍ය සරත් රාජපතිරණ ගේ  වෘත්තීය සඑලත්වයන් දැකීමට සීයා ජීවතුන් අතර සිටියේ නැත​. 

සීයා මිය ගිය දිනයද මට මතකය​. ඒ වන විට මම වයස හයක ළදරුවෙක්මි. මිදුලේ  වැලි වලින් කෝම් පිට්ටු සදමින් සිටින විට විශ්‍රාමික ගුරුවරියක වූ ආචිචි දුක් සහගතව අපගේ නිවසට ආවාය​. ඒ වන විට සීයා රෝගාතුරව ඉස්පිරිතාලයේ සිටියේය​. 

ආචිචි විසින් ගෙන ආවේ සීයාගේ මරණය පිලිබඳව දුක්මුසු පුවත බව ඒ අවස්ථාවේ මට වැටහීමක් තිබුනේ නැත​. එහෙත් පසු දින මිනී පෙට්ටියක වැතිර සිටින සීයාව මම දුටුවෙමි. සීයා මිය ගොස් ඇති බවත් ඔහු නැවත නොඑන බවත් එවකට කුඩා දරුවෙකු වූ මම අවබෝධ කරගෙන සිටියෙමි. සීයාගේ දේහය ගල්කිස්ස කනත්ත වෙත ගෙන ගිය අතර කුඩා මා ආයා සමග නිවසේ සිටියෙමි. එහෙත් සීයාගේ හත් දවසේ බණ මෙන්ම දානය  මට හොඳින් මතකය​. සීයාගේ හත් දවසේ බණ අවසන් වී රාත්‍රී නවයට පමන අප නිවස කරා ආවෙමු. එවිට පුන් චන්ඳ්‍රයා පායා තිබුනේය​. එවිට සීයා විසින් කියූ හඳ මාමා විසින් කිරි පැණි ගෙනා ආ බව කතාව මට සිහිපත් විය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, February 15, 2018

මගේ සරසවි


මා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නේ සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනික ආයතනයකය​. ඉන් පසුව එක්සත් ජනපදයේ හා කැනඩාවේ  විශ්ව විද්‍යාල වල මම මනෝ විද්‍යාව හැදෑරුවෙමි . මේ හැර මම එක්සත් රාජධානියේ බාන්ස්ලි විද්‍යාලයේ ළමා මනෝ විද්‍යාව හදාරා තිබේ. දේශීය ආයතන අතරින් මම කොලඹ වෛද්‍ය විද්‍යාලයේ ඔකියුපේෂනල් මෙඩිසින්  පාඨමාලාව හදාරා සහතික ලැබුවෙමි. වර්තමානයේ මම ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක (මනෝ චිකිත්සනය ) ආචාර්‍ය උපාධිය හදාරමින් සිටිමි. මේ නිසා මගේ සරසවි ලෙස මට අධ්‍යාපනික ආයතන රැසක් නම් කල යුතු වෙයි. මේ සියළුම අධ්‍යාපනික ආයතන මට දැණුම ලබා දුන්නේය​. 

එහෙත් මැක්සිම් ගෝර්කි මෙන් මම නියම අධ්‍යාපනය ලැබුවේ මිනිසුන් හරහාය​. බොහෝ විට මගේ රෝගීන් මෙන්ම ගුරුවරු සහ වෘත්තීය සගයන් ආභාෂයෙන් මම ඉගෙන ගත්තෙමි. මෙම ඉගැන්වීම් පොත් වල තිබෙන ඉගැන්වීම් වලට වඩා වෙනස් සහ ප්‍රායෝගික විය​. එසේම ජීවිත කාලයක් පුරා මතක හිටින ඉගැන්වීම් වෙති. මීට අමතරව මම සමාජයේදී මිනිසුන් ඇසුරෙන් ද උගත්තෙමි. විවිධ රට වල විවිධ සංස්කෘතීන් වලට අයත් මිනිසුන් මට අප්‍රමාණ පාඩම් කියා දුන්හ​. 

සෝවියට් දේශයේ ජීවත් වන විට මම බොහෝ සෝවියට් ජාතිකයන් ඇසුරු කලෙමි. මොවුන් අතර මහාචාර්‍යවරු , වෛද්‍යවරු මෙන්ම සාමාන්‍ය කම්කරුවන් , රස්තියාදුකාරයන්  හා බේබද්දන් වූහ​. සෝවියට් සමාජයේ පහළම ස්ථරයේ මිනිසුන්   පාදඩයන් මෙන්ම මුණිවරයන් වූහ​. මෙම මිනිසුන් ජීවිතය ගැන අප්‍රමාණ කරුණු මට කියා දුන්නේය​. 

වරක්  යූක්‍රයීනයේදී මම තදබල බේබද්දන් තිදෙනෙකු සමග සංවාද කරමින් ෂැම්පේන් බෝතලයක් ගැනීම සඳහා පෝලිමේ සිටියෙමි. බේබද්දන් තිදෙනාට අවශ්‍ය වූයේ බියර් බෝතල් කීපයක් ගැනීමටය​. මිනිසුන් පිරී සිටි පෝලිම ඉතා සෙමෙන් ඇදී ගියෙන් අපට බොහෝ වේලාවක් සංවාදයේ යෙදෙනු හැකි වූහ​. උග්‍ර ලෙසින් මත්පැන් බී සිටි තිදෙනා ඉතා අපිරිසිදු ලෙස ඇඳ පැළඳ සිටියහ​. ඔවුන් පාදඩයන් ලෙස දිස් වූහ​. එක් අයෙකුගේ කබා සාක්කුවේ වොඩ්කා බෝතලයක් තිබූ අතර ඔවුන් තිදෙනා වරින් වර එයින් උගුරු කීපය බැගින් පානය කොට කිළිටි පත්තරයක ඔතා තිබූ විශාල කැකිරි ගෙඩියක් අමුවෙන්ම දත් වලින් සපමින් ශබ්ද නගමින් අනුභව කළහ​. මෙතරම් කට ගොන්නක් බී සිටි මොවුන්ට බියර් බෝතල් මන්ද කියා මා කල්පනා කලෙමි. එහෙත් පසුව තේරුම් ගියේ වොඩ්කා කරන්ට් එක දිගටම පවත්වා ගැනීමට වරින් වර මොවුන්ට  බියර් අවශ්‍ය බවයි.  මා වෛද්‍ය සිසුවෙකු බව අවබෝධ කර ගත් විට ඔවුන් මට රෝග සුව කිරීම සඳහා වොඩ්කා යොදා ගත හැකි ආකාරය ගැන දීර්ඝ දේශනයක් කළහ​. මොවුනට අනුව  වොඩ්කා කෝප්පයකට ගම්මිරිස් හැන්දක් දමා පානය කිරීමෙන් ඕනෑම උදර රෝගයක් සුව කල හැකිය​. 

බේබද්දන් තිදෙනා සමග පෝලිමේ සිටි පැය එකහමාර තුලදී මම ඔවුන් ගේ පාදඩ සමාජයේ බොහෝ දේවල් ඉගෙන ගත්තෙමි. මොවුන් ආහාර ගැන සැලකිලිමත් නැත​. උදේ නැගිටින විට උදෑසන තේ කෝප්පය මෙන් මොවුනට මත් පැන් අවශ්‍යය​. දිනය ගත වන්නේ මත් පැන් සොයමින් සහ ඒ සඳහා කාලය මිඩංගු කරමිනි.  මත් පැන් සඳහා මුදල් මොවුන් කාගෙන් හෝ ආයාචනා කොට ලබා ගනිති. නැතහොත් එහෙ මෙහෙ ඇවිද හිස් බෝතල් එකතු කොට ඒවා විකුණා ඒ මුදල් වලින් වොඩ්කා මිලට ගනිති. බේබදු සංගමය ඉතා සමගිය​. ලබා ගන්නා මත් පැන් ඔවුන් සමගේ බෙදා හදාගෙන බොති. මොවුන් කතා කීමේ දක්‍ෂයන් වෙති. රුසියානු ජන කතා මෙන්ම දේශපාලන විහිළු කතාද ඔවුන් පවසති. 

විනිත්සා නගරයේ ස්තාරය ගෝරද් නම් ප්‍රදේශයේද ; කියෙව් නගරයේ ක්‍රෙෂාතික් මාර්ගයේද ; මොස්කව් හි අර්බාත්ස්කය මාවතේද මම ඇවිද ගියෙමි. බොහෝ දේවල් දුටුවෙමි. සෝවියට් පාතාල ලෝකයටද මම එබී බැළුවෙමි.  සෝවියට් දේශයේ මදාවි ලෝකය සමන්විතව තිබුනේ කණ්ඩායම් වශයෙනි. ගෘසීන් ජාතිකයන් ගේ , චෙචේන් ජාතිකයන් ගේ ආදී වශයෙන් එක් එක් ජාතීන් ගෙන් සමන්විත වූ පාතාල කණ්ඩායම් සෝවියට් දේශයේ තිබුනේය​. බොහෝ විට තරුණයන් එක් රැස්ව තම තමන් ගේ කණ්ඩායම් සදා ගත්හ. වරක්  1992 වසරේදී මෙවැනි කණ්ඩායමක් මට මොස්කව්හි දුම්රිය පොළකදී හමු විය​. මෙම මැර කණ්ඩායමට නායකත්වය දුන්නේ වාස්යා නමින් හඳුන්වන ලද ඇස් චීන ජාතිකයෙකුගේ වන් තරුණයෙකි. ඔහුට චෙචේන් සහ රුසියානු මිශ්‍ර සම්භවයක් තිබෙන්නට ඇත​. එහෙත් ඔහු ඉතා හොඳින් රුසියානු භාෂාව කතා කලේය​.  මගේ දුම්රිය ඒමට තව පැය ගානක් තිබූ නිසා මම දුම්රිය පොලේ කොනක් බදු ගෙන ඝෝෂා කරමින් සිටි වාස්‍ යා සමග මිත්‍ර වූයෙමි. ඒ සඳහා ඔහුට ඩන්හිල් සිගරෙට්ටුවකින් සංග්‍රහ කරන්නට සිදු විය​. මා සිරිතක් ලෙස දුම් නොබීවද මොස්කව් යන විට මිතුරන්ට දීම සඳහා ඩන්හිල් හෝ කැමල් සිගරට් පැකට්ටුවක් ලඟ තබා ගත්තෙමි. බජාර් එකේ නායකයා සමග මිත්‍ර වූ විට අවශේෂ මැරයන් වහාම අදාල පුද්ගලයාගේ මිතුරන් බවට පත්වෙති. මේ නිසා වාස් යාගේ කල්ලිය මට මිත්‍රශීලීව සැලකූහ​. දුම්රිය පොලේ කෑකෝ ගසමින් සිටි මැර කල්ලියට සෙසු මගීන් මෙන්ම මිලිත්සියා භටයන් ද බිය වූහ​. එහෙත් මැර කල්ලිය කිසිවෙකුට හිංසාවක් කලේ නැත​. ඔවුන් උස්  හඞින් කතා කරමින් ඔවුන් ගේ අණසක පතුරාගෙන සිටියා පමණි. 

මගේ දුම්රිය එනතෙක් මම සෝවියට් මැර කල්ලිය සමග සිටිමින් ඔවුන් ගේ කතා වලට සවන් දුන්නෙමි. එම කතා බොහෝ විට සමන්විත වූයේ වෙනත් කල්ලියකට කල පහරදීම් , පොලිස් අත් අඩංගුවේදී පොලිස් නිලධාරීන්ට කල බැනවැදීම් ආදිය මගිනි. ඔවුන් පොලිස්කාරයන් හැඳින්වූයේ මූසරා නමිනි. මූසරා යනු කුණුගොඩ යන අර්ථය ගෙන දෙයි.කියෙව් බලා යන මගේ දුම්රිය පැමිණි වහාම මම කල්ලියෙන් සමු ගත්තෙමි. ඒ මා ඔවුන්ව දුටුව අවසන් වතාවයි.  ගෘප් ඩයිනමික්ස් හෙවත් කණ්ඩායම් ගතිකයේදී මිනිසුන් ක්‍රියා කරන්නේ කෙසේද කියා අවබෝධ කර ගැනීමට මට වාස්යා ගේ  මැර කල්ලිය උපකාර විය​.   

වරක් බටහිර ජර්මනියේදී මට නියම හිපියන් කණ්ඩායමක් හමු විය​. ඔවුන් විවිධාකාර ලෙස ඇඳ සිටි අතර බීට්ල්ස් සංගීතයට සවන් දුන්නෝය​. මොවුන් සමහර දෙනෙකු විශ්ව විද්‍යාල සිසුන්  වූහ​. ඔවුන් කතා කලේ න්‍යෂ්ටික අවි හරණය සහ ලෝක සාමය ගැනය​. එක් හිපියෙකු මේ මාතෘකාව ගැන කෙටියෙන් කතාවක් කිරීමෙන් පසු සියළු දෙනා බීට්ල්ස්ලාගේ යෙලෝ සබ්මැරීන් ගීතය ගායනා කලහ​. කෙසේ නමුත්  හැම්බර්ග් නගරයේදී මම හිපියන් ගෙන් වෙන්වී ගියෙමි. මේ හැර බටහිර බර්ලිනයේ යකඩ දම්වැල් අතැතිව සිටි නියෝ නට්සි තරුණයන් පිරිසක් මම දුටුවෙමි. ප්‍රධාන මාර්ගයේ පොලිස් භටයන් සිටි නිසා ඔවුන් විදේශිකයන්ට පහර දීමට අවේ නැත​. මේ නියෝ නට්සි තරුණයන් තුර්කි ජාතීන්ට නිබඳවම පහර දෙන බව පසුව දැන ගැනීමට ලැබුණි

බල්ගේරියාවේදී මට ඉතාලි ජාතික සංචාරකයන් කණ්ඩායමක් හමු විය​. ඉන් එක් පුද්ගලයෙකුගේ නම ගාර්සීනිය​. බල්ගේරියාවේ ඉන්ටුවරිස්ට් කාර්‍යාලයේදී තිබූ පෝර්ම මා ඔහුට ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට දුන්නෙමි. ගාර්සීනි ගේ අත අල්ලාගෙන සිටියේ ඔහුගේ පෙම්වතිය බව මම මුලින් සිතුවද ඒ පිරිමියෙකු බව පසුව මට පසක් විය​. ඔවුන් දෙදෙනා සමරිසි යුවලක් වූහ​. පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු 1993 වැනි කාලයක මම මොස්කව් උමං දුම්‍ රියේ සමරිසියන් අත් අල්ලාගෙන යනවා දුටුවෙමි. එහෙත් වර්තමානයේ රුසියාවේ පොදු ස්ථාන වලදී සමරිසියන්ට පහර දෙති.  

වරක් එංගලන්තයේදී බංගලි ජාතිකයන් සමූහයක් මට හමු විය​. මොවුන් ඉගෙන ගැනීමට මෙන්ම රැකියා කිරීමට එක්සත් රාජධානියට පැමිනිනු පුද්ගලයන් වූහ​. සමහරකට විධිමත් වීසාද නොවීය​. බංගලි ජාතික මාෆියාවක් මගින් ඔවුන් එංගලන්තයට ගෙන්වන බව මට තේරුම් ගියේය​. කුඩා නිවසක් කුලියට ගන්නා මොවුන් විසිපහක් හෝ තිහක් එක නිවසේ ජීවත් වෙති. සාමූහික ජීවිතය ඔවුනට පුරුදුය​. එසේම සුදු ජාතික තරුණයන් ගේ මැරකම්  වලටද ඔවුන් මැරකම්  වලින් පිලිතුරු දෙති. වරක් එක් බංගලි ජාතිකයෙකුට සුදු තරුණයන් පිරිසක් පහර දුන්හ ​. පැය භාගයක් යන විට  බංගලි තරුණයන් ගෙන් පාර පිරී ගිය අතර ඔවුන් කිසිදු වග විභාගයක් නොමැතිව පාරේ ගිය සුදු ජාතිකයන්ට පහර දුන්නෝය​. මේ ප්‍රහාරයේදී එක් මහළු සුදු ජාතිකයෙකුගේ ඇසකටද තුවාල විය​. 
මා දැන සිටි ස්කොට් ජාතිකයන් බොහෝ දෙනෙකු සොඳුරු මිනිසුන් වූහ​. එහෙත් මින් බොහෝ දෙනෙකු නොසෑහෙන සේ විස්කි පානය කලහ​. ඉංග්‍රීසි ජාතිකයන් බොහෝ දෙනෙකු එලිපිට නොපෙන්නූවද අයිරීෂ් ජාතිකයන් කෙරෙහි කැමැත්තක් පෙන්නුවේ නැත​. අයිරීෂ් ජාතික කෙරී මගේ හොඳ මිතුරෙකු වූ අතර වරක් ග්‍රීෂ්ම නිවාඩුවකදී මම ඔහු සමග ඊරි විලේ පිහිනීමටද ගියෙමි. ඉංග්‍රීසි ජාතික විලී වරක් මගේ පරිගණකයේ මතුවූ ගැටළුවක් සදා දුන්නේය​. තමන් ගේ සීයා සිලෝන් නම් දිවයිනේ සේවය කල වැවිලිකරුවෙකු වූ බව ඔහු මට කීවේය​. මගේ මිතුරෙකු වූ ක්‍රිස් වෙල්‍ෂ් ජාතිකයෙකු විය​. ඔහු වෙල්‍ෂ් ජාතික නළුවෙකු වූ රිචඩ් බර්ටන්  ගැන අභිමානයෙන් යුතුව කතා කලේය​.   

තරබාරු එලයිජා තුර්කි වෙලෙන්දෙකි. ඔහු පැරණි ඤාතියෙකු පිළිගන්නා ලෙස මාව පිලිගත්තේය​. ඉන්පසු කොකා කෝලා සහ කඩල බන්දේසියක් මා ඉදිරියේ තැබුවේය​.   මට වතුර අවශ්‍ය වූවද තිබුනේ කොකා කෝලා පමණි. ඉස්තාන්බුල් නගරයේ වතුර විකුණන බව මා පසුව දුටුවෙමි. කෙසේ නමුත් එකට දෙකක් ලාභ තබා එලයිජා මට හම් කබා දෙකක් විකිනීය​. වෙළඳාම හමාර වීමත් සමගම ඔහුගේ මුවේ තිබූ සිනහව අවසන් විය​. ඔහු වෙනත් ගැණුම්කරුවෙක් වෙත ගියේය.

අන්කා මට හමු වූයේ රුමේනියාවේදීය. ඇය වලද් ඩ්‍රැකූලා සහ නරවෘකයන් ගැන කතා කීවේ අපගේ දුම්‍ රිය කාපේතියානු කඳුකරය හරහා යන විටය​. ඇය වලද් ඩ්‍රැකූලාට බිය නොමැති බව කීවේ කරේ තිබූ සුදු යකට කුරුසය පෙන්වමිනි. එවිට මා ඇයට මගේ අතේ තිබූ පැරණි පිරිත් නූල පෙන්නුවෙමි. ලෝකය පරමාණු යුගය අවසන් කොට අභ්‍යාවකාශ යුගයටද පිවිස නැනෝ ලෝකය වෙත යමින් තිබේ. එහෙත් නැගෙනහිර යුරෝපයේ සමහරක් මධ්‍යතන යුගයේ නොස්ෆෙරාටුලා (නොස්ෆෙරාටු යනු වැම්පයර්වරුන්ව හඳුන්වන තවත් නමකි) පිලිබඳ තිබූ බිය තවමත් සම්ප්‍රේෂණය කරමින් සිටිති. මේ අතින් බලන කල ලංකාවේ ජනයාද තවම විශ්ව ශක්තීන් එලොවින් ආ ජීවකයන් පිලිබඳ ප්‍රවාද විශ්වාස කරමින් පසුගාමී චින්තනයක වෙලී සිටිති. 

ෆිලඩෙල්ෆියාවේදී මට හමුවූ කළු ජාතික තරුණයන් ඇමරිකානු සිහිනය ගැන අවඥාවෙන් කතා කලේය​. " මේ රට ගොඩ නැගුවේ අපගේ මුතුන් මිත්තෝ " එක් කළු තරුණයෙක් අභිමානයකින් යුතුව කීවේය​. ඔහු බාස්කට් බෝල් ක්‍රීඩකයෙකුගේ ඇඳුමින් සැරසී සිටියේය​. ඔහුගේ දෙතොල් මහතය​. අත පය වාත්තු කලාක් මෙන් ශක්තිමත් ය​. අප ගේ හිස් වලට ඉහලින්  වීදුරු සිවිලිමක් තිබෙනවා  ඔහුගේ මිතුරෙකු වන මඳක් වැඩිහිටි පුද්ගලයෙක් කීවේය​. වීදුරු සිවිලිම පිලිබඳ කතාව මට තේරුම් ගියේ විනාඩි කිහිපයකට පසුවය​. ඉන් පසුව   චිකාගෝ සිට විස්කොන්සින් ද , කැන්සාස් ද , බෆලෝද , මිචිගන් මෙන්ම ඕහායෝද බොස්ටන් මෙන්ම නිව්‍ යෝක් වෙතද ගිය මම කළු ඇමරිකානුවන් කියන වීදුරු සිවිලිම දුටුවෙමි. එය අදිසි සිවිලිමකි. එහෙත් එය අත්ක්‍රමණය කිරීම අතිශයින්ම දුෂ්කරය​.

යෝක් විශ්ව විද්‍යාලයේදී මට හමුවූ දකුණු කොරියානු සිසුවා උතුරු කොරියාව ගැන මට භයානක කතා රැසක් කීවේය​. දේශපාලන මතභේද නිසා මිනිසුන් අගතියෙන් යුතුව සිතන අයුරු මට පසක් විය.​දේශපාලනය නිසා මිනිසුන් බෙදී වෙන්වී සිටිති. යෝක් විශ්ව විද්‍යාලයේ සිටින සමහර ද්‍රවිඩ සිසුන් මා දෙස බලන්නේද නොරිස්සුම් සහිතවය​. මොවුන් බොහෝ දෙනෙකු ඉපදී ඇත්තේ කැනඩාවේය​. ඔවුන් ලංකාව කිසි දින දැක නැත​. එහෙත් වෙල්ලාල ද්‍රවිඩයෙකු වන රූඩී (නියම නම නොවේ) කොටි සංවිධානයේ කොඩි වනමින් ප්‍රභාකරන් වන්දනා කරන දෙමළ ප්‍රජාව දෙස බලන්නේ සමචචල් සහගත සිනාවකිනි. " මුන්ව යාපනයේ අපේ ගෙවල් වල පිළිකන්නටවත් වද්ද ගන්නේ නෑ. කොටි සංවිධානය නිසා තමයි මුන් කලිසම් ඇන්දේ ඔහු පවසයි. රූඩී මොවුන්ව හඳුන්වන්නේ නාගසලං ද්‍රවිඩයන් කියාය​. රූඩී තුල තිබෙන්නේ රදළ ආකල්ප කියා මට සිතේ. ඔහු කුල ගෞරවය ගැන සිතන්නෙකි. 

ඕස්ට්‍රේලියාවේ දී මට හමුවූ මේච්නික් රුසියන් සම්භවයක් ඇත්තෙකි. ඔහුගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවට එන්නේ දෙවන ලෝක යුද සමයේදීය​. ඔවුන් බිලොරුසියාවෙනි. හිට්ලර් ගේ ප්‍රහාරය හමුවේදී කෙසේ හෝ බටහිරට පැන ගන්නා මේච්නික් ගේ පියා අවසානයෙදී නවතින්නේ බිස්බේන් නගරයේය​. දෙමාපියන් මෙන් නොව මේච්නික් රුසියන් භාෂාව දන්නේ නැත​. 

 නැගෙනහිර යුරෝපයේ හිට්ලර් ගේ භීෂණයට මුහුණ දෙමින් බටහිරට පළා ආ යුදෙව් ජනයාගේ දෙවන පරම්පරාවේ පිරිස් මට බොහෝ සෙයින් හමු වෙති. මොවුන් අතර  ඉතා යහපත් මිනිසුන් මට හමුවී තිබේ. ඔවුන් බොහෝ දෙනෙකු මා විසින් ලියන ලද Auschwitz කවිය අගය කරති. මෙවැනි කවියක් ඔබ ලිව්වේ කෙසේද කියා වරක් යුදෙව් තරුණියක වූ ඩීක්ලා මගෙන් ඇසුවාය​. මෙම කවිය Auschwitz  කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස තබා ඇති බව එම කෞතුකාගාරයේ අවේක්‍ෂකයා මට දන්වා තිබේ. මෙවැනි කවි රාශියක් Auschwitz කෞතුකාගාරයේ තිබෙන නිසා මගේ කවිය එතරම් වැදගත් කියා මම නොසිතමි. 

 මිනිසුන් තමන් ගේ වර්තමාන ජීවිත වලින් පළා යන්නට උත්සහ දරති. මෙක්සිකෝවේදී මට හමුවූ පෙඩ්‍රෝ මෙන්ම කියුබාවේ මට හමුවූ ඔස්කාර් ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ ඇමරිකාවට පැන ගැනීමය​. ඔවුන් දෙදෙනාම ඇමරිකානු සිහිනය වෙත තදින් වෙලී සිටියහ​. පෙඩ්‍රෝ මෙක්සිකෝවේ අවන්හලක වේටර් වරයෙකි. ඔහු ඇන්ටෝනියෝ බන්ඩෙරාස් මෙන් කඩවසම් ය​. යම් ලෙසකින් ඇමරිකාවට සංක්‍රමණය වුවහොත් පෙඩ්‍රෝට හොලිවුඩ් පුරවරයේ රැකියාවක් ලබා ගත හැකිය​. ඔස්කාර් තද බල ලෙස කැස්ත්‍රෝ ගේ දේශපාලනය විවේචනය කරන්නෙකි. කියුබාව යනු විවෘත සිර ගෙයක් බව ඔස්කාර් මට කීවේය​. තමා කෙසේ හෝ ඇමරිකාවට එන බව ඔස්කාර් ප්‍රකාශ කලේය​. මෙලෙසම නැගෙනහිර ජර්මනියේදී මා සමග සංවාදයේ යෙදුණු තරුණයෙකු තමාගේ ඒකායන බලාපොරොත්තුව බටහිරට පලා යාම බව කීවේය​. 

විශ්ව විද්‍යාල වල මට හමුවූ තුන්වන ලෝකයේ රටවල සිසුන් අතර ශ්‍රී ලංකා, ඉන්දියා , ඝානා , නයිජීරියා යන රට වල සිසුන් අධ්‍යාපනික දස්කම් අතින් ඉදිරියෙන්ම සිටිති. එසේම මේ රටවල සිසුන් ගේ සාමාන්‍ය දැනීම මට්ටමද ඉහලය​. මේ සඳහා  මෙකී රටවල ක්‍රියාත්මක වූ බටහිර අධ්‍යාපනය හේතු කාරකයක් වන්නට ඇත​. මේ රටවලට සාපේක්‍ෂව අැෆ්ගන් සිසුන් සිටියේ බෙහෙවින්ම පහළය​. මට හමුවූ අැෆ්ගන් ජාතිකයන් ගෙන් අබෙද් මගේ මතකයට නැගේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු මුජහෙඩීන් ගරිල්ලන් විසින් මරා දමා තිබුණි. අබෙද් බාහිර ලෝකයේ තතු දැන සිටියේ මඳ වශයෙන් ය​.  අැෆ්ගන්  ජාතිකයන් බොහෝ විට ආශ්‍රය කලේ තමන් ගේ ජාතියේ පුද්ගලයන් පමණි. එහෙත් මා සමග මිතුරු වූ අැෆ්ගන්  ජාතිකයන් කිහිප දෙනෙකු වූහ​. 2009 වසරේදී නෝත් යෝක් හි මට හමුවූ මීර්වයිස් පැමිණියේ කැන්දහාර් ප්‍රදේශයෙනි. මීර්වයිස් නිතරම මා සමග විහිළු තහළු කලේය​. අැෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් සොල්දාදුවන් ගේ ආභාෂය නිසාදෝ ඔහු රුසියානු කුණුහරප හොඳින් දැන සිටියේය​. 

විශ්ව විද්‍යාල ගැන කථා කිරීමේදී නවක වධ ගැන යමක් කිව යුතුය​. මම සෝවියට් දේශයේ , උතුරු ඇමරිකාවේ , බටහිර යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට ගොස් විශ්ව විද්‍යාල සිසුන් සමග   සංවාදයේ යෙදී තිබේ. සමහරක් විට ආරාධිත දේශනද පවත්වා ඇත​. මෙම විශ්ව විද්‍යාල බොහොමයක තිබෙන මානව ගරුත්වය -උසස් සංස්කෘතිය මගේ නිරීක්‍ෂණයට ලක් විය​. මගේ දැණුම අනුව  නවක වධය නමින් ඉහවහා ගිය පරපීඩකත්වයක් පවතින්නේ සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේය​. 2014 වසරේ බෘක්ලීන් හිදී මට අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ  දකුණු ඉන් දියානු සිසුවෙකු  හමු විය​. ඔහු පැවසූ පරිදි අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ මුල් වසරේදී ජේෂ්ඨ සිසුන් ඔහුට නිතරම කම්මුල් පහරවල් දී තිබේ. සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ  තිබෙන නවක වධ මානසිකත්වය ගැන වෙනම අධ්‍යනය කල යුතුය​. මගේ අදහස අනුව සංස්කෘතික පසුගාමීත්වය මේ සඳහා එක් ප්‍රබල හේතු කාරකයක් වෙයි. 

මේ සමයේදී දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කල මිනිසුන් රැසක් මට හමු වූහ​. මේ අතර කොටි සංවිධානයේ දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිත  කැප කල ද්‍රවිඩ තරුණයන්, විජේවීර ගේ දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිතය කැප කල සිංහල ග්‍රාමීය තරුණයන් ,  ඊශ්‍රායල විරෝධී ප්‍රචණ්ඩ දේශපාලනය විශ්වාස කල පලස්තීන තරුණයන් මේ අතර සිටියෝය​. මා දැන සිටි එක් පලස්තීන තරුණයෙක් ගිණි අවි භාවිතය ගැන හොඳින් දැන සිටි අතර අතීතයේ ඊශ්‍රායල හමුදාවට ප්‍රහාරද එල්ල කොට තිබුනේය​. අරගලය ඔවුන් ගේ ජීවිතයද ජීවන මාර්ගයද වීම විශේෂත්වයකි. එහෙත් මෙම තරුණයන් ප්‍රචණ්ඩත්වයට යොමු කල බොහෝ නායකයන් සුඛ විහරණව ජීවත් වෙමින් තමන් ගේ දරුවන් ප්‍රවේශම් කර ගනිමින් ඔවුනට උසස් අධ්‍යාපනය ලබා දුන්හ​. මෙවැනි පරස්පරයන් ද මම දුටුවෙමි. 

බෙල්ජියමේදී මා සමග මිතුරු වූ ඩිමීටර් යුරෝපය හරහා සංචාරය කරන්නෙකි. ඔහු මට බ්‍රසල්ස් නගරයට එන්නේ නම් ඔහුව අමතන ලෙස කියා ඔහුගේ දුරකථන අංකය මට දුන්නේය​. ඩිමීටර් වැන්නවුන් අලංකාර ලෙස ජීවිතය වින්දනය කරන්නන් වෙති. ඔවුන් දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කිරීම වෙනුවට ජීවිතයේ චාරුත්වය සොයා යති. 

නැගෙනහිර යුරෝපයේ අහිකුණ්ටිකයන් මට බල්ගේරියාවේද , රුමේනියාවේද , මොස්කව් වලද යූක්‍රයීනයේද පමණක් නොව මෑතකදී කැනඩාවේද හමුවී තිබේ. නැගෙනහිර යුරෝපයේ අහිකුණ්ටිකයන් හඳුන්වන්නේ ෂිගනි / සිඟානි  යන නම් වලිනි. ඔවුන් ජිප්සි යන නාමයෙන් බටහිර යුරෝපයේ හඳුන්වති. වරක් මම මොස්කව් නගරයේ  දී එලිමහන් ආපනශාලාවකදී දිවා ආහාරය ගනිමින් සිටින විට ළමයෙකු වඩාගත් අහිකුණ්ටික කාන්තාවක් මගෙන් මුදල් ඉල්ලා කරදර කලාය​. ඇයගේ කරච්චලයෙන් බේරෙනු වස් මම රූබල් එකක් දුන්නෙමි. 

ජිප්සීන් කැනඩාවේ හඳුන්වන්නේ රෝමා ජනතාව කියාය​. ඔවුන් රොමනි නම් භාෂාව කතා කරති.  මීට වසර දෙක තුනකට ඉහතදී ටොරොන්ටෝ වල සුපිරි වෙළඳ සැලකදී ජිප්සි ළමුන් දෙදෙනෙක් එස්කැලේටරයේ ගමන් කරමින් සිටි මගේ පසුපස සාක්කුවට අත දමා මගේ පසුම්බිය සොරා ගන්නට උත්සහ කලේය​. ජිප්සින් ගැන නැගෙනහිර යුරෝපයේදී ලැබූ අත්දැකීම් නිසා මම සෝදිසියෙන් සිටියෙමි. එම නිසා ජිප්සි ළමුන් දෙදෙනාට මගේ පසුම්බිය සොරා ගන්නට නොහැකි විය​. ඉන් පසුව ඔවුන් ඇඳුම් කඩයකට යනවා මම දුටුවෙමි. වැඩිහිටියන් විසින් මෙහෙයවන මෙම ළමුන් කඩ වලින් භාණ්ඩ සොරකම් කරති. 

යූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන්  වසර කීපයකට පසුව  චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය​. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය​. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය​. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය​. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය​. ෂිතොමීර් නගරය හරහා   නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය​. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු. කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ ටොන්සිල්ස් ග්‍රන්ථීන් ඉන් පසුව නිතරම ආසාදනය වීමට පටන් ගත්තේය​. ඉන් පසු මාව පරික්‍ෂා කල උගුර කන හා නාසය පිලිබඳ මහාචාර්‍ය ගර්දේගා මගේ ටොන්සිල්ස් ග්‍රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය​. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි. 

ආජෙන්ටිනාවේ කාර්ලෝස් වරක් මගේ හොඳ මිතුරෙකු විය . එහෙත් ෆෝක්ලන්ත යුද්දයේදී ලංකාව ආජෙන්ටිනාවට එරෙහිව එක්සත් ජාතීන් ගේ මණ්ඩලයේදී චන්දය භාවිතා කිරීම නිසා ඔහු මගෙන් දුරස් විය​. ලැෆනියර් මීට වසර දෙක තුනකට ඉහතදී මට හමුවූ ආජෙන්ටිනා ජාතිකයෙකු වූ අතර ඔහු මට භයානක කතාවක් කීවේය​. එනම් මීට දශක ගනනාවකට ඉහතදී ආජෙන්ටිනාවේ ජීවත් වූ කළු සම ඇති පුද්ගලයන් රටින් පිටුවහල් කල අතර ඉතිරි වූ සමහරු ඝාතනය කරන ලද බවය​. මෙම කතාව සත්‍යද කියා මම නොදනිමි. එහෙත් අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට සාපේක්‍ෂව ආජෙන්ටිනාවේ කළු සම ඇති පුද්ගලයන් අඩුය​. 

හොලිවුඩ් පුරයට ගිය මුල්  අවස්ථාවේදී මෙරලින් මොන්රෝ මෙන් ඇඳ ගත් තරුණියක් රෝස පැහැති Chevrolet වාහනයක නැග ගීතයක් කියමින් සිටිනු මම දුටුවෙමි. ඇය මට සුභාසිංශනය කළාය​. ඉන් වසර දහයකට පසුව දෙවන වර ගිය අවස්ථාවේදී මෙරලින් මොන්රෝ මෙන් ඇඳ ගෙන සිටියේ වෙනත් තරුණියෙකි. ඇය මා සමග කථා කලාය​. මම ඇයට මීට දස වසරකට උඩදී හමුවූ ප්‍රතිරූපිකාවිය ගැන කීවෙමි. තමාද යම් දිනෙක අතීතයට එකතු වෙනු ඇතැයි ඇය කීවාය​. මෙරලින් මොන්රෝ ප්‍රතිරූපිකාවියට අනිත්‍ය ගැන යම් වැටහීමක් තිබුනු බව මට පෙනී ගියේය​. 

ලාස් වේගාස් නගරයේදී විසුළු වෙස්මූණක් දමාගෙන සිටි කළු ඇමරිකානුවෙක් මට ඔහු සේවය කරන බාර් එකට එන ලෙස ආරාධනය කලේය​. ඔහු එම බාර් එකට ආගන්තුකයන් අද්දවන්නෙකි. මේ සඳහා ඔහුට කොමිස් මුදලක් ලැබේ. උදෑසන නිසා මම ඔහු සේවය කල  බාර් එකට නොගියෙමි. එහෙත් ඔහු සමග චායාරූපයක් ගෙන ඔහුගේ අතට කැනේඩියානු ඩොලර් දහයක් දුන්නෙමි. ඔහු ලාස් වේගාස් වලට ඇවිත් තිබෙන්නේ ලොස් ඇන්ජලිස් වල කළු ජාතිකයන් වැඩිපුර ජීවත් වන ප්‍රදේශයකිනි. විසුළු වෙස්මූණ ඉවත් කල හොත් විඩාවට පත්වූ ඔහුගේ නියම මුහුණු මට දැක ගැනීමට හැකි වෙනු ඇතැයි මා අනුමාන කලෙමි. 

යුගෝස්ලෝවියාව  එක්සත්ව පැවති කාලයේදී යුගෝස්ලෝවියානු වැසියන් රැසක් මට හමුවී තිබේ. වරක් මා ශ්‍රී ලංකාවෙන් කියා කියූ විට එක් යුගෝස්ලෝවියානු ජාතිකයෙක් මිසිස් බරඞනායක කියා සිනාසුනේය​.  පසුකාලීනව පැරණි යුගෝස්ලෝවියාවේ වැසියන් බොහෝ දෙනෙකුද මට හමුවී තිබේ. මොවුන් දැන් බොස්නියා , ක්‍රොඒෂියා, මැසඩෝනියා, මොන්ටිනීග්‍රෝ , සර්බියා සහ ස්ලොවේනියාවෙනි. මැසඩෝනියා ජාතිකයන් කතා කරන විට මට ඔවුන් ගේ බස මඳ වශයෙන් තේරේ. ඒ මන්ද යත් මම යූක්ක්‍රේනියානු මෙන්ම මඳ වශයෙන් පෝලන්ත භාෂාවද දන්නා හෙයිනි. ස්ලොවේනියා ජෝන් ගැරික් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු චෙස් සූරයෙකි. මම ඔහුට චෙස් තරඟයකට ආරාධනා කොට ඔහුව පරාජය කලෙමි. බොස්නියානු මනෝ වෛද්‍ය මහාචාර්‍යවරයෙකු වන  අයිවන්  උල්‍ රික් සුපතල විද්වතෙකි.   මගේ Shell Shock to Palali Syndrome කෘතිය සඳහා පෙරවදන සපයන්නේ මනෝ වෛද්‍ය මහාචාර්‍ය අයිවන්  උල්‍ රික් විසිනි. ශ්‍රී ලංකාවේ 30 වසරක යුද ආතතිය  පිළිබඳව මනෝ විද්‍යාත්මක කෝණයකින් බලන මෙම කෘතිය කියවූ විට වාර්ගික යුද්දය නිසා යුගෝස්ලාවියා සමාජය අත් විඳි දුර්විපාක තමන්ට සිහිපත් වූ බව මහාචාර්‍ය  උල්‍ රික් මට කීවේය​.  

පෝලන්තයේ වර්සෝ නගරයට මා මුලින්ම ගියේ 1987 වසරේදීය​. වර්සෝ නගරය නට්සි ආක්‍රමණය නිසා බිමට සමතලා වූ නගරයෙකි. එහෙත් පෙර තිබූ ආකාරයටම ඔවුන් විසින් වර්සෝ නගරය ගොඩ නංවන ලදි. පෝලන්තයේ තිබූ එක් බසාර් එකක් මට මතකය​. එහි පැන්සලේ සිට පැරණි ජර්මන් බෙන්ස් රථ දක්වා භාණ්ඩ මිලදී ගත හැකි වීම විශේෂත්වයකි. මෙම බසාර් එකේ වැඩිපුරම සිටියේ පෝලන්ත කාන්තාවන්‍ ය​. 

මම බෝල්ටික් රටවල වැසියන් ප්‍රිය කරමි. ඔවුන් බොහෝ දෙනෙකු උගත් විනීත මිනිසුන් වෙති. 1991 දී රීගා නගරයට යාමට මට අවකාශයක් ලැබුණි. එහෙත් ශීත සමය නිසා මම එම අවස්ථාව ඉවත දැමුවෙමි. ඒ පිලිබඳව අද දිනයේ මම කණගාටු වෙමි. එස්තෝනියාවේ ඇන්ඩි යහපත් මිනිසෙකි. ඔහු පිළිකාවකට ගොදුරුවී මිය ගියේය​. ලැට්වියාවේ වෙතාලික් වරක් මා සමග නීත්‍යාණුකූල ලෙස බර්ලින් තාප්පය තරණය කලේය​. නැගෙනහිර ජර්මානු භටයන් වෙතාලික් ගේ ලියකියවිලි පරික්‍ෂා කලේ ඔහු වෙස් වෙලාගත් නැගෙනහිර ජර්මානු ජාතිකයෙකු කියා ඇතිවූ සැකය නිසාවෙනි. එහෙත් දුඹුරු සම තිබූ මම කිසිදු ගැටළුවකට මුහුණ නොදී නිදහසේ බර්ලින් තාප්පය හරහා නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය දක්වා ගියෙමි. 

නැගෙනහිර ජර්මනියේ කොළ පැහැති මිලිටරි යුද ඇඳුමක් පැළඳි ඉතා පියකරු තරුණ දේශසීමා ආරක්‍ෂක නිලධාරිනියක සිටියාය​. ඇය සැබවින්ම රූමතියකි. දේශසීමා ආරක්‍ෂක නිලධාරිනිය මා සමග සිනාසුනාය​. අප ඇයව නිකීටා කියා නම් කලෙමු. ඒ මන්ද යත් එකල එල්ටන් ජෝන් ගේ නිකීටා ගීතය මෙවැනි රූමත් නැගෙනහිර ජර්මන් දේශසීමා ආරක්‍ෂක නිලධාරිනියක පිළිබඳව නිසාය​. එහෙත් ජර්මන් ශෙපඩ් බල්ලන් සමග ගිණි අවි දරා සිටි අනෙකුත් නැගෙනහිර ජර්මන් දේශසීමා ආරක්‍ෂක නිලධාරීන් අප තුල ඇති කරන ලද්දේ භීතියකි. දේශසීමා නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට වෙඩි තැබීමේ බලය ඔවුන් සතු වූහ​. 

පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපලේදී වරක් මම අමිහිරි සිද්ධියකට මුහුණ දුන්නෙමි. කරච්චි ගුවන් තොටුපලේ වැසිකිලියට ගොස් එන විට එක් කම්කරුවෙක් මගෙන් මුදල් ඉල්ලුවේය​. මා ලඟ ඩොලර් කුඩා නෝට්ටු තිබුනේ නැත​. තවද වැසිකිලියට ගොස් ඩොලර්  100 නෝට්ටුවක් දීමට තරම්  මම ධනවතෙකු නොවූයෙමි.  මේ නිසා මම ඉංග්‍රීසි නොතේරෙන බව පෙන්වමින් ගියෙමි. මෙහිදී පකිස්ථාන කක්කුස්සි සෝදන්නා මට පුශ්තු භාෂාවෙන් බැණ වැදුනේය​. 

ආසියාතික සහ මැදපෙරදිග රටවල් වන ඉන්දියාවේ බොම්බේ ගුවන් තොටුපලේද , මැලේසියාවේ ක්වලා ලම්පූර්  ගුවන් තොටුපලේද , සිංගප්පූරු ගුවන් තොටුපලේද ,ඩුබායි සහ සාජා තොටුපළවල් වල සමහරක් ස්වදේශික නිලධාරීන් සංචාරකයන්ට  සලකන කර්කශ අන්දම මම දැක තිබේ. මේ අව ගුණය ආසියානුවන්ට සහ මැදපෙරදිග ජාතිකයන්ට උරුම වූයේ කෙසේද කියා මම නොදනිමි.  සංචාරකයන්ට  ඉතා විනීතව සලකන ගුවන් තොට ලෙස මා නම් කරන්නේ ටෝකියෝහි නරීටා ගුවන් තොටුපළයි. 

උතුරු ඇමරිකාවේ රෙඩ් ඉන්ඩියන්ස් හෙවත් ආදීවාසී ජනයා මට හමුවී තිබේ. සමහරක් මගේ මිතුරන් අතර උතුරු ඇමරිකානු ආදීවාසීන් සිටිති. ඔවුන් ශතවර්ශ ගනනාවක් මුලුල්ලේ සුද්දන් ගේ පීඩනයට ලක්ව සිටියහ. ​මින් බොහෝ දෙනෙකු තවම සුදු මිනිසුන් විශ්වාස කරන්නේ නැත​. 

මගේ සරසවි අතරින් මිනිසුන් ගෙන් සපිරි ජන සමාජය නම් සරසවිය සංකීර්ණ ආයතනයකි. මෙම ආකුල වූ ආයතනයෙන් උපාධියක් ලබා ගැනීම පහසු නැත​. එහෙත් මෙම  ජන  සමාජය නම් සරසවිය විසින් බොහෝ දේවල් ජීවිතය පිළිබඳව උගන්වනු ලබයි 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook