Sunday, January 30, 2022

Auschwitz කවිය බෙංගාලි බසින්

 


මා විසින් ලියන ලද Auschwitz කවිය මාගේ බෙංගාලි මිතුරෙකු වන Sibtosh Banerjee විසින් බෙංගාලි බසට පරිවර්තනය කරන ලදි


পোল্যান্ডের ভিননিটসা মেডিকেল কলেজের বিশিষ্ট ডাক্তার,আমার একান্ত বন্ধুবর DR. Ruwan Jayatunge লেখা একটা কবিতা বাংলা অনুবাদ করে আপনাদের কাছে তুলে দিলাম 27 শে জানুয়ারি দিনটিকে স্মরণ করে। 27 জানুয়ারি 1945 সাল রুশ সৈন্যরা জার্মানি কে পরাজিত করে অসউইটজ কনসেন্ট্রেশন ক্যাম্পের বন্দীদের মুক্তি দিল। এই দিনটিকে স্মরণ করে লেখা এই কবিতা।
Auschwitz
DR. Ruwan Jayatunge


অনুবাদক : শিবতোষ বন্দোপাধ্যায়
অসউইটজের মাটিতে পা দেবার সাথে সাথে আবার বুকটা ভেঙে চুরমার হয়ে গেছে,
বহু বছর হয়ে গেল আমি বাবা-মা ছোট বোনের হাত ধরে এই মৃত্যুপুরীতে এসেছিলাম-
এখন তো মনে হয় এইতো সেইদিন।
তিন রাত -চারদিন কাটিয়েছি ট্রেনের কামরায়,
যেগুলিতে তৈরি করা হয়েছিল গরু, মেষ সরবরাহের জন্য--
সেখানে আমরা গৃহপালিত পশুর মতন গাদাগাদি করে বসেছিলাম,
আমার ছোট বোন তৃষ্ণার্ত হয়ে একটু জল চেয়েছিল আমার কাছে--
আমি আমার জলের বোতলের শেষ ফোটাটা ওর মুখে ঠেলে দিয়েছিলাম,
তারপর ও আমার কোলে ঘুমিয়ে পড়েছিল
আমি তিনরাত বিনীদ্র রজনী কাটিয়েছি।
কালো ধোঁয়া ছাড়তে ছাড়তে ট্রেনটা যখন বন্দিশিবিরের মাটি স্পর্শ করল,
দরজা গুলো হঠাৎ বাইরে থেকে খুলে গেল আকস্মিকভাবে-
বঁধ ভাঙা জলের মতন আমরা ছিটকে পড়লাম স্টেশনে --
কেউ ছিলনা আমন্ত্রন জানানোর জন্য --
শুধু ছিল সামরিক পোশাকে পিঠে মেশিনগান ও হাতে শিকারি কুকুর নিয়ে জার্মান সৈন্যরা।।
আমি ওদের চোখের ভাষা বুঝতে পেরেছিলাম,
যেন এক মৃত্যুপুরীর অতি ভয়ঙ্কর দানবদের হাতে আমরা আজ সমর্পিত,
হাজার হাজার বন্দী মানুষ-- চারি দিকে হাটা চলার শব্দ,
বাকি সবকিছু নিস্তব্ধ--নরক বোধহয় এমনই হয়।
বন্দীশিবিরের প্রথমটা রাত্রিটা ছিল এক ভয়ংকর শীতের রাত,
আমার মন বলছিল, আমরা আজ জীবনের শেষ স্টেশনে এসে দাঁড়িয়ে আছি,
ভোররাতের দিকে একজন কমান্ডার আমাদের পরস্পরকে আলাদা করে দিল নির্দয়ভাবে--
আমার বাবা-মা ও বোনকে আর সকল লোকেদের সাথে ঠেলে দিলো একটা লাইনে,
যেটা সোজা চলে গেছে গ্যাস চেম্বারে দিকে।
ভোরের লাল আলোয় দেখেছিলাম ওদের শরীরগুলো জ্বলে-পুড়ে--
সারা দ্যুলোক-ভূলোককে কালো করে তুলেছিল।
আমি ওই কালো ধোঁয়ার মধ্যে ছোট বোনের মুখটি দেখেছিলাম,
ওদের অস্থি ভস্ম আমার চোখে, মুখে ও মাথায় লেগে ছিল অনেকদিন-
আমি নিজেকে পরিস্কার করিনি।
এভাবে চলল দিনের পর দিন, রাতের পর রাত এক নরক গুজরান,
অত্যাচার, অনাচার , হত্যা , ভয় যেন শব্দগুলো মিলেমিশে একটা শব্দে দাঁড়িয়েছিল অসউইটিজ।
যাওয়ার রাস্তায় শেষে ছিল ইলেকট্রিক কাটা তারের বেড়া ও মাটিতে পুঁতে রাখা মাইন,
অনেক চেনা মুখ মানসিক ভারসাম্য হারিয়ে বা অত্যাচার সহ্য করতে না পেরে-
হারিয়ে গেছে ইলেকট্রিক কাঁটাতারের বেড়ায়।
একদিন মাঝরাতে হঠাৎ কোলাহল,
দিন, মাস, বছর সব জীবনের খাতা থেকে মুছে গেছিল,
সবাই ফিসফিস করতে করে বলতে লাগল যুদ্ধের নাকি শেষ।
ছিলনা টেলিভিশন, টেলিগ্রাফ, টেলিফোন কিংবা একটি রেডিও,
তবুও খবর বাতাসে ভাসতে ভাসতে এল --
রুশ সৈন্যরা রাইখস্টাইগের মাথায় লাল পতাকা





Sibtosh Banerjee





Wednesday, January 26, 2022

සිරිපාල සහ කිරිබත්ගොඩ දෙකේ කණුව

 


කිරිබත්ගොඩ දෙකේ කණුව යනු 1970 දශකයේ කිරිබත්ගොඩ සිටි සුප්‍රකට පික් පොකට් ගැසීම ඉගැන්වූ ගුරුවරයෙකි. ඔහුගේ ගෝලයන් පොකට් ගැසූ විට ඉන් කොටසක් කිරිබත්ගොඩ දෙකේ කණුවට දිය යුතුය​. සිරිපාල නොහොත් මරුසිරාද කිරිබත්ගොඩ දෙකේ කණුව යටතේ පොකට් ශිල්පය ඉගන ගත්තේය​. වරක් සිරිපාල කිරිබත්ගොඩ දෙකේ කණුව ගේ පොකට් එකකටත් ගැසුවේය​. ගුරාගේ පොකට් එකට විදීමෙන් පසුව සිරිපාල තම මිතුරා වූ ලයනල් සමග රජරටට පළා යන්නේය​. 

Saturday, January 22, 2022

නැන්දා සහ මාමා පිලිබඳ මතකය

 



අද දිනයේ නැන්දා සහ මාමා ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් පිලිබඳ මතකය තවමත් මා තුල තිබේ නැන්දා ගේ නම සෝමා කිරිඇල්ලය. ඇය විශාකා ළදරු පාසලේ විදුහල්පතිනිය වූවාය. එසේම ළමා පොත් , ළමා නාට්‍ය  , ළමා ගීත ලියූ නිර්මාණශීලීතාවයෙන් හෙබි කාන්තාවකි. මාමා පියදාස කිරිඇල්ලය. ඔහු සාන්ත තෝමස් සහ කොලඹ රාජකීය විද්‍යාල වල උගන්වන ලද ගුරුවරයෙකි.

නැන්දා සහ මාමා මුල් කාලයේ පදිංචිව සිටියේ දෙහිවලය. ඔවුන් ගේ අසල්වාසීන් වූයේ ක්‍රිකට් ක්‍රීඩක අජිත් ද සිල්වා සහ දෙහිවල සුප්‍රකට කායික වෛද්‍ය ගුණවර්ධන මහතාය. ඒ කාලයේ අජිත් ද සිල්වාට කිව්වේ ගස් බෝටියා කියාය. මෝ‍ෂක නමින් අජිත් ද සිල්වාට ඥාතී මල්ලී කෙනෙක් ද සිටියේය.  කායික වෛද්‍ය ගුණවර්ධන දෙහිවල ප්‍රදේශයේ සිටි ප්‍රභූවරයෙකි. ඔහුට ලස්සන මල් වත්තක් සහ මානෙල් මලින් පිරි පොකුණක් තිබූ අතර වරක් අප (මා ඇතුළු සොහොයුරන්)  ඔහුගේ අලංකාර පොකුණට බැස පොකුණ මඩ වලක් කලෙමු. නැන්දා වහා පැමිණ අපව රැගෙන ගොස් වෛද්‍ය ගුණවර්ධන ගේ දෝස් මුරයෙන් අපව බේරා ගත්තේය. පසු කාලයක මම දකුණු කොලඹ ( කළුබෝවිල රෝහලේ) වැඩ කරන විට වෛද්‍ය ගුණවර්ධන ගේ පුතා (ඔහුද විශේසඥ කායික වෛද්‍යවරයෙකු විය) යටතේ සේවය කලෙමි. එහෙත් ඔහුගේ පියාගේ පොකුණ බොර කිරීමේ කේස් එක මම ඔහුගෙන් සැඟවූයෙමි.  




පසු කාලයක නැන්දා සහ මාමා මොරටුව ප්‍රදේශයේ ගෙයක් තනා වාසයට ගියෝය. ගේ හදන කාලයේ අප වැඩ බිමට ගොස් කරාටේ පුහුණු වෙමින් ගේ සැදීමට ගෙනා ගඩොල් කැඩුවෙමු. අප අතින් ලොරි කාලක වත්  ගඩොල් කැඩෙන්නට ඇත. එහෙත් නැන්දා සහ මාමා අපට ගඩොල් කැඩීම ගැන දොස් කිව්වේ නැත. එසේම නැන්දා සතුව බොහෝ සංගීත උපකරණ; තබ්ලා, සර්පිනා , වයලීන් , එස් රාජ් , යනාදී බොහොමයක් තිබුනේය. සති අන්තයට නැන්දා සහ මාමා ගේ නිවසට යන අප තබ්ලා පැලුවෙමු. ඩෝල සර්පිනා හිල් කලෙමු. සිතාරයේ තත් කැඩුවෙමි.  එහෙත් නැන්දා සහ මාමා අපට බැන්නේ නැත. ( වර්තමානයේ මාගේ පුතාට ගිබ්සන් ඉලෙක්ට්‍රික් ගිටාරයක් ඇති අතර ඔහු එය මට අල්ලන්නටවත් දෙන්නේ නැත්තේ තාත්තා ඒක කඩයි කියාය) නැන්දා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද නෙළුම් කුමාරි , පැංචා, මහදැණමුත්තා යන නාට්‍ය වල අප රඟපෑවෙමු. මේ නාට්‍ය වල ගීතද ලියන ලද්දේ නැන්දා ය. නැන්දා මෙම ළමා ගීත එකතු කොට කැසට් එකක් කල අතර මල්වත්ත පාරේ නිර්මාණ මංකොල්ලකරුවෝ ඇයගේ ළමා ගීත සොරාගෙන කැසට් ගැසූහ​. ඉන් පසුව නැන්දා යලි කැසට් එකක් කලේ නැත. නැන්දා විසින් තම නාට්‍ය හරහා කළා ලොවට හඳුන්වා දුන් නළු නිලියන් ගායක ගායිකාවන් රැසකි. මින් එක් තැනැත්තියක වූයේ සාගරිකා ගෝමස් ය​.

නැන්දාගේ ලොකු පුතා අශෝක් අයියාය​.  මට අවුරුදු 5 පමණ කාලයේදී මම අශෝක් අයියාට නසරානි වැඩක් කලෙමි. ඒ කාලේ අශෝක් අයියලා හිටියේ දෙහිවලය. අශෝක් අයියා ඒ කාලයේ ටැංකියක මාළු ඇති කලේය. මම ටැංකියට අත දමා මාළු අතගෑවෙමි. ටික වේලාවක් යන විට ගෝල්ඩ් ෆිශ්ලා ප්ලේටි , ගුරාමි කූරියා ගසා ටැංකිය මතුපිට පාවෙන්නට විය. තවත් වරක් මම අශෝක් අයියා නැති වේලාවක අශෝක් අයියා ගේ කාමරයට ගොස් රතු පාට ලස්සන මාළුවෙකුගේ හැඩැති  සහ කොල පාට ගෙම්බෙකුගේ හැඩය තියන බල්බ් දෙකක් ඉස්සුවෙමි. ඒ බල්බ් දෙක ගෙදර ගෙනවිත් බැස්ටියකට සම්බන්ධ කොට පත්තු කලෙමි. අශෝක් අයියා ඉන්ජිනේරුවරයෙකු වන අතර දැන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය

අශෝක් අයියා අපේ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ අතර ඔහු ඉගෙනීමටද දක්‍ෂයෙකු විය. පසු කාලයක අශෝක් අයියා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරුනේය. මගේ මතකය නිවැරදි නම් ඔහු පේරාදෙනියේ වීරසූරියගේ බැච් එකට අයත් විය. අශෝක් අයියා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරුනු අතර ඔහුගේ සොහොයුරිය කොලඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වූවාය. ඇය විශේසඥ වෛද්‍ය නිහාල් රාජපක්‍ෂගේ   බැච් එකට අයත් වූවාය. මම හලාවත රෝහලේදී  විශේසඥ වෛද්‍ය නිහාල් රාජපක්‍ෂගේ ශල්‍යකර්ම වලදී නිර්වින්දන වෛද්‍යවරයා ලෙස සහභාගි වූයෙමි. අශෝක් අයියා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරුනු පසුව නිවසේ සාදයක් තිබූ බව මතකය.

අශෝක් අයියා අපගේ දෙමාපියන් ගේ පරමාදර්ශී චරිතය විය. පාසල් යන කාලයේදී අප ස්කූල් කට් කොට චිත්‍රපට බලා නිවසට අසු වූ විටදී පෝරියල් වලට අමතරව අශෝක් අයියා මෙන් හැදෙන්නට කියා අපට අවවාද ලැබුණි.  අපගේ පියා තම දරුවන්ටත් වඩා අශෝක් අයියාට විශේශ ඇල්මක් දැක්වූ බව නොරහසකි. හේතුව ඔහු ඥාතී පරම්පරාවේ පළමු දරුවා වීම නිසාය. ඒ නිසා ඥාතීන් ගේ සැලකිල්ල සහ අවධානය ඔහුට නොඅඩුව ලැබුනේය. අශෝක් අයියා කුඩා කාලයේ සිදුවූ සිද්ධියක් මට අසන්නට ලැබුණි. ඒ කාලයේ ඔහුගේ වයස අවුරුද්දක් හෝ දෙකක් වෙන්නට ඇත. කුඩා දරුවාට මුත්‍රා අඩස්සියක් රෑ දෙගොඩහමාරේ හැදුනි. මේ නිසා මගේ පියා දොස්තර කෙනෙකු ගෙන එන්නට ගියේය. වෛද්‍යවරු කීප දෙනෙකුගේ නිවසට ගියද කිසිවෙකු සිටියේ නැත. මේ නිසා පියා හිස් අතින් ආවේය. එහෙත් අශෝක් අයියා ගේ දෙමාපියන්ට ඔහු කීවේ වෙන කතාවකි. වෛද්‍යවරයෙකු හමු වූ බව සහ වෛද්‍යවරයා එක්තරා බාම් එකක් ( මෙය මීතයිල් සැලිසිලේට් අඩංගු වූ බාම් එකක් විය යුතුය) කුඩා දරුවාගේ යටි බඩ ගාන්න කියා කී බවත්  පැවසීය. මේ නිසා දෙමාපියන් අදාල බාම් එක දරුවාගේ යටි බඩ ගෑවෝය. ගතවූයේ පැය භාගයකි. දරුවාට මුතා පහ විය. උදේ වන විට දරුවා පූර්ණ සුවය ලබා තිබුනේය. 

නැන්දා උයන කෑම ඉතා රසවත් ය​. නැන්දා සහ මාලා අක්කා එක්ව හදන සැමන් හොද්ද තරම් රසවත් හොද්දක් මා මේ දක්වා කා නැත​. ඒ කාලයේ අවේලාවේ ගියද ඔවුන් ගේ නිවසින් බත් වේලක් වැරදුනේ නැත​. අප කා අවසන් වන විට මාමා පවුලේ අයට කන්නට පාන් ගේන්න යයි. නැන්දා ජපානය , බල්ගේරියාව යනාදී රටවලට ගියාය​. ඒ එන විට අපට සෙල්ලම් බඩු ගෙන ආවාය​. 1970-77 කාලයේ ළමයින්ට සෙල්ලම් කිරීමට තිබුනේ කුරුම් බැට්ටි මැෂින් සහ සේලයින්  බෝතල කපා නිම කරන ලද ප්ලේන් ය​.  ඒ නිසා නැන්දා ගෙනා සෙල්ලම් බඩු අපි අනෙකුත් කොල්ලන්ට පෙනෙන සේ උන් ගේ ඉරිසියාව අවුලවමින්  සෙල්ලම් කලෙමු.

මාමා නිහඞ චරිතයක් විය​. ඔහු කිසි විටක කෝප නොගත්තේය​. සමහර විට මාමා රස කතා කියයි. භරතනාමේ යන පුද්ගලයා විසින් කල විනෝදජනක ක්‍රියා මාමා අපට කියා දුන්නේය​. භරතනාමේ යනු අන්දරේ මෙන් පුද්ගලයෙකි.  එසේම මාමාට නියම හාස්‍ය රසයක් තිබුනේය​. නැන්දාගේ නිවස අසල පාර අද්දර " මෙහි නිකරුනේ ගැවසීම තහනම් " කියා බෝඩ් එකක් ගසා තිබුනේය. දිනක් අප ඔවුන් ගේ නිවසට යන විට අයියා මේ බෝඩ් එක පෙන්වා මේක ගහලා තියෙන්නේ නැන්දා විසින් අපේ  මාමාට  කියා කීවේය. එවකට හය වසරේ ඉගෙනුම ලැබූ මට බ්‍රේක් නොතිබුනු නිසා මෙය මා නැන්දා සහ මාමා ඉදිරියේ කීවෙමි. මා එය කියන විට අයියා එතනින් මාරු විය. ඉන් පසුව සුමාන දෙක තුනට පසුව මම ඔවුන් ගේ ගෙදර යන විට බෝඩ් එක අතුරුදහන්ව තිබුනේය. මගේ අනුමානය අනුව මාමා විසින් එය ගලවන්නට ඇත.

සුපිරි භාණ්ඩ, සුපිරි වාහන යනාදී අයිතම නොතිබුනු යුගයක සරළ අන්දමින් ජීවත් වූ මිනිසුන් සිටි කාලයක නැන්දා සහ මාමා සමග ජීවිතය විඳීමේ භාග්‍ය අපට හිමි විය​. එහෙත් අපගේ දරුවන්ට ඒ රසවත් කාලය ලැබුනේ නැත​. ඔවුන් ගේ කාලයේ සිටි නැන්දලා සහ මාමලා බිසි වූ අතර ඔවුන් කිසිවෙකුට ජීවිතය විඳීමට ඉස්පාසුවක් තිබුනේ නැත​. ඒ නැන්දලා සහ මාමලා නිරන්තරයෙන්ම සුඛෝපභෝගය පසු පස දිවූහ​. එම නිසා අපට මෙන් රසවත් කාලයක් ඔවුනට නොලැබිනි. ඔවුන්ට ලැබුනේ යාන්ත්‍රික ඩිජිටල් ළමා කාලයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, January 20, 2022

පොඩි එකාගේ ලියුම

 



අපේ තාත්තා වැඩ කරන්නේ අදිවේගයේය​. අදිවේගය කියන්නේ පාරකි. ඒ පාරේ යන අය සල්ලි ගෙවති. ඒ සල්ලි යන්නේ කොහේටද කියා අපේ තාත්තාවත් දන්නේ නැත​. ලොකු මහත්තුරු අදිවේගයේ යන විට සල්ලි ගන්නේ තාත්තාය​. තාත්තා සල්ලි ගන්න විට ඒ මහත්තුරුන්ට වඳිනවාය​. තාත්තා අම්මාට කියන්නේ මම වැඩ කරලා එන්නේ බොසාටත් වැඳලා කියාය​. දකින දකින ලොකු ලොක්කන්ට නිතරම වඳින නිසා තාත්තාගේ ඔලුවේ කොන්ඩය නැත. පන්සලේ හාමුදුරුවෝ මහත්තුරුන්ට වඳින ගාතාවක් තාත්තාට කියා දුන්නෙමි. ඒ ගාතාව තාත්තා උදේ සවස කියති. ඒ ගාතාව නම් .... 


අධි වේගං සම්ප්‍රයුක්තං
නමාමි නායකං ජොබ් පරෙස්සං
වන්දාමි කඳන් දෙකට නවං
තට්ට භෝගෝ අනියුක්තදා

මේ ගාතාව බලගතු එකක් බව  පන්සලේ හාමුදුරුවෝ කිව්වෝය​. තාත්තා දැන් ජොබ් එක තියාගෙන ඉන්නේ මේ ගාතාවේ බලයෙනි. 

Monday, January 17, 2022

නාලන්දාවේ හිටපු විදුහල්පති සුගුණදාස අතුකෝ‍රාල මහතා


නාලන්දාවේ හිටපු විදුහල්පති සුගුණදාස අතුකෝ‍රාල මහතා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙකි. එතුමා ඉතා නිවුන ගතිගුණ ඇති කිසිවෙකුටත් ඉහල ස්වරයකින් කතා නොකල සිසුන් කෙරෙහි ඇල්මකින් යුතුව ක්‍රියා කල මහත්මයෙකි. එතුමා ඉතා සරළ පුද්ගලයෙකු විය​. එසේම අපූරු හාස්‍ය රසයකින් යුතු අයෙකුද විය​. වරක් මොරටුව ප්‍රදේශයේ පාසලක් සමග ක්‍රිකට් තරඟයක් සඳහා ගිය නාලන්දා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහනය කොට ආ අතර එක් පිතිකරුවෙක් සුගුණදාස අතුකෝ‍රාල මහතාට තමන් එම තරඟයේදී හතරේ ඒවා තුනක් ගැසූ බව කීවේය​. අතුකෝ‍රාල මහතා තම කමිස කොලරය අතින් සකස් කොට " අයිසේ ඒකෙ පිට්ටනිය අපේ ඉස්කෝලේ පිට්ටනියට වඩා පොඩියි නේද ? කියා ඇසුවේය​.  සුගුණදාස අතුකෝ‍රාල මහතා නාලන්දාවෙන් විශ්‍රාම යාමෙන් අණතුරුව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස සේවය කලේය​. එතුමා මට1986 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේදී හමු විය​. 

සුගුණදාස අතුකෝරාල- ධර්ම ගුණසිංහ යුගය යනු  නාලන්දාවේ ස්වර්ණම යුගයයි.  එම යුගයේදී නාලන්දාවේ අධ්‍යාපනය ලැබීමට අප වාසනාවන්ත වූයෙමු.     



Tuesday, January 11, 2022

හස්ථ කර්මාන්ත

 



1981- 9 වසරේදී කොල්ලන්ට හස්ථ කර්මාන්ත පිලිබඳ ගැටළු තිබුනේය. සමහර කොල්ලන් කිව්වේ හස්ථ කර්මාන්තය නිසා ශරීරය දිරන බවකි. මේ නිසා මේ ගැටළුවට පිලිතුරක් ලබා ගැනීම සඳහා කොල්ලෝ ජීව විද්‍යාව ඉගැන්වූ ගුණසේකර සර් වෙත ගියහ. එහෙත් ප්‍රශ්නය අසන්නේ කෙසේද කියා ඔවුන්ට ගැටළුවක් විය. අවසානයේදී එක කොල්ලෙක් ධෛර්‍යය උපදවාගෙන " සර් හස්ථ ක්‍රමය ශරීරයට අහිතකරද? කියා ඇසුවේය. ගත් කටටම ගුණසේකර සර් "මොකක්ද ඕයි සර් හස්ථ ක්‍රමය කියන්නේ ? කියා ඇසූ විට කොල්ලා තෙපර බාණ්නට විය. එහිදී වනාමුල්ලෙන් ආ කොල්ලෙක් සර් අර ..... එක කියා කිව්වේය. එවිට සිනහවකින් මුව සරසාගත් ගුණසේකර සර් " මොන බොරුද ඕයි" කියා කිව්වේය. ජීව විද්‍යාව සර් මේ පිලිබඳව සහතිකයක් දුන් හෙයින් මෙතෙක් හස්ථ කර්මාන්තයේ යෙදුන කොල්ලෝ බිය සැකයකින් තොරව හස්ථ කර්මාන්ත කල අතර හස්ථ කර්මාන්තයට බියෙන් සිටි කොල්ලෝ එතැන් පටන් හස්ථ කර්මාන්ත ඇරඹූහ. 

Wednesday, January 5, 2022

ජවිපෙ සාමාජිකයන් වර්ග

 


ජවිපෙ සාමාජිකයන් වර්ග කීපයකි 


1) ග්‍රාමීය හරක් හොරු ජෙප්පෝ - මේ වර්ගයා නූගත් සහ අතිශයින්ම කෘර වෙති. ඔවුන් නිතරම සිටින්නේ ජවිපෙ විප්ලවයක් නොහොත් කැරැල්ලක් එන තෙක්‍ ය​.  ඒ එන විට ඔවුන් තමන් ගේ ගමේ සිටින සුළු ධනපතියන් වන ගමේ මුදලාලි සහ ඉඩම් සතු වගාකරුවන් මරා දමා ඔවුන් ගේ ධනය පැහැර ගැනීමේ චේතනාවෙන් පෙලෙති. 

2) ග්‍රාමීය මානුෂික ජෙප්පෝ - සාහිත්‍ය කියවා යම් ප්‍රමාණයක මානුෂික ගති පෙන්වන මේ වර්ගයා මිනී මැරීමට අකමැතිය​. එහෙත් සමාජ පරිවර්තනයක් අපේක්‍ෂා කරති.

3) ග්‍රාමීය විශ්ව විද්‍යාල ජෙප්පෝ ; කළා උපාධියක් කරන හෝ නිම කල පුද්ගලයන් වෙති. ඉංග්‍රීසි දන්නේ නැත​. සකල දැණුම ලබාගෙන ඇත්තේ සිංහල බස හරහාය​. එහෙත් තමන් සියල්ල දත් අය බව සිතති. නවක වධකයෝ වෙති. අන්තරයේ බලහත්කාරය ප්‍රගුණ කොට සිටින මොවුන් මිනී මැරීමට හෝ වධකයන් ලෙසටද යොදා ගත හැකිය​. 

4)  මෝඩ ජෙප්පෝ ; නායකයන් කියන දේ ශුද්ධ වාක්‍ය සේ පිලිගනිති. ඔවුන්ට අනුව කියුබාව යනු සුපිරි රටකි. තර්කානුකූල බුද්ධියක් නැත​. මිනී මැරීමට අකමැති නමුදු වාදයකදී තර්ක හැකියාව නැති නිසා කුනුහරප භාවිතා කරති. 

5) කපටි ජෙප්පෝ ; වැල යන අතට මැස්ස ගහන මොවුන් බලන්නේ ජවිපේ කැරලි හරහා හැකිතාක් මුදල් කොල්ලකා බටහිර රටකට පැන යාමටය​. ආතල් එකේ සැප විඳිමින් තමන් ගේ ළමුන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවමින් මොවුන් විප්ලවය ගැන දේශනා කරමින් අනුන් ගේ ළමුන් බිලි බෝයිස්ලා කිරීමට මාන බලති. 

6) හයිෆයි ජෙප්පෝ ; බටහිර පන්නයට හැදී වැඩී ඉංග්‍රීසි කතා කරන මොවුන් නිතරම පක්‍ෂයේ ඉහලින්ම වැජඹෙති. එහෙත් මොවුන් රිස්ක් ගන්නේ නැත​. පක්‍ෂය කුජීත වන විට මාරු වෙති. 

Tuesday, January 4, 2022

සර්ට ලණු දීම




මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා වූ මාඕ සේතුංට වරක් එක් උපදේශයකයෙකු විසින් හොඳ ලණුවක් දෙනු ලැබීය​. ගේ කුරුල්ලන් වී ආහාරයට ගැනීම නිසා වාර්ශිකව වී විශාල ප්‍රමාණයක් අහිමි වන බවත් එම නිසා ගේ කුරුල්ලන් විනාශ කල යුතු බව මේ උපදේශකයා මාඕ සේතුංට කීවේය​. උපදේශකයාගේ ලණුව කෑ මාඕ ගේ කුරුල්ලන් වඳ කිරීමේ මෙහෙයුමක් දියත් කලේය​. ගේ කුරුල්ලන් වඳ කිරීමෙන් පසු විශාල පලිබෝධ උවදුරක් ආවේය​. මේ නිසා සාගතයක් ඇතිවී බොහෝ ජනයා මිය ගියහ​. 

මාඕ සේතුංට මෙන් ගෝටාභයටද කාබනික වගා ලණුවක් අතුරලියේ රතන, අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන පිරිස් විසින් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්‍ය උදිත ජයසිංහ මහතා සඳහන් කරයි. මේ නිසා අනාගතයේ සාගත තත්වයක් ඇති විය හැකි බවට මහාචාර්‍ය උදිත ජයසිංහ මහතා වැඩි දුරටත් අණතුරු අඟවයි. 

Find Us On Facebook