අපේ තාත්තා වැඩ කරන්නේ අදිවේගයේය. අදිවේගය කියන්නේ පාරකි. ඒ පාරේ යන අය සල්ලි ගෙවති. ඒ සල්ලි යන්නේ කොහේටද කියා අපේ තාත්තාවත් දන්නේ නැත. ලොකු මහත්තුරු අදිවේගයේ යන විට සල්ලි ගන්නේ තාත්තාය. තාත්තා සල්ලි ගන්න විට ඒ මහත්තුරුන්ට වඳිනවාය. තාත්තා අම්මාට කියන්නේ මම වැඩ කරලා එන්නේ බොසාටත් වැඳලා කියාය. දකින දකින ලොකු ලොක්කන්ට නිතරම වඳින නිසා තාත්තාගේ ඔලුවේ කොන්ඩය නැත. පන්සලේ හාමුදුරුවෝ මහත්තුරුන්ට වඳින ගාතාවක් තාත්තාට කියා දුන්නෙමි. ඒ ගාතාව තාත්තා උදේ සවස කියති. ඒ ගාතාව නම් ....
අධි වේගං සම්ප්‍රයුක්තං
නමාමි නායකං ජොබ් පරෙස්සං
වන්දාමි කඳන් දෙකට නවං
තට්ට භෝගෝ අනියුක්තදා
මේ ගාතාව බලගතු එකක් බව පන්සලේ හාමුදුරුවෝ කිව්වෝය. තාත්තා දැන් ජොබ් එක තියාගෙන ඉන්නේ මේ ගාතාවේ බලයෙනි.
හෙහ් හෙ....
ReplyDeleteඒ ගතාව මරු ගොඩ දෙනෙක්ට.
ReplyDelete