1981- 9 වසරේදී කොල්ලන්ට හස්ථ කර්මාන්ත පිලිබඳ ගැටළු තිබුනේය. සමහර කොල්ලන් කිව්වේ හස්ථ කර්මාන්තය නිසා ශරීරය දිරන බවකි. මේ නිසා මේ ගැටළුවට පිලිතුරක් ලබා ගැනීම සඳහා කොල්ලෝ ජීව විද්‍යාව ඉගැන්වූ ගුණසේකර සර් වෙත ගියහ. එහෙත් ප්‍රශ්නය අසන්නේ කෙසේද කියා ඔවුන්ට ගැටළුවක් විය. අවසානයේදී එක කොල්ලෙක් ධෛර්‍යය උපදවාගෙන " සර් හස්ථ ක්‍රමය ශරීරයට අහිතකරද? කියා ඇසුවේය. ගත් කටටම ගුණසේකර සර් "මොකක්ද ඕයි සර් හස්ථ ක්‍රමය කියන්නේ ? කියා ඇසූ විට කොල්ලා තෙපර බාණ්නට විය. එහිදී වනාමුල්ලෙන් ආ කොල්ලෙක් සර් අර ..... එක කියා කිව්වේය. එවිට සිනහවකින් මුව සරසාගත් ගුණසේකර සර් " මොන බොරුද ඕයි" කියා කිව්වේය. ජීව විද්‍යාව සර් මේ පිලිබඳව සහතිකයක් දුන් හෙයින් මෙතෙක් හස්ථ කර්මාන්තයේ යෙදුන කොල්ලෝ බිය සැකයකින් තොරව හස්ථ කර්මාන්ත කල අතර හස්ථ කර්මාන්තයට බියෙන් සිටි කොල්ලෝ එතැන් පටන් හස්ථ කර්මාන්ත ඇරඹූහ.
මං කියවපු එක රිසර්ච් එකකන්ම් කියා තිබුණ දිගටම කර්මාන්තගත වීම ශක්තිමත් දරුවන් සෑදීමට එය එක් බාදාවක්ය කියල..
ReplyDeleteමතකය 9 වසරට ගියා. අන්තර්ජාලය නැති අපේ සා පෙල කාලයේ බාලක පාසැලක උගත් අපටත් ඔය වගේ අත්දැකීම් තිබ්බා. විද්‍යාව ටීචර් ලැජ්ජාවෙන් ප්‍රජනනය පාඩම කියා දුන්නේ විෂය නිර්දේශය ආවරණය කල යුතු නිසයි.
ReplyDelete