Wednesday, January 5, 2022

ජවිපෙ සාමාජිකයන් වර්ග

 


ජවිපෙ සාමාජිකයන් වර්ග කීපයකි 


1) ග්‍රාමීය හරක් හොරු ජෙප්පෝ - මේ වර්ගයා නූගත් සහ අතිශයින්ම කෘර වෙති. ඔවුන් නිතරම සිටින්නේ ජවිපෙ විප්ලවයක් නොහොත් කැරැල්ලක් එන තෙක්‍ ය​.  ඒ එන විට ඔවුන් තමන් ගේ ගමේ සිටින සුළු ධනපතියන් වන ගමේ මුදලාලි සහ ඉඩම් සතු වගාකරුවන් මරා දමා ඔවුන් ගේ ධනය පැහැර ගැනීමේ චේතනාවෙන් පෙලෙති. 

2) ග්‍රාමීය මානුෂික ජෙප්පෝ - සාහිත්‍ය කියවා යම් ප්‍රමාණයක මානුෂික ගති පෙන්වන මේ වර්ගයා මිනී මැරීමට අකමැතිය​. එහෙත් සමාජ පරිවර්තනයක් අපේක්‍ෂා කරති.

3) ග්‍රාමීය විශ්ව විද්‍යාල ජෙප්පෝ ; කළා උපාධියක් කරන හෝ නිම කල පුද්ගලයන් වෙති. ඉංග්‍රීසි දන්නේ නැත​. සකල දැණුම ලබාගෙන ඇත්තේ සිංහල බස හරහාය​. එහෙත් තමන් සියල්ල දත් අය බව සිතති. නවක වධකයෝ වෙති. අන්තරයේ බලහත්කාරය ප්‍රගුණ කොට සිටින මොවුන් මිනී මැරීමට හෝ වධකයන් ලෙසටද යොදා ගත හැකිය​. 

4)  මෝඩ ජෙප්පෝ ; නායකයන් කියන දේ ශුද්ධ වාක්‍ය සේ පිලිගනිති. ඔවුන්ට අනුව කියුබාව යනු සුපිරි රටකි. තර්කානුකූල බුද්ධියක් නැත​. මිනී මැරීමට අකමැති නමුදු වාදයකදී තර්ක හැකියාව නැති නිසා කුනුහරප භාවිතා කරති. 

5) කපටි ජෙප්පෝ ; වැල යන අතට මැස්ස ගහන මොවුන් බලන්නේ ජවිපේ කැරලි හරහා හැකිතාක් මුදල් කොල්ලකා බටහිර රටකට පැන යාමටය​. ආතල් එකේ සැප විඳිමින් තමන් ගේ ළමුන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවමින් මොවුන් විප්ලවය ගැන දේශනා කරමින් අනුන් ගේ ළමුන් බිලි බෝයිස්ලා කිරීමට මාන බලති. 

6) හයිෆයි ජෙප්පෝ ; බටහිර පන්නයට හැදී වැඩී ඉංග්‍රීසි කතා කරන මොවුන් නිතරම පක්‍ෂයේ ඉහලින්ම වැජඹෙති. එහෙත් මොවුන් රිස්ක් ගන්නේ නැත​. පක්‍ෂය කුජීත වන විට මාරු වෙති. 

4 comments:

  1. accurate classification scheme

    ReplyDelete
  2. හයිෆයි ජෙප්පන්ට ජවිපෙන් හැලුණාය කියා පාඩුවක් නැත. ඒ ඉතිහාසය තමන්ගේ රැඩිකල් ප්‍රොෆයිල් එකට එකතු කරගත් විට සාර්ථක එන්ජීඕ බිස්නස් එකක් කරගත හැකිය. එසේම, තමන්ගේ සමාජයේ අමුතු පොරක් ලෙස පෙනී සිටිය හැකිය.

    ReplyDelete
  3. මෙතෙක් කියවූ comprehensiveම ජෙපි වර්ගීකරනයයි. ඔයාගෙ බ්ලොග් එක ගොඩක් කලින් කියෙව්වා. ආයෙත් කියවන්න පටන් ගන්නම්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook