Tuesday, January 4, 2022

සර්ට ලණු දීම




මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා වූ මාඕ සේතුංට වරක් එක් උපදේශයකයෙකු විසින් හොඳ ලණුවක් දෙනු ලැබීය​. ගේ කුරුල්ලන් වී ආහාරයට ගැනීම නිසා වාර්ශිකව වී විශාල ප්‍රමාණයක් අහිමි වන බවත් එම නිසා ගේ කුරුල්ලන් විනාශ කල යුතු බව මේ උපදේශකයා මාඕ සේතුංට කීවේය​. උපදේශකයාගේ ලණුව කෑ මාඕ ගේ කුරුල්ලන් වඳ කිරීමේ මෙහෙයුමක් දියත් කලේය​. ගේ කුරුල්ලන් වඳ කිරීමෙන් පසු විශාල පලිබෝධ උවදුරක් ආවේය​. මේ නිසා සාගතයක් ඇතිවී බොහෝ ජනයා මිය ගියහ​. 

මාඕ සේතුංට මෙන් ගෝටාභයටද කාබනික වගා ලණුවක් අතුරලියේ රතන, අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන පිරිස් විසින් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්‍ය උදිත ජයසිංහ මහතා සඳහන් කරයි. මේ නිසා අනාගතයේ සාගත තත්වයක් ඇති විය හැකි බවට මහාචාර්‍ය උදිත ජයසිංහ මහතා වැඩි දුරටත් අණතුරු අඟවයි. 

1 comment:

  1. අතුරලියේ රතනයා මාදුරුඔය ඔය පයිලට් ප්‍රොජෙක්ට් එක කළා නේ කාබනික වගාව සම්බන්ධව. එතකොට දවල්ට කොම්පෝස්ට් දාල රෑට හොරෙන් යූරිය ගස්සල තමා ප්‍රගතිය පෙන්නුවෙ. ඕක පහුගිය දවස් වල එළියට ආව. හැබැයි කෝම හරි වහල දැම්ම.
    ඔය පෝර ප්‍රොජෙක්ට් එකෙන් බර කොමිස් යන්ඩැති උන්නාන්සෙලාට. ඕ යක්කු නිකං මීයක් කඩන්ට යනව කියලෑ. 😒😒😒

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook