Wednesday, August 24, 2022

අපට රසායණික විද්‍යාව සමග ජීවිතය කියා දුන් දෙව්රුවන් අල්විස් ගුරුතුමා



උසස් පෙළ  රසායණික විද්‍යාව  ගුරුවරයෙකු වූ දෙව්රුවන් අල්විස්  මහතා 1984 වසරේ නුගේගොඩ රොටරි ආයතනයේදී අපට රසායණික විද්‍යාව ඉගැන්වීය​. එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකි. හොඳ සන්නිවේදකයෙකි. අපගේ පන්තිය ආරම්භ වූයේ ඉරිදා දහවල් 2.00 ටය​. දහවල් දෙකේ සිට සවස හත දක්වා ඉතා කෙටි විවේකයක් සමග එතුමා අපට පන්ති කලේය​. ටකරං වහලයේ රස්නය සහ බංකු වල කිටි කිටියේ තදවී අවම පහසුකම් යටතේ සිටි අපගේ අවධානය පැය 5 දක්වා කාලයක් මනාව ගෙන එතුමා අපට රසායණික විද්‍යාව කියා දුන්නේය​. මේ නයින් සිසුන් ගේ අවධානය තමන් වෙත පැය ගනනාවක් යොමු කොට ගෙන රසායණික විද්‍යාව වැනි වියළි විශයක් රසවත් ලෙස කියා දීමේ හැකියාව තිබූ එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකු ලෙස මා අද දිනයේ දකිමි. එසේම එතුමා අපට ජීවිතය පිලිබඳවද කියා දුන්නේය​. එතුමා වැනි ගුරුවරු දුර්ලභය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook