Sunday, February 24, 2019

මගේ නඩුව ඉවරයි සහ කැල්ගරි විශ්ව විද්‍යාලයේ කතාව


සරත් විජේසූරිය විසින් ලියන ලද මගේ නඩුව ඉවරයි නම් සත්‍ය අත්දැකීම් මත පදනම් වූ ග්‍රන්ථයෙන් විස්තර කරන්නේ තුන්වන ලෝකයේ විශ්ව විද්‍යාලයක   මහාචාර්‍යවරුන් ගේ / කථිකාචාර්‍යවරුන් ගේ අමු කුහක කම් , බෙලි කැපිලි , කඩාකප්පල්කාරී ක්‍රියා  පිලිබඳවය​. 

පහත දැක්වෙන්නේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජානක රුවන්පුර තමන් සේවය කරන බටහිර විශ්ව විද්‍යාලය ගැන කියන කතාවය​. 

" මගේ නිල කාල­යේදී කැල්ගරි විශ්ව­වි­ද්‍යා­ල­යය ඉහ­ළට ගෙන ඒමට හැකි­වීම බොහෝ තෘප්ති­යට පත් විය හැකි කාර­ණා­වක්. මම විශ්ව­වි­ද්‍යා­ලය අන්ත­ර්ජා­තික කට­යුතු බාර ගන්න කොට තිබුණු තත්ව­යට වඩා හැම අතින්ම ඉහ­ළට ගේන්න මට පුළු­වන් වුණා. 2017 දි උතුරු ඇමෙ­රි­කාවේ රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල අතර අන්ත­ර්ජා­තික කට­යුතු පිළි­බද ප්‍රථම ස්ථානය අපේ විශ්ව­වි­ද්‍යා­ල­යට හිමි වුණා. එදින මගේ දෑසට කඳු­ළක් ගෙනා දව­සක්. මෙහි වැඩ කරන පුද්ග­ල­යාට වැඩ කරන්න සහාය හැම පැත්තෙන්ම ලැබෙ­නවා. කිසි­වෙ­ක්වත් ඊර්ෂ්‍යා කරන්නේ හෝ බාධා කරන්නේ හෝ නෑ. තමන් නීති­යට වැඩ කර­නවා නම් හැමෝම උදව් කර­නවා. හොඳ සැලැ­ස්මක් තියෙ­නවා නම් අනෙක් අය ඊට සහ­යෝ­ගය දෙනවා. විශේ­ෂ­යෙන්ම මගේ කාර්ය මණ්ඩ­ලය නොසි­ටින්න අපට මේ ඉල­ක්ක­යට ළඟා වෙන්න බෑ. කිසිම කෙනකු මා විදේ­ශි­ක­යෙකු ලෙස සැල­කුවේ නෑ. හැම දෙනාම එකම කණ්ඩා­ය­මක් ලෙස ක්‍රියා කළා. ඒ ගුණ­යට මම බෙහෙ­වින්ම ප්‍රිය කර­නවා.

මගේ නඩුව ඉවරයි කෘතිය කියවන විට ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණය හමුවේදී  අප්‍රිකානු විශ්ව විද්‍යාල වලටත් වඩා පහළ අගයක් දරන්නේ මන්ද කියා තේරුම් යයි. 






4 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook