Tuesday, March 19, 2019

තමන්ව පෙළන ලද කුල පීඩනය ගැන නන්දන වඩුතන්තිරි අදහස් දක්වයි


කලුවා හකුරු දුරයලාගේ නන්දන වඩුතන්තිරි තමන්ව හඳුන්වා ගන්නේ කුල පීඩිතයෙකු ලෙසටය​. ළමා කාලයේ සිටම කුල පීඩනය ඔහු අත් දකියි. නන්දන වඩුතන්තිරි පවසන අන්දමට ඔහු ජීවත්වූ ප්‍රදේශයේ ධනවත් සහ කුලවත් අසල්වැසියෝ ඔවුන් ගේ දරුවන් සමග කුඩා  නන්දන වඩුතන්තිරි සමග සෙල්ලම් කිරීමට අවසර නොදෙති. එසේම පාසලේදී ද ඔහුව ගුරුවරු මෙන්ම සිසුන් ද කොන් කරන්නේ නන්දන වඩුතන්තිරි අඩු කුලයේ ළමයෙකු බව පවසමිනි. තවද ඔහුට පාසලේදී ශිෂ්‍ය නායකයෙකු වීමට සුදුසුකම් තිබුනද ඔහුගේ කුලය නිසා විදුහල්පතිවරයා නන්දන වඩුතන්තිරිගේ නම කපා දමයි. 

යොවුන් වියේ ඔහු තම ප්‍රථම ප්‍රේමය අරඹන්නේ කුලවත් පවුලක තරුණියක සමගය​. එහෙත් එම තරුණියගේ සොහොයුරන් ඔහුට නිර්දය ලෙස පහරදී තමන් ගේ කුලයට අයත් තරුණියක සොයා ගන්නා ලෙස පවසති. මේ නිසා ඔහු ප්‍රේමයෙන් පරාජය වෙයි. රැකියාවන් ගනනාවකටට ඉල්ලුම් කලද නන්දන වඩුතන්තිරි පවසන පරිදි ඔහුට සම්මුඛ පරීක්‍ෂණ වලට වත් කැඳවීම් නොලැබෙන්නේ ඔහුගේ කුලය නිසාය​. මෙම කුල පීඩනය නිසා තමන් ද පෙරලා සමාජයට වයිර කල බව ඔහු සඳහන් කරයි. 

අවසානයේදී ලංකා සමාජයේ තමන්ට හිස එසවීමට ඉඩක් නොමැති නිසා විදේශ ගතවී රැැකියාවක් සොයා ගැනීමට ඔහු පිටරට යයි. 1971 සහ 1988 කාලයේදී කුල පීඩනය නිසා තමන් ගේ ඥාතීන් බොහෝ දෙනෙකු ජවිපෙ කැරලි වලට සහභාගී වූ බවත් බොහෝ දෙනෙකු මිය ගිය බවත් නන්දන පවසයි. තමන් අත් විඳි කුල පීඩනය තම දරුවන්ට උරුම කර නොදෙනු වස් විදේශ ගතවීම තමන්ට තිබූ විකල්පය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

2 comments:

  1. කොයි කාලෙ කතාවක්ද මේ? අපෙත් සමහරු හිටියා "මචං අපි ගැන අපේ අම්මලා තාත්තලා හරියට හොයා බැලුවා නම අපිත් ගොඩ !" කියපු එවුන්. මේ එවන් බයිලයක්ද? ඔක්කොමත් හරි රස්සාවකට සම්මුඛ පරීක්ෂණයට එන්න දුන්නේ නැහැ කියන එක?

    ReplyDelete
  2. මම නන්දන දන්නෙ 1991 සිට. කියු බොහො දේ වැරදියි. කුලය වැදගත් දෙයක් ලෙස නොසලකන නිසා මම නන්දන ගේ කුලයක් දන්නෙ නැහැ. එහෙත් ඔහු ඉගෙනගත්ත පරිසරය එහෙම කුලවාදමක් තිබ්බ තැනක් නොවේ. ඔහු ඉගෙනගෙන ලන්කාවෙදි උසස් යයි සම්මත රස්සවක් අවුරුදු පහ හයක් කරලයි රට ගියෙ. ඔය රස්සවල් උගත් කම් වල ලොකු පොඩි මම නම් මායිම් කරන්නෙ නැහැ ඒත් නන්දනට රස්සාවට දැම්මම කුලේ නිසා ලැබුනේ නැහැ කියන තත්වයක් තිබ්බ කියන කතාව වැරදි කිය්ල කියන්නයි මම එහෙම දැම්මෙ. අපි දෙන්නම රස්සව කලෙත් එකම වෘත්තියක. එතන්දි අප බොහෝ දෙනෙකුට නොලැබෙන අවස්තාවක් ඔහුට ලැබුනා දිග්ටම එකම ක්ශෙත්‍රයක රස්සාව කරන්න. නන්දන විදෙස් ගත වෙන්නෙ වඩාත් ඉහල ඉල්ලුමක් ඒ ක්ශෙත්‍රයේ තිබ්බ නිසා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook