උඹලා අපි යන්නේ කොයි පාරේ
ත්‍රිමා වෙනුර ගිය පාරේ
කිය කියා කෑගහගෙන යනකොට
උන් මැගිල් , මොනෑෂ් පාරේ යනවා
උඹලා අනිවාර්‍යෙන් සෙරෙප්පු දාගෙන
චීත්ත ගවුම් ඇඳගෙන
එන්න ඕනේ කියලා නීති දානකොට
උන් ලීවයිස් ඇඳගෙන යනවා
උඹලා පුස්තකාල වලට
යන එක තහනම් කරන කොට
උන් බ්‍රිටිෂ් කවුන්සිල් යනවා
උඹලා ඉංග්‍රීසියෙන් කතා කරන එක
තහනම් කරන කොට
උන් IELTS කරනවා
උඹලා නවක වධ කරන කොට
උන් ආදරයෙන් බැඳී ප්‍රේම කරනවා
උඹලා පෝස්ටර් ගහන කොට
උන් ITඉගන ගන්නවා
උඹලා කැට හොල්ලන කොට
උන් මැනේජ්මන්ට් ඉගන ගන්නවා
උඹලා පාරවල් බ්ලොක් කරන කොට
උන් විභාග කරනවා
උඹලා රැකියා ඉල්ලා
උද්ගෝෂණය කරන කොට
උන්ට ප්‍රයිවෙට් සෙක්ටර් එක
එන්න කියලා අඞගහනවා
උඹලා රටට බරක් වෙනකොට
උන් ලැබෙන පඩියෙන්
රටට බදුත් ගෙවනවා
https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_579.html
ReplyDeleteThanks
DeleteWhat can I say....yes , this is it..
ReplyDelete