Monday, June 11, 2018

මේ සියවසේ දේශීයව සහ අන්තර්ජාතිකව අති ප්‍රබල බලපෑමක් කල ශ්‍රී ලාංකිකයා කවුද ?


මේ සියවසේ දේශීයව සහ අන්තර්ජාතිකව අති ප්‍රබල බලපෑමක් කල  ශ්‍රී ලාංකිකයා කවුද ? මගේ අදහස නම් වේලුපිල්ලේ ප්‍රභාකරන් ය​. මා ප්‍රභාකරන් ව නම් කරන හේතුව මෙයයි.  මීට වසර කීපයකට පෙර මම කුබෙක් ප්‍රාන්තයේ ඉතා කුඩා ගම්මානයක තිබූ දර්ශනීය පල්ලියකට ගියෙමි. එම පල්ලියේ බිත්තියක අකරාදි පිලිවෙලට ලෝකයේ සෑම රටකම භාෂාවෙන් ආවේ මරියා යන නාමය ලියා තිබුනේය​.  මම ලංකාවේ නම ඉදිරියෙන් බැළුවෙමි. ආවේ මරියා යන නාමය ලියා තිබුනේ ද්‍රවිඩ බසිනි. 

තවත් වරක් ඔන්ටේ‍රියෝවේ කෙස්වික් ප්‍රදේශයේ කුඩා රෝහලකට ගියෙමි. එහි රෝගීන් සඳහා උපදෙස් පත්‍රිකාවේ ඉංග්‍ර්‍රිසි , ප්‍රංශ , රුසියන් , හීබෘ , ස්පාඤ්ඤ යන භාෂා වලින් මෙන්ම දෙමළ බසින් ද උපදෙස් තිබුනේය​. 

1988 වැනි අතීත කාලයක මම බටහිර ජර්මනියේ කෝලෝන් නගරයට කිලෝ මීටර් සිය ගනනක් ඈතින් තිබූ කුඩා ග්‍රාමීය දුම්රිය ස්ථානයක බංකුවක වාඩිවී සිටි සාරියකින් හිස ආවරණය කරගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ කාන්තාවක් දුටුවෙමි.  ඇය එම ස්ථානයට පැමිණියේ කෙසේද ? මම මගෙන් ඇසුවෙමි. 

ප්‍රභාකරන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තිස් වසරක යුද්දයක නියැලුනේය​. ශ්‍රී ලාංකික සමාජයේ හැරවුම් ලක්‍ෂය වූයේ ඩී. එස් සේනානායකවත් , එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකවත් , ජේ ආර් ජයවර්ධනවත් රෝහණ විජේවීරවත් නොවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් ය​. දේශීය සමාජය උඩු යටිකුරු කලාට අමතරව ඔහු ගෝලීයවද සමාජ සංස්කෘතීන් වෙනස් කලේය​. උතුරු ඇමරිකාව​, යුරෝපය , ඕස්ට්‍රේලියාව මෙන්ම දකුණු අප්‍රිකාවද කේන්ද්‍ර කොට ගෙන ද්‍රවිඩ ඩයස්පෝරාවක් සෑදීමට මුල් ගල තැබුවේය​. ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලෝක ගෝලයේ බොහෝ ස්ථාන වලට යෑමට ප්‍රභාකරන් ගේ ක්‍රියාදාමයන් හේතු කාරක විය​. අද දිනයේ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් බටහිර ලෝකයේ දේශපාලනයට ප්‍රාදේශීය වශයෙන් මෙන්ම මධ්‍යම වශයෙන් ද බලපෑම් ඇති කරති. 

උතුරු ඇමරිකාවේ , යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සරසවි වල ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ගේ දෙවන තෙවන පරම්පරාව උගතුන් ලෙස හිස ඔසවති. තමන් ගේ පියවරුන් සීයලා  කම්කරු රැකියා  කල නමුදු ඔවුන් දැන්  තම අනන්‍යතාවයන් ස්ථාපිත කර ගනිමින් සිටිති. යෝක් විශ්ව විද්‍යාලයේදී මට හමුවූ බ්‍රිම්ලි ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණියකි. ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරමින් සිටින්නීය​. ඇයගේ දෙමාපියන් 1983 මහෝඝය නිසා ලංකාව අත හැර කැනඩාවට ආ දේශපාලන අනාතයන් වෙති. 

එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මුල් භාගයේ මළකඩ කෑ රිවෝල්වරයක් අතැතිව පාසල් අධ්‍යාපනය දහය වසරට තෙක් ඉගෙන ගත් වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ   වේලුපිල්ලේ ප්‍රභාකරන් නම්  කරයර් තරුණයෙකු  කුඩා ගින්නක් ගැසුවේය​. එම ගින්න අති විශාල ලෙස ලංකාව පුරා පමණක් නොව ලෝකය පුරා පැතිර යයි කියා ඔහුද සිතුවේ නැත​. පසුකාලීනව  ඔහුද එම ගින්නට අසුවී  මිය ගියේය​. එහෙත් ගෝලීය වශයෙන් ප්‍රභාකරන් විසින් ඇති කරන ලද බලපෑම තව වසර සිය ගනනක් පුරා පවතිනු ඇත. එය කටුක සත්‍යකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


11 comments:

  1. ඇත්ත. වෙන කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ගෝලීය වශයෙන් මෙච්චර බලපෑමක් කරන්න පුළුවන් වුනේ නෑ.. ඒත් ප්‍රභාකරන් කැමති වෙයිද අපි එයාට ශ්‍රී ලාංකිකයෙක් කියනවට ?

    කරයර් තරුණයෙකු

    මේ මොකෙක් ද?

    ReplyDelete
  2. //එම පල්ලියේ බිත්තියක අකරාදි පිලිවෙලට ලෝකයේ සෑම රටකම භාෂාවෙන් ආවේ මරියා යන නාමය ලියා තිබුනේය​. මම ලංකාවේ නම ඉදිරියෙන් බැළුවෙමි. ආවේ මරියා යන නාමය ලියා තිබුනේ ද්‍රවිඩ බසිනි.

    මෙතන අකාරාදී පිලිවෙල තිබුනේ මොන හෝඩියට අනුවද?
    ඔබතුමා පල්ලියේ භාරකරුවන් හමුවී සිංහලෙන් ලියන්න කියලා කීවෙ නැද්ද?

    ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේෂින් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණ දෙයක්.

    දොස්තර මහත්තයගෙ අම්මා ඔයාට මෙහෙම කියලා තියෙනවා. නේද?
    "අපේ සිංහල එවුන් වගේ නෙමෙයි යාපනේ දෙමෙල්ලු ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක්, සිංහලයෝ කියන්නේ අඩුකුලේ අය"
    දොස්තර මහත්තයට දයා සෝම සුන්දරම් වගේ උගත් මධ්‍යම පාන්තික දෙමලෙක් දැක්කාම දනගහලා වඳින්න හිතෙනවා නේද?

    එහෙම වෙන්න හේතුව බ්‍රිරිතානි අධිරාජ්‍යයට යටත්වීම නිසා දෙමළා සහ සුද්දා උසස් සිංහලයා හා තම්බියා පහත් කියන මතය සිංහලයාගේ ඔඨවට කා වැදී තිබීමයි.

    ලාංකික දෙමල ජාතිවාදය ගොඩනැගුවේ සහ දැනටත් පවත්වාගෙන යන්නේ බිරිතානි අධිරාජ්‍ය වාදය නිසා බිහිවුනු දෙමළ මධ්‍යම පන්තිය විසින්.

    ReplyDelete
    Replies
    1. බෙහෙත් පෙත්ත අද ගත්තේ නැද්ද ?

      Delete
  3. එකඟයි!

    කටුක සත්‍යයට එක හේතුවක් සිංහල මහ ජාතිවාදයයි.

    ලංකාවට වඩා විශාල ලෙස දෙමළ මිනිසුන් ඇති තමිල්නාඩුවෙන් එවැනි මිනිසෙකු මතු නොවූයේ එහි සිංහම මහජාතිවාදය නැති නිසා විය යුතුයි!

    ReplyDelete
  4. ඔබට පිස්සුද? ලංකාව ලෝකයට ගෙන ගියේ ප්‍රභාකරන් නොව ජේ ආර් ජයවර්ධනයි .ඔහු විසින් කළ ද්‍රවිඩ සංහාරය නිසා දෙමළුන් ලොව පුරා රටවලට අනාථයන් ලෙස ගියා

    ReplyDelete
    Replies
    1. ජේ ආර් ගේ පින්තූර යුරෝපයේ උතුරු ඇමරිකාවේ තියනවද ?

      Delete
    2. My friend please understand what he is indicating...whet whe we like it or not this is the truth..

      Delete
  5. //ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලෝක ගෝලයේ බොහෝ ස්ථාන වලට යෑමට ප්‍රභාකරන් ගේ ක්‍රියාදාමයන් හේතු කාරක විය// ප්‍රේමලාල් රණවීරගේ කතාවට යමක් එකතු කරනවා නම් ඔබේ මේ අදහසට මම එකඟ නැහැ. කොටි සංවිධානය මිනිසුන් පැන්නවූ බව ඇත්ත. නමුත් දෙමල මිනිසුන් පිටරටවලට පනින්නට සහ එහි ප්‍රබල ඩයස්පෝරාවක් හදා ගන්නට මුල් උදව්ව් දුන්නේ අපි සිංහල මිනිස්සු. බණ්ඩා චෙල්වා ගිවිසුමඉරල සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරලා, ශ්ව විද්‍යාල දිස්ත්‍රික් ක්‍රම ගෙනත් 1956, 1977, 1983 ජාතිවාදී කෝලාහල ඇති කරලා සිංහලයෝ දෙමළ ජනතාව එලෙව්ව පිටරට වලට. පටන් ගත්තේ එතනින්. ඉවර වුනේ ප්‍රභාකරන් ගෙන්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook