Thursday, June 14, 2018

ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම

ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර  නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​. 

සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී   මානසිකත්වයකින් යුක්තව ශක්තිමත්  සිවිල් නීති  පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.  

ඥාණසාර  ප්‍රපංචය තේරුම් ගැනීමේදී  A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු  ව​ටී.  රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi  කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.  

ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder)  ලක්‍ෂණ   පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.  DSM හෙවත්  Diagnostic and Statistical Manual of Mental Disorders   සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා  ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​. 

ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය.  ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන්  බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation)  පීතෘ දුරස්ථකරණය මෙන්ම  විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති.  ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති.  ​

ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​. 

 ඥාණසාර  ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා  ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා  ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර  ප්‍රපංචය යටපත් කල නොහැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

11 comments:

  1. ශිවාජිලිංගම් නම් ප්‍රපංචය ගැනත් ලියන්න.

    ReplyDelete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_66.html

    ReplyDelete
  3. ඥානසාර හාමුදුරුවෝ ගිහි කාලයේදී අප පාසලේ සිටි ඉතා දක්ෂ ගුරුවරුන්හට ඉතා කීකරු ශිෂ්‍යයෙකි. ඔහුට දෙමාපියන්ගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබුණු අප ගම් ප්‍රදේශයේ යහපත් ධාර්මික දිවිපෙවෙතකට උරුමකම් කියූ ඔවුන් පරම්පරාවෙන් ඉඩකඩම් ඇතුළුව විශාල ධනයකට හිමිකම් තිබූ අයයි. කුඩා කල සිටම මහණවීමට ඔහුගේ තිබූ බලවත් ආශාව නිසාම පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඔවුන්ගේ පවුලේ තිබුණු ගෞරවයත් නිසා ඔහුට මහණවීමට අවස්ථාව ලැබුණි. පිරිවෙන් අධ්‍යාපනයද සාර්ථකව නිමකළ ඥානසාර හාමුදුරුවෝ ඉතා දක්ෂ කවි බණ දේශකයන් වහන්සේ නමකි. වැලන්ටයින් දිනයේදී විහාරමහාදේවී උයනේ පැවැත්වෙන තරුණ සිත් නිවන අමාවැස්ස වැඩසටහන ඥානසාර හිමියන්ගේ සමාජ සත්කාරයකි. සෝම හාමුදුරුවන්ගේ අපවත්විමෙන් පසු ඥානසාර හිමිගේ හැසිරීම් රටාවේ වෙනසක් සිදුවී ඇති බව නිරීක්ෂණය වේ. සත්‍ය තොරතුරු නොදැන සොයා නොබලා හිතළු ප්‍රකාශයට පත් කිරීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. ඥානසාර හාමුදුරුවෝ සාමනේර කාලේ ලිංගික අපයෝජන වලට ලක් නොවූ බවට ඔබට සහතිකයක් දිය හැකිද ?

      Delete
  4. To deal with radicalism and extremism, we need to deal with economic inequality. This is what I learned from my experience in Solo and then in Jakarta.
    - Joko Widodo

    ReplyDelete
  5. අර පොඩිදවස්වල ඉඳල ඒ මනුස්සයව දන්න කෙනෙක් කියල තියන විදිහට ඥාණෙ කියන්නෙ පිළිගත් මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත අතික්‍රමණය කරන සුවිශේෂී චරිතයක්...

    දොස්තර මහත්තය මොකෝ ඥාණෙ ගැන ස්පෙෂල් ඇනලිසිස් එකක් කලොත්?...සමහරවිට අලුත්ම සිද්ධාන්තයක් ඉදිරිපත් කරන්නත් පුලුවන් වේවි...

    Exhibiting Anti-social personality disorder symptoms with no known history of an abnormal childhood - An individual case study of Ven. Gnanasara of Sri Lanka :)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook