1973 වසරේ මාර්තු මාසයේ සඳුදා දිනෙක එක ඒ පන්තියේ ළමෝ දෙපේලියක් සෑදී අත් අල්ලාගෙන සිංදු කාමරය බලා යති. ඉදිරියෙන්ම සිටින්නේ සෝබිත රාජකරුණා සහ ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධන ය. මම සිටින්නේ පේලියේ මැද හරියේය. සමන්ත කුමාරතුංගගේ අත අල්ලාගෙන සිටින මම ඉදිරියේ සිටින ගුරුගේ ට සහ අපගේ කණ්ඩායමේ මූලිකයා වූ සුගතපාලට නොයෙකුත් අරියාදු වචන කියමි. ඔවුන් ද හැරී මට ප්‍රතිප්‍රහාර දෙති. ඒ අතර මගේ අවධානය යොමු වන්නේ අපගේ පන්තියේ කොටම සිසුවා වූ රමේෂ් සොයිසා වෙතටය. මගේ වාග් ප්‍රහාර වලින් බේරීමට රමේෂ් පෝලිමේ අග දෙසට යයි.
අප සෙමෙන් සෙමෙන් පිය නඟමින් සිංදු කාමරය දෙසට යන්නෙමු. අතරමගදී සුදු සාරියක් ඇඳ සිටි ෆනෑන්ඩු ටීච අපට හමුවේ. ෆනෑන්ඩු ටීච උගන්වන්නේ දෙවන පන්තියටය. අප ෆනෑන්ඩු ටීචට බය නිසා නිහඞවන්නෙමු.
පිට්ටනිය නිසලය. සීසෝ සහ ඔන්චිල්ලා අප එන තෙක් සිටිති. අප කෑදර දෙනෙත් වලින් ඒවා දෙස බැලුවෙමු.
සිංදු කාමරයට යන අප කාමරයේ වට රවුමට තිබෙන කුඩා පුටු වල වාඩි වෙන්නෙමු. අප ඉදිරියේ විශාල කළු පැහැති පියානෝවකි. පියානෝව වාදනය කිරීමට සූදානමෙන් සිංදු ටීච සිටින්නීය. ඇය රූමත් ය. අප කුඩාවුන් වූවද සිංදු ටීච ලස්සන බව වටහා ගැනීමට අපට අතිරේක දැණුමක් අවශ්‍ය නොවේ. එය අපට දැනුනේ සහජ ඉවකින් මෙනි.
සිංදු ටීච හෙවත් ළළනී නවරත්න මිය ඇයගේ හුරු බුහුටි අතැඟිලි වලින් පියානෝව වාදනය කිරීම අරඹයි. අප සියළුදෙනා එක හඞින් ගයන්නෙමු. මුලින්ම පටන් ගන්නේ ඉංග්‍රිසි ළමා කාව්‍යය ය. ජැක් ඇන්ඩ් ජිල් වෙන්ට් අප් ද හිල් ... කියා පටන් ගෙන රෝ රෝ රෝ යුවර් බෝට් ජෙන්ට්ලි ඩවුන් ද ස්ට්‍රීම් ... යනාදී වශයෙන් ඉංග්‍රිසි පොයම්ස් හත අටක් අප කියන්නෙමු. අපව මෙහෙයවන්නේ සිංදු ටීචයි. ඇය පියානෝ තාලය වෙනස් කරත්ම අප ඊට අනුකූල වූ සිංදුව කියන්නෙමු.
ඉන්පසු සිංහල සිංදු වාදනය වේ. බොහෝ විට මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් සිංදුව ඇය වාදනය කරන්නීය. අප තාලයට ළමා ස්වරයෙන් ඒ ගීතය කියන්නෙමු.
වර්තමානයේ වූවද මට දෑස් පියාගෙන ඒ අතීතයට යා හැකිය. සිංදු ටීච පියානෝව වාදනය කරන්නීය. ඒ මිහිරි ඛණ්ඩය සමග මට ළමුන් රැසක් ගායනා කරන හඞ ඇසේ. එය ශ්‍රවණ මායවක් නොවේ.
ළළනී නවරත්න මිය අපට පාසල් ගීය මෙන්ම ජාතික ගීය ගායනා කරන අන්දම ඉගැන්වූවාය. සමහර විට වචන අප වැරදියට උච්චාරණය කරන අතර ඇය වහාම පියානෝ වාදනය නවතා නිවැරදි වචනය අපට කියා දුන්නාය. සමහර විට අප වැරදියට උච්චාරණය කරන වචනය කළු ලෑල්ලේ ලියා අප ලවා එම වචනය කිහිප වාරයක් කියවීමට සැලසුවාය. මේ අන්දමට අප නිවැරදිව ජාතික ගීයත් පාසල් ගීයත් ගායනා කරන අන් දම ඇයගෙන් උගත්තෙමු.
සිංදු කාමරයේදී මම , සනත් තිසේරා , අශෝක ජයවර්ධන , දීපාල් ජිනදාස , චන්දික විජේසේන සහ නිස්සංක නිතර රණ්ඩු කරන්නෙමු. ළළනී ටීච අපගේ ගෝරිද බේරුවාය. එහෙත් කවදාවත් කෝපයට පත්වී අපට වේවැල් පාර හෝ අඩි රූල් පාර නොදුන්නාය. ඇය ළමුන්ට ආදරය කළාය. ළමුන්ට ආදරයත් අවධානයත් ඇයගෙන් ලැබුණු බව කිව යුතුය. එය අද කාලයේ ගුරුවරියක ගෙන් බලාපොරොත්තු විය හැකි දැයි මම නොදනිමි.
අපට වසර අවසානයේ සංගීත විභාගයකට මුහුණ දීමට සිදු විය. එක් එක් සිසුවා පන්තිය ඉදිරියට විත් ගීතයක් ගයයි. සිංදු ටීච ඒවාට ළකුණු දුන්නාය. සංගීත විභාගයෙන් බී එකක් ලැබුණු මම කුල්මත් වූයෙමි.
අප දෙකේ මෙන්ම තුන හතර පන්ති වලට යන තෙක් අප ළළනී නවරත්න ටීච ගේ සෙවනේ සිංදු කීවෙමු. අප ඉහල පන්ති වලට යත්ම සිංදු කාමරය අපගෙන් ඈත්ව ගියේය. එහෙත් ඉඳ හිට ඒ පැත්තෙන් යන විට සිංදු ටීචගේ පියානෝ වාදනයත් එක දෙක පන්ති වල බට්ටන් ගේ ගීත ගායනයත් ඇසීමට මම ප්‍රිය කලෙමි.
අප සාමන්‍ය පෙළ , උසස් පෙළ වෙත යත්ම සිංදු කාමරයද සිංදු ටීචද අපගෙන් ඈත් විය. එහෙත් මතකය වෙනස් වූයේ නැත. උසස් පෙළ නිම කිරීමෙන් පසු 1985 වසරේදී මම නාලන්දාවෙන් පිටව ගියෙමි. ඉන් පසු වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශ ගතවී යළි 1996 වසරේදී මම නාලන්දාවට ආවෙමි. පාසල් වෙනස් වී තිබේ. දන්නා අඳුනන කිසිදු ගුරුවර ගුරුවරියක් නැත. මම අප ඉගෙන ගත් එක ඒ පන්තියට ගියෙමි. ඉන්පසු මගේ දෙපා නිරායාසයෙන්ම සිංදු කාමරය වෙත ගෙන ගියේය. සිංදු කාමරයේදී කුඩා හා පැටවුන් පිරිවරාගත් සිංදු ටීච මට හමු විය. ඇය වෙනස් වී නොමැත. එදා වාගේය.
ඉන් පසු මට ඇය හමු වූයේ 2002 වසරේ මගේ අධ්‍යාපන ප්‍රතිකාර පොත දොරට වැඩූ දිනයේදීය. ඒ වන විටත් ළළනී නවරත්න මිය නාලන්දාවේ සේවය කරමින් සිටියාය.
2016 වසරේ ඇය නාලන්දාවෙන් සමු ගන්නා උත්සවය මම මුහුණු පොතෙන් දුටුවෙමි. නාලන්දාවේ පරම්පරා ගනනාවකට ඉගැන්වූ අපගේ දයාබර සිංදු ටීච අප කෙලෙස ඔබ අමතක කරන්නද ? ඔබට නිදුක් නීරෝගී භාවය අප එක සිතින් පතන්නෙමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්
ReplyDeleteරටක පිපෙන මල් අප වෙමු පුංචි කැකුළු මල්
ඉතුරු ටික මතක නැද්ද රුවන්?
ආසයි අහන්න
මෙන්න තියනවා.
Deletehttps://www.youtube.com/watch?v=M_JRvotN_Uk
Thanks Vicharaka.
Deleteමනකල් හදවිල් තලයේ
Deleteපිපි නිවහල් මල්
රටට පිපෙන මල්
අපි වෙමු පුංචි කැකුළු මල්
විලක පිපුණු මල් විල මැද
නිල් මහනෙල් මල්
දැයට පිපුණු මල් කැල මැද
කුන්ද සමන් මල්
ගුමි ගුමි ගීයට මිහිලොල්
නැළැවෙන වන මල්
ගෙලට බඳින මල් ලක්මව
රුව සරසන මල්
බිග් මැච් අවසාන වූ විට කොල්ලන් රොත්ත පිටින් ගී ගයමින් කෑකෝ ගසමින් පාරට එති. නිවසට යාම සඳහා බස් රථයකට නගින ඔවුන් බසයේ පසුපසටම ගොස් හදිසි දොරටුව විවෘත කොට ගී ගයති. සමහරු මේ අතර අසභ්‍ය ගීතද අවශේශ මගීහු ගැන නොසලකා ගායනා කල බව කිව යුතුය. අපේ කාලයේ තම්බි කඩයක තේ පැන් සෑදීම, වත්ත පහල වෙලක සිදු වූ අසිරිය යනාදී වශයෙන් අසභ්‍ය ගීත ගනනාවක් තිබුනේය. වරක් කොල්ලන් බස් රථයක මෙසේ අසභ්‍ය ගීත ගයන විට උරණ වූ කොන්දොස්තර සිසුන්ට බැණ වැදී ගීතය නවතන ලෙස කීවේය. ඉක්බිති සිසුහු එකී ගීතය නවතා “මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් , රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් කියා” ළමා ගීතයක් ගායන කලෝය.
Deletehttps://youtu.be/M_JRvotN_Uk
Deleteyakoo oya wachana tika google karapan ham ekakma illanne nthiwa
ReplyDeleteOkay expert, I did. And I couldn't find it. Why don't you google that, bing that, yahoo that and find it and paste it.
Deletesee I did for you Dude
DeleteThanks. Very nostalgic.
Deleteදෙමව්පියන් වගේම අපිට කවදාවත් අමතක නොවෙන්නේ හොඳ හෝ නරක ගුරුවරු.
ReplyDeleteathha
Deleteawurudu 43k? aya age mulu guru diwiyama nalandawa wenuwen kapa kara atha.
ReplyDeleteyes
Deleteපියානෝ එකත් එක්ක ඉන්න ටීචලා ගොඩක් වෙලාවට ලස්සනයි.. කරුණාවන්තයි.
ReplyDeleteජයවේවා..!!
ජයවේවා..!!
Deleteසංගීත ටීචර් ' මතක බොහොමයි
ReplyDeleteඔව්
Deleteඇයට දීර්ඝායු පතනවා... ඔය විදියේ අමතක නොවන ගුරුවරු බෝමයි....
ReplyDelete+++++
Deleteඅවුරුදු 43 ක් හෝ ඊට වැඩි කලක්? පරම්පරා ගනනාවක ගුරුවරියක්.. හරි කැමැත්තෙන් ඈ රැකියාව කරන්න ඇති.. ඇගේ මුල් කාලයේ දීප්තිමත් සිසුවෙකුගේ මේ සටහන ඇගේ ඇසට කදුලු ගෙනේවි නිසැකවම ..
ReplyDeleteI hope so
ReplyDeleteඔබ නම් සැබෑ මතක රැස් කරන්නෙක්. ඔබගේ මේ පාසැල් මතකය කියවන කොට මටත් මගේ පාසැල් මතකය අවදිවෙයි. හරිම සුන්දරව ලියා ගොනු කර අැති මේ ලිපිය ජීවිතය අලුත් කරනවා මතක ගබඩා අවුස්සමින්. පාසැල් කාලය වගේ සුන්දර කාලයක් වෙන කොහේවත් නෑ. රසවින්දා මෙම ලිපිය බොහෝම.....
ReplyDelete