නාලන්දා විද්‍යලයේ ප්‍රයිමරියේ විදුහල්පති කාර්‍යාලය පසුපස උක්ගස් යායක් විය. මෙම උක්ගස් සහිත යාය සිසුන්ට තහනම් කළාපයක් වූයේය. මෙහි උක්ගස් හොරෙන් කැඩීමට ගිය සිසුන් ගුරුවරුන්ට හසු වී දඬුවම් වින්දහ. මේ නිසා සිසුන් බොහෝ විට කලේ මෙම පීදීගෙන උක්ගස් දෙස බලා කෙල හැලීම පමණි.
වරක් අටේ පන්තියේ සිටිය දී හොරෙන් උක් ගස් කැඩීමට මමත් සිදත් සුරේන්ද්‍රත් උදිත පලිහේනත් සැලසුම් කලෙමු. අපගේ සැලසුම අනුව උක් කැඩීමට හොඳම වේලාව සවස හතරත් පහත් අතරය. මේ කාලයේදී විදුහල්පති කාර්‍යාලය තුල කිසිවෙකු නැත. එසේම සිසුන් ද නොමැත. සිටින්නේ මුරකාරයා පමණි. ඔහු දුටුවොත් විනාසය. බොහෝ වේලාවට මුරකාරයා ගේට්ටුව අසල සිටියි.
මේ නිසා මුරකාරයා ගේට්ටුව අසල සිටින අවස්ථාවකදී උක්ගස් ගලවා ගත යුතුය. මේ සඳහා සැලසුමක් මම ක්‍රියාත්මක කලෙමි. නිවසින් හොඳට කැපෙන පිහියක් සොයා ගත් මම එය රහසෙන් පොත් බෑගයේ දමා ගත්තෙමි. නියමිත දිනයේදී පාසල අවසන් වීමෙන් පසුව අප තිදෙනා ක්‍රීඩා පිටියට ගොස් කල් මැරුවෙමු. වේලාව සවස හතර පමණ වන විට අප තිදෙනා වරකට එක් අයෙකු බැගින් ප්‍රයිමරියට ගොස් කොට්ටම්බා ගස යට සිටිමින් හොරගල් ඇහුලුවෙමු. මුරකාරයා ගේට්ටුව අසල යම් කෙනෙකු සමග කතාවය. ඔහු ගැන ඔත්තු බැලීමට උදිතව යෙදෙව්වෙමි. යම් ලෙසකින් මුරකරු උක් යාය දෙසට ආවොත් උදිත විසිල් එකක් ගැසිය යුතුය. ඉන් පසු මමත් සිදතුත් ප්‍රයිමරියේ විදුහල්පති කාර්‍යාලය පසුපසට හිමීට ගියෙමු. මම පොත් බෑගය විවෘත කොට පිහිය ගෙන හොඳින් වැඩී තිබූ උක් ගසක් කැපීම ආරම්භ කලෙමි. උක් ගසක් කැපීම ලේසි නැත. බූවට මගේ අත කැපුනි. එහෙත් බිය නිසා වේදනාව නොදැනේ. මම උක් ගස කැපුවෙමි.
උක් ගස කපා එයද තව කොටස් කීපයකට කඩා පොත් බෑගයේ එබුවෙමි. අණතුරුව දෙවියන් සිහි කරමින් උක් යායෙන් ඉවත්වී අට වසරේ පන්ති තිබූ පස් මහල් ගොඩනැගිල්ල වෙත ගියෙමු.
පස් මහල් ගොඩනැගිල්ල දිශාවට යන විට හොස්ටල් එකේ කොල්ලන් තිදෙනෙකු අප ඉදිරියට ආවෙන් ඔවුන් සමග යන්තම් සිනාසී ශේප් වූයෙමු. හොස්ටල් කොල්ලන් එකමුතුය. යම් ලෙසකින් හොස්ටල් එකේ කොල්ලෙකු සමග ගෝරියක් ඇදගතහොත් හොස්ටල් එකේ සියළු දෙනා එලියට එති. එය පිට පළාතකින් නාලන්දාවට ආ නිසා මතුවන අනාරක්‍ෂිත බව නිසා ඇති වූවකි. අප දෙදෙනා නමෝ විත්තියෙන් හොස්ටල් කොල්ලන් ගෙන් මිදී ගියෙමු.
මමත් සිදතුත් පස් මහල් ගොඩනැගිල්ල දෙසට යන අතරවාරයේ සිදත් දිව ගොස් උදිතද කැඳවාගෙන ආවේය. ඉන්පසු අප තිදෙනා පස් මහල් ගොඩනැගිල්ල පසු පසට ගොස් උක් ගස් කෑවෙමු. උක් ගස් පොතු පඳුරක් ඇතුලට එබුවේ සාක්‍ෂි වසන් කිරීම සඳහාය. ඉන් පසු කිසිවක් සිදු නොවුනාසේ අප මවුන්ට් මේරියට ගොස් නිවෙස් බලා යාමට අදාල බස් රථ වලට ගොඩ වූයෙමු.
හොරෙන් කන දේ වඩා රස වෙන්න විද්‍යාත්මක හේතුවක් තියෙනවද?
ReplyDeleteබය , ත්‍රිල් එක නිසා
Deleteමෙන්න හොරෙක්.
ReplyDeleteදැම්මම කාඩ්
Deleteහොරෙන් උක්කනකොට තමා රහ :D
ReplyDeleteඋක් කාපු හොරා මොකෙන් දැනේ?
Deleteපෝස්ට් එකෙන් ?? අලුත් පිරුළක් :D
Delete+++++++++
Deleteගමේ ඉස්කොලෙදී අපි ඔක්කොම ප්ලෑන් ඇන්දේ පුංචි පංතිවලට දෙන්න ගබඩා කර තිබූ ඇදිහැස බිස්කට් හොරෙන් කන්නයි, අපි ඒ වැරදි වැඩේ සාධාරනය කලේ ආන්ඩුවෙන් නිකන් දෙන ඒවා, ක්වාටරස් එකේ ටීචර්ලා පොල් දාලා බෝල හදලා කනවනම් අපි කෑවාම මොකද කියලා, එහෙම තමයි පුංචි ජේවීපී කාරයෝ බිහිවෙන්නේ. අපි අහිංසක විදිහේ ප්ලෑන් ඇන්ඳාට පුංචි මගෝඩිස්ලා කරේ බිස්කට් බෙදන අක්කලාගෙන් උදුරාගෙන දිව්ව එක හෝ පොඩිවුන් බයකරලා කප්පන් ගන්න එක. මමත් තුනේ පංතියේදී හතරේ පංතියේ නපුරු අපිරිසිඳු නරුමයකුට දවසකට බිස්කට් එක ගානේ කප්පම් ගෙව්වා, ඉස්කොලේට බිස්කට් ආපු නැති කාලෙක එ් නරුමයා ඉස්කොලේ එන එක නැවතුනා, සමහර වෙලාවට නංගිලාට මල්ලිලාට කවන්න ගෙදර ගෙනියන්න වෙන්නැති බිස්කට් එකතු කරන්න ඇත්තේ.
ReplyDeleteඉන් පස්සේ කැලේ ඉස්කොලෙක උගන්නන කොට ක්වාරටස් ටීචර්ලාගේ බිස්කට් බෝලත් කාලා තියනවා, ඒවා හදන විදිහ අපූරුයි, බිස්කට් කුඩු, සීනි ලුණු සහ ගාගත්පොල් කට ලොකු බෝතලයකට දාල වහල හොල් එකේ බිම දිගේ රොල් කරල යවනවා පදමට මිශ්‍රවුනාම බෝල හදනවා.
ප.ලි. ඇදිහැස - ඇමරිකන් දිමනා හැමට සමසේ?
නියම ආවර්ජනාවක්
Deleteසිසුන්ට තහනම් කියන්නෙ නිලවශයෙන් උක් පාවිච්චියට ගත්තෙම නැද්ද?
ReplyDeleteවෙන අය ගන්න ඇති , අපිට තහනම්
Deleteපාසල් වතුවල තියන සෑම පලදාවකම අයිතිකාරයෝ ශිෂ්‍යයෝ තමා. එතකොට ඒ වගේ පලදාවක හොඳම කොටසේ අයිතිකාරයෝ කවුද?
ReplyDeleteරුවන් ජයතුංග, සිදත් සුරේන්ද්‍ර, උදිත පලිහේන, වගේ හොඳ ළමයි.
ha ha ha
Deleteපන්ති යන දවස් වල මල්වත්ත පන්සල ගාව එකකටත් ගියා...
ReplyDeleteඅපි මල්වත්ත පන්සලේ උක් කෑවා...
හොරෙන් තමයි කෑවේ...
ඔය එලියට එන්නේ
Deleteඅපේ ඉස්කෝලෙ කෙහෙල් කැන් කපාගන්නෙත් මුර කාරයොම තමා.. උන්ට හොරෙන් ගේම දෙනවා කියන්නෙ වෙනම මිශන් එකක්.අපේ බාලදක්ශ කාමරේ ඇතුලෙ කාලයක්ම කෙහෙල් කැන් ඉදවන පුරුද්දක් තිබුනා. හතර පහ වෙලාව එහාටත් නැති මෙහාටත් නැති වෙලාවක්.. රෑක නම් හොඳම වෙලාව දෙකත් තුනත් අතර.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!