Saturday, September 9, 2023

කෙහෙළිය විතරද වැරදි ?

 



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී  පරාජයට පත් වෙලා තියනවා. මේ බෙහෙත් කේස් එකේ කෙහෙළිය විතරද වැරදි ? 

සෞඛ්‍යය අමාත්‍යාංශයේ අවංක නිලධාරීන් ඉන්නවා. ඒ අතර එන ඇමතිවරයාව බාගෙන ඖෂධ වලින් මාටියා ගහන නිලදාරීන් පිරිසක් ඉන්නවා. ඔවුන් අදාල අංශ වලට ජරාව දීලා මේක වසර ගනන් කරගෙන යනවා. මේක නිමල් සිරිපාල ගේ කාලෙත් උනා. ඇමතිවරු මාරු වෙවී යනවා. නමුත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ කොමිස් ගහන නිලධාරී සෙට් එක පෙන්‍ෂන් යනකම් ගේම දෙනවා. දැන් බලන්න නීති විරෝධී වකුගඩු ජාවාරම පිලිබඳ විස්තර ඉන්දියානු පොලිසියේ , ශ්‍රී ලංකා පොලිසියේ තියනවා. සෞඛ්‍යය අමාත්‍යාංශයේ / වෛද්‍ය සභාවේත් මේ නීති විරෝධී වකුගඩු ජාවාරම කරන සීමිත දොස්තරලා පිරිස ගැන පැමිණිලි තියනවා. ඒත් නීතිය කෙරෙන්නේ නෑ. ජාවාරම අදටත් නැගලා යනවා. වකුගඩු හන්ටර්ලා නිදැල්ලේ කෝටි ගනන් හොයනවා. 

ඖෂධ වලින් සේලයින් වලින් වෛද්‍ය සැපයුම් වලින් මිලියන ගනන් ගහන සෙට් එකක් ඉන්නවා. අමාත්‍යාංශයේ ක්ලාක්ලා උනත් මේ අය ගැන දන්නවා. අනේ ඒත් වගකිව යුතු අංශ මේ අය ගැන දන්නේ නෑ. පව්.
 
2010 විතර පෙර මම මිචිගන් හි Michigan university in Ann Arbor,වෙත ගියා. එහිදී එක් ශ්‍රී ලාංකික සිසුවෙක් මට තවත් ශ්‍රී ලාංකික සිසුවෙක්ව පෙන්වා එයාව දන්නවාද කියා ඇසුවා. මම ඔහුව දන්නේ නෑ. එවිට මට දැනගන්නට ලැබුනේ එම සිසුවාගේ පියා එවකට සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඖෂධ ගෙන්වන අංශයේ ප්‍රධානියෙක් බව.මම පියාව දැන සිටියා. ඔහු සේවය පටන් ගත්තේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස. ඉන්පසු වෛද්‍ය පරිපාලනයට ගියා. ආවේ සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලකින්. විශාල දේපලක් තිබුනෙත් නෑ. මම ඒ අවස්ථාවේදී කල්පනා කලේ තමන් ගේ ලමයෙක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමට එවීමට ඔහුට තම මාසික වේතනයෙන් පුලුවන් ද කියා. I don't think he had excessive property, he was living in Colombo but renting, his wife did not do a job and did not inherit a lot of wealth. He was an average middle-class person. I highlighted this point for the fact that we cannot blame the politicians always, The govt officers too help them with corruption.


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook