Friday, September 8, 2023

පූජකයන්ට අනවශ්‍ය ලෙස සිවිල් බලතල දීමේ විපාක

 


පූජකයන්ට අනවශ්‍ය ලෙස සිවිල් බලතල සහ ගරුත්වය ලබා දිය යුතුද​? 

බෞද්ධ පූජකයන් ගෙන් 90 % එන්නේ පීඩිත පවුල් වලිනි. බත් පිඟාන නිසා පන්සල් වලට ඩමප් කරන සමාජයේ පහළම ස්ථරයෙන් එන අධ්‍යාපනයෙන් මෙන්ම ආධ්‍යාත්මිකවද අවම ගුණයන් පෙන්වන මොවුන් ගෙන් බොහෝ දෙනෙකු සිවිල් සමාජය ඉදිරියේ කළහකාරී ලෙස ආධිපතිවාදී වෙසින් හැසිරෙති. ගරුත්වය ඩිමාන්ඬ් කරති. ලෝක විශයන් සම්බන්ධයෙන් අඩු දැණුමක් නූගත් භාවයක් තිබුනද පාළකයෝ තමන් ගෙන් උපදෙස් ගත යුතු බව කියති. 

ක්‍රිස්තියානි පූජකයන් ගෙන් සමහරක් ද ඔවුන් ගේ දායකයන් ඉදිරියේ හැසිරෙන්නේ රෝමයේ අධිරාජ්‍යවරු ලෙසටය​. දායකයෝ ඔවුන් ඉදිරියේ යටත් වැසියෝය​. 

ඉස්ලාම් සහ හිංදු  පූජකයන් ගෙන් යම් කොටසක් ඔවුන් ගේ සමාජ ඉදිරියේ අධිපතීන් සේ හැසිරෙති. මිනිසුන් ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස බලපෑම් කරති. ඇතැම් ඉස්ලාම් පූජකයෝ නඩු පවා විභාග කරති. ගල් යුගයේ දඬුවම් විත්තිකරුවන්ට (විශේෂයෙන් කාන්තාවන්ට) පනවති 

පූජකයෝ වනාහී සමාජයේ අනිත් මිනිසුන් මෙන්ම පොදු දුර්වළතා වලින් යුක්ත වූවෝ වෙති. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු වර්තමානයේ මිනිසුන් ගේ ආධ්‍යාත්මික වර්ධනය හැර අනෙකුත් සියළු විකාර කරති. අන්තවාදය දේශනා කරති.  මුළු මහත් සමාජයට පීඩා කරමින් ශබ්ද දූෂණ කරති. මේ තත්වය මෙලෙස දිගින් දිගට සිදු වුවහොත් ප්‍රංශ විප්ලවයේදී මෙන් සිවිල් ජනයා පූජක ආධිපත්‍යට එරෙහිව නැගී සිටිනු ඇත.




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook