Saturday, September 2, 2023

විවිධ සංස්කෘතීන් වලට අනුගත වීමේ නොහැකියාව

 



රට ගිය එක දොස්තර කෙනෙක් මෙහෙම කියලා තිබ්බා ; 

එංගලන්තේ ගිහිනුත් අවුරුදු දෙකක් රස්සා කෙරුවා. එහෙ පට්ට බෝරින් , සීතලයි, ජිවිතේ කිසි වින්දනයක් නැහැ, හිස් සල්ලි විතරයි. ඒ හින්දා ලංකාවට ආවා.

 ඒකට මම දුන්න උත්තරේ මේක​; ඔබ බටහිරට යන්නේ ඔබගේ නාරඹ කොළු කාලයේ (age 19, 20 21) නොවෙයි පහුවෙලා මැචුව වෙලා. ඔබට බටහිර සංස්කෘතියට අනුගත වෙන්න බැරි උනා. වින්ටර් එකේ ලස්සන වෙනුවට ඔබට දැනුනේ වින්ටර් එකේ සීතල. වින්ටර් එකේ සුලඟ පපුවට කොච්චර සනීපද . ඒක ඔබට දරා ගන්න බැරි උනා. ඔබගේ ශරීරය තරුණ නාරඹ වියේ නොවන නිසා වින්ටර් එක ඔබට කටුක උනා. ඔබට ස්කී කරන්න වත් හිතුනේ නෑ. බටහිර සංස්කෘතියේ සුදු මිතුරන් ඔබට සිටියේ නැති නිසා ඔබට පාළුව දැනුනා. හිටපු ලාංකික මිතුරන් ස්වල්ප දෙනාත් ඒකාකාරියි. මේක ඔබගේ වරදක් ලෙස මම කියන්නේ නෑ. මාව වරදවා වටහා ගෙන මට බනින්න එපා. මම ඔබ වගේ බොහෝ දෙනෙකු යුරෝපයේ උතුරු ඇමරිකාවේ දැක්කා අදාල සංස්කෘතියට අනුගත නොහැකි උන. ඔවුන්ට ඊගල්ස්, ගන්ස් ඉන් රෝසස් , ඩීප් පර්පල්, රෝලිං ස්්ටා්න්ස්, පවරොත්ති ඔපෙරා, ස්වෝන් ලේක් ඔපෙරා ආදී ලංකාවේ ජනතාවට නොලැබෙන අන්දමේ ලයිව් කොන්සට් වලට යන්න හැකියාවක් තිබ්බද ඔවුන් යන්න හදන්නේ සහ නිතරම බලමින් ඉන්නේ නන්දා මාලනී එන්නේ කවදද, කීර්ති පැස්කුවල් ලබන මාසේ එයිද , මෙහෙ සිංහබාහු පෙන්වයිද ? කියන ආසාවෙන්. ඔවුන් මල්ටි කර්චරල් ෆෙස්ටිවල් වලට යන්නේ නෑ. යන්නේ ලාංකිකයන් විතරක් එන පන්සලට (මාසෙකට වරක් ලාංකික ඕපාදූප අහගන්න) ඔවුන්ට බටහිර රටවල් බටහිර සංකෘතිය පට්ට බෝරිං. ඔවුන් ඉන්නේ ළමයි ඉගන ගන්න නිසා හෝ සල්ලි හම්බවෙන නිසා. නමුත් ඔවුන් ජීවිතය වින්දනය කරන්නේ නෑ.




1 comment:

  1. හරියටම හරි මහත්තය. වැඩේ කියන්නේ, ගොඩක් ඔය කට්ටිය බටහිර රටක ජීවත් වෙනකොට මාර සිංහල බවුද්ද , කවදාවත් තමන් ජීවත් වෙන රටේ සංස්කෘතිය එක්ක මුහු වෙන්න උත්සහයක් ගන්නේ නැහැ . හැබැයි ලංකාවට නිවාඩුවකට හරි ආවහම හැසිරෙන්නේ කිසිම දවසක ලංකාවේ ජීවත් වෙලා නැති විදියට බටහිරකරණය වෙලා. ඔය දෙකම හරිම මෝඩ ගඩොල් මොඩෙල්. ඉන්න රටට සහ සංස්කෘතියට ගැලපෙන විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ලංකාවේ උනත් , බටහිර උනත්, නැගෙනහිර උනත්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook