Wednesday, June 29, 2016

හොලිවුඩ්

 
හොලිවුඩ් වලදී මැරිලින් මොන්‍රෝ සමග සංවාදයේ යෙදෙමින් 


හොලිවුඩ් පිහිටා තිබෙන්නේ ලොස් ඇන්ජලිස් හි මධ්‍ය කලාපයකය​. මේ කලාපය සතු නගර සභාවක් ද තිබේ. හොලිවුඩ් ප්‍රසිධ වූයේ චිත්‍රපට කර්මාන්තය සමගය​. 1912 දී වර්ධනය වූ චිත්‍රපට කර්මාන්තය හොලිවුඩ් ලෝක ප්‍රසිද්ධිය ලබා දී තිබේ. 1922 වන විට හොලිවුඩ් හි විශාල ස්ටුඩියෝ ඇතිවූ අතර එය ලෝක සිනමාවේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් විය​. හොලිවුඩ් හි නිශ්පාදනය කල ලෝ ප්‍රකට චිත්‍රපට රාශියකි. එසේම චිත්‍රපට නළු නිලියෝද හොලිවුඩ් වෙත ඇවිත් පදිංචි වූහ​. 

හොලිවුඩ් හි යුනිවර්සල් ස්ටුඩියෝ නැරඹීම සඳහා පහසුකම් තිබේ. එය විශාල භූමි භාගයකි. 

මම  හොලිවුඩ් වෙත දෙවරක් ගියෙමි. මුල් වතාවේ යන විට ජිම් කේරී රඟපෑ බෘස් ඕල් මයිටි චිත්‍රපටයද ටොම් කෘස් රඟපෑ වෝ ඔෆ් ද වල්ඩ්ස් චිත්‍රපට වල පසුතල දකින්නට තිබුනි. වෝ ඔෆ් ද වල්ඩ්ස් චිත්‍රපටයේ කඩා වැටුණු ගුවන් යානය එලෙසම තිබුනේය​. මීට අමතරව මයිකල් ජේ ෆොක්ස් චරිත නිරූපනය කල බැක් ටුද ෆියුචර් චිත්‍රපටයේ මෝටර් රථයද ප්‍රදර්ශන භාන්ඩ අතර විය​. මම බැක් ටුද ෆියුචර් චිත්‍රපටයේ මෝටර් රථය අසල සිට චායාරූපයක් ගත්තෙමි. එසේම ජෝස් චිත්‍රපටයට යොදා ගත් මිනී මෝරාද හොලිවුඩ්හි සිටියේය.  මගේ සිත් ගත්තේ ඇල්ෆ්‍රඩ් හිච් කොක් ගේ සයිකෝ චිත්‍රපටයේ බේට්ස් මොටෙල් එකය​. මෙම බේට්ස් මොටෙල් එක සජීවීව මම දැකගත්තෙමි. එය දකින විට සයිකෝ චිත්‍රපටය බලන විට ඇතිවූ අද්භූත බිය මතුවේ. 

හොලිවුඩ් හි පාක් රයිඩ්ස් නම් රෝලකෝස්ටර් තිබේ. මම ජුරැසික් පාක් වෙත ගියෙමි. ජුරැසික් පාක් චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද වාහන , ඩයිනසෝර්වරු , අද්භූත සත්වයන් ගෙන් මේ පිට්ටනිය පිරී තිබුනි. ගමන අතරමගදී  එක් වරම ඉහල සිට විශාල වාහනයක් අපගේ හිස් මතට කඩා ගෙන වැටෙන මුත් අන්තිම තත්පරයේදී එය සවිමත් අයුරින් ගැට ගසා තිබෙන දම්වැල් ක්‍රියාත්මක වී නරඹන්නන් ගේ ඔළු ගෙඩි බේරයි. නමුත් එය අතිශයින් ත්‍රාසය උපදවයි. 

මම දෙවන වර හොලිවුඩ් ගිය විට මේ ට්‍රක් රථය තිබූ නමුදු පෙර මෙන් එය හිස් මතට වැටුනේ නැත​. පළමුවර ගිය විට මමී චිත්‍රපටයේ පිරමීඩ භය උපදවන ලෙස කුටීර වලින් , දිවි මකුලුවන් ගෙන් , මෘත ශරීර වලින් ගහනව තිබුනද දස වසරකට පසු මම දෙවන වර ගිය අවස්ථාවේදී මේවා පරණව ගරා වැටී තිබුනි. 

දෙවන ගමනේදී අළුත් අංග හොලිවුඩ් හි දක් නට තිබුනි. හැරී පොටර් චිත්‍රපටයේ මාලිගා මෙන්ම Hogwarts  විද්‍යාලයද ඒ ලෙසම තිබුනේය​. මීට අමතරව එහි චරිත ලෙස ඇඳි නළු නිලියෝද වූයෙන් තාත්ත්වික ගතියක් තිබුනේය​. මීට අමතරව සයිකෝ චිත්‍රපටයේ බේට්ස් මොටෙල් එක හරහා ප්‍රේක්‍ෂකයන් යන විට නෝමන් බේට්ස් මෙන් තරුණයෙක් පිහියක් අරගෙන ප්‍රේක්‍ෂකයන් වෙත එන අංගයක් ද එකතු කොට තිබුනි. මේ තරුණයාට සුප්‍රකට නළු ඇන්තනි හොප්කින්ස් ගේ හැඩරුව තිබුණි. 

හොලිවුඩ් ගිය දෙවතාවේදීම මට මැරිලින් මොන්‍ රෝ මුණ ගැසුනි. ( ඉන්නේ ඇයගේ හැඩහුරුකම තිබෙන නිලියකි)  ප්‍රථම වතාවේදී ඇය Chevrolet වාහනයක නැග ගීත කීවාය​. දෙවන වතාවේ (සිටියේ වෙනත් නිලියකි) මම මැරිලින් සමග කතා කලෙමි. මා ඇය ඇමතුවේ ඇයගේ නියම නම වූ නෝමාජීන් ඩොරති කියාය​. තවද අලුත් අංග අතර වෝට වල්ඩ් හි තටාකනාංගයද විය​. 

හොලිවුඩ් යනු චිත්‍රපට වලට ලොල් කරන රසිකයන්  අනිවාර්‍යෙන්ම යා යුතු ස්ථානයකි. එසේම Hollywood Walk of Fame  මාර්ගයද අමතක කල නොහැක​. ඒ මාර්ගය පුරා පදික වේදිකා වල අතීතයේ සිටි සහ වර්තමානයේ සිටින සිනමා තාරකාවන් ගේ නම් සඳහන් රන් තාරකාද ඔවුන් ගේ අත් සලකුණුද දක්නට ලැබුනේය​. 


හොලිවුඩ් යනු සිහින දේශයකි.   රිචඩ් ගියර් සහ ජුලියා රොබට්ස් රඟපාන ලද ප්‍රිටි වුමන් චිත්‍රපටයේ හොලිවුඩ් එන්නන් වෙත මෙසේ කියති. හොලිවුඩ් වෙත එන්න . මෙහිදී සිහින මවන්න​. සමහර සිහින සැබෑවේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 comments:

  1. /* හොලිවුඩ් යනු චිත්‍රපට වලට ලොල් කරන රසිකයන් අනිවාර්‍යෙන්ම යා යුතු ස්ථානයකි. */

    නමුත් හොලිවුඩ් චිත්‍රපට වලට LoL කරන රසිකයන්ට නම් හොලිවුඩ් යනු යා යුතු ස්ථානයක් නොවේ!

    ;-)

    ReplyDelete
  2. මම දැක්කා බුකියේ පොටෝ දාලා තිබුනා... මම නම් හොලිවුඩ් වලට වඩා ආස බොලිවුඩ් වලට... ඔහෙගේ මනාපය කොහොමෙයි එයාලා ගැන...

    ReplyDelete
    Replies
    1. බොලිවුඩ් වල නැටුම් මරු

      Delete
  3. ආන්න පුංචි මහත්තයාගේ ලිපියක් ලංකාඊනිවුස් එකේ දාලා. දැන් PMC එපා කියන රජයේ වෛද්‍ය සිසුන් ෆේස්බුක් එකේ එහෙම බනියි අපේ දොස්තර මහත්තයාට පලු යන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතා කරනකොට සමහර දොස්තරලට තද වෙනවා

      Delete
  4. තව ම යන්න බැරි වුනා. 2017 වසරෙ අනිවාර්යයෙන් ම යනවා.

    ReplyDelete
  5. අර ට්‍රක් එක ඔළුවට අතාරින ක්රේන් ඔපරේටයගේ ඔලුව පලන්න ඇති කලිසමේ චූ ගිය එකෙක්. තව ටිකක් පින්තූරත් එක්කම ලිපිය දැම්ම නම් තවත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතේ තියනවා

      Delete
  6. ඇහුවම යන්න ආසයි. ගොඩක් විස්තර කියවලා තියනවා. වාර්තා චිත්‍රපටි දැකලා තියනවා, හොලිවුඩ් ගැන.

    මට මතක හැටියට මම සයිකො චිත්‍රපටිය බැලුවේ 1968 හෝ 69. ඇත්තෙන්ම අද්භූත රසය නොඅඩුව ලබාදෙන චිත්‍රපටියක්.

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට මම සයිකො චිත්‍රපටිය බැලුවේ 1968 හෝ 69///// අම්මෝ විචා තුමා මම බැලුවේ 1994 විතර

      Delete
  7. බේට්ස් මෝටෙල්... චිත්‍රපටියට වඩා ටීවී ශෝ එක සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ.. ෆ්‍රෙඩී හයිමෝර් නෝර්මන්ගේ චරිතයට උපරීම සාධාරනයක් ඉශ්ථ කරනව... One of my favorite TV show..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook