Monday, June 20, 2016

ඇඩම්ස් ඔන්ලි





1981 නවය  වසරේ සිටියදී පන්තියේ ළමෝ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට බැලීමට උත්සුක වූහ​. ඇඩල්ස් ඔන්ලි චිත්‍රපට වලට ඔවුන් ඇඩම්ස් ඔන්ලි කියා කියූහ​. 

මේ කාලයේ ගීතා කුමරසිංහ රඟපෑ වැඩිහිටියන්ට පමණයි මහගෙදර චිත්‍රපටය ආවෙන් පන්තියේ සිටි සමහරක් මෙම චිත්‍රපටය බැලීමට ගොස් සුන් වූ බලාපොරොත්තු සහිතව ආහ​. මහගෙදර චිත්‍රපටය බැලීමට දෙමටගොඩ මානිල් හෝල් එකට ගිය ලාල් රූපතුංග පෝලිමේ සිට ටිකට් කවුන්ටරය වෙත ගිය මුත් ටිකට් කවුන්ටරයේ සිටි පුද්ගලයා යූනික පෙදෙසේ රෝම තිබේද  කියා ලාල් රූපතුංග ගෙන් අසා ඇත​. මින් කෝපවූ " ලාල් ඇයි පෙන්නන්නද ? කියා ඇසීය​. ගැටවරයෙකුගේ අනිසි පිළිතුර නිසා කුපිත වූ ටිකට් කවුන්ටරයේ සිටි පුද්ගලයා  ලාල් රූපතුංගට පහර දීමට අසුනින් නැගිට්ට අතර දෙමටගොඩ වාසියෙකු වූ ලාල් මානිල් හෝල් එකෙන් දිව ගොස් වෙනත් අතුරු මාර්ගයකින් මතු විය​. 

මේ කාලයේ මමත් සිදත් සුරේන්ද්‍රත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් බැලීමට කතා කරගත්තෙමු. ඒ කාලයේ රියෝ හෝල් එකේ තිරගතවූ Ursula Andress රඟපෑ Perfect Friday ඇඩල්ස් ඔන්ලි චිත්‍රපටය බැලීමට අප ගිවිස ගත්තෙමු.

සිදත් ජීවත් වූයේ ග්‍රෑන්ඩ්පාස්  වලය​. එම නිසා මම ගමන් මූලිකයා වූයෙමි.  සිකුරාදා දිනෙක අප දෙදෙනා පාසල් වේලාවෙන් පසු පුරහලට ගොස් රියෝ චිත්‍රපට ශාලාවට යාමට 138 බස් එකක නැගුනෙමු. ටිකක් දුර යද්දී මෙම බස් රථය අනෙක් පැත්තට එනම් කිරුළපන පැත්තට යන බව මට පෙනී ගියේය​. එම නිසා වහාම බස් රථයෙන් බැසගත් අප දෙදෙනා යළිත් 138 බස් රථයක නැග අනෙක් පැත්තට ගොස් රියෝ එක අසල බැස්සෙමු. ඒ වන විට චිත්‍රපටය පටන් ගෙන විනාඩි 30 පමණ ගතවී තිබුනේය​. 

උසින් මහතින් යුත් සිදත් පළවන පන්තියේ ටිකට් දෙකක් ඉල්ලීය​. කවුන්ටරේ පුද්ගලයා කිසිවක් නොඅසා ටිකට් දෙකක් දුන්නේය​. නමුත් හෝල් එකේ දොර අසල සිටි පුද්ගලයා මගෙන් වයස ඇසීය. මම දහ අටයි කීවත් ඔහු එය විශ්වාස නොකර ටිකට් දෙක ආපිට දුන්නේය​. මමත් සිදතුත් ඔහුට බොහෝ වේලාවක් කන්නලව් කොට හෝල් එක ඇතුලට ගියෙමු. ඒ වන විට චිත්‍රපටයේ අගනා දසුන් සියල්ලම අවසන්වී තිබුනේය​. 


47 comments:

  1. අපි ඇඩම්ස් ඔන්ලි චිත්‍රපටයක් බැලුවේ පළමුවරට බැලුවේ ඒ පළාතේ හමුදාකඳවුරැ අසල තිබු සිනමාහලේ . අපේ රාජුමාමා ( අම්මාගේ මල්ලී ) මාව the Ten නම් බොහෝ කාන්තාවන් නිර්වස්ත්‍රව ඉන්නා දර්ශන සහිත චිත්‍රපටයක් බලන්න එක්කන් ගියා . එතකොට මම උසස්පෙළ ශිෂ්‍යයෙක්..

    ReplyDelete
    Replies
    1. මේ ten එක 2007 ආපු කොමඩිය නෙවෙයි පරණ එකක් 1989-90 කාලේ ලංකාවේ පෙන්වපු

      Delete
    2. මේ බෝ ඩෙරෙක් සහ ඩඩ්ලි මෝ රඟ පෑ මූවි එකයි. ආවේ 1980-81 පමණ.

      Delete
    3. අපිට ඔයවගේ මාමලා හිටියේ නෑනේ කරුමෙට

      Delete
    4. ඔන්න මාමලාඔන්න ඔහොම නේ ඉන්න ඕන

      Delete
  2. ෆට්ෆෙක්ට් ෆ්‍රයිඩේ මතකයි. ෆිෂ් කෝල්ඩ් වොන්ඩා වගේ කතාවක්. අනතිම මොහොතේ තමයි හොඳම ට්විස්ට් එක.

    ReplyDelete
  3. රුවන් 1981 දී බලන්න තිබුණේ උර්සුලා සිටි ලංකාවේ තිරගත කළ මට නම දැන අමතක මූවි එකයි.

    ReplyDelete
    Replies
    1. The Mountain of the Cannibal God- not entirely filmed in SL but there are a lot of familiar faces.

      Delete
    2. ඒක ආවේ මවුන්ටන් ඉන් ද ජංගල් කියන නමින්

      Delete
    3. අපේ තාත්තා ඔය ෆිල්ම් එකේ පොඩි චරිතයක් කරලා තිබ්බා.

      Delete
    4. මවුන්ටන් ඉන් ද ජංගල් එකේ ?

      Delete
    5. Ursula Andress කණුවක ගැටගහල හිටිය එක?

      Delete
    6. ප්‍රා,

      ඔව්..බොල ඔව්..ඒක තමයි..Ursula කණුවක ගැට ගහල ඉන්නව අමු නිරිවස්තරෙං ..ඒත් අවශ්‍ය හරිය ඔක්කොම මඩ ගාල වහල..සික්..

      ඉස්සෙල්ල පෙන්නන්නෙ පිටිපස්සෙන් පේන දර්ශනය. ඔන්න ටික ටික කැමරාව කැරකිල ඉස්සරහට එනව.We were waiting with bated breath. Pin drop silence inside the hall....ඔන්න කැමරාව ඉස්සරහටම එනව. මදැයි කොලා....ඉස්සරහ ඔක්කොම මඩ ගාල වහල..මුංගෙ අම්මලාට කියල නිකම්ම කියවෙනව...

      Delete
  4. ජේ ආර් ලොක්කට පින් අත් වෙන්න බ්ලු ෆිල්ම්, පිචෑර් හෝල් වල බැලුවා ඒ කාලේ. මාලිගාවත්ත රූබී. මරදාන සෙන්ට්‍රල් (අද නැත.) නිව් ඔලිම්පියා, සහ කොම්ප කද කද වීදියේ රියෝ (වසා ඇත.)හෝල් මතු බුදුවනු ඇත. අමුම අමු බ්ලූ ෆිල්ම් එකක් බැලුවේ දෙමටගොඩ සමන්තා එකේය. සෝ එක කෙතරම් දරුණුද යත්. සෑම් සෝ එකක්ම පෙන්නුවේ පොලීසියේ උන්ගේ පරීක්ෂන යටතේය. රුවන් වාගේ අයියලා පොලීසිය දුටු විට හැරී යන ආකාරය බලා උන්නේ ඉතාමත් දුකෙනි. මරදාන සෙන්ට්‍රල් හා නිව් ඔලිම්පියා වල දැල් කූඩුවල පෝලිමේ උන් එකෙකුට වැලිකඩ හෝ බෝගම්බට යාම ඉතා සුළු දෙයකි. පසු කළෙක මේවා හෝල් වල පෙන්වීම නවතා දැම්මේය. ඉන් පසු අප කලේ හෝල් අසලම තිබූ වීඩීයෝ හෝල් වලට රිංගීමයි. මේවා මරදානේ, කොම්ප කද කද වීදියේ මෙන්ම ආමර් වීදියේද තිබිනි. රූබී ශාලාවේදි පොලිසීයේ බැටන් පොල්ලක් උස්සා මාසයක් පමණ තෙල් බෙහෙත් සාත්තුවක් ලද ඉතිහාසයක්ද ඇත්තේය.

    ඉන් පසු ගෙවල් වලට බීට මැක්ස් හා වීඩියෝ ප්ලේයර් පැමිනිනි. ඒත් බ්ලු ෆිල්ම් එකක් බැලීමට අවස්ථාව ලැබුනේ බොහෝ කලාතුරකින්. එවන් අවස්ථාවල එය නැරඹිමට හෝල් වලට එනවා වගේම සෙනගක් ආවේය. ඒත් අර හෝල් වල කළුවරේ බලනා රසය ඒවායේ තිබුනේ නැත.

    ReplyDelete
    Replies
    1. 1) මවුන්ටන් ඉන් ද ජංගල් පෙන්නුවේ රූබි එකේය . උදේ ශෝ එකට අපේ කොල්ලෝ පන්ති පිටින් ගියෝය​. ඉන් පසු සිංදුවක් ද ආවේය ; ඉස්කෝලෙන් චුත වෙනවා රූබි එකෙන් මතු වෙනවා ( සඳ හිරු තරු පවතින තුරු ගීතයේ තාලයට කියන ලදි)

      2) මරදාන සෙන්ට්‍රල් (අද නැත.) //// අහෝ දුකකි. ෆිස්ට් ඔෆ් ෆියුරි (බෘස්ලී) චිත්‍රපටය බලන්නට ගිය විට පෝලිම පැන්න කරෙකුට සෙන්ට්‍රල් එකේ මැනේජර් (නවරියන් පොරකි) කස්සන්න බෙල්ට් එකෙන් දුන්නේය​.
      3) මරදාන සෙන්ට්‍රල් හා නිව් ඔලිම්පියා වල දැල් කූඩුවල පෝලිමේ උන් එකෙකුට /// අපේ උරහිස් වලට කකුල් තියා දැල් උඩින් කරාලා යති, ගොස් පෝලිම පනිති. ඇයි ? කියා ඇසුවොත් පොඩි පෑන පිහියකින් තට්ටමට අනිති. පොකට් එක බලෙන් ගනිති. මේ ලෙස පොඩිවී ටිකට් එකක් ගෙන ෆස්ට් ක්ලාස් හෝ සෙකන්ඩ් ක්ලාස් ( සත 75 ගැලරි) ගොස් හෝල් එකේ වාඩිවූ විට දැනෙන සතුට හොලිවුඩ් ගිය දවසේ වූවද දැනුනේ නැත

      Delete
  5. අපි බැලුවෙ රත්නපුර ජෝති එකේදී. එව්වා දෙමල පිලුම්. ඉස්සරහ පේලියෙ ලාබ ටිකට් වලට බැලුවෙ. ඉතිං **යක් කරත්ත රෝදයක් විතර ලොකුවට තමයි පේන්නෙ.
    පස්සෙ කාලෙ අනුංගෙ ගෙවල්වල ඩෙක් පීස් බැලුවා. පෝය දාට පන්සලේ නැති තරම් සෙරෙප්පු කුට්ටං එදාට ඒ ගෙදර දොරගාව.

    ReplyDelete
    Replies
    1. කරත්ත රෝදයක් විතර ලොකුවට තමයි පේන්නෙ///// ha ha ha

      Delete
  6. මේවගේ චිත්‍රපටි රියෝ එකට එනවා මතකයි. එතන කීපයක් බැළුවා.

    ReplyDelete
    Replies
    1. රියෝ එකට ආවෙම ඇඩම්ස් ඒවා

      Delete
  7. මරදානෙ සෙන්ට්‍රල් එකේ බිග් බොස් බැලීමට පුල පුලා බලා සිට අපේ අම්ම වෙනත් නෑයෙක්වන මාමා කෙනෙක් සමඟ මා යැව්වාය. අනේ මාමගේ පුතා සහ මම දෙපැත්තෙ තබා ගත් මාමා මැද වාඩි වී සිටියේ ය. කෙල්ලෙක්ගෙ පියයුරු පෙන්වන දර්ශනයේ දී මාමගේ පුතා චූන් වැඩි වී මගේ අතට කියා මාමගේ එනම් උගෙ තත්තගෙ අතට ගැසීම නිසා එවලේම අපි දෙදෙනාවත් ඇදගෙන මාමා ගෙදර ආවත්, මඟ දිගට පලු ඇරියත් අපේ අම්මාට කේලම නොකීවා ය. ඒ මට ඇති ආදරයකට නොව ඇයට කියන්නට ඔහුටැ ති වූ ලැජ්ජාව නිසාය.

    ReplyDelete
    Replies
    1. අම්මා හා කිවුවට පස්සෙ මාමාට ඇති රුදාව මොකක්ද

      Delete
    2. බිග් බොස් එකේ ඔය සීන් එක මතකයි

      Delete
    3. අපේ අම්ම දන්න මල ඉලව්වක් නැහැ. ඇය ඉංග්‍රීසි මල පොතේ අකුරක් නොදන්න ගැමි ගෘහණියක්. ඇය දන්නෙ මම මාමලත් එක්ක පින්තූරයක් බලන්න ගියා කියලා විතරයි.(අම්මගේ මල්ලි )

      Delete
    4. අපි දෙදෙනාවත් ඇදගෙන මාමා ගෙදර ආවත් ///පොර මාමෙක් නෙවෙයි මීමෙක් නේ

      Delete
    5. තමන්ගේ පුතායවයි අක්කගේ පුතාවයි දෙපැත්තේ තියාගන බැලුවනං තමා පොර මීමෙක් වෙන්නේ

      Delete
  8. බදුල්ලේ කිංග්ස් හා රෙක්ස් ටකරන් හෝල් දෙකට 90 මුල ආපු ඔක්කොම ඇඩම්ස් ඔන්ලි එව්වා බැලුවා මතකයි.. ටිකට් දෙකක් සාක්කුවේ තිබිලා ගෙදරට අහුවෙලා අම්බානක ගුටි කෑවත් මතකයි.. :)

    ReplyDelete
    Replies
    1. බදුල්ලේ කිංග්ස් එකේ "enter the dragon" කියලා "බුසුලියා" ගේ ෆිලිම් එකක් බැලුවා මම අවුරුදු හත -අට කාලේ තාත්තලා ඔෆිසියේ මාමා කෙනෙක්ගේ ගෙදර ගිහින් ( මට මතක හැටියට බදුලුපිටියේ )

      Delete
    2. ටිකට් දෙකක් සාක්කුවේ තිබිලා ගෙදරට අහුවෙලා අම්බානක ගුටි කෑවත් මතකයි//// ටිකට් ශෝ එකෙන් පසු වහාම විසි කල යුතුයි , ලඟ තබා ගැනීම භයානකයි

      Delete
  9. මට මතක විධිහට මුල්ම ඇඩම්ස් ඔන්ලි එක බැලුවේ රියෝ එකේ. මතක නැහැ නම. නිරුවත් slave කෙල්ලෝ විකුණන ෆිල්ම් එකක්. ඊළඟ එක conan the barbarian (82), 83 A/L කරලා ඉවර වෙලා lady chatterleys lover . මැජස්ටික් එකේ the blue lagoon. හප්පේ

    ReplyDelete
    Replies
    1. lady chatterleys lover ආවේ සැවෝයි එකට නේද ?

      Delete
    2. ඔව් ඒක බැලුවේ savoy එකේ . ඒලෙවල් ඉවර වෙලා අන්තිම දවසේ.

      Delete
  10. ඩෙක් පීස්,ඉන්ටනෙට් කැෆේ වලින් සෑහීමකට පත්වෙන්න උනා.පස්සෙ නම් කොම්පීතර වැහි වැස්සට පස්සෙ සීඩී තිබුනෙ කිලෝ ගානට.හෝල් පන් මිසිං... චැහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෝල් පන් මිසිං.//// ha ha ha

      Delete
  11. ඔලිම්පියා කිවුවම නිරායාසයෙන් සිහියට එන්නෙ නිහාල් නෙල්සන්ගෙ මේ සින්දුව

    දාර පිම්බුරු නයි පොඩි මුගටින්ට ගොදුරුවෙයි...
    පිටේ තියන පච්චෙනුයි පෙනෙන්නේ.....
    බෙල්ලෙ ගරුන්ඩො අතේ කිනිසි ඊතල පපුවේ
    ලොකු පොඩි බෙල්ලෙ ගරුඬො අතේ කිනිසි ඊතල පපුවෙ
    කොටපු කකුල් මෙතනයි ඉන්නෙ....

    දැලේ එල්ලිලා එකකුගෙ දතක් ගලවලා..
    දෙකේ කොලේ ටිකට් එකට දෙන්නේ.....
    පාලු දැනෙනවද ගැලරියෙ පෝලිම ඇතුලේ...
    එතකොට පාලුදැනෙනවද ගැලරියෙ පෝලිම ඇතුලේ..
    එතනතමයි සොමිය තියෙන්නේ...
    ..........
    ..........

    ගායනය : නිහාල් නෙල්සන්
    පද රචනය (මතක හැටියට) : බයිලා සැන්ටි

    සින්දුවේ මෙච්චරයි මතක. "සිංදු සිංදු මම" සමහර විට ඔක්කොම දන්නව ඇති.


    ReplyDelete
    Replies
    1. අපේ කාලෙ ගැලරිය සත 75 , සෙකන්ඩ් ක්ලාස් 2.75 ,

      Delete
  12. අපේ යාළුවෙක් ඉන්නවා ඇඩම්ස් කියලා.සමහර වෙලාවට අපි මිනිහාටත් කියනවා "ඇඩම්ස් ඔන්ලි"කියලා.

    ReplyDelete
  13. හැක් හැක් හැක්. වඳුරා වටුවා අලියා කතාව තමයි, කියන්න වෙන්නේ. මේ වඳුරා/වටුවා/අලියා/ කැමති එකක් දාගන්න. ඇඩම්ස් ඔන්ලි එකක් බැලුවේ 1969 දී පමණ. බ්‍රිජට් බාඩෝ කියන නම මිසක් පිචර් එකේ නම මතක හිටියේ නැත. නමුත් නම මතක තියන පිචර් එකක් නම්,

    Blow Hot Blow Cold යැ.

    ඔහොම නරක් වෙවී ගිහින්, බලු පිචර් බලන තත්වෙට ආවේ, 1970 ගණන් වලය. ඒ කාලේ ඩැක් සහ ටීවී නොතිබුනෝය. පෞද්ගලික දැන හඳුනුම්කමක් අනුව, වැල්ලවත්තේ දෙබුක්කුවක් අස්සේ, ඉතා රහසිගතව මිලි මීටර් 16 පොජෙට්ටොරයකින්, ඒ මෙව්වා එක බලා, පස්වනක් පිරීතියෙන් පෙලුනා මතකය.

    ReplyDelete
  14. Adams Only විතරක් නෙවෙයි, Eves Only ත් බලලා තියෙනවා කිව්වහම.

    ReplyDelete
    Replies
    1. Adams with Eves Only අඩේ........දන්නවනම් සුනිල් ටී ඒ කාලෙම පිචර් එකක් ගහනවා.

      Delete
    2. ඇයි මරියෝ ජයතුංග ( අපේ නෑයෝ නොමේ )

      Delete
  15. අපේ කාලෙ ආ‍න්දෝලනාත්මක වුනේ ඇගේ වෛරය සීරීස් එක සහ එවැනි අනිත් චිත්‍රපටි. බැලුව තරමට කීයක් බැලුවද මතක නෑ.

    ReplyDelete
  16. අම්මප මේවා කියවාන යනකොට මටත් හිතුන්නැතැයි මේ perfect friday චිත්තර පටිය බලන්න. මට හිතුනා කුතුහලය මොකක්ද ඔයහැටි කියලා දැනගන්න. ඉතිං වැඩ අතරෙම හොරෙන් හොරෙන් ටික ටික බලලා දවසෙම බැලුවෙ නැතැයි ඕං කියලා.

    අනේ කටේ කිරි සුවඳ වත් ගියේ නැති පුංචි කාලේ නම් ඉතිං බොහෝ රසවත් ඇත්තේ ඔය කියන පැත්ත වුනත් ඒ චිත්තර පටිය ඇතුලේ තියෙන්නේ කපටි ගැහැනියකගේ අරමුනට නතුවෙන පිරිමි චරිත ගැන කියන කතාවක්. දැන් නම් එය නැවත බැලුවොත් ඔබ කාටවත් එදා දැනුන දේ දැනෙන එකක් නෑ.

    කොහොම හරි ඔන් ලයින් මමත් බැලුවා මේ හැටි කුතුහලය මොකක්ද බලන්න. හොඳයි ඒ කාලේ බලන්න බැරි වුන එක නැත්නම් අපේ ගෙදරින් මාව නම් එලවයි ශුවර්.

    ReplyDelete
  17. සුමනා ගෝනමස් ගෙ ඇඟේ වයිරම පෙන්නපු ලුවී වෑන් ඩර් ස්ට්‍රාටං තුමාට ද අපේ හදපිරි මෙව්ව එක

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook